හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

29 September 2016

ඕනේ කෙහෙම්මලක් වෙච්චාවේ............. ඔන්න මම කියලා දෙනවා...................... (පළමුවැනි කොටස)

   සෑහෙන කාලයක් අරෙහට මෙහාට අදිමින් හිටියා. කියලා දෙනවද නැද්ද? දෙනවද නැද්ද? කියලා හිතාගන්න බැරුව.  පහුගිය කාලේ පුරාම, එක කට්ටියක් හරී..........ම ආසාවෙන්, මෙව්වා ගැන කියෙව්වා. අරක මෙහෙම වෙන්නේ කොහොමද? මේක අරෙහෙම වෙන්නේ කොහොමද? අරක මෙහෙම කලොත් මොකද වෙන්නේ? මේක අරෙහෙම කලොත් මොකද වෙන්නේ? කියා කියා ප්‍රශ්න ඇහැව්වා. 

   හැබැයි ඉතිං, පුළුවන් ඔක්කොටම උත්තර දුන්නා.  බලගතු රහස් කියලා හිතන එව්වට, උත්තර නොදී මගහැරියා. සමහරු බැන්නා, 'ඇයි යකෝ මේ රහස් මෙහෙම ප්‍රසිද්ධියේ කිව්වම, මහ විනාසයක් වෙන්න පුළුවන් නේද' කියලා. අනේ අනේ නන්නානේ. බලනකොට සිංහලෙන් අන්තර්ජංජාලේ සැරිසරණ එවුන්ට විතරයි තහනම්. වෙනත් බාසා වෙල්ලන්ට භාෂා පාවිච්චි කරන්නන්ට තහනමක් නෑ. ඔන්න ඔහේ, ඕනේ කැකිරි ගෙඩියක්/කැකිරි වත්තක්/කෙහෙම්මලක්/ජංජාලයක්/මගුලක්/ඉලව්වක්/වෙන්න කියලා, අදනම් ඉන්තේරුවෙම්ම/සහසුද්දෙම්ම/හොරබොරු/ගුරුමුෂ්ටි/නැතුව, (හෝව් හෝව්, පොඩ්ඩක් ඇතුව)  කියන එක කියනවා, බොක්කටම වදින්ඩ ඕං.

   මොකක් ගැනද? ඇයි හිතාගන්ඩ බැරිද? අර අරක ගැන. ඔව්, අම්මපා, ඒක ගැන. මෙච්චරකල් වෙන එව්වා ගැන කිව්වට, මේක හංගගෙන හිටියේ, 'හොඳ නෑ නේ ඉතිං' කියලා හිතලා. බලනකොට මේ අපි අතරෙම ඉන්න, මීමින්නෝ, අංකුට්ටෝ, හාල් දන්ඩෝ, කුණකටුවෝ, පඟරනැට්ටෝ, පොල් ඇච්චෝ, හොච්ච දිග්ගෝ, කංකුනාලෑ ඇත්තෝ,  බොට කඳාලා, ඔක්කොම දන්නවා. මේ තමුන්නැහැල වගේ පෘතග්ජනයෝ විතරයි නොදන්නේ. ඒ නිසා, තමුන්නාන්සේලාගේ පහන් සංවේගය හෙවත් ලාම්පු කණගාටුව සඳහා, ඔන්න අද කියනවා, කියනවා, කියනවාමයි. 

   හෝව් හෝව්, ඔච්චර තදවෙන්ඩ කාරී නෑ. මෙව්වා මෙහෙම මේ ඒකෑවර, සුටුස් ගාලා, කියන්ඩ පුළුවන් දේවල් නෙවෙයි. හුද්ද හිංගලෙන්, තාර බර ඇරලා, ලුණු ඇඹුල් දමා, පත අට එකට සිඳලා තමයි, කියන්ට ඕනැන්නේ. මෙන්න කටන්තරේ හෙවත්, මාතෘකාව හෙවත්, විෂයය හෙවත්, වෙන මොකක්හරි කමක් නෑ, අන්න ඒ අහවල් එක තමයි. 





   හෙහ් හෙහ් හෙහ්, කොහොමද? සුපිරියි නේද? 

  ඉතිං මහත්තයෝ මට බැනලා වැඩක් තියේද? මෙව්වා හදන්නේ ජීවිත නැති කරන්න තමයි. මෙව්වා ඉගෙනගත්තට, මොළේ තියන එවුන්, මෙව්වා හොයාගෙන මිනීමරන්න යන්නේ නැහැනේ. 

   මං මහත්තයලට කියලා දෙන්නේ, මෙන්න මෙහෙම දෙයක් තියනවා, ඒක මේවගේ ක්‍රියාකරනවා කියන ටික විතරයි. ඒ ගැන පොතේ දැනුමක් පමණයි දෙන්නේ. 

   කවුරු හරි හිතනවානම්, මේක බලලා, මේ ජාතියේ එකක් අරන්, පට පට ගාලා වෙඩි තියන්න පුළුවන් කියලා, ඒක නිකම්, දෙකොනින් හිනායන විහිළුවක් විතරයි. මේක හරියට ඉගෙනගන්න නම්, ප්‍රායෝගික පාඩම් පහක් තියනවා. එව්වා නොකර, මේ ලිපියක් කියවලා, මෙව්වා පාවිච්චි කොරන්න බැහැ. ගැස්සෙන පාරට, උරහිස් ඇටේ, (ඔව් සමහරවිට තවත් ඇට) කඩාගන්නවා විතරයි. 

   මෙව්වා එකක් හොයාගෙන, තමන්ගේ සතුරන් මරන්න හිතන කෙනා, මේ වගේ එකකින්ම නහිනවා. ඒකත් මතක තියාගන්නවා හොඳයි හිටං. 

විශ්මයජනක AK 47 ප්‍රහාරක රයිෆලය 

   හොඳයි, එහෙනම් අපි අද කතාකරන්නේ ඒ.කේ.47 ප්‍රහාරක රයිෆලය ගැනයි. AK 47 Assault Rifle. මා හිතන්නේ, යුද අවි පිළිබඳව, අවසාන වරට මා ඔබ සමග සාකච්ඡා කළේ, මෙන්න මේ ලිපියෙන්.  AK 47 අවිය ගැන ඔබ බොහෝ දේ දන්නවා. නමුත් ඒ දැනුම, තහවුරු කළ දැනුමක් බවට පත් කරන්නයි, මා උත්සාහ කරන්නේ. අද, පාසල් ශිෂ්‍යභටයන්ටත් මේ අවිය ගැන දැනුමක් ලබාදෙනවා. අපිනම්, පාසල් ශිෂ්‍යභටයන් හැටියට හිටපු කාලේ, ඉගෙනගත්තේ මෙන්න මෙව්වා

මේ ලිපිය ලියන්න කලින් ඔබට එක් කරුණක් අවධාරණය කළ යුතුයි. මෙම රයිෆලය ගැන කරුණු විස්තර කිරීමේදී, සෑමවිටම, අවියේ ඒ ඒ කොටස් පැහැදිළිව පෙන්වීම සඳහා, AK 47 වර්ගයේම රයිෆලයක පින්තූර සොයාගන්න අමාරුයි. ඒ නිසා, සමහර ස්ථාන වලදී පෙන්වන්නේ, ඊට ආසන්න, T 56 හෝ එවැනි නිෂ්පාදනයක පින්තූර වියහැකියි. නමුත්, එයින් ඔබේ දැනුමට බාධාවක්, අඩුපාඩුවක් , වන්නේ නැහැ.


AK 47 බිහිවීම 

    ඉතා කෙටියෙන් කියන්නේ. 

   දෙවැනි ලෝක සංග්‍රාම සමයේදී රුසියානු හමුදා, ජර්මානු ආක්‍රමණික හමුදා ඉදිරියේ පසු බසින ලද අවස්ථා බොහොමයි. මෙයට ප්‍රධාන හේතුවක් වුණේ, ජර්මානු හමුදාව සතුවූ, Sturmgewehr 44 හෙවත්, STG 44 යන කෙටි නාමයෙන් හැඳින්වුන, (ජර්මානු භාෂාවෙන් ප්‍රහාරක රයිෆලය, මෝස්‌තර අංක 44) ස්වයංක්‍රීය තුවක්කුවේ ප්‍රහාරයට මුහුණදීම, රුසියානු හමුදාවට, විශාල අභියෝගයක් වීමයි. 







  මේ කාලය වනවිට රුසියානු හමුදාව පාවිච්චි කලේ රුසියාවේ නිෂ්පාදිත,  PPSh-41 නමැති සබ් මැෂින් තුවක්කුවයි.






  දෙවැනි ලෝක සංග්‍රාමයේ අග භාගයේදී, එනම් 1945 දී පමණ, STG 44 තුවක්කුව දැකීමෙන් රුසියානු හමුදාව විශ්මයට පත්වුණා. STG 44 තුවක්කුවේ හැඩය, ක්‍රියාකාරිත්වය, රුසියානුවන් තුළ ලොකු ආසාවක් ඇති කළා. 

   රුසියානු PPSH 41 තුවක්කුව කෙටියි. එයට යෙදුවේ, කුඩා උණ්ඩයක්. 




   නමුත් STG 44 තුවක්කුව, දිග බටයකින් යුක්ත වූවාසේම, ලොකු උණ්ඩයක්ද යෙදිය හැකිලෙස නිපදවා තිබුණා. 


   වේගවත් ක්‍රියාකාරිත්වය, මීටර් 300 ක පමණ දුරකට සාර්ථකව වෙඩි තැබිය හැකි වීම, වැනි හේතු නිසා ද STG 44 වඩාත් දියුණු අවියක් බව පෙනීගියා.  මේ අවියට සටනක් දීමට හැකි අලුත්ම අවියක් නිපදවීම සෝවියට් දේශයට මහත් අභියෝගයක් වුණා. 

   ඒ අභියෝගය බාරගත්තේ, AK 47 අවියේ නිර්මාතෘ, දැනට වසර තුනකට පෙර අභාවප්‍රාප්ත වූ,  ලුතිතන් ජෙනරල් මිඛායිල් කලෂ්නිකොව් විසින්.



   දෙවැනි ලෝක සංග්‍රාමයේදී තුවාල ලබා, රෝහල්ගතව සුවය ලබමින් සිටියදී, කලෂ්නිකොව් ගේ යාබද ඇඳෙහි සිටි සොල්දාදුවා, ඔහුගෙන් මෙහෙම ඇසුවා.

 'හැම ජර්මන් සොල්දාදුවාටම මැෂින් තුවක්කුවක් තියනවා. අපේ සොල්දාදුවන් දෙතුන් දෙනෙකුගේ කණ්ඩායමකට විතරයි මැෂින් තුවක්කුවක් තියෙන්නේ. ඒ ඇයි?'

   මෙය කලෂ්නිකොව්ගේ සිතෙහි තදින්ම කිඳා බැස්සා. ඔහු අධිෂ්ඨාන කරගත්තා, සෑම රුසියානු සොල්දාදුවකුම, විශිෂ්ඨ ගණයේ මැෂින් තුවක්කුවකින් සන්නද්ධ කිරීමට. 1946 සිට ඇරඹි ඔහුගේ පර්යේෂණ නිමාවුනේ, 1947 දී Avtomat Kalashnikov = AK අවිය නිපදවීමෙන්. (රුසියානු භාෂාවෙන් අව්තමාත් යනු ඉංග්‍රීසි භාෂාවේ ඔටෝමැටික් යන තේරුමයි) 

   මෙහි සඳහන් නොකළ තවත් විස්තර රැසක් තිබෙනවා. ඊළඟ කොටසේදී හෝ, අවශ්‍ය වුනොත් ඔබේ අදහස් වලට දෙන පිළිතුරු වලින්, ඒ තොරතුරු කියන්නම්. 

2016 සැප්තැම්බර් මස 29 වැනි දින 0053 පැය 

85 comments :

  1. 2012 ලිපි වලට යමින් ආයෙත් මතක් කරගත්තා මේ අමුතු දැනුම ලබාගන්න එක සිංහල භාෂාව විතරක් සීමා වුන එකෙන් බේරගන්න ඉන්නේ විචාරකතුමා පමණයි

    ReplyDelete
    Replies
    1. ඔබතුමා ඒ කාලේ ඉඳලම මගේ රසිකයකු වීම මට මහත් ආඩම්බරයක්. බොහොම ස්තුතියි.

      Delete
  2. රුසියානු භාෂාවෙන් අව්ටෝමැට් = නිවැරදි කිරීමයි අව්තමාත්

    ReplyDelete
    Replies
    1. හානේ............ගූගලයා තමයි අර විදිහට වචනේ සද්ද කළේ. පින්සිදුවෙවා! ඔන්න නිවැරදි කළා.

      Delete
  3. ආසාවෙන් කියව්වා. ආයුධ වලින් නැතිව අපිව දැනුමින් සන්නද්ධ කෙරෙව්වාට ඔබට ස්තූතියි. (ආයුධේකින් සන්නද්ද වෙන්න පසුව සලකා බලන්නම්.) T56, කාලතුවක්කු , මල්ටිබැරල් ගැනත් ලියන්න.

    ReplyDelete
    Replies
    1. හොඳයි හොඳයි. ඔබේ දැනුම දියුණු වුනානම් මට ලොකු සතුටක්. T 56 මේ ලිපියේ ඉදිරි කොටසේදී එනවා.

      අපොයි කාලතුවක්කු මල්ටිබැරල් ගැන ලිව්වේ බොහොම ඉස්සර.

      මෙන්න මෙතනින් ගිහින් බලන්න

      Delete
  4. ඒ කියන්නේ 1945 වෙනකොට ජර්මනිය රුසියාවට වඩා අවි ආයුද වලින් ඉදිරියෙන් හිටියා කියන එක ද ?

    T56 කියන්නේ AK47 එකේ කොපියක්නෙහ් ?

    විචා මාමේ, ජංගම දුරබනුවේ අංකය ගන්ඩ පුලුවන්ද ? මගේ මේලයට අවුලක් නැත්තං දාන්ඩ ඈ...

    ReplyDelete
    Replies
    1. 1939 වෙනකොට ජර්මනිය අවිආයුධවලින් හැමෝටම වඩා වගේ ඉදිරියෙන් හිටියා. 1945 වෙනකොට ඒක වෙනස් වෙලා

      Delete
    2. නැහැ නැහැ, ඔය කියන තරම් ජර්මන් අවි නිෂ්පාදනය පහත වැටුනේ නැහැ. නමුත් රුසියාව දුන්න සටනට මුහුණ දෙන්න අමාරු වුණා. ඒ වුනාට ලොකු මැෂින් තුවක්කු ගොඩක් තිබුණා හොඳ ඒවා. මේ බලන්න.

      https://en.wikipedia.org/wiki/MG_42

      Delete
  5. විචාරක මහත්මයා, නිවාඩු වෙලාවක ඔබතුමාගෙ පැරණිම ලිපි කීපයක් නැවත කියවලා බලන්න. ඉන්පස්සෙ හිතලා බලන්න ඒ ලිපි වලයි මේ ලිපිවලයි වෙනස. මට හිතෙන හැටියට නම් ඒ කාලෙ ලිපි බොහොම සංයමයකින් පිළිවෙළට හිත් ඇදගන්නා අයුරින් ලියලා තිබ්බා. ඒත් දැන් දැන් එන ලිපිවල රටාව වෙනස්. සමහර තැන්වල ඕනෑවට වඩා වැඩි ආලවට්ටම්. මේ ලිපිය ගත්තොත් AK47 බිහිවීම කියන තැනට එනකම් ලිපියේ ගත යුතු දේ බොහෝම අල්පයි. අවි ගැනීම ගැන අවවාදය කියවන්න පෝස්ට් එකක් තරම් දිග හෑල්ලක් කියවන්න වෙනවා. :) ඒ මුල් ටිකේම වචන 466ක් පමණ තියෙනවා ඒත් පසුව තියෙන විස්තරයේ තියෙන්නෙ වචන 263ක් පමණයි. :D

    \\ඉතා කෙටියෙන් කියන්නේ. \\ කම්මැලි හිතුනා නේද?

    විචාරක මහත්මයාගේ පොත පිටවෙන්නේ කවදාද?

    ReplyDelete
    Replies
    1. හරිගේ මේ කතාව හරි. මොනවා හිතුවත් මටත් ඒකට එකඟ වෙන්න උවමනායි. මුලින්ම හිතට ආවේ ඒක. කියම්දෝ...නොකියම්දෝ හිතමින් ඉන්නකොට මේ කමෙන්ට් එක දැක්කේ.

      Delete
    2. හරිත් එක්ක මමත් එකඟයි.. මේ වගේ ලිපිවලට ඒ බාසාව ගැලපෙන්නෙ නැහැ කියලයි මටත් හිතෙන්නෙ..

      අනිත් කාරනේ විචා, ආයුධවලට අකැමැති මිනිස්සුන්ට නොබලා ඉන්ටයි කියලා මේ ජාතියෙ ලිපිත් දිගටම දාන්ට.. එයාලා අකැමැති වුනාට කැමැති මේ අපි වගේ අයත් ඕන තරම් ඉන්නෙ.. එයාලා කැමැති දේවල් විතරක් දීලා හරි යනවයැ..

      ඒ වගේම එහෙම ලිපි දානකොට ඒ ගැන සමාව භජනය කරන්ට යන්න ඕනෙත් නැහැ.. විචාගෙ බ්ලොග් එකේ තමන් කැමැති ඕනම දෙයක් ලියන්ට විචාට අයිතිය තියෙනවා.. මිනිස්සුන්ට පුළුවන් තමන් කැමැති-අකැමැති දේවල් තෝරාබේරාගෙන බලන්ට.. විචා කාටවත් බලෙන් බ්ලොග් එක පෙන්නන්ට යන්නෙ නෑ නෙවැ..

      Delete
    3. මමත් කැමති නෑ මේ ආයුධ ගැන කියවන්න.. ඒත් ඉතින් ගොඩවෙලා කමෙන්ට් කියවලා, ඒවට මේ වගේ පොඩ්ඩක් කොටලා යනවා...

      ඇත්තටම සමාව ඉල්ලන්න ඕනා නෑ තමයි... ඇයි අප්පා සමහරු අමු තිත්ත කුණුහරුපත් ලියන්නෙ....වගේ වගක් නැතුව...

      හරී කියන එක ඇත්ත. අර බජාර් භාෂාව හරි යන්නෑ මේ වගේ ලිපි වලට...

      Delete
    4. @ හරී. මගේ වර්ඩ් ප්‍රෙස් අඩවියට ගිහින් බලන්න මම කාලතුවක්කු ගැන, ටොම්බා තුවක්කුව ගැන, ලියපු ලිපි. ඒ ලිපිවලත් හාස්‍යය තියනවා.

      කම්මැලිකම නිසා නෙවෙයි අර හැඳින්වීම කෙටි කළේ. ඒ ප්‍රමාණය හොඳටම ඇති හැඳින්වීමක් හැටියට. ඔක්කොම ලියන්න ගියොත් කලෂ්නිකොව් ගේ පර්යේෂණ කණ්ඩායම, මුල්ම කාලේ AKM තුවක්කු, ආදී දීර්ඝ විස්තරයක් ලියන්න වෙනවා. මට කියන්න අවශ්‍ය මේ තුවක්කුව මෙන්න මේ කාලයේදී නිපදවුනා කියන එකයි.

      @ හරී ඇතුළු අනික් සියලු දෙනාට.

      ඔබ කියන දේවල යම් පිළිගතහැකි කරුණු තිබෙන බව පෙනෙනවා. මෙවැනි ලිපියක් ලියන ශෛලිය වෙනස් කරන්නම් මින් ඉදිරියේදී.

      හැම දෙනාටම බොහොම ස්තුතියි.

      Delete
    5. ම‍ෙි ශෛලිය හ‍ොදයි තුමනි...හාස්‍ය නැත්නම් වැඩක් නෑ.ක‍ෙස‍ේ නමුත් එකම ත‍ේරැම කිහිප තැනක ය‍ෙද‍ෙන බව නමි පැහැදිලියි.කවුරු ම‍ොනව කිව්වත් ඔබතුමා කැමති ද‍ේ කරන්න...

      Delete
    6. හරී. එක්ක මාත් එකගයි. මොකද මාත් වැල්වටාරන් නැති ඉතා මනරම් බාසාවක් නේ ලියන්නේ. හැක්..

      Delete
    7. මම දවසක් කියුවා , විහිළු වැඩ සටහනක් වාගේ බොරු වැල් වටාරං ලියන්ඩ එපා කියල

      Delete
    8. මං හිතුවේ මේක විචාරකගෙ බ්ලොග් එක කියලා

      Delete
  6. /*

    හෙහ් හෙහ් හෙහ්, කොහොමද? සුපිරියි නේද?

    ඉතිං මහත්තයෝ මට බැනලා වැඩක් තියේද? මෙව්වා හදන්නේ ජීවිත නැති කරන්න තමයි. මෙව්වා ඉගෙනගත්තට, මොළේ තියන එවුන්, මෙව්වා හොයාගෙන මිනීමරන්න යන්නේ නැහැනේ.

    */

    විචාරක ගේ මේ ලිපිය දෙබසක එක පැත්තක කතාව වගෙයි. නිකං බස් එකේ යන කොට වෙනත් අයෙක් ජංගම දුරකථනේ‍රන් කතා කරන හැටි අහන් ඉන්ණවා වගේ!

    අනිත් පැත්තේ ඩයලොග් අපි හිතා ගන්න ඕනෑ!

    ReplyDelete
    Replies
    1. අන්න හරි. අනික් පැත්තේ දෙබස් ටික තියෙන්නේ කියවන්නා ළඟයි. පාඨකයාව හැකිතරම් ලංකරගැනීමට දරන ලද උත්සාහයක්.

      Delete
  7. ආයුධ ගැන දුරටත් හංගන්න දෙයක් න . සුද්දගේ භාෂාව හා පරිගණක දැනුම තියේ නම් කෑල්ලෙන් කෑල්ල සවිස්තර සැලසුම් අන්තර්ජාලයේ ඇත.

    ReplyDelete
    Replies
    1. ඔව්, ඒක නිසයි සිංහලෙන් කියවන අය වෙනුවෙන් මෙවැනි ලිපි ලියන්නේ. සිංහලෙන් මෙවැනි ලිපි අන්තර්ජාලයේ දකින්න නොලැබෙන තරම්.

      Delete
  8. මීමින්නෝ, අංකුට්ටෝ, හාල් දන්ඩෝ, කුණකටුවෝ, පඟරනැට්ටෝ, පොල් ඇච්චෝ, හොච්ච දිග්ගෝ, කංකුනාලෑ ඇත්තෝ, බොට කඳාලා = පෘතග්ජනයෝ නොවෙන අය

    පෘතග්ජනයෝ නොවෙන අයට කියන වචන ගොඩ :D

    ReplyDelete
    Replies
    1. ඔතනින් වචන කීපයක් අපේ ආදිවාසීන් ගේ වාග් මාලාවෙන් ගත්ත ඒවා.

      පොල් ඇච්චා = වලහා, හොච්ච දිග්ගා = ඌරා, කංකුනාලෑ ඇත්තෝ = ගෝණා, බොට කඳා = අලියා.

      ෂෝක් වචන නේද?

      Delete
  9. ඔබතුමාට කියන්ඩ... මට කියල දීපු ගමන් මං එනවා ඔබතුමාගේ ගෙවල් පැත්තේ.. ඔයින් එකක් අරගෙන... ලෝකේ වැඩියෙන්ම තියෙන්නෙත් ඕව්යි කියලත් ඇහුනා.. හැබෑද ඒක??

    අපේ සොදුරු සිත මිස් නං නිතර ඒකේ 47 අරන් එහෙ මෙහෙ යනවා සිකුරුයි. හැක්

    ReplyDelete
    Replies
    1. ඔබතුමාට කියන්ඩ මම මේ බයේ ඉන්නේ අර ලව් පූසයි පත්තරයයි මෙව්වා ඉගෙනගෙන මොන ගිනිවිජ්ජුම්බරයක් කරගනියිද දන්නෑ. ඕකුන් දෙන්නා සත පහකට විස්වාස නෑ.

      හැබැයි අපේ ගෙදර පැත්තේ ආවොත් තොට දෙන්නේ බේත් කොටන පරණ තුවක්කුවකින් කළු කුඩු බස්නේ.

      හෑ..........සොඳුරු සිත මිස් එච්චර ලොකු ත්‍රස්තවාදිනියක් ද?

      Delete
    2. අනේ නෑ.. එයා ත්‍රස්තවාදි වැඩ කරන්නේ AK47 ගහපු බස් එකේ ඉස්කෝලේ යන කොට.. (අකුරැස්ස ඩිපොව 47 අංකය)

      Delete
    3. හුටා, AK 47 කියලා බස් තියන බව අදනේ දන්නේ.

      Delete
  10. අපුරු පෝස්ටුව.. ස්තුතී විචාරක මේ පෝස්ටුවට...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිර්මාණී

      Delete
  11. කිසි ජංජාලයක් නැතුව සහසුද්දෙන්ම බොක්කටම වැදුනා AK47 ප්‍රහාරය.

    ReplyDelete
    Replies
    1. ඊළඟ කොටසේදී තමයි අරු නියම ප්‍රහාරය පටන්ගන්නේ.

      Delete
  12. මම නම් තුවක්කු ගැන මේ දන්න ටික දන්නෙ සිනමාවට සහ පොත්වලට ස්තුතිවන්ත වෙන්නයි. ඊට අමතරව අන්තර්ජාලය සහ නැට්ජියෝ වැනි චැනල්.

    හරි. පටන් ගත්තා වගේ නොසැලී ඉදිරියට යමු.

    ReplyDelete
    Replies
    1. ජාලේ ටිකක් පීරපන්කෝ මලයා, මෙව්වා තියනවා ඕසෙට.

      හරි, ඊළඟ කොටසට යමු ළඟදීම.

      Delete
  13. AK 47 ගැන තව විස්තර ටිකක් පැහැදිලි කරනම් ගොඩක් හොඳයි... :)Video Game wala මං කැමතිම එක.. පරන හමුදා තොරතුරු තියෙන ලිපි ටික කියවන්න ඕනෙ.. දිගටම පුලුවන් විදියට හමුදා තොරතුරු ලියනවනම් නියමයි.

    ReplyDelete
    Replies
    1. මේ යන්තම් හැඳින්වුවා පමණයි. සියලු විස්තර, ඊළඟ කොටසෙන් හෝ අවශ්‍ය වුනොත් තවත් කොටස් වලින් කියනවා.

      Delete
  14. ඉස්අසර අකුරැස්ස මාතර දුවන AK 47 කියලා CTB බස් එකක් තිබ්බා.. අපි ඉස්කෝලේ ආවේ ගියේ ඒ බස් එකේ.. අපරාදේ කියන්නේ බෑ.. වෙඩිල්ල වගේ තමයි..
    හික් හික්..

    අගේයි විස්තරය..

    ජ ය වේව ා !!!!!

    ReplyDelete
    Replies
    1. හැක්. ඒ බස් එකේ ඩයිවර් ගොයියා කන්නේ වෙඩිබෙහෙත් වෙන්න ඇති.

      බොහොම ස්තුතියි ඇගයීම ගැන.

      Delete
    2. අනේ නදීකා.. මං උඩින් කිව්ව එක බොට තේරුනේ නැහැ නේද?? හැක්

      Delete
    3. හෑ..........කවදා ඉඳලද යකෝ විදානයා නදීකා කියලා නම වෙනස් කලේ? දේශා සුරුට්ටුව ටිකක් වැඩියෙන් ඇදලා වගේ. හැක්.

      Delete
  15. බොහොම ස්තුතුති විචාරක ටුමා ඒ වගේම
    ඒ වගේන කෘතීම ලෙදර් නියම ලෙදර් වගේ පොලිෂ් කරන්න පුලුවන්ද?හොද සපත්තු පොලිෂ් වර්ගයක් හොයාගන්න් කොමද මිල කොපමණ වෙනවද ?පොඩ්ඩක් කියනවද?

    ReplyDelete
    Replies
    1. අපේ රටේ සපත්තු පාවිච්චියේදී තියන ලොකුම ප්‍රශ්නයක් තමයි එකම සපත්තු කුට්ටම හැමදාම පාවිච්චි කිරීම සහ උපරිම වශයෙන් සපත්තු කුට්ටම් දෙකකට වඩා නොතිබීම.

      අපේ රට වැනි ඝර්ම කලාපයේ රටවල, දූවිල්ල, අව්ව, වැස්ස, මඩ, නිසා සපත්තු ඉක්මනින් හානියට පත්වෙනවා. ඒ නිසා අවම වශයෙන් දින දෙකකට වරක්වත් මාරු කරන්න තරම් සපත්තු කුට්ටම් ගණනක් අවශ්‍ය වෙනවා.

      කෘත්‍රිම ලෙදර් එන්නෙම ලොකු දිලිසීමක් එක්ක. එය ඒවා නිපදවීමේදීම ලබාදෙන දිස්නයක්. නමුත් සීරුනොත්, හොඳට පෙනෙනවා. නියම හම් සපත්තුවක ඒ සීරුම් පොලිෂ් වලින් වහන්න පුළුවන්.

      කෘත්‍රිම හම සපත්තු, නඩත්තු කිරීමට

      1. විනාකිරි වලින් පිසදමන්න.

      2. මඩ ගෑවුණු විට පලමුව තෙත රෙද්දකින් පිස දමන්න. තීන්ත ගැන පොඩි බුරුසුවකින් වතුර දමා පිස දමන්න. සපත්තුව අනවශ්‍ය ලෙස තෙමෙන්න දෙන්න එපා එහෙම කරනකොට.

      3. වැසි දිනවල කෘත්‍රිම ලෙදර් සපත්තු පළඳින්න එපා, තෙමීමට ඉඩ තියනවානම්. වාහනයකින් යනවානම් ප්‍රශ්නයක් නැහැ.

      4. පෑගුනොත් මේ සපත්තු අදවෙනවා සීරෙනවා. පරිස්සමෙන් පාවිච්චි කරන්න.

      5. කෘත්‍රිම සම් සපත්තු, අනෙක් සපත්තු මෙන් පොලිෂ් කර බ්‍රෂ් කරන්නේ නැහැ. බෝතල්වල පිරවූ ආලේපන තමයි ගාන්නේ.

      මේ තියෙන්නේ ඒ වගේ එකක්

      Delete
    2. තීන්ත ගැන නෙවෙයි තීන්ත ගාන.

      Delete
  16. විචාරක මම මුල්ම සහ අවසාන වතාවට වෙඩි තිබ්බේ වයස අවුරුදු 13-14 කාලේ.. එක්තරා පුහුනුවීම් තැනක තම මම ඒ වෙඩිල්ල තිබ්බෙ.. එදා මට ඇති උන ප්‍රශ්නය ටාගට් එක හඩන්න ඉන්න අය ඉන්නේ සෑහෙන්න ඈත.. බැරි වෙලා එයාල ඉවත් වෙන්න කලින් වෙඩි තිබ්බොත්....

    ඛොහොම උනත් ආයුධ හොයා ගත්තට වඩා හොඳයි වචන වලින් වෙන හානිය නවත්තන්න ක්‍රමයක් හොයා ගත්තා නම් මම හැමදාම හිතන්නේ..

    ReplyDelete
    Replies
    1. මොකද අවසාන වතාවට? ආයේ කවදාහරි ඕනේ වුනොත් මොකද කරන්නේ?

      ටාගට් එක හදන අය ඉවත් වෙන්න කලින් වෙඩි තිබ්බොත්:

      1. හමුදාවේදී නම්, මුලින්ම කණ හරහා වදිනවා පාරක්, කැරකිලා යන්න.

      2. වෙඩි වැදුණු මිනිහා මැරුනොත්, ඔයා එල්ලුම්ගස් තමයි.

      අපොයි ඔව්, වචන වලින් තියන වෙඩි, තුවක්කු වෙඩි වලට වඩා බරපතළයි.

      Delete
    2. මම ආයේ කිසිම දවසක තුවක්කු අතට ගන්නේ නැ විචාරක..ඊට වඩා පහසු ක්‍රම දැන් මම දන්නවා.. :)

      Delete
    3. ඒ කියන්නේ වචන වලින් ගහන එක. හැක්. අම්මපා ගෑණු ඔහොමමයි.

      Delete
  17. ම‍ෙවිවන‍ෙ ලිපි තුමනි..ක‍ොචිචර කල් බලන් හිටියද..Ak 47 ට වඩා T56 ඉලක්ක ගන්න අපහසුයි කියන්නේ අැත්තද තුමනි..
    අපේ තාත්තාටත් වගා ආරක්ෂාවට shot gun එකක් තියෙනවා තුමනි ක‍ොි ව‍ෙඩි තියන්න ද‍ෙන් නෑ A/L ඉවර ක‍ොරන්නලු..
    ද‍ෙවෙනි ක‍ොටස ඉක්මනින් ඔීන තුමනි.යුද ත‍ොරතුරැම ද‍ෙනවා නමි තමයි සතුටු...

    ReplyDelete
    Replies
    1. AK 47 ට වඩා T 56 ඉලක්ක අගන්න අමාරුයි කියන එකේ ප්‍රායෝගික ඇත්තක් මමනම් දැකලා නැහැ.

      Shotgun එක ගැන මම ලියපු ලිපියක්

      මෙතනින් බලන්න පුළුවන්

      හෙහ් හෙහ්, තාත්තලා ඔහොම තමයි. ඒවා ගණන් ගන්න එපා. A/L හොඳට කරන්න.

      ඉදිරියේදී යුද තොරතුරු ලිපි තවත් කීපයක් දෙන්නම්.

      Delete
  18. මං තුවක්කුවක් හැදුවා බයිසිකල් පොම්පෙකිං. ඒකට රතිඤ්ඤාවක් දාලා අගට ටීක් බෝලයක් තියලා රතිඤ්ඤාව පත්තු කළහම ටීක් බෝලෙ විසිවෙනවා.

    ReplyDelete
    Replies
    1. සුපිරි වැඩක්. ගෙවතු පාලු කරන්න එන රිලා මොටාලාට වැඩේ දෙන්න නියමෙට ගැලපෙනවා. නොමැරුනත් උන්ට රිදෙන්න වදිනවා ඕකෙන්.

      Delete
    2. අපේ පැත්තෙ එකෙක් ඔය වගේ තුවක්කුවක් හදලා ටැස් කොරලා බලන්න ගිහින් මළා.

      විහිළුවක් නෙමෙයි, ඇත්තටම.

      Delete
    3. හැක්, ඒ මනුස්සයා තුවක්කු බටේට ගත්තේ එස්ලෝන් බටයක්ද?

      Delete
  19. මං කැමති විචාරක ආයෙත් ඇවිත්

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හෙහ්, එහෙනං ඔහොම යන්කො.

      Delete
  20. මට ළඟදී මෙ blog එක හම්බවුනේ ...මන් මාර ආසයි army..එ තොරතුරු වලට ...සර්ට ගොඩාක් ස්තුයි ම‍ෙ තොරතුරු දානවට... පරණ ලිපිත් එක්ක ආසාවෙන් කියෙව්ව....මගේත් target එක නිලධාරී කෙනෙක් වෙන එක...මහන්සියෙන් මෙ ලිපි ලියනවට සර්ට පිං....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඉරේෂ් පැමිණීම ගැන. ඔබව සාදරයෙන් පිලිගන්නවා. අලුත් ලිපි පරණ ලිපි ඔක්කොම කියවලා බලන්න. ඔබේ දැනුමට යමක් එකතුවෙනවානම් මට ලොකු සතුටක්.

      අනාගතයේදී ඔබට දක්‍ෂ හමුදා නිලධාරියකු වන්නට ලැබේවා කියා ප්‍රාර්ථනය කරනවා.

      Delete
  21. ලියන ශෛලිය වෙනස් කරන්න, අරවා එපා මේවා ලියන්න වගේ දේවල් ගැන නං මට කියන්න තියෙන්නෙ මෙච්චරයි,
    යුවර් කාර් යුවර් පෙට්‍රල්. තමන්ට කැමති දේවල් කැමති ඕනෑම විදිහකට ලියන්න තමා බ්ලොග් තියෙන්නෙ. කුණුහරුප ලියන්න ඕනෙ නං ඒවත් පුලුවනි. මේක නිදහස් අවකාශයක්නෙ. ඉතිං මාමට කැමති ඕනෑම විදිහකට ඕනෑම දෙයක් ලියන්න. මම නම් මට කැමතිනං බැලුවා නැත්තං නිකං හිටියා. එච්චරයි.

    කොහොම වුනත් විචා මාමගෙ උදව්වෙන් පත්තරයා මරන වැඩේ දැං වේගවත් වෙනවා.

    ReplyDelete
    Replies
    1. එහෙම කොහොමද උඹ අපි ලියන ඕන දෙයක් හිස් මුදුනින් පිළිඅරන් කියවල කමෙන්ට් දාන්න ඕන සිත නොසිදෙන පරිදි.. තේරුනාද??

      Delete
    2. හිත හීලෑ නෑ. හරිම මුරණ්ඩු යි දේශකයාව සොයයි. හොමබට දෙකක් අනියි

      Delete
    3. හිත හීලෑ නෑ. හරිම මුරණ්ඩු යි දේශකයාව සොයයි. හොමබට දෙකක් අනියි

      Delete
    4. ඇයි යකෝ AK 47 තියෙද්දී ආයේ මොකටද හොම්බට අනින්න යන්නේ?

      Delete
  22. ලියන ශෛලිය වෙනස් කරන්න, අරවා එපා මේවා ලියන්න වගේ දේවල් ගැන නං මට කියන්න තියෙන්නෙ මෙච්චරයි,
    යුවර් කාර් යුවර් පෙට්‍රල්. තමන්ට කැමති දේවල් කැමති ඕනෑම විදිහකට ලියන්න තමා බ්ලොග් තියෙන්නෙ. කුණුහරුප ලියන්න ඕනෙ නං ඒවත් පුලුවනි. මේක නිදහස් අවකාශයක්නෙ. ඉතිං මාමට කැමති ඕනෑම විදිහකට ඕනෑම දෙයක් ලියන්න. මම නම් මට කැමතිනං බැලුවා නැත්තං නිකං හිටියා. එච්චරයි.

    කොහොම වුනත් විචා මාමගෙ උදව්වෙන් පත්තරයා මරන වැඩේ දැං වේගවත් වෙනවා.

    ReplyDelete
    Replies
    1. මේවගේ තොරතුරු ලියා බ්ලොග් වලට පාඨකයන්ගෙන් විවිධ බලපෑම් එනවා. එක අතකට ඒවා සාධාරණයි. එව්වත් ටිකක් අහලා, මගේ ගතියත් සම්පූර්ණයෙන් වෙනස් නොකර ලියන්නම්කො. ඉවරයිනේ වැඩේ.

      හැක්. බලාගෙන හිටපන්, පත්තරයා උඹට මිසයිල් එකක් එවයි ඔඩොක්කුවටම. ඕකා එච්චරකට විස්වාස නැති එකා.

      Delete
  23. AK47 මඩේ ගහල තිබ්බත් ආයෙ අරන් වෙඩි තියන්න පුළුවන් කියන්නෙ ඇත්තද? අර ගාල්ලෙදි කරපු වෙඩිතැබීමෙ CCTV දර්ශන දැක්කාම නම් වෙඩි තියන්න ආපු උන් ගැන දුක හිතුනා.තුවක්කුව ජෑම් උනාද කොහෙදො.. ඒත් ටාගට් එක ගත්තා නෙව.
    අපේ ගල්කටස් අයියලා ගැන එහෙම ලියන්න අදහසක් නැතෙයි?
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. //////අපේ ගල්කටස් අයියලා ගැන එහෙම ලියන්න අදහසක් නැතෙයි?////

      අඩෝ ගස්ලබ්බා.....ඕන්නැති මාතෘකානේ උඹ මතක් කරලා දෙන්නේ :D

      Delete
    2. මේ ගැන අත්හදා බැලීමක්, අපේ යුදහමුදාවේ බ්‍රිගේඩියර් වරයකු එක් වරක් කළා. ඔහු කලේ, දියතලාවේ යුදහමුදා කඳවුරු සංකීර්ණයේ පිහිටි, හලංගොඩ වැව නමැති ජලාශයේ, T 56 (AK 47 චීන මෝස්තරය) තුවක්කුවක්, මාස දෙක තුනක් ගිල්වා තැබීමයි. ගොඩට ගත්තම, තුවක්කුව කොක් කරන්න (වෙඩි තැබීමට සූදානම් කරන්න) ටිකක් අමාරු වුණා මළකඩ නිසා. නමුත්, අමාරුවෙන් කොක් කරලා, වෙඩි තියන්න පටන් ගත්තම, කිසිම ප්‍රශ්නයක් නැතුව තුවක්කුව වැඩ කළා.

      @ අරු

      'කටස්' කපලා ඉතුරු අය ගැන කියන්නද?

      Delete
    3. පෘතුගීසීන් ලංකාවට එනකොටත් අපි තුවක්කු භාවිතා කල බවත්,අපේ තුවක්කු වල ඉහල ගුණාත්මක තත්වය ගැන ඔවුන්ගේ ලිපි ලේඛණ වල පවා ඇති බවත් බුකියෙදි කොහෙන්දෝ කියෙව්වා.. ඒ අස්සෙ අපේ උනුත් හොඳ 'යකඩ' හදනවා නෙව.මේ ගැන තාක්ශණික තොරතුරු අහගන්නයි කම්පනා කොලේ..

      ඈ බං අරූ අයියෙ.. ඔන්න විචා මාමා රතු තොල් ගැන්සිය ගැනද කොහෙදො කියන්න යන්නෙ... හෙහ් හෙහ්

      Delete
    4. මේ ලිපිය සෑහෙන්න දීර්ඝ එකක් වෙයි. ඒ නිසා ලංකාවේ තුවක්කු ගැන කතාකරන්න තියන ඉඩකඩ බොහොම අඩුයි.

      ලංකාවේ කාලතුවක්කු ගැන මම මෙන්න මේ ලිපියෙන් විස්තර ලියලා තියනවා

      Delete
  24. බොහොම ස්තුති සර්... හැමදාම මම ම‍ෙ blog එක එක්ක ඉන්නවා....

    ReplyDelete
  25. අවි ආයුද පරිහරණයට අම්බලංගොඩ එකා කොහෙත්ම අකමැති උනත්හැ ඒවා ගැන කියවල යමක්ම ඔලුවට දාගන්න නම්දා මනාපයි..හැමදාමත් වගේම සාරවත් ලිපියක්.. ඒත් ඇයි හත්දෙයියනේ මේක තව ටිකක් දිගට ලිව්වේ නැත්තේ කියන එකයි මට තියන ප්‍රශ්නය.

    ReplyDelete
    Replies
    1. අවි ආයුධ හොඳ නැහැ. ඒ ගැන විවාදයක් නැහැ. මේ ඔක්කොම තියෙන්නේ මිනිස්සුන්ගේ ඔලුවේ නේ. යුද්ධය සාමය දෙකම තියෙන්නේ අපේ මනසේ.

      මෙහෙම දේවල් මේ ලෝකේ තියනවා කියලා දැනගැනීමේ වැරැද්දක් නැහැ. එයින් යුද්ධයට පෙළඹීමක් ඇතිවෙයි කියලා හිතන්න අමාරුයි.

      මේ වගේ ලිපියක් ලියනකොට නිරවද්‍යතාව ගැන ලොකු සැලකීමක් කරන්න වෙනවා. තාක්ෂණික කරුණු ලියන නිසා. බොරු ලියන්න බැහැ. ඒ නිසා ඉතා සැලකිල්ලෙන් ලියන්නේ. ලිපිය ටිකක් කෙටි බව පෙනෙන්නේ ඒ නිසයි.

      බොහොම ස්තුතියි ඔබේ අදහස් වලට.

      Delete
  26. This comment has been removed by the author.

    ReplyDelete
  27. සර්..විශේෂ බලකා lrrp මහසොහොන් බලකාය කියලා කියනවා....එතකොට කමාන්ඩෝ lrrp අයිති මොකටද...? වැඩිය කතා කරන්නෙත් sf..lrrp ගැන.මෙ දෙගොල්ලන්ගෙන් ඉස්සරහින් ඉන්නේ කවුද ?.. හොඳම විශේෂ ඒකකය මොකක්ද?

    ReplyDelete
    Replies
    1. ඔය 'මහසොහොන් බලකාය' වගේ නම්, නිකම් මේ කතාවට දාගත්ත ඒවා මිස, නීත්‍යානුකූලව ප්‍රතිෂ්ඨාපනය කල නම් නෙවෙයි. එහෙම කිසිම විශේෂ ඒකකයක්, අරකට වඩා මේක හොඳයි කියන්න අමාරුයි. කමාන්ඩෝ බලකාය විශේෂයෙන් යොදවන්නේ, නාගරික සටන් සහ විශේෂ පුද්ගලයන්ගේ ආරක්‍ෂාව වැනි ක්‍රියාන්විත සඳහා. විශේෂ බලකාය යොදවන්නේ, ගුවන්යානා මංකොල්ලකෑම් වැලැක්වීම, සැඟවුණු සතුරු කඳවුරු වලට රිංගා පහරදීම, වැනි කටයුතු සඳහා. ඒ රෙජිමේන්තු දෙක, එකකට වඩා අනික උසස් කියා කියන්න බැහැ.

      Delete
    2. බොහොම ස්තුති සර්..

      Delete
    3. බොහොම ස්තුති සර්..

      Delete
  28. AK 47 කියන නම ඇරෙන්න ඒ භාණ්ඩේ ගැන කිසි දෙයක් අපි දන්නේ නැහැ අදටත්. ඇත්තම කිව්වොත් හොයලා නැහැ.
    විචා වගේ මේ ෆීල්ඩ් එකේ අත්දැකීම් තියෙන මිනිස්සු මේ විදියට ඒ දැනුම බෙදා ගන්නකොට තුවක්කු , ටැංකි, පතුරම් වගේ දේවල් ගැන මෙලෝ සංසාරයක් නොදන්නා අපිට පවා ඊළඟ ගූගල් සර්ච් එකේදී එක පාරක් හරි මේ ගැන හොයන්න පෙළඹෙනවා.

    විචෝ,

    තැනක් යූ වෙරි මච්.

    ReplyDelete
    Replies
    1. මගේ අඩවියේ පරණ ලිපි කියෙව්වොත්, අවි ආයුධ ගැන තොරතුරු ගොඩක් දැනගන්න ලැබෙයි. අද රෑ ඊළඟ කොටස පලකරන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම ජාලයේ සෙවීම් කලොත් බොහෝ දේ ඉගෙනගන්න පුළුවන්, සමහර න්‍යායාත්මක කරුණු හැර.

      ඇගයීම ගැන ස්තුතියි විභියෝ.

      Delete
  29. අම්මෝ ඇති යාන්තම්, පටන් අරන් තියෙන විදියට මටත් හිතෙනවා මේක ගොඩක් දිග ලිපි මාලාවක් වෙයි කියලා. හොදට විස්තරාත්මකව ලියන එක හොදයි.

    ReplyDelete
    Replies
    1. ඔව් දිලීප, මටත් හිතෙනවා, කොටස් තුනකටවත් යන්න වෙඩි කියලා. දිගටම බලන්නකෝ.

      Delete
  30. ඒකේ 47 නං සෑහෙන්න හුරුයි. අවුරුද්දක් විතර පාවිච්චි කලා නෙව.(අයිජීඅයි ගහද්දි)

    ReplyDelete
    Replies
    1. පුදුම වැඩක් කියන්නේ රාජ්, මම බොහොමයක් කොම්පියුටර් ගේම්ස් වලට කැමති නැහැ. ආසාවෙන් ගැහුවේ ස්නයිපර් ගේම් පමණයි. කොම්පියුටර් ගේම්ස් වලින්, විවිධ අවි ගැන යම්කිසි දුරකට අවබෝධයක් ලැබුනත්, ඇත්තම අවිය අතට ගත්තොත් ඔබට වැටහෙයි, මෙතෙක් සිතා සිටිය ආකාරය සහ, ඇත්තම අවිය හැසිරවීම, අහසට පොළොව වගේ වෙනස් කියලා.

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }