හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

22 April 2019

දෑ අවුරුද්ද


කලකින් ගොඩවැදුනේ මේ අඩවිය                           පැත්තේ

එවුනේ නැතත් තරහත් නෑ සිත                                ඇතුලේ 

අධිකව  රාජකාරිය  අවිවේකව  ගෙවි                       ඇත්තේ  

සිතුනත් ලියන්නට වේලාවක්                                  නැත්තේ


හදිසියෙ ඇවිත් කඩිමුඩියේ කීමට                               ඇත්තේ 

දෑ වසරකුත් ගෙවුණී  ඔහු  නැතිවී  මේ                        වසරේ   

වාතාවරණය හොඳ නෑ රට හැම තැන යම                  යුද්දේ

එන්නට කියන්නෑ ඒ නිසා මේ                                   පැත්තේ 


නමුත් කිසිවෙකුත් අමතක නොකරමි                         සත්තේ

දානෙයි බණයි විසිහත විසි අට                                   ඇත්තේ 

අම්මා ඇහුවා  ළමයෝ  අර අඩවිය                             පැත්තේ

කාලයකින් ඇයි නුඹ දැන් ගියෙ                                 නැත්තේ  

                         

ඉක්මණින්ම නැවතත් ලියන්නට                                සිතුවේ

ඔහු නැති අඩුව  සැමදා මගෙ හිත                               ඇතුළේ

ඊයේ පෙරේදා හීනෙන්                                              දැක්කේ

අපිත් සමග සුහදව පිළිසඳරේ                                     යෙදුණේ්



විචාරක දියණිය ප. ව 19 30 පැයට

13 comments :

  1. ඉඩ පාඩු තියෙන විදිහට දිගටම ලියන්න. ඔයාගෙ පියා ලිව්වේ විශ්‍රාම ගත්තට පස්සෙ. ඒ නිසා පොහොසත් සහ අඛණ්ඩ ලිවීමක් කරන්න එයාට පුළුවන් වුනා. අපි වෙනුවෙන් මේ අඩවිය දිගටම පවත්වාගැනීම විතරක්ම සැළකුවත් ඔයා කරන්නෙ ලොකු දෙයක්...

    දානෙට එන්න ආසයි. ඒත් බැරි වෙයි.

    ReplyDelete
    Replies
    1. දානෙට ආවේ නෑ කියලා අහිතක් නෑ. මේ විදියට හරි කඩින් කඩ ලියන්න බලාපොරොත්තු වෙනවා

      විචාරක දියණිය

      Delete
  2. ඔහු අපිට බොහොම කුළුපග මිතුරෙක්. ඒ වගේම රටේ මේ සිදුවෙන දේවල් දැක්කානම් බොහොම කම්පා වෙයි. ඔහුගේ මතකය රැගෙන් යන්න පුළුවන් ඔබතුමියට විතරයි. ඒක පුළුවන් විදියට කරන්න.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඇතිවී තිබෙන තත්වය ගැන කණගාටුයි. ඔහුගේ මතකය කඩින්කඩ හෝ ලිවීම සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා
      විචාරක දියණිය

      Delete
  3. දෑවුරුද්දක් තියා විසි අවුරුද්දක් ගෙවුණත් අමතක නොවන මතකයක් තබා ගිය ඔහු.

    ReplyDelete
    Replies
    1. එය එසේමයි.
      විචාරක දියණිය

      Delete
  4. බ්ලොග් ලොව අමරණීය සලකුණක් තබා ගිය ඔහු කිසිදා බ්ලොග් සහෘදයන්ගේ සිතින් නොමැකෙනු ඇත.

    ReplyDelete
  5. කාලය ගෙවී යන ඉක්මන ... ඔහු කිසිදාක අමතක නොවෙන චරිතයක්

    ReplyDelete
  6. කුණු කය දිරන මුත් කිත් කය දිරා නොයයි
    ඉහතින් තියෙන දේ දැක්කම හිතුනෙ එයයි
    කළ හොඳ, සුහද වත කවදත් සුවඳ විදයි
    ඇසුරට ඉඩක් නොලැබුණු එක දුකක් තමයි!

    ReplyDelete
  7. මිනිසෙක් විදියට ඉපදුනා නං ඔහු මිනිස් වර්ගයාට සේවයක් කල යුතුයි, ඔබේ පියා රැකියාවේදි ඒ යුතුකම ඉටුකලා වගේම ඉන් පසු විශ්‍රාම දිවියෙදිත් අපිව දැනුවත් කිරීමෙන් සේවය කලා. ඔහු අපේ ජීවිත ගමනේදි නැවතත් හමු වීමට ප්‍රිය පුද්ගලයකු ලෙස අපේ හිතේ හැමදාම ඉන්නවා.

    ReplyDelete
  8. මම ගොඩ කාලෙකට පස්සේ අද නිකමට මේ පැත්තේ ආවේ. ඉස්සර හැමදාම උදේම කරන්නේ ඇවිත් බලන එක අලුත් ලිපි තියනවද කියලා. විචාරකතුමා නැතිවීම ලොකු දුකක්, ඔහු මට සෑහෙන උදව්වක් වුනා මගේ ජීවිතේ සමහර දේවල් දිනාගන්න. මේ අඩවිය යාවත්කාල වෙනවා දැකලා ලොකු සතුටක් ඇතිවුනේ. දිගටම ලිපි ලියන්න.

    ReplyDelete
  9. එතුමා ඉන්නා තැනක සුවසේ හිදිත්වා

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }