අදින් වසර තිහකට පමණ පෙර දිනයක මා අක්කා කෙනෙකු කළේ මගේ නැගණියයි . වර්තමානයේ මෙන් පෙර සූදානම් සහිතව මෙලොව එළිය
දකින්නේ දුවෙක්ද ? පුතෙක්ද ? යන්න දැන ගැනීමට අවස්ථාව එකළ නොවීය.පැරණී සමාජයේ සරම හා කම්බාය යන සංඛේත මෙයට ලබා දී
තිබුණි. මගේ නැගණිය ඉපදුන දා ඇයව බැලීමට මා තාත්තා ද නැන්දා ද සමඟ රෝහලට ගිය අයුරු තවම මතකය. යන අතර මගදී තාත්තා මගෙන් ප්‍රශ්නයක් ඇසුවේය.
තාත්තා : ඔයා කැමති නංගියෙකුට ද ? මල්ලියෙකුට ද ?
මා විසින් ගත් කටටම කීවේ මා නංගියෙකුට කැමතියි කියාය.
අප රෝහලට යන විට අම්මා
රෝස පාට රෙද්දකට නංගී තුරුළු කරගෙන සිටියාය. මගේ පැතුම ඉටුවී තිබුණි.
ඉන්පසු
අපි ඇයව කුලී රථයතින් තාත්තාගේ මහගෙදරට රැගෙන ආවෙමු. ඇගේ මුහුණ පාට අද මෙන් මට මතකය. නිවෙසට
රැගෙන ආ විගසම මගේ පියා සිදුකළේ ඇගේ ඡායාරුප කිහිපයක් ගැනීමය. ඒ ඔහුගේ
පළමු විනෝදාංශය එය නිසාය. මගේ සහ නැගණියගේ කුඩාකළ ඇති ඡායාරූප ගොන්න මේ ලංකාවේ
කිසිම දරුවෙකුට නොමැති බව මම දනිමි. සිහිවටන එකතු කරන්නට ඔහු මෙන් දක්ෂයෙකු මම
නොදනිමි. මම ඇයව කුඩාකළ කකුලේ දමා නිදි කෙරෙව්වෙමි. ඇයව බලා
ගතිමි. ඇය සමග සෙල්ලම් කළෙමි. ඇයව
පාසැල් රැගෙන ගියෙමි .
වසර තිස්පහකට පසුව අද ඇය අම්මා කෙනෙක් වී මා ලොකු
අම්මා කෙනෙක් බවට පත්වී ඇත. පසුගිය දිනෙක ඇය සිඟිති දියණියකගේ මවක් වූවාය. ඇයව බැලීමට රෝහලට යනවිට පෙර සිදුවීම මගේ මනසට
නැගිණි. සිඟිති දියණියගේ රුව මගේ නැගණිය කුඩාකළ ගත් ඒ ඡායාරුව
මට සිහිගැන්වීය. අම්මා ද එය මා සමග කීවාය. පසෙකින්
සතුට දැනෙද්දී මගේ නෙතඟ කඳුලින් තෙත් වූයේ මිණිපිරියගේ සිනහව දකින්නට ඇගේ සීයා මෙලොව නැති නිසාය
සතුට දුක කඳුල ජීවිතයේ
ළඟම අපි සමඟ හැමදාම රැඳෙනු ඇත.
විචාරක දියණිය ප. ව. 17.00 පැයට
කිසිදු හේතුවක් නැතිවම, හදිසියේම ඊයේ මට ළංව සිටි හිතාදර විචාරකතුමා සිහියට නැුගුනි. ඊට හේතුව දියණියගේ හෝ පොස්ටුවක් කාලයකින් නොදුටු නිසා වනැයි සිතීමි. එහෙත් අද දැන් ලැප් එක විවර කළ විගස මේ සංවේදී ලියවිල්ල දකින්නට හැකිවිය. ඇතැම් විටක නිවසේ සිටිය දී අහම්බෙන් හේතු විරහිතව කිසිවකු පිළිබඳ මතකයන් සිහියට නැගෙයි තව ස්වල්ප මොහොතකින් ඔහු මා හමුවට පැමිණෙයි. ජීවිතයේ මෙවැනි අවස්ථා මට මෙන්ම ඔබටද අන් අයටද පොදු යයි සිතමි. මේවා අහම්බයන්මද? මම සිතමින් සිටින්නෙමි දුවගේ සංවේදී සටහන කිදිමට ගැලපී අප අතරට පැමිණ තිබෙනවා. ස්තුතියි දියණි
ReplyDeleteමමද ඔබතුමාගේ ලිපියක් පසුගිය කාලයේ සෙව්වෙමි සේවාස්ථානයේ රාජනාරිවලින් වෙහෙසට පත්වීමත් පරිගණකය හදිසියේ දෝෂයට ලක්වීමත් මගේ ලියවිගි ප්‍රමාද කරන්නට සමත්විය. කෙසේ හෝ ඉදිරියට ලියමි. ඔබතුමාගේ සංවේදී සටහනට ස්තූතියි
ReplyDeleteවිචාරක දියණිය
පරණ පින්තූර හදන්න තියනවනං ගස් ලබ්බට දෙන්න
ReplyDeleteපරණ පිංතූර හුඟක් ඒවා තාම හොඳින් තියනවා. දැන්නම් ඇල්බම් පෙරලන්න ඒතරම් ආසාවක් නෑ. කොහොම උනත් ඒ පිළිබඳ දැනගත්ත එක හොඳයි.
Deleteවිචාරක දියණිය
අඩෝ දූශකයා.... මීට හොදා අමුවෙන් කාහං මාව..
Delete( අක්කේ.. මගෙ ෆොටෝස් වගයක් හදවන්න ගිහින් පොඩි අවුලක් උනා. මෙ මනුස්සයා ඒකනෙ මේ අදින්නෙ.. අහු උනාම රවුල පුච්චනවා මේ කොරන වැඩ වලට.)
++++
Deleteවිචා මතක් උනා
ReplyDeleteබොහොම ස්තූතියි ඔබගේ සංවේදී ප්‍රතිචාරයට
Deleteවිචාරක දියණිය
මට විස්වාසයි විචා උඩ ඉඳන් ෆොටෝ ගහනව ඇති කියල.
ReplyDeleteජීවත් වෙලා ඉන්න කාලේ කරපු වැඩවල හැටියට ඒකත් බැරි නෑ කමයි
Deleteවිචාරක දියණිය
සතුට දුක කඳුල ජීවිතයේ ළඟම අපි සමඟ හැමදාම රැඳෙනු ඇත.///// athha
ReplyDeleteබොහොම ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට
Deleteවිචාරක දියණිය
අද උදෙත් රෝහලට ගියා.... යන වාරයක් ගානෙ මතක් වෙනවා.අපේ හැම පිනක්ම විචාට අනුමෝදන්වේවා..!!
ReplyDeleteජයවේවා..!!
බොහොම ස්තූතියි මල්ලී විචාරතතුමාගේ ජීවිතේ එයාට වැඩිය යාළුවො හිටියෙ නෑ. රාජකාරි ජීවිතයත් එක්ක එයාට වැඩිය යාළුවො ආශ්‍රය කරන්න ලැබුනෙත් නෑ. ඒත් අවසාන අවුරුදු හතර පහ කාලෙ බ්ලොග් යාවවො ටිකක් එයාට ලැබුණා . අවසානෙ මට හයියට ඉන්නෙත් ඔබ වැනි සහෝදරයො එයා ආශුය කළ නිසයි
Deleteවිචාරක දියණිය