කොහොමද සැපදුක්? මාත් එක්ක යුද්දෙට යන්න ලෑස්තිවෙන නිසා හිතට බයක් චකිතයක් එහෙම දැනෙනවද? එහෙම නැත්නම්, කවදද 'ඔපරේෂන් ගර්ල් ලිෆ්ට්' හෙවත්, කෙල්ල ඉස්සීමේ මෙහෙයුම කරන්නේ කියලා, ඇඟිලි ගනිමින්ද ඉන්නේ........? ඔපරේෂන් එක සාර්ථක කරගන්න නම්, ඉතා හොඳ සැලැස්මක් තිබිය යුතුයි. නිකං ආවට ගියාට කෙල්ල උස්සන්න ගියොත්, කෙල්ලගෙ පැත්තේ අය, අපේ බෙල්ල ගලෝලා අතට දෙයි, 'යන ගමන් මේකත් අරං යන්න' කියලා. අන්න ඒ නිසයි මෙච්චර සවිස්තරව සැළැස්ම හදන්නේ. සමහර අයට මතක නැතුව ඇති මේ කතාවේ කොටස් තුනක් දැනට පළවෙලා තිබෙන බව. නොදන්නා අය වගේම, අමතක අයත්, අලුතෙන්ම දැනගැනීම සඳහා සහ මතකය අලුත් කරගැනීම සඳහා,
බලනවානම් එය පහසුවක් වෙයි. හොඳයි, අපි පසුගිය ලිපියේදී, මේ සැලැස්මේ 10 වැනි කාරණයේ සිට 20 වැනි කාරණය දක්වා, කරුණු සාකච්ඡා කළා. එහිදී විශේෂයෙන් අවධානය යොමුකළේ, අපේ සතුරා මොනවගේ ශක්තියකින් යුක්තද යන්න, අවබෝධ කරගැනීමට සහ ඒ අනුව අපට එල්ලවන අභියෝගයට මුහුණදීම සඳහා ගතයුතු පියවර කුමක්ද, යන්න පිළිබඳවයි. අද එතැන් සිට ඉදිරියට යමු.
21. අදාළ කාර්ය භාරය සඳහා භටපිරිස් තක්සේරු කිරීම
Assessment of Troops to Task
a. මේ අවස්ථාවේදී අපට මෙම සංග්‍රාමික කාර්යය සඳහා කොපමණ භට පිරිසක් එක්රැස් කරගත හැකිද? කෑම්ප් එකේ ඉන්න කොල්ලයි බල්ලයි ඔක්කොම යවන්න බැහැ. එතකොට කෑම්ප් එක බලාගන්නේ කවුද? තුවාල කාරයෝ බලාගන්නේ කවුද? යුද්ද කරන එවුන්ට කෑම ටිකක් උයලා යවන්නේ කවුද? වාහන වලට තෙල් ගහන්නේ කවුද? පණිවිඩ හුවමාරු කරන්නේ කවුද? අමතර අවි පතරොම් බෝම්බ යුද පිටියට යවන්නේ කවුද?
පේනවා නේද රඟේ?
මෙන්න මේ විදිහට පිරිස ගණන් බලනවා.
පාබල භටපිරිස්.....................මෙච්චරයි
ක්‍රියාන්විත සඳහා විශේෂ පුහුණු භටපිරිස්.............මෙච්චරයි
සන්නාහ සන්නද්ධ බලකායේ සහාය ලැබෙනවාද (ඒ කියන්නේ යුද්ධ ටැංකි කීයක් යොදවන්න පුලුවන්ද කියන එක) ..................ටැංකි මේ මෙම වර්ගයෙන් මෙච්චරයි.
කාලතුවක්කු හමුදාවේ සහාය ලැබෙනවාද (ඒ කියන්නේ කාලතුවක්කු, මල්ටි බැරල් රොකට් විදින යන්ත්‍ර කීයක සහාය ගන්න පුළුවන්ද කියන එක) මේ මේ වර්ගයෙන් මෙච්චරයි. කාලතුවක්කු සහාය ලැබෙනකොට කෙලින්ම හෝ වක්‍රව ලැබෙන්නේ. ආපහු කියවලා බලන්න.
