යුද හමුදා කපිතන් වරයෙක්, සැරයන් වරයෙක් සහ කෝප්‍රල් වරයෙක් මුලතිවු කැලේ මැදින් ගමන් කරමින් සිටියා. එක වරම සැරයන්ගේ කකුල බිම තිබුණු යමක වැදුනා. එය පොළොවේ වැලලීගිය භාජනයක් වැනි යමක් බව පෙනුන නිසා, බිම් බෝම්බ ඉවත් කරන විදිහට හාරලා ගොඩ ගත්තා. ටිකක් එහාට මෙහාට හරවලා බලනකොටයි තේරුනේ එය ඉතා පැරණි යුගයකට අයත් පහනක් බව.
සැරයන් වරයා පහනේ තිබුණු පස් පිසදමන්නට පටන්ගත්තා විතරයි, දුම් වලාවක් සමග යෝධ භූතයෙක් පහනෙන් මතුවුනා. හමුදාවේ තුන්දෙනාම ගල් ගැහිලා ගියා. භූතයා කිව්වා බය වෙන්න එපා, මම මේ පහනේ භූතයා. කවුරුහරි අතේ මේ පහන තියනවනම්, මම එයාගේ සේවකයා. මා ළඟ වර තුනක් තියනවා. මට ඕනෑම දෙයක් කරන්න පුළුවන්, ඒ නිසා වර තුනක් ඉල්ලන්න කියලා කිව්වා.
කපිතන් කිව්වා, ‘සාජන්, ඔයාටනෙ පහන හම්බ වුනේ, ඒ නිසා ඔයා මුල්ම වරය ඉල්ලන්න, කෝප්‍රල්, නිලධාරියෙක් හැටියට මම ඔයාව කපාගෙන යන්න කැමති නැහැ, ඔයා ඊළඟ වරය ඉල්ලන්න. මම අන්තිම වරය ඉල්ලන්නම්’ කියලා.
ඔන්න සැරයන් භූතයාගෙන් මෙහෙම ඉල්ලුවා. මාව ඇමරිකාවේ හවායි වෙරළට ගෙනියන්න. මට ලස්සන සුද්දියෝ දෙන්නෙකුත් ඕනේ මාඑක්ක දවස් කීපයක් ගත කරන්න. මෙහෙම කිව්වා විතරයි ‘පොහ්’ ගාලා සද්දයක් එක්ක සැරයන් අතුරුදන් වුනා. කෝප්‍රල් මෙහෙම ඉල්ලුවා මාව යවන්න ඩුබායි වලට. මට ඕනේ ලස්සන අරාබි කාන්තාවන් එක්ක කැසිනෝ ශාලා වල සැරිසරන්න. කොප්‍රලුත් ‘පොහ්’ ගාලා අතුරුදන් වුනා.
කපිතන් තමන්ගේ ඉල්ලීම කරන්න හදනකොටම බල ඇණියේ අණදෙන නිලධාරියා, කපිතන් අතේ තිබුන ගුවන්විදුලි පණිවිඩ හුවමාරු යන්ත්‍රය මගින් විමසුවා මොකද ප්‍රමාද කියලා. කපිතන් උඩ විසිවුනා. ‘හත් ඉලව්වයි, මල ජූලියයි, (ഹ്സ്വ്ക്ക ) යකෝ, අර බැල්ලිගෙ පුතාලා දෙන්නා දැන්මම ආපහු මෙතනටම ගෙනත් දියන්. අද රෑට ඔපරේෂන් එකක් තියනවා’. කපිතන් තමන්ගේ වරය ඉල්ලුවා.
No comments :
Post a Comment