හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

18 October 2014

කරන්න දෙයක් නෑ මම ප්ලෑන් කරලා වැඩේ දෙනවා (දෙවැනි කොටස) – Battle Appreciation and Plan (Part Two)

2
  මතකයි නේද මේ කතාවේ පළමුවැනි කොටස? මතක නැත්නම්, මෙන්න මෙතනින් ගිහිල්ලා, කියවලා එන්නකෝ. එහෙම නැතුව මේ කොටස තේරුම්ගන්න බැහැ. අපි කතාකරන්නේ, යුද්ධයකදී, කොහොමද ක්‍රියාන්විත සැළැස්මක් හදන්නේ කියන එකයි. මේ සඳහා අපි ආධාර කරගන්නවා, ප්‍රේමපාල සහ කාමිණී කියන දෙදෙනාගේ ආදර හුටපටය. මේ දෙන්නගේ ආදරයට, කාමිණීගේ පැත්තේ අය, යුද්ධ ප්‍රකාශ කරලා තියෙන්නේ. ඉතිං, ප්‍රේමපාල ක්‍රියාන්විතයක් සැළසුම් කරමින් ඉන්නවා, කාමිණීව ඇගේ ගෙදරින් පන්නාගෙන, තම ප්‍රේම විමුක්තිය සොයා යන්නට. අන්න ඒ සැළැස්ම හදනකොට, වැදගත්වන කරුණු තමයි, අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ. 

   දැන් හරි නේද? ඔක්කොම වල් පල් ඔලුවෙන් අයින් කරලා, හොඳ අවධානයෙන් කියවන්න. නැත්නම් ක්‍රියාන්විතය 'හබක්' :D අපි, පසුගිය ලිපියේදී, ක්‍රියාන්විතයේ අරමුණ - Aim සහ ක්‍රියාන්විතය සැළසුම් කිරීමේදී වැදගත්වන සාධක - Factors වලින්, මූලික කොටස් දෙකක් පමණක් සාකච්ඡා කළා. කොහෙද, හිත එකලස් කරගෙන, ඔලුව නිදහසේ තියාගෙන, මෙව්වා කරන්න ලැබෙන්නේ නැහැනේ. එහෙන් කෝච්චි ස්ට්‍රයික් එකක් ආවා. ඊළඟට බයිසිකල් සෙල්ලමක් ආවා. මෙව්වා හින්දා, මේ ලිපිය ලියන එකත් පමාවුණා. අර ලිපි දෙකෙන් කියලා තිබුණ දේවල් දැක්කම, කොහොමද අනේ නොදැක්කා වගේ ඉන්නේ. ඒ නිසයි මේ ලිපිය පොඩ්ඩක් ප්‍රමාද කරලා, ඒ කාරණා ගැන දෙකක් කියලා හිටියේ. හරි හරි එව්වයින් කමක් නැහැ. බහිමුකො යුද්දෙට. 

අද මුලින්ම බලමු, පසුගිය ලිපියේදී සාකච්ඡා කරන්න පටන්ගත්තු, 'සාධක - Factors'  වල ඉතිරි කොටස්. අපි අන්තිමට කතාකළේ භූමිය සහ කාලගුණ තත්වය යටතේ, අපි මේ ක්‍රියාන්විතය කරන්න යන ප්‍රදේශය මොන වගේ එකක්ද යන්න, සවිස්තරව හඳුනා ගැනීමයි. (Ground and Weather > Ground in General) මතකනේ කොහෙද මේ ක්‍රියාන්විතය සිදුකිරීමට නියමිත කියලා. මතක නෑ. ඔන්න ඉතිං ඊටිං ද විලේජ් කියන්නේ ඕකට තමයි. ඇයි අනේ අපි මේ වැඩේ දෙන්න යන්නේ. නුගේගොඩ පාගොඩ ප්‍රදේශය ආශ්‍රිත, දේවාල පාරේ කියලා, සිතියමකුත් දාලා, කතාකළා මතක නැද්ද පහුගිය කොටසේදී? හපොයි...... තමුන්නාන්සේලා වගේ විශිෂ්ට මතකයක් තියන උන්නැහේලා ටිකක් එක්ක, යුද්දයකට යන්න ලැබීම, මගේ පූරුවේ ????? ක්. 


3. බාධක - Obstacles


10   මේ සාධකයෙදී සලකා බලන්නේ, අපිට ක්‍රියාන්විතය කරන්න සිදුවී තිබෙන ප්‍රදේශයේ ගමන් කිරීමේදී, කෙබඳු ආකාරයේ බාධක වලට මුහුණ දෙන්න වෙයිද කියන එකයි. ගංගා, වැව්, මඩ වගුරු, කුඹුරු යායවල්, මහ කඳු, ජනාවාස, තාප්ප, වැටවල්, ඔය කොයි ඒවාත් බාධක. මහ කැලයක් නම්, වන සතුන් ඉන්නවා. නාගරික පෙදෙස්වල රාත්‍රියට පාරේ ඉන්න බල්ලන් නිසා හරි කරදරයි.  බල්ලන්ගේ බිරීම නිසා අපේ ගමන මිනිස්සුන්ට දැනෙන්න පුළුවන්.



4. ආවරණ - Covers 

soldiers    අපි මේ යන්නේ කෙල්ලෙක් උස්සන්න නේ. නිකං චිත්‍රපටියක වගේ, 'චෙස්ට් ෆෝවඩ් දාලා, පුක් බැක් දාලා' යන්න බැහැ. කෙල්ලගේ ගේ ළඟට කිට්ටු කරනකොට, අරවට මෙව්වට මුවාවෙමින් තමයි යන්න ඕනෙ. නැත්තං, කෙල්ලගේ බාප්පොච්චි අතේ තියනවා කිව්ව කටපුංචා ගෙන්, කළු කුඩු බස්නේ ලැබෙන්ඩ ඉඩ තියනවා. මොනවද අපිට මුවාවෙන්න හැකි ස්ථාන හෙවත් ආවරණ කියන එක, සිතියමකින් බලන්න පුළුවන්. මගේ යාලුවෙකුට පුළුවන්, මේ කෙල්ලගේ ගේ පැත්තේ කරක් ගහලා හොයාගන්න, ආවරණ වශයෙන් පාවිච්චි කළහැකි ස්ථාන. පාර අයිනේ තියන ලොකු දැන්වීම් පුවරුවක් වුනත් ආවරණයක් තමයි.


5. මාර්ග සහ ප්‍රවාහනය -

Roads and Transport  


M   දැන් අපි දන්නවා, අපිට යන්ඩ අවශ්‍ය, නුගේගොඩ (පිටකෝට්ටේ කිව්වත් හරි) දේවාල පාරට බව. ඉතිං, මෙතනට යන්ඩ පාරවල් කීයක් තියනවද? නෑ නෑ, එහෙම මේ ඒ ළඟම වටේ තියන පාරවල් නෙවෙයි. මතක නැද්ද ප්‍රේමපාල ඉන්නේ කොහෙද කියලා? අවිස්සාවේල්ලේ. හයියෝ..........ඔන්න ඔය වෙලාවට තමයි ඉතිං දෙන්න හිතෙන්නේ.......... කණ පැලෙන්න කකුල් දෙකටම. දැන් හිතලා බලන්න, ප්‍රේමපාලට පුළුවන්, හයිලෙවල් පාරදිගේ නුගේගොඩට ඇවිත්, පාගොඩ පාර දිගේ එන්ඩ. නැත්නම් හයිලෙවල් එකේ ඇවිත්, මහරගම නාවින්න හන්දියෙන් දකුණට හැරිලා, ජුබිලි කනුව හන්දිය පහුකරලා, පිටකෝට්ටේ හන්දිය හරහා එන්ඩ. ලෝ ලෙවල් පාර දිගේ ඇවිත්, කඩුවෙල, බත්තරමුල්ල, ඇතුල් කෝට්ටේ, හරහා එන්ඩ. ඇතුල් කෝට්ටෙන් හැරෙන්නැතුව, බොරැල්ල, ඇස් වාට්ටුව, පැත්තෙන් කැරකිලා, හයිලෙවල් එක දිගේ නුගේගොඩ පැත්තෙන් එන්ඩ. (මම දන්නේ නැති පාරවල් ඔයා කියන්ඩකො) ඔන්න ඔහොම, පාරවල් සෑම එකක් ගැනම, මුලින්ම සළකා බලන්න ඕනෙ. මොකද, ඒ සෑම පාරකම, වාසි අවාසි දෙකම තියනවා. එතකොට ප්‍රවාහනය. ඔව්, එතැනදී බලන්නේ, මොනවගේ වාහනද මේ ගමනට සුදුසු, වාහන වලින් බැහැලා පයින් යන්න අවශ්‍යද? එහෙනම් ඒ කොතෙන්දිද? ඔන්න ඕවා තමයි ප්‍රවාහනය යටතේ හිතන්න ඕනෙ.


6. ළඟාවිය හැකි මාර්ග - Approaches 

    පාරවල් කොච්චර තිබුණත් මෙතනට ළඟාවීම සඳහා සුදුසුම මාර්ග ගැන විශේෂයෙන් සළකා බැලිය යුතුයි. අඩුම ගණනේ එවැනි ළඟාවීමේ මාර්ග තුනක් වත් හොයාගන්න පුලුවන්නම් හොඳයි. හොඳයි නෙවෙයි කොහොම හරි හොයාගන්න ඕනෙ. දැන් මේ කෙල්ලගේ ගෙදර අවට තියන වෙනත් ගෙවල්වල පිළිකන්න පැත්තෙන් වුනත් ළඟාවීමේ මාර්ග තියෙන්න පුළුවන්. මෙතනදී එක් එක් ළඟාවීමේ මාර්ගය ගැන,

i. සවිස්තරාත්මක හැඳින්වීමක්

ii. ඒ ඒ ස්ථාන වලට ඇති දුර කොපමණද යන්න පැහැදිලි කිරීමක් අනිවාර්යයයෙන් තිබිය යුතුයි.

iii. මාර්ගයේ ස්වභාවය අනුව ගමන ඉතා පහසු/පහසු/සතුටුදායක/ ආදී වශයෙන් වර්ග කර පෙන්විය යුතුයි.

iv. ඒ ඒ මාර්ගය අනුව කොපමණ භට පිරිසක් යෙදවිය හැකිද යන්න පැහැදිලි කලයුතුයි.

v. ඒ ප්‍රදේශයේ තිබෙන, සටනේදී වැදගත්වන ස්ථාන, (උස් බිමක්, උස ගොඩනැගිල්ලක්, තාප්ප වලින් වටවූ ආවරණ ප්‍රදේශයක්, පාලමක්, වැනි) මොනවාදැයි විස්තර කලයුතුයි.

vi. එක ළඟාවීමක් අවුල් සහගත තත්වයකට පත්වුනොත් අනෙක් ළඟාවීමක සිට ආධාරක භට පිරිස්වල ආධාරය ලබාගත හැකිදයන්න පැහැදිළි කලයුතුයි.

vii. කොපමණ ආවරණ ගණනක් ඇත්ත වශයෙන්ම තිබේද යන්න පැහැදිළිව දැනසිටිය යුතුයි.

viii. මේ පාරෙන් ගියොත් මෙතනට වැටෙනවා යන දැණුම තිබිය යුතුයි. (නිවැරදි දිසාවට යාමේ හැකියාව)

ix.  අපි සතුරු ප්‍රදේශයට ගොස්,  අපේ මුළු හමුදාවම එකතුවන්නේ, මෙන්න මෙතෙන්ට = Assembly Area,  ක්‍රියාන්විත කණ්ඩායම මුලින්ම එකතුවන්නේ, මෙන්න මෙතෙන්ට = Forward Base, ක්‍රියාන්විත කණ්ඩායම, වැඩේ පටන් ගන්න ආසන්නව රැඳෙන්නේ, මෙන්න මෙතන = Forming up Place යන දේවල්, කල් තබා සැළසුම් කළයුතු අතර, කණ්ඩායමේ සෑම දෙනාම ඒවා දැන සිටිය යුතුයි.


7. ඉලක්කගත ප්‍රදේශය අවට භූමි ලක්ෂණ (ස්වභාවය)

   වැඩේ දෙන්න යන ප්‍රදේශය ගැන දැනගන්න පුළුවන් හැම දෙයක්ම, පුළුවන් තරම් දුරට, දැනගෙන හිටිය තරමට, ක්‍රියාන්විතය පහසු වෙනවා. සාර්ථක වෙනවා. අපි යන්නේ නුහුරු තැනකට. ඒ නිසා, එතන කොයිවගේද කියන එක, විවිධ කරුණු ඔස්සේ සලකා බලනවා. ඒ මෙන්න මෙහෙමයි.

i. විශාලත්වය (දිග පළල):- අපිට අදාළ ඉලක්කය තිබෙන්නේ කොපමණ විශාලත්වයක පැතිරීමක් සහිතවද? උදාහරණය; කෙල්ලගෙ ගෙදර තියෙන්නේ පර්චස් 20 ක විතර ඉඩමක.

ii. හැඩතල මොන වගේද. උදාහරණය; ඉඩම වටේ කොට තාප්පයක් තියනවා. හරි හතරැස් නෙවෙයි. ගෙයි ඉදිරිපස මායිමයි පසුපස මායිමයි දිගයි. අනික් මායිම් දෙක ඊට වඩා කෙටියි. දෙපැත්තක් තියෙන්නේ පාරවල් දෙකකට. ඒ කියන්නේ ඉස්සරහ පැත්තයි, අපි ගෙදරට මූණ දෙනකොට, අපේ වම් පැත්තයි. සමතලා බිමක්. ගෙදර සැළැස්ම, ඉස්සරහ දොර තියන විදිහ, ඒ දොර හැර, ගෙට ඇතුළුවිය හැකි වෙනත් දොරවල්, කඩාගෙන යන්න පුළුවන් දොරවල්/ජනෙල් තියනවාද, කෙල්ල ඉන්නවායයි අනුමාන කරන කාමරය, ගෙදර අනික් අය ඉන්න කාමර,  සී සී ටී වී කැමරා තිබේද, බල්ලන් ඉන්නවාද, බලු කූඩුව කොතනද තියෙන්නේ.

 iii. අපි එකවරම ගෙට කඩාගෙන පැන්නම එන ප්‍රති ප්‍රහාර වැලැක්වීම සඳහා, අපේ ක්ෂණික ප්‍රහාරක කණ්ඩායම් කීයක් විතර දාන්න වෙයිද.

iv. කෙල්ල ඉස්සීමේ මෙහෙයුම සඳහා ගෙට ඇතුළුවීමට ඉතාම සුදුසු ගෙදර කොයි පැත්තෙන්ද

v. අපේ කණ්ඩායමේ එක් එක් අය, කොතනින්, කොයි වෙලාවටද, ඇතුළුවෙන්නේ

vi. කෙල්ලගේ ගෙට ආසන්නවම තියන, අනිවාර්යයෙන් ජයගතයුතු බාධක. උදාහරණ; තාප්පය, කෙල්ලගේ ගෙදර ඉන්න බල්ලා,


8. කාලගුණය (දේශගුණය) :-

i. මේ දවස්වල ඒ පැත්තේ කාලගුණ තත්වය කොහොමද. දවසේ නිශ්චිත වේලාවකදී මහ වැහි ලැබෙනවද, වැස්ස නැද්ද,


9. සැකසුම් - Deductions 

   ඔන්න මේ ලිපිය ලියන්න ගිහින්, මම අමාරුවේ වැටුණ තැනක් මේක. මොකද, හමුදා පොතේ තියන ඉංග්‍රීසි යෙදුම්, සිංහලෙන් කියන එක හරිම අමාරුයි. හමුදාවේදී මෙව්වා කවදාවත් සිංහලෙන් උගන්නන්නේ නැහැ. හමුදා ක්‍රියාන්විත සැළැස්මකදී, මෙතන මේ deductions කියන්නේ, සාමාන්‍ය ව්‍යවහාරයේදී, අඩුකරනවා කියන තේරුමෙන් නෙවෙයි. ක්‍රියාන්විතයට අදාළ, ඒ ඒ පියවර සඳහා, ඉතා තර්කානුකූලව සහ බුද්ධිමත්ව සිතාබලා, ගතයුතු හොඳම පියවර කුමක්ද යන්න, තීරණය කිරීමයි. මේ සඳහා, හමුදා මූලෝපාය ඥානය - Military Tactical Knowledge ඉතා ඉහළ මට්ටමකින් තිබිය යුතුයි.

61   පොඩි උදාහරණයක් කියන්නම්, අපේ මේ කතාවේ එන කෙල්ලවම සම්බන්ධ කරලා. ඔන්න ඔයාට කෙල්ල කියනවා, හෙට අපි දෙන්න උදේ වරුවේ පිචෑර්ස් එකක් එහෙම බලලා, දවල් හොඳ හෝටලේකින් කාලා, හැන්දෑවේ බීච් එකටත් ඇන්ටර් වෙලා, පොඩි වෝක් එකක් දාලා, වැටකෙයා පඳුරක පහසත් විඳලා, එමු කියලා.

   දැන් ඉතිං ඔහේගේ දනිස් දෙක මැන්ඩලින් ගහන්න පටන් ගන්නවා. නෙද්දකිං විතරක් මේ ......ට ......න යන්න ඕනෙ වුණේ, මගේ අතේ සතේ නැති දවසකමනේ. ඇයි යකෝ, පඩිගන්න තව සුමානයක් තියනවා. මොන .........ද මම සල්ලි හොයන්නේ? ඒ මදිවට පිචර් බලන්නයි, කන්නයි, බීච් යන්නයි, මොන ........ද?

   හ්ම්.........නොගියොත් මගේ පටිරෝල් වෙනවා. කාඩ් කුඩු වෙනවා. අමාරුවෙන් අටවගත්ත (අටම්පහුර නෙවෙයි) ලව් එකට කෙළවෙනවා. ඉතිං මොකේදැයි දන් වළඳන්නේ කිව්වලු. ඒ මදිවට නිවාඩුවක් ගන්න වෙනවා. ටිකක් හොඳ ෂර්ට් එකකුයි කලිසමකුයි අඳින්න වෙනවා. සපත්තු දෙකකුත් හොයාගන්න වෙනවා. වියදමට සල්ලි.........? බස් ගාස්තු ත්‍රී වීල් ගාස්තු කීයක් විතර යයිද.........? පිචර් හෝල් එකේ ටිකට් වලට....අනිවාර්යයෙන් මේකි ඉන්ටවල් එකට අයිස් චොක්ස් ඉල්ලනවා.......අයිස් චොක්ස් නෙවෙයි දෙන්න හිතෙනවා........දවල් කෑමට.....ෆ්‍රයිඩ් රයිස්, කොකා කෝලා, ඩෙසර්ට්? ඇයි බීච් එකේදිත් එක එක ජාති ඉල්ලයි..........බුදු අම්මේ........මං වැටිච්ච අමාරුව. මේකිව බැන්දට පස්සේ, මගේ ඇටකටු වලින් සුප් හදලා බොයිද දන්නේ නෑ........

   දැන් මෙහෙම හිතන්න. දැන් ඔය ඉහළ ඡේද දෙකේ තියන ප්‍රශ්න විසඳගන්න ඔබ මොනවද කරන්නේ? ඉස්සරවෙලාම නිවාඩු ගැනීම. නිවාඩුවක් ඉල්ලන්න, සාධාරණ (කපටි) කරුණු දෙක තුනක් හිතන්න වෙනවා නේද? එයින් එකක් තමා අන්තිමට තෝරාගන්නේ. සල්ලි හොයාගැනීම? ඔයාගේ අතේ දැනට තියනවා මෙච්චරක්, යාළුවෙකුගෙන් ඉල්ලා ගන්නවා මෙච්චරක්, වියදම අඩුකරගන්න, සෑහෙන කල්වේලා ඇතුව පයින් යනවා සෑහෙන දුරක්, නැත්නම් යාලුවෙකුගේ බයිසිකලයකින් ගිහින් දම්මවා ගන්නවා, අහළ පහළ ඉන්න අය ඔයා ගැන නිතර හොයන අය කියලා හිතන්න. ෂර්ට්, කලිසම්, සපත්තු, එහෙම යාළුවෙකුගෙන් ගජේ ගහගන්න පුළුවන්නේ........වෙනදා නොයන විදිහට, ජැන්ඩි පහට ඇඳලා, කොහෙද යන්නේ කියලා හොයන එකෙන් ගැලවෙන්න, එක්කෝ බොරුවක් ලැස්ති කරගන්න ඕනෙ. නැත්නම් පාන්දරින් යන්න ඕනෙ, එහෙමත් නැත්නම් සාමාන්‍ය ඇඳුමක් ඇඳගෙන ගිහින්, වෙන තැනකදී කිට් බිට් ගහගන්න ඕනෙ. කෙල්ල ඔයාව හම්බවෙන්න එන්ඩ කියන තැනට යන පාරේ, ඔයාගේ නෑදෑයෝ ඉන්නවා. ඒ අයගේ අවධානයට ලක් නොවෙන්න, වෙන පාරකින් යන්න වෙනවා. දැන් හිතලා බලන්න යුද්ධයක් වගේ නේද මේක? ඉතිං යුද්දෙදිත් ඔහොමම තමා වෙන්නේ. බලමු කොහොමද වෙන්නේ කියලා. 

i. ඉලක්කය වෙත ළඟාවීමේ මාර්ග ප්‍රමුඛතාව සැකසීම. (අපි කලින් කියලා තියනවනේ කෙල්ලගේ ගෙදරට යන්න පුළුවන් පාරවල් කීපයක් ගැන. අවසාන වශයෙන් එයි පාරවල් තුනක් පමණ තෝරාගන්නවා. ඉන්පසු බොහොම කල්පනාකාරීව සලකා බලා අවසාන තීරණය ගන්නවා මෙන්න මේ පාරෙන් තමයි යන්නේ කියලා) ඒ පාර, සැලැස්මේ ලකුණු කරන්න ඕනෙ.

ii. භට පිරිසේ සංයුතිය. (මේ වැඩේට මට මොන වගේ අය හිටියොත්ද වඩාත් සාර්ථකව වැඩේ කරන්න පුළුවන් වෙන්නේ? ත්‍රී වීල් ඩ්‍රයිවර්ලා දෙන්නයි, මොටෝබයික් දෙකයි, කාර් එකයි, හොඳට ගහගන්න පුළුවන් එවුන් හතර දෙනයි, ඔන්න ඔය විදිහට යුද්දෙදි නම් කාලතුවක්කු, යුද ටැංකි, මෝටාර්, මැෂින් තුවක්කු,භට පිරිස්, ආදිය)

iii. කෙල්ලගේ ගෙදර ගේට්ටුව කඩාගෙන ඇතුලට දානවද බයිසිකල්? (යුද්දෙදි නම් ප්‍රහාරක අවස්ථාවේ දී යුද ටැංකි යොදාගන්නවාද? මෙහි වාසි අවාසි දෙකම තියෙන්න පුළුවන් නිසා, ඉතා කල්පනාවෙන් කලයුතුයි. බලන්න, බයිසිකල් දෙක ගෙදර මිදුලට ගැනීමේදීත්, වාසි අවාසි දෙකම තියෙන්න පුළුවන්)

iv. කඩු, පොලු, බයිසිකල් චේන්, රම්බෝ පිහියා, එහෙම ගෙනියනවානම්, එව්වා අතේ තියන අය කොතන ඉඳලද වැඩේ කරන්නේ.? (යුද්දෙදි නම්, කාලතුවක්කු, මල්ටි බැරල්, මෝටාර්, ලොකු මැෂින් තුවක්කු, ස්ථාන ගත කරන්නේ කුමන ස්ථාන වලද?)

v. හරියටම කොයි වෙලාවටද ගේම් එක පටන් ගන්නේ. (හරියටම මෙන්න මේ වෙලාවට කියලා අනිවාර්යයෙන් තීරණය කළයුතුයි. ඊට පෙර එහෙමෙහෙ රස්තියාදුවේ යන්නේ නැහැ. එහෙම ගියොත් සැක ඇතිවෙලා, සතුරා අපට කලින් ක්‍රියාත්මක වෙන්න පුළුවන්)

vi. කෙල්ලගේ ගෙදර ගේට්ටුව වහලා තිබුනොත් කඩාගෙන යන්නේ කොහොමද කියන එක සහ අපි ඇතුළට කියාට පස්සේ වැහුවොත්, ඒක කඩන්නේ කොහොමද? (යුද්දෙදි නම් ඉංජිනේරු බලකායේ සහාය ගන්නවද. ඉංජිනේරු බලකාය කරන්නේ, අපිට බාධාවන දේවල් පුපුරවා හරිනවා, පාරවල් ක්ෂණිකව හදා දෙනවා. සතුරාට අපි ළඟට එන්න බැරි විදිහට බාධක ඇති කරනවා. ඉංජිනේරු සහාය අවශ්‍ය නම්, ඒ සඳහා කල්තියා සැළැස්මක් හැදිය යුතුයි.)

හරි අදට මේ ඇති.

මතු සම්බන්ධයි.........!!!!



my-signature-for-blog[1]    2014 ඔක්තෝබර් මස 18 වැනි දින 0031 පැය

47 comments :

  1. //වැටකෙයා පඳුරක පහසත් විඳලා,// :D

    මේවායේ කටු නැද්ද?

    කොල්ලෝ කෙල්ලෙක්ව ෆිල්ම් එකකට ගෙනියන්ට මෙච්චර ප්ලෑන් කරනවා කියලා දැනගත්තාම දුක හිතුණා...:D:D

    ReplyDelete
    Replies
    1. කටු ඇනෙනකොට තමයි නිකම්ම කියවෙන්නේ 'ආදරේ වේදනා සහගතයි සුදෝ, නමුත් හරිම ජොලියි' කියලා. අත්දැකීමෙන් කියන්නේ. :e

      කොල්ලෝ එච්චර මහන්සි වෙන්නේ පස්සේ පොලියත් එක්ක ගන්න කියලා අමතක කරන්න එපා නෝනා. :e

      Delete
    2. කු.හාමි

      ඔය ගංවල වැටකෙය්ය සහ මුහුද අයිනෙ වැටකෙය්ය පඳුරු අතරෙ පොඩි වෙනසක් තියෙනව. මූද අයිනෙ ඒවගෙ කඳේ මුල කොළ නෑ. ඇතුල නිකං ගේ වගේ. ගං වල ඒවගෙ එහෙම යට ඉඩ නෑ, මම දැකපු විදිහට. ඒකයි මූද අයිනෙ කොල්ලො වැටකෙය්ය පඳුරු වලට කැමති ;)

      Delete
    3. වැටකෙයි සිසිල නොවිදපු ජීවිතේ මොකටද කු.හාමි

      Delete
    4. ඔය මුලත් එක්කම වැටකෙයියා කොළේ හබරල කොළ සයිස් උනානං කියලා වැඩක් නෑ.. සමහර වැටකෙයියා ගස් වල අස්සෙං රූම් එක පේනවා..:D

      සොබාදහමත් අපිටමයි කෙලින්නේ :D චැහ්

      Delete
    5. ඔන්න පොඩ්ඩි, වැටකෙයා ස්පෙෂලිස්ට්ලාගේ පළපුරුද්ද දැක්කා නේද?

      Delete
  2. මොකද අනේ හිනා මූණුවලට ඇස් ගහන ඒවා දාලා තියෙන්නේ?

    ReplyDelete
    Replies
    1. වෙලාවකට මගේ කී බෝඩ් එකෙත් 'ඇස්' ගහන්න බැහැ.

      Delete
    2. මගෙ කලින් තිබුණු කී බෝඩ් එකෙන් 'ඇස්' ගහනකොට කොම්පියුරටයත් ෂට් ඩවුන් වෙනවා. :)

      Delete
  3. ෆිල්ම් එකක් බලන්න අමාරුයි නෙව සෑහෙන්න , වැඩේ අතෑරලා දැම්මා ,මම යනවා වේදිකා නාට්‍යයක් බලන්න . :b

    ReplyDelete
    Replies
    1. වේදිකා නාට්‍ය පෙන්නන හෝල් වලත් බොක්ස් පහසුකම් ඇතිකරනු කියලා උද්ඝෝෂණයක් කරමුද?

      Delete
    2. බොක්ස් නං මොනවද, කර්ට්න් එකක් ඇදල දුනත් ඇති !!!

      Delete
    3. උඹට නං පුටුවක් යට උනත් ඇති.:e

      Delete
  4. හෙක් විචාරක තුමෝ කෙල්ලෙක් උස්සන්න කන්න ඕනා කට්ටක්, විචාරක තුමා අටේ ටීම් එකක් බස්සලා ආවේ කොහෙන්ද ගියේ කොහෙන්ද දැන් නැති විදියට ගේම දුන්නනම් හරි

    මේ ඔය ගේම් වලට අපේ ඒරියල් එක තෝරා ගැනීම තරයේ හෙලා දකිනවා, ඕ යේස්

    ඒවා කොහෙද ප්‍රේමපාල කාමිනීගේ සෙට් එකෙන් බේරුනත් අපෙන් ගැලවෙනවා බොරු, හෙක් හෙක් අපි වසයි හරිය. අය බන් ප්‍රේමපාලයා ඌ දෙන ගේම බ්ලොගක් හරහා පබ්ලිෂ් කරනවනේ. :a

    මොක උනත් අර කැම්පස් වචනේ මී හරකට වගේ තේරුනා :t

    ReplyDelete
    Replies
    1. ඔන්න ප්‍රේමපාලට සොමියා තව ඔබ්ස්ටැකල් එකක් මතක් කරල දීල තියෙනව. කෙල්ලව උස්සන්න ඇහැ ගහන් ඉන්න තවත් ෆෝර්ස් එකක්.. මේකත් සැළසුමට දා ගන්න වෙයි නේද?

      Delete
    2. උස්සන්න කන කට්ට වගේද සොමී ඉස්සුවට පස්සේ කණ කට්ට.

      මේ ක්‍රියාන්විත්යටත් අටේ ටීම් එකක් වගේ පොඩි එකක් තමයි ගැලපෙන්නේ.

      ප්‍රේමපාල කාමිනීට පණ පුදලා ඉන්නේ. ඌත් දැන් MMK = මරාගෙන මැරෙන කල්ලිය. :e

      @ කල්‍යාණ. අම්මපා මේ විදිහට ගියොත් තව තව කෑලි එකතුවෙලා තව අවුරුදු ගානකින් ප්‍රේමපාලට නාකි වෙලා තමයි මේ ඔප් එක කරන්න වෙන්නේ :e

      Delete
  5. මං නං හිතා ගත්තේ කෙල්ලක් පික්චර් බලන්න යන්න අඩගැහුවොත් එක පාරම පැනල යන්නම යෝජනා කරන්න. ඇයි අප්ප සුළුපටු සෙල්ලමක් ද මේ? මොනව උනත් ආපහු කෙල්ලක් යාළු කරගෙන පැනල යන්න හිතෙනව ලියල තියෙන අපූරුව දැක්කම.. ජයවේවා ඔබ තුමාට! මෙහෙයුම සාර්ථකම වේවා!

    ReplyDelete
    Replies
    1. මෙව්වා ඉතිං අත්දැකීම් වලින් ලියන දේවල් නේ. ඔන්න මම ඉස්කෝලේ යන කාලේ කෙල්ලෙක් එක්ක පිචර් එකක් එහෙම බලලා, ආපහු එන්න බස් එකට නැගලා, පස්ස සීට් එකේ පෙම් මුල්ලේ ඉන්නවා. හුටා......හිටපු ගමන් අපේ දෙවෙනි අක්කා නැග්ගේ නැතැයි බස් එකට. මම පටස් ගාලා සීට් එකේ එහා කොනට ගියා. අක්කා මැදින් වාඩි වුණා. මම අක්කගේ පිටට උඩින් අතදාලා තමයි කෙල්ලගේ අත අල්ලාගෙන ආවේ. :e :e

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. කෙල්ලගෙ නම විචාරකී නං වෙන්ට බෑ. ඊට කලිං 52 වෙනිය විතර? :D
      බාරියාවක් සුවාමිපුරුසයගෙන් ඇහුවලු “ඔයාට ඇත්තටම ගෑනු කීයක් ඉන්නවද?“ කියලා.
      පුරුසය ඇඟලි නම නම ගනිංට ගත්තලු “කෝ බලංට, එකයි, දෙකයි, තුනයි, හතරයි, පහයි, ඔයයි, හතයි, අටයි...“ ආදී වශයෙන්. (ඔන්න මේ පුරුසය විචාරක හෙම නෙමෙයි ඈ...)

      Delete
    4. මට ගණින්න වුණොත් ගමක මිනිස්සුන්ගේ ඇඟිලි ඕනෑ වෙනවා. :e

      Delete
  6. ඒ පාර ......අද plan එක නම් ගැලපෙන්නේ හොද robbery එකකට ....පාතාලේ උන්ට computer බැරි හින්ද හොදයි..... මේ පැත්තේ උන් වැඩි පුරාම කැලේමනේ ඉන්නේ.......
    ඒත්....... plan හදන සුදු කරපටි කාරයින්ට නම් නියම චාන්ස් එක....
    විචාරකතුමා මේ නිසාද හමුදාව හැර ගිය අය....... ගේම් වලට එන්නේ.? පාතාලයේ හිටියෙත්...... බහුතරයක් ඔවුන්.....
    භීෂණ කාලේ කැලෑ පන්ති තියල ඉගැන්නුවෙත් මේවද....?

    ReplyDelete
    Replies
    1. පාතාලයන්ට මෙව්වා ඕනෙ නැහැ. උන්ව පාලනය කරන එවුන් මෙව්වා දන්නවා.

      නැහැ. එදා මේ තරම් හොඳට ක්‍රියාන්විත තොරතුරු ඉගැන්නුවේ නැහැ. ඉගැන්නුවානම් 1971 විප්ලවය සාර්ථක වෙන්න තිබුණා.

      Delete
  7. කලින් හම්බුනානං විචාරකතුමා දෙයියෙක්...

    බුද දු ස ර ණ යි !!!!

    ReplyDelete
    Replies
    1. අරන් පැනපු කාලෙ හම්බුනානම් නේ?

      Delete
    2. සෑහෙන පරක්කුයි..
      දැං අපිට ඕනැ බොඩි ආමර් හදන ක්‍රමේ :D

      Delete
    3. @ විදානේ. කලින් කියලා මොකද? දැන් කියලා මොකද? මම මමම තමයි.

      @ මනොෂ්. කොයි එකද?

      @ පත්තරේ. ඔය ගමක ඉන්න නැන්දම්මා කෙනෙක්ගෙන් ඉල්ලගනින්කෝ හොඳ බොඩියක්.

      Delete
  8. චැහ්! කතවෙ හොඳම කොටස යද්දි මතුසම්බන්ධයි කිය්ල දැම්මා. ටීවී එක වගේනම් පොලොවෙ ගහන්න හිතෙනවා. ඕ යේස්!

    ReplyDelete
    Replies
    1. ඉතිං මොනිටරේ හරි, ලැප හරි, ගහන්නකෝ පොළොවේ. තව එකක් ගත්තම ප්‍රශ්නේ ඉවරයිනේ.

      Delete
  9. මුන්ව පන්නන එකත් යුද්ධයක්....පැන්නුවාට පස්සෙත් යුද්ධයක්...

    විචා සංකීර්න විෂයක් මේ තරම් සරළව පැහැදිලි කිරීම ලේසි නැහැ නේද...

    ReplyDelete
    Replies
    1. පන්නගෙන ආවයි කියමුකෝ. ඊට පස්සේ උන් ජීවිතකාලේ පුරාම අපේ පස්සෙන් පන්නන එකනේ කරන්නේ අරු. අන්න එතකොට තමයි පන්න ගත්ත එක මොන මෝඩකමක්ද කියලා හිතෙන්නේ.

      සිංහලෙන් මේවා විස්තර කරන එක හරිම අමාරුයි.

      Delete
    2. ඒත් ගෙදරින් එලියට ගිහිල්ල දෙකක් දාගෙන සුද්ද සිංහලෙන්නම් කියන්න පුලුවන් නේද විචාරක?

      Delete
  10. මේ වැල් බයිල වැඩක් නැ පත්තුවෙන ආවුද යක් තියනවනං දෙනවද , දෙයියනේ කියල ගොඩ යන්ඩ පටන්ගත්ත වැඩේටත් කෙලවලදාපු තම්බියගේ ඔලුව කුඩු කරල ආයෙත් ගෙනත් දෙන්නං

    ReplyDelete
    Replies
    1. මොකද්ද බොලේ ඒ කතාව. ඉතිං ඔහොම හතුරෙක් ඉන්නවනං දෙමුකෝ සහයෝගෙන් ගේමක්.

      Delete
  11. ඔබේ මේ අනන්‍යතාවය ඔස්සේ ගොඩනැගිය හැකි මග නිම් නෑ. එතකොට ඔය හාල්පාරුවො එන්නෑ ඕන්නැති විහිලු කොරංට. කොලත් ඔබතුමා මාන්සි වෙන්ටෝංනෑ. පාඨක සෙටි එක දෙනවා කෑලි හැලෙන්න. ඔන්න ඔහොම යං අප්පා.

    ReplyDelete
    Replies
    1. මෙහෙමනේ වැඩේ. සමහරු උපතින්ම මෝඩයි නේ. අර කියමනක් තියනවනේ පිස්සුවට බෙහෙත් තියනවා, නමුත් මෝඩකමට බෙහෙත් නැහැ කියලා. ඔන්න ඔහේ ඔයා කියනවා වගේ අපි අපේ වැඩක් බලාගමු.

      බොහොම ස්තුතියි.

      Delete
  12. මට මතකයි වර්ඩ් ප්‍රෙස් එකේ ලියල තිබුන වගෙ "ඉගැන්වීමෙහි ද රට රැකීමෙහි ද යෙදී......" කියල. ඔබ තුමාට ඉගැන්වීමත් හොඳින්ම කළ හැකි බව දැනෙනවා මේව කියවන කොට. සංකීර්ණ විෂයයක් සරලව [ජීවිතයේ සියල්ල සරලව :) ] පැහැදිලි කරන්න ගත් වෙහෙස වෙනුවෙන් ස්තුතියි ! මේවා කොතනටත්, කවදටත් වලංගු පාඩම් නේද...

    (මේ වාගෙ මෙහෙයුම් ගැන නිෂ්පාදනය වුනු හොඳ චිත්‍රපට ටිකක් කියන්නකො.)

    ReplyDelete
    Replies
    1. ඔව් මම ඉතා කෙටි කලක් ගුරු වෘත්තියේ හිටියා. ඒ නිසයි එහෙම කියලා තියෙන්නේ. ඇත්තටම ආත්ම වර්ණනාවක් වශයෙන් කියනවා නෙවෙයි. මම විශ්වාස කරනවා, මට ඉගැන්වීම ගැන සතුටුදායක හැකියාවක් තිබෙනවා කියා.

      මේ පාඩම් අදටත් හමුදා ඇකඩමි වල උගන්වනවා.

      හමුදා ක්‍රියාන්විත ඇතුලත් චිත්‍රපටි ලැයිස්තුවක්,
      මෙන්න මෙතන තියනවා

      Delete
    2. Tora! Tora! Tora!

      Once 'We were soldiers'! in fact 'buffalo soldiers' at times with 'full metal jacket'.There were 'A few good men' with many 'inglorious bastards' in our 'Platoon'. Yes we failed at times while 'Saving private Ryan' but even when caught 'Behind enemy lines' we never went beyond 'Rules of Engagement'. We thought it was the start of our 'Downfall' when the 'Black hawk Down' but God! he was a great 'Master & Commander' who never gave up and finally brought us to the 'Green Zone' and saved 'The Kingdom'. Unfortunately now there are 'Three Kings' to 'The last castle' fighting each other for the glory of triumph; so that again we see 'Enemy at the gate' in 'Tigerland'. Is that 'A bridge too far' or just a 'Defiance' that we still could not close gaps? 'The General's daughter' loved a young enemy's 'courage under fire' and that was youth. There were no any difference. Anyone need anymore 'Casualties of War'? NO. We have different 'Paths of Glory' but all of us are 'Men of Honor' under the 'Empire of Sun' :D

      Delete
    3. ස්තුතියි විචාරකතුමා !

      කළ්‍යාණ මිත්‍ර,

      කොහොමද ගලප ගත්තෙ ඔය ටික. :c කීපයක් තියනව බලපු ඒවත්. බලපු නැති ඒවත් තියනව. ස්තුතියි !

      Delete
    4. @ කල්‍යාණ

      You have taken me in total surprise. what a wonderful creation. Thanks, Thanks a lot.

      Delete
  13. Sir,
    මෙහෙයොඋමට සම්හන්ද වෙන කෙනෙක් සතුරට අහු වුනොත්? Oකොම ඉවරඉ නෙ! ණත්නම් පවා දීමක් උනොත්?
    ‍යන්තම් සින්හලෙන් ලිවුව අක්ශර වින්යස සහිතව කොහොමඩ ලියනෙ?
    වරඩි හඩන ගොඩක් වෙල ගිය අපො අය්ත් සින්හලෙන් නම් cඔම්මෙන්ට් කරනෙ න

    ReplyDelete
    Replies
    1. බුද්ධි අමාරුවෙන් හරි සිංහල ලියපු එකයි ලොකුම වැඩේ. ඔයා ෆෝන් ඒකෙන් නේද ජාලයේ සැරිසරන්නේ? ඇත්තටම මම දන්නේ නැහැ සිංහල පහසුවෙන් ටයිප් කරන්න පුළුවන් ඇප්ස් තියනවද කියලා ෆෝන් වලට හරියන. ටිකක් හොයලා බලන්න. අධෛර්යයට පත්වෙන්න එපා තව ටිකක් උත්සාහ කළොත් නිවැරදිව සිංහල ටයිප් කරන්න පුළුවන් වෙයි.

      කණ්ඩායමේ කෙනෙක් සතුරාට අහුවුණොත් කළහැකි දේවල් තියනවා. එකක් තමයි ඔහුට පුළුවන් වෙනත් බොරු සැලැස්මක් කියන්න. දෙක අපිට පුළුවන් අපේ සැලැස්මේම හදාගන්න විකල්ප පියවරක්, කවුරු හරි සතුරාට අහුවුණොත් මොකද කරන්නේ කියලා. පාවාදීමක් වුනොත් නම් පණ බේරාගෙන පැනගන්න තමා වෙන්නේ.

      Delete
    2. බුද්ධි ඔයා අහලා තිබුනා අක්‍ෂර වින්‍යාසය සහිතව කොහොමද ටයිප් කරන්නේ කියලා. ඔන්න මම පහළින් ඔයාගේ මුළු කමෙන්ට් එකම ඉංග්‍රීසි අකුරු වලින් ටයිප් කරනවා google input tools වලදී ටයිප් කලයුතු ආකාරය පෙන්වීම සඳහා.

      meheyumata sambandha wena kenek sathurata ahuwunoth? okkoma iwarane! nathnam paawaadeemak siduwunoth?

      yantham sinhalen liwwaa akshara winyaasaya sahithawa kohomada liyanne?

      waradi hadanna godak welaa giyaa apo aayeth sinhalen nam koment karanne naa

      Delete
  14. ගොඩාක් ස්තුතීය් sir

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }