හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

16 March 2020

ස්මාර්ට් නැති ස්මාර්ට් ප්‍රේමය

අලුත් අවුරුද්දේ ජනවාරි මාසෙම වැඩ පටන් ගන්න ඉන්නකොට මේ පරිගණක රාජයා අසනීප වුණා . ඉතින් ඒවා හොඳ කරගෙන වැඩේට බහින කොට මාස දෙකක් නොදැනීම ගෙවිලා. එහෙත් ඉදිරියිට හැකි සෑම අවස්ථාවකම ලියන්න බලා පොරොත්තු වෙනවා. 


දැන් තමයි අද මාතෘතාවට එළඹෙන්නේ.   අද අපි ඉන්නේ තාක්ෂණික යුගයේ නිසා හැමදේම ජය අරන් වගේම අපිව පාලනය කිරීම, හැඟීම්, දැනීමුත් යන්ත්‍ර සූත්‍රවලට බාර දීලද කියලත් හිතනවා. කෙසේ වෙතත්  මේ ජංගම දුරකථනය පැමිණීමට පෙර සියලු සන්නිවේදන කටයුතු සිදුවුණේ ලිපි මගින් ඊටත් එහා අතීතයේ සංදේශ , සතුන්,  අණබෙර මේ සඳහා විවිධ දේ යොදා ගත්තා නමුත්. මේ සියල්ලටම වැඩිය ජංගම දුරකථනය ඉතා වේගවත්,  මනා සැකැස්මකින් යුතුව,  විධිමත් භාවයකින් යුතුව තිබෙන බව කියන්න පුවවන් . සාමාන්‍ය සන්නිවේදන රටාව සඳහා  මේ දුරකථනය   බෙහෙවින්  ප්‍රයෝජනවත් බව අවිවාදයෙන් පිළිගත යුතුයි. 


එහෙත්  ආදර සබඳතාවලදී ජංගම දුරකතනය නිසා ඇතැම්විට ආදරය පසෙකට ගොස් අනාදරය ඉස්මතුවනවා වැනි හැඟීමක් වර්තමානයේ අහන්න දකින්න ලැබෙන දේ තුළින් ගම්‍ය මාන වෙනවා. මං එහෙම කියන්නේ වර්තමානයේ අහන්න දකින්න තියෙන දේවල්වලින්. වර්තමානයේ බොහෝ මිල අධික ඒ වගේම විවිධ නව මාදුකාංග සහිත ජගම දුරකථන තියනවා මේවායින් බොහෝමයක් ප්‍රයෝජනය ගන්නේ අපේ බාල පරම්පරාවයි. වැඩිහිටි පරම්පරාවට මේවා සමග ගැටෙන්න කාලය වගේම තාක්ෂණික දැනුම පැත්ත ඔවුන්ගේ ළමුන්ට සාපේක්ෂව අල්පයි. ආදරය  හා රාගය පටලවාගෙන අන්තර්ජාලයේ විකෘති කාමාශාවන් ඇති පුද්ගලයින් විසින් මුදාහරින ලද විඩියෝ බලමින් ඒවා අත්හදා බැලීමට පවා පෙළඹෙන බවක් දක්නට ලැබෙනවා. එම නිසා  අනාගත පරමිපරාවේ අරමුණු, සිතුම් පැතුම් වෙනස්වී ඇතිබවක් දක්නට ලැබෙනවා. ජංගම දුරකථනය සමග තනිවන දරුවන් ඒවායින් කරන ක්‍රියා මොනවාදැයි සොයා බැලිමට දෙමවුපියන් අපෝසත් ළුි තිබෙනවා .ඔවුන්ට ඒ සඳහා කාලය හෝ ඥානය නොමැතිවීම යයි මට හැගෙන කරුණක් .  


මේ වගේ සිදුවිම් වලට උදාහරණ බොහෝවිට අහන්න දකින්න ලැබුනත් පසුගියදා ප්‍රසිද්ධ පාසලක සිසුන් 7ක් ශිෂ්‍යාවක් සමග මාස ගණනාවක් ලිංගිකව හැසිරෙමින් ඒවා  ජංගම දුරකථනයේ  තබා ගනිමින් ඇයව  තර්ජනයට ලක්කරම්න් සිටින විට දැරියගේ මව මෙය සොයාගන්නවා.  එහෙත් ඒ  වෙනකොට සියල්ල සිදුවී හමාරයි.


මෙහෙම වර්තමාන පරම්පරාවට ඇගිල්ල දික්කරනකොට කෙනෙක් අහන්න පුළුවන්  මේ කාලෙ විතරද මේවා වුණේ ඇයි ඒ කාලෙ වුණේ නැද්ද කියලා


ඒ කාලෙත්  කොල්ලො කෙල්ලො ආදරය කළා . හැබැයි හරිම සුන්දරයි අසුන්දර තැන් නැතිවාම නෙවෙයි. කිරිඇල්ලෙ  මධ්‍ය විද්‍යාලයෙ විදයාගාරය රතු පැහැයට හැරෙන්නෙ ප්‍රේමයෙ වියෝගය දරාගන්න බැරිව  ශිෂ්‍යාවක් පිහි ඇනුමකට ලක්වන නිසා  අදටත් ඒ ලේ පැල්ලම ඇති.  හැබැයි ඒ කාලෙ තමන්ගේ ප්‍රේමය ප්‍රකාශ කරන්න  කොල්ලෝ කෙල්ලො හොයා ගත්තෙ හරි අමුතු දේවල්  සිංදු කෑලි , ලේන්සු ,  නවකථා පොත්  වගේ දේවල් තමයි  යොදාගත්තෙ 


ලියුම් ලියන්ඩ දක්ෂ අය වෙනම හිටියා.  හැමෝගෙම ලියුම් ලිවුවෙ එක්කෙනෙක්.  එකම අත්අකුරින්  ඒත් ඒවා එකිනෙකට වෙනස් නිසැඳැැස්,  ගිත කෑලි ,  වැලපීම් නොඅඩුව තිබුණා.  පහතින්  මං ලියන්නම්   මගේ යෙහෙළියකට පැමිණි ලියුමක තිබුණු  ගීත කොටසක් . 


මධු මල ලෙස මුදු මගේ ප්‍රියාදර මිහිරාවිය වෙතටයි

බ සිහිකර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි

කෙටියෙන් පවසමි මගෙ ආදරියේ කීමට ඇති සැමදේ

පරෙවි රැජිණියේ එදා වගේ අදත් ඔබට තවම මම ආදරෙයි//


ඉතින් මේ දේවල් මතක් වෙනකොට හිතුණු දෙයක් තමයි සමාර්ට් දුරකථන නැති ඒ කාලෙ ප්‍රේමය මිට වැඩිය හුඟක් ස්මාර්ට් කියලා .......


විචාරක දියණිය‍

2020 මාර්තු 16  1900 පැයට 


10 comments :

  1. Replies
    1. බොහොමබ ස්තූතියි ප්‍රතිචාර දැක්වීමට

      Delete
  2. මං එකොලොස් වෙනි ශ්‍රේණියේ දී එනම් උසස් පෙළ පළමු වසරේ දී කෙල්ලෙකුට දීමට ලියුමක් ලියා ළඟ තබාගෙන සිටියත් කවදාකවත් දෙන්න හිතේ ධෛර්ය ඇති වුනේ නෑ! ඒකත් එතරම් ස්මාර්ට් වැඩක් නොවෙයි. ඩිජිටල් මැසේජ් එකක් නම් වැඩිය හිතන්නේ නැතුව යවන්න තිබුණා!

    ReplyDelete
    Replies
    1. මැසේජ්වල එහෙම හැකියාවක් නම් තියනවා මූන බලන්නෙ නැතිව ඩිරෙක්ට් අදහස කියන්න පුළුවන් ඒකනෙ සමහර අය ඒ කාලෙ ඔකට හොඳම යාළුවො බ්‍රෝකර් වැඩේට යොදා ගත්තෙ . ඒවායෙත් යම්යම් අනිසි ප්‍රතිළුල තියනවා. ඒති් ඉතින් ඒකාලෙ වෙන මොනවා කරන්නද?
      විචාරක දියණිය

      Delete
  3. දැන් ඉතිං ප්‍රේමයත් ඩිජිටල්කරණය වෙලා ප්‍රේමයක් නැති වෙලා ගිහිල්ල නේ. දැන් ලියවෙන සිංදුත් එකටම හරි.

    ReplyDelete
    Replies
    1. සිංදු ගැන නම් කියලා වැඩක් නෑ.ඒවට කියන්න වෙන්නේ ප්‍රේම යාදිනි කියලා. පුරුෂ පෞර්ෂය බිදුවටම දාලා කෙල්ලෙක් ඉසසරහා ආදරය වෙනුවෙන් වැළපිම තමයි නූතන ආදරය.

      Delete
  4. ඒකාලෙ ලියපු ලියුම් වලට ආපු උත්තර ලියුම් ඉඳලා හිටලා හම්බ්වෙනවා පරණ පොත් පෙට්ටි අස්පස් කරනකොට..ආයේ කීයවනකොට පොඩි ආතල් එකකුත් හීනියට දුකකුත් ඇතිවෙනවා..

    ReplyDelete
    Replies
    1. හුගක් ආදරවන්තයින්ගේ ලියුම් ඒ ගොල්ලො හරි පරිස්සහින් ආදරයෙන් තියාගන ඉන්නවා. සමහරු හංගගගෙන තියාගන ඉන්නවා මතක සැමරුම් විධියට. කොයි කෙසේ වෙතත් ඒ ලියුම්වලට සියලු දෙනා ආදරෙයි.
      විචාරක දියණිය

      Delete
  5. ඒ කාලේ ප්‍රේමයයි අද කාලේ ප්‍රේමයයි සැහෙන්න වෙනස්. මගේ යාලුවෙකුගේ ප්‍රේම සම්භන්ධ ගණනාවක ලියුම් වලට උත්තර ලිව්වේ මම. මොකද කියනවනම් මගේ මිත්‍රයා ගෑල්ලමයෙකුට ට්‍රයි කරද්දී පලවෙනි ලියුම ලියවන්නේ මං ලව්වා. මගේ අකුරුත් කැතයි. ඒත් උගේ අකුරු මගේ අකුරු වලට වැඩ සිය ගුණයක් කැතයි. ඊට පස්සේ කෙල්ල සෙට් උනාම ලියුම් වලට දිගටම උත්තර ලියන්න වෙන්නේ මට. වැරදිලාවත් ඌ ලියන්නේ නෑ ලිව්වොත් කෙල්ල හිතන්නේ වෙන එකෙක් ලියල කියලයි. ඒ වගේ පෙම් පලහිලව් විස්සකට තිහකට ලියුම් ලියන්න උනා ඌ නිසා. දැන් නම් හිතෙනවා එව්වා හෙන පවු වැඩ කියලා. හැබැයි ඉතින් එව්වා එකක්වත් සීරියස් ලව් නෙවෙයි. පවක් ඉතින් සිද්දවෙනවානම් ඒක වැටෙන්න ඕන මගේ මිත්‍රයාගේ එකවුන්ට් එකටම තමයි. ඒ ගැන බ්ලොග් පොස්ට් එකක් ලියන්න හිතාගෙන ඉන්නවා ඉන්නවා ඉන්නවා තාම වැඩේ කෙරුනේ නෑ.

    ReplyDelete
  6. මම අලුතින් බ්ලොග් එක පටන් ගත්තෙ පුළුවන් වෙලාවක පොඩ්ඩක් ඇවිත් බලලා හොඳ නරක කියල යන්න
    https://sanwaadasatahan.wordpress.com/

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }