අනේ එතුමා මගේ පඩි වැඩි කරලානේ. කවුද අප්පා හිතුවේ එතුමා මෙහෙම පඩි වැඩිවීමක් කරයි කියලා. දිසාපති තුමාලාට, නඩුකාර උන්නාන්සේලාට, විස්ස විද්‍යාල මහා ආචාර්ය උන්නාන්සේලාටත් වැඩි කොරලාලු. එව්වා මොන සුම්මා පඩි වැඩි කෙරිලිද. මේකනේ වැඩේ. එතුමාට පැන්සොන් කාරයෝ මතක්වුනේ ළඟදීම පැන්සොන් යන්නවත් අදහසක් ඇතිවෙලාද දන්නේ නෑ. අනේ එහෙම උනොත් අපිත් එක්කම එක පොලිමේම ගිහින් පඩි ගන්න එන්නේ නැතැයි. අපේ ලොකු දුවත් කිව්වා, ‘තාත්තේ මම කොළඹ හතේ බෝඩිමකට යනවා මේ අපාය අතහැරලා. අපේ ජීවන වියදම් දීමනාව රුපියල් 1200 කින් වැඩිකරලා නිසා’ කියලා. අම්මපා මටනම් ලැජ්ජාවේ සන්තෝසේ බැරුවා. මම අද අහල පහල ඔක්කොටම කිව්වා ඊළඟ සැරේ මගේ පැන්සොන් පඩිය ගත්ත ගමන්, අම්මපා ගම හෙල්ලෙන්න පාටියක් දමනවා කියලා. සෙල්ලන්ද කොල්ලෝ කිව්වලු. මම දැන් ඇඟිලි ගැන ගැන ඉන්නේ, අම්මපා අර 'චොගම් බෙන්ස්' එකක් වෙන්දේසියේ දැම්මොත් එහෙම, ගන්නවා ගන්නවාමයි ආයේ දෙකක් නැහැ. ඉස්සරවෙලාම යන්නෙත් එතුමා බලලා පුලුවන්නම් කිරිජ්ජපල්ලේ පඬුරක් ගැටගහලා එන්ඩ, ලබන අයවැයේදීත් මේ වගේම පඩි වැඩි කරලා දෙන්ඩ එතුමාට යෝද බල යෝද සක්තිය ලැබේවා! ඒ සත්තිය ‘වෙන එව්වාට’ පාවිච්චි නොකරත්වා! කියන ප්‍රාර්………….. 'තනේ' කරමින්.
ඉතින් ඔහේලා දන්නවැයි මගේ පඩිය කීයකින් වැඩිවුනාද කියලා, උන්නැහේ මේ අද කරපු අවයව පෙන්නීමෙන්?……….. නෑ නෑ අයවැය ඉදිරිපත් කිරීමෙන්?
දවසකට රුපියල් 11.66 යි.
අම්මපා කාටද ආඩම්බර? ආඩම්බරකාර කුඩප්පොච්චිටම නේද?
ජිල් තක බුං හියඃ පුහ්
2013 නොවැම්බර් මස 22 දින 0001 පැය![my-signature-for-blog[1]](https://lh3.googleusercontent.com/blogger_img_proxy/AEn0k_uI5DOCdFszOPyJ_sic9Hb4_54Lrv79esCi6fAPuM3WGwwpqhm5ErxyQQCIKSOxQ9uZR3EWc3oTVPdoe7ETKL2ErRcb3CujtRyhk2Qtj7hR24v4RGHmMXNMPKU-k0AZDRCzs95UNyOmd1ADGlQH=s0-d)