හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

24 March 2015

ආයෙමත් ඔන්න කතන්දර එකතුවක්


maithree_pratipatti
 මේ දවස්වල බ්ලොග් ලියන එක බොහොම පරිස්සමෙන් කරන්න වෙලා තියෙන්නේ. පහුගිය ජනවාරියෙන් පස්සේ, අපේ රටේ වෙච්ච දේශපාලන පෙරළිය, 'රට පෙරළිය' කියලා කියන තැනට ඇවිත් වගේ. මේ දවස්වල, කොයි මොහොතේ මොකක් වෙයිද කියලා කියන්න බැරි තත්වයක් තියෙන්නේ. ඒ අස්සේ, මම ලියාගෙන ආව 'පැට්‍රොල් කතා මාලාව' අවසන් කිරීම, ටිකක් කල්දාන්න තීරණය කළා. මොකද, මේ දවස්වල එවැනි ලිපි වලට පාඨක අවධානය යොමුවෙනවා අඩුයි. සමහරු දැන් යහ පාලනයට 'ජහ' පාලනය කියන තරමට කේන්තියෙන් ඉන්නේ. ඒ නිසා, කාගෙ කාගෙත් සිත්, ටිකක් සමහන් කිරීම සඳහා නැවතත් පොඩි කතන්දර කීපයක් කියන්නයි යන්නේ.

  මේ කතා සියල්ලම, මට ඊ මේල් මගින් එව්වේ, මගේ ගුරුවරයකු වන, විශ්‍රාමික බ්‍රිගේඩියර් රංජිත් පී විතාන. එතුමාට ස්තුතිවන්ත වෙමින්, මේ කතා ඔබවෙත ගෙන එනවා. පරිවර්තන දෝෂ ඇත්නම් සමාව අයදිනවා. 

අමාරු ප්‍රශ්න පත්‍රය

ප්‍රශ්න අංක 1 

ඔබ දන්නා එක්තරා කාන්තාවක් ඉන්නවා. දැනට ගර්භනී තත්වයේ පසුවන.
දැනටමත් ඇයට දරුවන් අට දෙනෙක් ඉන්නවා.
එයින් දරුවන් තිදෙනෙක් පූර්ණ ශ්‍රව්‍යාබාධිතයි.
තවත් දරුවන් දෙදෙනෙක් පූර්ණ දෘෂ්‍යාබාධිතයි.
තවත් දරුවෙක් මන්ද මානසිකයි.
ඒ මදිවට ඒ කාන්තාවට සිෆිලිස් රෝගය වැළඳී තිබෙනවා.
මේ කාන්තාව, නොපමාවම ගබ්සාවකට යොමු කළයුතු යයි ඔබ නිර්දේශ කරන්නේද?
මේ ප්‍රශ්නයට පිළිතුරු දීමට ප්‍රථම, ඊළඟ ප්‍රශ්නය වෙත ඔබේ අවධානය යොමු කරන්න.

ප්‍රශ්න අංක 2 

එක්තරා පුදුමාකාර ඡන්දයක් තියනවා, අලුත් ලෝක නායකයකු තෝරන්නට. මේ ඡන්ද විමසීමේදී තීරණාත්මක අවසාන ඡන්දය වන්නේ ඔබේ ඡන්දයයි.
ඡන්ද අපේක්ෂකයන් තිදෙනෙක් ඉන්නවා.
මෙන්න ඡන්ද අපේක්ෂකයන් ගේ චරිත ස්වභාවය.

A නමැති අපේක්‍ෂකයා
කුප්‍රකට දේශපාලනඥයන් ඇසුරු කරයි. ජ්‍යෝතිෂය ගැන ඉහලින්ම සළකයි.
මොහුට හොර අඹුවන් දෙදෙනෙකු සිටිත්.
අධිකව දුම්පානයේ යෙදෙයි.
දිනකට විස්කි වීදුරු 8ක් 10ක් පමණ පානය කරයි.

B නමැති අපේක්‍ෂකයා 
මොහු දෙවරක්ම නිළයෙන් පහ කළ අයෙකි.
මහ දවල් වනතුරු නිදාගන්නෙකි.
පාසල් වියේදී ගංජා පානය කර අසුවූවෙකි.
දිනපතා සවස පදමට විස්කි පානය කරන්නෙකි.

C නමැති අපේක්‍ෂකයා
සම්මාන ලාභී රණවිරුවෙකි.
මාංශ ආහාර වලින් තොර වූවෙකි.
දුම් පානය නොකරයි.
කලාතුරකින් බීර ස්වල්පයක් පානය කරයි.
කෙදිනකවත් අනාචාරයේ යෙදුනු බවට චෝදනා නැත.
දැන් මෙතනදී ඔබේ පිළිතුර තීරණය කරන්න. පහතින් පිළිතුරු තිබෙනවා, නමුත් එතනට යන්න කලින් ඔබේ තීරණය ගන්න.


Down Arrow
Down Arrow
Down Arrow
Down Arrow
Down Arrow
Down Arrow
Down Arrow
Down Arrow

හොඳයි. මෙන්න ඒ ඒ අපේක්ෂකයාගේ ඇත්ත නම. මේ අයගේ ඇත්තම චරිත ලක්ෂණ තමයි ඉහත දක්වලා තිබුණේ.

A = හිටපු ඇමරිකානු ජනාධිපති ෆ්රෑන්ක්ලින් ද රූස්වෙල්ට්
B = හිටපු බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල්
C = ජර්මානු ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර්

   ඒක නෙවෙයි. අර පළවැනි ප්‍රශ්නෙට මොකද කියන්නේ? ඒ කාන්තාව ගබ්සාවකට ලක් කරනවාද? හැබැයි ඔබ එහෙම කළානම්, ලෝකයට ශ්‍රේෂ්ඨ සංගීතඥයකු අහිමි වෙනවා. කවුද දන්නවද? බීතෝවන්. ඒ ප්‍රශ්නයේදී කියවුණේ, බීතෝවන්ගේ පවුලේ තත්වයයි. යම්කිසි දෙයක් ගැන කරුණු සොයා බැලීමකින් තොරව පූර්ව විශ්චයකට පැමිණෙන්නට හොඳ නෑ කියලා හිතෙනවා නේද? 


මිනිස්සුද සත්තුද? 

   Baboonඉංග්‍රීසි භාෂාවේ වචනයක් තියනවා, 'Anthropomorphic' කියලා. මා දන්නා විදිහට, මෙයින් කියන්නේ, මිනිසුන් නොවන සත්වයන්ට සහ අජීවී වස්තු වලට, මිනිස් ස්වාභාවය ආරූඪ කර දැක්වීම තමයි, මේ වචනයේ තේරුම. උදාහරණ කීපයක් බලමුකෝ.

A Herd of cows, Flock of Chickens, A Pride of Lions, 
තව තියනවා එතරම් ප්‍රචලිත නැති ඒවා.

A Murder of Crows, කෑදර තඩි කළු කපුටන්ට හොඳට ගැලපෙනවා.
A Congress of Owls, බොහොම කල්පනාකාරීව ඉන්න බුද්ධිමත් සත්ව කොට්ඨාශයක් කියලනේ කියන්නේ, බකමූණෝ.

කැලේ ඉන්න භයානක, ආක්‍රමණශීලී, නිතර සටන් කරණ, බුද්ධි හීන, සත්තු වර්ගයක් තමා, බැබුන් කියන්නේ. බැබුන් රංචුවක් හැඳින්වීම සඳහා, ඉංග්‍රීසියෙන් යොදන Anthropomorphic නම දන්නවද?

A PARLIAMENT OF BABOONS  කියලා තමයි කියන්නේ. හොඳටම ගැලපෙනවා නේ?


එහෙදිත් මෙහෙමද වැඩ කළේ?

    
Admiral   
පෞද්ගලික ආයතනයකට අලුත් සේවකයකු ගත්තා. ඔහු කලින් රැකියාවක් කොට විශ්‍රාම ගත තැනැත්තෙක්. නාවික හමුදා සේවයේ හිටිය කෙනෙක්ලු. ලස්සනට අඳිනවා. වැඩ හරිම පිරිසිදුයි, පිළිවෙලයි, කාර්යක්ෂමයි,  මහජනතාවගේ සිත් ඇදගන්නා සුළු ආකාරයෙන් විනීතව, සුහදව, ඉතා ව්‍යක්ත ලෙස භාෂාව හසුරවමින්, කතා කරනවා. වැඩ කරන වෙලාවට වැඩ විතරයි. කා එක්කවත් කතාවක් නැහැ. ආයතනයේ පාලක මණ්ඩලය ඔහු ගැන බොහොම පැහැදුණා. 
   
නමුත් ඔහුගේ එක දුර්වලකමක් තිබුණා. ඔහු බොහෝවිට වැඩට එන්නේ ප්‍රමාද වෙලා. සමහරවිට විනාඩි 5 ක්, නමුත් තවත් සමහර දිනවල විනාඩි 15 ක් විතර.
   
පාලක මණ්ඩලය මේ ගැන නොසතුටට පත්වුණා. මේ ගැන කරුණු විමසා, ඔහුට අවවාද කරන්නට තීරණය කළා. ඔහුව කැඳෙව්වා පිරිස් කළමනාකාර වරයා හමුවට. අපි හිතමු ඔහුගේ නම සිල්වා කියා. පිරිස් කළමනාකාර වරයා කිව්වා, මිස්ටර් සිල්වා, ඔයා බොහොම හොඳට වැඩ කරනවා. කාර්යක්ෂමයි. ආයතනයට හොඳක් වෙනවා. නමුත් ඔබේ ප්‍රමාදවී පැමිණීම නම්, බොහොම කණගාටුදායකයි. ඔබ හමුදා සේවයේ හිටිය කෙනෙක්නෙ. අපිනම් අහලා තියෙන්නේ හමුදාවේ අය වෙලාවට වැඩ කරනවා කියලයි. ඔයා එහෙදිත් මෙහෙම පරක්කු වෙලාද වැඩට ගියේ? ඉතින් එහෙදි ඒ අය ඔයාට මොකද කිව්වේ, එහෙම ප්‍රමාද වෙලා ගියාම.
   
සිල්වා මහත්තයා බිම බලාගත්ත, එයාගේ දෙතොල් තදකරගත්තා, නමුත් පොඩි හිනාවකුත් ගියා. ටිකක් තරහ ආව බවක් සියුම්ව මූණේ ඇඳුනා. නිශ්ශබ්දව විනාඩියක් විතර ඉඳලා, පිළිතුරු දුන්නා. 
  
එහෙදි ඉතින්.................. ඔෆිස් එකට යනකොටම, ඔක්කොමලා සීරුවෙන් හිටගෙන ආචාර කරනවා. මම ගිහින් ඔෆිස් එකේ වාඩිවුණාම, මගේ අධි සහායකයා (Aide-de-Camp) ඇවිත්, මට ආචාර කරලා, සුබ උදෑසනක් වේවා අද්මිරාල් තුමනි. මෙන්න දවසේ පත්තර සහ ඔබතුමාගේ පෞද්ගලික නමට ලැබුණු ලිපි. ඔබට බීමට කෝපි එකක් අවශ්‍යද? කියලා අහනවා. 


කාගෙද වෙඩිල්ල?
    
old-man-and-doctor   
මේ කතාව නම් හුඟ දෙනෙක් අහලා ඇති. නමුත් කියවලා රස විදින්න බාධාවක් වෙන්නේ නැතිවෙයි කියා හිතනවා. වයස අවුරුදු 80 ක විතර පුද්ගලයකු තමාගේ පවුලේ වෛද්‍යවරයා වෙත ආවා, කාලෙන් කාලෙට කරන, සාමාන්‍ය  වෛද්‍ය පරීක්ෂණයක් සඳහා. දොස්තර මහත්තයා අර පුද්ගලයාගෙන් සුවදුක් විමසුවා. මම හරිම සතුටෙන් ඉන්නේ, ඊයේ පෙරේදා මම බැන්දා අවුරුදු 18 ක කෙල්ලෙක්ව. දැන් මම තාත්තා කෙනෙක් වෙන්නයි යන්නේ. ඒ කෙල්ලට මගෙන් ළමයෙක් ලැබෙන්න ඉන්නවා, කියලා අර පුද්ගලයා උත්තර දුන්නා.

දොස්තර මහත්තයා කිව්වා, හරි පුදුම දේවල් තමා දැන් කාලේ වෙන්නේ. මගේ යාලුවෙක් හදිස්සියේම දඩයමේ යන්න ගියා. එයාට වැරදිලා තුවක්කුව කියලා ගෙනෙහින් තියෙන්නේ කුඩේ. කැලේදී  හිටපු ගමන් මහා වලහෙක් මුණගැහිලා. නමුත් මිනිහා හොඳට ඉලක්කය අරන් වෙඩි තිබ්බම වලහා මැරිලා වැටුණා.

ඒකනම් කීයටවත් වෙන්න බැහැ දොස්තර මහත්තයෝ, දඩයමේ ගිය වෙන මිනිහෙක් වෙන්න ඇති වෙඩි තියන්න ඇත්තේ. අර මෝඩයා හිතනවා මිනිහා තමයි වෙඩි තිබ්බේ කියලා. දොස්තර මහත්තයා කියනවා, නෑ ඉතිං ඔයාට වෙලා තියෙන්නෙත් ඒ වගේ පුදුම දෙයක්නේ කියලා.

2015 මාර්තු මස 24 වැනි දින 1335 පැය

56 comments :

  1. බලාන යනකොට හිට්ලර් හොද මනුස්සයෙක් , පොන්සේකත් ඒවාගෙද

    ReplyDelete
    Replies
    1. හිට්ලර්ට ෆොන්සේකා වීමට බැරිවීම ගැන දුකයි. ෆොන්සේකා කවදාවත් හිට්ලර් කෙනෙක් වුණෙත් නෑ වෙන්නෙත් නෑ.

      Delete
    2. හිට්ලර් ගේ හොඳ විතරනේ කියලා තියෙන්නේ. හිට්ලර් කොච්චර සෝමාරි මනුස්සයෙක්ද කියනවනම් එයාව හමුදාවට බදවගන්න පවත්වන පෙර පරික්ෂනෙන් වත් සමත් වුණේ නෑ

      Delete
  2. //යම්කිසි දෙයක් ගැන කරුණු සොයා බැලීමකින් තොරව පූර්ව විශ්චයකට පැමිණෙන්නට හොඳ නෑ// අන්න කියමන!
    විචාරකතුමා, මේක බලන්න.
    https://www.facebook.com/video.php?v=365864623620412
    අද වෙනසක්. සමහරක් කතා අහලම නැති ඒවා. අන්තිම කතාවනම් ලියන්න හිතා හිටි එකක්. කමක් නෑ ඔන්නොහෙ කවියෙනුත් ලියමු නේද?

    ReplyDelete
    Replies
    1. මරු වීඩියෝ එක. ඔන්න ඕක තමයි ලෝකස්වභාවය.

      අන්තිම එක කවියෙන් ලියන්න මධු. ලස්සනට තියෙයි.

      Delete
  3. අපි ගන්න තීරණ කොයි තරම් වැරදිද කියල මට හිතුන. ඔය ප්‍රශ්න දෙකේදිම මම විතරක් නොවෙයි ඕනම කෙනෙකුට තියෙන්නෙ පොදු උත්තර. හැබැයි ඒ උත්තර වැරදියි. ප්‍රශ්නයක් දිහා එකපැත්තකින් බලන එක වැරදි බවයි ඉන් කියවෙන්නෙ. ඇත්තෙන්ම විවිධ එළඹුම් තිබිය හැකියි.

    ReplyDelete
    Replies
    1. ඔය කොච්චර අනුන්ට කිව්වත් අපිත් ඔහොම තමා කලබල වුනාම.

      Delete
  4. හොඳම වැඩේ කියන්නේ අහල නැතිම කතාව නාවික හමුදාව ගැනනේ..
    විචාරක තුමා ඔය බැබුංලගේ පාර්ලිමේන්තුවක ඇමතිවරු කීදෙනෙක් ඉන්නවද යහපාලනය, ජාතික ආණ්ඩු වගේ සීන් තියෙනවද කියල හොයල බැලුවේ නැද්ද? හෙහ් හෙහ්... මේවා හොඳයි දැන් ලේ පිරිසිදු වෙන්න.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. විචා කලා දෙන්නාගෙන් අහන්නේ දැන් සාම්පුර් වල කැම්ප් එකක් තියෙන එක වැඩක් නැද්ද?
      නැත්නම් කැම්ප් එක තියාගෙන ඉඩම අහිමි අයට වෙන ඉඩම් දුන්නොත් හොඳද?

      මේක ගැන දේසපාලනේ නැතුව හමුදාමය පැත්තෙන් මොකක්ද අදහස?

      Delete
    2. උපායමාර්ගිකව ඉතාමත් වැදගත් භූමියක්.. කින්නියා, රාල්කුලි, උප්පාරු, ගංගෙයි, මුතූර්, සාම්පූර්, නොර්වේ අයිලන්ඩ් හා ෆවුල් පොයින්ට් කියන ස්තාන වල නාවික හමුදා නියෝජනය ඉතාම වැදගත්. සාම්පූර් හි දැන් තියෙන්නේ ලොකු පුහුණු කඳවුරක්. අවශ්‍යනම් එම විශාල භූමි වලින් කොටසක් ජනතාවට ලබා දිය හැකියි නමුත් නාවික හමුදාව සම්පූර්ණයෙන් ඉවත් කිරීමෙන් නොවෙයි. මෙය දීර්ඝ වශයෙන් කතා කල යුතු යමක්. කෙටියෙන් මෙසේ සටහන් කලේ.

      Delete
    3. thanks kala macho

      Delete
    4. ඇනෝ ඔයාටත් ස්තූතියි.

      Delete
    5. @ කල්‍යාණ මිත්‍රMarch 24, 2015 at 4:02 PM - මම හිතන්නේ උන්ගේ පාර්ලිමේන්තුව සාමූහික වගකීම රකිනවා අපේ එකට වැඩිය හොඳට. මොකද උන් කවදාවත් පාවාදීම් කරන්නේ නැහැ. :e

      @ AnonymousMarch 24, 2015 at 5:30 PM - මහත්මයා මේ ප්‍රශ්නය අහපු එක බොහොම හොඳයි. මා මිත්‍ර කල්‍යාණ ඉතා සාර්ථක පිළිතුරක් දී තිබෙනවා. මේ වගේ ප්‍රශ්නයකට උත්තරයක් දෙන්න කරුණු රාශියක් කියන්න වෙනවා. දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ මිත්‍ර පාක්ෂික හමුදා විසින් පිහිටුවන ලද කඳවරු තවමත් ලෝකයේ රටවල් ගණනාවක ඒ ඒ රටේ අයිතිය යටතේ පවතිනවා. අද ඒවා ඒ රටවලට සම්පූර්ණයෙන් අයත් ස්වාධීන කඳවුරු. ඒවා ඉවත් කරන්න කියා කවුරුවත් කියන්නේ නැහැ.

      ඕනෑම රටක සිවිල් යුද්ධයක් පැවතීමෙන් පසු සම්පූර්ණ සාමය ඇතිවෙන්න කාලාන්තරයක් ගතවෙනවා. ඒ නිසා එකවරම කඳවුරු වසාදැමීම එතරම් නුවණට හුරු දෙයක් නොවේ. එයින් අදහස් කරන්නේ එම කඳවුරු සදාකාලිකව තබාගත යුතුයි යන්න නොවේ. හමුදා බුද්ධි අංශ විසින් ගැඹුරෙන් කරුණු සලකා බැලීමෙන් පසුව රජයට ඒ ගැන නිර්දේශ ඉදිරිපත් කිරීමන් පසුව තමා සුදුසු පියවර ගන්නේ.

      යම්කිසි භූමියක් සංග්‍රාමික වශයෙන් අපිට වාසි සහගතනම් එය එකවරම අත්හැර දැමීම මෝඩකමක්. පලස්තීනය සහ මුළු ලෝකයම කෑ ගැහුවත් ඊශ්‍රායලය සමහර බිම් කොටස් වලින් ඉවත් නොවන්නේ ඒ නිසයි. ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය, මියන්මාරය, වියට්නාමය, රුසියාව, වැනි රටවල දේශසීමා සම්බන්ධයෙන් මෙලෙස අල්ලාගත් බිම් පෙදෙස් වලින් ඉවත් නොවී සිටීම අදත් තිබෙනවා.

      උතුරු සහ නැගෙනහිර පලාත්වල භූමියේ උපක්‍රමික වශයෙන් වැදගත් ස්ථාන ගණනාවක් තියනවා. ඔබ කියා තිබෙන සාම්පූර් ප්‍රදේශයේ කොටසක් එලෙස වැදගත් වනවා. මහත්මයාණනි උතුරු නැගෙනහිර පලාත්වල යම් යම් ප්‍රදේශ උපක්‍රමික වශයෙන් වැදගත් වන්නේ කෙසේද කියා සවිස්තරව කීම යුද රහස් හෙළිකිරීමක් වෙනවා. මේ නිසා දේශපාලන තීන්දු ගැනීමට පෙර යුද උපක්‍රම විශේෂඥයින්ගේ උපදෙස් ගැනීම වැදගත්.

      Delete
  5. මේ විචා මාමේ ඔය කලින් හමුදාවේ හිටියා කියන පුරාජේරුව අමතක කරලා දාලා දැන්වත් වෙලාවට වැඩට යන්න නැත්නම් ඔය අමාරුවෙන් හොයාගත්ත රස්සාව නැති උනොත් දුවව ගන්න කෙනාට දෑවැද්ද දෙන්නේ කොහොමද

    ReplyDelete
    Replies
    1. උඹලට කෙල්ලොත් දීල සල්ලිත් දෙන්න ඕනද බං? යකෝ අරාබියෙ වගේ තෝ ගානක් දිය විචා මාමගෙ වටින කියන දුවෙක් උඹ වගේ කොන්ග්‍රස් සාමජිකයෙක්ට දෙනවට.

      Delete
    2. ඉවානයා කියනවා මාමන්ඩිය නැති කාලේක කෙල්ලව බදිනවාලු..විචා අට්ලරි එකේ නිසා.

      Delete
    3. @ මැලේ - අපොයි මැලේ මට රස්සාවක් දුන්නා පෞද්ගලික සමාගමකින්. අපේ ගෙදර ඉඳලා පැය 10 ක් විතර යනවා පෞද්ගලික වාහනෙකින් ගියත්. නිවාඩු තියෙන්නේ සෙනසුරාදා වරුවයි ඉරිදයි විතරයි. පඩිය රු 50000 යි. නමුත් මගේ නිදහස මට ඊට වඩා වැදගත් නිසා නැවතුනා.

      @ ඉන්දික - මූට දෙනවට වඩා හොඳයි කාලතුවක්කුවක උන්ඩේකට ගන්න එක.

      @ මෙන්ඩා - යකෝ මම සිංහ රෙජිමේන්තුවේ. අපේ රෙජිමේන්තුව බොහොම වසයි. තුවක්කුව කොක් කරොත් වෙඩි තියනවාමයි.

      Delete
  6. පේනවනෙ අපි මිනිස්සු ගැන හිතාන ඉන්න විදිය වැරදියිනෙ නේද....ෆොන්සේකා ගැන කොච්චර මඩ ප්‍රචාර දියත් කරාද...බලාන යද්දී කොච්චර හොද රණවිරුවෙක්ද නේද....අන්න ඒකට නාවික හමුදාව.....දැක්කනෙ වැඩ... අන්තිම කතාව නම් ඉතිං කොච්චර ඇහුවත් හිනාවක් යන එක නතර කරන්න පුළුවන්ද නේද විචාරක තුමණි

    ReplyDelete
    Replies
    1. ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා අනාගතයේදී වඩාත් හොඳින් හිතා බලා ක්‍රියාකරනු ඇතැයි හිතනවා.

      අන්තිම කථාව කියවලා මට........................අනේ ලැජ්ජයි අප්පා ඔව්ව කියන්න.

      Delete
  7. ඕකනෙ විචා කියන්නෙ ෂොට් එකක් නොගන්න, සිගරට් එකක් කවදාවත් නොබීපු, ඉස්සරහම පේලියෙ අහින්සක ඩයල් තමා අන්තිම චාටර් කියල.

    මොනා උනත් මරු කතා ටික ( අන්තිම එක නොදා ඉන්න තිබ්බෙ ).

    ReplyDelete
    Replies
    1. අම්මපා ඇත්ත. උපාසක පාට් එකෙන් හිටිය මගේ පන්ති මිත්‍රයෝ එකෙක්වත් අද ඉන්නේ කොහෙද කියලාවත් දන්නේ නැහැ.

      අන්තිම කථාව ඉතිං අපි වගේ අයට බොහොම ලොකු ආදර්ශයක් දෙනවනේ :e

      Delete
  8. පළවෙනි කතාව මරු.. ඒකේ මම දිණුම්.. මට පෙන්නන්න බැරි පිරිසක් තමයි අන්තීමට ඉන්නේ.. කන බොන උන් අතරත් නස්කූනියෝ හිටියට උන් අරුන්ට වඩා හොඳයි..

    ReplyDelete
    Replies
    1. අම්මපා ඇත්ත. මමත් අත්දැකීමෙන් දන්නවා ඔය සමහර උපාසක උන්නැහේලා මහා කුහකයෝ.

      Delete
  9. මම අහලා තියෙන විදිහට නම් බීතෝවන් (Ludwig van Beethoven) ඔහුගේ ශ්‍රේෂ්ඨතම සංධ්වනිය (Symphony No 9) නිර්මාණය කරලා තියෙන්නෙ ඔහු බිහිරි භාවයට පත් උනාට පස්සේ කියලා. ජර්මනියෙන් බිහිවූ ශ්‍රේෂ්ඨ සංගීතඥයක්...

    එලවලු විතරක් ආහාරයට ගන්නා පුද්ගලයින්ට ඉකමනින් කේන්ති එනවා කියනවා නේද? එය සඳහන්ව ඇති ලිපියක් මෙතනින්. (වැර්දි නම් නිවැරදි කරන්න)

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න කලින් ලින්ක් එක වැරදුනා. මෙන්න එම ලිපියට හරිලින්ක් එක.

      Delete
    2. බොහොම ස්තුතියි. මමත් අහලා තියනවා ඔහු තම මනසේ මැවෙන නිර්මාණ මෙවැනි සංධ්වනි ලෙස ඉදිරිපත් කර ඇති බව. ඔහු එය කල ආකාරය විශ්මයජනකයි.

      අපොයි ඔව්. අපේ චූටි දුව එළවලු විතරයි කන්නේ. ඒ වුනාට කුණකටුවා වගේ පැන පැන ගෝරියට එනවා.

      Delete
  10. මේ මට හිතෙන හැටි...

    මනුස්සයෙක් හොඳයිද නරකයිද කියල හරියටම තීරණේ කරන්න පුළුවං ඒ කෙනාගෙම හෘදසාක්ෂියට විතරයි. පිටතින් ඉඳන් බලාගෙන ඉන්න අයට පේන්නෙ ඒ මනුස්සයට සමාජෙන් අලෝල තියන ලේබල් ටික විතරයි. හොඳ ලේබල් ගොඩක් අලෝලනං ඒ මනුස්සය හොඳයි. නරක ලේබල් ගොඩක් අලෝලනං ඒ මනුස්සය නරකයි. ඒකනෙ සාමාන්‍ය විදිහ. නරක දේවල් දහයක් කරපු නිසා කරන එක හොඳ දේත් නරකයි කියන්න බෑ වගේම හොඳ දේවල් දහයක් කරපු පළියට ඊලඟට කරන නරක දේ හොඳයි කියන්නත් බෑ.

    බලාගෙන ගියාම ලෝකෙ වීරයොයි මෝඩයොයි කියල දෙජාතියක් නැහැ. ඉන්නෙ වෙලාවකට වීරකම් කරන සහ වෙලාවකට මෝඩකම් කරන මිනිස්සු විතරයි. හැමෝම අන්තිමේදි තම තමන් වපුර ගත්ත දේවල් පොදි බැඳගෙන යනව.

    ReplyDelete
    Replies
    1. එකඟයි. අපි වුනත් සමහරවිට ගන්න තීරණ මොනතරම් අමනොඥද කියලා හිතෙන්නේ ප්‍රතිවිපාක ලැබුනට පස්සේ තමයි.

      Delete
  11. //බලාගෙන ගියාම ලෝකෙ වීරයොයි මෝඩයොයි කියල දෙජාතියක් නැහැ. // :), මොඩය හැමතිස්සෙම උත්සහ කරන්නේ වීරයෙන් වෙන්න, වීරය ගොඩක් වෙලාවට කරන්නේ මොඩ වැඩ.

    උගත්තු සාමාන්‍යෙයන් බයගුල්ලෝ, හැබැයි බයගුල්ලෝ උගත්තු නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. //උගත්තු සාමාන්‍යෙයන් බයගුල්ලෝ, හැබැයි බයගුල්ලෝ උගත්තු නෙවෙයි//

      මෙතනනම් මොකක්ද අවුලක් තියනවා. අපේ ත්‍රිවිධ හමුදාවේ ඉන්න නිර්භීත කොල්ලෝ එකෙක්වත් මහා උගත්තු නෙවෙයි. හැබැයි රටට ආදරේ එවුන්. යුද්දේ සමාදාන වෙලා කොටියට උතුර දෙමු කිව්වේ මහා උගත් බයගුල්ලෝ.

      Delete
  12. මට නං එච්චර ඇල්ලුවෙ නෑ. සමහර කතා අහලත් තියනව.

    ReplyDelete
    Replies
    1. අල්ලන්නැත්තන් අතාරින්න අනේ :e

      Delete
  13. මෙන්න මගෙනුත් ආමි කතාවක්.
    විචා වගේ ආමි එකෙන් රිටය වෙච්ච බුවෙක් ගියාලු කාර්යාල රස්සාවක් ගන්න ඉන්ටවීව් එකකට. බෝඩ් එකේ ලොක්ක මෑන් ගැන පැහැදුනාලු. එයා කියනවලු අර මනුස්සයට මෙහෙම,

    "හොඳයි විචාරක මහත්මයා, ඔබ ගැන අපි පැහැදුනා.... ඔබව රස්සාවට ගන්න තීරණය කලා..... ඔබ ගැන අපි දැනගතයුතු වෙන විශේෂ දෙයක් තියනව නම් කියන්න"

    "සර් මම කෝපි බොන්නෙ නෑ..... ඒ ඇරුනම යුද්ධය නිසා මගේ වෘෂණ කෝෂ දෙක නැතිවුනා"

    "බොහොම හොඳයි.... මේ කාර්යාලයේ වැඩ පටන් ගන්නෙ උදේ අටයි තිහට. සඳුදා සිට ඔබට පුළුවන් වැඩට එන්න..
    .. උදේ නවයයි තිහට ආවම අැති"

    "එ්ත් සර් අටයි තිහට වැඩ පටන් ගන්නව නං නවයයි තිහට එන්න කියන්නෙ ඇයි?"

    "මේකයි මිස්ටර් විචාරක, මෙහේ කට්ටිය අටයි තිහට ඇවිල්ල නවයයි තිහ විතර වෙනකල් ඇට කහ කහ කෝපි බොන එකයි කරන්නෙ.... ඔයා‍‍ ඒ දෙකටම නැති නිසා පැයක් පරක්කු උනාට කමක් නෑ"

    ReplyDelete
    Replies
    1. ඒක නං පට්ට හිහි

      Delete
    2. ha..ha.. meka maru !! :)

      Delete
    3. එල රාඡ් එල ද බ්‍රා
      මේක මම අපේ Mangers Executive ලා ටිකට දාන්නද?

      Delete
    4. එහෙනම් මමත් ඒ 'අදාළ සුදුසුකම' ඇත්තටම හදාගෙන ඉන්ටර්වීව් එකකට යන්නද? හැබැයි අර කිඹුලට වුණා වගේ මමත් ඤං ඤං ගාලා කතාකරයිද දන්නේ නෑ.

      Delete
  14. මාත් තේරුවෙ ඒ අකුර... ඇයි මංද... ඒත් පුදුම වුණා යට තිබ්බ ඒක දැකල එච්චර දුරට හිතුවෙ නැතිව ඒ අකුර තේරුවෙ

    අර සත්තුන්නෙ කේස් එකයි උඩම එකයි ඇර අනිකව අහල තියේ

    ReplyDelete
    Replies
    1. හොඳ තේරීමක් නේ. ඔව් සමහර කතා මීටපෙර ජාලයේ පළවූ ඒවා.

      Delete
  15. එල ද බ්‍රා..
    කතා ටික නියමයි.
    හිට්ලර් ගැන දැනගත් දෙය වටිනවා.

    ReplyDelete
    Replies
    1. බලාගෙන යනකොට හිට්ලර් අපිට වැඩිය හොඳයි බං

      Delete
  16. අමාරු ප්‍රශ්න පත්තරේ හොඳයි අමාරු වුනාට. :-)

    ReplyDelete
    Replies
    1. අමාරු ප්‍රශ්න වලට තමයි වැඩි අවධානයක් දෙන්න ඕනේ.

      Delete
  17. දෙවනි ප්‍රශ්නේ නම් හරිම අසාධාරණයි මට දැනෙන විදියට පළවෙනි අපේක්ෂකයෝ දෙන්න ගේ වැරදි විතරක් කියලා 3 වෙනියට ඉන්න අලුගොසුවගේ හොඳ කියලා ..

    හි හි 80 සීයා පව් අනා :)

    ReplyDelete
    Replies
    1. ඉතිං ළමයෝ මෙතන කියලා තියෙන්නේ පෞද්ගලික ගතිගුණ විතරයිනේ. දේශපාලන කරුණු නැහැ. එහෙම කිව්වනම් හිට්ලර් ඉවරයි. මෙතන බලන්නේ කියවන්නාගේ ප්‍රතිචාරය ගැන.

      හුහ්...උඹ කියන්නේ ඒ සීයා මම කියලද?

      Delete
    2. ඉතින් අනේ විස්කි ටිකක් බිවුවට ,, හොර අඹුවෝ දෙන්නෙක් හිටියට මොකෝ මෙහෙ අපේ අයට ඉන්නේ ඕනේ තරම්,,,

      අපෝ නෑ අනේ ඔයාට නෙමේ කිවේ කතාවේ සීයට

      Delete
  18. 1)'හිට්ලර් යුදෙව්වන් මර්ධනය නොකරන්න ඔවුන් ආර්ථිකව හා අන් සෑම ආකාරයෙන්ම ලෝකය අල්ලේ නටවන්න සූදානමින් හිටියා.. හිට්ලර් නිසා ලෝකය තුලනය උනා'
    2)අමෙරිකාව විසින් විවිධ හේතූන් මවා ඉස්ලාම් රටවල් සංහාරය කිරීම නිසා ලෝක ඉස්ලාම් අධිරාජ්‍යය බිහිවීම කල් යනවා.මෙය උපාය මාර්ගික යුද්ධ ක්‍රියාවක්.
    මේ මම අහපු වෙනස් මත දෙකක්.හිට්ලර් ගැන කියවනකොට එකපාරටම මතක් උනා..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. 1. මරු කතාවනේ , ඉරිසියාව නිසයි හිට්ලර් අයික්මාන් ඇතුළු පිරිස ඒ දේ කලේ,, ඔයාට වෙලාව තියෙනවා නම් කියවන්න මගේ බ්ලොග් එකේ ලිපි දෙකක් තියෙනවා එකක් හිට්ලර් ගැන අනික දෙවනි ලෝක යුද්දේ යුදෙව් සංහාරය ගැන

      Delete
    2. මම ඒ මනුෂ්‍ය ඝාතන වලට එකඟ උනා එහෙම නෙමෙයි...නමුත් ඒ මතය තුල දෙයක් නැත්තෙම නෑ.හිට්ලර්ට කෙල උනෙත් අධිමානෙයි,අහංකාර කමයි නිසා සතුරා අවතක්සේරු කිරීම නිසා නෙ.අනික ඝාතන ලෝකෙට දරාගන්න පුලුවන් සීමාවකුත් තියනවානෙ.එතනින් එහාට යන්න මොකාටවත් බෑ.

      මම කියවන්නම්.. ලින්ක් එකක් දැම්ම නම් ගොඩක් අයට වටීවි.(විචාරකතුමා මුකුත් කියන එකක් නැති වෙයි. :පී )

      Delete
    3. http://omageheena.blogspot.co.il/2014/04/holocaust-remembrance-day-yom-hashoah_30.html

      http://omageheena.blogspot.co.il/2013/08/blog-post_22.html

      කම්මලි කමට කමෙන්ට් එක විතරක් දැම්මේ,, ඔන්න හොයාගත්තා..

      Delete
    4. කම්මැලි අලි... තැන්කූ... ලිපි දෙකම කියෙව්වා.. ඊශ්‍රාලය සහ යුදෙව්වන් තවමත් හැඟීම් නොමැති පිරිසක් බව තහවුරු වෙනවා.. මෙයාල අනාගතේ ලොකු අවුලක් ඇතිකරයි වගෙ.මොකද බොහොම තැලිල වැඩියි.. හිට්ලර් වගේම තමයි.

      Delete
    5. මේ වගේ සංවාද, මතවාද ඉදිරිපත්වීම බොහොම හොදයි. ඒවා දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් නව අදහස් බිහිවෙනවා.

      Delete
  19. හිනාවෙන්න හිතාගෙන කියවන්න ආවා. ඒ වුනාට අන්තිමේ නළල රැළි කරගෙන කමෙන්ට් කොටන්න සිද්ධ වුණා. ස්තූතියි විචාරක මහත්තයා...

    ReplyDelete
  20. කතා ටික රස වින්දා. මම නම් ආය බොරු කියන්න ඕනේ නෑ තේරුවේ හිට්ලර්. මම කොහොමත් හිට්ලර්ට ගරු කරනවා. එයා යුදෙව්වෝ මරලා විනාසයක් කරා තමා. ම්ලේච්ජ විදියට ඒ දේවල් කරා තමා. ඒ උනාට ඒ මනුස්සයගේත් අපි ගරු කල යුතු දේවල් තියනවා. හරියට අර අද්මිරාල් තුමා වගේ තමා.. හොඳ වගේම නරකත් තියනවා..

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }