හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

16 October 2016

සිංහ වෙස් ගත් හිවල් මොටාලා

  මේ ලිපිය, කිසිසේත් ලියන්නට සිතාගෙන සිටි ලිපියක් නෙවෙයි. මේ දිනවල, සංස්කරණය වෙමින් පවතින ලිපි හයක්, මගේ බ්ලොග් ලිපි කෙටුම්පත් වශයෙන් තිබෙනවා. නමුත්, මගේ ආත්ම අභිමානය කෙලෙසන්නට වැර දරන, අවලම් ගති ලක්ෂණ සහිත පුඟුලන් කීපදෙනෙකුගේ, ඒ අවලම් චර්යාව නිසා මේ ලිපිය ලියවෙන්නට හේතු කාරණා පෑදුණා.

  හිවල්ලු සිංහයන් වෙන්න උත්සාහ කරණ එක අද ඊයේ වෙච්චි දෙයක් නෙවෙයිනේ. අනික ඒ ලෝක ස්වභාවය, බ්ලොග් ලෝකයට කියලා වෙනසක් නැහැ. කාලෙන් කාලෙට, බ්ලොග් ලෝකයේ, සිවල් ව්‍රතය, සුනඛ ව්‍රතය, නපුංසක ව්‍රතය, රකින උන්ගේ කිරිජ්ජ පල්ලට කෙවිටෙන් ඇනලා, 'ඒයි.....උඹ හිවලෙක්, සුනඛයෙක්, නපුංසකයෙක්, කියලා මතක් කරදීමට සිදුවීමත් පුදුමයක් නෙවෙයි. මේ ඊයේ පෙරේදා, මෙවැනි හිවලෙක්/සුනඛයෙක්/නපුංසකයෙක්/ කෙඳිරිගාමින් මගේ පස්සෙන් එනවා. ඔබ දන්නවා ඇති නේ, නපුන්සකයන් කෙඳිරි ගහා පස්සෙන් එන හැටි. අනේ පොඩ්ඩක් ඉන්නකූ....කියාගෙන. මේ නපුංසකයා/යෝ අන්න ඒ වගේමයි. 

   මේ බ්ලොග් නපුංසකයාට වැළඳිලා තියෙන්නේ එසේ මේසේ බ්ලොග් ෆොබියාවක් නෙවෙයි. කාලයක් තිස්සේ අවලම් රසය බෙදාදී ජනප්‍රියවීම තුළ ඔලුව උදුමවාගෙන හිටි මේකාට, ඒ ජනප්‍රියත්වය සදාකාලික නොවන බවත්, අවලම් කතා නොකියා, ඊට වඩා රසවත්ව ජීවිතය ගැන ලියන්නට හැකි බ්ලොග් කරුවන් සිටින බවත් තේරුම් යනවිට, නපුංසක තෙමේ හොඳටම ප්‍රමාදවී වැඩිය. 

   තමන්, සෘෂි වරයකු මෙන්, බ්ලොග්‍ ලෝකය තුළ, සදාකාලිකව වන්දනයට පූජාවට ලක්විය යුතු යැ යි, ස්වයං මෝහනයට සහ ස්වයං වින්දනයට පත්ව සිටින මෙවැනි පුඟුලන්, කිසිදිනක, තමන්ට අභියෝග එල්ලවනු දකින්නට අකමැතිය. ඒ අභියෝග, බ්ලොග් රචනය තුලින් අබිභවා යන්නට තරම් ලේඛන හැකියාවක්, තමන් තුළ නැති බව දන්නා මේ නපුංසකයා/යෝ, ඉනික්බිති, තම පහත් ජන්ම ලක්‍ෂණ පෙන්වමින්, තමන් මහමග පඳුරක් අස්සේ හොරිකඩ බැල්ලියකට ජාතක වූ බව, ලොවටම මොනවට පසක් කරමින්, අපහාසය පමණක් තම අවිය කරගනිමින්ද, අශූචි වලග ලැග සිටිමින් ප්‍රතිමල්ලවයාට සටනට අභියෝග කරන සූකරයන්ගේ තත්වයට පත්වෙති. 

   මේ අවජාතක ව්‍රතය නොඉවසන වෙනත් බ්ලොග් රචකයකු, සදාචාරාත්මක බව පසෙක තබා, මොවුන්ගේ සාමාන්‍ය පවුල් ජීවිතයේ ස්වරූපයට ගැලපෙන අසැබි වදනින් ඇමතූ කල්හි, වාලධිය පශ්චාද් භාගයේ ගසාගත්, හොරිකඩ පර බල්ලකු මෙන්, මම බෝසතෙක්මි යයි, බෑඟිරි ගසයි. 

   මුන්ගේ අවලම් අඩවි, අප විසින් අත්හැරදමා තිබුණත්, තමන්ගේ අවජාතක බව ප්‍රදර්ශනය කරමින්, ප්‍රස්තුතයට අදාළ නොවන අදහස්, අප අඩවිවල අතහැර දමා යති. පඳුරක් ගානේ කකුල උස්සන, අවජාතක හොරිකඩ පරබල්ලන්ගේ ව්‍රතය, මුන් අනුගමනය කරන බවට හොඳම නිදසුනකි. 

   මෙතැන්සිට කතාව මෙසේ පැහැදිලි කරමි.  මේ මෑතකදී, කලකට පසු, මා යුද අවියක් ගැන ලිපි මාලාවක් ලියන ලද්දේ පාඨකයන් බොහෝ දෙනෙකුගේ ඉල්ලීම පරිදිය. මා සිතුවාටත් වඩා එම ලිපි මාලාව ජනප්‍රිය විය. 

   ඊයේ පෙරේදා දිනක W 3 ලංකා බ්ලොග් අඩවියේදී, මේ ගොන් වහන්සේ, තමන් නොදන්නා විෂයයක් ගැන කමෙන්ට් එකක් දමා තිබුන අතර, මම එතැනදීම, ඒ බ්ලොග් සුනඛයාට නිසි පිළිතුරු දුනිමි. මේ තියෙන්නේ ඒ ගොන් අදහස සහ මගේ පිළිතුරයි. 








   මේ ලාමක පඟර නැට්ටා ප්‍රස්තුතයට අදාලව අදහස් ප්‍රකාශ කිරීමට නොහැකි පුස්සෙක් බව පැහැදිලිවම පෙනෙනවා. මෙන්න මම මේ පුස්සාට දුන්න පිළිතුර.






  වැඩේ වැරදුන බව පුස්සාට තේරුනා. පුස්සා වහාම තමන්ගේ ගොන්කම වහගන්න, තව කමෙන්ට් එකක් දැම්මා. ඒක හරියට, මේ කැනහිලා තමන්ගේ රෙද්ද කඩලා මූණ වහගත්තා වගේ. පුස්සාගේ හෙළුව එහෙම පිටින් එළියේ.




  ඇත්තටම මේ හරකා රෙද්ද කඩා මූණ වහගත්තා නොව සියලුම රෙදි උනා, බලපල්ලා මගේ සීතාම්බරපටයේ ලස්සන කියා කීමක් තමයි කරන්නේ. මට වට්ටෝරු වෙදෙක් කියන මේ අමනයා, GPMG තුවක්කුව ගැන නොදන්නා දැනුම හිඟන්නෙකි. මහා ප්‍රාඥයකු මෙන් එම තුවක්කුවේ සම්පූර්ණ නම ලියා ඇත්තේ මීටපෙර කිසිවකු නොදත් දෙයක් ප්‍රකාශ කරන ආකාරයටය. ඕනෑම කෙනෙකු GPMG යන අකුරු හතර යොදා සෙවීමක් කලවිට, මෙන්න මේ විස්තර ලැබේ.   මේ වෘෂභ රාජයා එතනින් ගත් විස්තර ඇදබාන්නේ, රම්බෝ වගේ යුධයට ගිය කෙනෙකු මෙනි. නමුත් මුන්දෑ නොදන්නා කරුණ නම්, අපේ හමුදාව පාවිච්චි කරන්නේ, එම ලින්ක් එකේ දක්වා ඇති මෝස්තරය නොව මෙන්න මේ මෝස්තරය බවයි.   මුන්දෑ කියන දුරට වඩා වැඩි දුරකට මේ අවියෙන් වෙඩි තියන්න පුළුවන්. ඒ මදිවට මේ මීහරකා, GPMG යනු field gun එකක් යයි තප්පු ලයි.  ඔබම බලන්න field gun කියන්නේ කුමක්ද කියා. ඉදින් මෙවැනි ගවයන්ගේ කර ඇඹීම, නොපමාව කලයුතු බව ඔබට වැටහෙනු ඇති. වෙඩි තැබීමේදී විශාල පරාසයක් ආවරණය කළහැකි නිසා,  (beaten zone) GPMG අවිය, (area weapon) එකක් ලෙස හඳුන්වනවා. 

   කිසිදු අවස්ථාවක අනුඛණ්ඩයක් (detachment) කිලෝමීටර් 3 - 4 ක් ඈත තනිව ස්ථානගත නොකරන්නේ, 

1.  අවශ්‍ය අවස්වථාකදී ආධාරක භටපිරිස් ලබාදීම (reinforcement)  අපහසු වීම.

2. ආධාරක වෙඩි බලය සහ සන්නද්ධ රථ ආධාරය ලබාදීම, අපහසු වීම. (support fire and tank support) 

3. තුවාලකරුවන් ඉවත්කරගැනීම අපහසුවීම. (casualty evacuation - CASEVAC)

4. වියළි/අමු සලාක ද්‍රව්‍ය සැපයීම අපහසුවීම.

5. නිතර ගුවනින් අවශ්‍යතා සැපයීමේදී, ගුවන් යානා සහ කඳවුර යන දෙකම, දැඩි අවදානමකට පත්වීම.

යන කරුණු නිසා ය. 

  හැක් හැක්, මේ අයියා, ආදී කාලයේ කරුපයියෙකි. 1958 මැෂින් තුවක්කු ප්‍රහාර ගැන කතාකරන මේ කරුපයියා, 1971 දී,  .303 LMG අවියෙන්, අපේ හමුදාව සටන් කල ආකාරය ගැන මොකුත් නොදන්නා, කරුමක්කාර කරුපයියෙකි. 

  මුන්නැහැ එසේ මෙසේ ප්‍රාඥයකු නොවේ. වින්නඹු අම්මලාගේ අත් උදව්වට යැවීමට තරම් සුදුසු ප්‍රාඥයෙකි. අයුතු ජනරාශියක් විසුරුවා හැරීම පිළිබඳව, මා ලියන ලද ලිපිය, මුන්නැහේගේ  මහා දැනුම් සම්භාරය අනුව විකාරයකි. ඇත්ත ඇත්ත, 'ඌරෝ කවද්ද කහ කෑවේ' කියලා, පරණ කියමනක් තියනවනේ. 

   මුන්නැහේ ඉස්සර ගුවන්විදුලියෙන් ප්‍රචාරය වුන  'විනෝද සමය' වැඩසටහනේ පිටපත් ලිව්වානම් බොහොම හොඳයි කියා මට සිතේ. අයුතු ජන රාශියක් විසුරුවා හැරීමට, හමුදා නිලධාරියකුට බලයක්, ඔහුගේ නිළ බලයෙන් ලැබී ඇතැයි මම කියා නැත්තෙමි. නමුත් මේ ගව උන්නැහේ, තමන්ගේ සරම කණපිට ඇඳගත්තා මදිවට, කඩුල්ලත් අල්ලා අමුඩය ගසාගෙන ඇත. අයුතු ජනරාශියක් තමන්ට විසුවන්නට තරම්, භටපිරිස් ශක්තියක් නැති බව, පොලීසියට අවබෝධවූ විට, ස.පො.අ. නිලයේ නිලධාරියකු උසාවිය වෙත ගොස්, ඒ බව වාර්තාකොට, හමුදා බලය ඉල්ලා සිටී. එවිට මහේස්ත්‍රාත් වරයා, එම බලය ලබාදෙන්නේ, හමුදාවෙන් විමසා, හමුදාව විසින් නිර්දේශ කරන නිලධාරියා වෙතටය. නැතහොත්, එම නියෝගය ලැබෙන්නේ, ඉඳුරාම හමුදාපතිවරයා වෙතටය. ඉන්පසු සුදුසු නිලධාරියකු යොදවන්නේ, හමුදාපතිවරයා විසිනි. ඒ කාර්යය හමුදාව භාරගත් පසු, මහේස්ත්‍රාත් වරයාද කැටුව යන්නේ, නීතියට අනුකූලව එම ක්‍රියාන්විතය සිදුවේද යන්න නිරීක්ෂණය කිරීමටය. මේ කරුපයියා අයියා Commissioned Officer / Gazetted Officer කියන දෙකේ වෙනසවත් නොදන්නා හරක් අයියෙකි. 

දැන් බලමු තවත් මේ වෛශා පුත්‍රයන්ගේ කමෙන්ට් කීපයක්.




  
  බලන්න මේ ඇනෝවා සාමාන්‍ය සෙබළකු බඳවාගන්නා පරිපාටිය ගැනවත් අවබෝධයක් නැති පුස්සෙකි. psc යනු, අධිකාරියට පත්වූ නිලධාරීන්ට පමණක් හිමිවන පාඨමාලාවක් බව නොදන්න මේ ගවයා, මා අධිකාරියට පත්වුණේ  ඒ පාඨමාලාව කිරීම නිසාදැයි අසයි. එන්සීඕ කමිෂන්ඩ් කියා අධිකාරි පත්වීම් දෙන ක්‍රමයක්, හමුදාවේ නැති බවද මේ හරකා නොදනී. හමුදාවේ තිබෙන්නේ Field Commission සහ Quartermaster Commission යන ක්‍රම දෙක පමණක් බව, මේ ගවයා නොදනී. මූ අහන්නේ, සෙසු නිලයකු ලෙස සිට පසුව අධිකාරිය ලැබුවාද යන්න විය හැකිය. හැබැයි මෙතනදී මූ, උඩබලාගෙන කෙල ගහගන්නවා පමණක් නොව, මුගේ දෙමව්පියන්ටද සමන්වා ගනී. ඒ මෙසේය. 

  ප්‍රභාකරන් මරණයට පත්කළ භටපිරිස් අතර සිටි ප්‍රධාන පෙළේ නිලධාරියකු, මෙලෙස සෙසු නිලයකු ලෙස සිට, අධිකාරියට පත්වූවෙකි. එමෙන්ම එවැනි තවත් එක් නිලධාරියකු, ඒ අවස්ථාවේ එතන සිටියේය. ප්‍රභාකරන්ගේ මරණයෙන් පසු ඒ සිද්ධිය මට සවිස්තරව දුන්නේ ඔහු ය.  මේ දෙදෙනා අද ද ශ්‍රී ලංකා යුද හමුදාවට විශිෂ්ට සේවයක් ඉටුකරති. ඊට අමතරව මෙලෙස සෙසු නිලයන්ව සිට අධිකාරියට පත් සෑහෙන පිරිසක්ද, සේවයේ යේදී සිටිති. 

   මෙවැනි හරකුන්ට, යුද හමුදා පරිපාලනය ගැන දැනුමක් නොතිබීම නිසා, ශ්‍රී ලංකා යුද හමුදාවට කරන අපහාසයම ඇති, මුන්ව අධිකරණයට ගෙන යන්නට. 

   මෙලෙස සෙසු නිලයන්ව සිට අධිකාරියට පත්ව, මේජර් ජෙනරල් නිලය දක්වා උසස්වීම් ලැබූ නිලධාරීන් සිටින බව, මේ හරකා නොදනී.  මූ හිතන්නේ, සෙසු නිලයකුව සිට අධිකාරියට පත්වීම, පහත් පෙළේ අධිකාරී පත්වීමක් ලෙසයි. අනේ මෙවැනි හරකුන් වැදු මුන්ගේ මව්ලාට.....






   මේ උන්නැහේ කවුද කියා මම හොඳින්ම දනිමි. අර අපේ රුවන් එම් ජයතුංග දොස්තර මහත්තයා කියනවා වගේ, මූ විශාදය නමැති රෝගයෙන් පෙළෙන්නෙකි. මූට විශාදය හැදුනේ හරිහමන් පදනමක් නැති ජීවන රටාවක ඉන්නා එකෙකු නිසාය. 

   මූ සෑහෙන මහන්සිවී කලකට ඉහතදී වෙනත් බ්ලොග් කරුවන් වෙත දුරකථන ඇමතුම්, ඊ මේල් යවා, විචාරක තුමා කියන්න එපා කිව්වේය. එයින් කීපදෙනෙක් ඒ ගැන මට කියා සිටී අතර, මා කිව්වේ, එය හොඳ බවත්, ඔබට කැමති ආකාරයකට මා ඇමතීමට ඔබට නිදහස ඇති බවත්ය. බ්ලොග්කරුවන් දෙදෙනෙක්, මගේ එක්තරා ලිපි මාලාවක, පළමුවැනි කොටසේදී විචාරකතුමා යනුවෙන්ද, දෙවැනි කොටසේ සිට විචා යනුවෙන්ද ඇමතුවේ, ඒ නිසාය. මේ විචා යන නාමයට මම බෙහෙවින් ප්‍රියකරමි. මන්ද, එයින් මා තුළ, තාරුණ්‍යයේ ජවයක් ඇතිකරන නිසාය. අද මට විචාරක තුමා යනුවෙන් අමතන බොහෝ අයට, එසේ නොකරන ලෙස මා ඉල්ලා ඇති වාර ගණන ද අපමණය. 

  හැබැයි මේ පුඟුලා උඩින් පෙන්වන්නේ බොහොම ලොකු හිතවත්කමකි. මේ අයියා, නූගත්කම, බේබදුකම, අවුල්සහගත පවුල් අතීතය නිසා, තවතවත් විශාදයේ පතුලට කිඳා බසිමින් සිටී. 

   මගේ පදක්කම් ගැන අහන මේ කැනහිලා,  වීර පදක්කම් එකක්වත් නොලබා විශ්‍රාම ගිය මේජර් ජෙනරල් වරුන් පවා සිටින බවත්, ඔවුන් සටන් පෙරමුණේ සිටියත්, වීරපදක්කමකට නිර්දේශ නොලද බවත්, නොදන්නා මේ ගොන් තඩියා, විශ්‍රාමික නිලධාරීන්ගේ ලැයිස්තුවක් සොයා නොකියවන්නේ ඇයිද කියා නොදනිමි. 

   


   ඔව් මා එහෙම ලිපියක් ලිව්වා. එය ප්‍රතික්‍ෂේප කරන්නේ නැහැ. ඇයි ඒ කුමන්ත්‍රණ කතාව යටගියේ? ඒ යට යාමෙන් තමයි මේ හවුල් ආණ්ඩුව බිහිවුනේ. එදා ජනාධිපති මැදුරට, අගවිනිසුරු, නීතිපති, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති, පැමිණ සිටි බව කියවුනා. ඒ ඇයි? රනිල් වික්‍රමසිංහ මහතා එදා කලකී දේ ගැන මාධ්‍ය වාර්තා කියවා බලන්න. 

   විශ්‍රාම ගියා කියා හමුදා නිලධාරියකුට හමුදාව සමග ඇති සබඳකම් බිඳී යන්නේ නැත. ආරංචි දැනගැනීමට බාධා නැත. නමුත් ඒවා ලැබෙන්නේ හමුදාවේ සිටියදී හොඳ මානව සබඳතා තබාගත්තා නම් පමණයි. සමහර විශ්‍රාමිකයන්, විශ්‍රාම ගොස් වසරකින් දෙකකින් මියයන්නේ, එවැනි සබඳතා නැතිවීමෙන් ඇතිවන හිත වේදනාවත්, එක් හේතුවක් නිසා. 



   අපහාස ටික පැත්තක තියමුකෝ. මේ හරකා දන්නේ නැහැ, අවශ්‍ය නම් ජීවත්ව සිටියදී, පරම වීරවිභූෂණය ප්‍රදානය කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ මේ හමුදා කතා කියන සාමුවන් බොහොමයක්, හමුදා දැනුමක් ඇති එවුන් නෙවෙයි. 

 සාරස හෙවත්, මා දන්නා තරමින්, 'කුමාර කළුආරච්චි නමැති දත් දොස්තර වරයා' සෑම අඩවියකටම පැමිණ, අන්දරේ කෙනෙකු මෙන් හැසිරෙයි. මොහු දේශපාලන ලිපිවලට දමන කමෙන්ට් වල පවා, අර උදය ගොම්මන්පිල වැනි දේශපාලන හරකුන් දක්වන ජෝකර් ලක්ෂණ විනා, ගැඹුරක් හෝ හරයක් නැත. තාත්වික සහ තර්කානුකූල බවක් නැත. මා සබැඳි කමෙන්ට් බොහොමයකදී, මොහු තම නිර්ලජ්ජී බව ප්‍රකාශ කරන 'ජෝක් කෑලි' එකතුකිරීමට වඩා යමක් කර නැති නිසා, ඔහුද නිකම්ම නිකම් පුස්සකු ලෙස නම් කරමි.  




   දේශපාලනය ගැන මහා කොමෙන්ට් කරුවකු වුනාට, ජනරළ පත්තරය ගැන වත්, සාරස නොදනී. දේශපාලන කමෙන්ට් දැමීමට නම්, රටේ දේශපාලන ඉතිහාසය කියවා, ප්‍රාමාණික අවබෝධයක් ලබා සිටිය යුතු බව නොසිතන සාරසලා, වැදුවන් ඉදිරියේ කොලොම්බු ලන්නා සේ කතාකිරීම, දෙකොනින් හිනායන විහිළුවකි.  කිසිදු දර්ශනයක් නැතිව මේසේ විහිළු කෑලි ලිවීමෙන්ම ඔහුගේ පුහුබව පෙනෙයි. 





   හැක්. පැන්ෂන් ගිය කෝප්‍රල්ලා සාජන්ලා විතරක් නෙවෙයි, මේජර් ජෙනරල්ලාත් අර ඇවන්ට් ගාඩ් එකේ මේජර් සේනාධිපති යටතේ වැඩ කරන්නේ. 

   හරකෝ, මේක මතක තියාගනින්. මට හොඳ විශ්‍රාම වැටුපක් ලැබෙනවා. මට වෙනත් ආදායම් මාර්ග තියනවා, මටම අයිති නිවසක්, කාර් එකක් තියනවා, මගේ බිරිඳටත් විශ්‍රාම වැටුපක් ලැබෙනවා, මගේ දරුවෝ හොඳ රැකියාවල ඉන්නවා. ඒ නිසා මට වෙනත් රැකියා අවශ්‍ය නැහැ. උඹ වගේ හිඟන්නෙක් නෙවෙයි මම. 

 අන්තිම කොමෙන්ට් එක දාලා තියෙන්නේ අර මම ඉංගිරිසි නිවැරදි කරපු හිඟන්නා විසින්. මම උගේ ඉංගිරිසි නිවැරදි කලාට පස්සේ, ඌ මලලසේකර ශබ්ද කෝෂය බලලා තියනවා. මුගේ සිඟිති මොලේට තේරෙන විදිහට මූ හිතන්නේ ,මම ලිපි ලියන්නේ ඒ ශබ්දකෝෂයෙන් කියලා. තේරෙනවා නේද මුන්ගේ තරම. මුන්ට තමයි කියන්නේ;

ඇතුල් පැත්ත පිටපැත්ත නොදන්නා 
කිතුල් පිත්ත මත පියවර මැන්නා 
උකුල් ඇටෙත් උගෙ එලියට පැන්නා 
එහෙව් උනුත් අද සබයට එන්නා 

 ඒ මදිවට එකෙක් මට ගහන්නම ප්‍රොෆයිල් එකක් හදාගෙන. මීට ඉස්සර කවදාවත් අහලා නැති සුමිත් කියන නමකින්, මේ කැනහිලා ඇවිත් තියෙන්නේ. බලනකොට මේ මටම ගහන්න අටවගත්ත ප්‍රොෆයිල් එකක්. 




   මා කණගාටුවන එක් කරුණක් තියනවා. මා ප්‍රති උත්තර නොදී සිටියදීත්, කිසිදු කමෙන්ට් එකක් දමා නොතිබියදීත්, මට අපහාසාත්මක කමෙන්ට් දැමුවිට, එසේ කිරීම අසාධාරණ බව කීමට හෝ එවැනි කමෙන්ට් ඉවත් කිරීමට අජිත් පැරකුම් ක්‍රියා නොකිරීම ගැන කණගාටුයි. 

   මේ සියල්ල අධ්‍යක්ෂණය කරන්නේ, අර මම කලින්ම සඳහන් කළ බොරු උපාසකයා බව, මට ලැබුණු දුරකථන ඇමතුම් පහකින් කියවුණා. මේ සුනඛයන්ට උත්තර නොදී නිකම් ඉන්න එපා කියා, මට දැන්වූ සියලු දෙනාට ස්තුතියි. 

  මගේ අඩවියේ ඇනෝ කමෙන්ට් වලට ඉඩ නැතිවීමේ දුකෙන් පෙළෙන කාලකන්නි හැත්ත එකක් මතක තියාගනිල්ලා. මේ මගේ අඩවිය. කමෙන්ට් අනුමත කිරීම හෝ කපා දැමීම මගේ අභිමතය අනුවයි සිදුවෙන්නේ. 

2016 ඔක්තෝබර් මස 16 වැනි දින 0032 පැය 

94 comments :

  1. මේ සුමිත් කියන ප්‍රොෆයිල් එක හදා ගත්තු කෙනා මගේ " රංජිත්ගේ නිවස සමබන්ධයෙන් ආධාර කරමු කියා ලියු බ්ලොග් පොස්ට් එකට "මෝඩ කමෙන්ට් " එකක් දැම්මේ ඒ ප්‍රොෆයිල් එක හදපු දවසේමයි ..

    http://helmalu.blogspot.com.au/2016/10/blog-post_12.html

    විචාරක ඔබ කියනා මේ පුඟුලන් මට නම් මේ කනෙන් පෙන්නන්න පුළුවන් මම ඒ බ්ලොග් පොස්ට් එකේම ඒ කවුදැයි ඉඟියක් දුන්නා ..මේ අය පරිගණකය ඉදිරියට විත් අනුන් කොටවා , අනුන් කේන්ති ගස්සවා හෝ අනෙකෙකුට මඩ ගසා විනෝදයක් ලබන පිරිසකි . ඔතන වැඩි දෙනෙක් නෑ . සමහර විට එක්කෙනෙක්, දෙන්නෙක් වෙන්න පුළුවන් . ඔබ කිව්වා සේම තවත් කෙනෙක් බ්ලොග් ලියා "නමක් දිනා ගනියි " කියා "බොරු බියකින් " පසුවන මොවුන් මේ පෙන්වන මානසිකත්වය සමස්තයක් ලෙස පෙන්වන්නේ "Political arrogance" පෙන්නුම් කාරනා කණ්ඩායමක් නියෝජනය කරන්නෝද වෙති. මේ වෙනුවෙන් අපේ කාලය වැය කිරීම මොවුන්ගේ පහත් අරමුණු ඉටු කීරීමට දායක වීමකි. මොවුන්ගේ පහත් අරමුණ = අපේ ලොක්කටටයි ඒ පවුලටයි අපි අදහන දේටයි කෙල්විච්ච එකේ, බ්ලොග්, ඉස්කෝල, විශ්විද්‍යාල, දුප්පත් මිනිස්සුන්ගේ ගෙවල් , රට වැසියන්ගේ රස්ක්ච්න්තාවය ආදී මෙකි නොකී හැමදේටම "කෙලවිය යුතුය " යන්නයි. ඔය වැනි කමෙන්ට් දමමන්නන්ගේ පටු අරමුණ එයයි.. හැමෝටම කෙලවිමයි . මෙයට සියළුම හොඳ වැඩද ඇතුලත්ය.

    ReplyDelete
    Replies
    1. සුමිත් යනු කවිඳු ගේ පැරණි මිතුරෙකු කියා නේද සැක කරන්නේ? ඔය ප්‍රොෆයිලය හදා ගන්න ඇත්තේ අර ජාන / ඇන-ටොමි කතාවට කලින් නේද?

      Delete
    2. මටත් තේරෙනවා කවිඳු. මේ ඔක්කොම කරන්නේ අපි අතරෙම ඉන්න කාලකන්නි පිරිසක් තමයි. උන් හිතන්නේ උන්ගේ බැටළු හම හැමදාම පොරවාගෙන ඉන්න පුළුවන් කියලා. මම දවසක ඔය බැටළුවෝ ඔක්කොම හමගහනවා.

      Delete
    3. ///මම දවසක ඔය බැටළුවෝ ඔක්කොම හමගහනවා.///////
      Moroccan Lamb stew with spicy couscous and mixed vegetables......රෙඩ් වයින් මගේ ගානේ.

      Delete
    4. මං ගානෙ ටූත් පික් කියල ලියාගන්ඩ.අපි කන්ඩ බොන්ඩ ඇඹරෙන් නෑ හරි :D

      Delete
    5. පත්‍ර බ්‍රදර්.. gionarle fratello...මම දන්නවා උඹ කන, බොන සහ නිදහස්ව හිතන්න පුලුවන් එකෙක් කියලා.

      ටූත් පික්ස් කියන්නේ අප්සට් දත්වලට අවශ්‍යම දෙයක්. ඒත් ටූත් පික්ස් දැන් ඩිනර් ටේබ්ල්ස් වල තියන්නේ නැති නිසා. අපි බූරු ඇඳක වාඩිවෙලා, කාඩ්බෝඩ් පෙට්ටියක් උඩ ගල් බෝතලයක් තියාගෙන සෙට් වෙමු.

      Delete
    6. බ්‍රෑන්ඩ් එක ගල්
      -ස්තුතියි-

      Delete
    7. චව් චව් වහගන්නව කට... අපේ නැව ගිලෙන්නයි යන්නේ... බිබිලි නගින බෙලිකටු... තෙරපෙන දඟර සුළන් ... හැක හැක... මම ආසම කෑම බැටළු මස් හිටං 😜😜😂😂😂

      Delete
  2. අනේ හපොයි විචා මාමට මොකද්ද මේ වෙලා තියෙන හදිය

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, මට හදි කරන්න මුන් හිතුවා මදි. දවසක මම මුන් ඔක්කොම පෝලිමේ තියලා හදි කරනවා.

      Delete
  3. පොන්න කී බෝඩ් වීරයෝ මගේ එකෙත් ඔය කොමෙන්ට් දාලා තිබුනා... ඇත්තටම ඕකුන් පොන්නයෝ.

    අනික මම දැක්කා ඔය මහා පොන්නයට ගහලා තිබුන කොමෙන්ට්ස් පැරා ඉවත් කරනවා.. අනික්වා ඉවත් කරන්නේ නෑ.. ඒ සමහර විට හිතවත් කම නිසා වෙන්න ඇති... ඒත් මේ වගේ මඩ කොමෙන්ට් වලට ඉඩ දෙන එක තමයි හොඳ නැත්තේ.. පැරා එහෙම කරනවා ඇත්තේ, පැරාගේ පෞද්ගලිකත්වයට පවා ගහන ඒවා පැරා එහෙම්ම තියෙන අරින නිසා වෙන්ට ඇති..

    එහෙනම් ඒ ප්‍රතිපත්තිය හැමෝටම එක සමාන වෙන්න ඕන.. මම හිතන්නේ විචා මේ ගැන පැරා සමඟ පෞද්ගලිකව කතා කලොත් හොඳයි..

    නැත්නම් ඔය පොන්නයෝ මේකේ බල්ටි ගහන්න ගන්නවා...

    ReplyDelete
    Replies
    1. අපි බලමුකෝ ටිකක් කාලයට ඉඩදීලා මුන් හැදෙයිද කියලා.

      පැරා අවශ්‍ය පියවර අරන් තියනවා.

      Delete
  4. "මේ සුනඛයන්ට උත්තර නොදී නිකම් ඉන්න එපා කියා, මට දැන්වූ සියලු දෙනා"

    විචා (කැමතියි කියපු නිසා ඔන්න "රක මහතා" ටික හැලුවා හොඳේ.. )

    සුනඛයන්ට උත්තර දෙන්න කිව්වෙ කවුද අප්පා..( ජනාධිපොති උපදේසක පොරවල්වත්ද ? :D ) පෙර රජ දවස ඉඳන් කියුවේ බල්ලො බිරුවට කඳු පාත් වෙන්නේ නෑ,බල්ලෝ බිරුවට ගැල නතර වෙන්නේ නෑ කියලනේ...

    ඇහුන්නෑ, දැක්කේ නෑ වගේ ඉන්න එක තමා හොඳම.. එතකොට ඕවා එයාලටම එපා වෙලා නිකන්ම නතර වෙනවා..

    බලන්න මේ පෝස්ට් එක ලියන්න වැය කළ කාලයෙන් බ්ලොග් අවකාශෙට මොන තරම් සේවයක් කරන්න තිබුනද...අඩු ගානේ විහිලු කතා ටිකක්වත් ලියුවනම් මීට වඩා වටිනවා..

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, ඔන්න සෙන්නා මමත් විචා පැත්තක තියලා 'රක මහතා' වගේ වැඩකරනවා මේ නපුංසකයො මේ වැඩේ දිගටම කලොත්.

      ඔබ කියන එක ඇත්ත. මේ වගේ කාලකන්ණි එක්ක පැටලෙන්නේ නැතුව මට කරන්න වැඩ ගොඩක් තියනවා. මීට පස්සේ මුන්ගේ නපුංසක ඩාන්ස් ඕනෑ තැනක දාගත්තාවේ. මගේ අඩවියේ බැහැනේ.

      Delete
  5. සමාන තලයක සිට අදහස් හුවමාරු කරගැනීමේ වටිනාකම නොදන්නා එවුන්ට මොන
    සමාවද විචා.හරියටම බෙල්ලමුලින් අහුවුණු වෙලාවට ඇට්ටි හැලෙන්න දෙනවා මිසක්.
    බුවාලට තේරෙන බාසාවෙන්.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි සිරෝ කලේ. එක අතකට හිතෙනවා මේ වගේ මෝඩ ලාමක නපුංසක එවුන් එක්ක මම මොකට පැටලෙනවද කියලා. මුන් මොක්කුද මට? නිකම් නරි රැළක්.

      Delete
  6. තමංව පොරක් කරගැනීම තමාට තනිවම කරගැනීමට බැරි බවත් බ්ලොගයේ ලියන දේවල් අනුව එය කියවන පාඨකයා විසින් ලියන්නා පොරක් කිරීම හෝ නොකිරීම තීරණය කරන බවත් මගේ හැඟීමයි.

    එය දරාගැනීමට බැරි තැනැත්තන් විසින් මෙසේ පහර ගැසීම ලෝක ධර්මතාවයකි.

    ලේ කෝප කරගන්න එපා විචා. හැක්..

    ReplyDelete
    Replies
    1. දෙන්නට දෙන්න පිට කහල පොරවල් වෙන්න හදන කට්ටියත් ඉන්නවනෙ. (නිකං අර එකෙක් ප්‍රොෆයිල් දෙකක් රන් කරමින් දෙන්නෙක් විදියට පෙන්වීම)

      හැක්*2

      Delete
    2. කියලා වැඩක් නෑ ප්‍රසන්න මුන් නිකම් පඟර නැට්ටෝ විතරයි. මුන්ට කරන්න පුලුවන්නෙත් ඔච්චරයි.

      හැක්, අඩෝ රාජ්, මමත් එකම නමිත් බ්ලොගර්, වර්ඩ්ප්‍රෙස්, සයිට් දෙකක් කරනවා හරිය.

      ඇත්ත තමා. ඔයා ෂෝයි කියලා බොරු සෝබන කමෙට් දාන අය බොහොමයි.

      Delete
    3. රාජුත් අයිපී චෙක් කරල වගේ. හැක්..*3

      Delete
  7. ඵල ඇති රැකටනේ ගල් ගල් ගහන්නේ සර්....

    ReplyDelete
    Replies
    1. ඔව් ඉරේෂ්. මුන් මොකවත් බැරි පුස්සෝ.

      Delete
  8. ඔබට අපහාසාත්මක කමෙන්ට් මගේ බ්ලොගයේ පළ වීමෙන් ඔබට සිත් වේදනාවක් ඇති වූවා නම් ඒ පිළිබඳ කණගාටුව ප්‍රකාශ කරමි. එහෙත්, මා නම් සිතන්නේ මෙවැනි කමෙන්ට් කිරීම්වලින් ඔබට කිසිදු හානියක් සිදු නො වන බවයි.

    බ්ලොග් අවකාශයේ මට එරෙහිව තරම් වෛරී කමෙන්ට් වෙනත් කිසිවකුට එරෙහිව නො තිබෙන්නට පුළුවන. ඒ බොහෝ ඒවා පළ වූයේ මගේ ම බ්ලොගයේ ය. එහෙත්, මම ඒ කිසිවක් ඉවත් කළේ නැත. ඇතැම් ඒවා කියවන විට සිත් වේදනාවක් ඇති වන බව සැබෑ ය. එහෙත්, අවසාන වශයෙන් ගත් කල ඒවායින් මා තවත් ශක්තිමත් වුණා මිස මට වූ හානියක් නැත.

    ඒ නිසා මේවා ගණන් නො ගෙන සිටීම වඩාත් හොඳ ය. කෙසේ වෙතත්, ඔබ මෙහි සඳහන් කරන ලද කරුණ ඉල්ලීමක් ලෙස සලකා මගේ බ්ලොගයේ ඔබට අපහාසාත්මක දේ මෙතැනින් ඉදිරියට ඉවත් කර දමමි.

    ReplyDelete
    Replies
    1. පැරා, උඹටවත් මඩ ගහන්න දෙන්න එපා.. ඕකෙන් වෙන්නේ මේකත් මිනිස්සුන්ට එපා වෙන එක.. කරන කාලකන්නි කියලා කව්ද කියලා දැන් හොඳටම දන්නවා නේ.. සාක්කි ඇතුව ඔප්පු කරලා තියෙන්නේ..

      Delete
    2. බොහොම ස්තුතියි පැරා, ඔබ මෙහි ගැඹුර වටහාගෙන ක්‍රියා කිරීම ගැන ස්තුතියි.

      මේ අයට තිබුණා ප්‍රොෆයිල් එකකින් ඇවිත් මා සමග තර්ක කරන්න, මා ලියන තාක්ෂණික කරුණු වැරදියි කියා. එසේ නොකොට අපහාස කරන්නේ, තමන්ගේ පුහු බව වසාගන්නයි.

      හැමවෙලේම පෙනේ පුප්පන්නේ නැතුව ඉන්න නයාව, ගෑණු ගන්නවා දරමිටි බඳින්න.

      Delete
  9. ඔන්න ඕවා අමතක කරලා දාන්න විචා...අර සෙන්නා කිව්වා වගේ අපරාදේ කාලයයි මාන්සියයි...විචාගේ වගේම ඒ ඇනෝ ප්‍රහාරය දෙන ඈයොන්ගෙත්...සමාජයක ජීවත්වෙනකොට නිහතමානීව දිවිගෙවන එක තමයි උතුම්...අපිට ලෝකේ හදන්න බැරි උනාට අපිට හැදෙන්න පුලුවන්..ඒ නිසා විචාගේ ගමන ඉදිරියටම යන්න...මම දකින්නේ මේක පොඩි ගිමන් හැරීමක් ලෙස...!

    ReplyDelete
    Replies
    1. නිහතමානිව ඉන්න දෙන්නේ නැත්නම් මෙහෙම ගැහුවට අවුලක් නෑ...

      නැත්නම් පොන්නයෝ ටිකක් වීරයෝ වෙනවා...

      Delete
    2. දැනට දැණුම්වත්ව බ්ලොග් ලියන පොන්නයෝ හතර දෙනෙක් ඉන්න්වා... නායක කතන්දර කාරයා සමඟ රාජ්, ඉකොනොමැට්ටා සහ සිරා...

      Delete
    3. Maathalan - Priyantha HewageOctober 16, 2016 at 11:16 AM
      අනිත් අය ගැන කියන්න දන්නෙ නෑ, මං ගැන දැනගන්න ඕනනං, ගෑනි එව්වොත් බ‍ඩ කරල එවන්නං. (සිස්ටම් තාම හොඳට තියනව නං....). බැරිවුනොත් පොන්නය කියපං.

      Delete
    4. @ චෙෆාකි.

      හෙහ් හෙහ්, ඉඳලා හිටලා අපෙත් විශේෂ භාෂා ප්‍රයෝග එහෙම දක්වන්න එපායැ. මේ කාලකන්නි හැත්ත එකට මග පාඩුවට උන්ට ස්තුති කරන්න වටිනවා. ඔබේ අවවාදය අගය කරනවා.

      @ මාතලන්/රාජ්. දෙන්නටම කියන්නේ, ආයෙත් මෙතන බැනගත්තොත් කමෙන්ට් කපනවා.

      Delete
  10. //මේ බාස්උන්නැහේ කවුද කියා මම හොඳින්ම දනිමි//

    අනේ බ්ලොග් ලියන එකම බාස් මම . මේ වචනෙ අයින් කරනවද කැමතිනං . මේ පොස්ට් එක බැලුවේ ......අන්න විචා ඇනෝ දානවා කියල...... උඹට බැනල පෝස්ට් එකක් දාල කියුවහම

    ReplyDelete
    Replies
    1. උඹ මකබාස් නෙ. ඒ හින්ද ඒක උඹට අදාල නෑ. හැක්..

      Delete
    2. ආ... ඔය පැන්නේ.. මෙහෙ වර බුරු බාසා.. තෝ තමා මේ බ්ලොග් ලොව අහිිසක විචාලට පහර දෙන නරුමයා හෙනං..

      Delete
    3. මට පෙන්නපිය මේකෙ මැසිං බිජ්ජා කියල කොහෙහරි තියනවද කියල :D

      Delete
    4. @ අටම්. අනේ තෝ විතරයි ඉන්න එකම බාසා. යකෝ, එක මේ එවෙලේ ඔලුවට ආවවචනයක් විතරයි. හොඳයි අයින් කරන්නම්.

      @ ප්‍රසන්න. හැක්. මූට දැන් මක බාස් කිව්වට වැඩක් නෑ. මකාගන්න බැරිලු.

      @ දේශ්. පොල්ලකුයි ගල් බෝතල් දෙකකුයි අරන් යමුද මූව බලන්ඩ?

      @ පත්තරේ. ඔය නම ඉතාලි බාසාවට හරවලා දීපන්කො.

      Delete
  11. ඵල ඇති රැකටනේ ගල් ගල් ගහන්නේ සර්....

    ReplyDelete
    Replies
    1. මොනවා කියනවද ඉරේෂ්. නපුංසක වැඩ.

      Delete
  12. විචාතුමා මගේ අදහස නම් තම නියම නමින් එන්නේ නැතිව ඇනෝ කොමෙන්ට් වලින් අපහාස කරන පුද්ගලයන් තුල නිවට භාවය , බිය , ඉන්සෙකියුරිටි හැඟීම් , හීනමානය සහ තම පියා කෙරෙහි අවිඥානික වෛරය තිබේ. ඒ නිසා ඔවුන් ඇනෝ කොමෙන්ට් වලින් තමන් පිලිබඳ සුරක්‍ෂිත බවක් ලබා ගනිති. මේ පුද්ගලයන් ගේ පියවරු මොවුන්ට කිසි දිනෙක රෝල් මොඩ්ල් වී නැත​. ඒ නිසා මොවුන් තම නම (අයි ්ඩන්ටිය ) සඟවා ගැනීමට මහත් වෙහෙසක් දරති. මේ නිවට නියාළු බවේ එක් මැනිෆෙස් ්ට්‍ෂන් එකකි

    ReplyDelete
    Replies
    1. ඔබ විද්‍යානුකූලව මෙය පැහැදිලි කිරීම ගැන බොහොම ස්තුතියි. හැකිනම් මේ ගැන කෙටි ලිපියක් ලියන්න කියා ඉතා කාරුණිකව ඉල්ලනවා.

      Delete
  13. අපරාදෙ අපේ විචාරකතුමාගෙ කාලය කියල මටත් මුලදීම හිතුන. ඒත් මෙවැන් දෑට ඉඩ දීම පැරාල වගේ වඩා පරිනත බ්ලෙග් කරුවන්ගෙන් ආරම්භ විය යුතුයි. වටිනා අදහස් වලට තොරතුරු වලට මග ඇහිරීමට තැත් කරන්නන් ප්‍රතික්ෂේප විය යුතුය. Trans Sylvania ගේ සහ මේ දුෂ්ට කාර්යයට විරුද්ධව මත පළ කරන ලද සියල්ලන්ගේ අදහස් මගේද කොමෙන්ටු ලෙස සලකන ලෙසත් සිංහල මාධ්‍ය කියවන්නන්ට අමුතුම දැනුමක් ගෙන එන විචාරතුමා ගේ පොස්ටු කිසිසේත් අධෛර්යයට පත් නොකරන ලෙසත් ඉල්ලමි.

    ReplyDelete
    Replies
    1. මේකයි ගුණසිංහ මහත්තයෝ වැඩේ. අර කියමනක් තියනවනේ, ඉඳලා හිටලාවත් පෙනේ නොකරන නයාව අල්ලලා, ගෑණු දරමිටි බඳින්න ගන්නවා කියලා. මෙතනත් වුනේ අන්න ඒකයි. නැත්නම් මේ වගේ කබ්බෝ මට මොක්කුද? මුන්ට පුළුවන්ද අපිත් එක්ක හැරෙන්නවත්.

      බොහොම ස්තුතියි ඔබතුමාට.

      Delete
  14. "සා රස" හෙවත් කුමාර කළුආරච්චි යනු ඊට කලින් මහසොහොන් පිල්ලිය ලෙස මෙල්බර්න් නුවර සිට බ්ලොග් ලියූ/කියවූ පුද්ගලයා ලංකාවට ගිය පසු ගත් වේශය බවයි මා දැන සිටියේ.

    විචාරක උපුටා දක්වා ඇති ඇනෝනිමස් කමෙන්ටු "සා රස" ගේ ම ද?

    "සා රස" යනු ම.රා. උණක් සහ ඊට වැඩියෙන් රාජකීය විද්‍යාල උණක් ඇති අයෙකු බව පැහැදිළියි. රාජකිය උණ නිසා ම.රා. උණ යටපත් වී යනවා.

    ඒ රාජකීය උණ ගැණ පේරාදෙණියේ ඒ කාලයේ හිටි අය දන්නවා ලු!

    හැබැයි "සා රස" ගේ එක හොඳ ලක්‍ෂණයක් නම්, තමන්ට විරුද්ධව නැගෙන ඕනෑම ප්‍රතිචාරයක් ඉතා පරිනතව කළමණාකරණය කිරීමයි. මා නම් එවැනි අවස්ථාවල කරන්නේ "සුවපත් වේවා!" වැනි යමක් කියා බොහෝ විට ඒවා නොසළකා හැරීමයි.

    "සා රස" දෙන අනගි පිළිතුරුවලින් ඒ බැන වදින කමෙන්ටු යොදන අය ලැජ්ජාවට පත් වෙනු ඇතැයි සිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ඕනෑම කෙනෙකු ඕනෑම වේශයකින් බ්ලොග් ලිව්වාට හෝ කමෙන්ට් දැම්මාට කමක් නැත. ඒ සෑම පුද්ගලයාම මානුෂික බව ගැන සිතා බැලීම වැදගත්. මා දැනට අතිවිශාල දත්ත ගබඩාවක් කතු කරගෙන තිබෙනවා බ්ලොග් ලියන්නන් සහ කමෙන්ට් කරන්නන් පිළිබඳව. එහිදී අප සෑම දෙනාටම හුරු භාෂා ශෛලිය වෙනස්වන්නේ නැහැ, ප්‍රොෆයිල් එකකින් ආවත්, ඇනෝ ආවත්. ඒ අනුව මම දිනය, වෙලාව, බ්ලොග් අඩවිය, භාෂා විලාශය අනුව අනුමාන කරන කෙනා, ඒ වෙලාවට ආසන්නව ඒ පුද්ගලයා ප්‍රොෆයිල් හෝ ඇනෝ වලින් දමා ඇති වෙනත් කමෙන්ට් ආදී වශයෙන් මහා දත්ත රැසක් එකතු කරනවා.

      නිකම් ඉන්න මිනිහා නිසා මට ඕනෑතරම් කාලය තියනවා.

      මේ දත්ත තවත් විශ්ලේෂණය කර අනාගතයේදී බොහෝ දේ එලියට දැමිය හැකි බව පෙනෙනවා.

      සාරස මීට වඩා ව්‍යක්ත භාෂාවෙන් සහ තාර්කික මෙන්ම වලංගු කරුණු ඇතිව කමෙන්ට් දානවානම්, ඔහු කාලීන බුද්ධිමතකු ලෙස පෙනෙනු ඇති. නැතහොත් ඔහු හුදු ජෝකරයකු පමණයි.

      Delete
    2. මහසොහොන් පිල්ලිය, දැන් බ්ලොග් වල දකින්න නැති වුනාට යූ ටියුබ් එකේ ඉන්නවා යහපාලනය අමු සිංහලෙන් පතුරු ගසමින්.. සරස ඒතරම් ආවේගාත්මකව භාෂාව හසුරවනවා මම කොහෙදිවත් දැකලා නැහැ..

      Delete
  15. අපොයි තවත් මාතලං කෙනෙක්.. වයසට ගිහිල්ලත්, සමාර දේවල් වලින් ඇනගෙනත් යථෘ තත්වය තේරුම් නොගැනීම හරිම ඛේදනීයයි.. හැක් හැක්.

    ඈ විචා.. මොකද මේ හැම තැනම හැක් හැක් ගාන්නේ.. මාත් ඉන්නවද ඔය පුලුග ගොඩේ.. හැක් හැක්.. අනේ බං විචෝ.. විචාරක මහත්තයෝ ඕන එහෙකුට ඕන දෙයක් කියන්න ඇරල තමන්ගේ පාඩුවේ තමන්ගේ දෙයක් කරගෙන ඉදහංකෝ.. සෙනික ආතල් නොදී.. (කිසිවෙකුට මෙතනින් එහාට පිළීතුරු නොදෙන බැවින් පිළිතුරු බලාපොරොත්තු නොවන්න) yela

    ReplyDelete
    Replies
    1. බලපන් මම ඊළඟට ලියන ලිපියේ හැක් හැක් විතරක් නෙවෙයි හුක් හුක් ගැනත් තියනවා.

      ඔව් එක අතකට ඇත්ත. මේ වගේ නපුංසකයන්ට උන්ගේ සිඟිති බව ප්‍රදර්ශනය කරන්න දීලා මම මගේ වැඩක් බලාගැනීම තමයි හරි.

      නමුත් හිතලා බලපන් මේ අබබ්බයෝ එනවා මටත් හමුදා දැනුම උගන්නන්න.

      Delete
  16. සුම්ත් කියන ෆ්‍රොෆයිල් එකෙන් එන පුද්ගලයට පැහැදිලිවම ලෙඩක් කියල පේනවනෙ. දැන් ඔය නමින් හිටියත් කලිනුත් වෙන නම්වලින් ඉන්න ඇති.
    විචා බලන්න ලයික් , ඩිස්ලයික් දාන්න පුලුවන් ගොසිප් සයිට් වල ඩිස්ලයික් ගන්න කමෙන්ට් දාන එවුන් ඉන්නව , මම හිතන්නෙ ඒකෙන් තමයි එම පුද්ගලයා සතුටු වන්නෙ. විචත් ලියන්නෙ කාව හරි කිසියම් විදිහකින් සතුටු කරන්න නිසා , ඔවැනි පුද්ගලයන් ගැන නොතකා හරින්න.

    ReplyDelete
    Replies
    1. ඔව් කම්මලේ. කලාතුරකින් තමා මුන්ගේ කිරිජ්ජපල්ලට අනින්න ඕනේ. නැත්නම් මට තියන වැඩ වල හැටියට මේ වගේ කාණු පනුවෝ එක්ක මට මොන කතාද?

      Delete
  17. සියළු දෙනා වෙතටයි.


    // විචා යන නාමයට මම බෙහෙවින් ප්‍රියකරමි. මන්ද, එයින් මා තුළ, තාරුණ්‍යයේ ජවයක් ඇතිකරන නිසාය//

    මින්පසු විචාරක හෝ විචාරක තුමා යනුවෙන් ඇමතීමට වගබලා ගන්න අමාරුමනම් දුව ගන්න කිසිම සුදුසුකමක් නැතත් මාමේ යනුවෙන් ඇමතීමට වගබලා ගන්න.
    අහිංසක කාන්තාවන් අතවර වලින් බේරාගැනීමට කරන ලද මතක් කිරීමකි.
    නැන්දට උනත් දර කෑල්ලක්වත් අහුලග ගන්න ඉඩ සලසල තියන්න එපැයි.

    ReplyDelete
    Replies
    1. ජනේලෙන් බලාපිය මේ දැන් තොපේ මිදුලේ GPMG එකක් හයිකරා. ගෙදර පෙනේරයක් මෙන් හිල් වෙන්න කලින් පැනලා දුවපිය. ෙඩා්ං

      Delete
  18. විචා මාමේ. මම ඔය කොමෙන්ට් සිද්දිය පැරා ගේ බ්ලොග් එකේදි දැක්ක. මේ පොස්ට් එකත් කියවල නොදැක්ක වගේ යන්නත් හදල විචා මාම මගෙ ෆිට් එකක් නිසා මේක කොටල යනව.

    මට එක සුද්දියෙක් දුන්න ඇඩ්වයිස් එකක් තමයි "If you have to fight, punch first and punch hard.".

    මොකද කාලයක් නෙල්සන් මැන්ඩෙලා වගේ හැමෝන්ටම කොරල පුක ඇනගත්තට පස්සෙත් කටපුක වහගෙන හිටිය නිසා.

    දැන් ගැහුවොත් ගහනව බැන්නොත් මුනටම උබේ අම්මට කියලම පටන්ගන්නව. ඒක නිසා දැන් මිනිස්සු අඩුයි ප්‍රශ්න නෑ. සාක්කුවටත් හොඳයි.

    විචාරක මාම වගේම බ්ලොග් ලියන ඔක්කොම යම්කිසි කැපකිරීමක් කරන නිසා තමයි ඔහෙලගෙ අතින් මෙහෙම වැදගත් ලිපි ලියවෙන්නෙ. ලියන්න මක්කත් නැතුව නෙමෙයි වෙලාව නැති නිසයි මටනම් බ්ලොග් ලියන්ට බැරි.

    මටනම් තේරෙන්නෙම නැති දෙයක් තමයි මොකද මුන් මේ කාලය වැය කොරන් ෆේක් ප්‍රොෆයිල් හදන් මෙච්චර අනුන්ට ගහන්නෙ කියල. ඔච්චරටම පුකේ අමාරුවක් තියෙනවනම් බ්ලොග් ගැන එක්කො මුන් හරවත් යමක් ලියන්ට ඕනි එහෙම නැතිනම් නිකං ඉන්ට ඕනි.

    මම මේ මෑතක ඉඳල දකින දෙයක් තමයි සමාජයට යන දේ ගැන තියෙන පොස්ට් වල යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ කොමෙන්ට්. හැබැයි කොමෙන්ට් ස්ටයිල් එක එකක්.

    මාතලන්ගේ සිද්දියෙන් පස්සෙ වත් පාඩමක් ඉගෙනගත්ත නැති ඇවුන් ගෙ වතගොත එලියට දාන එක බොහොම හොඳයි විචා මාමේ.

    මම කවදත් කියනවා වගේ ලංකාවේ කෙලින් කතා කරන මිනිහට තැනක් නෑ. මොකද කෙලින් කතා කරන මිනිහට අනිත් මිනිස්සු කැමති නෑ.

    ඕකේ මාමේ. එහෙනම් ඊළඟ ලිපිය ලියමුකො බලන්ට.

    ජය වේවා. සුභ දවසක්..!! 👊🏽

    ReplyDelete
    Replies
    1. "If you have to fight, punch first and punch hard."
      (Y)

      Delete
    2. //මට එක සුද්දියෙක් දුන්න ඇඩ්වයිස් එකක් තමයි "If you have to fight, punch first and punch hard." //

      ඉතිං සුදු නෝන කිව්ව විදියට ගැහුවැයි උඹ ?? :D :D

      Delete
    3. පත්තර බ්‍රෝ. උබ කතාකරන්නෙ මොන ගැහිල්ල ගැනද? මෝ ස්පෙසිෆික්??😜

      Delete
    4. ස්තුතියි තිලාන් දීර්ඝ කමෙන්ට් එකට. එක අතකට බලනකොට මේ වගේ කබ්බෝ එක්ක මම මොකට වාද කරනවද කියලත් හිතෙනවා. මුන් දැනුම අතින් හිඟන්නෝ. ඉතිං ඒ වගේ හිඟන්නන් එක්ක මට මොන වාද විවාදද?

      @ පත්තරේ. උඹ දන්නවද පත්තර ගහන්ඩ?

      Delete
    5. මුන්ට කී බෝර්ඩ් එක පේනව අත්තේ AK 47 වගේ 😜😜😜

      Delete
  19. මං මේ කියන එක මේ පෝස්ට් එකට අදාලද කියලා හරියටම මට කියන්න බෑ. මේ සිද්ධියේ හා එයට හේතුවූ ඉතිහාසය හරියටම මං නොදන්න නිසා. ඒත් මේක මං කියන්න හිටියා ටික කලක ඉඳන් එනිසා කියන්නම්.

    විචාරක මගේ මිතුරෙක් නොවේ, මිතුරා .....G ය.
    කොලඹ ගමයා මගේ මිතුරෙක් නොවේ මිතුරා අජිත් ධර්මකීර්ති ය.
    මාතලන් මිතුරෙක් නොවේ මිතුරා .....R ය.
    රසිකලොජි මිතුරෙක් නොවේ මිතුරා රසික සූරියආරච්චිය.
    අටම්පහුර, චෙෆ් ආර්කි & ඉයන් මගේ මිතුරන් නොවේ මිතුරන්වන්නේ L K, .... & ..R ය.
    සා රස කොහෙත්ම මගේ මිතුරෙක් නොවේ එහෙත් ..K හොඳ මිතුරෙකි.
    ඔක්කොම ගැන ලියන්න වෙලාවක් නෑ. ඒ ගැන මිතුරන් නොවන බ්ලොග්කරුවන් එහෙත් මිතුරන්වන පුද්ගලයින් සමාවෙන්න.
    කොටින්ම බ්ලොග් ලොවේ ප්‍රා ජේ කිසිම බ්ලොග්කරුවෙක්ගේ මිතුරෙක් නොවේ. එහෙත් ... J බ්ලොග් ලියන පුද්ගලයින්ගේ මිතුරෙකි.
    සමහරු ඒකට එකඟ නැතිව ඇති. ඒත් මගේ ජීවිතය බ්ලොග් නොවේ. බ්ලොග් නිදහසේ වින්දනයක් ලැබිය හැකි ස්ථානයක් පමණි. ඒක ඒ විදිහට තියාගෙන පුද්ගලික ජීවිතයේදී ඒ පුද්ගලයින්ට හොඳ මිතුරෙක් වුනාම ඇතිය යන්න මගේ මතයයි. මගේ මිතුරන්වෙන බ්ලොග් ලියන පුද්ගලයන් ඔවුන්ගේ බ්ලොග්වලදී මා මිතුරෙක් නොවන බවත් මා කමෙන්ට් දමන්නේ මගේ තනි කැමැත්තට පමණක් බවත් දන්නවායයි මා සිතමි. ඇනෝ කමෙන්ට් දැමීමේ අවශ්‍යතාවක් කවදාවත් මට නම් ඇතිවී නැත. මට බ්ලොග් කරුවන්ට පුද්ගලිකව පහරදීමට හෝ විවේචනය කිරීමට අවශ්‍ය නොවන්නේ මා කියවන්නේ ඔවුන්ගේ බ්ලොග් මිස ඔවුන්ගේ පුද්ගලිකත්වය නොවන නිසාය.

    තව එකක්... ජීවිතයේ කටුක දේ බොහෝමයක් ඇත. එනිසා විනෝදාංශද කටුක කර ගත යුතු නැත. බ්ලොග් එකක ජෝක් එකක් හිනායන කැපිල්ලක් මඩක් මං නම් දාන්නේ සරල වින්දනයක් සඳහාය.

    (සැයු. ලව්පූස්තුමා හා පත්තරමල්ලිඅයියා එක්ක නම් මොන නමකින්වත් මිතුරුකමක් හයානක බව ලැච්චරර්තුමා දේශනා කර ඇත)

    ReplyDelete
    Replies
    1. මාත් එහෙම තමයි..අරක්කු, බ්‍රැන්ඩි, විස්කි, කසිප්පු, බියර්,රා, වයින්, ජින්, වොඩ්කා සමග මගේ කිසිම විශේෂ හිතවත් කමක් නොමැත ඇත්තෙ ඇල්කොහොල් සමග සංසාරගත බැදීමක් පමණි.

      Delete
    2. මොකාද මේ කම්මල? M.. J..කියල හස්තශාස්ත්‍රඥයෙක් නම් ඉන්නව මගෙ යාලුවෙක්

      Delete
    3. ප්‍රාගේ මේ කමෙන්ට් එකට අත් දෙකම උස්සලා එකඟ වෙනවා. මිනිස්සු බොහෝ දේවල් තේරුම් ගන්නේ මහා අමුතු විදිහට. ජීවිතය යනු බ්ලොග්ස් නොවේ. එහි එක් අංශුවක් පමනක් යන්න මගේ හැඟීමයි. "මම හැමදාම කියනවා වගේ අපි හැමෝටම පිස්සු ඕයි" පටලවගෙන තියෙන්නේ "බ්ලොග් මහන්තත්ත" කම නිසා.

      Delete
    4. ප්‍රා,
      මා සම්බන්ධයෙන් නං ඕකෙ අනිත් පැත්ත.
      ප්‍රා, රසිකලොජි, විචා, දේශකයා, අරූ, දෙමළ ණයන්නා,.... ආදීන් ගැන තමයි මම දන්නෙ. බ්ලොග් අවකාශයේ "මිතුරන්" ඉන්නවද කියන එකත් සැකයි. සමහර විට මිතුරුකම් ඇත්තෙම නැති ගානයි. ඒකට හොඳම වචනය මිතුන් ට වැඩිය හඳුනන්නන් කියල කියන එක.

      Delete
    5. හා හා එතකොට ලැච්චරයා බබා :D

      Delete
    6. @ Pra Jay.

      ඉතාම අගනා කමෙන්ට් එකක්. ඔබට බොහොම ස්තුතියි. ඔබේ කමෙන්ට් එක තුළ සියල්ල සාධාරණව විග්‍රහ කර තියනවා. ඇත්තෙන්ම අපතුල ඇතිකරගත යුත්තේත් ඔබ කියන ආකාරයේ සබඳතාවක් තමයි.

      @ කම්මලේ.

      වැඩක් නෑ වැඩක් නෑ, සූස්තිය නැත්නම් වැඩක් නෑ.

      @ අරු. අම්මපා අපිටම හිනාත් යනවා අපේ විහිළු වලට.

      @ රාජ්.

      අපිට තවම හඳුනන්නන් වෙන්ඩ බැරිවුණා. හමුවී හඳුනන්නන් වෙමු.

      Delete
    7. ප්‍රා ජේ , මොකාද ඔය MJ මරිජුවාන වෙන්න ඇති. අපිට කොහෙන්ද පොෂ් යාළුවො ඔය KG කියල එකෙක් නම් දන්නනව.

      Delete
    8. කොහොමත් සදාකාලික මිතුරන්වත් සදාකාලික හතුරන්වත් දේශපාලනයේ නෑ කියනවා නේ. ඒක හැම තැනටම අදාලයි. ඒත් විචා ලියලා තියෙන්නෙත්. මම ලිව්වෙත් ඒ දේවල් ගැන නෙමෙයි. ප්‍රෝෆයිල් තියෙන ඇනෝ පොන්නයන් ගැන. දෙන්නෙක් අතටම මාට්ටු උනා.. අනෙක් දෙන්න පොන්නයන් බව ඔප්පු කලා.. ඇනෝ තියන්න කියලා ෆයිට් කරන උන් පොන්නයොම තමයි.

      Delete
  20. // විචා යන නාමයට මම බෙහෙවින් ප්‍රියකරමි. මන්ද, එයින් මා තුළ, තාරුණ්‍යයේ ජවයක් ඇතිකරන නිසාය//

    අද සිට විචා ලෙසම අමතමි.

    විචා, නොසලකා හැරීම හොඳයැයි මාගේත් පෞද්ගලික අදහස.

    "Nowadays most men lead lives of noisy desperation. ~James Thurber "
    "To silence another, first be silent yourself. ~Latin Proverb"
    "He who does not understand your silence will probably not understand your words. ~Elbert Hubbard"
    "Silence is the mother of truth. ~Benjamin Disraeli"
    "There are times when silence has the loudest voice. ~Leroy Brownlow"

    ReplyDelete
    Replies
    1. අන්න අර කම්මලයා කියනවා, මම තාරුණ්‍යයට නැවත ආවොත් අහල පහල ගෑණුන්ටත් ඉන්න බැරිවෙයි කියලා. ඉරිසියාකාරයා. :D

      ඔබේ අදහස අගයනවා. මේ වගේ නූගත්, කූප මණ්ඩුකයන් නොසලකා හැරීම තමයි හොඳ.

      What a nice set of sayings. Thanks.

      Delete
    2. //අන්න අර කම්මලයා කියනවා, මම තාරුණ්‍යයට නැවත ආවොත් අහල පහල ගෑණුන්ටත් ඉන්න බැරිවෙයි කියලා. ඉරිසියාකාරයා. :D //

      ඒක නම් පැහැදිලි ඉරිසියාව ........

      Delete
  21. අනේ විචෝ....ඕක අතහැරලා දාපං. මේ පළවෙනි වතාවත් නෙමේ, මේක අවසන් වතාව වෙන්නෙත් නැතිබව අපි දැකලා තියෙනවනේ. නොමියෙනවා යැයි හිතෙන මිනිස්සු හැසිරෙන්නේ අනිත් අය ඔක්කොටම වාතේ වෙලා. විචා...නොමියෙන මිනිස්සු ගැන ලියන්න.

    විචාට මුලින්ම විචා කියලා ලිව්වේ මමද කොහෙද. ඒ නම් කාගෙවත් කීමකට නෙමේ. ඒ වගේ කීපදෙනෙකුට මම දාගත්ත හැඳින්වීම් ටිකක් තිබුනා. ඒවා දැන් බ්ලොග්ස්වල නිතර යෙදෙනවා.

    විචා....සමාජය අතපත නොගාපු, ඒත් කම්පියුටර්, පොත් පත් අස්සේ විතරක් වීරයෝ වෙන හාදයින්ගෙන් වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද.....ගමනේ යා!!!

    ReplyDelete
    Replies
    1. මේකයි වුනේ අරු. හිතට ආවේගයක් ආවා. ලියාගෙන ලියාගෙන ගියා, පබ්ලිෂ් කළා. එච්චරයි. මේක මෙතනින් ඉවරයි. හැබැයි මේ අබබ්බයන්ව ඉඳලා හිටලාවත් ටිකක් expose කරන්න ඕනේ.

      උඹ දාපු නම මට ලොකු හයියක්. ස්තුතියි. මම හිතන්නේ උඹ ෆෝන් එකෙන් කතා කරද්දියි මුලින්ම ඒ නම කිව්වේ.

      ඔන්න ඔහේ මේ සිඟිත්තෝ සැනසුනාවේ. මට වැඩ ගොඩක් තියනවා. මම ඒවාට බහිනවා.

      ස්තුතියි අරු.

      Delete
  22. මං හිතුවෙ ලිපි කොපිකරන එකෙකුට නෙලනව කියල.
    ඇනෝ කමෙන්ට් ගැන නං මට කියන්න දෙයක් නෑ. ඕන එකෙකුට පුළුවන් නං ගහපං කියල පාඩුවෙ ඉන්නයි කැමැත්ත. ප්‍රොෆයිල්වලින් ඇවිල්ල ගහන එවුන්ට නං දෙනව රිදෙන්නම. කොහොම වුනත් තමන්ට එරෙහිව දක්වන ප්‍රතිචාරවලට ඉවසනවද, උත්තර දෙනවද, බර අවිවලින් ගහනවද කියන එක පුද්ගලානුබද්ධයි.
    ඒ වගේම අවුරුදු හයක් විතර බ්ලොග් කියවන කෙනෙක් විදියට මම දැකපු දෙයක් තමයි ප්‍රොෆයිල්කරුවන් ගැන සැක හිතෙන විදියට ඇනෝ ගහන බුවාල කිහිප දෙනෙක් ඉන්නව කියන එක. ලිවීමේ ශෛලිය එහෙම අල්ලගත්තම මේක සිම්පල් වැඩක්. නොදන්න කෙනෙක් නං අනිවා ලනුව කනව.
    ඒ වගේම තමයි බුකියට වැඩිපුර එන්න ගත්තම දැනගත්ත, බුකියෙ ඉන්න සමහර බුවාලගෙ ලියවිලි ඇනෝ කමෙන්ට් දාන (අපහාසාත්මක/අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරන සුළු...) අයගේ ලියවිලි එක්ක ටිකක් පෑහෙන බව. ඒත් ඉතිං අන්තිමට කියන්න වෙන්නෙ මේවා සැකකිරීම් විතරයි. ඔප්පු කරන්න අපේ(මගේ) ලෙවෙල් එකේදි බෑ.

    ReplyDelete
    Replies
    1. රාජ්, ඔන්න මට අදහසක් ආවා. සමහරවිට ලිපි කොපි ගහලා මගෙන් හොන්දපද අහගත්තා එවුන් වෙන්න පුළුවන් මෙහෙම ලියන්නේ. මොකදදන්නවද, මට උන්ගෙන් ඊ මේල් බර ගානක් ආවා උන්ගේ ඊනියා සින්ඩිකේට් වලට බැඳෙන්න කියලා. මම එව්වට ගියේ නැහැ. ඒ තරහත් ඇති.

      මමනම් දැන් ෆේස් බුක් යන්නේ නැති තරම්. මට වැඩක් නෑ. ඒ නිසා ලේ පිච්චේන්නෙත් නෑ.

      ඔව් අපි අනුමාන ඔස්සේ තමයි ක්‍රියාකරන්නේ. බලමුකෝ, ටිකක්කල් ගියාම, ඔය බෝම්බ වෙන දිහාවල් වලත් පුපුරනවා. එතකොට ගෙම්බෝ එලියට පනිනවා.

      Delete
  23. ලොස් දාල දාන්ඩ සෑර්.. පිස්සු බල්ලන්ට පිල් බෑයවල් වලින් නොගහ..සිඟිති ආතල් අරං උන්ටම එපාවෙන් නැතෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් පත්තරේ අන්තිමට මේ ගොබ්බයො තවත් ඔලුවුදුම්මවා ගන්නවා. මුන්ට උන්ගේ මෝඩ චූන් ගන්න දීලා අපි අපේ වැඩක් බලාගැනීම තමයි හොඳ.

      Delete
  24. ඔන්න ඕව අල්ලලා දාල වැඩකට ඇති දෙයක් ලියමු විචා... :)

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම කරනවා. මුන්ගේ සිඟිති ආතල් උන්ම තියාගත්තාවේ.

      Delete
  25. Wich liyanne Col. Birdie gana...Busssa barawa hitiye.. mama ahala thiyena widiyata sesu nilayakin ihalatama giya pudagalaya

    ReplyDelete
    Replies
    1. ඔයා කියන නිලධාරියා හරියටම මතක නැහැ. ජෙනරල් පරණගම ඒ විදිහට උසස් වූ කෙනෙක්.

      Delete
  26. Wicha nikam ponnayanta athala denawa .. ona reddak kiya ganna deela sadda nathiwa inna wicha

    ReplyDelete
    Replies
    1. ඒකතමා, මේ අබබ්බයන්ගේ ඔලුව තවත් ඉදිමෙනවා. මුන්ව ගණන් ගන්නේ නැතුව හිටියම හරි.

      Delete
  27. විචාරක, මගේ බ්ලොගයේ පොස්ට් 12ක් draft විදිහට තියනවා..තමන්ගේ ගමනට අනවශ්‍යව අකුල් හෙලන අය ගැන කතා කරන එක කරන්න ඕන.. හැබැයි ඒ වගේ අයට අපේ කාලයෙන් , බ්ලොගයෙන් හෝ හිතෙන් වැඩි ඉඩක් නොදී..

    කාලෙත් එක්ක ඒ වගේ අය නිකන්ම හැලිලා යනවා..කවුරුවත් කාටවත් අනවශ්‍ය දේ කියන්න ඉඩ නොදුන්නා නම් එකට එකතු වෙලා හරිම ලේසියෙන් මේ මානසික කොන්ද පණ නැති ලෙඩ්ඩු හැලිලා යනවා...

    ReplyDelete
    Replies
    1. ඔව්, මුන් මේ නිකම් ළිං ගෙම්බෝ. වැඩිය හයියෙන් බක බක ගානකොට ළිඳට ගලක් ගහනවා වගේ වැඩක් මම කළේ.

      ස්තුතියි නිම්නා.

      Delete
  28. මමත් මුලදී විචාරක තුමා කියල ලිව්වට පස්සෙ පස්සෙ නිකම්ම විචා කියල ලිව්වා. ඒ නම් කාගෙවත් කීමකට නෙවෙයි මගේ හිතවත් කමටයි. මම කියන්නෙත් හොඳම උත්තරය නිශ්ශබ්දව සිටීම කියලයි.තමන්ගෙ දෙයක් කරගෙන බ්ලොගත් ලියාගෙන බනින අය එක්ක රණ්ඩු නොවී හිටියනං ඔය කතා නිකම්ම මග ඇරිල යාවි.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ හැලපෙ. ඔයා මෙතැනට කිසිසේත් සම්බන්ධ නැහැ. අනික ඔයා මට තුමා කියලා ලිව්වොත් ඒක නිකම් උපහාසයක් වෙනවා. කොයිතරම් හොඳද මිත්‍රත්වයෙන් ආමන්ත්‍රණය කිරීම.

      ඔව් ඔව්, මුන්ට ආතල් ගන්න අපි මොකටද ලේ පුච්චගන්නේ. ස්තුතියි උපදේශයට.

      Delete
  29. විචා,

    අවුරුදු තිස් ගණනක් 'පිරබාහරන් කොලුවගේ ටීම් එකත්' එක්ක සෙල්ලම් කරලා අන්තිමේදී ඇස්ටි හැලෙන්නම බැස්ටිය දුන්න කස්ටියේ එකෙක් බව දැනටම සමහරුන්ට අමතකයි. ඔය හුජ්ජ කොල්ලොන්ට කී බෝඩ් එකක් හම්බ උනාම හරියට ඇමරිකන් මැරින්ලගේ 4 ස්ටාර් ලොක්කෙක් කියල හිතාගෙන වටේටම නෙලන්න යනවා.

    ඒවා වැඩක් නෑ. විචාගේ ලියවිල්ල විචා දිගටම කරගෙන යන්න. අපි වෙලාවක් තියෙන විදියට ඉඳහිට ඇවිල්ල ඕක බලල යන්නන්.
    විචා කලශිනිකොෆ් එක ගැන ලිව්ව එකට සමහරුන්ට ටිකක් විතර විස වෙලා තිබුන මම දැක්ක. අපි AK 47 පොස්ට් එක කටපාඩම් කරලා විබහග ලියන්න යන්නේ නෑ නේ. ඕනෙනම් මෙන්න මේ වගේ කෑලි මේකේ තියෙනවා, මේක වැඩ කරන්නේ මෙහෙමයි කියල පොඩි අයිඩියා එකක් ගනියි එච්චරයි.
    අනිත් එක විචා ඔය ඇනෝනිමස් අවතාර වලට බය වෙන්න එපා.අපි හැමෝම වාගේ, ඒ කියන්නෙ (90%-95%ක් විතර) එන්නේ ඇනෝ විදියටනේ, විචාගේ උප්පැන්නේ 'විචා' කෑල්ලක් ගෑවිලා වත් නෑනේ. මේ හැට්ටර්ගේත් එහෙම්මමයි. ඉන්ටෙර්නෙට් එකම ඇනෝනිමස් එකේ අපිත් යන් ඔහොම.

    Main thing is not to worry.

    මෙන්න සැලුට් කරා, අපි ගියා එහෙනම්.
    (ළඟදීම හැට්ටර්ගේ ටැට්ටරේ' ඉස්ටාට් කරන්නයි ඉන්නේ. මේ දවස්වල ඇන්ජිම පොඩ්ඩක් අන්ඩ කොම්ප්රෙෂන්. ලඟදීම 'hattorvittor.blogspot.com' ඉස්ටාට් කරනවා.)

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, හැට්ටරේ උඹ ටැට්ටරේ වගේ එක දිගටම කියාගෙන ගිහින් තියෙන්නේ මසුරන් අදහස් ටිකක්. ඇත්ත ඇත්ත, මේ කාලකන්ණි හැත්තට සිඟිති ආතල් ගන්න ඇරලා අපි අපේ වැඩක් බලාගම්මු.

      පටන්ගන්න පටන්ගන්න බ්ලොගක්. අපෙන් සුබපැතුම්.

      Delete
  30. විචා මෙන්න මේ ටික නම් නොකියම බෑ,
    අපි පුංචි කාලේ සමහර වයසක ඩයල් වලට උසුළු විසුළු කොචොක් කරල ෆන් ගත්තනේ, අපි කොයි වගේ ඩයල් වලට ද එහෙම කලේ කොචොක් කරාල ෆන් ගන්න තෝරා ගත්තේ එතකොට මල පැනල අමු තිත්ත කුණුහරුප කියාගෙන ගල් අරන් අපි පස්සේ පන්නන අයවනේ, ඉතින් මේ බ්ලොග් වලත් ඒ විදිහේ ෆන් එකක් ගන්න හදන එකෙක් ඉන්නවනම් කොචොක් පාරක් දාන්න හොදම බ්ලොග් එක මොකද්ද? ඔහේගේ මේ බ්ලොග නොවේද? ඔහේගේ මේ නාඩගම් නිසා උන්ට ෆනේ ෆන් වෙන්න ඇති. මම නම් මේ බ්ලොගේ කරුණු කියවන්න හරිම කැමතී, ඒත් ඔහෙලගේ මේ වලි අපිට මොකටද? මෙහෙම අමුවෙන් ලිව්වට සොරි හොදේ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇති හැටියෙන් කීම ගැන ස්තුතියි ඇනේ. මමත් හිතාගත්තා මේ ඇනෝ හැත්ත අතරමං කරවන මීට පස්සේ.

      Delete
  31. ඕව ගනනන් ගන්න එපා විචා කවදහරි එලිවෙයි ඕව කරන එව්වො.
    විචා කියන්නත් මොකක්ද වගේ. මොකද විචාට අවු60 ක් කිව්වොත් හරියටම මට වඩා අවු44 ක් වැඩිමල්.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, විචා කිව්වම මමත් මනසින් උඹේ වයසට එනවා.

      මෙව්වා කරන්න ආයේ කවුරුවත් අඟහරු ලෝකෙන් එන්නේ නැහැ. අපි අතරෙම ඉන්න එවුන් තමයි. ඔහොම ගියාවෙකෝ. මමත් හෙවිල්ලෙන් ඉන්නවා.

      Delete
  32. කේස් එක ඉවරයි කියා ඇසීම ලොකු සතුටක්... මොකද මිනිස්සු අවුලුවලා ආතල් ගන්න අය අඩු නැති නිසා.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. නෑ නෑ ලබ්ස්. මේක ලිව්වා එතනින් ඉවරයි. මොකද මේ ගස් ගෙම්බන්ට කියලා දෙන්න ඕනේ උන් ඉන්න ඕනේ කොතනද කියන එක.

      Delete
  33. මේ ලිපිය දැක්කම මට විශාල කණගාටුවක් ඇති උනෙ ඔයා මේ කොහෙවත් යන පිස්සු බල්ලන්ට ඉන්ජෙක්ෂන් ගහන්ඩ වියදං කොරල තියෙන අකුරු සහ රූප දැක්කම. මේ ඉඩෙන්ම මේ මහන්සියෙන්ම අපිට අලුත් යුධ ක්‍රමෝපායන් වගේම පිස්සුවෙන් වගේ බලන යුද අවියක තොරතුරු දුන්නනං මේ වටේ කහින ජාතකේ හොයන්ඩ ගියොත් ඩීන්ඒ පරීක්ෂා කරන මැෂිමත් මෝල්ෆන්ක්ෂන් වෙන ඇනොමිසයන්ට හොඳ කනේ පාරක් වෙනව.
    කොහොමත් ඇම්ඩල ගල් ගහන්නෙ අඹ රඹුටන් ගස්වලට මිස කනේරු ගස්වලට නෙමේනෙ.
    නිදුක් නිරෝගී සුව විඳිමින් තව තව ලිපි පල කිරීමට විචාට ශක්තිය ලැඛේවා

    ReplyDelete
  34. ස්තුතියි සුරේෂ්. කොහොමටත් ඉඳලා හිටලා, ඔය අමනයන්ට කියලා දෙන්න ඕනේ, උන් කවුද අපි කවුද කියන එක.

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }