හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ
Showing posts with label පුංචි කතන්දර. Show all posts
Showing posts with label පුංචි කතන්දර. Show all posts

11 May 2015

ඔන්න කතන්දර මෙන්න කතන්දර

හ්ම්…………හුඟ දවසකින් කතන්දරයක් දෙකක් කියන්න බැරිවුණා. මට මතක හැටියට අන්තිමට කතන්දර කිව්වේ පහුගිය ජනාධිපතිවරණය දවස්වල. මේ දවස්වල මා ජාලය පීරමින් ඉන්නේ, ඔබට හමුදා දැණුම ලබාදෙන ලිපි කීපයක් ඉදිරිපත් කරන්නයි. ඒ අතරතුරේ දැකගන්නට ලැබුන කතන්දර කීපයක් මෙලෙස ඔබවෙත ගෙන එනවා.

සාජන්ලා
11   
හමුදාවේ සාමාන්‍ය සෙබළුන් දෙදෙනෙක්, අහම්බෙන් දක්වන ලද දක්ෂතා නිසා, එකවරම සැරයන් නිළයට උසස් කරනු ලැබුවා. දෙන්නම බුද්ධි මට්ටම අතින් ටිකක් දුර්වලයි. උසස්වීම ලැබූ දා හවස, එක්කෙනක් කිව්වා අනිකාට,
   ‘අපි යමු හමුදා සාමාජිකයන්ගේ ක්ලබ් එකට’ කියලා.
   අනික් එක්කෙනා කිව්වා, ‘අපි සොල්දාදුවො නේද’ කියලා.  
   අරයා ආපහු කියනවා, ‘ඉතින් මොකද? අපි දැන් සාජන්ලා, පණ්ඩිතකම නැතුව වරෙන් යන්න’ කියලා.
  ඔන්න දෙන්නා ගියා ක්ලබ් එකට. ගිහින් සැර බීම වීදුරු දෙකක් ඕඩර් කරලා බලා ඉන්න අතරේදී, ලස්සන ගෑණු කෙනෙක් එතනට ආවා.
   එයා කිව්වා, ‘ඔය දෙන්නා මෙහාට අලුත් අය වගේ. මම ඉස්සර ඉඳලම මෙහාට එන අයව සතුටු කරනවා. නමුත් මේ දිනවල මට ගොනෝරියා හැදිලා නිසා කණගාටුයි. නමුත් ඔයාල කැමතිනම් මමත් කැමතියි’ කියලා.
   පළමුවැනි සාජන්, (ක්ලබ් යමු කියලා යෝජනා කරපු කෙනා) දෙවෙනියාට කිව්වා, ගොනෝරියා කියන්නේ මොකක්ද කියලා කාගෙන් හරි අහලා, නරක දෙයක් නෙවෙයි නම්, OK සිග්නල් එක දෙන්න කියලා.
  දෙවෙනි සාජන්, බාර් එකේ වැඩකරන මිනිහා ලඟට ගිහින්, වචන කීපයක් හුවමාරු කරගත්තා. පළවෙනියා දිහා බලලා ඇහැක් ගහලා, අත මිටමොලවලා, මහපටැඟිල්ල උස්සලා, OK සිග්නල් එක දුන්නා.
   පළමුවැනි සාජන්, අර කාන්තාව සමග ක්ලබ් එක ඇතුළට ගියා. ටික දවසකට පස්සේ, පළමුවැනි සාජන්ට ගොනෝරියාව හැදිලා අමාරු වුණා.
   එයා දෙවැනි සාජන්ට බැන්නා, ‘ඇයි යකෝ උඹ මට එදා OK සිග්නල් එක දුන්නේ’ කියලා.
   දෙවනියා කිව්වා, ‘මම එදා බාර් එකේ වැඩකරන මිනිහගෙන් ඇහුවම කිව්වේ, ඒක සොල්දාදුවන්ට හැදෙන ලෙඩක් කියලා. ඉතින් අපි සොල්දාදුවෝ නෙවෙයි සාජන්ලානේ, ඒකයි මම OK සිග්නල් එක දුන්නේ’ කියලා. 

වෙනස 
හමුදාවේ යාන්ත්‍රික ඉංජිනේරුවා සහ සාමාන්‍ය සිවිල් ඉංජිනේරුවා අතර වෙනස කුමක්ද? 
හමුදා යාන්ත්‍රික ඉංජිනේරුවා ඉලක්ක විනාශ කරන යන්ත්‍ර නිපදවයි.
සාමාන්‍ය සිවිල් ඉංජිනේරුවා ඒ විනාශකාරී යන්ත්‍ර සඳහා ඉලක්ක නිපදවයි. 

කාගේ ජීප් එකද
    මඩ ගොහොරු පාරක, හමුදා ජීප් රථයක් පදවාගෙන යන කපිතන් වරයකු දැක්කා, කර්නල් වරයකු පදවාගෙන ආ ජීප් රථයක් මඩේ එරී ඇති බව.
  කපිතන් ඇහුවා ‘සර්ගේ ජීප් එක එරිලා නේද’ කියලා.
  කර්නල් කිව්වා ‘පොඩ්ඩක් මෙහාට එන්ඩකෝ’ කියලා. කපිතන් ලඟට ගියාම කර්නල් කිව්වා,
  ‘මෙන්න මේ ජීප් එකේ යතුර, කෝ දෙනවා තමුසෙගෙ ජීප් එක මට. ඔන්න දැන් එරිලා තියෙන්නේ තමුසෙගෙ ජීප් එක’ කියලා. 


පැරෂුට් පිම්ම 
 Parachute    පැරෂුට් පුහුණුවට අලුතෙන් පැමිණි සොල්දාදුවකුගේ සගයකු දැක්කා, ඒ සොල්දාදුවා අමාරුවෙන් ඇවිදිනවා.
  ‘මොකද තමුසෙට වෙලා තියෙන්නේ’ කියලා, සගයා අර සොල්දාදුවාගෙන් ඇහුවා.
  ‘අද අපිව එක්ක ගියා පැරෂුට් එකෙන් පනින අභ්‍යාසයට’ සොල්දාදුවා කිව්වා.
  ‘ඉතින්’ සගයා ඇහුවා.
  ‘ඔන්න අපි එක එක්කෙනා ප්ලේන් එකෙන් පනින අවස්ථාව ආවා. බුදු අම්මෝ….. උඩ ඉඳලා බිම බලපු ගමන් මගේ ඇස් නිලංකාර වුණා, ඇඟ හීතල වුණා’.
  ‘ඉතින්’ සගයා ඇහුවා.
  සොල්දාදුවා කියනවා, ‘මම එහෙම ඉන්නකොට අපේ උපදේශක සාජන් මට කිව්වා, ‘යකෝ තෝ පනින්නේ නැත්නම් මම උඹේ ………..වා කියලා’
  ‘ඉතින්’ සගයා ඇහුවා.
  ‘ඉතින් මම පනින්නේ නැතුව සාජන් කියපු දේට එකඟ වුණා’ සොල්දාදුවා කිව්වා. 

වන්දි ගෙවීම 
33   වියට්නාම් යුද්ධයට ගොස් ආබාධිතවූ හමුදා සාමාජිකයන්ට, වන්දි ගෙවීමේ මණ්ඩලය වෙත, සොල්දාදුවන් තිදෙනෙකු ඉදිරිපත් කරනු ලැබුවා. වන්දි ගෙවීමේ මණ්ඩලය සොල්දාදුවන්ට කිව්වා, තමන්ගේ ශරීරයේ එකිනෙකට ඈතින් පිහිටි ස්ථාන දෙකක් නම් කරන ලෙසත්, ඒ ස්ථාන දෙක අතර ඇති පරතරය මැන, එක් අඟලකට, ඩොලර් 10000 බැගින් ගෙවන බවත්.
   පළමුවැනි සොල්දාදුවා කිව්වා, තමන්ගේ හිසේ සිට දෙපතුළට දුර මැන, වන්දි ගෙවන ලෙස. ඒ අනුව ඔහුට විශාල වන්දියක් ලැබුණා.
  දෙවැනි සොල්දාදුවා කිව්වා, තමන්ගේ අත්දෙක පොළොවට සමාන්තරව දෙපසට විහිදවූවිට, එක් අතක කෙළවර සිට, අනෙක් අතේ කෙළවර දක්වා ඇති දුරට, වන්දි ගෙවන ලෙස. ඔහුටත් විශාල වන්දියක් ලැබුණා. 
   තුන්වැනි සොල්දාදුවා කිව්වා, තම පුරුෂ ලිංගය තිබෙන තැන සිට, වෘෂණ කෝෂ තිබෙන තැන දක්වා ඇති දුර මැන, වන්දි ගෙවන ලෙස.
  අපොයි බොහොම සරල ඉල්ලීමක්නේ කියමින්, පුදුමයට පත්වූ වන්දි ගෙවීමේ මණ්ඩලය, ඔහුගේ ඉල්ලීම ඉටු කරන්නට සූදානම් වුණා.
   වන්දි ගෙවීමේ මණ්ඩලය අදාළ ස්ථාන අතර පරතරය මනින්නට බලනවිට, පුරුෂ ලිංගය තිබුණත්, වෘෂණ කෝෂ තිබුණේ නැහැ.
   ‘කෝ ඔබේ වෘෂණ කෝෂ’ කියා මණ්ඩලය ඇසුවා.
   ‘ඒවා වියට්නාමේ’ අර සොල්දාදුවා උත්තර දුන්නා. 

කිඹුහුම
Missile   අවි ආයුධ තොගයක් පටවාගෙන ගුවන්ගතවූ හමුදා ගුවන් යානයක් කාර්මික දෝෂයකට ලක්වුණා. යානය බේරා ගන්නට නම් එහි පටවා තිබුණු බඩු ඉවත් කරන්නට වෙනවා.
  නියමුවා කිව්වා, වහාම බඩු බිමට හෙලන ලෙස. බිම තිබුණු කැලෑ ප්‍රදේශ වලට බඩු එකින් එක හලමින් ආවා, අන්තිමට නාගරික ප්‍රදේශයකට ආවා.
  නියමුවා කෑගනනවා, ‘ඔක්කොම බඩු බිමට දාපල්ලා’ කියලා.
   අන්තිමට යානයේ තිබුන අත් බෝම්බත් බිමට දැම්මා, තුවක්කුත් බිමට දැම්මා, බොහොම බයෙන් මිසයිලයකුත් බිමට දැම්මා.
   බර අඩුවීම නිසා යානය කඩා නොවැටී බේරගන්න පුළුවන් වුණා.
   ගොඩ බැස්ස වහාම, නියමුවා සහ පිරිස, වාහනයක් අරං ආපහු ගියා, බිම දාපු දේවල් හොයන්න.
   පොඩි කොල්ලෙක් පාර අයිනේ අඬ අඬා, ඉන්නවා. ‘ඇයි පුතා’ කියලා ඇහුවම කිව්වා, කවුදෝ මට උඩින් එව්වා ගලක් වගේ එකක්, ඒක මගේ පිටේ වැදුනා කියලා. හොඳ වෙලාවට ඒ අත් බෝම්බේ පුපුරලා නැහැ.
   තව ටිකක් දුර යනකොට මිනිහෙක් කොන්ද අතගගා කුණුහරප කියමින් ඉන්නවා. මොකද කියලා ඇහුවම, කවුද එකෙක් මට තුවක්කුවකින් දමලා ගැහුවා කිව්වා.
  තවත් ඉස්සරහට යනකොට, කොල්ලෙක් හිනාවෙවී පාරේ දුවගෙන එනවා. ‘මොකද පුතා’ කියලා ඇහුවම කොල්ලා කියනවා,
   ‘මට එකපාරටම කිඹුහුමක් ගියා, එතකොටම මාත් එක්ක තරහ කොල්ලෙක් ඉන්න, අපේ ගෙවල් ළඟ ගෙදර, ගිනි ගුලියක් වෙලා නැතිවෙලා ගියා’ කියලා.

කාන්තාවන්ට සැලකීම 
   බොහොම කාලයකට පස්සේ, ඇෆ්ඝනිස්ථානයට පැමිණි සමාජ සේවිකාවක් දැක්කා, මහා පුදුමයක්. ඉස්සර ඇෆ්ඝනිස්ථානයේ විවාහක කාන්තාවන්, පාරේ ගමන් කරද්දී, තම සැමියාට වඩා අඩි පහක් විතර පසුපසින් තමයි ගමන් කරන්නේ. දැන් ඇෆ්ඝනිස්ථානු සැමියන්, තම බිරිඳට වඩා අඩි 20ක් විතර පසුපසින් යන්නේ.
   අර කාන්තාව පුදුමයට පත්වෙලා, ඇෆ්ඝනිස්ථානයේ දැනට සේවය කරන සමාජ සේවිකාවකගෙන් ඇහුවා, ‘කවුද මේ මහා විප්ලවය කළේ? පුදුමාකාර විදිහට දැන් කාන්තාවන්ට ප්‍රමුඛස්ථානයක් ලැබිලා තියනවා නේද? අපි මේ විප්ලවය කළ කෙනාට උපහාර දැක්විය යුතුයි, ඇත්තටම කවුද මේක කළේ’ කියලා.
   අර සමාජ සේවිකාව උත්තර දුන්නා ‘බිම් බෝම්බ’ කියලා. 
අදට ඔය මදෑ. තව ගොඩාක් තියනවා. පස්සේ බලමුකෝ.

2015 මැයි මස 1 දින 0024 පැය

24 March 2015

ආයෙමත් ඔන්න කතන්දර එකතුවක්


maithree_pratipatti
 මේ දවස්වල බ්ලොග් ලියන එක බොහොම පරිස්සමෙන් කරන්න වෙලා තියෙන්නේ. පහුගිය ජනවාරියෙන් පස්සේ, අපේ රටේ වෙච්ච දේශපාලන පෙරළිය, 'රට පෙරළිය' කියලා කියන තැනට ඇවිත් වගේ. මේ දවස්වල, කොයි මොහොතේ මොකක් වෙයිද කියලා කියන්න බැරි තත්වයක් තියෙන්නේ. ඒ අස්සේ, මම ලියාගෙන ආව 'පැට්‍රොල් කතා මාලාව' අවසන් කිරීම, ටිකක් කල්දාන්න තීරණය කළා. මොකද, මේ දවස්වල එවැනි ලිපි වලට පාඨක අවධානය යොමුවෙනවා අඩුයි. සමහරු දැන් යහ පාලනයට 'ජහ' පාලනය කියන තරමට කේන්තියෙන් ඉන්නේ. ඒ නිසා, කාගෙ කාගෙත් සිත්, ටිකක් සමහන් කිරීම සඳහා නැවතත් පොඩි කතන්දර කීපයක් කියන්නයි යන්නේ.

  මේ කතා සියල්ලම, මට ඊ මේල් මගින් එව්වේ, මගේ ගුරුවරයකු වන, විශ්‍රාමික බ්‍රිගේඩියර් රංජිත් පී විතාන. එතුමාට ස්තුතිවන්ත වෙමින්, මේ කතා ඔබවෙත ගෙන එනවා. පරිවර්තන දෝෂ ඇත්නම් සමාව අයදිනවා. 

අමාරු ප්‍රශ්න පත්‍රය

ප්‍රශ්න අංක 1 

ඔබ දන්නා එක්තරා කාන්තාවක් ඉන්නවා. දැනට ගර්භනී තත්වයේ පසුවන.
දැනටමත් ඇයට දරුවන් අට දෙනෙක් ඉන්නවා.
එයින් දරුවන් තිදෙනෙක් පූර්ණ ශ්‍රව්‍යාබාධිතයි.
තවත් දරුවන් දෙදෙනෙක් පූර්ණ දෘෂ්‍යාබාධිතයි.
තවත් දරුවෙක් මන්ද මානසිකයි.
ඒ මදිවට ඒ කාන්තාවට සිෆිලිස් රෝගය වැළඳී තිබෙනවා.
මේ කාන්තාව, නොපමාවම ගබ්සාවකට යොමු කළයුතු යයි ඔබ නිර්දේශ කරන්නේද?
මේ ප්‍රශ්නයට පිළිතුරු දීමට ප්‍රථම, ඊළඟ ප්‍රශ්නය වෙත ඔබේ අවධානය යොමු කරන්න.

ප්‍රශ්න අංක 2 

එක්තරා පුදුමාකාර ඡන්දයක් තියනවා, අලුත් ලෝක නායකයකු තෝරන්නට. මේ ඡන්ද විමසීමේදී තීරණාත්මක අවසාන ඡන්දය වන්නේ ඔබේ ඡන්දයයි.
ඡන්ද අපේක්ෂකයන් තිදෙනෙක් ඉන්නවා.
මෙන්න ඡන්ද අපේක්ෂකයන් ගේ චරිත ස්වභාවය.

A නමැති අපේක්‍ෂකයා
කුප්‍රකට දේශපාලනඥයන් ඇසුරු කරයි. ජ්‍යෝතිෂය ගැන ඉහලින්ම සළකයි.
මොහුට හොර අඹුවන් දෙදෙනෙකු සිටිත්.
අධිකව දුම්පානයේ යෙදෙයි.
දිනකට විස්කි වීදුරු 8ක් 10ක් පමණ පානය කරයි.

B නමැති අපේක්‍ෂකයා 
මොහු දෙවරක්ම නිළයෙන් පහ කළ අයෙකි.
මහ දවල් වනතුරු නිදාගන්නෙකි.
පාසල් වියේදී ගංජා පානය කර අසුවූවෙකි.
දිනපතා සවස පදමට විස්කි පානය කරන්නෙකි.

C නමැති අපේක්‍ෂකයා
සම්මාන ලාභී රණවිරුවෙකි.
මාංශ ආහාර වලින් තොර වූවෙකි.
දුම් පානය නොකරයි.
කලාතුරකින් බීර ස්වල්පයක් පානය කරයි.
කෙදිනකවත් අනාචාරයේ යෙදුනු බවට චෝදනා නැත.
දැන් මෙතනදී ඔබේ පිළිතුර තීරණය කරන්න. පහතින් පිළිතුරු තිබෙනවා, නමුත් එතනට යන්න කලින් ඔබේ තීරණය ගන්න.


Down Arrow
Down Arrow
Down Arrow
Down Arrow
Down Arrow
Down Arrow
Down Arrow
Down Arrow

හොඳයි. මෙන්න ඒ ඒ අපේක්ෂකයාගේ ඇත්ත නම. මේ අයගේ ඇත්තම චරිත ලක්ෂණ තමයි ඉහත දක්වලා තිබුණේ.

A = හිටපු ඇමරිකානු ජනාධිපති ෆ්රෑන්ක්ලින් ද රූස්වෙල්ට්
B = හිටපු බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල්
C = ජර්මානු ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර්

   ඒක නෙවෙයි. අර පළවැනි ප්‍රශ්නෙට මොකද කියන්නේ? ඒ කාන්තාව ගබ්සාවකට ලක් කරනවාද? හැබැයි ඔබ එහෙම කළානම්, ලෝකයට ශ්‍රේෂ්ඨ සංගීතඥයකු අහිමි වෙනවා. කවුද දන්නවද? බීතෝවන්. ඒ ප්‍රශ්නයේදී කියවුණේ, බීතෝවන්ගේ පවුලේ තත්වයයි. යම්කිසි දෙයක් ගැන කරුණු සොයා බැලීමකින් තොරව පූර්ව විශ්චයකට පැමිණෙන්නට හොඳ නෑ කියලා හිතෙනවා නේද? 


මිනිස්සුද සත්තුද? 

   Baboonඉංග්‍රීසි භාෂාවේ වචනයක් තියනවා, 'Anthropomorphic' කියලා. මා දන්නා විදිහට, මෙයින් කියන්නේ, මිනිසුන් නොවන සත්වයන්ට සහ අජීවී වස්තු වලට, මිනිස් ස්වාභාවය ආරූඪ කර දැක්වීම තමයි, මේ වචනයේ තේරුම. උදාහරණ කීපයක් බලමුකෝ.

A Herd of cows, Flock of Chickens, A Pride of Lions, 
තව තියනවා එතරම් ප්‍රචලිත නැති ඒවා.

A Murder of Crows, කෑදර තඩි කළු කපුටන්ට හොඳට ගැලපෙනවා.
A Congress of Owls, බොහොම කල්පනාකාරීව ඉන්න බුද්ධිමත් සත්ව කොට්ඨාශයක් කියලනේ කියන්නේ, බකමූණෝ.

කැලේ ඉන්න භයානක, ආක්‍රමණශීලී, නිතර සටන් කරණ, බුද්ධි හීන, සත්තු වර්ගයක් තමා, බැබුන් කියන්නේ. බැබුන් රංචුවක් හැඳින්වීම සඳහා, ඉංග්‍රීසියෙන් යොදන Anthropomorphic නම දන්නවද?

A PARLIAMENT OF BABOONS  කියලා තමයි කියන්නේ. හොඳටම ගැලපෙනවා නේ?


එහෙදිත් මෙහෙමද වැඩ කළේ?

    
Admiral   
පෞද්ගලික ආයතනයකට අලුත් සේවකයකු ගත්තා. ඔහු කලින් රැකියාවක් කොට විශ්‍රාම ගත තැනැත්තෙක්. නාවික හමුදා සේවයේ හිටිය කෙනෙක්ලු. ලස්සනට අඳිනවා. වැඩ හරිම පිරිසිදුයි, පිළිවෙලයි, කාර්යක්ෂමයි,  මහජනතාවගේ සිත් ඇදගන්නා සුළු ආකාරයෙන් විනීතව, සුහදව, ඉතා ව්‍යක්ත ලෙස භාෂාව හසුරවමින්, කතා කරනවා. වැඩ කරන වෙලාවට වැඩ විතරයි. කා එක්කවත් කතාවක් නැහැ. ආයතනයේ පාලක මණ්ඩලය ඔහු ගැන බොහොම පැහැදුණා. 
   
නමුත් ඔහුගේ එක දුර්වලකමක් තිබුණා. ඔහු බොහෝවිට වැඩට එන්නේ ප්‍රමාද වෙලා. සමහරවිට විනාඩි 5 ක්, නමුත් තවත් සමහර දිනවල විනාඩි 15 ක් විතර.
   
පාලක මණ්ඩලය මේ ගැන නොසතුටට පත්වුණා. මේ ගැන කරුණු විමසා, ඔහුට අවවාද කරන්නට තීරණය කළා. ඔහුව කැඳෙව්වා පිරිස් කළමනාකාර වරයා හමුවට. අපි හිතමු ඔහුගේ නම සිල්වා කියා. පිරිස් කළමනාකාර වරයා කිව්වා, මිස්ටර් සිල්වා, ඔයා බොහොම හොඳට වැඩ කරනවා. කාර්යක්ෂමයි. ආයතනයට හොඳක් වෙනවා. නමුත් ඔබේ ප්‍රමාදවී පැමිණීම නම්, බොහොම කණගාටුදායකයි. ඔබ හමුදා සේවයේ හිටිය කෙනෙක්නෙ. අපිනම් අහලා තියෙන්නේ හමුදාවේ අය වෙලාවට වැඩ කරනවා කියලයි. ඔයා එහෙදිත් මෙහෙම පරක්කු වෙලාද වැඩට ගියේ? ඉතින් එහෙදි ඒ අය ඔයාට මොකද කිව්වේ, එහෙම ප්‍රමාද වෙලා ගියාම.
   
සිල්වා මහත්තයා බිම බලාගත්ත, එයාගේ දෙතොල් තදකරගත්තා, නමුත් පොඩි හිනාවකුත් ගියා. ටිකක් තරහ ආව බවක් සියුම්ව මූණේ ඇඳුනා. නිශ්ශබ්දව විනාඩියක් විතර ඉඳලා, පිළිතුරු දුන්නා. 
  
එහෙදි ඉතින්.................. ඔෆිස් එකට යනකොටම, ඔක්කොමලා සීරුවෙන් හිටගෙන ආචාර කරනවා. මම ගිහින් ඔෆිස් එකේ වාඩිවුණාම, මගේ අධි සහායකයා (Aide-de-Camp) ඇවිත්, මට ආචාර කරලා, සුබ උදෑසනක් වේවා අද්මිරාල් තුමනි. මෙන්න දවසේ පත්තර සහ ඔබතුමාගේ පෞද්ගලික නමට ලැබුණු ලිපි. ඔබට බීමට කෝපි එකක් අවශ්‍යද? කියලා අහනවා. 


කාගෙද වෙඩිල්ල?
    
old-man-and-doctor   
මේ කතාව නම් හුඟ දෙනෙක් අහලා ඇති. නමුත් කියවලා රස විදින්න බාධාවක් වෙන්නේ නැතිවෙයි කියා හිතනවා. වයස අවුරුදු 80 ක විතර පුද්ගලයකු තමාගේ පවුලේ වෛද්‍යවරයා වෙත ආවා, කාලෙන් කාලෙට කරන, සාමාන්‍ය  වෛද්‍ය පරීක්ෂණයක් සඳහා. දොස්තර මහත්තයා අර පුද්ගලයාගෙන් සුවදුක් විමසුවා. මම හරිම සතුටෙන් ඉන්නේ, ඊයේ පෙරේදා මම බැන්දා අවුරුදු 18 ක කෙල්ලෙක්ව. දැන් මම තාත්තා කෙනෙක් වෙන්නයි යන්නේ. ඒ කෙල්ලට මගෙන් ළමයෙක් ලැබෙන්න ඉන්නවා, කියලා අර පුද්ගලයා උත්තර දුන්නා.

දොස්තර මහත්තයා කිව්වා, හරි පුදුම දේවල් තමා දැන් කාලේ වෙන්නේ. මගේ යාලුවෙක් හදිස්සියේම දඩයමේ යන්න ගියා. එයාට වැරදිලා තුවක්කුව කියලා ගෙනෙහින් තියෙන්නේ කුඩේ. කැලේදී  හිටපු ගමන් මහා වලහෙක් මුණගැහිලා. නමුත් මිනිහා හොඳට ඉලක්කය අරන් වෙඩි තිබ්බම වලහා මැරිලා වැටුණා.

ඒකනම් කීයටවත් වෙන්න බැහැ දොස්තර මහත්තයෝ, දඩයමේ ගිය වෙන මිනිහෙක් වෙන්න ඇති වෙඩි තියන්න ඇත්තේ. අර මෝඩයා හිතනවා මිනිහා තමයි වෙඩි තිබ්බේ කියලා. දොස්තර මහත්තයා කියනවා, නෑ ඉතිං ඔයාට වෙලා තියෙන්නෙත් ඒ වගේ පුදුම දෙයක්නේ කියලා.

2015 මාර්තු මස 24 වැනි දින 1335 පැය

17 February 2015

හා.............. එන්ඩේ............... එන්ඩේ................. පාටි කතා, පාටි කතා ........

Drunkard's Empty Mug
 බුදු අප්පොච්චියේ............... පහුගිය ඉරිදා තමයි ඉරිදා. (15 වෙනිදා) පත්තරයා තමයි පත්තරයා............ කරකවලා අතෑරියානේ  අපි සැට් එකක්ම. අම්මපා මම ගෙදර ආවේ අහසින්ද මන්දා. රෑ හතහමාරට විතර ගෙදරට ඇවිත්, ගේට්ටුව ඇරිය ගමන්, ලොකු දුව මාව වත්තම් කරගෙන වගේ තමයි ගෙට ගෙනිච්චේ........ පොහ් මල් හතයි ඈ. හොඳ වෙලාවට කාර් එක අරං නොගියේ. එහෙම උනානම් පොලිස් බෝඩින් කාමරේක පහුවදා වෙනකල් තැපලා එන්න තිබුණා. නෑ නෑ අපේ උන්දැ දන්නවනේ ජම්මෙට වැඩිය පුරුද්ද ලොකුයි කියලා. ඒ නිසා සද්දයක් නැහැ.

පත්තරයාගේ ඇඹේනිය, අලුත් ජීන්ස් එකක් ගැනීමේ චිත්තප්පිරීතිය වෙනුවෙන්, 'පත්තර විලා' එකේ තමා, මේ පාටි පොජ්ජ තිබුණේ. මම හිතුවේ ඒක මේ කුරුණෑගල ඇත්කඳ විහාරේ පෙරහරට, නැට්ටුවෝ අඳින ඇඳුමක් කියලා. හරි හරි එව්වයෙන් කමක් නෑ. ආයේ මට ඒ පැත්ත පළාතේ යන්ඩ බැරිවෙයි.

  මෙන්න මෙව්වා තමයි වැදගත් තොරතුරු.

   අපේ චීෆ් ජස්ටිස් CJW තුමා, කලින් දවසේ රෑ 12 ට පැල්මඩුල්ලෙන් පිටත්වෙලා, පාන්දර 5 ට 'පත්තර ගෙදර' දොරකඩ උන්නලු. උන්නැහේ වගේ සෑම වැඩකදීම කල් ඇතුව ක්‍රියා කිරීම බොහොම හොඳ දෙයක් කියලයි මටත් හිතෙන්නේ. 'සූතළං මද්දා' මාව තම්බන්න හැදුවා උදේම. මම වහාම පොලිස් ස්ථාන කීපයකට කෝල් කරලා මේකා ඉන්න ඉසව්ව හොයාගත්තා. හොඳයි වරකො කියලා බලාගෙන හිටියා.

   අනේ ඒ අල්ලපනල්ලේ, 'පත්තර නෝනා' CJW ටයි මටයි තේ පැන් සංග්‍රහයක් පවත්තලා කිව්වා, 'අර කාලකන්ණි ටික පාත්වෙන්න කලින් හොඳට කාලා ඉන්න' කියලා. මට 'අයියේ' කියලා කිව්වේ. CJW ට ඒකට මළ පැනලා, එහෙනං මට මල්ලියෙ කියපං කිව්වා.

   හැබැයි පත්තරයත් අතෑරියේ නෑ වැඩේ. පත්තරේ ගෙනත් ගොඩ ගහන්න පටන් ගත්තා ලෙයිය පෙයිය ජාති ඔක්කොම.

සීනි කරිඤ්ඤං
සඟ ටොප්
දෙහි සුදි
අල හොදි
හිටපං මචං
ගහපං මචං
බැටරි සුදිය
බොකු දිරාස්

   යකෝ මං අහන්නේ එක අරක්කු බෝතලයක් දියන්. ම්හු........... පස්සේ අපි ගිහින් එව්වා ඇන්න ආවා.

photo0064


photo0065


photo0066


photo0067


photo0068


photo0074


photo0069


photo0071


photo0077


photo0080




photo0082




photo0083


photo0084


photo0085


wp_20150215_15_27_08_pro


photo0086


   අර රට කපටියා ප්‍රාජේ, ඉස්සා වගේ පනිනවා පොටෝ කෙළින්න හදනකොට. මේ පත්තරේ......, කා ළඟ හරි තියනවද දන්නෑ ප්‍රා නමැති කපටියාගේ පින්තූරයක්.

   ඔන්න ඉතිං යන්තම් අපි අතක් පයක් නොකැඩී, පත්තර ගෙදරටත් හානියක් නොකර, හවස හය විතර වෙනකොට, තොලොන්ජි වුණා.



2015 පෙබරවාරි මස 16 වැනි දින 2245 පැය
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }