හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

21 January 2018

අකුරු ආවේ කොහෙන්ද ? 2



මිනිසාගේ සවිඤ්ඤානය  වර්ධනය වූයේ කෙසේද ?


සවිඤ්ඤානය  වර්ධනය වීම යනු මානවයාගේ නිර්මාණශීලිත්වය ප්‍රගුණ වීමයි . එය සිදුවූයේ  මොළයේ ඇතිවූ යම් ක්‍රියාවලියක ප්‍රතිඵලයකින් බව පුරා විද්‍යාඥයින්ගේ මතයයි. එය ආකාර දෙකකින් සිදුවී තිබේ .


  1.  ආයුධ තැනීමත් සමග ඇතිවූ කුසළතා වර්ධනය .
  2.  ගින්දර පාලනය කිරීමට දක්වන ලද උත්සාහය .                                                            
එහෙත් එය කවදා කෙසේ සිදුවීද යන්න පිළිබඳ කිසිවක් කිව නොහැකිය . 


ආදී මානවයාගේ සාක්ෂරතාවයේ ඉතිහාසය 


   
  • වර්ෂ  1969  දකුණු  ප්‍රංශයේ  කැණීමක් සිදුකල පුරාවිද්‍යාඥයින් කණ්ඩායමකට Bone placrk එකක් හමුවී තිබේ. මෙම අස්ථියේ විවිධ ආකාරයේ ඉරි කෑලි සමූහයක් දක්නට ලැබී ඇත . මෙම අස්ථිය වසර 10000 ක් පැරණි බව සොයාගෙන ඇත. 

  • චීනයේ ද  පැරණි සංකේත කිහිපයක් හඳුනාගෙන ඇත. 


මිනිසා අක්ෂරයන්ට පෙළඹියේ කෙසේද ?


අක්ෂර  කලාවට මූලාරම්භය සැකසුණේ මෙසපොතේමියානු ශිෂ්ටාචාරයක් බව වර්තමාන පිළිගැනීමයි. මෙසපොතෙමියානුවන් තෙත මැටි පුවරු භාවිතා කරමින් අක්ෂර ලිවීම ආරම්භ කළ බවට සාක්ෂි හමුවී තිබේ. මෙය අක්ෂර ලිවීමේ පුරාණම සාධකය මෙන්ම ළදරුම අවස්ථාව ලෙස සැලකිය හැකිය . 



මෙහිදී  මුලින්ම ඔවුන් සිය අදහස්  ප්‍රකශ කරන ලද්දේ චිත්‍රයක්  ඇඳීමෙනි . එනම් දකින ලද දේ  නිරූපණය කළේ තවත් රූපයකිනි. මෙය  pictograph ලෙස හඳුන්වයි.  මේවා මුලින්ම සිදුකළේ මෙසපොතේමියාවේ ජිවත් වූ ප්‍රභූ ජනයා හෙවත් පූජක පන්තියයි. ඔවුන් සිය ආර්ථික කටයුතු  සටහන් කිරීම සඳහා  මේවා භාවිතා කරන ලදී . ආරම්භයේදී රූපයක් ලෙස දක්නට ලැබුනත් පසුව එය අක්ෂරයක් දක්වා වර්ධනය විය .



අක්ෂරයේ වර්ධනය අවදි 4 ක් යටතේ සිදුවූවා යැයි සැලකිය හැකිය .

  1. රූපයට රූපයක් ඇඳීම
  2. අදහසට රූපයක් ඇඳීම 
  3. රූපයට ශබ්දයක් ආරෝපණය කිරීම 
  4. රූපය අක්ෂරයක් බවට පත්වීම


ලෝකයේ පැරණි ශිෂ්ටාචාර භාවිතා කෙරුණු අක්ෂර පද්ධතීන් විවිධ ප්‍රදේශවලින් හමුවී තිබේ. ඒවා නම් Cunei Form , Indus , Runic , Rango Rango මෙසේ ආරම්භ වුණු අක්ෂර කලාව වර්තමානය දක්වා විවිධ වෙනස්කම්වලට භාජනය වෙමින් විවිධ සංස්කෘතීන් අනුව හැඩ ගැසෙමින්  වර්ධනය වී ඇති බව දක්නට ලැබේ .


පොත පත ඇසුරින් හා උගත් මතකයෙනි. 



විචාරක දියණිය  21. 00 පැයට  


                                    

12 comments :

  1. පියවරෙන් පියවර ගලා එන දැනුම ! ඉතාම මැනවින් බ්ලොග් එකට ගැලපෙන සේ සරළ ලෙස පැහැදිලි කිරිම බොහොම වටිනවා. දිගටම ලියන්න

    ReplyDelete
    Replies
    1. සර් ඔබගේ එක ප්‍රතිචාරය මට අදහස් කෝටියකට වඩා වටිනවා . බොහොම ස්තූතියි
      විචාරක දියණිය

      Delete
  2. Replies
    1. බොහොම ස්තූතියි වරද හදන්නම්
      විචාරක දියණිය

      Delete
  3. උඩ ප්‍රා පෙන්නලා තියෙන වරද හදන්න..

    මහන්සිවෙලා කරුණු හොයල අලුත් යමක් නිවැරදිව ඉදිරිපත් කිරීම තමයි 'අසමි, දකිමි, සොයමි විචාරක' බ්ලොග් කලාව.. ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. වරද හැදුවා බොහොම ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට
      විචාරක දියණිය

      Delete
  4. ගොඩක් හොඳයි ළමය...

    පොඩි උපදෙසක් ඈ... මොකුත් වැරදියට හිතන්ඩ එපා. අධෛර්යවත් කරනව නෙවෙයි. ඔයා මේ ගැන මහන්සි වෙන බව පේනව.

    මං නං ලියල ටික වෙලාවක් දෙනව මනසට විවේකයක් වශයෙන්. ඒ කරල, ප්‍රිවීව් දානව. එතකොට තමයි අපිට අඩුපාඩු පේන්ඩ ගන්නෙ. ඊගාවට එව්ව හදනව. අවසන් ලිපිය පබ්ලිෂ් කරනව. ඔය වැඩේට දවස් කීපයක් යනව ඉතිං.

    නැත්තං මේ වගේ ලිපි මං කරන්නෙ වර්ඩ් ඩොක්‍යුමන්ට් එකක් විදිහට හදනව, එෆ්එම්අභය ෆොන්ට් එකෙන්. එතෙන්දි වෘත්තීය මට්ටමේ ශිල්පක්‍රම භාවිත කරන්න උත්සාහ කරනව. මොකද, කවද හරි තව ටිකක් එඩිට් කරල ඒ ලිපිය පත්තරේකට දාන්න පුළුවන්. පස්සෙ යුනිකෝඩ් කන්වර්ට් කරල, (ඔන්ලයින් කන්වර්ටර් එකක් තියෙනව) බ්ලොග් එකට දානව.

    කවද හරි මේ ගැන ඔන්ලයින් විස්තර හොයන ඉගෙන ගන්න ළමයෙකුට ඔයාගෙ ලිපිය වැගත් වෙන්න පුළුවන්. ඒ වටිනාකම ඔයා ඔයාගෙ ලිපියට දෙන එක වැදගත්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඔබේ අදහස්වලට ඉදිරියේ ඒ ගැන හිතන්නම්
      විචාරක දියණිය

      Delete
  5. ගල් යුගය කියා එකක් නැත

    ReplyDelete
    Replies
    1. ඔබට ඒ පිලිබඳ ලිපියකින් පවසන්නම්
      විචරක දියණිය

      Delete
  6. මේක මම ආසම විෂයක්... මුල එකත් කියවලා එන්නම්... බොහොම ස්තූතියි මේ වැඩේට අත ගැහුවට...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඔබේ දිරිගැන්වීමට
      විචාරක දියණිය

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }