ප්‍රතිචාර දැකීමෙන් ලියන්නට සිත් වුවත් රාජකාරිය දේවකාරිය වූ නිසා මෙම සති අන්තය ගතවූයේ අනුරාධපුර පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවති විභාග රාජකාරි සඳහාය.
නැවතුණු තැනින් .........
විචාරකතුමා පරිගණකයට මෙතරම් ඇලුම් කළේ ඔහු Electronic භාණ්ඩ වලට දැක්වූ ඇල්ම නිසාය. කුඩාකල සිට සිය වැඩිමහල් සහෝදරයාගෙන් Electronic පරිපත සැකසීම ඉගෙනගත් ඔහුට Electronic සම්බන්ධ සියලුම දේ ජානවලින් ලැබී තිබුණේය. මියෙන තුරාවට අප නිවසේ කිසිදු Electronic භාණ්ඩයක් ඔහුගේ පරීක්ෂාවෙන් තොරව මිලදීගෙන තිබුණේවත්, අලුත්වැඩියා කතර තිබුණේවත් නැත. ඔහු ඒවා පිටත තැනකට දුන්නේ ඔහුට එය කළ නොහැකිනම් පමණි . මාදිලිය , එහි ප්‍රමිතිය , නිමාව ඔහු සැමවිට අගය කළේය. එහිදී ඔහුට මිල වැදගත් නොවීය. එම නිසා මගේ වයසට සමාන ඇතැම් Electronic භාණ්ඩ තවමත් අපේ ගෙදර භාවිතා වේ. ඔහු නව ලෝකයට සැමවිටම ආසාකළ අතර තොරතුරුවලින් සන්නද්ධ විය.
ඔහුගේ Electronic ආසාව නිසාම ඔහුගේ 50 වැනි උපන්දිනයට මවගෙන් ඔහුට ලැබුනේ රූපවාහිනී යන්ත්‍රයකි. එයට ඔහු බොහෝ ආසා කළේය .
ඔහු මට හා මගේ නැගණියට ආදරය හා ආරක්ෂාව සපයන්නට ගත් උත්සාහය අනන්තය. එවකට මා සිවු හැවිරිදි වියේ පසු වූ අතර අප ජීවත්වූයේ කුළි නිවසකය.එහි ලිඳක් තිබුණද , කැළණි ගඟ ආසන්නයේ ජීවත් වූ නිසා නෑම සඳහා ගඟට යාම පුරුද්දක් වී තිබුණි. මේ කාලයේ මා ඉතා දඟකාර බවද පැවසිය යුතුය. කෙස් වෙතත් ඔහුගේ රාජාකාරී ජීවිතය නිසා සැමවිටම අප ළඟ රැඳීමට ඔහුට නොහැකිවිය. දිනක් මව හා අසල නිවසක ළමයෙකු සමග දියනෑමට ගඟට ගිය අතර, ඒ වනවිට අසල්වාසී බොහෝ දෙනෙක් ද දියනෑමට ගඟට පැමිණ සිටියහ. ඔවුහු බොහෝ දෙනෙක් ගැඹුරු දියේ සිටියහ. මා වහා වතුරට පැනගත් පසු අම්මා කෑ ගැසුවාය.
අම්මා - ළමයෝ ගැඹුරට යන්න එපා . ඉක්මණාට නාලා එන්න.
එය මදකුදු ගණන් නොගත් මමත් ඇයත් ටික වේලාවකින් ගැඹුරු දියට ගිය අතර , අප දෙදෙනාගේ කර වටට පමණ වතුර තිබිණි දෙදෙනාම ඇත අල්ලා සමබරතාව රැකගෙන සිටි අතර, හදිසියේම ඇය මගේ අත අතඇරියාය. සැණකින් දියට වැටුණු මා පහළට ගසා ගෙන යන බව දැනුණි. සැනෙකින්ම මට වැටහුනේ මගේ කටට වතුරපිරෙන බවත් කකුල් ගැසුවත් වතුර වැඩි නිසා කකුල නොවදින බවත්ය. කෑ ගැසීමට වේර දරන හැම මොහොකම කටට වතුර පිරුණි. අත පමණක් දියෙන් ඔසවා ගැනීමට හකිවූ අතර මගේ වාසනාවට ගඟේ සෑම කොනකම මා සෙවූ අම්මාට මගේ අත පමණක් දිස්වී තිබුණි.
අනේ.......... මගේ ළමයා යයි මව කෑ ගැසූ පසු සියලු දෙනා දුටු අතර , ඊට ඉහළ තොටුපලේ නාමින් උන් මාව දන්නා කෙනෙකු පැමිණණ මාව හරහට වඩාගෙන ගොස් බිම තැබූ සැනින් මට වතුර වමනය ගියේය . මගේ මෙන්ම අම්මාගේ නෑමද අවසන් වූ අතර , ඇය මාවද කැටුව නිවසට පැමිණියාය . ඉන්පසු ටික දිනකින් නිවාඩු පැමිණි මගේ පියා නිවසට ජල සම්පාදනය ලබාගෙන නළ සවිකරන ලදී. එදිනෙන් පසු ඔහු නොමැතිව ගඟට යාම සපුරා තහනම් විය. මා ඉතා බියට පත්වී සිටි නමුත් මට කිසිවක් කීවේ නැත.
එවැනිම මාගේ වීර ක්‍රියාවක් නිසා වයස අවු 2 දී පමණ මගේ නැගණියගේ කකුලේ මහපට ඇඟිල්ල දෙකට මැදින් කැඩුණි. සිද්ධිය මෙසේය. එදින සවස සුපුරුදු පරිදි මගේ නැගණියට අහාර ලෙස සුප් කෝප්පයක් දුන් අපේ අම්මා ඇයව සාලයේ තබා මුළුතැන්ගෙට ගියාය. ගෙදර සියලු බිත්ති වලට හා දොර ජනෙල් ආදී සියලු වස්තූන්ට ගුරුවරිය වූ මා බිත්තියේ යමක් ලිවීමට පැස්ටල් කූරක් රැගෙන ටිපෝව මතට නැග්ගාය .
බිත්තිය දෙසට වැඩිපුර ඇලවීම නිසා අසමබර වූ ටිපෝව හා මා නැගණිය උඩට වැටුණි. මා ක්ෂණිකව ඉවත් වූ නමුත් ටිපෝදාරයට ඇයගේ දකුණු කකුලේ මහපට ඇඟිල්ල එල්ලෙමින් තිබුණි. ඇය ලතෝනි දෙමින් කෑ ගැසූ අතර , එතනට පැමිණි අම්මා මට දිගට හරහට පහර දී ඇයවද රැගෙන පාරට දිවුවාය. එවෙලේම පැමිණි බයිසිකලයකින් එවකට කරවනැල්ල මූලික රෝහලට ගෙන ගිය අතර , මම මෙහෙකාරිය සමග අඩමින් පාර බලා සිටියෙමි. මා ඉතා බියට පත් වූයේ ඇය මියයාවී යැයි සිතමින්ය .
මුළු ගමම රෝහලට ගිය අතර සෑම දෙනාම අපාසු පැමිණියත් , මව හෝ නැගණිය පැමිණියේ නැත. අසළ ගෙදරක අයෙක් පැමිණි පැවසුවේ රෝහලේ දෙදෙනාම නවත්වා ගත් බවයි ඉතින් මම අඞමින්ම නින්දට ගියෙමි. එතැන්සිට මාසතුනක් ප්‍රතිකාර ලැබූ පසු දොස්තරවරු පැවසුවේ ඇගේ ඇඟිල්ල වෙන්වූ තැනින් ඉවත් කළ යුතු බවයි . දොස්තරලා සමග මහා සටනක් කර, මගේ පියා ඇයව සිය සහෝදරයා සිටි ( Male Nurse) කෑගල්ල මහ රෝහලට ගෙනගොස් ඇඟිල්ල මසා එන්නත් ලබාදී ඇඟිල්ල නොකපා බේරා ගත්තේය. අම්මා රෝහලේ සිටි කාලයේ හැකි අයුරින් මා සමග කාලය ගෙවීමට ඔහු උත්සාහ කළේය.
ඔහු අපට රසවින්දනය කියා දුන්නේ කුඩාකල සිටය. නිදාගැනීමට යන අතරතුරේදී ඇසීමට සලස්වන්නේ ඔහු විසින් පටිගත කරගන්නා ලද වේදිකා නාට්‍ය ගීත , පැරණි හින්දි ගීත වැනි දේය. ඒ නිසාම අපිත් ඒ රසට වහ වැටුණි. කෙසේ වෙතත් පරම්පරා ගැටුම සැම විටම පොදු ලක්ෂණයකි.
එනම් ඔහුගේ පියා ඔහු වික්ටර් රත්නායක මහතාගේ ගීත අහනවාට විරුද්ධ විය . ඔහුගේම වචන වලින් කියතොත්
මොකාද ඔය වික්ටර් ? යනුවෙන් විවේචනය කර ඇත. මගේ පරම්පරාවේ දී අප දෙන්නා
භාතිය - සන්තුෂ්ගේ ගීත අසනවිට ඔවුන්ව විවේචනය කළේය .
ගැහැණු දරුවන් ගේ දොර වැඩ නොදන්න්නවා නම් බැනුම් අහන්නේ දෙමවුපියන්ය . මේ ඔහු අප දෙදෙනාට කුස්සියේ වැඩ ඉගැන්වූ ආකාරයයි . ඔහු නිවාඩුවට නිවසට පැමිණි පසු රූපවාහිනිය නරඹන්නේ ඔහුත් මමත් නැගණියත්ය. දිනක් එලෙස රූපවාහිනී නරඹමින් සිටි අතරතුර ඔහු විසින් එය ක්‍රියා විරහිත කරන ලදී . අප දෙදෙනාම පුදුමසහගත ලෙස ඔහු දෙස බැලූ අතර සිනාමුසු මුහුණින් ඔහු පැවසුවේ
දැන් දෙන්නම කුස්සියට ගිහිල්ලා පැය භාගයක් අම්මාට උදවු කරලා එන්න. එතකන් ටිවී එක බලන්නේ මම විතරයි .
අප දෙදෙනා කුස්සියට ගියපසු මුලින් මුලින් අම්ම කිසිදු වැඩක් නොදුන් අතර ඔන්න ඔහේ ඉඳගෙන ඉඳලා යන්න කියපු අම්මා පසුව හෙමින් හෙමින් අපට උයන පිහන වැඩ ඉගැන්නුවාය . එහි ප්‍රතිපලයක් ලෙස මගේ නැගණියට කුඩා වයසේම දරලිප පත්තුකිරීමට හැකිකිවිය .
අප දෙදෙනාගේ අධ්‍යාපන සාර්ථකවයේදී ද නිරතුරුව සතුටු වූ ඔහු අප හැරදා යාම අපගේම අභාග්‍යයකි .................
මතු භවේදීත් ඔබ මගේ පියා වේවා .........................
විචාරක දියණිය 22. 50 පැයට
වටිනා අත්දැකීම් ලබා දුන් පියෙක්. ස්තූතියි පෝස්ට් එකට
ReplyDeleteඔහුගේ මතකයන් වචන වලට පෙරලන්න අමාරුයි
Deleteඑකපාරටම බ්ලොග් රෝල දැකල අමුතු සතුටක් දැනිලා ආයෙ කියන්න නොතේරෙන හැඟීමක් දැනුනෙ.වටින මහත්මයෙක් ඔබතුමියගෙ පියා!
ReplyDeleteස්තූතියි, වැඩ රාජකාරි මධ්‍යයේ හෝ ඔබේ පියාණන් සහ ඒ වගේම ඔහුගේ සහෘද පාඨකයින් වූ අප වෙනුවෙන් ලිවීම පිළිබඳව.
ReplyDeleteවිචාට වගේම ඔබටත් ලිවීමේ හැකියාව අපූරුවට පිහිටා තිබෙන බව මේ පළමු සටහනින්ම මනාව පෙනේ. ආයමත් ස්තූතියි දියණියනි!
දහසක් වැඩ මැද්දේ වුනත් ලියන්න තාත්තා සතු භාෂා කුසලතාව ඔබට ද නොඅඩුව තියනවා. ඒ ශෛලියේ සුවඳ දැනෙනවා සුබ පැතුම්
ReplyDeleteඔබේ අදහස හුඟක් වටිනවා
Deleteමේ වගේ පියෙක් ලබන්න සෑහෙන්න පිං කරලා තියෙන්න ඕනෙ..
ReplyDeleteමගේ හෙවනැල්ල තමයි මට නැතිවෙලා තියෙන්නේ.
Delete//එතැන්සිට මාසතුනක් ප්‍රතිකාර ලැබූ පසු දොස්තරවරු පැවසුවේ ඇගේ ඇඟිල්ල වෙන්වූ තැනින් ඉවත් කළ යුතු බවයි . දොස්තරලා සමග මහා සටනක් කර, මගේ පියා ඇයව සිය සහෝදරයා සිටි ( Male Nurse) කෑගල්ල මහ රෝහලට ගෙනගොස් ඇඟිල්ල මසා එන්නත් ලබාදී ඇඟිල්ල නොකපා බේරා ගත්තේය. //
ReplyDeleteමගේ මව ඔවුෂධ වේදිනියක් ලෙස කළුබෝවිල රෝහලේ සේවය කරන කාලයේ අපේ ගමේ දුප්පත් කාන්තාවක් රෝහල් ගත කර තිබූන, දිනක් මගේ මව කෑම පැයේ ඇය බැලීමට ගොස් සිටිය එවිට දැනගැනීමට ලැබී ඇත්තේ ඇගේ කකුල කැපීමට දොස්තර වරුන් තීරණය කර ඇති බවයි.
මෙය දැනගත් මගේ මව සිදුකලේ වහාම අදාළ කාන්තාවගේ දියණිය රෝහලට ගෙන්වා ගෙන ඇගේ ටිකට් කප්වාගෙන කොළඹ මහා රෝහලට ගෙනයාමයි එහි සිටි දොස්තර වරු ඇගේ කකුල නොකපා බේරා දී තිබුන.
මේවා දැකීමෙන් තේරුම් යන්නේ තව කෙනෙකුගේ ජීවිතය ගැන තීරණ ගන්න විට සමහර දොස්තර වරු කොච්චර නොසැලකිලිමත් ද කියන එකයි
මගේ යාලුවෙකුගෙ අයිය කෙනෙකුත් ත්‍රීවීල් ඇක්සිඩන්ට් එකක් වෙලා කකුළ දෙතුං පලකින් කැඩිල හොස්පිටල් ගෙනිච්චට පස්සෙ කකුළ කපන්න ඕන කියල කියල තියෙන්නෙ. කොහොමහරි ජරබර ගාල පස්සෙ ප්ලේට් දාල කකුල හදල තියෙනව. අද මිනිහ කිසිම අමාරුවක් නැතුව කකුල් දෙකෙන් ඇවිදිනව.
Deleteඅනතුරක් නිසා මගේ තාත්තාවත් කළුබෝවිල රෝහලට ඇතුලත් කර මොහොතක එහි වෛද්‍යවරුන් විසින් තාත්තාගේ කකුල කපා දැමිය යුතුයයි පවසා තිබෙනවා.නමුත් එය ව්‍යර්ථ වී තිබෙන්නේ ආච්චි විසින් දැක්වූ දැඩි විරෝධය නිසායි.ඉන් අනතුරව කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව එහි සිටි වෛද්‍යවරුන් ශල්‍යකර්මයක් කර එම පාදයට සතෙකුගේ අස්ථියක් බද්ද කර තිබෙනවා.තවමත් කකුලේ කලවා වලට ඉහළින් එම සැත්කමේ මැහුම් පාරවල් තිබෙනවා.
Deleteසමහර දොස්තරලා මුදල් ව්තරයි. අපට අපේ ලෙඩා වැදගත් උනාට ඒගොල්ලන්ට තව එක ලෙඩෙක් විතරයි.
Deleteවිචාරක 2 විචාරක 1 තරම්ම හොඳින් ලියපු පෝස්ට් එකක්
ReplyDeleteඔබේ ප්‍රතිචාර වලට ස්තූතියි
Deleteඅපූරු මතකයන්. සුභ පැතුම්.
ReplyDeleteඔබේ නම (Blogger profile name) විචාරක දියණිය ලෙස වෙනස් කරගැනීම හොඳ අදහසක් යැයි මම තවමත් විශ්වාස කරනවා.
ඒක කරන්න හිත එකඟ කරගන්න අමාරුයි. මට ඕන ඔහුගේ නාමය තියන්න පමණයි. මගේ අනන්‍යතාවය අවශ්‍ය නැත.
Deleteවිචා අයියගේ බ්ලොග උඩට ඇවිත් වග දැක්කාම පුදුමයක් ඇති වුණා... කොහොම හෝ කමක් නෑ අප අතර සිටි විචාරක නාමය මේ විදියට ඉදිරියට ගෙනියන එක ගැන හරිම සතුටුයි...
ReplyDeleteමගේ අරමුණ එපමණයි.
DeleteJayawewa
ReplyDeleteබොහොම ස්තූතියි
Deleteවිචාගෙ ඉලෙක්ට්‍රොනික් පිළිබඳ දැනීම සහ ආශාව ඒ සම්බන්ධව ඔහු ලියා ඇති පෝස්ටු වලින් මනාව පැහැදිලි වෙනව. නියම දෙමව්පියන් වගේ දරුවන් දෙපළට පොතේ අධ්‍යාපනයට පමණක් කොටු නොකර එදිනෙදා ජීවිතයට අවශ්‍ය දේ පුරුදු පුහුණු කිරීමට ගත් වෙහෙස අගය කළ යුතුයි.
ReplyDeleteවිචාරකතුමා ජීවිතේ හොදින්ම කියලා දුන්නා.
Deleteමට ඉන්නෙත් පූංචි දුවෙක් ,පලවෙනි දරුවා අපේ .වෙලාවකට හරිම දගයි .හැබයි අහිංසකයි .මගේ නෝනයි මමයි දරුවෙක් හදන විදිය එයාගෙන් ඉගෙන ගන්නවා තවම ..අත්දැකීම් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතෙනවා
ReplyDeleteඔහ්. විචා මාමගෙ ලොකු දෝනි එහෙනම් මේ. ඔය ඉලෙක්ට්‍රොනික් වගේම ඔහු කොම්පියුටර් සොෆ්ට්වෙයාර්වලටත් බොහොම ආසා කරා නේද? ඔහු හමුවූ දින ඒ ගැන බොහොම ආසාවෙන් කතා කරේ.
ReplyDeleteඔහු ළඟ තියන අම්පන්න වලට පන දෙන්නේ කොහොමද කියල තාම හිතනවා. එලෙක්ත්රොනික් ඉගෙනගන්න කොල්ලෙක් නැතිඑකට එතුමා බොහොම දුක් උනා.
Deleteබොහොම අගේට ලියනවා නෙව. විචා නම ඉතුරු කරල ගිහින් තියෙන්නෙ.
ReplyDeleteජයවේවා..!!
ඔබගේ උදවු ද අමතක නොකරමි
Deleteඔබගේ පියාගේ (හමුදාවේ සිටි) සොහොයුරා මට යුද හමුදා රෝහලෙදී හමු වී තිබෙනවා. ඔබගේ පියා මට හමුවී නැතත් වසර ගනනක් අප නොදුටු මිතුරෝ වූවා
ReplyDeleteඔහුට සහෝදරයන් තිදෙනෙක් සිටි අතර ඔවුන් තිදෙනාම අකල් මරණ වලට ගොදුරු වූවා. විචාරකතුමා ඒ ගැන සිටියේ බොහෝ කණස්සල්ලෙන් ඔබ සියලු දෙනාගේ ප්‍රතිචාර ඉතා ඉහලින් අගය කරමි.
ReplyDeleteඇත්තටම පියෙකුගේ වටිනාකම කියලා නිම කරන්න බැරි තරම්
Deleteඉතින් පුළුවන් වෙලාවක අපේ පැත්තටත් ගොඩ වෙන්න “ මනස්ගාත සටහන් “ බලන්න , කියවන්න , විදින්න
ඔබගේ පියාගේ සහෝදරයා මගේ යුද හමුදා සමකාලීනයෙක්. ඔහු අකල් මරණයට පත් වෙනකම්ම මාත් සමග ඉඳහිට කතාකළා. ගුණේ ගේ පවුලට සිදුවූ දෙ ගැන අදත් මම කණගාටු වෙන්වා.
Deleteජීවිතේ පිලිබඳ ගැබුරින් මෙනෙහි කරන්න පුළුවන් සිදුවීමක්.
Deleteපුලුවනම් කෙමෙන්ට් වලට යටින් ඒ ඒ කෙමෙන්ට් වලට ආද්ල්ව් උත්තර දෙන්න
ReplyDeleteදැන් තමයි ඒකඉගෙන ගත්තේ මම තාම මේ බ්ලොග් ලෝකයේ හාල් මැස්සෙක් වෙමි.
Deleteඔබලාගේ ප්‍රතිඡ්ර වලින් ඉගෙන ගනිමි.
මම ඊයේ ලියපු දිග කමෙන්ටුව කනේෂන් කුනාටුවකට හව් වෙලා ගහ ගෙන ගිහිල්ලා. බ්ලොග් එකේ ලියන්න කම්මැලි මට ආයි ඒක ලියන්න බෑ. අර පොඩි කාලේ නංගි මැරෙයි කියල තිබුන බයම, ඒ විදියටම දවස් තුනක් හිතේ තියාගෙන විදවපු පොඩි එකෙක් තමා මාත්. ලිවිල්ල ඇත්තටම රහයි. බොරුවට කියනවා නෙමෙයි. ඔය විදියටම කතාව දිගටම කියාගෙන යන්න..U will find the key
ReplyDeleteබොහොම ස්තූතියි ඒ කතාව පසුව හරි ඔබේ බ්ලොග් පිටුවේ ලියන්න.
Deleteඅනික් අය වගේම මමත් පුදුමයට පත් වුණා මේ පොස්ට් එක දැකලා. ඒ කියන්නේ විචාරක තුමා ආයෙත් ලියන්න පටන් ගත්තා කියළා. මොනවා වුණත් එතුමා අප අතර නැති මොහොතේ බ්ලොග් එකට පණ දෙන්න ඔබ ඉදිරිපත් වීම අපට සැතුටක්. බොහෝ දෙනෙකුට ලියන්න වෙලාවක් වෙන් කර ගැනීමට නොහැකි කාළයක ඔබ අප වෙනුවෙන් එතුමා ගැන වෙනත් කෝණයකින් ලියන මේ ලියවිල්ල අපිට ඉතාමත් වටිනවා. ඒ වගේම ඔබේ ලිවීමේ හැකියාවත් ඉහළයි. දිගටම කරගෙන යන්න. අප හැර ගිය කුළුපග මිත්‍රයා දිගටම අපේ මතකයේ ඉඳීවි.
ReplyDeleteඔබගේ මියගිය මිත්‍රයාට මට කරන්න පුළුවන් අවසන් ගෞරවයයි මේ. ඔහු නැති ජීවිතේ දුක තුනී කරගැනීමට දරන කෙටි වෑයමකි.
Deleteවැඩ රාජකාරි මධ්‍යයේ උනත් අතීතයේ ඒ සොඳුරු මතකයන් මේ විදිහට අපිත් එක්ක බෙදා හදා ගන්න එක ගැන ස්තූතිවන්ත වෙනවා..
ReplyDeleteඅතීත මතක අනාගතය ජීවත් කරවනවා. ඉතින් මමත් ඒ සුවදින් ඉදිරි ජීවිතේ ගත කරනවා.
Deleteපියාගැන ඔබ ඉතා රසවත්ව ලියා තිබෙනවා. දිගටම ලියන්න.
ReplyDeleteරසකතා බොහොමයක් තියනවා ඉදිරියට ලියන්නම්
ReplyDelete/*...... දැන් දෙන්නම කුස්සියට ගිහිල්ලා පැය භාගයක් අම්මාට උදවු කරලා එන්න. එතකන් ටිවී එක බලන්නේ මම විතරයි .....*/
ReplyDeleteතාත්තා අම්මාට නිවසේ වැඩවලට උදව් කළේ නැද්ද? දෙන්නා වැඩ බෙදාගෙන ද කළේ.
ඔහුට ඇතැම් වැඩ හොඳට පුළුවන් . පිටි අනන්න වගේ වැඩ ඒ නිසා ගෙදර ඉන්නවනම් රොටී හදන්නේ ඔහු.අවසාන කාලේ අපට පේරු දානේ තියන දවසට ඔහු පාන්දර නැගිටලා අපේ අම්මට උදවු කළා.
Delete