හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

18 June 2015

පුල් එක නැත්නම් හමුදාවේ ඉන්න බැහැ

1 
 'මොනවා.........!  හමුදාවේ ඉන්නත් පුල් එක ඕනෙද'?

'ඔව් ඕනේ'.

'මොනවා, එහෙනම් තමුසෙත් ඔය මහ ලොකු ආමිකාරයෙක් කියලා කයිය ගහන්නේ, පුල් එකෙන් ආමි එකේ එල්ලිලා හිටිය නිසාද'?

'ඔව් ඉතිං........ එල්ලිලා ඉඳීම කොහොම වෙතත්, මාත් ආමි එකේ හිටියේ, පුල් එක හොඳ නිසා තමයි'.

'ඒ කියන්නේ තමුසේ කාගේ හරි මිරිකගෙන, ලෙවකාගෙන, හිටියා කියන එක නේද'?

'ඔන්න ඔන්න.... වරද්දගත්ත තැන. අහන්න තිබුනේ ඔය ප්‍රශ්නය නෙවෙයිනේ, අහන්න තිබුනේ, හොඳයි එහෙනම් තමුසෙම කියනවා බලන්න, ඔය මහලොකු පුල් එක මොකද්ද කියලා. අන්න එහෙමයි අහන්න තිබුනේ' 

මම කියන්නද, ඔක්කොම කියන්නම්, අහගෙන ඉන්න. මේක පුල් එක කිව්වට තව කෑල්ලකුත් තියනවා. ඒ කියන්නේ, පුල් එකට, 'හීම්ස්' කියලා කෑල්ලකුත් තියනවා. එතකොට සම්පූර්ණ වචනය 'පුල්හීම්ස් - PULHEEMS ඔන්න ඔය ගැනයි අද මට කියන්න ඕනේ වුනේ.

හෙහ් හෙහ් .....සුදුසුකම් තියනවනම්, තමන්ගේ වගකීම් නිවැරදිව දරනවානම්, කාගෙන්වත් පුල් ඕනේ නැහැ හමුදාවේ සේවය කරන්න. එහෙම බැරි අය තමයි, අරයා මෙයා පස්සේ යන්නේ. හමුදාවෙදි විතරක් නෙවෙයි, කොයි ක්‍ෂේත්‍රයේදීත්.

'හොඳයි මොකක්ද මේ PULHEEMS මගුල කියනවා බලන්න?'

'හරි, හොඳ අවධානයෙන් අහගන්න. පුල්හීම්ස් කියන්නේ, හමුදා වෛද්‍ය පරීක්‍ෂණයක්. මේක තේරුමක් ඇති වචනයක් නෙවෙයි. පරීක්‍ෂණ කීපයක් හඳුන්වන නම් වල, මුල අකුරු අරගෙන හදපු, කෙටි යෙදුමක් හෙවත්, Acronym එකක්. මේ වෛද්‍ය පරීක්ෂණය මගින්, පුද්ගලයකු, හමුදා සේවයට සුදුසුද නැද්ද යන්න තීරණය කරනවා. මෙය පවත්වන්නේ වෛද්‍ය බලකායේ සුදුසුකම් ලත් වෛද්‍ය කණ්ඩායමක් විසින්'.

මේ පුල්හීම්ස් යන වචනයේ එක් එක් අකුරෙන් නියෝජනය වන අදහසක් තිබෙනවා. අපි බලමු ඒ මොනවද කියලා.

P = Physical Capacity or Physique = ශාරීරික යෝග්‍යතාව හෙවත් ශාරීරික පෞරුෂය

U = Upper Limbs = ඌර්ධව කාය සහ පූර්ව ගාත්‍රා ක්‍රියාකාරිත්වය

L = Lower Limbs or Locomotion = අපර ගාත්‍රා ක්‍රියාකාරිත්වය හෙවත් චාලක හැකියාව

H = Hearing Capacity = ශ්‍රවන තත්වය

E = Eye Left

E = Eye Right = වම සහ දකුණ යන ඇස් දෙකෙහි දෘශ්‍ය හැකියාව වෙන වෙනම

M = Mental Capacity = මානසික යෝග්‍යතාව/දරාගැනීමේ හැකියාව 

S = Stability = මනෝකාර්ය සංවේදී බව/ ස්ථායිතාව

ඉතිං කොහොමද, කාටද, කවදද, මේ පරීක්‍ෂණය කරන්නේ?

හොඳ ප්‍රශ්නයක්. මෙන්න මේ අවස්ථා වලදී තමයි, හමුදාවේ පුද්ගලයකුට, මේ පරීක්ෂණය කරන්නේ.

1. හමුදාවට බඳවා ගැනීමට පෙර.

2. හමුදා සේවයේ යෙදී සිටියදී, අවශ්‍යවන ඕනෑම අවස්ථාවක.

3. උසස්වීමක් ලබාදීමට පෙර.

4. හමුදා සිර දඬුවමක් ලබාදීමට පෙර.

5. හමුදාවෙන් අස්කිරීමට පෙර.

6. නීත්‍යානුකූලව විශ්‍රාම ගැන්වීමට පෙර.

   'කොහොමද මේ පරීක්‍ෂණයෙන් සමත් ද අසමත් ද කියලා දැනගන්නේ?'

  'අන්න එහෙම බුද්ධිමත් ප්‍රශ්න අහන්නකො. මෙන්න මෙහෙමයි ලකුණු දෙන්නේ. පරීක්‍ෂණයේ එක් එක් කොටසට 1 සිට ඉහළට ලකුණු දෙන්න පුළුවන්. ජාත්‍යන්තරව සාමාන්‍යයෙන් තියෙන්නේ 1 සිට 8 දක්වා. නමුත් මා දැක තිබෙන්නේ, 1 සහ 2 යන ලකුණු පමණයි. 

   මතකතියාගන්න, ප්‍රතිඵලය පෙන්වන ඉලක්කමේ අගය ඉහළ යන්න යන්න පෙන්වන්නේ, අසමත් වීමේ අගය වැඩි බවයි. සාමාන්‍යයෙන් අපේ රටේදී මේ පරීක්‍ෂණය සමත්වීමට, පහත දැක්වෙන ලෙස ලකුණු ලබාගත යුතුයි.

P = 2

U = 2

L = 2

H = 2

E = 1

E = 1

M = 2

S = 2 


   (කිසිම කෙනෙකුට, සෑම පරීක්‍ෂණ කොටසකටම, 1 දී තිබෙනවා මා දැක නැහැ. ඇස් පරීක්‍ෂණයෙදී, 1 ලබාගැනීම අනිවාර්යයි) අදාළ වෛද්‍ය වාර්තාවේ PULHEEMS කියා ලියා, ඒ එක් එක් අකුරට යටින් ප්‍රතිඵලය ලියා, වෛද්‍යවරයා විසින් අත්සන් කරනවා.  එමෙන්ම, සමස්ත ප්‍රතිඵලය මත, නිර්දේශයක් ඉදිරිපත් කරනවා. එයින් ඉහළින්ම ලැබෙන නිර්දේශය හෙවත්, අංක එකේ නිර්දේශය තමයි FE කියන එක. 

   මෙයින් අදහස් කරන්නේ Forwarded Everywhere = FE කියන එකයි. ඒ කියන්නේ මොකක්ද දන්නවද? මේ වර්ගීකරණය ලැබූ පුද්ගලයා, ලෝකයේ ඕනෑම තැනක හමුදා රාජකාරි සඳහා යෙදවීමට සුදුසුයි කියන එකයි.  (මතකද මේ ඊයේ පෙරේදා, අපේ හමුදා පිරිසක් ගියා, දැඩි සීතලෙන් යුත්, නේපාලයේ හදිසි අවස්ථා රාජකාරි වලට? අරවගේ, FE සුදුසුකම නැත්නම්, එවැනි රාජකාරි සඳහා යන්නට බැහැ)

  අසමත් නම්? ඔව්, හමුදාවට බඳවා ගැනීමේ පරීක්ෂණයට අදාලව පවත්වන පුල්හීම්ස් පරීක්ෂණයෙන් අසමත් නම්, ඒ පුද්ගලයාව සම්මුඛ පරීක්ෂණයෙන් අසමත් කරනවා. දැනට සේවයේ යෙදී සිටින හමුදා සාමාජිකයන්ට අදාළව අසමත්වීම් නෙවෙයි කරන්නේ. වර්ග කිරීමක් දෙනවා, හමුදා රෝහලෙන්ම ප්‍රතිකාර ගෙන යථා තත්වයට පත්වීමට. මෙන්න මේවා තමා දෙන වර්ග කිරීම්.

SD = Sedentary Duties = ගෘහ අභ්‍යන්තර රාජකාරි පමණයි.

LD = Light duty ලයිට් ඩියුටි කියන්නේ ඉතිං, ලයිට් හදන රාජකාරි නෙවෙයිනේ. සැහැල්ලු රාජකාරි කියන එකනේ. 

   කවුරුන් හෝ හිතනවානම්, මේවා මෙහෙමම වෙනවාද ඇත්තටම කියලා, කට ඇරලා කියන්න තියෙන්නේ, 'ඔව්' කියන එකයි. මේ පරීක්ෂණයෙන් අසමත් නම්, අසමත්ම තමා. අන්න එතැනදී කාටවත්ම බැහැ, 'පුල් එකක්' දාලා බේරෙන්න. කාලයක් ගිහින්, හමුදාවෙන්ම අවශ්‍ය ප්‍රතිකර්ම ලබාගෙන, යථා තත්වයට ආවොත් තමයි, හමුදා සේවයේ ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. නැත්නම්, තමන් දරන නිළයේ සිටිය හැකි උපරිම වයස් සීමාවට ආවම, විශ්‍රාම යන්න වෙනවා. විශ්‍රාම ගියා කියලා, හමුදාවෙන් ඒ පුද්ගලයාව අතහැර දාන්නේ නැහැ. ඔහුට පුළුවන්, නොකඩවාම හමුදා රෝහලෙන් ප්‍රතිකාර ගන්න, ජීවිත කාලය පුරාම. ඒ විදිහට සැළකුවාම මදිද?

   'එතකොට දඬුවම් දෙන්න කළින් තියන පරීක්ෂණයෙන් අසමත් නම් මරුනේ, දඬුවමෙන් බේරෙනවනේ?'

  'හෙහ් හෙහ්, එහෙමද හිතාගෙන ඉන්නේ? මෙන්න මේකයි වෙන්නේ. එක්කො බෙහෙත් දීලා හොඳ කරලා, දඬුවම දෙනවා. දිගටම ලෙඩේ තියනවානම්, හමුදාවෙන් නීත්‍යානුකූලව අස්කරනවා. සනීපද?'

   මතක තියාගන්න. ලෝකයේ සෑම නීත්‍යානුකූල ආරක්‍ෂක හමුදාවකටම තියනවා, වෛද්‍ය ප්‍රතිපත්තියක්. අපේ යුද හමුදාවේ, වෛද්‍ය පිළිවෙත පවත්වාගෙන යන්නේ, වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලය මගින්. (වෛසේඅම) Directorate of Army Medical Services =  DAMS  වෛද්‍ය පිළිවෙත මහා දිග කතාවක්. ඉඩ ලැබුනොත් පස්සේ ලියන්නම්.

   ඔය ඉහත දක්වා තියන වර්ගකිරීම් වලට කියන්නේ, වෛද්‍ය වර්ගකිරීම් කියලා. (Medical Categories) තව ක්‍රමයක් තියනවා, රෝගී තත්වය වර්ග කිරීම (Sick Categories) කියලා. ඒ මෙන්න මෙහෙම.

   බෙහෙත් ගන්න හමුදා රෝහලකට ගියාම, ( රජයේ රෝහල් වලට ගියාම ඒ වෛද්‍යවරුත් දන්නවා සමහරවිට) ලෙඩාගේ තත්වය අනුව තමයි, මේ වර්ග කිරීම් දෙන්නේ. 

   පළමුවැනි එක තමයි, M&D කියන එක. මොකද මේ කියන්නේ? අපිනම් ඒ කාලේ කියනවා, Music & Dancing කියලා.  :D ඇත්තටම මේ කියන්නේ, ඒක නෙවෙයි. Medicine & Duty කියන එකයි. බෙහෙත් ලබාදී රාජකාරියේ යෙදවීම. අපිත් ඔය බෙහෙත් බීලා වැඩට යන්නේ එදිනෙදා ජීවිතයේදී. අන්න ඒ වගේ තමයි. 

   දෙවැනි එක, Attend A කියලා හඳුන්වනවා. ඒ කියන්නේ, බෙහෙත් දීලා කඳවුරට ආපහු එවනවා. රාජකාරියේ යෙදෙන්න පුළුවන්. සමහරවිට මීට පහලින් දක්වා ඇති, Attend B වර්ගීකරණයේ තියන නිදහස් කිරීම් නිර්දේශ කරන්නත් පුළුවන්. නමුත් දින තුනකට (පැය 72) පස්සේ, අනිවාර්යයෙන් නැවත වෛද්‍යවරයා හමුවිය යුතුයි, නැවත පරීක්‍ෂා කර තීරණයක් ගැනීම සඳහා. 

   තුන්වැනි එක, Attend B ඒ කියන්නේ, රෝගී තත්වය මත ප්‍රතිකාර ලබාදී, ආපසු කඳවුරට එවනවා. නමුත්, වෛද්‍ය නිර්දේශයක් එවනවා රෝගියා ගැන. උදාහරණ වශයෙන් මෙන්න මෙහෙම.

X boot මෙතැනදී X අකුරෙන් කියන්නේ, excused කියන එකයි. ඒ කියන්නේ, මේ රෝගියාට, 'බූට් නොපැළඳ සිටීමට නිර්දේශ කරනු ලැබේ' කියන එකයි. ඒ පුද්ගලයාට අණදෙන තැනැත්තා බැඳී සිටිනවා, ඒ වෛද්‍ය නිර්දේශය පිළිපැදීමට. ඒ නිසා, ඒ රෝගියා, බූට් නොපැළඳ කළ හැකි රාජකාරියක පමණයි යොදවන්නේ. පහළින් තියන ඒවා, ඒ අනුව හිතාගන්න පුළුවන් නේද?

X Belt

X Shave

X Uniform

X PT

X Cap

X Weapon

X Drill

X Night Duty

(බොරුනම් කියන්න එපා. කවුද ඔයාට කිව්වේ එහෙම තියනවා කියලා? X Jockstrap, X Brassiere, කියලා දුන්නොත්, නියමෙට තියෙයි. විහිලු කරන්නේ නැතුව මේක අහගෙන ඉන්න)

   හතරවැනි එක, Attend C මේ වර්ගීකරණය දෙන්නේ, සෙබලා යන වර්ගීකරණයට අයත් සියලු දෙනාට. මෙයින් කියන්නේ, ඔහු/ඇය කඳවුර තුළ, තම නිවස්නයේ, විවේකයෙන් සිටිය යුතු බවයි. මේ විදිහට නිළධාරියකු Commissioned Officer විවේකයෙන් තැබිය යුතුනම්, වෛද්‍ය නිර්දේශයේ සඳහන් වෙන්නේ, SIQ = Sick In Quarters යනුවෙන්.

   සාමාන්‍ය රෝහලක වගේම, හමුදා රෝහලේ නේවාසික රෝගියකුව ඉන්නවිටත්,  කෑම ගැන සීමාවන් පනවනවා නේද? හමුදා රෝහලේ දී, no diet කියන නිර්දේශය සඳහන් වුනාම, සමහරු බය වෙනවා, කාලා හමාරයි කියලා. නමුත් එහි තේරුම තමයි, ආහාර සඳහා සීමා කිරීමක් නැත කියන එක. හප්පෝ.....හමුදා රෝහලේදී නම් දෙනවා, කාලා ඉවර කරගන්න බැරිතරම් පෝෂ්‍යජනක දේවල් අඩංගු, ඉතා ඉහළ මට්ටමේ කෑම වේලක්. 

   ප්‍රශ්න ඇති නේද සෑහෙන්න? අහන්න ඕනේ තරම්. 

  හැබැයි, මොළේ අමාරුකාර, අපහාසාත්මක ප්‍රශ්න/ප්‍රකාශ, දුටු තැන කපාදානු ලැබේ.

ලක්‍ෂ වාරයක් ඉක්මවමින් මේ අඩවිය වෙත පැමිණි ඔබ සැමට මගේ ප්‍රණාමය!



2015 ජූනි මස 13 වැනි දින 1409 පැය

44 comments :

  1. ප්‍රශ්න අහන්න කියෝපුවා තේරෙන්න එපායැ :e
    මූලික වෛද්‍ය පරීක්ෂණයකදි හසුනොවන, ඒ ඒ ප්‍රදේශවල හැටියට ඇතිවිය හැකි අසාත්මිකතා වගේ දේවල් තියෙන්න පුළුවන් නේද? සමහරක් එහෙම රෝගවලට රටේ ප්‍රකටම වෛද්‍යවරුන්ගේ පවා ප්‍රතිකාර අසාර්ථක වෙනවානෙ.

    ReplyDelete
    Replies
    1. හා... හිට්ස් ලක්ෂය ලැබීම ගැන අපේ සැලියුට් එක!

      Delete
    2. ඔය තියෙන්නේ මධු ප්‍රශ්න. මේ මූලික වෛද්‍ය පරීක්‍ෂණයෙදී හසු නොවන සමහර රෝග, පසුව මතුවූ අවස්ථා තිබෙනවා. එහිදී කරන්නේ, පුළුවන් තරම් හමුදාවෙන් ප්‍රතිකාර ලබා දීලා (හමුදා රෝහලේ පහසුකම් නැත්නම් ජාතික රෝහලට යවනවා) රෝගය සුව කරන්නයි. එහෙම බැරිවුනොත් ඔහුට/ඇයට හමුදාවෙන් ඉවත්වන්න සිදුවෙනවා.

      සුබපැතුමට ස්තුතියි.

      Delete
  2. විචාරක තුමා ලක්ශෙට කොඩිය දැම්ම එහෙනම්.. මෙන්න ඒ ගැන පළවෙනි සැලියුට් එක.
    අනික.. ඔය පුල්හීං කතාව මං ඇහුවමයි නේ. ප්‍රොසීඩියර් නං ඉතින් ඕල්මොස්ට් සේම් නාහෙත්.. ටර්ම්ස් නං ටිකක් වෙනස්. ඕව මෙතන කතා කරන්න ගිහිල්ල මොකටද කයි කතන්දර අහගන්නේ නේද? හැක්. මෙන්න දෙවෙනි සැලියුට් එක දීපු දැනුමට.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මමත් ඔය හිට්ස් කවුන්ටරේ ලක්ෂය පැනලා තියනවා දැක්කේ අද උදේ. ඕක දිහා වැඩිය බැලෙන්නේ නෑ. මගේ වර්ඩ්ප්‍රෙස් අඩවිය නම් දැනට ලක්‍ෂ දෙක පැනලා.

      මම හිතුවේ මේ පිළිවෙත ත්‍රිවිධ හමුදාවටම පොදුයි කියලා. නරකද ඔයාගේ අඩවියේ ලිව්වොත් නාවික හමුදාවේ පිළිවෙත ගැන.

      සුබ පැතුමට ස්තුතියි.

      Delete
    2. ලේ ඛමි යට කිව්වට වැඩක් නෑ... නාහෙට උඩින් වැඩ කියන්නෙ..

      Delete
    3. ඕකා මහා කම්මැලියෙක් ලබ්ස්. තලවාකැලේ ගියාම ඕකව දාමු ඉහළ කොත්මලේ ජලාශයට. ඕකා ඇත්ත නේවි කාරයෙක් නම්, පීනලා ගොඩ එන්නේ නැතෑ.

      Delete
    4. වතුර හීතලයි නම් ඉතින් ගිලිල මළත් අතපය හොල්ලන්නේ නම් නෑ.. පීනනව බලන්නනම් ඉතින් හීටරයක් හරි ගහල ජලාශේ රත් කොරල ඉන්න වෙයි.

      Delete
  3. ලහි ලහියෙම දස ලස්සෙත් ලැබේවා...!
    මේ ක්‍රම විධි දැන ගත්තාම කුඩා සමාජ ඒකකයකට උනත් අදාල විදිහට ඇප්ලයි කොරගෙන සාමෙන් සමාදානෙන් ඉන්නත් ඇහැකි වගේ.. ඒකනෙ මේවා වටින්නෙ...
    ජයවේවා..!!!

    ReplyDelete
    Replies
    1. අම්මෝ දස ලක්ෂයක් නම් එපා. ඇත්තටම හිට්ස් බලාගෙන නෙවෙයිනේ අපි කවුරුත් ලියන්නේ. නමුත් කියවන්න යමක් ඇති නිසා තමයි බොහෝ දෙනෙක් එනවා ඇත්තේ.

      මේ ලබාදෙන හමුදා දැණුම නිසා හමුදාව ගැන තිබෙන යම් යම් වැරදි අවබෝධ දුරුවේවා කියන අදහසින් තමා ලියන්නේ.

      ස්තුතියි ඇගයීම ගැන.

      Delete
  4. එල ද බ්‍රා අයියන්ඩි එල ද බ්‍රා..
    මම පට්ට කැමති මේ විස්තර දැන ගන්න..
    මගේ ඡිවිතේ සැබැ නොවුන සිහිනයක්..හමුදාව..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මෙන්ඩො. අපි කාගේත් ජීවිත වල තියනවානේ ඉටු නොවුණු බලාපොරොත්තු. ඔව්වා ඔහොම තමයි.

      Delete
  5. ලස්සෙට සුබ පැතුම් !

    හොඳ විස්තරයක්.
    //දිගටම ලෙඩේ තියනවානම්, හමුදාවෙන් නීත්‍යානුකූලව අස්කරනවා//
    ඉතිං මේකෙදිත් වෙන්නෙ දඬුවමෙන් ගැලවීම නොවේද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සුබ පැතුමට ප්‍රසන්න.

      රෝගී තත්වයක් නිසා හමුදාවෙන් ඉවත්වීම හොඳ දෙයක් නෙවෙයි නේද? ඊට පස්සේ එයා ජීවත් වෙන්නේ කොහොමද? විශ්‍රාම ලබන්න තරම් සේවා කාලයක් සම්පූර්ණ කර නැත්නම්, එකවර ලැබෙන දීමනාවක් විතරයි හිමිවෙන්නේ.

      Delete
  6. නොදන්නා විස්තරයක් ඉදිරිපත් කලාට ස්තුතීය... ඒ වගේම ලක්ෂෙට සුබ පැතුම්....

    ReplyDelete
    Replies
    1. ඔබේ දැණුමට යමක් එක්වුණා නම් මට සතුටුයි.

      ස්තුතියි ඇගයීම සහ සුබ පැතීම ගැන.

      Delete
  7. හිට්ස් ලක්ෂය පිලිබදව උණුසුම් සුභපැතුම්!
    හමුදාවට යන්න පට්ට ආසාවෙන් ඉන්න පොරක් විදියට මට මාර වැදගත් මේක.
    කොහෙද ඉතින් කියලා වැඩක් නෑ කල්‍යාණ මිත්‍රයා අලුත් පෝස්ට් දාන්නෙ නෑනේ නේවි එකගැන.පොර අල්ලගන්න පුලුවන් මෙහෙදි විතරයි.ඒ හින්දා මේකෙම අනතුරු ඇගවීම දැම්මා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සුබ පැතුමට. ඔබේ, හමුදාවට යාමේ බලාපොරොත්තුව ඉටුවේවා! කියා ප්‍රාර්ථනය කරනවා.

      කල්‍යාණ මිත්‍රව ඊළඟට හම්බවෙන දවසේදී මම ඕකට දෙකක් අනින්නයි ඉන්නේ නේවි එක ගැන ලියපිය කියලා.

      Delete
    2. ම(ල්)ලියා.. ඔහොම තමයි බං දඬුවමක් ලැබෙන්න තියෙනවනම් ඒක විඳවලාම ඉවර කරන එක හොඳයි.. හැක්.

      Delete
  8. නිකං විහිළුවට වගේ කියන්නෙ
    2006- 07 වගේ කාල වල ගත්ත කොල්ලො න් නෙ ඔය මුකුත්ම බැළුවෙ නෑ වගේ හිහි
    දකුණු අතේ දබරැගිල්ල වැඩ නං ගත්ත හිහි(පල් ජෝක් එකක් හි)
    මොකෝ උං සර්විස් එකේ ඉන්නවට වඩා ගෙදරනෙ.
    එහෙම ඉදල ගිය ගමං දාන්නෙම ෆ්‍රන්ට් ලයින් ඉතිං ආයෙත් ගෙදර. හිහිහිහිහි

    ReplyDelete
    Replies
    1. පිස්සුද මහේෂ්? ඒ කාලේ මෙන්න මෙහෙම දේවල් නම් කළා. උප්පැන්න සහතිකේ පියාගේ නම නැති කොල්ලන්ගේ උප්පැන්න සහතික හැදෙව්වා දිස්ත්‍රික් ලේකම්ලාට කාරුණිකව කියලා. අපි සමහර ප්‍රින්සිපල්ලා ළඟට ගිහින් කාරුණිකව ඉල්ලුවා 9 වසර පාස් කියලා අධ්‍යාපන සහතිකය දෙන්න කියලා. ඒ ඉල්ලීම් ඉටුවුනා.

      නමුත් වෛද්‍ය පරීක්ෂණයෙන් අසමත් කාවවත් ගත්තේ නැහැ. පසුව ප්‍රශ්න එනවා එහෙම කලොත්.

      Delete
  9. සුබ පැතුම් !

    ReplyDelete
  10. ඒ කාලෙ x-shave ගහනවා මාසෙකට දෙකකට සැරයක් විතර. කොලේ ලියාගන්නෙ දන්තයාට කියලා. කොහොමහරි දවස් දෙක තුනක් රේසරේට නිවාඩු දෙනවා :-)

    ReplyDelete
    Replies
    1. බොහොම කාලෙකට පස්සේ. කොහොමද සැපදුක්?

      හම්මෝ..........මමත් කම්මලිම වැඩක් තමා රැවුල කැපිල්ල. මතකද 'කොතේ' රැවුල නොකපම හිටියා?

      Delete
  11. මේ දේවල් ගැන දැනන් හිටියේ නැති හන්දා මේක ලියපු එක සෑහෙන්න වටිනවා..

    හිට් ලක්ෂයට සුබ පැතුම් මහත්තයෝ..

    ReplyDelete
    Replies
    1. බොහෝ දෙනෙක් නොදන්නා හමුදා තොරතුරු ඉදිරියේදීත් ලියන්නම්.

      සුබපැතුමට බොහොම ස්තුතියි.

      Delete
  12. දරුනුවටම යුද්දේ තිබුන කාලෙත් හැමෝගෙම මෙහෙම වෛද්‍ය පරීක්ෂණ කලාද?එහෙම නැත්නම් ඒවායින් කොටසක් විතරද කලේ?

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම සම්පූර්ණ පරීක්‍ෂණය කළා. ඒ වෙනුවෙන් ක්‍ෂේත්‍ර හමුදා රෝහල් Army Field Hospitals වල සේවය ලැබුණා.

      Delete
  13. විචා අංකල්.. මං ඇත්තටම දැනං හිටියේ නැති දෙයක්..

    යකෝ ඔය ලස්සනේ බාගෙකට වඩා මං ගාටපුවා.. හැක්

    ReplyDelete
    Replies
    1. ඇත්තටම දේශ්, නීත්‍යානුකූල හමුදාවක් පවත්වාගෙන යන්නේ ඉහල වෘත්තීය මට්ටමෙන්. සමහරු හිතන්නේ/කියන්නේ වෙඩි තියපන් කිව්වම වෙඩි තියන්න විතරක් දන්නා පිරිසක් කියලනේ.

      හැක්. උඹටත් මම පනස් දාහක් විතර දෙන්නම්කො.

      Delete
  14. අස්වෙලා ඇමරිකාවට යන්න කලින් ගෝටාබය රාජපක්‍ෂ ඔය පුල්හීම්ස් එක අසමත් වෙන්න ඇති නේද?

    ReplyDelete
    Replies
    1. ඔහු අස්වුනේ කොයි ආකාරයෙන්ද කියලා මා දන්නා නැහැ. නීත්‍යානුකූලව අස්වුණා නම්, අනිවාර්යයෙන් මේ පරීක්ෂණය තියනවා. අසමත් නම්, ප්‍රතිකාර ලබාගන්න වෛද්‍යෝපදේශ ලබාදෙනවා.

      Delete
  15. Replies
    1. තමුන්නැහේ තමයි මේ ලස්සේ ගන්න පාර කැපුවේ. බොහොම ස්තුතියි.

      Delete
  16. ලංකාව පුරා හමුදා රෝහල් නෑ නේද? එතකොට විශ්‍රාම ගත්ත කෙනෙක්ට හමුදා රෝහලකින් බෙහෙත් ගන්න අමාරුයි නෙද?රජයේ රෝහලක හා හමුදා රෝහලක විශේෂයක් තියෙනවද? (හමුදා සාමජිකයෙක් තමන් හමුදා නිලදාරියෙක් ලෙස රජයේ රෝහලකදී සදහන් කලොත් ඔහුට හමුදා රෝහලක සිටිනවා මෙන් ඉන්න බැරිද) {dulitha}

    ReplyDelete
    Replies
    1. පහත දැක්වෙන ස්ථාන වල හමුදා රෝහල් තියනවා. කොළඹ, පනාගොඩ, අනුරාධපුර, යාපනය. මේ හැර පහත දැක්වෙන ස්ථාන වල හමුදා ක්‍ෂේත්‍ර රෝහල් තියනවා වවුනියාව, ත්‍රිකුණාමලය, මඩකලපුව, ගාල්ල, දියතලාව. මේ හැම තැනකින්ම විශ්‍රාමික යටත් බෙහෙත් ගන්න පුළුවන්. මේ රෝහල් පරිගණක ජාලගත කර ඇති නිසා එක වරක් කොළඹින් බෙහෙත් ගත්ත කෙනෙකුට පහසුවෙන් වෙනත් තැනකින් බෙහෙත් ගන්න පුළුවන්.

      රජයේ රෝහලකට වඩා 200% ක් පිරිසිදු, නවීන පහසුකම් වලින් යුත්, බිම පැදුරක ඉන්න නොවෙන, ඖෂධ හිගයක් නැති, කාර්ය මණ්ඩලය වැඩ වර්ජනය නොකරණ, වෙලාවට සියලුම වෛද්‍ය පරීක්‍ෂණ කෙරෙන, ආහාර සහ ඇඳුම් පිටතින් ගේන්න සිදු නොවෙන, එක තමයි හමුදා රෝහලක වෙනස.

      රජයේ රෝහලකට ගොස් මා හමුදාවේ විශ්‍රාමිකයකු බව කිව්වාට කිසිදු විශේෂත්වයක් ලැබෙන්නේ නැහැ. එහෙම විශේෂත්වයක් බලාපොරොත්තුවීම අසාධාරණයි එක අතකට.

      Delete
  17. MAMATH ME DAWASWALA EX DUTY. KOHOMADA NIYAMAI NE

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, ආපහු ඩියුටි පටන් ගන්නකොට ex duty හිටිය ඒවගේ පොලියත් එක්ක ගෙවන්න වෙයිද?

      Delete
  18. අලුතෙන් දෙයක් දැන ගත්ත.

    ReplyDelete
    Replies
    1. ඔබේ දැණුම දියුණුවීම මට මහත් සතුටක්.

      Delete
  19. Replies
    1. බොහොම ස්තුතියි. තවත් අයගේ දැනුමට යමක් එක්වනු ඇති.

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }