හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

18 June 2015

පුල් එක නැත්නම් හමුදාවේ ඉන්න බැහැ

1 
 'මොනවා.........!  හමුදාවේ ඉන්නත් පුල් එක ඕනෙද'?

'ඔව් ඕනේ'.

'මොනවා, එහෙනම් තමුසෙත් ඔය මහ ලොකු ආමිකාරයෙක් කියලා කයිය ගහන්නේ, පුල් එකෙන් ආමි එකේ එල්ලිලා හිටිය නිසාද'?

'ඔව් ඉතිං........ එල්ලිලා ඉඳීම කොහොම වෙතත්, මාත් ආමි එකේ හිටියේ, පුල් එක හොඳ නිසා තමයි'.

'ඒ කියන්නේ තමුසේ කාගේ හරි මිරිකගෙන, ලෙවකාගෙන, හිටියා කියන එක නේද'?

'ඔන්න ඔන්න.... වරද්දගත්ත තැන. අහන්න තිබුනේ ඔය ප්‍රශ්නය නෙවෙයිනේ, අහන්න තිබුනේ, හොඳයි එහෙනම් තමුසෙම කියනවා බලන්න, ඔය මහලොකු පුල් එක මොකද්ද කියලා. අන්න එහෙමයි අහන්න තිබුනේ' 

මම කියන්නද, ඔක්කොම කියන්නම්, අහගෙන ඉන්න. මේක පුල් එක කිව්වට තව කෑල්ලකුත් තියනවා. ඒ කියන්නේ, පුල් එකට, 'හීම්ස්' කියලා කෑල්ලකුත් තියනවා. එතකොට සම්පූර්ණ වචනය 'පුල්හීම්ස් - PULHEEMS ඔන්න ඔය ගැනයි අද මට කියන්න ඕනේ වුනේ.

හෙහ් හෙහ් .....සුදුසුකම් තියනවනම්, තමන්ගේ වගකීම් නිවැරදිව දරනවානම්, කාගෙන්වත් පුල් ඕනේ නැහැ හමුදාවේ සේවය කරන්න. එහෙම බැරි අය තමයි, අරයා මෙයා පස්සේ යන්නේ. හමුදාවෙදි විතරක් නෙවෙයි, කොයි ක්‍ෂේත්‍රයේදීත්.

'හොඳයි මොකක්ද මේ PULHEEMS මගුල කියනවා බලන්න?'

'හරි, හොඳ අවධානයෙන් අහගන්න. පුල්හීම්ස් කියන්නේ, හමුදා වෛද්‍ය පරීක්‍ෂණයක්. මේක තේරුමක් ඇති වචනයක් නෙවෙයි. පරීක්‍ෂණ කීපයක් හඳුන්වන නම් වල, මුල අකුරු අරගෙන හදපු, කෙටි යෙදුමක් හෙවත්, Acronym එකක්. මේ වෛද්‍ය පරීක්ෂණය මගින්, පුද්ගලයකු, හමුදා සේවයට සුදුසුද නැද්ද යන්න තීරණය කරනවා. මෙය පවත්වන්නේ වෛද්‍ය බලකායේ සුදුසුකම් ලත් වෛද්‍ය කණ්ඩායමක් විසින්'.

මේ පුල්හීම්ස් යන වචනයේ එක් එක් අකුරෙන් නියෝජනය වන අදහසක් තිබෙනවා. අපි බලමු ඒ මොනවද කියලා.

P = Physical Capacity or Physique = ශාරීරික යෝග්‍යතාව හෙවත් ශාරීරික පෞරුෂය

U = Upper Limbs = ඌර්ධව කාය සහ පූර්ව ගාත්‍රා ක්‍රියාකාරිත්වය

L = Lower Limbs or Locomotion = අපර ගාත්‍රා ක්‍රියාකාරිත්වය හෙවත් චාලක හැකියාව

H = Hearing Capacity = ශ්‍රවන තත්වය

E = Eye Left

E = Eye Right = වම සහ දකුණ යන ඇස් දෙකෙහි දෘශ්‍ය හැකියාව වෙන වෙනම

M = Mental Capacity = මානසික යෝග්‍යතාව/දරාගැනීමේ හැකියාව 

S = Stability = මනෝකාර්ය සංවේදී බව/ ස්ථායිතාව

ඉතිං කොහොමද, කාටද, කවදද, මේ පරීක්‍ෂණය කරන්නේ?

හොඳ ප්‍රශ්නයක්. මෙන්න මේ අවස්ථා වලදී තමයි, හමුදාවේ පුද්ගලයකුට, මේ පරීක්ෂණය කරන්නේ.

1. හමුදාවට බඳවා ගැනීමට පෙර.

2. හමුදා සේවයේ යෙදී සිටියදී, අවශ්‍යවන ඕනෑම අවස්ථාවක.

3. උසස්වීමක් ලබාදීමට පෙර.

4. හමුදා සිර දඬුවමක් ලබාදීමට පෙර.

5. හමුදාවෙන් අස්කිරීමට පෙර.

6. නීත්‍යානුකූලව විශ්‍රාම ගැන්වීමට පෙර.

   'කොහොමද මේ පරීක්‍ෂණයෙන් සමත් ද අසමත් ද කියලා දැනගන්නේ?'

  'අන්න එහෙම බුද්ධිමත් ප්‍රශ්න අහන්නකො. මෙන්න මෙහෙමයි ලකුණු දෙන්නේ. පරීක්‍ෂණයේ එක් එක් කොටසට 1 සිට ඉහළට ලකුණු දෙන්න පුළුවන්. ජාත්‍යන්තරව සාමාන්‍යයෙන් තියෙන්නේ 1 සිට 8 දක්වා. නමුත් මා දැක තිබෙන්නේ, 1 සහ 2 යන ලකුණු පමණයි. 

   මතකතියාගන්න, ප්‍රතිඵලය පෙන්වන ඉලක්කමේ අගය ඉහළ යන්න යන්න පෙන්වන්නේ, අසමත් වීමේ අගය වැඩි බවයි. සාමාන්‍යයෙන් අපේ රටේදී මේ පරීක්‍ෂණය සමත්වීමට, පහත දැක්වෙන ලෙස ලකුණු ලබාගත යුතුයි.

P = 2

U = 2

L = 2

H = 2

E = 1

E = 1

M = 2

S = 2 


   (කිසිම කෙනෙකුට, සෑම පරීක්‍ෂණ කොටසකටම, 1 දී තිබෙනවා මා දැක නැහැ. ඇස් පරීක්‍ෂණයෙදී, 1 ලබාගැනීම අනිවාර්යයි) අදාළ වෛද්‍ය වාර්තාවේ PULHEEMS කියා ලියා, ඒ එක් එක් අකුරට යටින් ප්‍රතිඵලය ලියා, වෛද්‍යවරයා විසින් අත්සන් කරනවා.  එමෙන්ම, සමස්ත ප්‍රතිඵලය මත, නිර්දේශයක් ඉදිරිපත් කරනවා. එයින් ඉහළින්ම ලැබෙන නිර්දේශය හෙවත්, අංක එකේ නිර්දේශය තමයි FE කියන එක. 

   මෙයින් අදහස් කරන්නේ Forwarded Everywhere = FE කියන එකයි. ඒ කියන්නේ මොකක්ද දන්නවද? මේ වර්ගීකරණය ලැබූ පුද්ගලයා, ලෝකයේ ඕනෑම තැනක හමුදා රාජකාරි සඳහා යෙදවීමට සුදුසුයි කියන එකයි.  (මතකද මේ ඊයේ පෙරේදා, අපේ හමුදා පිරිසක් ගියා, දැඩි සීතලෙන් යුත්, නේපාලයේ හදිසි අවස්ථා රාජකාරි වලට? අරවගේ, FE සුදුසුකම නැත්නම්, එවැනි රාජකාරි සඳහා යන්නට බැහැ)

  අසමත් නම්? ඔව්, හමුදාවට බඳවා ගැනීමේ පරීක්ෂණයට අදාලව පවත්වන පුල්හීම්ස් පරීක්ෂණයෙන් අසමත් නම්, ඒ පුද්ගලයාව සම්මුඛ පරීක්ෂණයෙන් අසමත් කරනවා. දැනට සේවයේ යෙදී සිටින හමුදා සාමාජිකයන්ට අදාළව අසමත්වීම් නෙවෙයි කරන්නේ. වර්ග කිරීමක් දෙනවා, හමුදා රෝහලෙන්ම ප්‍රතිකාර ගෙන යථා තත්වයට පත්වීමට. මෙන්න මේවා තමා දෙන වර්ග කිරීම්.

SD = Sedentary Duties = ගෘහ අභ්‍යන්තර රාජකාරි පමණයි.

LD = Light duty ලයිට් ඩියුටි කියන්නේ ඉතිං, ලයිට් හදන රාජකාරි නෙවෙයිනේ. සැහැල්ලු රාජකාරි කියන එකනේ. 

   කවුරුන් හෝ හිතනවානම්, මේවා මෙහෙමම වෙනවාද ඇත්තටම කියලා, කට ඇරලා කියන්න තියෙන්නේ, 'ඔව්' කියන එකයි. මේ පරීක්ෂණයෙන් අසමත් නම්, අසමත්ම තමා. අන්න එතැනදී කාටවත්ම බැහැ, 'පුල් එකක්' දාලා බේරෙන්න. කාලයක් ගිහින්, හමුදාවෙන්ම අවශ්‍ය ප්‍රතිකර්ම ලබාගෙන, යථා තත්වයට ආවොත් තමයි, හමුදා සේවයේ ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. නැත්නම්, තමන් දරන නිළයේ සිටිය හැකි උපරිම වයස් සීමාවට ආවම, විශ්‍රාම යන්න වෙනවා. විශ්‍රාම ගියා කියලා, හමුදාවෙන් ඒ පුද්ගලයාව අතහැර දාන්නේ නැහැ. ඔහුට පුළුවන්, නොකඩවාම හමුදා රෝහලෙන් ප්‍රතිකාර ගන්න, ජීවිත කාලය පුරාම. ඒ විදිහට සැළකුවාම මදිද?

   'එතකොට දඬුවම් දෙන්න කළින් තියන පරීක්ෂණයෙන් අසමත් නම් මරුනේ, දඬුවමෙන් බේරෙනවනේ?'

  'හෙහ් හෙහ්, එහෙමද හිතාගෙන ඉන්නේ? මෙන්න මේකයි වෙන්නේ. එක්කො බෙහෙත් දීලා හොඳ කරලා, දඬුවම දෙනවා. දිගටම ලෙඩේ තියනවානම්, හමුදාවෙන් නීත්‍යානුකූලව අස්කරනවා. සනීපද?'

   මතක තියාගන්න. ලෝකයේ සෑම නීත්‍යානුකූල ආරක්‍ෂක හමුදාවකටම තියනවා, වෛද්‍ය ප්‍රතිපත්තියක්. අපේ යුද හමුදාවේ, වෛද්‍ය පිළිවෙත පවත්වාගෙන යන්නේ, වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලය මගින්. (වෛසේඅම) Directorate of Army Medical Services =  DAMS  වෛද්‍ය පිළිවෙත මහා දිග කතාවක්. ඉඩ ලැබුනොත් පස්සේ ලියන්නම්.

   ඔය ඉහත දක්වා තියන වර්ගකිරීම් වලට කියන්නේ, වෛද්‍ය වර්ගකිරීම් කියලා. (Medical Categories) තව ක්‍රමයක් තියනවා, රෝගී තත්වය වර්ග කිරීම (Sick Categories) කියලා. ඒ මෙන්න මෙහෙම.

   බෙහෙත් ගන්න හමුදා රෝහලකට ගියාම, ( රජයේ රෝහල් වලට ගියාම ඒ වෛද්‍යවරුත් දන්නවා සමහරවිට) ලෙඩාගේ තත්වය අනුව තමයි, මේ වර්ග කිරීම් දෙන්නේ. 

   පළමුවැනි එක තමයි, M&D කියන එක. මොකද මේ කියන්නේ? අපිනම් ඒ කාලේ කියනවා, Music & Dancing කියලා.  :D ඇත්තටම මේ කියන්නේ, ඒක නෙවෙයි. Medicine & Duty කියන එකයි. බෙහෙත් ලබාදී රාජකාරියේ යෙදවීම. අපිත් ඔය බෙහෙත් බීලා වැඩට යන්නේ එදිනෙදා ජීවිතයේදී. අන්න ඒ වගේ තමයි. 

   දෙවැනි එක, Attend A කියලා හඳුන්වනවා. ඒ කියන්නේ, බෙහෙත් දීලා කඳවුරට ආපහු එවනවා. රාජකාරියේ යෙදෙන්න පුළුවන්. සමහරවිට මීට පහලින් දක්වා ඇති, Attend B වර්ගීකරණයේ තියන නිදහස් කිරීම් නිර්දේශ කරන්නත් පුළුවන්. නමුත් දින තුනකට (පැය 72) පස්සේ, අනිවාර්යයෙන් නැවත වෛද්‍යවරයා හමුවිය යුතුයි, නැවත පරීක්‍ෂා කර තීරණයක් ගැනීම සඳහා. 

   තුන්වැනි එක, Attend B ඒ කියන්නේ, රෝගී තත්වය මත ප්‍රතිකාර ලබාදී, ආපසු කඳවුරට එවනවා. නමුත්, වෛද්‍ය නිර්දේශයක් එවනවා රෝගියා ගැන. උදාහරණ වශයෙන් මෙන්න මෙහෙම.

X boot මෙතැනදී X අකුරෙන් කියන්නේ, excused කියන එකයි. ඒ කියන්නේ, මේ රෝගියාට, 'බූට් නොපැළඳ සිටීමට නිර්දේශ කරනු ලැබේ' කියන එකයි. ඒ පුද්ගලයාට අණදෙන තැනැත්තා බැඳී සිටිනවා, ඒ වෛද්‍ය නිර්දේශය පිළිපැදීමට. ඒ නිසා, ඒ රෝගියා, බූට් නොපැළඳ කළ හැකි රාජකාරියක පමණයි යොදවන්නේ. පහළින් තියන ඒවා, ඒ අනුව හිතාගන්න පුළුවන් නේද?

X Belt

X Shave

X Uniform

X PT

X Cap

X Weapon

X Drill

X Night Duty

(බොරුනම් කියන්න එපා. කවුද ඔයාට කිව්වේ එහෙම තියනවා කියලා? X Jockstrap, X Brassiere, කියලා දුන්නොත්, නියමෙට තියෙයි. විහිලු කරන්නේ නැතුව මේක අහගෙන ඉන්න)

   හතරවැනි එක, Attend C මේ වර්ගීකරණය දෙන්නේ, සෙබලා යන වර්ගීකරණයට අයත් සියලු දෙනාට. මෙයින් කියන්නේ, ඔහු/ඇය කඳවුර තුළ, තම නිවස්නයේ, විවේකයෙන් සිටිය යුතු බවයි. මේ විදිහට නිළධාරියකු Commissioned Officer විවේකයෙන් තැබිය යුතුනම්, වෛද්‍ය නිර්දේශයේ සඳහන් වෙන්නේ, SIQ = Sick In Quarters යනුවෙන්.

   සාමාන්‍ය රෝහලක වගේම, හමුදා රෝහලේ නේවාසික රෝගියකුව ඉන්නවිටත්,  කෑම ගැන සීමාවන් පනවනවා නේද? හමුදා රෝහලේ දී, no diet කියන නිර්දේශය සඳහන් වුනාම, සමහරු බය වෙනවා, කාලා හමාරයි කියලා. නමුත් එහි තේරුම තමයි, ආහාර සඳහා සීමා කිරීමක් නැත කියන එක. හප්පෝ.....හමුදා රෝහලේදී නම් දෙනවා, කාලා ඉවර කරගන්න බැරිතරම් පෝෂ්‍යජනක දේවල් අඩංගු, ඉතා ඉහළ මට්ටමේ කෑම වේලක්. 

   ප්‍රශ්න ඇති නේද සෑහෙන්න? අහන්න ඕනේ තරම්. 

  හැබැයි, මොළේ අමාරුකාර, අපහාසාත්මක ප්‍රශ්න/ප්‍රකාශ, දුටු තැන කපාදානු ලැබේ.

ලක්‍ෂ වාරයක් ඉක්මවමින් මේ අඩවිය වෙත පැමිණි ඔබ සැමට මගේ ප්‍රණාමය!



2015 ජූනි මස 13 වැනි දින 1409 පැය
.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }