හ්ම්…………හුඟ දවසකින් කතන්දරයක් දෙකක් කියන්න බැරිවුණා. මට මතක හැටියට අන්තිමට කතන්දර කිව්වේ පහුගිය ජනාධිපතිවරණය දවස්වල. මේ දවස්වල මා ජාලය පීරමින් ඉන්නේ, ඔබට හමුදා දැණුම ලබාදෙන ලිපි කීපයක් ඉදිරිපත් කරන්නයි. ඒ අතරතුරේ දැකගන්නට ලැබුන කතන්දර කීපයක් මෙලෙස ඔබවෙත ගෙන එනවා.
සාජන්ලා
හමුදාවේ සාමාන්‍ය සෙබළුන් දෙදෙනෙක්, අහම්බෙන් දක්වන ලද දක්ෂතා නිසා, එකවරම සැරයන් නිළයට උසස් කරනු ලැබුවා. දෙන්නම බුද්ධි මට්ටම අතින් ටිකක් දුර්වලයි. උසස්වීම ලැබූ දා හවස, එක්කෙනක් කිව්වා අනිකාට,
‘අපි යමු හමුදා සාමාජිකයන්ගේ ක්ලබ් එකට’ කියලා.
අනික් එක්කෙනා කිව්වා, ‘අපි සොල්දාදුවො නේද’ කියලා.
අරයා ආපහු කියනවා, ‘ඉතින් මොකද? අපි දැන් සාජන්ලා, පණ්ඩිතකම නැතුව වරෙන් යන්න’ කියලා.
ඔන්න දෙන්නා ගියා ක්ලබ් එකට. ගිහින් සැර බීම වීදුරු දෙකක් ඕඩර් කරලා බලා ඉන්න අතරේදී, ලස්සන ගෑණු කෙනෙක් එතනට ආවා.
එයා කිව්වා, ‘ඔය දෙන්නා මෙහාට අලුත් අය වගේ. මම ඉස්සර ඉඳලම මෙහාට එන අයව සතුටු කරනවා. නමුත් මේ දිනවල මට ගොනෝරියා හැදිලා නිසා කණගාටුයි. නමුත් ඔයාල කැමතිනම් මමත් කැමතියි’ කියලා.
පළමුවැනි සාජන්, (ක්ලබ් යමු කියලා යෝජනා කරපු කෙනා) දෙවෙනියාට කිව්වා, ගොනෝරියා කියන්නේ මොකක්ද කියලා කාගෙන් හරි අහලා, නරක දෙයක් නෙවෙයි නම්, OK සිග්නල් එක දෙන්න කියලා.
දෙවෙනි සාජන්, බාර් එකේ වැඩකරන මිනිහා ලඟට ගිහින්, වචන කීපයක් හුවමාරු කරගත්තා. පළවෙනියා දිහා බලලා ඇහැක් ගහලා, අත මිටමොලවලා, මහපටැඟිල්ල උස්සලා, OK සිග්නල් එක දුන්නා.
පළමුවැනි සාජන්, අර කාන්තාව සමග ක්ලබ් එක ඇතුළට ගියා. ටික දවසකට පස්සේ, පළමුවැනි සාජන්ට ගොනෝරියාව හැදිලා අමාරු වුණා.
එයා දෙවැනි සාජන්ට බැන්නා, ‘ඇයි යකෝ උඹ මට එදා OK සිග්නල් එක දුන්නේ’ කියලා.
දෙවනියා කිව්වා, ‘මම එදා බාර් එකේ වැඩකරන මිනිහගෙන් ඇහුවම කිව්වේ, ඒක සොල්දාදුවන්ට හැදෙන ලෙඩක් කියලා. ඉතින් අපි සොල්දාදුවෝ නෙවෙයි සාජන්ලානේ, ඒකයි මම OK සිග්නල් එක දුන්නේ’ කියලා.
වෙනස
හමුදාවේ යාන්ත්‍රික ඉංජිනේරුවා සහ සාමාන්‍ය සිවිල් ඉංජිනේරුවා අතර වෙනස කුමක්ද?
හමුදා යාන්ත්‍රික ඉංජිනේරුවා ඉලක්ක විනාශ කරන යන්ත්‍ර නිපදවයි.
සාමාන්‍ය සිවිල් ඉංජිනේරුවා ඒ විනාශකාරී යන්ත්‍ර සඳහා ඉලක්ක නිපදවයි.
කාගේ ජීප් එකද
මඩ ගොහොරු පාරක, හමුදා ජීප් රථයක් පදවාගෙන යන කපිතන් වරයකු දැක්කා, කර්නල් වරයකු පදවාගෙන ආ ජීප් රථයක් මඩේ එරී ඇති බව.
කපිතන් ඇහුවා ‘සර්ගේ ජීප් එක එරිලා නේද’ කියලා.
කර්නල් කිව්වා ‘පොඩ්ඩක් මෙහාට එන්ඩකෝ’ කියලා. කපිතන් ලඟට ගියාම කර්නල් කිව්වා,
‘මෙන්න මේ ජීප් එකේ යතුර, කෝ දෙනවා තමුසෙගෙ ජීප් එක මට. ඔන්න දැන් එරිලා තියෙන්නේ තමුසෙගෙ ජීප් එක’ කියලා.
පැරෂුට් පිම්ම
‘මොකද තමුසෙට වෙලා තියෙන්නේ’ කියලා, සගයා අර සොල්දාදුවාගෙන් ඇහුවා.
‘අද අපිව එක්ක ගියා පැරෂුට් එකෙන් පනින අභ්‍යාසයට’ සොල්දාදුවා කිව්වා.
‘ඉතින්’ සගයා ඇහුවා.
‘ඔන්න අපි එක එක්කෙනා ප්ලේන් එකෙන් පනින අවස්ථාව ආවා. බුදු අම්මෝ….. උඩ ඉඳලා බිම බලපු ගමන් මගේ ඇස් නිලංකාර වුණා, ඇඟ හීතල වුණා’.
‘ඉතින්’ සගයා ඇහුවා.
සොල්දාදුවා කියනවා, ‘මම එහෙම ඉන්නකොට අපේ උපදේශක සාජන් මට කිව්වා, ‘යකෝ තෝ පනින්නේ නැත්නම් මම උඹේ ………..වා කියලා’
‘ඉතින්’ සගයා ඇහුවා.
‘ඉතින් මම පනින්නේ නැතුව සාජන් කියපු දේට එකඟ වුණා’ සොල්දාදුවා කිව්වා.
වන්දි ගෙවීම
වියට්නාම් යුද්ධයට ගොස් ආබාධිතවූ හමුදා සාමාජිකයන්ට, වන්දි ගෙවීමේ මණ්ඩලය වෙත, සොල්දාදුවන් තිදෙනෙකු ඉදිරිපත් කරනු ලැබුවා. වන්දි ගෙවීමේ මණ්ඩලය සොල්දාදුවන්ට කිව්වා, තමන්ගේ ශරීරයේ එකිනෙකට ඈතින් පිහිටි ස්ථාන දෙකක් නම් කරන ලෙසත්, ඒ ස්ථාන දෙක අතර ඇති පරතරය මැන, එක් අඟලකට, ඩොලර් 10000 බැගින් ගෙවන බවත්.
පළමුවැනි සොල්දාදුවා කිව්වා, තමන්ගේ හිසේ සිට දෙපතුළට දුර මැන, වන්දි ගෙවන ලෙස. ඒ අනුව ඔහුට විශාල වන්දියක් ලැබුණා.
දෙවැනි සොල්දාදුවා කිව්වා, තමන්ගේ අත්දෙක පොළොවට සමාන්තරව දෙපසට විහිදවූවිට, එක් අතක කෙළවර සිට, අනෙක් අතේ කෙළවර දක්වා ඇති දුරට, වන්දි ගෙවන ලෙස. ඔහුටත් විශාල වන්දියක් ලැබුණා.
තුන්වැනි සොල්දාදුවා කිව්වා, තම පුරුෂ ලිංගය තිබෙන තැන සිට, වෘෂණ කෝෂ තිබෙන තැන දක්වා ඇති දුර මැන, වන්දි ගෙවන ලෙස.
අපොයි බොහොම සරල ඉල්ලීමක්නේ කියමින්, පුදුමයට පත්වූ වන්දි ගෙවීමේ මණ්ඩලය, ඔහුගේ ඉල්ලීම ඉටු කරන්නට සූදානම් වුණා.
වන්දි ගෙවීමේ මණ්ඩලය අදාළ ස්ථාන අතර පරතරය මනින්නට බලනවිට, පුරුෂ ලිංගය තිබුණත්, වෘෂණ කෝෂ තිබුණේ නැහැ.
‘කෝ ඔබේ වෘෂණ කෝෂ’ කියා මණ්ඩලය ඇසුවා.
‘ඒවා වියට්නාමේ’ අර සොල්දාදුවා උත්තර දුන්නා.
කිඹුහුම
අවි ආයුධ තොගයක් පටවාගෙන ගුවන්ගතවූ හමුදා ගුවන් යානයක් කාර්මික දෝෂයකට ලක්වුණා. යානය බේරා ගන්නට නම් එහි පටවා තිබුණු බඩු ඉවත් කරන්නට වෙනවා.
නියමුවා කිව්වා, වහාම බඩු බිමට හෙලන ලෙස. බිම තිබුණු කැලෑ ප්‍රදේශ වලට බඩු එකින් එක හලමින් ආවා, අන්තිමට නාගරික ප්‍රදේශයකට ආවා.
නියමුවා කෑගනනවා, ‘ඔක්කොම බඩු බිමට දාපල්ලා’ කියලා.
අන්තිමට යානයේ තිබුන අත් බෝම්බත් බිමට දැම්මා, තුවක්කුත් බිමට දැම්මා, බොහොම බයෙන් මිසයිලයකුත් බිමට දැම්මා.
බර අඩුවීම නිසා යානය කඩා නොවැටී බේරගන්න පුළුවන් වුණා.
ගොඩ බැස්ස වහාම, නියමුවා සහ පිරිස, වාහනයක් අරං ආපහු ගියා, බිම දාපු දේවල් හොයන්න.
පොඩි කොල්ලෙක් පාර අයිනේ අඬ අඬා, ඉන්නවා. ‘ඇයි පුතා’ කියලා ඇහුවම කිව්වා, කවුදෝ මට උඩින් එව්වා ගලක් වගේ එකක්, ඒක මගේ පිටේ වැදුනා කියලා. හොඳ වෙලාවට ඒ අත් බෝම්බේ පුපුරලා නැහැ.
තව ටිකක් දුර යනකොට මිනිහෙක් කොන්ද අතගගා කුණුහරප කියමින් ඉන්නවා. මොකද කියලා ඇහුවම, කවුද එකෙක් මට තුවක්කුවකින් දමලා ගැහුවා කිව්වා.
තවත් ඉස්සරහට යනකොට, කොල්ලෙක් හිනාවෙවී පාරේ දුවගෙන එනවා. ‘මොකද පුතා’ කියලා ඇහුවම කොල්ලා කියනවා,
‘මට එකපාරටම කිඹුහුමක් ගියා, එතකොටම මාත් එක්ක තරහ කොල්ලෙක් ඉන්න, අපේ ගෙවල් ළඟ ගෙදර, ගිනි ගුලියක් වෙලා නැතිවෙලා ගියා’ කියලා.
කාන්තාවන්ට සැලකීම
බොහොම කාලයකට පස්සේ, ඇෆ්ඝනිස්ථානයට පැමිණි සමාජ සේවිකාවක් දැක්කා, මහා පුදුමයක්. ඉස්සර ඇෆ්ඝනිස්ථානයේ විවාහක කාන්තාවන්, පාරේ ගමන් කරද්දී, තම සැමියාට වඩා අඩි පහක් විතර පසුපසින් තමයි ගමන් කරන්නේ. දැන් ඇෆ්ඝනිස්ථානු සැමියන්, තම බිරිඳට වඩා අඩි 20ක් විතර පසුපසින් යන්නේ.
අර කාන්තාව පුදුමයට පත්වෙලා, ඇෆ්ඝනිස්ථානයේ දැනට සේවය කරන සමාජ සේවිකාවකගෙන් ඇහුවා, ‘කවුද මේ මහා විප්ලවය කළේ? පුදුමාකාර විදිහට දැන් කාන්තාවන්ට ප්‍රමුඛස්ථානයක් ලැබිලා තියනවා නේද? අපි මේ විප්ලවය කළ කෙනාට උපහාර දැක්විය යුතුයි, ඇත්තටම කවුද මේක කළේ’ කියලා.
අර සමාජ සේවිකාව උත්තර දුන්නා ‘බිම් බෝම්බ’ කියලා.
අදට ඔය මදෑ. තව ගොඩාක් තියනවා. පස්සේ බලමුකෝ.
2015 මැයි මස 1 දින 0024 පැය
අර ජීප් කතාව නම් සීයට සීයක් ම අැත්ත...... වැඩි විස්තර කරන්න ගියොත් අවුල්... ඒ නිසා දැනට ඒ අැති... අර වියට්නාමයේ ඒකත් ඒල........
ReplyDeleteකිසිම අවුලක් නැහැ අනේ. කොයි හමුදාවෙත් ඔයවගේ දේවල් වෙනවා. අපේ හමුදාවේ සුප්‍රසිද්ධ රෝග දෙකක් තියනවා. එකක් 'රථගාය'. ඒ කියන්නේ තමන්ට වාහන කොච්චර තිබුනත් අනික් නිළධාරියකුගේ වාහනයක් බලෙන් අරන් යාම. දෙවැනි එක 'ටෙලිෆෝනියාව'. තමන්ගේ දුරකථන බිල ඉතුරු කරගෙන අනුන්ගේ දුරකථන වලින් පුද්ගලික ඇමතුම් ලබාගැනීම.
Deleteහමුදාවට අදාල මේ පිරුළ අහල තියනවද විචාරක?...:)
ReplyDelete"If it moves, salute it; if it doesn't move, pick it up; and if you can't pick it up, paint it."
@R & W
Delete"An ordnance technician at a dead run outranks everybody."
-The Seventy Maxims of Maximally Effective Mercenaries
“You see a lot of jargon junkies in the navy. Usually means they don’t know their ass from a hole in the ground. The rallying cry is If you can’t dazzle ‘em with genius, baffle ‘em with bullshit.”
― James W. Blinn,
“Whoever said the pen is mightier than the sword obviously never encountered automatic weapons.”
― Douglas MacArthur
@ Ravi - ඔව් ඔය කියමන සහ තවත් එවැනි කියමන් බොහොමයක්, මූලික පුහුණුව ලබන කාලේ අහලා තියනවා.
Delete@ Pra Jay - නියමයි. යථාර්ථය පෙන්වන කියමන්.
අන්තිම එක තමයි පට්ටම.. එතන පට්ට උත්ප්‍රාසයකුත් තියෙනවා...
ReplyDeleteඇත්තටම අන්තිම කතාවේ කියන දේ ඒ විදිහටම වෙන්නත් පුළුවන්. මොකද ඒ රටවල කාන්තා නිදහස කියලා දෙයක් නැහැනේ.
Deleteකතා ටික නියමයි.. මෙන්න මගෙනුත් එකක්-
ReplyDeleteනාවික හමුදාවේ සම්මුඛ සාකච්ජාවට ආ තරුණයෙක්-
නිලධාරියා- තමුන්ගේ නම?
- සුරංග පෙරේරා..
නිලධාරියා- හරි.. තමුන්ගේ සුදුසුකම් හොඳයි.. තමුන්ට පීනන්න පුලුවන්ද?
- පීනන්න නම් බෑ සර්.. මම පීනන්න දන්නේ නෑ..
නිලධාරියා- පීනන්න දන්නේ නැත්තම් මොන මගුලටද ඕයි නාවික හමුදාවට ඉල්ලුම් කරේ??
- ආ එතකොට සර් ඔය ගුවන් හමුදාවේ ඉන්න හැමෝටම ඉගිලෙන්න පුලුවන්ද??
හෙහ් හෙහ් හෙහ්................ අම්මපා ගුවන් හමුදාවේ ඔක්කොම අයට පියාඹන්න පුළුවන් වුණානම් මොකක් වෙයිද?
Deleteඑහෙනම් ඉතිං කෆීර් ඕනේ නැති වෙයි..
Deleteනෑ නෑ නෑ, මමනම් හිතන්නේ, යුද්දේ පැත්තක තියලා, 'වෙන වෙන වැඩවලට' පියාඹයි, එකසිය ගානට :e
Deleteඑළකිරි කතා ටික.
ReplyDeleteඅන්තිම කතාවෙ තමා කටුක සත්‍යයක් ගැබ් වෙලා තිනේනෙ.
මෙන්න බලන්නකො අපිත් එකක් ලිව්වා.
කොහොමද මධුවෝ අපි දෙන්නම එකම කතාව එකවර ලිව්වේ?
Deleteඔන්න මම කමෙන්ට් එකක් දැම්මා.
මරු ඈ.. මෙන්න මේවා නේ බං එන්න ඕන අපිට කියවන්න.. එළද බ්‍රා...මට නියම එක වෙනස...
ReplyDeleteබ්‍රා ගැලවෙන එව්වා ලියන්න පුළුවන්. නමුත් අපි වගේ පොඩි කොල්ලෝ ඔව්වා ලිව්වම සමහරුන්ට තද වෙන නිසා ලියන්නේ නැත්තේ.
Deleteමරු කතා ටික.
ReplyDeleteපළවෙනි එකේ ක්ලබ් යමු කියල කතා කළේ විචාරක කියල අපි දන්න කියන හාදයෙක්ද මන්ද.
ස්තුතියි.
Deleteඅඩා කවද්ද ප්‍රොෆයිල් පිචෑර්ස් එක වෙනස් කළේ?
ක්ලබ් ගියාට දැන් වැඩක් නැහැ අනේ. සම්පූර්ණයෙන් ක්‍රියාවිරහිතයි.
අහලම නැති කථා සෙට් එකක්
ReplyDeleteමරු! - ජය!
බොහොම ස්තුතියි.
Deleteනියමයි,පොඩි අවුලක් තියෙන්නේ ජීප් කතාවේ,මම දන්න විදියට ජීප් එකේ ගහල තියන තරු ගානෙන් අය්ති කාටද කියල කියන්ඩ පුළුවන්.
ReplyDeleteසිංහල බ්ලොග්ගල
Deleteස්තුතියි.
කිසිම අවුලක් වෙලා නැහැ. මමත් ආමි කාරයෙක් නේ. තරු ගහන්නේ හමුදාවේ බ්‍රිගේඩියර් සහ ඊට ඉහළ නිළ වලට අයත් නිළධාරීන් ගමන් කරන වාහන වල පමණයි.
මේ බලන්න මම ඒ ගැන කලකට ඉහතදී ලියපු ලිපිය
This comment has been removed by the author.
ReplyDeleteඅන්තිම එකයි.......වියට්නාම එකයි,,,,,,,පට්ට .......
ReplyDeleteඋඹ කිව්වානම් මට හොඳටම විස්වාසයි කතා ටික හොඳයි කියලා.
Deleteබොක්කෙන්ම ස්තුතියි.
ගොඩ කාලෙකින් කතා ගොඩයි...අන්තිම එකනම් හිනා ගියත් තිත්ත කතාවක්.
ReplyDeleteජය වේවා...
ඇත්තටම මැද පෙරදිග බොහෝ රටවල කාන්තා නිදහස කියා දෙයක් නැහැ. අපේ රටෙත් සමහර ප්‍රදේශ වල එහෙමම තමයි.
Deleteස්තුතියි ඇගයීම ගැන.
අලුත් තැන හොයාගත්තෙ දැන්.. වර්ඩ් ප්‍රෙස් එකේ වෙනද කොමෙන්ටු දැම්මේ. නියමයි විචාරකතුමා. අර වියට්නාම් කතාව තමයි මරුම..
ReplyDeleteදැන් ඉතින් ඇදලා ඇරපන් කොමෙන්ට් හිතේ හැටියට.
Deleteඇගයීම ගැන ස්තුතියි.
අන්තිම කතාව පෝස්ට් එකකටත් වඩා වටිනවා...හොඳ හොඳ දේවල් එලිවෙන ජාමෙට නිසා ඒක අන්තිමටම දැම්ම නේහ්?? අනිත් ඒවත් සුපිරි.
ReplyDeleteජයවේවා..!
ඇත්තටම ලබ්ස්, බොහොමයක් මුස්ලිම් රටවල කාන්තා නිදහස ඇත්තෙම නැති තරම්. ඒ නිසා තමයි මෙවැනි කතා බිහිවන්නේ.
Deleteස්තුතියි ඇගයීම පිළිබඳව.
අපූරුයි නොවැ.. මේ එකක්වත් කලින් අහලා තිබුන ඒවා නෙමේ...
ReplyDeleteසෙන්න ඇගයීමක් කලානම් මට ඊට වඩා දෙයක් නැහැ. බොහොම ස්තුතියි.
Deleteනියමයි. ජීප් කතාව වගේ ඒවානම් හමුදාවට වගේම තව ගොඩක් තැන් වලට ගැළපෙනවා. පහත් තැනින්නෙ වතුර ගලන්නෙ ;)
ReplyDeleteජය වේවා!!
මොනවට කියනවද මනා. බොහොමයක් තැන්වලදී සිද්ධවෙන්නේ පතන් තැනින් ජලය ගලායාම තමා. අපි හිතුවට සාධාරණය ඉෂ්ඨ වෙයි කියලා යථාර්ථය ඊට වඩා වෙනස්.
Deleteස්තුතියි ඇගයීම ගැන.
හොද වතුර තරුවලට
Deleteමැද වතුර පටිවලට
මඩ වතුර පොඩි අපිට
කොටි ගහල මදි තොපිට
ඔහොමලු කොල්ලෝ කියන්නේ සර්
@ dilan akalankaMay 12, 2015 at 10:38 AM -
Deleteහැම දෙනාටම නෙවෙයි. වැරදි පරිපාලනය සහ වැරදි පිරිස් කළමනාකරණය තිබුණ කඳවුරු වල ඔහොම කියමන් දකින්න ලැබුණා.
එතකොට මාමා ක්‍රියාවිරහිතයි කියලා තියෙන්නේ අරවා තාම යාපනේ නිසාද ???
ReplyDeleteබලපන් යකෝ, අද වෙනතුරු හොයාගන්න බැරිවුණා. මම හිතාගෙන ඉන්නේ පත්තරේ ඇඟවීමක් දාන්න. හොයලා ගෙනත් දුන්න කෙනෙකුට ඒකම ආපහු තෑගිදෙනු ලැබේ කියලා.
Deleteදැන්තමයි මට බ්ලොග් එක ෆලෝ කරන්න පුළුවන් උනේ.
ReplyDeleteබොහොම ස්තුතියි. දැන් හරි නේද
Deleteමේ කතා නම් මීට කලින් අහලා තිබුනේ නෑ. ශෝක් කතා ටික...
ReplyDeleteදුවනවා යන්ඩ. මෙව්වා කියවලා නරක් වෙන්නේ නැතුව.
Deleteඊශ්‍රායෙල් යුද්ධ ටැංකි ඩ්‍රයිවර් කෙනෙක්, මහා වීර සම්මානයක් දිනාගත්ත හැටි මතක් උනා.
ReplyDeleteපොර කරලා තියෙන්නෙ, ටැංකියක් තනියම එළවගෙන පෙරමුණට ගිහිං. එතන ඉන්නකොට, පලස්තීනෙ පැත්තෙනුත් තනියම ටැංකියක් එළවගෙන එකෙක් ඇවිත්. ඊශ්‍රායෙල් කාරයා ඇහුවලු උඹට පදක්කමක් ගන්න ඕනෙද කියලා. එහෙම අහලා, උං දෙන්නා ටැංකි දෙක මාරුකරගෙන ආපහු තමන්ගෙ කඳවුරට ගිහිං, ටැංකි බාර දීලා.
හිනා යයිද දන්නෑ...?
කතාවේ තියෙන්නේ උන් දෙන්නටම හුඟ කාලෙකින් නිවාඩු හම්බවෙලා නැහැ. ඉතින් වීරකමක් පෙන්නලා නිවාඩුවක් ගන්න තමයි මෙහෙම කරලා තියෙන්නේ.
Deleteවියට්නාම බෝල්ස් සීන් එක කලිං අහල තියේ
ReplyDeleteකතා ටික ඔක්කම මරු අන්තිම එක නං නිකං කින්ඩියක් වගේ
ස්තුතියි ඇගයීම ගැන.
Deleteඇත්තටම අන්තිම කතාව හුඟක් දේවල් හිතන්න ඉඩ ඉතුරු කරලා තියනවා.
හම්මෝ ලස්සන කතා ටිකක්නේ...කලින් කියවලා නෑ. :P
ReplyDeleteහෙහ් හෙහ් හෙහ් ..........ලේ පිරිසිදු කරලා දුන්නට නෝනා ගානක් ගෙවන්න ඕනෑ මට. :e
Deleteවිචාරක තුමා ඒ කාලෙත් කතන්දර කියල තියෙනව වගේ. මුල මැද අග නියමෙට ගලපල තියෙනවනේ. හැක්. වන්දි ගෙවන සීන් එක මදාවියා වතාවක් කවියෙන් ලියල තිබුණා.. කාන්තාවන්ට සලකන විදියනම් 'කණට ගැහුවා' වගේ. ජය ශ්‍රී!
ReplyDeleteහමුදාවේදීත් මම කතන්දර කාරයෙක් හැටියට ප්‍රසිද්ධයි. ඒ පුරුද්ද තමා මේ තවම ගෙනියන්නේ.
Deleteඔව් මම දැක්කා 'මදාවියා' නියමෙට ගලපලා ලියලා තිබුණා.
බොහොම ස්තුතියි කල්‍යාණ මේ කතා ටික ඇගයීම ගැන.
සුපිරි කතා ටික...අන්තිම එක නම් කටුක ඇත්තක්
ReplyDeleteබොහොම ස්තුතියි.
Deleteඇත්තටම අන්තිම කතාව කියවලා අපි හිනාවෙන්නේ අපිටම, ඒ කියන්නේ අන්තයටම පිරිහුණ මිනිස්කමට නේද?
වියට්නාමේ එක කියද්දි බකස් ගාලා හිනාගියා.
ReplyDeleteඅන්තිම කතාව මරු! හිත ඇතුලෙන් අපි අපිටම හිනාවෙන්න සලස්වන කතාවක්.
වියට්නාමේ වෙනුවට කිලිනොච්චිය ආදේශ කරන්නත් තිබුණා. :e
Deleteඅන්තිම කතාවෙන් අපි හිනාවෙන්නේ අපේම ලෝකයේ ඇති මනුස්සකමේ ස්වාභාවයටයි.