හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

21 October 2014

බලන්ඩකෝ මෙයාලා දන්න දේවල් - Shame on you Plagiarist

අම්මෝ........... බලන්නකො මෙන්න මෙයාලා දන්න දේවල්. මෙයාලා තමන්ගේ අඩවියේ අලුත් ලිපියක් දාලා, මුලින්ම මෙන්න මෙහෙම කියලා තියනවා.

මෙය අන්තර්ජාලය ඇසුරෙන් උපුටාගැනිමක් වන අතර ලිපියේ රස්ඤතාවයට හානියක් නොකර ලිපිය ඉදිරිපත් කර ඇත​.

   අනේ ද කියන්නේ. ටිකක් උනන්දුවෙන් බලනකොට, මෙන්න බොලේ මේක මගේ පරණ ලිපියක්. මේ තියෙන්නේ මගේ ලිපිය.

   අම්මපා මොකක්ද මේ 'රස්ඤතාවය' කියලා මෙතන කියන්නේ? විස්කිරිඤ්ඤා වගේ දෙයක්ද? හෝ...........හෝ...........දැනුයි තේරුණේ. මුන්නැහෙලා මේ 'රසඥතාවය' කියන වචනේ තමයි ලියන්න උත්සාහ කරලා තියෙන්නේ. 'අන්තර්ජාලය ඇසුරෙන් උපුටා ගැනීමක්' ලු. 

   ඉතිං හත් දෙයියනේ, ගත්තෙ කොහෙන්ද කාගෙන්ද කියලා කියනවලකෝ. මමත් ලිපි ලියන්නේ, අන්තර්ජාලයේ මිසක් අල්ලපු ගෙදර තාප්පයේ නෙවෙයිනේ. මගේ අඩවියෙන් උපුටා ගත්තා කියන්න ඇයි ඔච්චරම ලැජ්ජා? අනික මේ රස්ඤතා අඩවියේ කාටවත් කමෙන්ට් දාන්නවත් බැහැ. ඒත් ලැජ්ජා නැතුව කියනවා ලයික් එකක් දාලා යන්න කියලා.

   උදේ පාන්දරවත් කිව්වනම්, උන්නැහේගේ දෝතම අල්ලන්න කියලා වෙන මොකක් හරි දාන්න තිබුණා. 'රස්නේ පිටින්ම කාලා බලන්න' කියලා. 

 අනේ කාලේ වනේ වාසේ කිව්වලුනේ.


1


මට මතක්වුණා පරණ ජනකවියක්. මෙන්න මෙහෙමයි ඒ කවිය.

ඇතුල් පැත්ත පිටපැත්ත නොදන්නා
කිතුල් පිත්ත උඩ පියවර මැන්නා
උකුල් ඇටෙත් උගේ එලියට පැන්නා
එහෙව් උනුත් අද සබයට එන්නා


Screenshot (61)


Screenshot (62)


අම්මපා මෙව්වා මටමනේ වෙන්නේ :D :D :D 


my-signature-for-blog[1]     2014 ඔක්තෝබර් මස 20 වැනි දින 2327 පැය

43 comments :

  1. ගන්න තැනක ලින්ක් එක දැම්ම නම් අවුලක් නෑ. කිව්වට බෑ ඉතින්, තම්බල කන්න ලයික් එකතු කරන්නත් එපෑ. අනුකම්පා කරමු.

    ඔහොම සයිට් වලට ඕන කරන එකම දේ හිට්ස්, සහ ලින්ක්. ඉතින් මට හිතෙන්නෙ විචාරක තුමා, ඕවට ලින්ක් නොදෙන තරමට හොඳයි. දැනුවත් කිරීමට ලිපියක් දානවා නම් නිකම් ලින්ක් එකක් දාන්න, ක්ලික් කරන්න බැරි විදිහට.
    හැබෑට විචාරක මහත්තයට හරියට ආදරෙයි නෙ මේ කොපි කරන උන්දලා. :d

    ReplyDelete
    Replies
    1. පව් නේද? ලියන්න මොකවත් නැතිවුනාම නේ මෙහෙම කරන්නේ. ලියන්න මොකවත් නැත්තේ ඔලුවේ මොකවත් නැති නිසා. මට අන්තිමට හිනා ගියේ ඒ නිසයි.

      Delete
  2. වැඩේ නම් වැරදියි තමයි. ඕක ඉතිං පිළිගත් මාධ්‍යයක තිබ්බා නම් මොනවා හරි කරන්න තිබ්බා.. අර ඉන්දිකගේ ලිපියට වගේ. ඒත් ඉතිං අඩුම ගාණේ උපුටාගත් බව වත් කියලා තියනවනේ. ගණං ගන්න එපා... අපි ලිපි ලියනකොට අන්තර්ජාලයෙන් කොච්චර දේවල් උපුටා ගන්නවද... ඒ හැම තැනකටම ලින්ක් දාන්නේ නෑනේ... දැන් විචාරකතුමාගේ මුල් ලිපියේ උණත් පින්තූර ගත් හැමතැනටම ලින්ක් නැහැනේ.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ මට මෙව්වට නඩු දාන්න ඕනෙ නැහැ. ගත්තෙ මෙතනින් කිව්වනම් මමත් ප්‍රශංසා කරනවා මෙලෙස නැවත පලකිරීම පිළිබඳව.

      මම මේ කාරණය මීට පෙර කීපවතාවක් මගේ ලිපි හොරකම් කල අවස්ථාවල කියා තිබෙනවා. මම ජාලයෙන් ගන්න පින්තූරවල ලින්ක් මම සේව් කරගන්නවා. ප්‍රශ්නයක් ආවොත් පෙන්වන්න. එහෙම නැතුව ලින්ක් ඔක්කොම දාන්න ගියොත් ලිපියට වැඩිය දික්වෙනවා ලින්ක් තොගය.

      Delete
  3. අනුකම්පා කට යුතුයි...
    ලැජ්ජානැති කම මහමුදලි කමටත් වඩා ලොකුයි කියනව නෙව විචාරකතුමෝ....
    ඔහැක්....
    අල්ලල දාන්න සමහර අය ලියන පොස්ට් වෙන අයගෙ නං වලිං පත්තරෙත් යන්නෙ
    මතකනෙ උපසාන්ත ගොය්යට වෙච්ච වැඩේ...
    හොරු නෙවී හරක් හොරු

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔහේ අල්ලලා දාමු නේද? පව් නේ, නැති බැරි කමටනේ හොර පොල් ගෙඩියක් දෙකක් කඩන්නේ. කෙහෙල්කැනක් කපන්නේ. කුකුලෙක් හොරකම් කරන්නේ.

      Delete
  4. ඕවා වලක්වන්න බෑනේ විචා.. පෞද්ගලිකව මම නං ඕවා ගැන තැවෙන්නෑ ඇත්තටම.. මම ලියපු මොකක්ද දෙකකුත් කොහේ හරි තැන් දෙකක ගියා මට මතක විදියට.. (රසකතා එකට ලිව්ව ඒවද කොහේද?) අනේ මම නං ඇහැක් ඇරල බැලුවේ නෑ.. වැඩක් තියේය බං.. මේවා අපි සල්ලි වලට ලියන ඒවා නෙමෙයි නේ..

    ReplyDelete
    Replies
    1. සල්ලි වලට නොලිව්වත් දේශා ආත්ම තෘප්තිය කියලා දෙයක් තියනවනේ. කොපි කිරීමෙන් ආත්ම තෘප්තියක් ලැබෙනවාද මන්දා.

      Delete
    2. ඒක ඒ අයගේ වැරුද්දක්.. අපිට රන්ඩු සරුවල් කරල ඒක හදන්න බෑ.. මම නං ඔය කොහේ තිබුනත් ඒකෙන් ආත්මතෘප්තියක් ලබනවා.. අපි බුදුන්ගේ මිනිස්සු නේ බං.. ඔන්න ඕවා අතෑරල බණක් දහමක් අහගෙන ඉමු.. අර බ්ලොග් වල ඉන්න හොදම බෞ්ධයා අයිලාෂ්.. මිනිහා එයාගේ කෛාපි කරන්න බැරි වෙන්න මොකක්ද කරල නේ තියෙන්නේ. ඉතිං බදාගෙන නේ.. අපිට බෙදාගන්න කිව්වට.. ඒ අතිං විචා හොදා.. ඔය බුලට් දෙකක් තුනක් විසි කරල නිකං ඉන්නවා නේ.. හැක්.. මටත් ත්‍රිවිල් එකක් ඕන මාමේ. (අර යකාට දීල විතරක් මදි)

      Delete
  5. අන්තිමයි...අශිලාචාරයි..කුඡිතයි

    ReplyDelete
    Replies
    1. ඔය වචන අර උන්නැහේලාට තේරෙනවද මන්දා

      Delete
  6. ඕකුන්ට තවත් හිට්ස් ගන්න ලයික් ගන්න උදවු කරන්නේ මොකටද... මොනවා කරන්නද..

    ReplyDelete
    Replies
    1. තව කෙනෙක් මට කැමති (like) වෙන්නේ, අනේ මට කැමති වෙන්න කියලා බැගෑපත් වීමෙන් නොවිය යුතුයි නේද? මෙහෙම ලයික් ඉල්ලන කාටවත් මමනම් ලයික් දෙන්නේ නැහැ. මම කාගෙන්වත් ලයික් ඉල්ලනෙත් නැහැ. මගේ පැවැත්ම අනුව තමයි මට ලයික් හෝ ඩිස්ලයික් ලැබෙන්නේ.

      Delete
  7. අවශ්‍යතාවය ලයික් සහ හිට්ස් නිසා තමයි මෙහෙම වැඩ කරන්නෙ. නැත්නම් ලිපියෙ මූලාශ්‍රය කියන්න හෙන වැදිලයෑ. මමත් කාලයක් උපුටා ගැනීම් දැම්මා. ඒත් ඒ කතෘ පිළිබඳ උපරිම හැඳින්වීමක් කරලා. මුන්ට කියල වැඩක් නෑ.

    ReplyDelete
    Replies
    1. මෝඩකමට බෙහෙත් නැහැනේ

      Delete
    2. මගේ ප්‍රොෆයිල් පික්චර් එකට මොකක්ද වෙලා.

      Delete
    3. ඒකනේන්නම් මාත් මේ මොකද බැලුව. ආයෙමත් අලුතින් ඇඩ්කරල බලන්න.

      Delete
  8. නිර්මාණයක් එළියට දැම්මයින් පස්සේ ඒක පොදු දෙයක් වෙනවා. නමුත් ඉතින් සඳහනක් කළා නම් මල් මසුරන්.. සම හරක් එහෙම කරන්නේ නෑ.. වැදගත් අය නම් එහෙම කරනවා..

    ReplyDelete
    Replies
    1. සම හරක් තමයි එහෙම නොකරන්නේ. ලැජ්ජා නැති සම හරක්.

      Delete
  9. ඔතන ඔය රසන්ය තාවයද මොකක්ද කියන වචනෙන් අදහස් කරන්නේ අපි ගෙඩිය පිටින්ම එබුවා කියලා, හෙක් එවුන්ට ඒ තාවයක් තියෙනවද මන්දා, හරිම ලොල් සහගතයි, අනේ මහත්(හොරුනේ) අපිත් ගුගල් කරලා ඕනා එකක් හොයා ගන්න දන්නවා, නිකන් ලෝකල් ගුගල් ලා වෙන්නේ නැතිව ඉන්න. අනුන්ගේ ඇඳුම් වලින් විලි වහගන්නවට වඩා වද්දොත් හොදයි කොළ අතු එල්ලන් ඉන්න.

    ReplyDelete
    Replies
    1. ඔය ටික තේරුම් ගන්න මස්තිෂ්ක කුහරය තුල මොලය කියලා දෙයක් තියෙන්න ඕනේ.

      Delete
  10. මේ දැනුවත් කිරීම වටිනවා. මොකද ඔහොම පුද්ගලයින්ගෙ හෙළුව මුළු සයිබර් අවකාශයටම පෙන්විය යුතුයි.

    අඩවියට ඇවිත් ලිපිය කොපි කරන් යන මනුස්සයට ඒ ලියෙම ලිංක් එක කොපි කරන් ගිහින් "ලිපිය ගත්තෙ මෙතනින්" කියලා අර ලිංක් එක දෙන්න බැරි කමක් කොහෙත්ම නෑනෙ. අඩුම ගනනෙ ලිංක් එක නැතත් බ්ලොග් අඩවියේ හෝ රචකයගෙ නම සදහන් කිරීමේ නොහැකියාවක් කොහෙත්ම නෑ.

    ReplyDelete
    Replies
    1. මේවා පහත ජන්ම ලක්ෂණ මිසක් වෙන මොකවත් නෙවෙයි.

      Delete
  11. වැඩක් නෑ විචා... අල්ලලා දාන්න, සතුටු වෙන්න ඔයාගේ පොස්ට් එක හොරකං කලාට. හොරු කොහොමත් හොරකං කරන එකනේ කරන්නේ එකත් වටිනා දේ මිසක්, නොවටිනා දේවල් හොරු ගන්නේ නෑ. ජය වේවා...!!!

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමයි. මුන් නිකං හොරු නෙවෙයි කම්බා හොරු :e

      Delete
  12. එයාලට විචාරකගේ නමත් එක්ක ලින්ක් එකක් දාන එක ඔච්චරම ප්‍රශ්නයක් නෙමේ නේද?

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්නයක් නම් නැහැ. නමුත් ඒ සඳහා අවශ්‍ය හැදිච්චකම තමයි එයාල ළඟ නැත්තේ.

      Delete
  13. විචාරක මම හිතන්න ඔව් සැලෙන්න නරකයි , ඉන්දික ,අටමා ,ප්‍රදීප් , මාතලන් වගේ අයත් ඔය තත්වෙට් මුහුණ දුන්නා , ලජ්ජා නැති එකා එළියේ පහරනවා ,කරන්න දෙයක් නෑ

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණයෙන් එකඟයි.

      Delete
  14. මගේ පොළු ගෙඩි කතාව, නොදන්න දෙමළෙ වගේ කතා කීපයක් වෙන සයිට් වල ගියා දැක්ක. ඒත් සුනිල්ගෙ කතාවට ගෙම ඉල්ලුවෙ ප්‍රසිද්ධ මාධ්‍යක, සල්ලි දීල අරන් බලන පත්තරේක ගිය නිසයි. විචාරකට තිබ්බෙ මේ සයිට් එකේ අයට ලියල, ඒ ලිපිය සහ සයිට් එකේ පින්තූර කීපයක් විතරක් දාන්න. ඔහොම ලින්ක් දුන්නම උන්ට ඔබට වඩා හිට්ස් එනව.

    අනික මේක අපි ජාලෙ පින්තූරයක් ගන්නවට වඩා වෙනස්. අපේ බ්ලොග් වලට ඇඩ් නෑ, ලියන්නෙ සතුටට සහ පින්තූර ගන්නෙ වාණිජමය නොවන වැඩකට, බොහෝ විට සේවාවකට. ඒකෙන් මුල් අයිතිකරුගෙ දේපොළට හෝ අදායමට හානියක් නෑ. ඒත් මේ ගොසිපල කොපි කරන්නෙ උන්ගෙ සයිට් වල ඇඩ් දාල තීන නිසා, ඒ හරහ සල්ලි හොයන්න. එතකොට ඒක වාණිජ්‍ය අරමුනක්. ඒ නිසා මේවට එරෙහි වෙන එක හරි.

    නොදන්නව උනාට තව කී දෙනෙක්ගෙ ලිපි ඔහොම ගිහින් ඇතිද?

    ReplyDelete
    Replies
    1. මා හිතන්නේ සිංහල බ්ලොග් ඉතිහාසයේ ලොකුම අසාධාරණය වුනේ ඔයාටයි. කවද හෝ හෙළිවෙන බව දන දැනත් මේ තරම් ලැජ්ජා නැති වද කරන්නේ තමන්ගේ පහත ජන්ම ගති නිසා කියලයි මමනම් හිතන්නේ.

      Delete
  15. ඔන්න ඕක අල්ලලා දාන්ට ...... ඔය ලොකු ලොකු මහාචාර්ය වරු පවා අනුන්ගෙ දේවල් තමන්ගෙ වගේ ලියන එකේ :-)

    ReplyDelete
    Replies
    1. මටත් මේක අල්ලගෙන ඉන්න ඕනේ නැහැ. නමුත් මේ වගේ අය ගැන ලෝකෙට පෙන්නලා දෙන්නත් ඕනේ.

      Delete
  16. කාගන්න දන්නේ නැත්නම් *කාගනින් කියලා අහක බලන් ඉන්න තමයි වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. හිහ් හී..............නියම කියමන. මේ යක්කු ඒකවත් හරියට කරන්න දන්නේ නැතුව ඇති. :e

      Delete
  17. අන්තර් ජාලෙට දැම්මට පස්සේ.. ලිපිය ආරක්ෂාකරගන්න අමාරුයි.. සදාචාරය ගෑවිලාවත් තියනෙ එකෙක් ඔය ලිපිය ගත්ත නං ලින්ක් එක දානවා. ඉතිං කියන්න තියෙන්නේ මේක උස්සන්න අත්තේ අහවලීගේ පුතෙක් කියල තමයි..

    ReplyDelete
    Replies
    1. වෙන මොනවා කියන්නද? තවම මේ අයට තියෙන්නේ දෙකේ පන්තියේ මොළේ.

      Delete
  18. සෑර් … ලිපිය හොරකං කරයි. ටැලන්ට් එක හොරකං කරන්න බැ !!!
    අර ගැරඬියෙක් කැට කැබලිත්‍තක් ඇරං වැනුවලු හතර අතේ. මං නයා කියලා :D පව් ...
    ලබන පාරවත් මනුස්ස ආත්මෙක උපදින්ඩ කියල පතමු !!! … චැහ්

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ පත්තරේ. උපතින්ම ලැජ්ජා නහර පිහිටලා නෑ. පව් නේ

      Delete
  19. ඕක විචාරකට නිතරම වෙන දෙයක් බව මතකයි. හේතුව ඔය තාක්ෂණික කරුණු ඇතුලත්වීම. ඒවා හරිහැටි නොදැන දාලා අහන පුරස්න වලට උත්තර දෙංට බෑනෙ. ඉතිං කොපිය ගහලා “අන්තර්ජාලෙං ගත්තා“ කියල ගහනව ලේබලයක්. “මං මොකුත් දන්නෑ, මං බබා. මුලිංම ලියපු එකා තමා දන්නෙ“ කියල ඇඟ බේරගංටත් ඇහැකි. අර කිවුවා වගේ මොලේ කොපිකොරංට බෑනෙ.

    ReplyDelete
    Replies
    1. හරි හරි ඒක තමා මෙයාලා කමෙන්ට් දාන්න බැරිවෙන විදිහට පෝස්ට් එක දාලා තියෙන්නේ. කවුරුහරි ප්‍රශ්නයක් ඇහුවොත් මේ අයියලාගේ මුක පූට්ටු වෙනවා.

      Delete
  20. අම්මපා.... ගහමුද සෙට් කරලා...

    ReplyDelete
    Replies
    1. මේ විදිහට වචන වලින් ගැහුවම හොඳටම ඇති.

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }