මේ දවස්වල බ්ලොග් ලියන එක බොහොම පරිස්සමෙන් කරන්න වෙලා තියෙන්නේ. පහුගිය ජනවාරියෙන් පස්සේ, අපේ රටේ වෙච්ච දේශපාලන පෙරළිය, 'රට පෙරළිය' කියලා කියන තැනට ඇවිත් වගේ. මේ දවස්වල, කොයි මොහොතේ මොකක් වෙයිද කියලා කියන්න බැරි තත්වයක් තියෙන්නේ. ඒ අස්සේ, මම ලියාගෙන ආව 'පැට්‍රොල් කතා මාලාව' අවසන් කිරීම, ටිකක් කල්දාන්න තීරණය කළා. මොකද, මේ දවස්වල එවැනි ලිපි වලට පාඨක අවධානය යොමුවෙනවා අඩුයි. සමහරු දැන් යහ පාලනයට 'ජහ' පාලනය කියන තරමට කේන්තියෙන් ඉන්නේ. ඒ නිසා, කාගෙ කාගෙත් සිත්, ටිකක් සමහන් කිරීම සඳහා නැවතත් පොඩි කතන්දර කීපයක් කියන්නයි යන්නේ.
මේ කතා සියල්ලම, මට ඊ මේල් මගින් එව්වේ, මගේ ගුරුවරයකු වන, විශ්‍රාමික බ්‍රිගේඩියර් රංජිත් පී විතාන. එතුමාට ස්තුතිවන්ත වෙමින්, මේ කතා ඔබවෙත ගෙන එනවා. පරිවර්තන දෝෂ ඇත්නම් සමාව අයදිනවා.
අමාරු ප්‍රශ්න පත්‍රය
ප්‍රශ්න අංක 1
ඔබ දන්නා එක්තරා කාන්තාවක් ඉන්නවා. දැනට ගර්භනී තත්වයේ පසුවන.
දැනටමත් ඇයට දරුවන් අට දෙනෙක් ඉන්නවා.
එයින් දරුවන් තිදෙනෙක් පූර්ණ ශ්‍රව්‍යාබාධිතයි.
තවත් දරුවන් දෙදෙනෙක් පූර්ණ දෘෂ්‍යාබාධිතයි.
තවත් දරුවෙක් මන්ද මානසිකයි.
ඒ මදිවට ඒ කාන්තාවට සිෆිලිස් රෝගය වැළඳී තිබෙනවා.
මේ කාන්තාව, නොපමාවම ගබ්සාවකට යොමු කළයුතු යයි ඔබ නිර්දේශ කරන්නේද?
මේ ප්‍රශ්නයට පිළිතුරු දීමට ප්‍රථම, ඊළඟ ප්‍රශ්නය වෙත ඔබේ අවධානය යොමු කරන්න.
ප්‍රශ්න අංක 2
එක්තරා පුදුමාකාර ඡන්දයක් තියනවා, අලුත් ලෝක නායකයකු තෝරන්නට. මේ ඡන්ද විමසීමේදී තීරණාත්මක අවසාන ඡන්දය වන්නේ ඔබේ ඡන්දයයි.
ඡන්ද අපේක්ෂකයන් තිදෙනෙක් ඉන්නවා.
මෙන්න ඡන්ද අපේක්ෂකයන් ගේ චරිත ස්වභාවය.
A නමැති අපේක්‍ෂකයා
කුප්‍රකට දේශපාලනඥයන් ඇසුරු කරයි. ජ්‍යෝතිෂය ගැන ඉහලින්ම සළකයි.
මොහුට හොර අඹුවන් දෙදෙනෙකු සිටිත්.
අධිකව දුම්පානයේ යෙදෙයි.
දිනකට විස්කි වීදුරු 8ක් 10ක් පමණ පානය කරයි.
B නමැති අපේක්‍ෂකයා
මොහු දෙවරක්ම නිළයෙන් පහ කළ අයෙකි.
මහ දවල් වනතුරු නිදාගන්නෙකි.
පාසල් වියේදී ගංජා පානය කර අසුවූවෙකි.
දිනපතා සවස පදමට විස්කි පානය කරන්නෙකි.
C නමැති අපේක්‍ෂකයා
සම්මාන ලාභී රණවිරුවෙකි.
මාංශ ආහාර වලින් තොර වූවෙකි.
දුම් පානය නොකරයි.
කලාතුරකින් බීර ස්වල්පයක් පානය කරයි.
කෙදිනකවත් අනාචාරයේ යෙදුනු බවට චෝදනා නැත.
දැන් මෙතනදී ඔබේ පිළිතුර තීරණය කරන්න. පහතින් පිළිතුරු තිබෙනවා, නමුත් එතනට යන්න කලින් ඔබේ තීරණය ගන්න.
හොඳයි. මෙන්න ඒ ඒ අපේක්ෂකයාගේ ඇත්ත නම. මේ අයගේ ඇත්තම චරිත ලක්ෂණ තමයි ඉහත දක්වලා තිබුණේ.
A = හිටපු ඇමරිකානු ජනාධිපති ෆ්රෑන්ක්ලින් ද රූස්වෙල්ට්
B = හිටපු බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල්
C = ජර්මානු ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර්
ඒක නෙවෙයි. අර පළවැනි ප්‍රශ්නෙට මොකද කියන්නේ? ඒ කාන්තාව ගබ්සාවකට ලක් කරනවාද? හැබැයි ඔබ එහෙම කළානම්, ලෝකයට ශ්‍රේෂ්ඨ සංගීතඥයකු අහිමි වෙනවා. කවුද දන්නවද? බීතෝවන්. ඒ ප්‍රශ්නයේදී කියවුණේ, බීතෝවන්ගේ පවුලේ තත්වයයි. යම්කිසි දෙයක් ගැන කරුණු සොයා බැලීමකින් තොරව පූර්ව විශ්චයකට පැමිණෙන්නට හොඳ නෑ කියලා හිතෙනවා නේද?
මිනිස්සුද සත්තුද?

A Herd of cows, Flock of Chickens, A Pride of Lions,
තව තියනවා එතරම් ප්‍රචලිත නැති ඒවා.
A Murder of Crows, කෑදර තඩි කළු කපුටන්ට හොඳට ගැලපෙනවා.
A Congress of Owls, බොහොම කල්පනාකාරීව ඉන්න බුද්ධිමත් සත්ව කොට්ඨාශයක් කියලනේ කියන්නේ, බකමූණෝ.
කැලේ ඉන්න භයානක, ආක්‍රමණශීලී, නිතර සටන් කරණ, බුද්ධි හීන, සත්තු වර්ගයක් තමා, බැබුන් කියන්නේ. බැබුන් රංචුවක් හැඳින්වීම සඳහා, ඉංග්‍රීසියෙන් යොදන Anthropomorphic නම දන්නවද?
A PARLIAMENT OF BABOONS කියලා තමයි කියන්නේ. හොඳටම ගැලපෙනවා නේ?
එහෙදිත් මෙහෙමද වැඩ කළේ?

නමුත් ඔහුගේ එක දුර්වලකමක් තිබුණා. ඔහු බොහෝවිට වැඩට එන්නේ ප්‍රමාද වෙලා. සමහරවිට විනාඩි 5 ක්, නමුත් තවත් සමහර දිනවල විනාඩි 15 ක් විතර.
පාලක මණ්ඩලය මේ ගැන නොසතුටට පත්වුණා. මේ ගැන කරුණු විමසා, ඔහුට අවවාද කරන්නට තීරණය කළා. ඔහුව කැඳෙව්වා පිරිස් කළමනාකාර වරයා හමුවට. අපි හිතමු ඔහුගේ නම සිල්වා කියා. පිරිස් කළමනාකාර වරයා කිව්වා, මිස්ටර් සිල්වා, ඔයා බොහොම හොඳට වැඩ කරනවා. කාර්යක්ෂමයි. ආයතනයට හොඳක් වෙනවා. නමුත් ඔබේ ප්‍රමාදවී පැමිණීම නම්, බොහොම කණගාටුදායකයි. ඔබ හමුදා සේවයේ හිටිය කෙනෙක්නෙ. අපිනම් අහලා තියෙන්නේ හමුදාවේ අය වෙලාවට වැඩ කරනවා කියලයි. ඔයා එහෙදිත් මෙහෙම පරක්කු වෙලාද වැඩට ගියේ? ඉතින් එහෙදි ඒ අය ඔයාට මොකද කිව්වේ, එහෙම ප්‍රමාද වෙලා ගියාම.
සිල්වා මහත්තයා බිම බලාගත්ත, එයාගේ දෙතොල් තදකරගත්තා, නමුත් පොඩි හිනාවකුත් ගියා. ටිකක් තරහ ආව බවක් සියුම්ව මූණේ ඇඳුනා. නිශ්ශබ්දව විනාඩියක් විතර ඉඳලා, පිළිතුරු දුන්නා.
එහෙදි ඉතින්.................. ඔෆිස් එකට යනකොටම, ඔක්කොමලා සීරුවෙන් හිටගෙන ආචාර කරනවා. මම ගිහින් ඔෆිස් එකේ වාඩිවුණාම, මගේ අධි සහායකයා (Aide-de-Camp) ඇවිත්, මට ආචාර කරලා, සුබ උදෑසනක් වේවා අද්මිරාල් තුමනි. මෙන්න දවසේ පත්තර සහ ඔබතුමාගේ පෞද්ගලික නමට ලැබුණු ලිපි. ඔබට බීමට කෝපි එකක් අවශ්‍යද? කියලා අහනවා.
කාගෙද වෙඩිල්ල?

දොස්තර මහත්තයා කිව්වා, හරි පුදුම දේවල් තමා දැන් කාලේ වෙන්නේ. මගේ යාලුවෙක් හදිස්සියේම දඩයමේ යන්න ගියා. එයාට වැරදිලා තුවක්කුව කියලා ගෙනෙහින් තියෙන්නේ කුඩේ. කැලේදී හිටපු ගමන් මහා වලහෙක් මුණගැහිලා. නමුත් මිනිහා හොඳට ඉලක්කය අරන් වෙඩි තිබ්බම වලහා මැරිලා වැටුණා.
ඒකනම් කීයටවත් වෙන්න බැහැ දොස්තර මහත්තයෝ, දඩයමේ ගිය වෙන මිනිහෙක් වෙන්න ඇති වෙඩි තියන්න ඇත්තේ. අර මෝඩයා හිතනවා මිනිහා තමයි වෙඩි තිබ්බේ කියලා. දොස්තර මහත්තයා කියනවා, නෑ ඉතිං ඔයාට වෙලා තියෙන්නෙත් ඒ වගේ පුදුම දෙයක්නේ කියලා.
2015 මාර්තු මස 24 වැනි දින 1335 පැය