හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

12 June 2016

ඇය සංජීවනී නම් වූවාය

   සංජීවනී අපේ පවුලට (ඇත්තටම අපේ ලොකු අක්කාගේ පවුලට) බැඳෙන්නේ, 1990 දශකයේදී බවයි මගේ මතකය. ඇය අපේ ලොකු අක්කාගේ, දෙවැනි පුතාගේ බිරිඳ ලෙසයි, අපේ පවුලට බැඳුනේ. කෙල්ලෝ කොල්ලෝ යාලුවීම, කසාද බැඳීම, කිසිදු අරුමයක් නෙවෙයි නේ. ඒ වගේම තමයි, අපේ ලොකු අක්කාගේ පුතුන් තුන් දෙනාගෙන්, දෙවැනි පුතා සමග පෙමින් බැඳුණු,  රූපිකා සංජීවනී ද අල්විස්, ඔහු සමග විවාහ වුණේ, මුල් කාලයේදී, ඇගේ පවුලෙන් මෙන්ම අපේ ලොකු අක්කාගේ පවුලෙන්ද, සාම්ප්‍රදායිකව එල්ලවන බාධක සහ විරෝධතා, සාර්ථකව ජය ගනිමිනි. 

   සංජීවනී, ඉතා කෙටි කලකින්, අපේ ලොකු අක්කාගේ දියණියක් හා සමානව කටයුතු කරන්නට වීම, ඉතා විශ්මයජනක විය. අපේ ලොකු අක්කාට දියණියන් නැති නිසා, මේ ලේලිය, ඒ අඩුව මනාව පුරවන බව, අප සැමට මනාව පසක් විය. 

   සංජීවනී සතුව, ඉහත ආත්මයකින් ගෙනා, අපූරු මිනිස්කම් රාශියක් විය. එයින් ඉතාම අගනා වටිනා, මිනිස් ගුණ ධර්මය වූයේ, ඇය සතු ඉතා ඉහල මට්ටමේ සමාජානුයෝගයයි. සංජීවනී සමග විනාඩි 5 ක් කතා කරන ඕනෑම පුද්ගලයකු, ඇය සමග හිතවත් වන්නේ, ඈ සතුව යම් අද්භූත බලවේගයක් තිබුණ නිසායයි, වරෙක මට සිතේ. එමෙන්ම, එක් වරක් හමුවූ පුද්ගලයකු, නැවත හමුවූ විට, මම ඔයාව අහවල් අවස්ථාවේ දී හමුවුනා මතකද  කියා අසන්නට තරම්, හොඳ මතකයක් ඇයට තිබුණි. 

   රූපිකා සංජීවනී, ඇගේ නමට ගැලපෙන ලෙස රූපිකාවක් වූවාය. මේ සමග තිබෙන්නේ, මා ඉතා අපහසුවෙන් සොයාගත් ඇගේ පින්තූරයකි. නමුත් මෙහි දක්වෙනවාට වඩා, ඇත්ත වශයෙන්ම, ඇය රූපිකාවක් වූවාය. කිසිදු අවස්ථාවක, ඇගෙන්, තරහව නැමති දුර්ගුණය දකින්නට නොලැබීම, මා පුදුමයට පත්කළේය. ඇගේ සැමියා විවිධ දුෂ්කර අවස්ථාවන්ට පත්ව, රැකියාව පවා අහිමිවීමේ තත්වයට පත්ව, අසරණව ගිය අවස්ථාවන්හිදී, ඇය පෙන්වන ලද චිත්ත ධෛර්යය, විශ්වාස කල නොහැකි තරම් ඉහළ තත්වයක විය.  

   සංජීවනී, සෑමවිටම නොයෙක් විලාසිතාවන්ගෙන් සැරසෙන නමුත්, එය විකාරයක් නොව අලංකාරයක්ම විය. ඈ සතුව තිබුණු, වයසට වඩා බෙහෙවින් අඩු පෙනුම, ඈ ලද ජන්ම දායාදයක් යයි සිතමි. ඇත්තෙන්ම ඇය දෙදරු මවක්ට වුවද,  පාසල් නිල ඇඳුම ඇන්දුවානම්, පාසල් දැරියක මෙන් පෙනෙනු නොඅනුමානය. 

  සංජීවනී දක්ෂ ගායිකාවක වූවාය. ඇගේ සැමියාගේ බාල සොහොයුරාගේ විවාහ මංගල්‍යයේදී, ඇය, යුද හමුදා තූර්ය වාදක කණ්ඩායම සමග ගීත ගණනාවක් ගායනා කල අතර, ඇගේ ගායන හැකියාව, එම තූර්ය වාදක මණ්ඩලයේ විශේෂ ඇගයීමට ලක්විය. 

   මා හමුවන සෑම අවස්ථාවකම, 'මාමේ' කියා, ළදැරියක මෙන් අතේ එල්ලී කතාකිරීමට' සංජීවනී පුරුදුව සිටියාය. සැබවින්ම ඇය අපේ පවුලට බැඳුණු ඩයනා කුමරියක් බව මම කියමි.

  හෘද අකර්මණ්‍යතාවක් සහ පෙනහළු ආසාදනයක් හේතුවෙන්, 41 හැවිරිදි සංජීවනී, පසුගිය ජූනි 8 වැනිදා අභාවප්‍රාප්ත වූවාය. ලංකාවේදී ලබාදියහැකි ඉහලම වෛද්‍ය ප්‍රතිකාර ලබාදුන්නත්, (පිටරටකට ගෙනියන්නට, ඇගේ පවුලේ ඥාතීන් සූදානම් වුවත්, වෛද්‍ය උපදේශය වූයේ ඇයව නොසොල්වන ලෙසයි)  නොසිතූ ලෙස ඇය අප හැරගියාය. එය සංජීවනීගේ පවුලටත්, අපේ පවුලටත් දැරිය නොහැකි වේදනාවකි. සංජීවනීගේ දෙමව්පියන්, ඇගේ සැමියා, පුතණුවන් දෙදෙනා, සුසාන භූමියේදී හඬා වැටුණු අවස්ථාවේ දී, මගේ පපුවේ ගිනි ගුලියක් පත්තුවෙන බවත්, උගුරේ ගිනියම් යකඩ බෝලයක් රැඳී තිබෙන බවත් මට දැණුනි. 

   සංජීවනී යන නමේ තේරුම, ජීවත්වන්නිය කියන එක නේද? නමුත්, මේ සංජීවනී, මෙතරම් ඉක්මනින් ජීවිතය හැරදා යාම, ලෝක ස්වභාවය පිලිබඳව, යලිත් සිතා බලන්නට ලැබුණු අවස්ථාවක් ලෙස, මම දකිමි.

  සංජීවනීගේ සැමියා සහ දරු දෙදෙනා රැකබලාගැනීම, අපේ පවුල්වල යුතුකම බව නොකිවමනාය. එය එලෙසින්ම ඉටුවන බව සහතිකය. නමුත්, බිරිඳ නැති අඩුව ඒ සැමියාටත්, අම්මා නැති අඩුව ඒ දරු දෙදෙනාටත් දැනෙන එක වැලැක්වීම, හිතන තරම් පහසු නොවේ. 

  සංජීවනී, ඉන්න තැනක සිට, ඔබේ සැමියාවත් දරු දෙදෙනාවත් බලාගන්න. අපිට පුළුවන් හැම දෙයක්ම අපි කරනවා. 

  තමන්ගේ සැමියා මියගොස්, තුන් මසක් පිරෙන්නටත් කලින්, දියණියන් නැති තමන්ට දියණියකවූ, එමෙන්ම තම දෙවැනි පුතාගේ බිරිඳ, මෙසේ අකල් මරණයකට ගොදුරුවීම, මගේ ලොකු අක්කා දරාගන්නේ කෙලෙසකද යන්න, මට සිතාගත නොහැකිය. ඇගේ සෞඛ්‍ය තත්වයද, එතරම් යහපත් නොවීම, මා සිත තුළ දැඩි කම්පනයක් ඇති කරයි. 

  පසුගිය වසර 10 ක පමණ කාලය තුළ, අපේ පවුල්වලට අයත් අවමංගල්‍ය උත්සව සෑහෙන ගණනාවකට, මට සහභාගී වීමට සිදුවූ අතර, එයින් වැඩි ගණනකදී, අවමංගල්‍ය සභාව මෙහෙයවීමේ වගකීම, මා පිට පැටවුණි. මගේ අවමංගල්‍ය සභාව මෙහෙයවන්නේ කවුද කියා, මා එදා අක්කාගේ පුතාලාගෙන් විමසූවිට, ඔවුන් මා බදාගෙන හඬා වැටුනා මිස, පිළිතුරක් නොදුන්නෝය. 

2016 ජූනි මස 12 වැනි දින 2210 පැය 

   

32 comments :

  1. පින් අනුමෝදන් කරන්නම් ඔබටත්..

    සුබ ගමන් සහෝදරී !!!

    ගිහින් එන්න.…

    ReplyDelete
  2. හොඳ මිනිසුන් ඉක්මනින් යනවා. ඔබගේ ඥාතියගේ වියෝව ඔබට මෙතරම් දැනීම එම පුද්ගලයාගේ හොඳ ගති ගුණ වලට සාක්ෂියක්.

    ReplyDelete
  3. Sad story in deed, this is life. 'Niwan suwa pathami'

    ReplyDelete
  4. බොහොම දුක්බර කථාවක්. නිවන් සුව පතමි..!!

    ReplyDelete
  5. ඉපදෙන සැවොම මැරෙන බව අප හොඳින් දැන සිටියත අකල් මරණ නම් සැමදා දුකයි.

    ReplyDelete
  6. යහපත් මිනිසුන් ඉතා ඉක්මනින් ජීවිතයෙන් සමුගන්නවා

    ReplyDelete
  7. දරුවන්ට තම මව නැති වීම, සැමියාට බිරිඳ නැති වීම වගේම යහපත් ගුණවත් ස්ත්‍රියක් අහිමි වීමක්.... බොහොම කනගාටුයි... ඇයට නිවන් සුව පතනවා...

    වයස 41 මියගියා කියුවම විස්වාස නැති උනා.. ඒ කොටස ආයෙ ආයෙත් කියෙව්වා... යහපත් මිනිසුන් ඉක්මනින් අප හැර යාම සුළඹයි.....

    ReplyDelete
  8. සජීවනී, ඔබට නිවන් සුව!

    ReplyDelete
  9. ඇයට නිවන් සුව පතමි !

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. ඇයට නිවන් සුව පතමි !!!!

    ReplyDelete
  12. වෙන්වීම දුකකි,
    මනුලොව නාරකාදියකි මහා...

    ඇය පැතු දෙයක් ඇයට ලැබේවා....!!!

    හිත හදා ගනින් විචා...

    ReplyDelete
  13. සංජීවනී.. ඔබට නිවන් සුව. හොඳ මිනිස්සු හරි ඉක්මනට යනව විචා මාමෙ.

    ReplyDelete
  14. ඇයට නිවන් සුව පතමු !!!

    ReplyDelete
  15. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්...ඇයට නිවන් සුව..

    ReplyDelete
  16. මට විශාල කනගාටුවක් දැනේ,ඇයගේ මතු භවයන් වලදී අකල් මරණයන්ට ලක් නොවේවායි පතමි.

    ReplyDelete
  17. ඇය වෙනුවෙන් පින් අනුමෝදන් වේවා..!!
    ජයවේවා..!!

    ReplyDelete
  18. පවුලේ ඥාතීන්, හිතවතුන් වෙන්වීම දුරස්වීම මරණය අපි හැමෝටම දරාගැනීමට අපහසු දුකක් වේදනාවක්. මේ වගේ නොසිතූ අවස්ථාවක අකල් මරණයකට ගොදුරුවීම ඊටත් වඩා දුකක්. සසර ගමනේදී මෙවන් අකල් මරණවලට ගොදුරු නොවේවා කියල පතමු. අවසන ඇය ප්‍රාර්ථනා කළ අයුරකින් නිවනින් සැනසීම ලැබේවා !

    ReplyDelete
  19. Pl accept my sincere condolences.

    ReplyDelete
  20. ඇයට නිවන් සුව පතමු.

    ReplyDelete
  21. කවදාවත්ම ඇයව දැක නැතත් මහත් කම්පනයක් ඇති වුණා. ඇයට නිවන් සුව පතමි. එසේම අර දරු දෙදෙනාටත් පැහැබර අනාගතයක් පතමි. මට ලියන්නට වචන මතක නැත.

    ReplyDelete
  22. The greatest tragedy is being forced to bury those who we hoped someday would bury us.

    ඇයට නිවන්සුව අත්වේවා!

    ReplyDelete
  23. ඔබේ ඥාති දියණියට සුබ ගමන්.විචා මගේ ශෝකය පිළිගන්න.

    ReplyDelete
  24. ඇයට නිවන්සුව පතමු..........

    ReplyDelete
  25. අකල් මරණයක් කියන්නෙ දුකක්ම තමයි.
    සුභ ගමන් සහෝදරී ,

    ReplyDelete
  26. මෙහි එන්නේ නැවත යාමේ අදහසින්මය.....

    ReplyDelete
  27. මරණය නියත වුණත් දුක හිතෙන කතාවක්.

    ReplyDelete
  28. හොඳ මිනිස්සු ඉක්මණට යනවා කියන එක ලෝක සත්‍යයක්...
    ඇයට නිවන් සුව අත් වේවා...

    ReplyDelete
  29. [im#]https://jangun.files.wordpress.com/2016/06/dsc02439.jpg[/im]

    ReplyDelete
  30. ඉතාමත්ම සංවේදීව ලිය තිබෙනවා. ඔබට මෙතරම් දුකක් දැනුනානම් ඇගේ සැමියාට හා දරුවනට කොපමණ දුකක් ඇත්ද? ය හොඳ මවක, බිරිඳක් දියණියක් ලෙස ගත කල කාලය සතුටින් සැමරීම තමයි කළ යුත්තේ. ඇය සිටි සුළු කාලය තුල ඇය අනුන්ට ගෙන දුන් ප්‍රීතිය හා සතුට මතක් කර සැනසෙන්න. ඇයට සුභ ගමන්.

    ReplyDelete
  31. ඉතාම සංවේගාත්මක පුවතක්. ඇයට නිවන් සුව පතනවා. පෑරුණු සිත් ඉක්මනින් සුවපත්වේවා.

    ReplyDelete
  32. මේකට කියන්නෙ Cardiomyopathy කියලා. හාර්ට් එකෙන් ලේ පොම්ප ක්‍රිරීමේ ක්‍රියාකාරීත්වය අඩුවීම තමයි සිද්ධ වෙන්නෙ. ඒ නිසා පෙනහළු වලින් නිසිාකාරව ඔක්සිජන්/කාබන්ඩයොක්සයිඩ් ලේ වලින් නිසියාකාරව ඉවත් කිරීමක් සිද්ධ වෙන්නෙ නෑ. ඒ වෙනුවට දියර පෙනහළු වල සහ පාද වල තැන්පත් වීමක් සිද්ධ වෙනවා. පෙනහළු වල තැන්පත් වෙන ඒවා ආසාදනය වෙලා පෙනහළු ආබාධ හැදෙනවා. ඇඳක දිගා වෙලා හුස්ම ගන්න අමාරු වෙනවා. කෙලින් අතට හිටියොත් ටිකක් හරි හුස්ම ගන්න පුළුවන්. සමහර දොස්තරලා ලෙඩේ අඳුන ගත්තෙ නැත්නං නහයෙන් දුම අල්ලනවා. එකෝ පරීක්ෂනයක් echocardiogram කරන්න ඕන ලෙඩේ අඳුන ගන්න.

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }