හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

07 February 2014

සංග්‍රාමයේ පියසටහන් (තුන්වැනි කොටස) Milestones of Warfare (Part Three)

  50 weapons that changed Warfare
නමැති කෘතිය ඇසුරෙනි
     
     සංග්‍රාමයේ පියසටහන් ලිපි මාලාව පිළිබඳව ලැබෙන පාඨක ප්‍රතිචාර වලින් පෙනීයන්නේ, සංග්‍රාමය නමැති විෂයය පිළිබඳව උනන්දුවක් දක්වන, සෑහෙන පිරිසක් සිටින බවයි. ලිපි මාලාවේ පළමුවැනි කොටස මෙන්ම දෙවැනි කොටස කෙරෙහිත් සෑහෙන පාඨක අවධානයක් ලැබී තිබුණා. මෙවැනි ලිපි වලින්, ඓතිහාසික තොරතුරු ඔබවෙත ගෙන ඒමක් විනා, යුද අවි පිළිබඳව පුරසාරම් කීමක් කරන්නට, බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔබේ දැණුමට යමක් එක්කිරීමයි මගේ පරමාර්ථය. හොඳයි, අපි මේ වනවිට, මේ පෘථිවි තලය මත මෙතෙක් පැවති, සියළු සංග්‍රාමයන්ගේ මුහුණුවර වෙනස් කෙරීම කෙරෙහි, තීරණාත්මක බලපෑම් එල්ල කල අවි 20 ක් පිළිබඳව සාකච්ඡා කොට අවසන්. අද 21 වැනි අවියේ සිට 35 වැනි අවිය දක්වා සාකච්ඡා කරන්නටයි, මා බලාපොරොත්තුවන්නේ. ලිපිය දික්වීම වළක්වාගැනීම සඳහා, කෙටි හැඳින්වීම් පමණයි ඉදිරිපත් කරන්නේ. 
21. වාෂ්ප බලයෙන් යුද්ධයට පිවිසීම
Steam Powered Warships
 USS_Cherokee_1864     අද කාලයේ නැව් සහ බෝට්ටු මෙන්ම නොයෙක් ආකාරයේ අනෙකුත් ජල යාත්‍රා ධාවනය කිරීම සඳහා බහුළවම යොදාගන්නේ ඉන්ධන බලයෙන් ක්‍රියා කරන එන්ජින් බව ඔබ දන්නවා. පරමාණු බලයෙන් ක්‍රියාකරන සබ්මැරීන් පවා අද පාවිච්චි කරනවා. වාෂ්ප බලයෙන් යාන්ත්‍රික ශක්තිය උපදවාගත හැකිබව මුලින්ම සොයාගත්තේ ස්පාඤ්ඤ ජාතික ජෙරනිමෝ ඩි අයන්ස් විසින් ක්‍රි.ව. 1606 දී. ඉන්පසු, ක්‍රි.ව. 1679 දී, බ්‍රිතාන්‍ය ජාතික තෝමස් සේවරි විසින්, වාෂ්ප බල යන්ත්‍රයක් සාදා, යාන්ත්‍රික ශක්තිය උපදවාගත්තා. නමුත්, පිස්ටනයක් සහිත වාෂ්ප බල යන්ත්‍රයක් මුලින්ම සාදන ලද්දේ, බ්‍රිතාන්‍ය ජාතික තෝමස් නිව්කොමන් විසින් 1712 දී. මේ සියල්ලටම වඩා කාර්යක්ෂම, වාහනයකට හෝ ජල යාත්‍රාවකට සවි කළහැකි වාෂ්ප එන්ජිමක් Steam Engine මුලින්ම නිපදවීමේ ගෞරවය හිමිවන්නේ, බ්‍රිතාන්‍ය ජාතික ජේම්ස් වොට් වෙතයි. ඔහු එම නිපැයුම කළේ ක්‍රි.ව. 1781 දීයි. තවත් වැඩිදියුණු කළ වාෂ්ප එන්ජින් සහිත නැව් මගින්, යුදහමුදා භටපිරිස් ප්‍රවාහනයට අවකාශ ලැබීම, සංග්‍රාමික කටයුතු කෙරෙහි විශාල බලපෑමක් ඇතිකළා. එමගින් සමහර රටවල සංග්‍රාමික ශක්තිය වේගයෙන් වර්ධනය වුනා.
22. යකඩයෝ පීනති ගිලෙති
The Armoured Battleships
 Uss_nevada     ඉබ්බාට වගේ හයිය කටුවක් අපිටත් තිබුනානම් හදිස්සියකදී ආරක්ෂාවීම සඳහා ඇතුළට රිංගන්නවත් තිබුණා. කොහෙද දෙයියෝ එකත් දීලා තියෙන්නේ ඉබ්බටනේ. :D ඇත්තටම මිනිසා බොහොමයක් නව නිපැයුම් සඳහා අදහස් ලබාගන්නේ ස්වභාවධර්මය ඇසුරෙන් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. වෙඩි ප්‍රහාරයකින්, ටෝර්පිඩෝ බෝම්බ සහ මුහුදු බෝම්බ (පසුව සාකච්ඡා කරනවා) ආදියෙන් හානියක් නොවී ගමන්කළ හැකි යාත්‍රා තිබේනම්, මුහුදේ සංග්‍රාමික බලය තහවුරු කරගැනීම පහසු බව මිනිසාට පෙනීගියා. ඒ ඔස්සේ කරන ලද අත්හදාබැලීම් වල ප්‍රතිඵලයක් තමයි සන්නාහය සහිත යුද නැව් Armoured Battleships මෙවැනි යුද නැව් නිපදවීම පිළිබඳව උනන්දුවක් මෙන්ම ප්‍රබල තරගකාරී බවක් ඇතිවුනේ 19 වැනි සියවසේදීයි. එම තරගයෙන් කැපී පෙනෙන ජයග්‍රහණ ලබන්නට ඇමරිකා එක්සත් ජනපදයට සහ ජපානයට හැකිවුණා. 
Battleship_Satsuma_diagrams_Brasseys_1923
23. ටෝර්පිඩෝ අපිට එපා - Naval Mines
 Turtle_submarine_1776     ගොඩබිමේදී මෙන්ම දිය යටදීත්, පිපිරවීම් මගින් සතුරාට පහරදීම කෙරෙහි, මිනිසාගේ උනන්දුව වැඩිවන්නට පටන්ගත්තේ, විවිධ පිපිරුම් උපකරණ සෑදීමේ දැනුම වර්ධනය වීමත් සමගයි. 18 වැනි සියවසේදී සහ 19 වැනි සියවසේ මුල් භාගයේදී, ජලය යට යොදන සියලුම වෙඩි වර්ග හැඳින්වුණේ, 'ටෝර්පිඩෝ' යන නමින්. මුල්කාලයේදී මේ වෙඩි, ප්‍රධාන වරායයන් අසළ මුහුදේ පාවෙන්නට සකසා තිබුණු අතර, වෙඩිල්ල වෙත ගොඩබිම සිට සවිකර තිබුණු වයරයකින්, විදුලිය සපයා, පිපිරවීමට සකසා තිබුනා. නමුත් ඒවා ආරක්ෂාව අතින් එතරම් සාර්ථක වුනේ නැහැ. අනික් අතට, ඒ කාලයේදී තිබුණු දියුණුම තාක්ෂණය තමයි ඒ. වතුර මතුපිට පාවෙමින් තිබී, නැව් බඳෙහි ගැටීමෙන් පුපුරණ, වතුර මතුපිටට තරමක් පහළින් පාවෙමින් තිබී, නැව් බඳෙහි ගැටී පුපුරණ,  සහ වතුරේ පාවෙමින් තිබී  වෙඩිල්ලට සවිකර තිබෙන කාන්දම් කැබලි වලින්, යකඩ නැව් බඳවෙත ඇදීගොස් ගැටී පුපුරණ, ආදී වශයෙන් ප්‍රධාන වෙඩි වර්ග තුනක් තිබුණා.  කාර්මික විප්ලවයේ ප්‍රතිඵලයක් ලෙස, විවිධ යන්ත්‍රසූත්‍ර නිපදවීම සීඝ්‍රයෙන් වර්ධනය වන්නට පටන්ගත්තා. තමන්ගේ සිතෙහි පහළවන නව සංකල්පනා ඔස්සේ, විවිධ නව නිපැයුම් කරන්නට මිනිසා සමත්වුණා. එවැනි එක්තරා අත්හදාබැලීමක් තුලින් නිපැයුණු, අරුම පුදුම යන්ත්‍රයක් ලෙස, ඇමරිකානු ජාතික ඩේවිඩ් බුෂ්නල් ගේ 'කැස්බෑවා' (අනේ අර සුදු එකා නෙවෙයි හොඳේ :D) නමැති යන්ත්‍රයට, සුවිශේෂී ස්ථානයක් හිමිවෙනවා. ක්‍රි.ව. 1776 දී නිපදවන ලද මෙම තනි පුද්ගල සබ්මැරීනය මගින්, දිය යට වෙඩි යෙදවීමේ විප්ලවයක් කරන්නට සමත්වුණා.
24. කොට කොටා ඉන්නේ නෑ කෙළින්ම වැඩ
The Breach Loading Rifle
Karbin_m-1894_-_6,5x55mm_-_Armémuseum      තුවක්කුව හෙවත් අතපත්තුව නිපදවාගත් මුල් කාලයේ එයට වෙඩි බෙහෙත් සහ මූනිස්සම් කොටලා තමයි වෙඩි තැබුවේ. ඒ කියන්නේ, තුවක්කු බටයේ අගින් තුවක්කු කටෙන් ඇතුලට වෙඩි බෙහෙත් සහ මූනිස්සම්, කුඩා රෙදි කැබලි ආදිය දමා, ලී කූරකින් කොටා, තුවක්කුවේ පසුපසින් ගින්දර ලබාදීමෙන් (ගිනි තැබීමෙන් හෝ ගිනි ගලකින් ගින්දර උපදවා ගැනීමෙන් හෝ  ප්‍රයිමරයක් මගින්. පසුගිය ලිපියේ එවැනි තුවක්කු විස්තර කර තිබෙනවා) තමයි තුවක්කුව පත්තු කළේ. එවැනි තුවක්කු අපේ රටේ සාමාන්‍ය සමාජ ව්‍යවහාරයේදී හැඳින්වුණේ 'කොටන තුවක්කු' කියලයි. ඉංග්‍රීසියෙන් කියන්නේ Muzzle Loader කියලා. මෙන්න බලන්න හොර දඩයක්කාරයෝ අදත් ඒ වගේ තුවක්කු පාවිච්චි කරන හැටි. 
මේ වීඩියෝ එකෙන් පේනවනේ එක වෙඩිල්ලක් තියන්න කොච්චර වෙලා යනවද කියලා. ඉතින් මිනිසාට අවශ්‍ය වුනා මීට වඩා පහසුවෙන් සහ වේගයෙන් (ඉක්මනින් වැඩි වාර ගණනක්) වෙඩි තැබිය හැකි තුවක්කුවක් නිපදවන්න. එහි ප්‍රතිඵලයක් ලෙස තුවක්කු බටයේ පසුපස කෙළවරෙන් උණ්ඩ යොදා වෙඩි තැබිය හැකි තුවක්කුවක් නිපදවන්න මිනිසාට හැකිවුණා. ඒ තුවක්කු සාමාන්‍ය ව්‍යවහාරයේදී පතරොම් තුවක්කු කියලයි හැඳින්වෙන්නේ. ඉංග්‍රීසියෙන් කියන්නේ Breach Loader කියලා. 19 වැනි සියවසේ මුල් භාගයේදී මිනිසාට හැකිවුණා එවැනි තුවක්කුවක් නිපදවාගන්නට. තුවක්කු ගැන මම ඉස්සර කියලා දීලා තියන පාඩම් මතකද? මෙන්න බලන්න 1873 දී නිපදවන ලද ඒ වර්ගයේ තුවක්කුවක්. මේ තුවක්කුව සංග්‍රාම භූමියේ විප්ලවයක් කරන්නට සමත්වුණා.



25. පුංචි කට පුංචා  The Revolver
25a      කටපුංචා කියන්නේ කාටද කියලා මම මීට පෙර ඔබට කියා දී තිබෙන නිසා ආයෙත් කියන්න යන්නේ නැහැ. ඒ වගේම මේ අඩවිය ආරම්භ කිරීමෙන් පසු අද දක්වාම වැඩිම පාඨක පිරිසක් කියවූ, එසේම තවමත් වැඩිපුරම කියවන ලිපිය තමයි, රිවෝල්වරය පිස්තෝලය මොකක්ද වෙනස කියන ලිපිය. ඉතින් ඒ නිසා, මෙතැනදී මම රිවෝල්වරය ගැනත් කියන්නේ බොහොම කෙටියෙන්. ළඟ ඉන්න සතුරෙකුට ක්ෂණිකව වෙඩි තැබීමේ අවශ්‍යතාව සංග්‍රාම භූමියේදී නිතර ඇතිවන අවස්ථාවක්. එමෙන්ම, කෙටි දුරක සිට කෙරෙන සටන් වලදී, ක්‍ෂණිකව, පහසුවෙන් හසුරවා ගතහැකි, සැහැල්ලු අවියක් තිබීම, ආත්මාරක්‍ෂාව කෙරෙහි තදින්ම බලපානවා. ඒ අවශ්‍යතා සියල්ල පිරිමැසු අවියක් වන රිවෝල්වරය, සංග්‍රාම භූමියේ වෙනසක් ඇතිකළ අවියක්. රිවෝල්වරය වැනි අවියක් නිපදවීම සඳහා මුලින්ම උත්සාහ ගෙන තිබෙන්නේ, 16 වැනි සියවසේ මැද භාගයේදීයි. එහෙත් ඒවා ප්‍රදර්ශනාත්මක නිපැයුම් පමණයි. මුල්වරට සාර්ථකව රිවෝල්වරයක් නිපදවා තිබෙන්නේ ඉතාලි ජාතික ෆ්‍රැන්සිස්කෝ ඇන්ටෝනියෝ බ්‍රොකු විසින් ක්‍රි.ව. 1833 දී. කෙසේ වෙතත්, වඩාත් කාර්යක්‍ෂම, වඩාත් නිවැරැදි තාක්ෂණයෙන් යුත් රිවෝල්වරය ලෙස සැළකෙන්නේ, ක්‍රි.ව. 1835 දී, ඇමරිකානු ජාතික සැමුවෙල් කෝල්ට් විසින් නිපදවන ලද රිවොල්වරයයි. කෝල්ට් යන වෙළඳ නාමයෙන් අදත් රිවෝල්වර් සහ පිස්තෝල නිපදවනවා. 
26. මාරක දියබරියා
The Modern Torpedo
Torpedo      සංග්‍රාමයකදී නාවික බලයට හිමිවන්නේ අද්විතීය ස්ථානයක් බව, මම මේ ලිපි මාලාවේදී මීට පෙරත් සඳහන් කළා. තමන්ගේ සාගර කලාපය සතුරු ආක්‍රමණ වලින් ගලවාගන්නට නොහැකි වුනොත්, සතුරා ඒ රට අල්ලන එක වළක්වාගත නොහැකි වෙනවා. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි, යන ජාතීන්, අපේ රට යටත් කරගත්තේ, ඔවුන්ගේ නාවික බලය ඉක්මවා යන්නට අපට ශක්තියක් නොතිබුන නිසා. ගොඩබිමේදී මෙන්ම මුහුදේදීත්, සතුරු හමුදා සමග සටන් කරන්නට, හොඳ නාවික හමුදාවක් අවශ්‍යයි. අද තිබෙන යුද නැවක්, මහා යුද බලකොටුවක් වගේ, පිරිස් බලයෙන් මෙන්ම නවීන අධිතාක්ෂණික අවි ආයුධ වලින් සන්නද්ධයි. නාවික සටන් ඉහළ තලයකට පැමිණියේ, දෙවැනි ලෝක සංග්‍රාම අවධියේදීයි. මතකයි නේද නිර්භීත සතුරාගේ කතාව. තමන්ගේ නැවේ සිට, සතුරු නැවක් අසළට නොයා, දුර සිට පහරදීමට සුදුසු, එමෙන්ම රහසිගතව එල්ල කළහැකි අවියක් නිපදවීමේ අවශ්‍යතාව නිසා, නිපැයුණු අවියක් ලෙස, ටෝර්පිඩෝව Torpedo හඳුන්වන්න පුළුවන්. මෙය සිලින්ඩරාකාර හැඩයකින් යුක්ත, ජලය මතුපිටින් හෝ ජල මට්ටමට තරමක් පහළින්, ඉලක්කයවෙත ගමන් කරන බෝම්බයක්. එසේ ගමන් කිරීම සඳහා, වෙනමම යාන්ත්‍රණයක්, මේ බෝම්බයට සවිකර තිබෙනවා. අතීතයේදී මෙය, එක නිශ්චිත දිශාවකට, සරල රේඛාවක් වැනි ගමන් මාර්ගයක ඇදීගියා. එසේ ඇදීගොස්, නැව් බඳෙහි හැපීමෙන්, මහා පිපුරුමක් ඇතිකරන්නට මේ බෝම්බය සමත්. සමහර විට, හැපෙන්නේ නැතිව, ඉලක්කය අසළටම ගොස් පිපිරීමෙන්, මහා විනාශයක් කරන්න පුළුවන්. නමුත් අද, දුරස්ථ පාලක ක්‍රම වලින්, ගමන් මග වෙනස් කළහැකි ආකාරයට, සකසා තිබෙනවා. වර්තමාන ටෝර්පිඩෝවේ නිර්මාතෘ ලෙස සැළකෙන්නේ, බ්‍රිතාන්‍ය ජාතික රොබට් වයිට්හෙඩ්. මෙන්න මේ සජීවීකරණයෙන් බලන්න, කොහොමද කියලා, සබ්මැරීනයක සිට එවන ටෝර්පිඩෝ නැවක වැදිලා පුපුරා කරන විනාශය.


27. හති නැති ගිනි පිඹින්නා
The Machine Gun
Vickers_IWW      සංග්‍රාමයකදී ජයග්‍රහණය තීරණය වන තවත් වැදගත් සාධකයක් තමයි වෙඩි බලය. ඒ විතරක් නෙවෙයි වෙඩිබලය උපරිමයෙන්, මහා පරිමාණයෙන්, නොකඩවා පවත්වාගැනීම. (Heavy fire power, Volume of fire, Sustainable fire) ඉතින් මේ සඳහා තම අවි බලය නොකඩවා පවත්වාගෙන යන්නට ඕනේ. වැඩි දියුණු කරන්නට ඕනේ. අන්න ඒ අවශ්‍යතාව සපුරාගන්නට මිනිසා නිපදවාගත් ප්‍රබල අවියක් තමයි මැෂින් තුවක්කුව. සාමාන්‍ය තුවක්කුවකින් වරකට එක වෙඩිල්ලක් පමණක් තියන්න පුළුවන් බව මම ඉහත පෙන්වාදී ඇති තුවක්කු වලින්, ඔබට පෙනෙනවා ඇති. නමුත් යුද්ධයේ දරුණු බව වර්ධනය වනවිට, ඒ තුවක්කු ප්‍රමාණවත් වුනේ නැහැ. ඒ නිසයි මැෂින් තුවක්කු ඕනෙවුනේ. මැෂින් තුවක්කුවකට එකවර පතරොම් රාශියක් යොදවන්නට හැකි අතර, ඒ පතරොම් ඉවර වෙනතුරු, නොකඩවා ස්වයංක්‍රීයව වෙඩි තියන්න පුළුවන්. ඒ නිසා සතුරාට ඔලුව උස්සන්න නොදී වෙඩි වරුසා වස්සවන්නත් පුළුවන්. එවිට සතුරාට යුදබිමේ ආවරණයයකටවී හෙලවෙන්නේ නැතුව ඉන්න සිදුවෙනවා. (pin down) සාර්ථකව මුල් වරට මැෂින් තුවක්කුවක් නිපදවා තිබෙන්නේ 19 වැනි සියවසේ මැද භාගයේදීයි. මෙන්න මුල් කාලයේ මැෂින් තුවක්කුවක වැඩ.

මෙන්න අද කාලයේ මැෂින් තුවක්කු කීපයක වැඩ

28. හෙණ හඬ නගන්නා
The Filed Artillery
10139097a      විශාල සතුරු බලඇණි, සතුරු බලකොටු වැනි ඉලක්ක වලට පහරදීමේදී, ඉතා අඩු ප්‍රහාර ප්‍රමාණයකින්, වැඩි විනාශයක් කළහැකිනම්, සටනේ වාසිය තමන්ට නතු කරගන්න පුළුවන් වෙනවා. එමෙන්ම, ඉතා දුර සිට එල්ල කරන ප්‍රබල ප්‍රහාර මගින්, සතුරා අපවෙත ඒම කල්තබා වලක්වාගන්නටත් පුළුවන්. එවැනි අවස්ථාවන් සඳහා සුදුසුම අවියක් තමයි කාලතුවක්කුව. දැන් මම මෙතැනදී කාලතුවක්කුව ගැන දිග විස්තරයක් කියන්න ගියොත්, මම විහිළු කාරයෙක් වෙනවා. මොකද මම මීට පෙර, කාලතුවක්කු ගැන 'අ' යන්නේ සිට 'අඃ' යන්න දක්වා කියලා දීලා තියනවා. :D මතක නැත්නම් මෙන්න මේ පාරදිගේ ගොස් බලනු. මෙහිදී, ඉක්මණින් එහා මෙහා ගෙන යාහැකි, එතරම් දිග බටයක් නැති, වෙඩි තැබීමේදී ඉහල කෝණයක් ගතහැකි කාලතුවක්කු, යුද බිමේදී විශාල සේවයක් ඉටුකරනවා. ඒවා හඳුන්වන්නේ හොවිට්සර් Howitzer යනුවෙන්.

29. දිය යට මරුවා The Submarine
Plongeur      මා කලින් සඳහන් කලාක් මෙන්, සංග්‍රාමයකදී, සාගරයේ ආධිපත්‍යය අතිශයින් වැදගත් වෙනවා. සාගරය මතුපිට පමණක් සටන් කිරීමෙන් නොනැවතුණු මිනිසා, දිය යටින් ගොස් සටන් කිරීම සඳහා, යාත්‍රා සකස් කරන්නට පෙළඹුණා. එහි ප්‍රතිඵලය තමයි සබ්මැරීනය. සබ්මැරීනයේ ඉතිහාසය 18 වැනි සියවස තරම් ඈතට දිවයනවා. මුල්ම අත්හදා බැලීම් කර තිබෙන්නේ ක්‍රි.ව. 1726 දී පමණ. කෙසේ වෙතත් සංග්‍රාමික කටයුතු සඳහා සුදුසු සබ්මැරීනයක් මුලින්ම නිපදවා තිබෙන්නේ ප්‍රංශයේදී. ක්‍රි.ව. 1863 දී. අද ලෝකයේ බලවත් රටවල් සතුව, පරමාණු බලයෙන් ක්‍රියාකරණ, අන්තර් මහාද්වීපික බැලස්ටික් මිසයිල් ICBM (පසුව සාකච්ඡා කරනවා) එල්ල කළහැකි සබ්මැරීන තිබෙන අතර, ඒවා සෑමවිටම ලෝකයේ මූලෝපාය වශයෙන් strategically වැදගත් ස්ථානවල රඳවා තබනවා. සබ්මැරීනය සාගරයේ යුද බලය පිලිබඳ තීරණාත්මක සාධකයක් වන අතර එය සංග්‍රාමයේ මුහුණුවර වෙනස් කිරීමට හේතුවුණා. සබ්මැරීනයක සිට මිසයිලයක් විදින හැටි පහත වීඩියෝවෙන් බලන්න.

35. යුදපිටියේ බම්බු ගැසීම
The Trench Mortar
trench-mortar      සාම්ප්‍රදායික යුද ක්‍රමයේදීත් Conventional Warfare ප්‍රති විප්ලවවාදී/ප්‍රති ත්‍රස්තවාදී සංග්‍රාමයේදීත්, Counter Revolutionary Warfare/Counter Terrorism Warfare බොහොවිට යුද භූමියේදී යුද අගල් Trench හදාගන්නට වෙනවා. යුද අගලක් යනු යුද බිමේ කපන විශාල කාණුවක්. මෙහි සමහරවිට සොල්දාදුවකුට පහසුවෙන් ඇවිද යන්න තරම් ගැඹුරක් තිබෙනවා. දෙපැත්තේ ඉවුරු දෙක එපමණ උස නිසා. තවත් සමහර විටකදී බඩගාගෙන තමයි යන්න වෙන්නේ. එයට හේතුව දෙපස ඉවුරු එතරම් උස නොවීම. යුද අගලට බැහැලා, 'පුට්ට නැකේ' ගහගෙන, බකං නිලාගෙන, බඩ උලාගෙන, ඉන්න බැහැ.  එතකොට සතුරා ළඟටම ඇවිත්, බඩු අපේ අතටම දීලා යයි. ඒ නිසා යුද අගලේ සිට සටන් කරන්න ඕනේ. යුද අගලෙන් උඩට ඔලුව ඉස්සීම බොහොම පරිස්සමෙන් කරන්න ඕනේ. ඈත ඉඳලා බලා ඉන්න සතුරා, අපි ඔලුව උස්සනකොටම වැඩේ දෙන්න පුළුවන්. මේ නිසා යුද අගලේ ඉන්න ගමන් පාවිච්චි කළහැකි ආයුධ අවශ්‍ය වෙනවා. අන්න ඒ අවශ්‍යතාව සපුරා ගන්න තමයි, මෝටාර් එක Mortar  නමැති අවිය නිපදවාගත්තේ. එමගින් සතුරා අධෛර්යයට පත්කරන්නටත්, අපේ ජීවිත බෙරාගන්නටත්, හැකිවෙනවා. මේ නිසා මෝටාරය, සංග්‍රාමයේ වැදගත් අවියක් ලෙස සැලකෙනවා. මේ බලන්න යුද අගලක සිට මෝටාරයක් පාවිච්චි කරන හැටි.

හොඳයි, අපි මෙතෙකින් අද ලිපියේ අවසානය දකිනවා. ඊළඟ කොටසේදී ඉතිරි අවි 15 ගැන කතාකරමු.
සියලුම ඡායාරූප විකිපීඩියා විශ්වකෝෂයෙනි
my-signature-for-blog[1]     2014 පෙබරවාරි මස 07 වැනි දින 1552 පැය.

31 comments :

  1. තැන්කූ වේවා විචාරකතුමනි,

    මං ආසම මාතෘකාව ලියලා. ඔයා දන්නවද ඊශ්‍රායලය මේ ටිකේ බයවෙලා ඉන්න තරමක් රුසියාවේ නිෂ්පාදනය කරන අතිනවීන තාක්ශනේ මුසුවෙච්ච මාරන්න්තික RPG-30 anti-tank rocket එක හිස්බුල්ලා සංවිධානේ අතට යන එක ගැන ,, මේ රටේ ගොඩක් වෙබ් සයිට් ,වෙන රටවලට දෙන්න බැහැ , ලින්ක් දුන්නට බලන්න බැහැ. ඔබට අවශ්‍යනම් පෙරේදා ,, වෙබ් සයිට් එකක පලවෙච්ච නවීනතම යුධ අවි ගැන ලිපි කොපි පේස්ට් කර ලබාදෙන්න පුළුවන්,, ඔයා පුදුම වේවි

    ReplyDelete
    Replies
    1. හනේ හනේ කෙල්ලේ. මටනම් පෙනෙන්නේ උඹ ඔහාට වෙලා බුද්ධි අංශයක් පටන් අරන් වගේ.

      බොහොම සතුටුයි මේ ලිපි පිළිබඳව ඔයාගේ තිබෙන උනන්දුව ගැන. මටත් අවශ්‍යයි ඔයා කියලා තියන අවි පිලිබඳ තොරතුරු දැනගන්න. පුලුවන්නම් wmjgslsr@gmail.com වෙත ඊ මේල් කරන්න.

      Delete
    2. yes ill send you

      Delete
    3. පුළුවන් කමක් තියෙනවනම් දෙන්නගෙන් කෙනෙක් මටත් එවන්න dileeparanasingha@gmil.com

      Delete
  2. හොදයි ඊලග පහලව එනකං බලාගන ඉන්නවා

    ReplyDelete
    Replies
    1. බලාඉන්න නම් පුළුවන්. ලියන එක තමයි බෙල්ල කඩෙන වැඩේ.

      Delete
  3. මෑත කාලීනව ඉතාමත් ආසාවෙන් කියවන ලිපි පෙළක් විචාරක මේ. යුද බිම ට පාතබා ඇතත් මෙවන් අගනා වටිනා තොරතුරු දැනගත්තේ මේ ලිපි මගින්ම පමණයි.බොහොම ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. Defence Science හෙවත් ආරක්ෂක විද්‍යාව පිළිබඳව හදාරන කෙනෙකුට මෙවැනි ලිපි වලින් බොහෝ ප්‍රයෝජන ගන්න පුළුවන්.

      ඇගයීම ගැන ස්තුතියි.

      Delete
  4. විචාරක කොම ලියනව ද මන්දා මෙවා ,මට බලන්නම පැය ගානක් යනවා ....කොම වුණත් අනිවා කියවනවා ....

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මෙවැනි ලිපියක් ලිවීම තරමක් වෙහෙසකරයි ලියන්න කලින් හොඳ සැලැස්මක් හදාගන්න ඕනේ. ඒ වගේම මෙවැනි ලිපියක් කියවන්නට සුදුසු වන්නේ හොඳ විවේකයෙන් ඉන්න වෙලාවකයි.
      ස්තුතියි ඔබේ අදහස් දැක්වීම ගැන.

      Delete
    2. බ්ලොගිය ලොඩ් වෙන්න ගොඩක් වෙලා යනවා ...

      Delete
    3. මම හිතන්නේ පින්තූර සහ වීඩියෝ ගොඩක් දාලා තියන නිසා වෙන්න ඇති. වර්ඩ්ප්‍රෙස් අඩවිය නම් ටක් ගාලා ලෝඩ් වෙනවා.

      Delete
  5. ඔබගේ වචන භාවිතය සිත්ගන්නා සුළුයි. ඉතිරි කොටසත් බලාපොරොත්තු වෙනවා.

    ඔබගේ පසුගිය ලිපියේදී මට මතක්වු තුවක්කු කතාව අද පලකලා. මෙතනින් ඇවිත් බලන්න.
    ඔය කණ නොවෙයි යෝදියේ මේ කණ

    ReplyDelete
    Replies
    1. ඇගයීම ගැන බෙහෙවින් ස්තුතියි.

      ඔබේ අඩවිය මගේ බ්ලොග් රෝලේ තියන නිසා නොවරදවාම එන්නම්.

      Delete
    2. සෑහෙන්න වටින ලිපි පෙලක්...
      ඒත් දෙවනි කොටස වර්ඩ්ප්‍රෙස් වල ඔබපු එකට නං මනාප නෑ ඔන්න.. ආයෙ එහෙම ඒකෙ කොටනව නං මේ අහට කොපියක් වත් දාන්න..
      මට පහුගිය එක මිස් වුනේඔය සන්තෑසිය හින්ද නෙව.. ඒකත් කියවලා තමා මේ ආවෙ.. දිගටම කරගෙන යමු.. ජයවේවා

      Delete
    3. නැහැ නැහැ. මම එකපාරම වර්ඩ්ප්‍රෙස් එකයි බ්ලොගර් එකයි දෙකම පළකරන්නේ. නමුත් මොකක්හරි මම නොදන්න හේතුවක් නිසා බ්ලොගර් එක සින්ඩිකේටර් වල පෙන්නන්නේ දවසකට පස්සේ. ඒ නිසයි ඔබට හිතෙන්නේ ඇත්තේ මම ආපහු වර්ඩ්ප්‍රෙස් වලට විතරක් බැහැලා කියලා.

      ස්තුතියි ඇගයීමට.

      Delete
  6. ලිපියක් පරිවර්ථනය කරලා දාන එකේ අමාරුව දන්නවා හොදින්ම.. මේ වගේ දිගට යන එකක් මහන්සි නොබලා ලියන එක අගය කරනවා විචාරකතුමනි..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දිනේෂ්. මෙවැනි දිරිගැන්වීම් නිසා තමයි මහන්සිවෙලා ලිපියක් ලියන්න හිතෙන්නේ.

      Delete
  7. හ්ම්ම්...තවත් මහන්සියෙන් කරුණු රැස්කර ලියු සාර්ථක ලිපියක්.
    අපිටටත් අරයට වගේ කට්ටක් තිබුන නම් මැති/ඇමති ගොල්ල මක්ක කරයිද මන්ද විචාරක තුමෝ......
    මුහුණු දෙකක් ඇති බුල් ඩෝගියෙක් නේද..... :)

    ReplyDelete
    Replies
    1. ඔව් කෙන්ජි ටිකක් මහන්සි නොවී මෙවනි ලිපි ලියන්න අමාරුයි. නමුත් කියවන අයගේ අවධානය සහ ඇගයීම් නිසා ඒ මහන්සිය නැතිවෙනවා. බොහොම ස්තුතියි.

      Delete
  8. මුල් ලිපි දෙක මිස් වුනා නොවැ... සියළු තොරතුරු අන්තර්ගත සවිස්තරාත්මක වාර්තාවක්.. බොහොම ස්තූතියි විචාරක තුමනී.

    හින්ඩන්බර්ග් ලිපිය ලියන්න කරුණු හොයනකොට මම දැක්කා පළුමුවෙනි ලෝක යුද්දෙදි උඩින් ගිහින් බෝම්බ දාන්න සෙපලින් පාවිච්චි කරලා තියනවා කියලා.. ඒවා ගැනත් තියේද ?

    ReplyDelete
    Replies
    1. ඇගයීම ගැන ස්තුතියි සෙන්නා.

      චඃ............ළඟදීම ලස්සන ලිපියක් කියවන්න පුළුවන් වෙයි එහෙනම්. (ඇති යන්තම් කම්මැලියට ආයෙත් ලියන්න හිතුණා) හින්ඩන්බර්ග් එක ගිනි අරන් කඩාවැටෙන වීඩියෝ එකත් දාලා අර ඔයාගේ ලස්සන ශෛලියෙන් ලියලා පලකරන්න ඉක්මනට.

      Delete
    2. මට වැරදුනු බව මතක්වුනේ පස්සේ. ඔයා හින්ඩන්බර්ග් ලිව්වේ කාලෙකට උඩදි නේ

      Delete
    3. මම බැලුවා මේ මොකෝ කියලා... පස්සෙ පැන්සොන් කාරයනේ කියලා හිත හදා ගත්තා.. හෙහ් හෙහ්... :D

      කම්මැලි කමට වඩා මේ ටිකේ පට්ට බිසි විචාරක මහත්තයෝ.. මොනා හරි ලියන්න ඕනා ඉක්මනට...

      Delete
    4. හෙහ් හෙහ් ...... ඉස්සරහට තව 'මොන මොනවා' අමතක වෙයිද දන්නේ නෑ.

      Delete
  9. මේකෙ තියන කට පුංචා නම් හරි ලස්සනයි.. :)

    අර නැවට නෙවාඩා කියන්නෙ මොකෝ ? නෙවාඩා කියන්නෙ අමෙරිකාවෙ ප්‍රාන්තයක් නේද ?

    වීඩියෝ ටික බලන්න බැරි එකයි දුක. පස්සෙ බලමු ඒ ටික. ස්තුතියි වෙච්ච මහන්සියට.

    //රූප සටහන් // ලස්සනේ බෑ. තිත් පේලියට කැමති වචනයක් දා ගන්න නේද තියන්නෙ :D

    ReplyDelete
    Replies
    1. ඒ කටපුන්චා පළමුවැනි පරම්පරාවේ එකෙක්. ඒ කාලේ ඔය කැටයම් වැඩ දාලා තමයි ඔව්වා හදලා තියෙන්නේ.

      අර නැවේ පින්තූරයේම මම සුදුපාට අකුරෙන් දාලා තියනවා ඇ.එ.ජ. නිපැයුමක් කියලා. එක අයිති ඇමරිකාවට.

      වීඩියෝ බලන්න සමහර යට අපහසුවෙන්නේ තමන්ගේ අන්තර්ජාල පහසුකමේ තිබෙන දත්ත පැකේජය සීමාසහිත නිසා නේද? ඒ නිසාමයි මම හැකිතරම් කෙටි වීඩියෝ දාන්නේ.

      බල්ලගේ .........කේ මූණක්. :D

      Delete
    2. අහ්හ්.. නම දාල තියනව නේන්නම්. මං ටික ටික මං ටික ටික වයසට යනවද කොහෙද, ඇස් පෙනීම දුරුවලයි. :D නෙවාඩා කියන නමත් එක්ක මට මතක් වෙන්නෙම එරියා 51.. ඒක මං කැමතිම මාතෘකාවක්.

      හ්ම්ම්.. අන්තර් ජාල සම්බන්ධතාවයේ ප්‍රශ්ණ තමයි. දත්ත ප්‍රමාණය වගේම වේගයත් අඩුයි. බල්ලගෙ .....කේ අධිවේගී සම්බන්ධතා නෙ අපිට තියන්නෙ. :D :D

      Delete
    3. ඔන්න ඔය වයස කියන එක යන්න නොදී අල්ලගන්න මේ මම වගේ.

      ඇත්තටම අපේ රටේ අන්තර්ජාලය ලෝකයේ බොහොමයක් රවලට වඩා පාවිච්චිකරන්නාව මරාගෙන කන ක්‍රමයකට හදලා තියෙන්නේ.

      Delete
  10. පහුගිය ටිකේ කාන්තාරේ ඉන්න කොට වායු රයිපලයකින් පෙලට්ස් 2,3 තියන්න හැකි වුනා.එවෙලේ ලොකු සතුටක් දැනුනා විචාරකගේ ලිපි මතක් වෙලා.මතක හැටියට කොටස් වල නම් මතක් කරගත්තා.

    පුලුවන් ඇවිත් බලන්න

    http://driverkolla78.blogspot.com/

    ReplyDelete
    Replies
    1. චඃ...............නියම කොල්ලෙක් නේ ඩැයිවර් කොල්ලා. ඔය කොයි දේ ගැනත් අත්දැකීම් ලබාගැනීම වැදගත්. මගේ ලිපි වලින් ඔබට යම් ප්‍රයෝජනයක් ලැබීම සතුටක්. ඔබේ බ්ලොග් එක බලලා අදහස් කියන්නම්

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }