අම්මෝ.................ඡන්දෙ,ඡන්දෙ, ඡන්දෙ. උදේ ඉඳන් රෑ වෙනතුරු බැලූ බැලූ හැම පැත්තේම ඡන්දෙ. කන්න බොන්නවත් ඕනෑකමක් නැහැ වගේ සමහර අයට. සමහර වෙලාවකට හරිම වදයක්. මේ දවස්වල ප්‍රධාන අපේක්ෂකයන් දෙන්නගෙම ප්රචාරක පත්‍රිකා වලින් අපේ පැත්තේ ගෙවල්වල තැපැල් පෙට්ටි පිරිලා. අපි නම් ඒවා විසිකලේ නැහැ. මොනවා හරි ඔතන්න අරං තිබ්බා. මේ ඡන්ද කරච්චලෙන් ටිකක් මිදෙන්නත් එක්ක, කියවලා බලමුද කතා දෙකතුනක්? හැබැයි මේවා මගේ නිර්මාණ නෙවෙයි. ජාලය පීරලා හොයාගත්ත දේවල්. කමක් නැහැ නේද? අපිට ඕනෙ සරල වින්දනයක් ලබන්නනේ. හරි, එහෙනම් පටන්ගම්මු. (පින්තූරේ ගත්තෙ මෙතනින්)
තුවාල වෙච්ච හැටි
ජනාධිපති ෆ්රැන්ක්ලින් ඩි රූස්වෙල්ට් ගේ ආර්යාව, හමුදා රෝහලට ගියා, යුද්ධයෙන් තුවාල වූ සොල්දාදුවන් බලන්න. මුළු ශරීරයම වෙළුම්පටි වලින් ඔතලා, මමියක් වගේ පෙනෙන සොල්දාදුවකු දුටු ඇය, හොඳටම කම්පාවී, ඔහුගේ ඇඳ අසළට ගියා.
"දෙවියනේ.....................!, මොකද ඔයාට වුණේ" ඇය සොල්දාදුවාගෙන් ඇහුවා.
"මේකයි වුණේ මැඩම්, මම කැලේ පැට්‍රෝල් එකක් යනකොට, එක ජපන් සොල්දාදුවෙක් කෑගහලා කිව්වා, ජනාධිපති රූස්වෙල්ට් කන්නේ මීයෝ........ කියලා. මම කෑගහලා කිව්වා, ජපන් අධිරාජයා කන්නේ, 'ග් ඌ...........' කියලා". සොල්දාදුවා උත්තර දුන්නා.
"එහෙනම් එතකොටම උන් ඔයාට මෝටාර් බෝම්බයක් එවන්න ඇති". ආර්යාව කිව්වා.
"නෑ නෑ මැඩම්, තවම තුවාල වුණේ නැහැ. අර ජපන් සොල්දාදුවා ආයෙත් කෑගහලා කිව්වා, උඹලගේ ගැරී කූපර් කියන්නේ, රඟපාන්න බැරි නළුවෙක්, කියලා. මම කෑගහලා කිව්වා, අධිරාජයාගේ නෝනට උයන්න බෑ..............කියලා"
"එහෙනම් උන් ඔයාට අත් බෝම්බෙකින් දමලා ගහන්න ඇති". ටිකක් නොඉවසිල්ලට පත්වූ ආර්යාව කිව්වා.
"නෑ නෑ තවම නෑ මැඩම්" සොල්දාදුවා උත්තර දුන්න.
"එහෙනම් මොකද වුණේ"?
"ඒ පාර අර ජපනා කෑගැහුවා, උඹලගේ ජෙනරල්ලා ඔක්කොම මෝඩයෝ කියලා". මම කෑගැහුවා, උඹලගේ ජෙනරල්ලා ඔක්කොම මැට්ටෝ කියලා".
"ඉතිං ඒ පාර?" ආර්යාව ඇහුවා.
"ජපනයි මායි ලඟට ඇවිත්, අතට අත දීලා කතාකරලා, සිගරට් එකක් බොන්න හදනකොටම, මේ කොහේදෝ ගිහින් පාර වරද්දගත්ත අපේ හමුදාවේ යුද්ද ටැංකියක්, මාව යටකරගෙන ගියානේ මැඩම්" සොල්දාදුවා උත්තර දුන්නා.
ජරා මැගසින්
එක හමුදා කඳවුරක් භාර නිලධාරියා, එයාගේ නෝනට කෝල් එකක් දුන්නා.
"මේ, අද මම එන්න ටිකක් පරක්කු වෙනවා. මේ අපේ සොල්දාදුවෝ ළඟ තිබිලා, මට අහුවුනා ජරා මැගසින් වගයක්. මම උන්ට එකට අවශ්‍ය දඬුවම් දීලා තමයි ගෙදර එන්නේ"
නිලධාරියා තරමක් ප්‍රමාදවී නිවසට ආවම, නෝනා අහනවා,
"මාර ජාති තියෙන්න ඇති නේද ඒ මැගසින් වල? ඔයාට තිබුණේ එකක් දෙකක් අරං එන්නනේ" කියලා.
නිලධාරියා කියනවා,
"ඔයා මේ මොන මගුලක් කතාකරනවද කියලා මට තේරෙන්නේ නෑ. උන්ගේ තුවක්කුවල සමහර මැගසින් මළකඩ කාලා. මාස ගානකින් සුද්ද කරලා නෑ. මම උන්ව පැයක් කන්දක ඉහළට පහළට දුවවලා, උන්ට රෑ කෑම ප්‍රමාද කරලා, හැම මැගසින් එකක්ම සුද්ධ කරලා, මට පෙන්නන්න කිව්වා.
ප්‍රථමාධාර
බොහොම සැර හමුදා සැරයන් මේජර් කෙනෙක් ඉන්න කණ්ඩායමකට අයත්, ආධුනික සොල්දාදුවන් පිරිසකට, හමුදා වෛද්‍ය උපදේශක විසින් ප්‍රථමාධාර පන්තියක් පවත්වනවා.
උපදේශක සොල්දාදුවන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවා.
"හොඳයි, මෙහෙම හිතන්න. තමන්ගේ සාජන් මේජර්ට, බෝම්බ කෑල්ලක් වැදී, හිසේ තුවාලයක් ඇතිවෙනවා. මොකක්ද තමුන් දෙන ප්‍රථමාධාරය?"
එක සොල්දාදුවෙක් විදුලි වේගෙන් නැගිට්ටා. "මම සාජන් මේජර්ගේ බෙල්ලට තිරිංග බැම්මක් දාලා හොඳට තද කරනවා, ලේ ගැලීම නවතිනතුරු" කියලා උත්තර දුන්නා.
අදට ඇති නේද? පස්සේ තව ඒවා දෙන්නම්කො. ගොඩක් තියනවා හොයාගත්ත ඒවා.
2015 ජනවාරි මස 06 දින 2306 පැය