හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

17 February 2018

සිරස මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂකතුමා වෙත ,


1993 මාර්තු 2 වනදා සිරස ගුවන් විදුලිය මේ මාතෘ භූමියේ ජනිත වෙද්දී සුවහසක් රසික ප්‍රජාව ඒ වෙත රොද බැන්දේ ඒ වනවිට තිබුණු ගුවන් විදුලි නාලිකා සියල්ල ඇල් මැරුණු ස්වභාවයෙන් පැවතීම හේතුකොටගෙනය. ශ්‍රාවකයන්ගේ රුචිකත්වය තේරුම්ගෙන ඊට ගැලපෙන අයුරින් තරුණ නිවේදක නිවේදිකාවන් යොදාගෙන ක්ෂේත්‍රයේ දිගු දුරක් යාමට පිළිපන් ඔබ මේ වනවිට සාර්ථක වී ඇත. එහෙත් අත්දැකීම් මද නිසාවෙන්ම සිරස ගුවන් විදුලියේ ප්‍රවෘත්ති අංශය ආරම්භ වී සුළු කලකින්  ඔබ ආයතනයේ ප්‍රවෘත්ති නිවේදයකයකු අතින් හදිසි නීතියට ඇඳිරි නීතිය යයි කියවීම නිසා මසකට අධික කාලයක්  ප්‍රවෘත්ති ප්‍රකාශ කිරීම අත්හිටුවා තිබෙනු මට මතකය. එකල ඔබව පන්නිපිටියේ මොන්ටිසෝරිය යන නමින් හඳුන්වනු ලැබීය.

කාලයාගේ ඇවෑමෙන් ඔබගේ මාධ්‍ය ජාලය පුළුල් වීමත් සමඟ 1998 දී සිරස ටී. වී ආයතනය බිහිවිය. එවකට තිබුණු අතලොස්සක් නාලිකා අතරේ ඔබගේ නාලිකාව අතිශය ජනප්‍රිය වෙමින් තිබුණි. ක්‍රමයෙන් දියුණු වූ ඔබේ නාලිකාව ප්‍රවෘත්ති  නිසා ජනප්‍රිය විය . ඒ ඔබ එවකට ප්‍රවෘත්ති සැපවූයේ පක්ෂක්ග්‍රාහී නොවී ඇත්ත කියන්නටය . ඒ නිසා  ඔබට එහි ප්‍රතිඵල අත්විදින්නට ලැබුණි. 2009 ජනවාරි 6 වැනි දින රාත්‍රියේ සුදු වැන් රියකින් පැමිණි  පුද්ගලයන්  විසින් ඔබ ආයතන පරිශ්‍රයට ක්ලේමෝ දමා ගිනි තබා විනාශ කළේය. අවුරුදු ගණනක ඔබේ දාඩිය, ලේ, කඳුළු මොහොතකින් දැවී අළුවිය.  ඔබගේ දුක සැප බෙදාගන්න පැමිණි දහසකුත් දෙනා අතරේ  එක් සුවිශේෂී චරිතයක් ද පැමිණියේය . ඒ අන් කවරකුවත් නොව සන්ඩේ ලීඩර් පුවත්පතේ කතෘ ප්‍රවිණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාය . ඔහු එදා අභීත සිංහයෙකු මෙන් මෙම ගිනි තැබීමට ආණ්ඩුව වගකිවයුතු බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලදී . එහි ප්‍රතිඵලය ඔහු ඉන් දින දෙකකට පසු භුක්ති වින්දේය. ගල්කිස්ස නගර මධ්‍යයේ ඔහුව ම්ලේච්ඡ අන්දමින් ඝාතනය කරනු ලැබිය . ඒ එවකට තිබුණු මුග්ධ ආණ්ඩුවේ ගති ස්වභාවයයි . 


ඔහුගේ  මරණයත් සමග බොහෝ මාධ්‍යවේදීහු රට අතහැර පළා ගියහ . ඔබගේ ආයතනය පන්නිපිටියේ සිට රත්මලාන  ස්ටයින් මැදිරි  සංකීර්ණයට ඉතා කෙටි කලක් තුළ රැගෙන ගියේය. එය ඉතා ඉකමනින් සිදුවූයේ කෙසේ දැයි අපි නොදනිමු. කෙසේ වෙතත් කාලයාගේ ඇවෑමෙන් ඔබට ඔබ ආයතනය විසින් පවත්වනු ලබන සිරස සුපර්ස්ටා තරඟයේ අවසාන මහා තරඟය තැබීමට සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණය අවැසි විය. එහෙත් ඔබව තුට්ටුවට මායිම නොකරන ලද එවකට සිටි ආණ්ඩුව බොරු හේතු දක්වමින් එය ලබා නොදිමට කටයුතු කරන ලදී. ඒ නිසා ඔබ 2010 වසරේ සුපර්ස්ටා තරඟයේ  අවසාන මහා තරඟය පවත්වන්නේ CR & FC  ground  එකේය. ඉන්පසු ඔබ රත්මලානේ ස්ටයින් මැදිරියේ ස්ථිර වේදිකාවක් ඒ සඳහාම ඉදිකරන්නේ යලි මේ ආණ්ඩුව සිටිනතුරු ඔබට සුගතදාසය හිමි නොවන නිසා සහ ඔබේ පුරාජේරුව ලොවට කියන්නටය . එහෙත් වර්තමානය වනවිට ඔබ සිරස ටීවී මාධ්‍ය ආයතනය ක්‍රියා කරන්නේ කිසිවක් සිදුනොවූ අකාරයටය. ඔබ විසින් බ්‍රේකින් නිවුස් සේවාවක්ද පවත්වාගෙන යන අතර වර්තමානයේ එය වාතයක් ගියත් බ්‍රේකින් වන තරමටම බ්‍රේකින් නිවුස් වී ඇත .

පළාත් පාලන ඡන්ද විමසීම ඇරඹුණු දා සිටම ඔබගේ රාත්‍රී  7.00  ප්‍රවෘත්ති සේවාව 6.30 දක්වා ගෙනගිය අතර ප්‍රවෘත්ති කීමට වඩා එය මඩ ගහන ස්ථානයක් බවට පත්විය . සාමාන්‍යයෙන් මඩ ගහන්නේ රජයේ මාධ්‍ය වුවත් එය පරයා මහින්දගේ හොරු කල්ලිය දිනවීමට කිසිදු මුදල් අයකිරීමකින් තොරව ( මහින්දගේ ඩීල් එක කීයද ? ) ඔබ ලබාදුන් මාධ්‍ය සංදර්ශනය අනගි භවනීයය . ගල් බමුණකුත්, රොෂාන් වටවල ( ක්‍රීඩා වැඩසටහන් කරන්නෙකුත් ) තවත් ලපයි සිපයි ටිකකුත් දමාගෙන ඔබ ගෙනගිය හා තවදුරටත්  ගෙනයන මාධ්‍ය  සංදර්ශනය ඔබගේ ආයතනය සතුව  පැවති වටිනාකම් හා ප්‍රතිරූපය මුළුමුණින්ම  බිඳ වැට්ටවීමට සමත් වී තිබේ.

ඔබ විසින් ඇත ගමේ ගොඩේ සිටින එදා වේල හරි හම්බකරගෙන කන  අප්පුහාමිලා ,  ඩිංගිරි අම්මලා වශී කරගත්තද,  ඉන්දියාවේ  වැඩසටහන් කොපිකර මෙහේ රඟ දැක්වුවද, තව නුදුරු දිනකදී ඔබේ නිරුවත ලොවට පෙනෙන්නට ආසන්නය. ඒ නිසා කල්තියාම ඊට සූදානම් වන එක නුවණට හුරුය. ඔටුන්න හැමදාම එකලෙස නොතිබෙනු ඇත. එය ගැලවී බිම හැලෙන්නේ නොදැනීමය . එමෙන්ම ඔබගේ ආයතනයේ සිටි ප්‍රධානම හා විශ්වාසවන්තම  සේවකයන්ගෙන් මට පෙනෙන  හැටියට දැන් සිටින්නේ  කිංස්ලි රත්නායක හා රොෂාන්  පමණි. එසේනම්  ඔබගේ පෞද්ගලික තරහා සහ පලිගැනීම් වෙනුවෙන් සමස්ථ මාධ්‍ය ආයතනයක්  අමුඅමුවේ භාවිතා කිරීම  කෙතරම් සදාචාර සම්පන්නදැයි ඇසීම වඩා වටිනේය .


මට ඇති ගැටළු මෙසේය .

               1.    මහින්ද ආණ්ඩුව තිබුනේ නම් ඔබට හා ඔබගේ නාලිකාවන්ට මේ වන                    විට කුමක් සිදුවී ඇත්ද ?

                 
               2.    මාධ්‍ය වේදීන් හඬ නගන මාධ්‍ය සදාචාරය මෙයද ? 

              
             3.    එවකට සිරසට ගිනි තැබුවේ පැවතී ආණ්ඩුවද ? නැතිනම් ඔබ ගිනි                          තබාගෙන රක්ෂණ  මුදල්  ලබාගත්තේද ?


             4.    මේ වනවිට රජය පෙරළීමේ දැවැන්ත අරගලය වෙනුවෙන් ඔබේ                           වටිනාකම කීයද ? 




    
මෙසේ  නින්දිත , තුච්ඡ , දීන ආකාරයට සිරස මාධ්‍යජාලය කටයුතුකරාවියයි කිසිලෙසකින් වත් බලාපොරොත්තු නොවුනෙමු .



විචාරක දියණිය  
රාත්‍රී  22.00  පැයට 






34 comments :

  1. විචා හිටියානම් ලියන්නෙත් මෙ වගෙ රිදෙන්න...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මේ වගේ වෙලාවක මගේ පියා මෙසේ ලිය්වියයි මට සිතුණා. මෙවැනි යහපත් ප්‍රතිචාර බලාපොරොත්තු වුණේ නෑ. ඔබේ දිරිගැන්වීමට ස්තූතියි
      විචාරක දියණිය

      Delete
  2. උපුටා ගමි .වත් පොතේ පලකරමි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඔබගේ දිරිගැන්වීමට සහ ලබාදෙන අනුග්‍රහයට.
      විචාරක දියණිය

      Delete
  3. බුකියේ ෂෙයාර් කරමි... ඩී ඇන් ඒ පරීක්ෂන අවශ්‍ය නැත...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඔබගේ දිරිගැන්වීමට සහ ලබාදෙන සහටෝගයට ලියුම තැපැල් කළා හා සමානයි .
      විචාරක දියණිය

      Delete
  4. Replies
    1. ++++++++++++++++++++++++++

      විචාරක දියණිය

      Delete
  5. Replies
    1. ++++++++++++++++++++++++++
      විචාරක දියණිය

      Delete
  6. වෙනම ස්ටයිල් එකක්,නියමයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට. ඉදිරියට බලමු වෙනස්ම ස්ටයිල් එකක්.
      විචාරක දියණිය

      Delete
  7. සිරසට ගිය කල.. දැන් නම් මලාට බලන්නේ නෑ. ඉස්සර නම් කාටුන් ටික වත් හොඳට කරා. දැන් ඒකත් ඉන්දියන් කරලා.

    ReplyDelete
    Replies
    1. ඒක නම් සහතික ඇත්ත. බලමු අපි ඉස්සරහට
      විචාරක දියණිය

      Delete
  8. Replies
    1. ++++++++++++++++++++++++++++
      විචාරක දියණිය

      Delete
  9. ඒ ගොල්ල වෙනම කොන්ත්‍රාත් එකක් කරන්නේ සිරි ලංකාව දිය කර හරින්න. අඩු ගානේ සියලු මාධ්‍ය එකතු වෙච්චි ඩෙංගු මර්ධන වැඩ සටහනටවත් ඔය කට්ටිය සම්බන්ධ උනේ නෑ. මිනිස්සුන්ගේ යටි හිතේ තියෙන ෆැන්ටසි අවුස්සල ඒවයේ ජීවිතේ රෝදේ වගේ කරකවන එක තමා මේ අයගේ ඇජන්ඩා එක

    ReplyDelete
    Replies
    1. ඒක වෙන්න ඇති දේශකයා මහත්තයා මටත් දැන් පේනවා සියත වගේ චැනල් බොහොම ඉදිරියෙන් ඉන්නවා.
      විචාරක දියණිය

      Delete
  10. Replies
    1. +++++++++++++++++++++++++++++++
      විචාරක දියණිය

      Delete
  11. මම ඉස්සර සිරස බැලුවේ සතියට පැයයි. ඒ ලක්ෂපති බලන්න.. දැන්නම් ඒකත් නෑ...

    උන්ගේ තීම් එකක් තමා සිරසයි පාර කියන්නේ කියන එක. ඒක හරි..ඔක්කොම දහජරාවට පාර පෙන්වන්නේ උන් තමා..

    ReplyDelete
    Replies
    1. දැන් අපිටත් එහෙම හිටන්න වෙලා තියෙනවා ඇතුලේ බෙදීමක් තියනවලු නිවුස් සෙට් එකයි අනිත් වැඩසටහන් කරන සෙට් එකයි. නිවුස් සෙට් උන්ට ඕන දේවල් කරනවලු.
      විචාරක දියණිය

      Delete
  12. ටීවී නොබලන නිසා මගේ සිරස මේ කසිකබල් මාද්‍ය වලින් බේරී ඇති හැඩයි. :)

    ReplyDelete
    Replies
    1. එසේම සිටින්න. ඇඟට පතට සහ හිතට ගුණදායකය .
      විචාරක දියණිය

      Delete
  13. /* 1993 මාර්තු 2 වනදා සිරස ගුවන් විදුලිය මේ මාතෘ භූමියේ ජනිත වෙද්දී */

    එච්චර පරණද? මං ලංකාවෙන් පිටවුනේ 1995 දී වුනත් මෙවැනි ගුවන් විදුලියක් ගැන අසා තිබුණේ නෑ ඒ කාලේ!

    !

    ReplyDelete
    Replies
    1. පස්සේ වෙන්න ඇති ENT එකට ගියේ. නැත්නම් ගෙදර රේඩියෝ එක ඇහිල්ල කවත්වල තියෙන්න ඇති. අනෙක ගුවන් විදුලි සංස්ථාවේ මිටරේට කැරකෙව්වාට සිරස ඇහෙන්‍ේන නැහැනේ

      Delete
  14. /* 1998 දී සිරස ටී. වී ආයතනය බිහිවිය. */

    මං හිතාගෙන හිටියේ 1993 දී පමණ පටන් ගත් මහාරාජා රූපවාහිනී නාලිකාව (MTV) පසුව සිරස කියා නම් කෙරුණා කියායි!

    ReplyDelete
    Replies
    1. sirasasa fm , sirasa tv , shakthi tv, mtv , yes fm , chanal v සියල්ල ඔවුන්ගේය
      විචාරක දියණිය

      Delete
  15. oyata mokda akke ... Ranil lokkata gahana kota oyata ridenawada ?
    balanne nathnam wahala damanna..
    killy maharaja blog kiyawanne na banz

    ReplyDelete
    Replies
    1. රනිල්ට ගහනකොට නම් රිදෙන්නේ නෑ. ඒ වුනාට කම්බා හොරුන්ට සහ අසූචි ගිලින විමල් ටොයිලට්වංශ අයව උස්සල තියනකොට කුජීතයි කියලා හිතෙනවා .
      විචාරක දියණිය

      Delete
  16. මේ අනා විචාර සටහන පළ වූ දිනම කියවන්නට රස විඳින්නට ලැබුණත් කොමෙන්ටුවක් දමන්නට මෙතරම් පමා වුනේ මගේ අන්තර්ජාල සම්බන්ධය අවුල් ජාලාවත් බවට පත්ව තිබූ නිසයි දියණි විචාරක පියාගේම දියණිය!!!! මම දකිමි හරිම සතුටුයි දියණියනි

    ReplyDelete
    Replies
    1. සර් බොහොම ස්තූතියි තවදුරටත් මගේ සෙවනැල්ල වෙනවාට. සර්ගේ ලිපියක් බලාපොරොත්තුවෙන් සිටිමි.
      විචාරක දියණිය

      Delete
  17. දරැවන්ගේ සිරස කුරැවල් කරන බැවින් ගෙදර ඔය හුනියං පෙට්ටියක් නැත. ඒනිසා සිරස නිවුස් ගැන දන්නේම නැත.ඔබතුමිය විචාරකතුමන්ගේ ට්‍රැක් එකට වැටිලා, ලියවිල්ල නම් සුපිරියි.

    ReplyDelete
  18. බොහොම ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට. අපේ ගෙදර අපි ඉපදුන දවසේ ඉඳලා t.v. එකක් තිබුනා. ඒ උනාට අපි තෝරා බේරාගෙන වැඩසටහන් බැලුවා . ඒ කාලේ නලිකා 2යි ඒවායේ ගියේ හොඳ වැඩසටහන්. දැන් මුදල් මත හැමදේම තීරණය වන නිසා වැඩසටහන්වල අගය බාල වෙලා .
    විචාරක දියණිය

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }