- වර්තමාන අධ්‍යාපන ක්‍රමය තුළ සිංහල භාෂාව උගන්වන ආකාරය.
- ඉංග්‍රීසි භාෂාවේ බලපෑම නිසා, සංසන්දනාත්මකව සිතා, සමාජයේ බලපෑමට යටත්ව, ස්වාධීන චින්තනය පසෙකලා, ඉංගිරිසිය වඩා උසස්යයි සිතීම.
- අද්‍යතන, ඒකාකාරී, වෙහෙසකර, සීඝ්‍රගාමී, දැඩි තරගකාරී, ජීවන රටාව තුළ, බහුළව භාවිත කෙරෙන ඉංගිරිසි කෙටි යෙදුම්, ඇමතීමේ, හැඳින්වීමේ, විස්තර කිරීමේ, යෙදුම් (verbal phrases) ආදිය, සමාජ සම්මතයන් බවට පත්කරගැනීම සහ/හෝ ඒවාටම ආවඩන පිරිසක් වර්ධනය වීම.
- ‘සිංහල භාෂාව යනු, අ.පො.ස. සාමාන්‍ය පෙළ/උසස් පෙළ විභාග සඳහා ඉගෙනගතයුතු විෂයයකි’ යන හැඟීමෙන් පමණක් භාෂාව ඉගෙන ගන්නා පිරිස වැඩිවීම.
- භාෂාවට සමගාමීව සාහිත්‍යය ඉගෙන නොගැනීම නිසා ‘සීනි නැති තේ’ බවට පත් මානසිකත්වයක් ඇතිවීම. ඒ හේතුව නිසාම භාෂාවේ රීතිය, රටාව, පදනම නොදත්, ඕනෑම භාෂා උගුඩුවකු විසින් හදන, සූකර වසුරු හා සමාන අවජාතක වචන, හඳුන් කල්ක මෙන් නළලේ උලා ගැනීම.
- මව් භාෂාව යනු තම මව හා සම්පූර්ණයෙන් සමාන වස්තුවකි යන්න අවබෝධ කරගත් පිරිස ක්‍රමක්‍රමයෙන් අඩුවෙමින් පැවතීම.
- බාහිර කියවීම්, පුස්තකාල පරිහරණය, භාෂා විෂයයික සංවාද, පර්යේෂණ, ඈ ශාස්ත්‍රීය කටයුතු කෙරෙහි නැඹුරු නොවීම.
මේ නිසා තමයි අර අපේ ජනප්‍රිය භාෂාවෙන් කියනවානම්, ‘කෂඩ’ වචන හා යෙදුම් අපේ භාෂාවට එකතුවී සම්මතයන් බවට පත්වී තිබෙන්නේ. බොහෝ දෙනා හිතන්නේ ඕනෑම වචනයක් ඕනෑම අතකට අඹරවා, කරකවා, හදන සක්ක වචන, කාලීන භාෂා විකාශය ලෙසයි. ඒ අනුව බලනවානම්, අපේ භාෂා විශාරදයන් වියයුත්තේ, ‘සොකට් සෝබර්’, ‘චිං පින්’, ‘වීල් බ්‍රෂ්’, ‘වීල් එලයිමන්ට්’, ’ත්‍රී වීල්’, ‘ටෑර්’, ‘වෑර්’, ‘ඩෙක් එක’, ‘කැසට් පීස්’, ‘සෝටීස්’, ‘ප්‍රයිඩ් රයිස්’, වැනි වචන නිර්මාණය කළ කාර්මිකයන්/බාස් උන්නැහේලා ය. භාෂා කතන්දරය එතෙකින් නවතා විෂයයට බහිමු.
මේ දිනවල වරින්වර අසන්නට දකින්නට ලැබෙනවා මේ drone යානා මගින් ඇමරිකානු හමුදාව විසින් මැදපෙරදිග කළාපයේ ඇෆ්ඝනිස්ථානය, පාකිස්ථානය, වැනි රටවලදී ප්‍රහාර එල්ල කිරීම පිළිබඳව. අනාගත ලෝකය බොහෝවිට රෝබෝ යන්ත්‍ර මගින් යුද වදින තත්වයකට පත්වීමට හොඳටම ඉඩ තිබෙන බව ඔබ බොහෝදෙනෙක් දන්නවා ඇති. මිනිසුන් රහිත ගුවන් යානා සම්බන්ධ මේ ලිපිය ලිවීම සඳහා මා අන්තර්ජාලය ඇසුරෙන් කරුණු සෙවීම ආරම්භ කළේ දැනට මාස කීපයකට උඩදීයි. එහිදී මා විශ්මයට පත්කළ තොරතුරු ඉතා විශාල ප්‍රමාණයක් දැනගන්නට හැකිවුනා. මේ සම්බන්ධ ලිපි 50 කට වැඩි ප්‍රමාණයක් දකින්නට ලැබුන අතර එයින් වඩාත්ම වැදගත් යයි හැඟුණ ලිපි 35 ක් පමණ කියවීමෙන් අනතුරුවයි මේ ලිපිය ලියන්නේ. ඇත්තටම මෙය ගැඹුරු විෂයයක් වන අතර සමහර ලිපිවල අඩංගු යම් යම් රහසිගත කරුණු මා මෙහි ඇතුළත් කරන්නට බලාපොරොත්තු වන්නේ නැහැ.
UAV කියන යෙදුමේ තේරුම නම් ඔබ බොහෝ දෙනෙක් දන්නා බවට සැකයක් නැහැ. නොදන්නා අයත් ඇතිනේ. UAV කියන කෙටි යෙදුමෙන් කියන්නේ Unmanned Aerial Vehicle කියන එකයි. එයින්ම පැහැදිළි වෙනවානේ, මේ යානය මිනිසුන් රහිත එකක් බව. එතකොට DRONE කියන්නේ මොකක්ද? ඔබ දන්නවානේ මීමැසි සමූහයක විවිධ මී මැස්සන් සිටින බව. රජ මැස්සිය, වැඩකාර මී මැස්සෝ, පැණි හොයන මැස්සෝ, ආදී වශයෙන්. ඔය අතර ඉන්නවනේ මොකූත් වැඩක් නොකර රජ මැස්සියගේ ඇසුර පතමින්ම ඉන්න මැස්සෝ.
උන් සෑමවිටම මී වදය ආශ්‍රිත ප්‍රදේශය වටා ගුවනේ කැරකෙමින් ඉන්නවා. අන්න උන්ට කියනවා Drone කියලා. මේ නම ශබ්ද කළයුත්තේ ‘ඩ්‍රොවුන්’ යන හඬට ආසන්නවයි. දුරස්ථ පාලක ක්‍රමයකින් ක්‍රියාත්මක වන මිනිසුන් රහිත ගුවන්යානය කියන තේරුම සඳහා තමයි අද Drone යන වචනය බහුලව යොදාගන්නේ. ඒ කියන්නේ, එක් පාලන මධ්‍යස්ථානයකින් දෙන සංඥා ඔස්සේ, කිසියම් සීමිත ප්‍රදේශයක් තුළ ගමන්කරණ යානය යන අදහසින්. හරියටම අර මීමැස්සා වගේ. මුල් කාලයේදී මේ යානා, RPV’s = Remotely Piloted Vehicles, RPA = Remotely Piloted Aircraft යන නම් වලින්ද හඳුන්වා තිබෙනවා.
ඉන් අනතුරුව 19 වැනි සියවසේදී තමයි ගුවන් යානය නමැති සංකල්පයට අනුකූලවූ මිනිසුන් රහිත යානා නිපදවීම ආරම්භ වුනේ. විශේෂයෙන් පළමුවැනි ලෝක යුද්ධයෙන් පසුව එවැනි යානාවල අවශ්‍යතාව දැනෙන්නට පටන්ගත් නිසා ඒ ඔස්සේ විවිධ පර්යේෂණ කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් 1916 දී පමණ ඒ කියන්නේ පළමුවැනි ලෝක සංග්‍රාමය ආරම්භක යුගයේදී එංගලන්තයේ නිපදවුනා ‘ඒරියල් ටාගට්’ නමින් දුරස්ථ පාලන ක්‍රමයකින් බෝම්බයක් යැවීමේ උපක්‍රමයක්. එය වැඩි දියුණු කළ අවස්තාවක් ලෙස සඳහන් කළහැකි වන්නේ පසුව නිපදවන ලද ‘ඒරියල් ටෝර්පිඩෝ’ නමැති උපක්‍රමය සාර්ථක වීමත් සමගයි. හැබැයි මේ කිසිවක්, අද තිබෙන UAV කියන වර්ගීකරණයට ඇතුළත් කරන්න අමාරුයි. ඒවා වඩාත් සමීප වුයේ ‘මිසයිල්’ සංකල්පයටයි. ඒරියල් ටොර්පිඩෝව ගුවන්විදුලි තරංග මගින් පාලනය කෙරුණත්, මුලින්ම ගුවනට නැංවීම සඳහා ගුවන් යානයක ආධාරය අවශ්‍ය වුනා. 1920 – 1940 කාලය තුළ ඇමරිකාවත් බ්‍රිතාන්‍යයත් අතර රහසිගත තරගයක් ඇතිවුනා, නියමුවන් රහිත ගුවන්යානා නිපදවීම පිළිබඳව. විවිධ අත්හදා බැලීම් රාශියක් තුළින් මේ රටවල් දෙකම ඒ පිළිබඳ සෑහෙන සාර්ථකත්වයක් අත්පත් කරගත්තා.
1950 - 1970 කාලය තුළ නියමුවන් රහිත ගුවන් යානා නිපදවීමේ තරගය බොහොම සීඝ්‍රයෙන් සිදුවුණා. රුසියාවත් මේ වැඩේට ‘හොට දැම්මා’
මේ කාලයේදී ඇමරිකාව වැඩිදියුණු කළ ඒරියල් ටෝර්පිඩෝ වර්ගයේ යානයක් ගැන විස්තර පහත දක්වනවා. 1930 දශකයේදී ජෙට් එන්ජිම සොයාගැනීමත් මෙවැනි යානා නිපදවීමට රුකුළක් වුණා. ඒ පහසුකම ආධාර කරගනිමින් 1960 දශකයේදී නිපදවන ලද, එමෙන්ම පල්ස් ජෙට් – Pulse Jet ක්‍රමය මගින් ක්‍රියාත්මකවන, දුරස්ථ පාලක ඒරියල් ටාගට් යානයක් ලෙස, මෙය හැඳින්විය හැකියි. BQM-74 Chukar III යනුවෙන් තමයි මේ යානය හැඳින්වුයේ. මේ යානය අද තිබෙන යානා සමග සසඳා බැලීමේදී ඉතා ප්‍රාථමික මට්ටමේ යානය. නමුත් ඒ කාලයේදී මෙය මාරක, අති භයානය යානයක් ලෙසයි සැළකුණේ.
1950 දශකයේ අග භාගයේ සිට 1960 දශකයේ මැද භාගය වනවිට ඇමරිකා එක්සත් ජනපදය විවිධ වර්ගවල දුරස්ථ පාලක යානා මෝස්‌තර කීපයක් සාර්ථකව අත්හදා බලා තිබුණා. එමෙන්ම සාමාන්‍ය යුද ගුවන් යානා වලට ගුවන්විදුලි දුරස්ථපාලක ක්‍රම සවිකරඉතා සාර්ථකව ගුවන්ගතකරනු ලැබුවා. දෙවැනි ලෝක යුද සමය වනවිට ඇමරිකාව නියමුවන් රහිත ගුවන් යානා තරගයේ මුල්තැන ගෙන තිබුණා. ඉන්පසු ඇමරිකාව බහුළ ලෙස නියමුවන් රහිත ගුවන්යානා යොදවාගත්තේ වියට්නාම් යුද්ධයේදී. මේ සඳහා ඇමරිකාව යොදාගත්තේ ඉතා කුඩා ගුවන් යානා විශේෂයක් වන අතර, ඒවා යොදාගත්තෙත් ඔත්තු බලන යානා වශයෙන්. එමෙන්ම ඒවා ගුවන්ගත කළේහර්කියුලිස් ප්‍රවාහන යානා වල තටු දෙකේ එල්ලා යවා ඉහළ අහසේදී මුදා හැරීමෙන්. නියමිත කාර්යයයෙන් පසුව පැරෂූට් මගින් පොළොවට පහත්වන මේ යානා, හෙලිකොප්ටර් යවා සොයා බලා ‘ඇහිඳගෙන’ ආවා.
මේ ක්‍රමය එතරම් සාර්ථක නොවුනේ, වියට්නාම් හමුදාව එයින් බොහොමයකට ‘වැඩේ දුන්න’
නිසයි.
ඇත්ත වශයෙන්ම නියමුවන් රහිත ගුවන්යානා නිපදවීමේ පෙරළියක් ඇතිවුනේ 1970 දශකයෙන් පසුවයි. මෙහිදී ඇමරිකා එක්සත් ජනපදය අබිභවා යන්නට වෙනත් කිසිම රටක් සමත්වුනේ නැහැ. ඉතා වෙහෙසකර, දීර්ඝ පර්යේෂණ රාශියකින් පසු නිපදවන ලද, මුල්ම, සාර්ථක, නියමුවත් රහිත, තොරතුරු සෙවීමේ යානය වුනේ, 2001 වර්යේදී නිපදවන ලද, එහෙත් නිළ වශයෙන් 2007 දී එළිදැක්වූ, MQ-9 Reaper නමැති යානයයි. මේ යානය යොදාගත්තේ වෙරළාරක්‍ෂක කටයුතු සහ ස්වභාවික විපත් වලදී තොරතුරු සොයාබැලීම පිණිසයි.
MQ-9-Reaper
මා හිතනවා මේ ලිපියේ පළමුවැනි කොටස මෙතෙකින් අවසන් කළයුතුයැයි කියා. නියමුවන් රහිත යානා ගැන තවත් විස්තර ඊළඟ කොටසෙන් ඉදිරිපත් කරනවා. මා දන්නවා ඔබට ප්‍රශ්න රාශියක් ඇති මගෙන් අහන්න. සමහරක් ප්‍රශ්න වලට ඊළඟ කොටසේදී පිළිතුරු ලැබෙයි. මෙවැනි ලිපියක් සැකසීම තරමක් වෙහෙසකර කටයුත්තක්. ඒ නිසා කාලය ලබාගෙන ඊළඟ කොටස ගෙන එන්නම්.
lipiyen thakshanika danumak ganna puluwan . Namuth eika gana nemei mama mei kiyanne, ohe anith mnissunta kiyana pahath katha gana. Mei comment eka kiyawana kenek kiyanna puluwan liyapu ekata pissuda eka paaratama mehema ewwa post karanne kiyala. Namuh mata thamunta deyak kiyanna tiyanawa. Karuna karala minissunta amathana hati igana gannawa. Thamun anik bloggers la ta samahara wita comment karapu widiya mama kiyawala tiynawa. Pnsn giya armi kaarayek kiyanne loke tiyana lokuma thathwaya nemei. Ohelata wada ratata bohoma watina sewayan karapu, ugath, wadagath, samaaja balaya tiyana minissu innawa pnsners la. Ei minissu bohoma wadagath widiyata samaajaye jeewath wenawa. Kohomatath pnsn giya armi kaarayanta loku unak tiyanawa. Mama danna ekekuth innawa palathatama lokka kiyala hitana. Ahala pahala gewal wala minissu lights danna oneth uu kiyana widiyata kiyalai hithan inne, eth gedara inna wada kaarigenuth banum ahanawa. Hamatama mehema una nathuwa athi. Awankawama mehemea nowena aya innawa. Habai thamun anith m9inissunta kiyana dewal walin thamange maanasika asahanaya hondin loketa danenawa. Thamun mei tika hondin therum gannawa, pnsn giya army kaarayek kiyabnne loke/rate tiyana ihalama thathwaya nemei, Thamunta wada hungak watina, diyamanthi wage minissu inna mei loke thamunla boralu kata witharai. Ei wageme mathaka tiya gannawa army eka gana minissunta epa wenne thamunla wage baala manasakin wada karana saththu nisa kiyalath.
ReplyDelete