අපේ ප්‍රදේශයේ මහජනතාවගේ සුබ සිද්ධිය සඳහා පිහිටුවාගෙන තිබෙන ‘එක්සත් සුබසාධක සංගමය’ සෑහෙන තරම් සේවයක් ඉටු කරනවා. අවමංගල්‍ය සඳහා පමණක් ආධාර කරන වෙනත් සමිති මෙන් නොව (අවමංගල්‍යයකදී රු 30000 ක් ගෙවනවා) 5 වැනි ශ්‍රේණිය, අ.පො.ස. (සා.පෙ.) සහ (උ.පෙ.) ඉහලින් සමත්වන දරුවන්ටද ශිෂ්‍යාධාර ලබාදෙනවා. තවත් විවිධ ව්‍යාපෘති රැසක් මේ වසරේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.
සෑම වසරකම පෙබරවාරි මස 4 වැනිදා (නිදහස් දා) සාමාජික පවුල්, විනෝද සංචාරයක යෙදෙනවා. එය සහන මිලකට සිදුකෙරෙන්නේ. මෙවර සංචාරයේදී එක පවුලක් (පවුලේ කීදෙනෙක් හිටියත්) සඳහා ගමන් ගාස්තුව සහ උදේ, දවල්, රාත්‍රී ආහාරද ඇතුලත්ව රුපියල් 1000 යි.
පසුගිය පෙබරවාරි 4 වැනිදාට යෙදුණු මෙවර සංචාරයේදී මගේ කැමරා ඇස ගියතැන් කීපයක් පහත දක්වනවා. රිටිගල වනෝද්‍යානය, විජිතපුර, අවුකන, කලාවැව, රාජාංගනය, වැනි ප්‍රදේශ අපේ සංචාරයේදී නරඹන්නට හැකිවුනා.
රිටිගලට ගියාට පස්සේ ලස්සන වැඩක් වුනා. ඉහත රූපයේ තියන සංචාරක මධ්‍යස්ථානයේ සිට රිටිගලට කි.මී. 2 ක් යා යුතුයි. නමුත් වනජීවී නිලධාරීන් කිව්වා අත දරුවන්ද රැගෙන ඒ දුර පයින් යාම අනතරුදායකයි එයට හේතුව පාර දෙපස වල් අලි ගැවසෙන නිසා කියලා. ඒ දුර බස් රථවලට යන්න බැරි, පසුගිය මහා වැසි කාලයේදී පාර අබලන් වීමයි. 4 x 4 ජවය සහිත වාහන වලට යා හැකියි. ඒ නිසා අපි තීරණය කළා, ඒ අනතුරුදායක ගමන නොගොස්, සංචාරක මධ්‍යස්ථානයේ නිලධාරියකුගේ දේශනයකට සවන්දීමට සහ රිටිගල ගැන සැකසූ වීඩියෝ චිත්‍රපටියක් නැරඹීමට.
රිටිගලින් පිටත්වූ අපි ඊළඟට නැවතුනේ කළා වැව අසළයි
කළා වැව අසල සෑහෙන වෙලාවක් ගතකළා. ඉන්පසු අවුකන වෙත ළඟා වුනා.
මටනම් අවුකන පිළිම වහන්සේ දිහා දවසක් බලා හිටියත් මදි වගේ.
රාජාංගණයට යනතුරු පිරිස හිටියේ බොහොම නොඉවසිල්ලෙන්.
මේ වාර්ෂික සංචාරයේදී සෑම දෙනාගේම කැමරා වලින් ලබාගන්නා ඡායාරූප එකතුකර DVD Slide Show එකක් නිර්මාණය කිරීමත් මගේ සිරිතක්. අපේ සමහර අය ඒකට කියන්නේ ‘මඩ ඩී.වී.ඩී. එක’ කියලා. හැබැයි ඒ කවුරුවත් අමනාප නැහැ එහෙම කරනවාට. පහත දැක්වෙන්නේ මෙවර ඒ සඳහා සැකසෙමින් පවතින රූප රාමු වලින් කීපයක්.
සියලුම කැමරා වලින් ලබාගත් පින්තූර ගණන 500 කට වැඩියි. ඒවා තෝරලා බේරලා සංස්කරණය කරලා ඉවරවෙන්න තව සෑහෙන දවසක් යයි. පුළුවන් වුනොත් ‘මඩ ඩී.වී.ඩී’ එක දාන්න බලන්නම්.
සමහරවිට මේ පින්තූර වල ඔබ හොඳින් දන්නා හඳුනන අයත් ඇති. අනේ වඳිඤ්ඤං, මේ පින්තුරේ ඉන්නේ අරයා නේද? අර පින්තුරේ ඉන්නේ මෙයා නේද? කියලා පුද්ගල නාම වලින් අහන්න නම් එපා.
රාජාංගනේ පැත්තේ නම් මම තුමා පොඩිකාලේ අනන්තවත් ගිහින් තියෙනවා. සාලියවැව නීලබැම්ම සෝගම්හේන යාය 7,8,14කියන ඉසව් ඉස්සර මට ගෙදර වගේ. හැබැයි පස්සෙන් පහු කාලෙක ඒ ගිය පැත්තකින් මට ශෝකය වගේම දැඩිහිත් වේදනා ගෙනදෙන්නට සමත් වුනා...
ReplyDeleteඒකනම් විරහ වේදනාවක් වගේ. මම හරිද?
Deleteඅනිවාර්යෙන්ම එදාට වඩා මේ කාලේ දැනෙනවා වැඩියි.
Delete