ඉංජිනේරු භටපිරිස් සහාය ලැබෙනවාද (ඉංජිනේරුවෝ අරං යන්නේ ගෙවල් හදන්න නෙවෙයි. එයාලා අපිට කරන උදව්ව තමයි, අපේ පාබල භටපිරිස්වලට යුදබිමේ ඉදිරියට යාම සඳහා බාධකයන් වන, ස්වභාවික බාධක, ඒ කියන්නේ දිය පහරවල් වලින් එගොඩ වීම, කඳුකර මාර්ග, මඩ වගුරු, වැනි බාධකවල ඇති දුෂ්කරත්වය අවම කරදීම, සතුරා විසින් අටවා ඇති විවිධ මර උගුල්, බිම් බෝම්බ වැනි බාධක ඉවත්කරදීම, අපට ජලය සහ විදුලිය සපයාදීම, සතුරාට අපවෙත එන්නට අපහසුවීම සඳහා හැකිතරම් බාධක ඇටවීම)
අප සතුව මෝටාර් විදිනයන් තිබේද කොපමණක් යෙදවිය හැකිද ඔන්න දැන් අපි ඔය තක්සේරුව අවසන් කරගත්තා කියමුකෝ. ඊළඟට ඔය පිරිස කොටස් වලට බෙදලා ඒ ඒ කොටසට අයිති කාර්ය භාරය බෙදලා දෙන්න ඕනෙ. අපි හිතමු දැන් කෙල්ල උස්සන්න යනකොට අපේ යාලුවන්ට කාර්ය භාරයක් Task බෙදලා දෙනවා. කාර් එක එලවන්නේ උඹ, බයික් එක පදින්නේ උඹ, ත්‍රී වීල් එක එලවන්නේ උඹ. මුලින්ම කෙල්ලගේ ගෙදර තාප්පෙන් පනින්නේ උඹ, කෙල්ලගේ ගෙදර ඇතුලේ ඉඳලා, අපිට ගහන්න එන එවුන්ට ගහන්නේ උඹලා, කෙල්ලගේ ගෙදර අයගේ ආධාරයට කවුරුහරි පිටින් එනවානම්, මග රැකලා උන්ට ගහන්නේ උඹලා. දැන් තේරුණා නේද වැඩේ.
යුද්දෙදි වෙන්නේ මෙහෙමයි.
a. ඉලක්කය අත්පත් කරගැනීමේ capture කණ්ඩායම
b. සතුරාගේ ආධාරයට එන භටපිරිස් වලට රැක සිට පහරදෙන කණ්ඩායම/කණ්ඩායම් Blocks/Cut offs
c. මෝටාර්/බර මැෂින් තුවක්කු ආදිය රඳවා තබන ස්ථානයේ ආරක්ෂාව තහවුරු කරන කණ්ඩායම Secure of Fire Base (මෝටාර්, දුර වදින ලොකු මැෂින් තුවක්කු අපි අල්ලගන්න යන ඉලක්කය ළඟටම ගෙනියන්න ඕනෙ නැහැ. දුර ඉඳලා වැඩේ දෙන්න පුළුවන්. ඉතිං ඒවා රඳවා ගන්න ස්ථානයට ආරක්ෂක භට පිරිසක් ඕනෙ . ඒවා ක්‍රියාකරවන අයගේත් ඒ ආයුධවලත් ආරක්ෂාව සඳහා)
d. ආරම්භක ස්ථානය ආරක්‍ෂා කිරීම - Secure FUP (යුද්දෙදි තියනවා Forming Up Place = FUP කියලා එකක්. එතන සමහරවිට සතුරා ඉන්න තැනට මීටර් හාර පන්සීයකටත් වඩා අඩු දුරකින් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ සද්ද නැතුව එතනට කිට්ටු කරලා, සියලුම අවි ආයුධ, ප්‍රහාරක කණ්ඩායම් නැවත පරීක්ෂා කරනවා. ප්‍රහාරය ආරම්භ කරන්නට ආසන්න ඒ මොහොතේ අපි ඉන්නේ අනාරක්ෂිතව. අපි ප්‍රහාරය එල්ල කරන්න ඉස්සරවෙලා සතුරා අපිව දැක්කොත්/දැනුනොත් අපිට හොඳටම ගහනවා. ඒ නිසා FUP එක රැකගන්න වෙනම පිරිසක් යනවා)
e. සටනේදී වෙනත් දෙසකින් පැමිණ අපට එකතුවන අපේ පිරිස් - link up forces මතකද එල්ටීටීඊ යුද්දෙදි රූපවාහිනියෙන් පෙන්නුවා, අපේ භටපිරිස් පැති කීපයකින් සතුරාට පහරදීගෙන, යටත් කරගෙන ඇවිල්ලා, අන්තිමට එකිනෙකා හමුවෙලා සතුටුවෙන හැටි. අන්න ඒ වුණේ link up forces එකතුවීමයි. අවශ්‍ය අවස්ථා වලදී මෙවැනි භටපිරිස් යෙදවිය යුතුයි.
f. අතිරේක භටපිරිස් Reserves අපි බලාපොරොත්තු නොවන අවස්ථා වලට හදිසියේ මුහුණ දෙන්න ඉඩ තිබෙනවා. අපි කලින් දැන නොසිටි සතුරු කණ්ඩායම් අපිට ප්‍රහාර එළ කරන්න ඉඩ තියනවා. එහෙමත් නැත්නම් සතුරාගේ ප්‍රතිප්‍රහාර අපි හිතා හිටියාට වඩා ප්‍රබල වෙන්න පුළුවන්. අන්න ඒ වගේ වේලාවකදී ප්‍රයෝජනයට ගන්න අතිරේක භට පිරිස් වෙනමම සූදානම් කර තබනවා.
g. පැති ආරක්ෂාව - Flank Protection සටනට මුහුණ දෙන අපේ ප්‍රධාන භාටපිරිසට දෙපැත්තෙන් එල්ල වියහැකි ප්‍රහාර වැළක්වීමේ කන්ඩායම්
h. රැවටිල්ලෝ :D - Deception සතුරාගේ අවධානය වෙනත් අතකට යොමුකරවාගෙන අමගින් අපේ අරමුණ ඉටුකරගැනීමට වාසියක් අත්වන ආකාරයේ ක්‍රියා. උදාහරණයක් වශයෙන්, අපි සතුරාගේ ප්‍රධාන කඳවුරට ගහන්නයි යන්නේ. නමුත් අපේ ප්‍රධාන ප්‍රහාරය එල්ල කිරීමට පෙර අපි සතුරාගේ ප්‍රධාන කඳවුරට ආසන්න වෙනත් කුඩා කඳවුරකට ප්‍රහාරයක් එල්ල කරනවා. එවිට සතුරාගේ අවධානය ඒ වෙතට යොමුවෙනවා. ඒ අල්ලපනල්ලේ අපි අපේ වැඩේ දෙනවා.
j. (i අකුර මේ සැලැස්මේදී යොදන්නේ නැත. එය සම්ප්‍රදායකි) ඉංජිනේරුවන්ට ලබාදෙන කාර්ය භාරය. සතුරු බිම්බෝම්බ ඉවත් කිරීම, සතුරු යුද ටැංකි නාශක බිම්බෝම්බ සවි කිරීම, සතුරු කඳවුරේ බාධක පුපුරවා හැරීම වැනි කරුණු.
k. තුවාලකරුවන් යුදබිමෙන් ඉවත්කර ගැනීම Casualty Evacuation = Casvac මේ සඳහා වෙනමම කණ්ඩායමක් යොදවනවා. ඔවුන් නොපමාව තුවාල කරුවන්ට අවශ්‍ය ප්‍රථමාධාර දී, තුවාලකරුවන්ව යුදබිමේ පසුපසට ගෙන ආ යුතුයි. එහිදී වෛද්‍ය බලකාය තුවාලකරුවන් බාරගන්නවා.
දැන්, මේ කාර්යය සඳහා අවශ්‍ය භටපිරිස් වල එකතුව මෙච්චරයි කියලා ගණනය කරනවා.
22. සැකසුම් - Deductions
මෙතැනදී නැවත සිතා බලනවා, තවත් අතිරේක භටපිරිස් කාලතුවක්කු/යුද ටැංකි/ගුවන් ප්‍රහාර/ ආදිය අවශ්‍යද කියා. අවශ්‍යනම් ලබා ගැනීමට ක්‍රියාකළ යුතුයි.
23. කාලය සහ අවකාශය Time and Space
ඔක්කොම සැලසුම් අවසානයේ කාල ගණනයක් කලයුතුයි. එය ඉතා වැදගත්. කාලගණනය වරද්දා ගත්තොත් සම්පූර්ණ ක්‍රියාන්විතයම අවුල් වෙන්න පුළුවන්. එහිදී යොදාගන්න ක්‍රමවේදය මෙන්න මේකයි.
a. ඉදිරියට ඇති උපරිම කාලය - Time Available
(මෙය බලන්නේ මෙන්න මෙහෙම)
1. දැන් වෙලාව
2. ඉලක්කය(මතකනේ මේ කතාවේ මුලදීම කිව්ව අරමුණ. අන්න ඒක)..........දින ..............වෙලාව වනවිට සම්පූර්ණ (අත්පත්) කරගත යුතුයි
3. සියලු කටයුතු සඳහා ඉතිරිව ඇති කාලය
4. දිවා කාලයේ කොපමණ පැය ගණනක් තිබේද?
5 රාත්‍රී කාලය කොපමණ තිබේද?
b. ඉදිරි කාල ගණනය - Forward Calculation
1. අණදෙන නිලධාරි වරුන් විසින් නිරීක්ෂණ සංචාර කොට, සැලසුම් සකස් කර, භටපිරිස් වලට ක්‍රියාන්විතය සඳහා සූදානම්වීමේ නියෝග ලබාදීමට ගතවන කාලය.
2. ඒ ආකාරයටම කණ්ඩායම් භාර නිලධාරීන්ගේ සැලසුම් සහ නියෝග සඳහා ගතවන කාලය.
3. ඒ ආකාරයටම ඛණ්ඩ භාර නිලධාරීන්ගේ සැලසුම් සහ නියෝග සඳහා ගතවන කාලය.
4. දැන් අපි සිටින ස්ථානයේ (අපේ කඳවුර වෙන්නත් පුළුවන්, යුද බිමේම තැනක් වෙන්නත් පුළුවන්) ඉලක්කය සපුරා ගන්නාතුරු කලයුතු සියල්ල සඳහා ගතවන කාලය.
5. FUP ස්ථානයේ කොපමණ වෙලාවක් ඉන්නට සිදුවේද. (FUP එකේ පදිංචි වෙන්න බැහැ. එතැනදී කරන්නේ ඔක්කොම හරිද කියලා නැවත පරීක්ෂා කරන එකයි. එතනින් ඉදිරියේ තියනවා Start Line = SL කියලා එකක්. ඒක සමහරවිට සතුරු ඉලක්කයට මීටර් 100ක් වත් දුර නැති තැනක් වෙන්න පුළුවන්. එතන ඉඳලා තමයි එකපාරට වෙඩිතියාගෙන කඩා බිඳගෙන ඉදිරියට දුවන්නේ. ඉතිං FUP ඒකෙදි අනවශ්‍ය සද්ද බද්ද කළොත් වැඩේ දෙල් වෙනවා. SL ඒකෙදි ඊටත් වඩා සැලකිලිමත් වියයුතුයි)
6. ක්‍රියාන්විතයට පිටත් වුනාම FUP එකට යාම සඳහා කොපමණ කාලයක් ගතවේද?
7. FUP එකේ සිට SL එක දක්වා යන්නට කොපමණ වෙලාවක් ගතවේද?
8. වෙඩිතියාගෙන කුඩු පට්ටම් කරගෙන සතුරු ඉලක්කය හරහා ගොස් අවසන් කරන්නට කොපමණ වෙලාවක් ගතවේද?
c. ආපසු ගණනය - backward Calculation
දැන් අගසිට මුලට ආපසු ගණනය කර බලනවා කාලය සමානද කියලා.
සතුරා විසින් ගැනීමට ඉඩ ඇති ක්‍රියාමාර්ග
Enemy Courses
කෙල්ලගෙ පැත්තේ ඉන්නේ නිකම්ම නිකං බබාලා නෙවෙයිනේ. උනුත් ඕනෙම දෙකට ලෑස්තිවෙලයි ඉන්නේ. සතුරු ප්‍රහාර වගේම රැවටිලි කරන්නත් පුළුවන්. කොහොමද ඉතාම දක්ෂ වේශ නිරූපන ශිල්පියකු මගින්, කෙල්ලගේ ආච්චි අම්මව, කෙල්ල වගේම පෙනෙන්න වේශ නිරූපනයක් කරලා, අපිට පහසුවෙන් අරං එන්න පුළුවන් විදිහට තිබ්බොත්? අපි මගට ඇවිත් බලනකොට වහකන්නනේ සිද්ද වෙන්නේ. ඒ නිසා, අපි නැවත වරක් සලකා බලනවා, අපේ ක්‍රියාන්විතයට එරෙහිව, සතුරා විසින්, කෙබඳු ක්‍රියාමාර්ග ගනීද යන කාරණය. එහිදී සතුරා විසින් ගනු ඇතැයි සිතන සෑම ක්‍රියාමාර්ගයක් ගැනම වෙන වෙනම විශ්ලේෂණයක් කරනවා.
25. සතුරු ක්‍රියාමාර්ගය (අ) - Enemy Course (a)
සියලු ආධාරක භටපිරිස් ගෙන්වාගෙන, කාලතුවක්කු/මෝටාර් වැනි ආධාරක සේනා/ආයුධ සහයත් ලබාගෙන, සතුරා, තමන් සිටින ස්ථානය රැකගැනීම සඳහා, දීර්ඝ සටනකට අවතීර්ණ විය හැකිය. (කාමිණීගේ බාප්පාගේ යාළුවො/වැඩපොළේ යාළුවො/ගමේ යාළුවො ඔක්කොම ගෙන්වාගෙන, අපිට අම්බානක නෙලන්නට ඉඩතිබේ)
විශ්ලේෂණය කලයුතු කරුණු;
a. ඉහත සතුරු ක්‍රියාමාර්ගය සඳහා ඇති සම්භාවිතාව
b. ප්‍රතිඵල/බලපෑම්
ඒ අනුව සලකා බලනවිට;
1. අපේ ප්‍රහාරය අවුල් කිරීමට සතුරාට හැකිවේ.
2. අපිට සිදුවන හානි බරපතල වියහැකිය.
26. සතුරු ක්‍රියාමාර්ගය (ආ) - Enemy Course (b)
අපි ඉලක්කය වෙත ළඟාවීමට පෙර සතුරා අපට රැකසිට පහරදීම්, වෙනත් පැති ප්‍රහාර එල්ල කර, අපව අධෛර්යයට පත්කර, පසුබැසීම සඳහා අපිව යොමුකිරීමට ඉඩ ඇත. (අපි නුගේගොඩ දේවාල පාර කිට්ටුවට එන්නත් කලින්, වෙන තැනකදී මග රැකසිට අපිට වැඩක් දෙන්නට ඉඩ තිබේ)
a. ඉහත සතුරු ක්‍රියාමාර්ගය සඳහා ඇති සම්භාවිතාව
b. ප්‍රතිඵල/බලපෑම්
ඒ අනුව සලකා බලනවිට;
1. අපේ ප්‍රහාරය ප්‍රබල ලෙස අවුල් කිරීමට සතුරාට නොහැකිවේ.
2. අපිට සිදුවන හානි බරපතල නොවියහැකිය.
නමුත් හීන ලෝකයක ජීවත්වීමෙන් පලක් නැත. යුද්ධයේදී හීන මැව්වොත් ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවේ. ඒ නිසා අපි සිතිය යුත්තේ, සතුරා ඉහත අංක 25 යටතේ දක්වා ඇති ක්‍රියාමාර්ගය ගනු ඇතැයි කියායි.
දැන් මොකද කරන්නේ?
කරන්න දෙයක් නැහැ.
ලිපියේ ඊළඟ කොටස එනතුරු,
බොහොම කල්පනාවෙන් ඉන්න.
තව කොටස් කීයක් තියෙනෙවද
ReplyDeleteමටවත් හිතාගන්න බැහැ.
Deleteඅපේ ආතත් හමුදාවේ ඉන්න කාලේ මෙහෙම ගේම් දුන්නා , එහෙම දුන්න එක ගේමක් තමයි අපේ ආච්චි , හැබැයි දැන් ආච්චි ආතත් එක්ක හෙන ගේම
Deleteමොකටද ගේම දෙන්න ගියේ? පොඩි කාමරයක් දුන්නා නම් ඉවරේ.
Deleteඉංජිනේරු බලකාය මුහුණදෙන්නෙ විශාල අවදානමකට නේ? අපිට බැරිද සුපර් කොමාන්ඩෝ ටීම් හදංට පොඩි හය-හත් දෙනාගෙ කණ්ඩායමක් විවිධ හැකියා තියෙන. මං එහෙම ඇහැවෙ ඇයි දන්නවද?
ReplyDeleteඔබට හමුවෙලාත් ඇති සමහරවිට අපි පොඩිකාලෙ තිබුණා Commando කියලා ගේම් එකක්. දැනුත් තියෙනවා. ඒකෙ ඉන්නවා විවිධාකාර හැකියාවන් තියෙන සෙබලුන් කීප දෙනෙක්. උපායශීලීව කොම්පීටරේ දාලා තියෙන Guard එක අවුස්සා නොගෙන ඉලක්කය සපුරාගෙන අන්තිමට පළායාමයි කරන්නෙ. මේක දෙවන ලෝක යුද්ධයේ හිට්ලර් ගෙ හමුදාවට එරෙහිව කරන මෙහෙයුමක් විදිහටයි හදලා තියෙන්නෙ. ඒක මට මතක් වුණා ඔබේ ලිපියේ ඇතුලත් දෑ දැකලා.
හැමදාම වගේ රහයි ඈ...පිස්තෝලෙ අතගගා ගිහිං කෙල්ල උස්සං එන්ටකො එහෙනං. :q
මම කතාකරන්නේ සාම්ප්‍රදායික යුද ක්‍රම Conventional Warfare = CW ගැනයි. ප්‍රතිත්‍රස්ත යුද ක්‍රම Counter Revolutionary Warfare = CRW වලදී ඔය ඔබ කියා තිබෙන ආකාරයේ කණ්ඩායම් යොදවනවා. මම මෙහි කතාකරන්නේ සාම්ප්‍රදායිකව මහා හමුදාවන් යොදාගෙන විශාල භූමි ප්‍රද්වෙශවල කෙරෙන සටන් ගැන.
Deleteහැබැයි මේ දේවල් දෙස ඔබ ඉතා හොඳ විචාර බුද්ධියකින් බැලීම ගැන නම් ඔබට ප්‍රශංසා කලයුතුයි.
ඇත්තටම ඉංජිනේරු රෙජිමේන්තුව දැඩි අවදානමක් ගන්නවා යුදපිටියෙදී. අපේ ගමනට බාධකයක් වූ මහ ගහක්, බුල්ඩෝසරයක් මගින් ගලවන්න ගිය ඉංජිනේරු සෙබළකු, තමන් ක්‍රියාකරවූ බුල්ඩෝසරය මතට එම ගහ වැටීමෙන්, මගේ ඇස් ඉදිරිපිටම මියගියා.
දැන් ඉතිං පිස්තොලේ අතගානවා විතරයි පත්තුවෙන්නෙම නැහැ :e
මේ මගුල මට ආයිත් මිස් උනා විචා අංකල්..
ReplyDeleteමගුල තව ගත්තෙ නැහැනේ පුතේ. කොල්ලා ගිහින් කෙල්ලව උස්සගෙන ආවට පස්සෙ ගම්මු මගුලක් වැලි පොරි වෙන්න.
Delete+++++++ අඩෝ දේශා ඇද්ද උඹට,,,,අංකල් පුහ්
Deleteමුල ටික කියවලා එන්න වෙයි වගේ.
ReplyDeleteඔව් එහෙම නැතුව අමාරුයි. මේ විස්තර කරන්නේ ගැඹුරු න්‍යායාත්මක කරුණු.
Deleteඋඩ චිත්‍රයේ ඉන්නෙ නැපෝලියන්ද
ReplyDeleteකවුද කියලා බැලුවේ නැහැ. නිකං මාධ්‍ය රූපයක් විදිහට දැම්මා පමණයි.
Deleteමං ආසම පේන්ටින්ග්ස් ජාතිවලින් එකක් යුද්ධ සීන්ස් නිසා ඇහුවෙ.
Deleteමං දැන් බැලුව
යුරෝපීය සීන් එකක් වගේ පෙනුනට ඇමරිකාවෙ. 1812 ඇමරිකා - බ්‍රිතාන්ය යුද්ධයේ ( නිදහස් සටන නොවේ ඊට හුඟක් පසුව කැනඩාවෙ කෑලි අල්ලගන්න ඇමරිකාව කරපු යුද්ධය ) එක සටනක් Battle of Baltimore
http://www.mdhc.org/files/resources/mdandthewar1812reshelman-2.pdf
විචාරක තුමනි,
ReplyDeleteමං අත්දැකල තියෙන දෙයක් තමයි ගොඩාක් දෙනෙක් සැලසුම් කරන කොට සතුරාගේ බුද්ධි අංශ අවතක්සේරු කරන එක. හැමෝම හිතන්නේ අපි එන බව සතුරා අන්තිම මොහොත වෙනතුරු දැනගන්න එකක් නෑ කියල වගේ. නමුත් ආයුධ බලයෙන් හා පිරිස් බලයෙන් අඩු සතුරු හමුදාවකට වුණත් ශක්තිමත් බුද්ධි බළකායක් බොහෝ විට තියෙනව නේද? සමහර විට අප සැළසුම් කරන දේ එහෙම පිටින්ම සතුරා අතට පත්වීමේ ඉඩකඩත් තියෙනව. ඒ වගේ වෙලාවට මේ අංක 25 යටතේ එන සතුරාගේ ක්‍රියාමර්ග විය හැකි කාරණා පිළිබඳව වැඩි අවදානයක් යොමු විය යුතු යැයි සිතනවා. නැත්නම් අප පහසුවෙන්ම උන්ගේ උගුලේ වැටිය හැකියි. අර කාමිණීගේ ආච්චිව පන්නගෙන එන්න උනා වගේ..
ලිපිය බොහොම රසවත් හා වැදගත්.. ජය ශ්‍රී!
ඔබේ මේ වටිනා අදහස් දැක්වීම ඉහලින්ම අගය කරනවා. පහුගිය කාලේ යුද්දෙදි බොහෝ අවස්ථාවලදී අපට වැරදුනේ අපිගන තොරතුරු සතුරාට නොයනු ඇතැයි යන මෝඩ විශ්වාසයේ සිටීමයි. අපේ ත්‍රිවිධ හමුදාවම නිරීක්ෂණය කරන්න එල්ටීටීඊ බුද්ධි අංශ ඉතා සමීපව සහ සූක්ෂ්ම ලෙස යොදා තිබුනා.
Deleteහමුදාව ගැන කියන එක කියමනක් තියනවා මතකද, 'සිංහයකු නායකත්වය දරන ඔටු හමුදාවකට පුළුවන්, ඔටුවකු නායකත්වය දරන සිංහ හමුදාවක් පරද්දන්න' කියලා. මේ සැලසුම් කිරීමත් අන්න ඒ වගේ දෙයක්.
ස්තුතියි අගය කිරීම පිළිබඳව
අම්මට හුඩු ARMY- NAVY COMBINED OP එකක් වගේ. මෙතනින් මාරුවෙන එක හොඳයි වගේ.
Deleteහමුදා තුනම එකතුවෙලා කරන ඔපරේෂන් තමා වඩාත් සාර්ථක.
Deleteකෙල්ල ගෙනාපු දවසට ගහනවා බෝතලයක්..
ReplyDeleteබ්‍රෑන්ඩ් එක ගල්
-ස්තුතියි-
ලිපි පෙල එල ද බ්‍රා..
ඔබගේ හැකියාව එල ද බ්‍රා
කෙල්ල ගෙනාව දවසට බෝතල් ගගහා ඉඳලා හරියන්නේ නෑ 'වෙන වැඩ' තියනවා. උඹ 'ගල් ගහලා' බුදියගත්තොත් පසුතැවෙන්න වෙයි. :e
Deleteඇගයීම ගැන ස්තුතියි.
විචා...වෙන වැඩ කරන්න වෙන්නේ වෙන එකෙකුට තමයි. මුට ඉතින් බ්‍රා විතරයි.
Deleteලිපියට මුලින් ම ප්‍රණාමය පුද කරන්න කැමතියි.. මේ තමයි යුද දැනුම.. මේ විදිහට එකතු වීම නම් හරිම සතුටට කරුණක්
ReplyDelete.... මොනවා වුණත් බැට්ල් ඇප්‍රිසියේෂන් පිටු ගණන් ලිය ලිය රෑ එළිවෙන කල් නිදිමරලා ට පසුදින ෆොක්ස් හිල් එකේ දවස් ගණන් ගත කරපු කාලේ නම් මේවා විකාර වගේ දැනුණේ... ඒත් දැන්.............
මොනවා................? අද තමයි දැනගත්තේ ඔබත් ආමි කාරයෙක් කියලා. ඒ අතීතය කියන්න අකමැතිද? මමනම් හරිම ආසයි අහන්න.
Deleteස්තුතියි ඇගයීම ගැන.
/ දැන් මොකද කරන්නේ?
ReplyDeleteකරන්න දෙයක් නැහැ.
ලිපියේ ඊළඟ කොටස එනතුරු,
බොහොම කල්පනාවෙන් ඉන්න/
මලා.. අඩේ මෙච්චර දුරක් ඇවිල්ලා.. දැංනං ඉතිං කන්න තමයි වෙන්නේ.. කන්න කලින් ඉක්මනට දාන්න, මට ඕන කෙල්ල උස්සන්න..
රසවත් විචා5රක තුමා... ඒ වගේම හරවත්...
ජ ය වේ වා !! !! !! !!
ඔහොම හදිස්සියට උස්සන්න යන අයට කෙල්ල වෙනුවට ආච්චිව තමයි උස්සගෙන එන්න වෙන්නේ. ඉවසලා ඉම්මු හරියට ප්ලෑන ගහගන්නකම්.
Deleteස්තුතියි ඇගයීම ගැන.
හිටපන්කෝ විදානේ වැඩේ කරලා දෙනකම්....කොහෙද මුන්ට මෝල් කලන්තෙනේ.
Deleteඅෆ්ෆා, මරු පෝස්ට් එකක් නේ මට මිස් වෙලා තියෙන්නේ.. නිවාඩු පාඩුවේ පොඩ්ඩක් කියවලා බලන්න ඕන කලින් කොටස් තුනත්..
ReplyDeleteමුල ඉඳල ලිපි ඔක්කොම කියවන්න. නැත්නම් අවබෝධ කරගන්න අමාරුයි.
Deleteමේ දිනේෂ් කියන්නේ වර්ණ බ්ලොග ලියපු දිනේෂ්මද,,,,,,,
Delete//කොහොමද ඉතාම දක්ෂ වේශ නිරූපන ශිල්පියකු මගින්, කෙල්ලගේ ආච්චි අම්මව, කෙල්ල වගේම පෙනෙන්න වේශ නිරූපනයක් කරලා, අපිට පහසුවෙන් අරං එන්න පුළුවන් විදිහට තිබ්බොත්? //
ReplyDeleteඅත්තම්මව මැවිලා පෙනිලා හිනාම ගියා... :D
ඒ කියන්නේ හොඳ මේකප් එකක් දැම්මොත් ඔයා අත්තම්මා වගේ......හුටා.....වැරදුනා........ ඒකෙ අනික්පැත්ත.... අනික්පැත්ත. :e
Deleteමම දැකපු ලස්සණම ගෑනු කෙනා අත්තම්මා. වැඩියම ආදරෙත් එයාට. ඒ හන්දා කොහොම කීවත් ගානක් නෑ විචාරකයෝ. :b
Deleteයුද්ධෙ ඉවරකරන්න සෑහෙන කාලයක් යයි වගේ..
ReplyDeleteඇත්තටම යුද්ධයක් පටන්ගන්න හරිම පහසුයි. අවසන් කිරීම තමා අමාරු. ඒ බව පහුගිය කාලේ අපේ රටේ තිබුණ තත්වයෙන් අපි හොඳටම දැක්කානේ.
Deleteමේ ලිපිය ගැන කියනවානම්, ඉක්මනින් ලියා අවසන් කළොත් වැඩිදෙනෙකුට මොකුත් තේරුම් ගන්න බැරිවෙනවා. ඒ නිසයි හැකිතරම් කොටස්වලට කඩා ලියන්නේ. අමනාප නැහැ නේද?
හාඩ් එක ගිහින් පන නැතුව හිටපු ටිකේ සෑහෙන දේවල් ටිකක් වෙලා නේ.. ආය මුල ඉඳල කියවල එන්නම්..
ReplyDeleteපහුගිය දවස්වල අපේ චූටි දුවත් එයාගේ ලැප්ටොප් එකට කෙලවාගෙන තිබුනා. පුදුම දුකක් විඳලා මම ගොඩ දාගත්තා. කී බෝඩ් එකයි හාඩ් එකයි දෙකම දාන්න වුණා. කොම්පියුටර් එපා වෙන්නේ ඔන්න ඔය වෙලාවට.
Deleteමහන්සිය නොබලා ලිපිය මුල ඉඳලා කියවන්න. නැත්නම් තේරුම් ගන්න අමාරු වෙයි.
හැමදාම වගේ අදත් කියන්නේ....මේ උත්සාහයට අපේ ස්තුතිය!!!
ReplyDeleteස්තුතියි අරු. තරමක් වෙහෙසකාරී වැඩක්.
Deleteමං පොඩ්ඩක් පරක්ක්කු වුනා නේ. මේ ලිපිය වැටිල තියනව කලින් දැක්ක වුනත් නිවි සැනසිල්ලෙ කියවන්න ඕන නිසා කල් දැම්මා.
ReplyDeleteඉතින් බොහොම ස්තුතියි මේවා ලියනවාට.
ඇත්තටම චන්දන මෙවැනි ලිපි හදිස්සියෙන් කියවන්න බැහැ. ටිකක් විවේක ඇති වෙලාවක තමයි කියවන්න ඕනෙ. නැත්නම් මොකුත් තේරෙන්නේ නැහැ.
Deleteස්තුතියි ඇගයීම ගැන.
මේක දැක්කම මාර හිනා යනවා. මේ විදියට උස්සන් ආවොත් නම් දෑවැද්ද නිකම්ම ලැබෙනවා. හැබැයි සුන් බුන් එක්ක. මොකද සුනු විසුනු කරගෙන නේ යන්නේ. හැබෑට කීයක් විතර යයිද මේ වගේ ඔපරේෂන් එකකට. මේ වගේ එකක් කරලා කෙල්ල නැති වුනත් සැපයි. හම්බුනොත් පහු කාලෙක බැනුම් අහ ගන්න වෙනවා "තමුසේ තමයි මට මගේ තිබ්බ හැම දේම නැති කලේ" කියල
ReplyDeleteමෙහෙම ඔපරේෂන් එකක් කරලා කෙල්ලෙක් ගෙනත් මොනවා කරන්නද සුදීක. මම මේක උදාහරණයකට විතරයි ගත්තෙ. හැබැයි ඉතිං 'ජම්පිං ගොයින්' නම් අද වුනත් බොහෝවිට කෙරෙනවනේ. මේ විදිහට යුද්ද කරලා කෙල්ලෙක් ගේන්න ගියොත් මොනවගෙන් මොනවා වෙයිද?
Deleteඅයියෝ ඔක්කොම කියවන්න ඕන වෙලාවක...අනේ දැන් නිදි මතයි විචාරක තුමෝ.....
ReplyDelete