හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

28 October 2014

කරන්න දෙයක් නෑ මම ප්ලෑන් කරලා වැඩේ දෙනවා (තුන්වැනි කොටස) – Battle Appreciation and Plan (Part Three)

lineofduty200904112
 අනේ මන්දා, මම මේ ලිපි පෙළ ලියන්න පටන් අරං තියෙන්නේ, මොකක්දෝ මහා අපල ග්‍රහචාරයක් තියන වේලාවකද කියලා හිතෙනවා. මේ ලිපියේ පළමුවැනි කොටසේදී මම කිව්වනේ, ලිපිය ලියන්න පටන්ගත්තේ 2013 වර්ෂයේදී කියලා.


   ඉතිං බලන්න, පළමුවැනි කොටස පළකර ගන්නම කොච්චර කාලයක් ගියාද. ඊළඟ දෙවැනි කොටස පළකරන්න ලැස්ති වෙනකොටම, වෙනත් වැදගත් මාතෘකා දෙකක් ඔලුවට ආව නිසා, ඒ ගැන ලිපි දෙකක් ලියන්න සිද්දවුනා. ඊළඟට මේ ඊයේ පෙරේදා, ලැජ්ජා නැති පුඟුලෙක්, මගේ ලිපියක් හොරකම් කරලා තිබුණා. ඒ ගැනත් ලියන්න සිද්දවුණා. ඒ නිසා තමයි මම කිව්වේ, මේ ලිපි මාලාව ලියන්න පටන් අරං තියෙන්නේ, මොකක්දෝ මහ අපල ග්‍රහචාරයක් පවතින වෙලාවකයි කියලා.

   හරි හරි, ඔන්න තුන්වැනි කොටස පටන්ගන්නයි හදන්නේ. කලින් කොටස් දෙක මතක නැතුවනම්, මේ කොටස බලලා වැඩක් නැහැ. ඒ නිසා ලිපිය කියවන්න කලින්,



කියවලා ආවොත් හොඳයි. නැත්නම් මොකවත් වැටහෙන්නේ නැතිවෙයි. වෙන දේවල් වගේ නෙවෙයිනේ. ඔබෙන් බොහෝ දෙනෙකු මීට කළින් අහලා නැති කරුණු තමයි මේ ලිපි මාලාවේ අඩංගු වෙන්නේ. එමෙන්ම මා දන්නා තරමින් මේ කරුණු සිංහල භාෂාවෙන් මෙසේ ලියා ඇති වෙනත් තැනක් නැහැ.

හොඳයි, අපි දැන් කරුණු අධ්‍යයනය කරමින් සිටින්නේ, 'කෙල්ල ඉස්සීමේ මෙහෙයුම හෙවත් - Operation Girl Lift' ක්‍රියාන්විතය කොයි මොහොතේ හෝ දියත් කරන්නයි. ඒ සඳහා න්‍යායාත්මකව කෙරෙන කරුණු අධ්‍යයනයෙදී, පසුගිය ලිපියෙන් අපි, අපේ පැත්ත හෙවත් Own Force ගැන කරුණු සලකා බැලීම අවසන් කළා. අද අපි කරන්නේ, සතුරු පක්‍ෂය හෙවත් Enemy Force ගැන කරුණු අධ්‍යයනය කිරීමයි. මෙහෙම හිතලා බලන්න. ඔන්න දැන් කෙල්ල උස්සන්න යන්න ලෑස්ති වෙලා, අපි බලනවනේ, මට යාළුවො කීදෙනෙක් ඉන්නවද, උන්ට කරන්න පුළුවන් දේවල් බැරි දේවල් මොනවද, ආයුධ වශයෙන්, අඩු ගණනේ, පොලු කෙටි දෙකතුනක් වත්, අපි අතේ තියනවද, මොනවද තියන වාහන, යන්නේ කොහොමද, විකල්ප ක්‍රියාමාර්ග මොනවද. ඔන්න ඔවනේ අපි මෙතෙක් දවස් කතාකළේ. ඒ විතරක් මදි. සතුරා මොනවගේද කියලා, හැකිතරම් සවිස්තරාත්මකව අධ්‍යයනය කළේ නැත්නම්, අපේ පරාජය ස්ථිරයි. ඒ නිසා, සතුරා ගැන අපේ දැනීම, හැකි තරම් ඉහළ මට්ටමක තිබිය යුතුයි. මෙන්න මේවා තමයි අපි සතුරා ගැන දැනගතයුතු කරුණු. 


know thy enemyසතුරා - Enemy 


10. සතුරාගේ ශක්තිය/බලය - Enemy Strength 

   (මොකක්ද මේ 10 ඉලක්කම කියලා දැන් අහන්න එපා. අංක 1 තියෙන්නේ මේ ලිපියේ පළමුවැනි කොටසේ. 9 ඉලක්කමෙන් තමයි දෙවැනි කොටස අවසන් වුණේ) 

   මේ කාරණයේදී මුලින්ම බලන්නේ, සතුරාට කොපමණ පිරිස් බලයක් තිබෙනවාද කියන එකයි. හොඳින් මතක තියාගන්න. අපිට කවදාවත් බැහැ, හරියටම මෙන්න මෙච්චරක් ඉන්නවා කියලා හොයාගන්න. සතුරාටත් බැහැ, අපි ගැන එහෙම හොයාගන්න. ආසන්න වශයෙන් කොපමණද කියන එක තමයි, ගණනය කරන්නේ. අපේ සැළසුම් හදන්නේ, ඒ ගණනය කිරීම් ගැන සෑහීමකට පත්වුණාමයි. එක වරක් දෙවරක් නෙවෙයි, කීපවරක් පරීක්ෂා කර තහවුරු කරගත යුතුයි.

11. සතුරාගේ අවි සහ උපකරණ බලය 
 Enemy Weapons and Equipment

   විශේෂයෙන් විස්තර කරන්න ඕනෙ නැහැනේ. සතුරා පාවිච්චි කරන්නේ මොනවගේ ආයුධ ද, ආධාරක අවි (මෝටාර්, බර මැෂින් තුවක්කු, ආර්.පී.ජී වැනි) තිබෙන්නේ මොනවාද, ආධාරක සේනා (කාලතුවක්කු, මිසයිල්, යුද්ධ ටැංකි) බලය කෙසේද, රේඩාර් වැනි විශේෂ උපකරණ තිබේද, වැනි කරුණු තමයි මෙහිදී සළකා බලන්නේ.  

12. සතුරු බිම් වෙඩි කෙත් තිබේද 
   Enemy Mine Fields

   සතුරා බිම්වෙඩි වළලා තිබුණොත්, අපේ ගමන අවසන් වෙන්නේ, අපේ සෑහෙන පිරිසකගේ පාද අහිමිවීමෙන් හෝ මරණයෙන්. ඒ නිසා අපේ ඔත්තු සේවා, චන්ද්‍රිකා පද්ධති, නිරීක්ෂණ ගුවන් යානා, මගින් හොයාගන්න වෙනවා, බිම්වෙඩි කෙත් තියනවාද කියා. 

13. සතුරාගේ චිත්ත ධෛර්යය සහ හැසිරීම් රටාව 
  Enemy Moral and habits 

  අපි දන්නවනේ, මම බජාර් එකේ චන්ඩියානම්, කාටත් පෙනෙන්න පිහිය/පිස්තොලේ ඉනේ ගහගෙන තමයි, බජාර් එකේ හක්කොලං කොරන්නේ. නමුත්, ගමේ පොලොසියට අලුත් ඕ අයි සී මහත්තැන් කෙනෙක් ඇවිත් ඉන්නවා, ඕනෙම චන්ඩියෙක් පෙරේතයා වගේ උස්සලා පොළොවේ ගහන කියලා ආරංචි වුනොත්, මම ඒ චන්ඩියා විදිහට නෙවෙයි නොන්ඩියා වගේ තමා ඉන්නේ. යුද්ධයේදීත් එහෙමයි. තමන්ගේ පිරිස් බලය, ආයුධ බලය, ආධාරක භට පිරිස් බලය, ආධාරක අවි බලය, බොහොම ඉහළ තත්වයක තිබෙනවානම්, සතුරා තමන්ගේ කඳවුරු වලට වෙලා නිකම් ඉන්නේ නැහැ. ටිකක් ඇවිදලා කූරු ගාලා බලනවා, කොහොම හරි අපිට වැඩක් දෙන්න පුලුවන්ද කියලා. ඒ වගේමයි, මෑත කාලයේදී අපෙන් කාලා ඉන්න සතුරෙක් නම්, වැඩිය සෙල්ලම් දාන්න යන්නේ නැතුව පාඩුවේ ඉන්නවා. කාමිනීලගේ බාප්පා ඇතුළු පිරිස ගැනත් හොයලා දැනගන්න වෙනවා මේ ආකාරයට. 

14. සූදානමින් සිටින/අතිරේක/ආධාරක/ භටපිරිස් යෙදවීමේ ශක්‍යතාව - Reserve/Reinforcement/ Capabilities

   මතකනේ මේ කතාවේ ඉන්න මගේ සතුරු පක්ෂය. ඒ කියන්නේ මගේ පෙම්වතිය වන කාමිණීගේ දෙමාපියන්, ඥාතීන්, මිත්‍රයන්, අසල්වැසියන්, ආදී මහා සතුරු සේනාවක් ඉන්නවනේ. ඉතිං මම කෙලලා ඉස්සීමේ ක්‍රියාන්විතය දියත් කළ වහාම, ඔය සතුරු සේනාව කුමන ආකාරයකින් ක්‍රියාත්මක වෙයිද කියලා හැකිතරම් තොරතුරු සොයාගත යුතුයි. අපි හිතමු මෙහෙම එක නාඩා පිරිසක් ඉන්නවා බොරැල්ලේ. තව පිරිසක් කොට්ටාවේ, තවත් අය කිරුලපනේ. ඔන්න ඔය විදිහට ඒ අය කෙල්ල ඉස්සීමේ ක්‍රියාවට එරෙහිව කොපමණ වෙලාවක් ඇතුළත කොයි පැත්තෙන් ඇවිත්, 'සීන් එකට ඇන්ටර් වෙයිද' කියන එක හරිම වැදගත්. මම උන්ට වැඩක් දෙන විදිහ ගැනත් හිතන්න වෙනවා. 

15. සතුරු පක්ෂයේ සූදානම - Preparedness 

   සතුරු පක්ෂයේ ඉන්නේ බබාලා නෙවෙයිනේ. එයාලා සෑමවිටම සූදානමින් ඉන්න බව මම මුලින්ම දැනගන්න ඕනෙ. හැබැයි ඒ සූදානම මොන වගේද කියලා දැනගන්න පුලුවන්නම් වැඩිය හොඳයි. අපි හිතමු මෙහෙම. මම කෙල්ල උස්සන්න එනවා ඇති කියලා හිතෙන හැම පාරකම ඒගොල්ලෝ ඇම්බුෂ් හෙවත් රැකසිට පහර දීමේ කණ්ඩායම් යොදවන්න පුළුවන්. අපට වෙඩි තියන්න, පිහියෙන් අනින්න, ඇසිඩ් ගහන්න, ගෙදර ඇතුලෙත් කණ්ඩායම් සූදානම් කරලා තිබෙන්න පුළුවන්. ඒ වගේම තමයි එහි අනික් පැත්ත. සතුරාත් මා ගැන හොයනවානේ. මගේ බලපුළුවන්කාරකම් ගැන අහලා සතුරා සමහරවිට ටිකක් බයවෙලා උදාසීන වෙලා ඉන්නත් පුළුවන්. ඒ නිසා සතුරාගේ පෙර සූදානම ගැන දැනගැනීම හරිම වැදගත්. 

16. සතුරා රැඳී සිටින ආකාරය - Disposition 
 
   
මෙයින් අදහස් කරන්නේ සතුරා, තමන්ට අයත් බල ප්‍රදේශයේ ඉන්නේ කුමන ස්ථාන වලද කියන එකයි. දැන් මම උස්සන්න යන කෙල්ලයි, කෙල්ලගෙ අම්මයි තාත්තයි, මල්ලියි, අයියයි, ඉන්නේ කෙල්ලගේ ගෙදර. අල්ලපු ගෙදර ඉන්නවා අර මහා නපුරු, ගණන්කාර, බාප්පා. ඊට ගෙවල් දෙකකට එහා ඉන්නවා ඒ බාප්පාගේ තග් ගැන්සියේ එවුන් දෙන්නෙක්. ඔන්න ඔය විදිහට සතුරා කොයි ආකාරයෙන් කුමන ස්ථානවලද ඉන්නේ කියන එක හරිම වැදගත්. මගේ ප්‍රහාරක සැළැස්ම සකස් කිරීමේදී ඒ ගැන විශේෂයෙන් සිතිය යුතුයි.  

17. සතුරාගේ විශේෂ දක්ෂතා/හැකියා - Special capabilities

   අපි හිතමු සතුරාගේ ගුවන් බලය/කාලතුවක්කු බලය/යුද්ධ ටැංකි බලය/ මෝටාර් බලය/ මිසයිල් බලය/ වැනි සාධක වලින් එකක් හෝ කීපයක් ප්‍රබලව තිබෙනවානම්, එහෙමත් නැත්නම් ආධාරක භට පිරිස් ඉතා සුළු වෙලාවකින් ගෙන්වා ගැනීම වැනි විශේෂ හැකියා තිබෙනවානම්, මගේ කතාවේ හැටියට, කෙල්ලගේ දෙමවුපියන්ට, කෙල්ලවත් අරං මට අහුනොවෙන්න පලායන්න පුළුවන් බව පෙනෙනවානම්, අන්න ඒ වගේ සතුරාගේ විශේෂ හැකියා වලට ප්‍රතිවිරුද්ධව මා කුමක් කළයුතුද යන්න තීරණය කළයුතු වෙනවා. 

18 . සැකසුම් - Deductions 

   ඉහත අංක 10 සිට 17 දක්වා සියලු කරුණු කාරණා සැලකිල්ලට ගැනීමෙන් පසු, මගේ සැලැස්මේ අවශ්‍ය සැකසුම් කිරීමේදී, පහත දැක්වෙන යුධ  න්‍යායාත්මක පිළිවෙත අනුව කටයුතු කළයුතුයි. මෙව්වට පිටින් ගියොත් එහෙම බඩුම තමයි. 
  • අ. ප්‍රහාරක භටපිරිසේ සංයුතිය (කොපාමන භට පිරිසක් යොදවනවද, කාලතුවක්කු, යුද්ධ ටැංකි, ආධාර ලබාගන්නේද)
 
  • ආ. වෙඩි ප්‍රහාර සැළැස්ම (මේ වැඩේ හරි සංකීර්ණයි. කෙටියෙන් මෙහෙම කියන්නම්. වැඩේට බැස්සම ඒ ඒ අවස්ථාවේදී පාවිච්චි කරන්නේ කුමන ආයුධද, කවුද ඒ ඒ කණ්ඩායමේ ඉන්නේ, සතුරු පැත්තෙන් එන වෙඩි වලට ප්‍රති ප්‍රහාරක වෙඩි ලබාදෙන්නේ කවුද, ආදී වශයෙන්)
 
  • ඇ. ඉලක්කය වෙත ළඟාවීම සඳහා හඳුනාගත් මාර්ග අතරින් ප්‍රමුඛතාවය තෝරාගැනීම. 
 
  • ඈ. ප්‍රහාරයේ ඒ ඒ අවස්ථා සඳහා කාල රාමුවක් සැකසීම. (කෙල්ලගේ ගෙට කඩාවැදීම විනාඩි තුනයි, බාධා කරන්නට එන අයට ගහලා බිම දැමීම විනාඩි හතයි, කෙල්ල උසාගෙන එලියට එම විනාඩි දෙකයි ආදී වශයෙන්) 
 
  • ඉ. ප්‍රහාරයේ අරමුණු ප්‍රමඛත්වය සැකසීම (ඉස්සර වෙලාම කෙල්ලගේ ගෙදර ගේට්ටුවෙන් පැනීම, ඊළඟට කෙල්ලව ගෙදර පස්ස දොරෙන් වෙන කවුරුහරි පන්නාගෙන යාම වැලැක්වීම, ඊළඟට කෙල්ලගේ ගෙදර අය යටත් කර ගැනීම, ඊළඟට අපිට ගහන්න එන එවුන්ට වැඩේ දීම, ඊළඟට කෙල්ල අරං එලියට ඊම, ඔන්න ඔය විදිහට මුලින් කලයුත්තේ කුමක්ද දෙවනුව තුන්වනුව කලයුත්තේ කුමක්ද කියා සැළසුම් කළයුතුයි)
 
  • ඊ. අතිරේක/අධාරක භටපිරිස් සූදානම් කිරීම. මගේ ඉන්න පිරිස මදි කියා හිතෙනවානම්, ආධාරයට තවත් යාළුවො අරං යන්න ඕනෙ. උන්ව හොඳ සූදානමකින් හදිස්සියකට ටක් ගාලා අපි ඉන්න තැනට එන්න පුළුවන් විදිහට යාන වාහන සහිතව රඳවා තියන්න ඕනෙ.
 
 19. ද්විපාර්ශ්ව සංසන්දනය Relative Strength 

   මෙතැනදී කරන්නේ මේකයි. සතුරු පක්ෂයේ ශක්තිය සහ අපේ පක්ෂයේ ශක්තිය සංසන්දනය කරනවා. සැලැස්මේම ලියනවා මෙහෙම,

   සතුරාගේ පාබල භටපිරිස් ප්‍රමාණය (මෙච්චරයි) අපේ පාබල භටපිරිස් ප්‍රමාණ (මෙච්චරයි) ඊළඟට යුද්ධ ටැංකි, කාලතුවක්කු, මෝටාර්, ඉංජිනේරු බලය යන කරුණු, ඒ විදිහටම, ප්‍රමාණාත්මකව සංසන්දනය කරනවා.  එතකොට අපිට පැහැදිලි චිත්‍රයක් මැවෙනවා මේක මොනවාගේ සටනක්ද කියන එක.

20. සැකසුම් - Deductions 

   ඔබ මේ ලිපි මාලාව උනන්දුවෙන් කියවාගෙන ආවානම්, මේ රටාව දැන් පැහැදිලි ඇති. තත්ත්ව ඇගයීමක් කළ වහාම ඊට අදාළව සැකසුම් කරනවා. දැන් අපි දෙපැත්තේ ශක්තිය සංසන්දනාත්මකව බැලුවා. අපි හිතමු, මේ කෙල්ල උස්සන වැඩේට, මට ඉන්නේ හත් දෙනයි. කෙල්ලගේ පැත්තේ 13 දෙනෙක් ඉන්නවා කියලා. මොකද කරන්නේ වැඩේ අතාරිනවද. නැහැ. මතකනේ ඔබ SPBR කෙනෙක්. ඒ නිසා සටන අතාරින්නෙ නැහැ. දැන් අපි සැලසුම් කළයුතුයි 7 දෙනෙකුගෙන්, 13 දෙනෙකුට වැඩේ දෙන්නේ කොහොමද කියලා.  ඇත්තටම යුද්ධයේදීත් මෙහෙම වෙනවා. 

හොඳයි අපි ඊළඟ කොටසේදී බලමු, සීමිත භටපිරිසක් යොදාගෙන, මම කොහොමද කෙල්ල උස්සන්නේ කියලා. 


my-signature-for-blog[1]   2014 ඔක්තෝබර් මස 28 වැනි දින 2224 පැය

21 comments :

  1. හෙලා දකිමි.
    මේ විනාශකාරී ගිනිඅවි මේ මහ පොලොවොන් තුරන් වෙනකල් මගේ කටනම් වහන්නෙ නෑ
    අනේ මගේ වොයිස් එක කාටවත්ම ඇහෙන්නෙ නැද්ද.
    මටත් මලාලට වගේ වෙඩි තියන්නවත් කවුරුත් නැද්ද.

    ReplyDelete
  2. එල ද බ්‍රා..
    පට්ටම ආසාවෙන් කියව්වා..
    මේ ලිපි වෙනස්ම ආකාරයක වටිනාකමක් තියනවා..
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. ඔව් මෙන්ඩා. යුද්ධයේදීත් තියෙන්නේ ආයුධ සහ පිරිස් බලය පමණක් නෙවෙයි. මොලය පාවිච්චි කිරීම.

      ස්තුතියි ඇගයීම ගැන.

      Delete
  3. චෙස් ගේම් එකක් වගේ. කොච්චරනම් බුද්ධිය මෙහෙයවිය යුතු අභ්‍යාසයක්ද මේ.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම මෙය මොලයෙන් ගහන ගේම් එකක්. මිනිස්සු හිටියට මදි.

      Delete
  4. ශ්‍රී ලාංකීය සන් සූ.. Sun Tzu ඔබතුමා මේ ලියල තියෙන විලාශයට මට මතක් වෙන්නේ 'ආර්ට් ඔෆ් වොර්'..Art of War
    The supreme art of war is to subdue the enemy without fighting..
    Victorious warriors win first and then go to war, while defeated warriors go to war first and then seek to win...
    To fight and conquer in all our battles is not supreme excellence; supreme excellence consists in breaking the enemy's resistance without fighting..
    Be extremely subtle, even to the point of formlessness. Be extremely mysterious, even to the point of soundlessness. Thereby you can be the director of the opponent's fate..

    යුද්ධය ඇත්තටම කලාවක්..
    ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. සුන් සු වෙයිද, එහෙම නැත්නම් සුනේ සුන් වෙයිද දන්නෑ, කවුරුහරි මේවා අත්හදා බලන්න ගියොත්. :e

      ස්තුතියි ඇගයීම ගැන.

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. කලබලෙන් වගේ ලියලා තියෙන්නෙ. කෙල්ලයි කොල්ලයි වෙලාවකට අමතකම වෙලා විෂයානුකූල පැත්ත බරවෙලා. උන් දෙන්නත් දිගටම තියාගත්තනං මීටත් රහ වෙන්න තිබ්බා. මං වරදක් කිව්වායැ ඉතිං පිස්තෝලෙ අතගාන්නෙ? :m
    අන්තර්ගතය අගෙයි විචාරකතුමා. නලු නිලියන්ගෙ රෙද්දවල් අස්සෙ රිංගන ගොසිප් සයිට් එක්ක බැලුවම ඔබ ඉන්නෙ ගව් ගානක් ඉදිරියෙන්. ජය!!!

    ReplyDelete
    Replies
    1. ටිකක් ඉක්මනින් ලියලා අවසන් කරන්න දඩුවේ. නමුත් තවත් දිගට විස්තර තියනවා. කොල්ලා සහ කෙල්ල හැම තැනටම එබීමත් නීරස වෙන්න පුළුවන් කියලා හිතුනා. (දැන් ඉතිං පිස්තොලේ 'අතගාන්න' විතරයි පුළුවන් හ්ම්.........)

      බොහොම ස්තුතියි ඇගයීම ගැන.

      Delete
  7. ඔයා මෙහෙම කිව්වට, අපේ කිරිඇල්ල ලොක්ක නම් කිව්වේ, ඕන මෝඩයෙකුට පුළුවන් යුද්ධ කරන්න කියලා .

    ReplyDelete
    Replies
    1. හරිනේ ඉතිං, කිරිඇල්ල මෝඩයෙක් නේ.

      Delete
  8. මට නම් ෆිල්ම් එකක් වගේ කතාවක් මැවිලා පෙනුණා...විශේෂයෙන් සතුරු කණ්ඩායම ලෑස්තිවෙන හැටි දැක්කාම. :D

    ReplyDelete
    Replies
    1. හැබැයි බොහොම ප්‍රවේසමෙන්. ඉස්සරහදි මෙතන යුද්ධයක් වෙන්නයි යන්නේ.

      Delete
  9. ලිපියනම් niyamai සර් ඉතුරු කොටස් ටිකත් ඉක්මනට බලපොරොතු වෙනවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඇගයීම ගැන. ඉක්මණින් ඉතිරි කොටස දෙන්නම්.

      Delete
    2. ආයේ ටෙස්ට් කර කර ඉන්න ඕනෙ නැහැ. එකපාරම දීලා අදින්න. :e

      Delete
  10. හරිම රසවත් ලිපියක්... යුද්ධයක දී ප්‍රා යෝගික ව කොහොම වෙනවා ඇත්ද කියලා අපේ කට්ටියටම කියවන්න ලැබෙන හොද අවස්ථාවක්... හරිම වැදගත් විචාරක..

    ReplyDelete
    Replies
    1. මෙහි ඇති සංකීර්ණ බව ඉදිරි කොටසේදී ඔබට තවදුරටත් වැටහෙනු ඇති.

      ස්තුතියි ඇගයීම ගැන.

      Delete
  11. බැලුවම කොටි එක්ක කෙල ගන්න එක ලේසියි නේ. මෙච්චර ලොකු ශක්‍යතා අධ්‍යනයක් කරලා ගිහිං යන් කිව්වම කෙල්ල බෑ කිව්වොත් කොහොමද ?

    ReplyDelete
    Replies
    1. අම්මපා මම එහෙමනම් දමලා අනිනවා......................ඇත්තටම සුදීක ආදරය කරපු කෙනෙකුට වෛර කරන්න පුළුවන් 'මිනිස්සුත්' ඉන්නවනේ මේ ලෝකේ.

      ක්‍රියාන්විත වලදී ඔබ කියන ආකාරයේ දේවල් වෙනවා. ක්‍රියාන්විතයට බහින්න ඔන්න මෙන්න කියලා ඒවා අවලංගු කරනවා, ක්‍රියාන්විතය සඳහා පිටත්වී සිටින අයට කියනවා ආපහු හැරිලා එන්න කියලා. එහෙම කරන්නේ සාර්ථකත්වය ගැන යම් සැකයක් ඇතිවීම නිසා හෝ බලාපොරොත්තු රහිත සතුරු ක්‍රියාකාරකම් නිසා. නැත්නම් වෙනත් සාධක (දේශගුණික වැනි) නිසා. කොහොමද ඒ වෙලාවට දැනෙන සනීපෙ.

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }