හෙහ් හෙහ් හෙහ්, ඔය ඇත්තෝ කැමති ටෑර් දක්කන්ටද පට්ටං ගහන්ටද කියලා, ඔය ඇත්තෝම තීරණය කොරන්ට. ඒ මොකෑ කිව්වොත්, ඔය දෙකෙන්ම කාටවත් අගුණයක් වෙන්නේ නෑ. ගුණයක් මිසක්කා. අද අපි ගහන්නේ මොබයිල් ගේම්. නිකං අත්දෙකේ මහපට ඇඟිලි දෙකයි, තමන්ගේ ඇස් ගෙඩි දෙකයි, මොළෙයි, නරක් කරගන්නවා විතරයි.
මෙහෙන් 'රාජ්ජ ප්‍රොතිපත්ති' හදනවා, පාසල් දරුවන්ට සීනි කවන්ට එපා, පාන්පිටි කවන්ට එපා, පැණිබීම පොවන්ට එපා, ක්ෂණික ආහාර කවන්ට එපා, කිය කියා. ඉස්කෝලෙට ගේන කෑමත් ප්‍රමිති ගතකොරලා තියනවා. නමුත් අද මේ ලිපිය ලියන්ට හිතුනේ, කුරුණෑගල නගරයේ, ප්‍රධාන පාසලක් අසල කඩයකට ඇවිත්, අර තහනම් කෑම බීම හිතේ හැටියට වළඳන, පාසල් දරුවෝ සහ, උන්නේ අම්මා අප්පලා දුටුව නිසයි.
උන්ට අරවා ගිල්ලවලා, ඉක්මනට දක්කනවා, හවස් වරුවේ ටියුෂන් පන්ති වලට. නැත්තං අම්මලම ඇදගෙන දුවනවා. පහේ ශිෂ්‍යත්වෙට ඉන්න එවුන්ගේ පංති ඉවරවෙන්නේ, රෑ 8.00 ට. පන්සලේ බෝධි පූජාව, බාගෙට ඉවරකරලා දුවනවා, ළමයව අර පන්තියෙන් මේ පන්තියට ගෙනිහින් දාන්න. පාන්දර 4.00 ට පන්තියට යවලා, උදේ 7.30 ට ඉස්කෝලෙට ගෙනත් දානවා. ඇයි යකෝ ඊට වැඩිය හොඳයි, උන්ගේ බෙල්ල මිරිකලා දාපන්කෝ ඇලකට.
ඒක එහෙමම තියාගෙන තව පැත්තකට හැරෙමුකො. ඉස්කෝලවල තියනවා නොයෙක් නොයෙක් ආකාරයේ ක්‍රීඩා. පලවෙනි එක කිරිකැට් කෙලිය නේ. තමන්නේ පුතා කිරිකැට් කෙලියට දමාගැනීම සඳහා, සමහර අම්මලා, කිරිකැට් පුහුණු මහත්තරුත් එක්ක, 'සුඛ ලබ්බති' කියලා, පොළොවේ අත ගහලා, සත්තයි කියන මගේ මිත්තරයෙක් ඉන්නවා. 'වරෙන් පෙන්නන්න' කියලා මට අඬ ගැහුවත්, අනේ අපිට මොකටද අප්පා, ඔය අනුන්ගේ වහුකුණු.
සමහර පාසල් වල නෙට්බෝල්, වොලිබෝල්, හොකී, මෙකී නොකී කණ්ඩායම් වලට, දරුවන් ඇතුළු කරගන්ට, දෙමව්පියෝ නොයෙක් දොල පිදේනි පූජා කොරන බවත්, ප්‍රසිද්ධ මහා රහසක්. තමන්නේ ළමයා, ක්‍රීඩා අංශයෙන් ඉහලට යනවා දකින්ට, ඔලිම්පික් ගිහින්, ලෝකඩ පදක්කමක් හරි ගන්නවා බලන්ට, කොයි අම්ම අප්පද අකමැති?
අපේ 'අජ්ජාපොන ප්‍රොතිපත්ති' අනුව, කාලෙන් කාලෙට එනවනේ නියෝග, ඉස්කෝල බූමියේ, තුම්මුල්ල, පෙම්මුල්ල, හුටා නෑ නෑ, 'සෙල්ලම් මිදුල' කියලා එකක් හදපියව්, ළමයින්ගේ කිරීඩා කුසලතා, ආකල්ප, ගුලි කල්ක, හුටා.......ආයෙත් වැරදුනා, වර්ධනය/මර්දනය කොරන්ට කියලා. ඉතින් සල්ලිකාර දෙමව්පියන් ඉන්න ඉස්කෝලවල, නානාප්පොරකාර වැඩකෑලි ගෙනත් හයිකොරවා ගන්නවා. ටික දවසකින් ළමයින්ට එව්වා එපා වෙනවා. උන් කැමතිම මොබයිල් ගේම් වලට. ඉස්කෝලේ ඇරිලා එන ළමයි, නගරයේ සුපිරි වෙළඳසල් සංකීර්ණයේ පිහිටි, කොම්පියුටර් කඩ ගානේ යනවා, ගේම් සීඩී ගන්න හෝ ගේම් ගහන්න. ඒ ගේම් ගහන ගමන්, සමහර කොම්පියුටර් කඩ කාරයෝ, උන්ට තව තව ගේම් පෙන්නනවා. එදා ඉඳලා උන් බලන්නේ එව්වා. එතැනින් එහා කොටස තමුන්නාන්සේලා දන්නවා.
'හොඳ මනසක් ඇතිවෙන්නේ, නීරෝගී සිරුරක් තුළයි' කියලා, කියමනක් තියනවා නේද? ඉතින් අපේ ළමා පරපුරේ මනස නීරෝගී ද නැද්ද කියලා, 'හුරුදය සාක්කියට' එකඟව හිතන, අම්මලා අපුච්චලාට වැටහෙනවා ඇති. වැටහුණත් නොවැටහුණා වගේ ඉඳීමේ කලාව ප්‍රගුණ කර තිබෙන නිසා, එන්නා සෙයියරදු? මෙන්න පහුගිය ඉරිදා ලංකාදීපේ, දොස්තර නෝනා කෙනෙක් කියලා තියන දේවල් වලින්, ටිකක්.
මේ ලිපිය තව ගොඩක් දිගයි. සම්පූර්ණ ලිපියම කියවා බලන්න කියා, මම තමුන්නාන්සේලාට ආරාධනය කරනවා, බොහෝම කාරුණිකව.
මහත්වරුනි, මා මෙයින් අදහස් කරන්නේ, 'බුදු ආ...ම් ම් ම් මෝ.......ඔය කොම්පියුටර් කියන ජාතිය ළමයින්ට පෙන්නන්නවත් එපා' කියා, ගොබ්බ අදහසක් ප්‍රකාශ කිරීම නෙවෙයි. තමුන්නාන්සේලාගේ හිතට එකඟව හිතාබලන්න, අද ඔව්වා පාවිච්චි කරන, අලුත් ජංගම දුරකථන පාවිච්චි කරන, පාසල් දරුවන්ගෙන් බහුතරය, දෙමව්පියන්ගේ අධීක්ෂණය යටතේ එහෙම කරනවාද නැද්ද කියා. උත්තරය නැහැ කියන එකනේ.
අඩුගානේ ඉරිදටවත් මේ දරුවන්ට විවේකයක් නැහැනේ. එදාටත් දහම් පාසල් යවන්නම වෙනවා. දහම් පාසල් සහතිකයට ලකුණු ලැබෙන නිසා. වෙහෙස වෙලා ගෙට රිංගන දරුවන්ට, එකම විනෝදෙ පරිගණකය, ජංගම දුරකථනය, රූපවාහිනිය පමණයි.
අද හවස මම බලාගෙන හිටියා, අපේ ගෙවල් ළඟ ළමයි ටිකක්, එළිමහනේ සෙල්ලම් කරනවා. වාසනාවන්. මොනවා හරි කරලා දැඟලුවාම, ඒ පොඩි එවුන්ට ශාරීරික ව්‍යායාමය වගේම, මනසට නිදහසකුත් ලැබෙනවා. කොච්චර හොඳද. හැබැයි ඒ ළමයි අපේ ජනාවාසයට එන පාරේ තමයි දුව පැන්නේ. නොසැලකිලිමත් කමින් වාහනයක හැපීමට ඇති ඉඩකඩ බොහොම වැඩියි. ජනාවාසයටම වෙන්වූ පොදු ක්‍රීඩාංගණයට ඔවුන්ව එක්ක යන්න කවුරුවත් නැහැ. දෙමව්පියෝ රස්සාවට ගිහින්. ගෙවල්වල ඉන්නේ අපි වගේ වයසක අය.
මම අද මේ ළමයින්ට, පරණ වැඩක් කියලා දුන්නා. ඒ තමයි, අපි පොඩි කාලේ කරපු, 'ටෑර් දැක්කිල්ල' ඔය ඇත්තන්ට මතකැයි, එහෙම දෙයක් තිබුණා කියලා ඉස්සර? ඔන්න බලන්ඩකො ඔය පහල පින්තූරවල ඉන්න අයියලා ටෑර් දක්කන හැටි. නෑ නෑ ඒ මම කියලා දීලා නෙවෙයි. මෙව්වා ජාලයෙන් හොයාගත්ත පින්තූර.
මහත්වරුනි, මා මෙයින් අදහස් කරන්නේ, 'බුදු ආ...ම් ම් ම් මෝ.......ඔය කොම්පියුටර් කියන ජාතිය ළමයින්ට පෙන්නන්නවත් එපා' කියා, ගොබ්බ අදහසක් ප්‍රකාශ කිරීම නෙවෙයි. තමුන්නාන්සේලාගේ හිතට එකඟව හිතාබලන්න, අද ඔව්වා පාවිච්චි කරන, අලුත් ජංගම දුරකථන පාවිච්චි කරන, පාසල් දරුවන්ගෙන් බහුතරය, දෙමව්පියන්ගේ අධීක්ෂණය යටතේ එහෙම කරනවාද නැද්ද කියා. උත්තරය නැහැ කියන එකනේ.
අඩුගානේ ඉරිදටවත් මේ දරුවන්ට විවේකයක් නැහැනේ. එදාටත් දහම් පාසල් යවන්නම වෙනවා. දහම් පාසල් සහතිකයට ලකුණු ලැබෙන නිසා. වෙහෙස වෙලා ගෙට රිංගන දරුවන්ට, එකම විනෝදෙ පරිගණකය, ජංගම දුරකථනය, රූපවාහිනිය පමණයි.
අද හවස මම බලාගෙන හිටියා, අපේ ගෙවල් ළඟ ළමයි ටිකක්, එළිමහනේ සෙල්ලම් කරනවා. වාසනාවන්. මොනවා හරි කරලා දැඟලුවාම, ඒ පොඩි එවුන්ට ශාරීරික ව්‍යායාමය වගේම, මනසට නිදහසකුත් ලැබෙනවා. කොච්චර හොඳද. හැබැයි ඒ ළමයි අපේ ජනාවාසයට එන පාරේ තමයි දුව පැන්නේ. නොසැලකිලිමත් කමින් වාහනයක හැපීමට ඇති ඉඩකඩ බොහොම වැඩියි. ජනාවාසයටම වෙන්වූ පොදු ක්‍රීඩාංගණයට ඔවුන්ව එක්ක යන්න කවුරුවත් නැහැ. දෙමව්පියෝ රස්සාවට ගිහින්. ගෙවල්වල ඉන්නේ අපි වගේ වයසක අය.
මම අද මේ ළමයින්ට, පරණ වැඩක් කියලා දුන්නා. ඒ තමයි, අපි පොඩි කාලේ කරපු, 'ටෑර් දැක්කිල්ල' ඔය ඇත්තන්ට මතකැයි, එහෙම දෙයක් තිබුණා කියලා ඉස්සර? ඔන්න බලන්ඩකො ඔය පහල පින්තූරවල ඉන්න අයියලා ටෑර් දක්කන හැටි. නෑ නෑ ඒ මම කියලා දීලා නෙවෙයි. මෙව්වා ජාලයෙන් හොයාගත්ත පින්තූර.
තප්පර 10 - 15 පොඩි වීඩියෝ කෑලි දෙකතුනක් තියනවා, ටෑර් සෙල්ලම් ගැන. දන්නවද ටෑර් එකක් ඇතුලට රිංගලා පෙරලෙන හැටි. අපි පුංචි කාලේ මේ වැඩේ කලේ, වියන්ඩ පොල් අතු පොඟවන්ඩ දාලා තියන, පොඩි දිය කඩිත්තක් ළඟ. ටෑර් එක, ඒක ඇතුලේ ඉන්න කොල්ලත් එක්කම පෙරලිලා ගිහින්, අර පොල් අතු පොඟවන වතුරට තමයි වැටෙන්නේ. එතන ඉන්න දිය කූඩැල්ලෝ, කලිසම අස්සට රිංගලා සැප දෙනවා.
බලන්ඩකො මේ වීඩියෝ කෑලි.
මම කිව්වා නේද, පොඩි එවුන් ටිකකට, ටෑර් දැක්කිල්ල ගැන ටියුෂන් දුන්නා කියලා? මෙන්න මගේ ටියුෂන් පින්තූරේ.
හෙහ් හෙහ්, මේ විදිහට ටෑර් දක්කපු අයනම් තමුන්නාන්සේලා අතර ඇති. මතකද කළුතෙල් හරි, ගිරී......ස් හරි ටෑර් එක ඇතුලට දාලා, ඔය ලී දෙකෙන් දක්කපු හැටි? තමුන්නාන්සේලා පිත්තෙන් ටෑර් දක්කලා තියනවද? කිරිකැට් පිත්තෙන් නෙවෙයි, පොල්පිත්තෙන් පොල්පිත්තෙන්. ඕකනේ කියන්නේ. පිත්ත කිව්ව ගමන් .......... හරි හරි, මේකයි කතාව. අපි පොඩි එවුන් කාලේ, මෙන්න මෙව්වා පැද්දා මතකද? අපිනං ඉතිං පැද්දේ, ඔය රූපයේ තියනවා වගේ, රැජිනගේ රටේ හදපුවා.
දැන් මේකේ මේ ඉස්සරහ ටෑර් එක තියනවනේ. ඒක තමයි පොල්පිත්තෙන් දක්කන්නේ. වාහනේ අභාවයට ගියාම, ඒ කාලේ, අදවගේ කෑලි බෑලි අමතර කොටස් ගන්න ලේසි නෑ. ඉතිං නිකම්ම අහක දානවා. ඊට පස්සේ අපි කරන්නේ ඔය ඉස්සරහ රෝදේ ගලවාගෙන, 'ඉස්කෝප් කූරු' ටික කපලා ඇන්න, නිකම් විනෝදෙට, කඩේ යනකොට, නාන්න ඇලට දොලට යනකොට, දක්කාගෙන යනවා. දක්කන පිත්තක්, තමුන්නාන්සේලාට පෙන්නනම කියලා, මම හැදුවා. විනාඩි පහයි යන්නේ, මේකක් හදන්න.
මේකයි වෙන්නේ. පොල්පිත්තේ ඇතුළු පැත්තේ තියන කානුව වගේ කොටසෙන්, ටයරය පාලනය කරනවා. නිශ්චිත වේගයක් පවත්වාගෙන යාමේදී, ටයරය නොවැටී ගමන් කරනවා. පිත්තෙන් ටයරය හරවන්නත් පුළුවන්. මේ පින්තූරය ආදර්ශයක් නිසාත්, ට්රයිසිකල් ටයරයක් වෙනම පෙන්වන පින්තූරයක් සොයාගන්න අපහසු නිසාත්, මෙහි පෙන්වා ඇත්තේ බයිසිකල් ටයරයක්. නමුත් සිදුවන කාර්යය ඔබට වැටහෙනවා ඇති.
ඒ වගේම මේ පිත්තෙන් අපි, යකඩ දැතිරෝද දැක්කුවා. ඒ කාලේ විශේෂයෙන්, රබර් කම්හල්වල තිබෙන යන්ත්‍ර වලින්, කල් ඉකුත්වීම නිසා ගලවා ඉවත් කරන, අඟල් 12 ක් හෝ සමහරවිට ඊටත් ටිකක් ලොකු විෂ්කම්බයක් සහිත දැතිරෝද, මේ පිත්තෙන් දැක්කීම අපි කළා. දැතිරෝදය බර නිසා, ටයරය දක්කනවාට වඩා වැඩි ආරම්භක වේගයක් ගතයුතුයි. එමෙන්ම දැතිරෝදයේ ඝනකම, අඟල් භාගය නොඉක්මවිය යුතුයි. නැත්නම් පාලනය කරන්න බැහැ.
හරි, ඔන්න ඉතිං ටෑර් දැක්කුවා, දැතිරෝද දැක්කුවා, ඊළඟට මොනවද? ඇයි මම මුලදීම කියලා තිබුනේ, පට්ටං ගැන. හැබෑට මොකද්ද ඔය පට්ටම. නෑ නෑ, ඔය එක එක්කෙනාට ලැබෙන, පදවි තානාන්තර වගේ පට්ටමක් නෙවෙයි. ඒ කාලේ අපි පට්ටම කිව්වේ, බයිසිකලයකින් ගලවාගන්න 'රිම්' එකට. පට්ටම් දක්කනවා කියලත් කිව්වා, පට්ටං ගහනවා කියලත් කිව්වා, ඒ කාලේ.
මේක හරිම විනෝද වැඩක්. මොකද දන්නවද? පට්ටම දක්කනකොට ක්‍රී........න් ගාලා සද්දයක් එනවා. ඒකට හේතුව තමයි, පට්ටම දක්කන්නේ කම්බියකින් වීම. මොනවගේ කම්බියක්ද සුදුසු? අනේ මන්දා, ඒ කාලේ කොහෙන් ලැබුනද කියලා, පැන්සලකට වඩා හීනි කම්බි, අපට ලැබුනා. අද මේ වැඩේ කරනවානම්, හරියටම ගැලපෙන කම්බියක් තියනවා. ඒ තමයි, වාහන වල රේඩියෝ එකට, පිටතින් සවිකරන ඇන්ටෙනාවේ කම්බිය.
අඩි තුනක් විතර දිග කම්බි කෑල්ල, ඉස්කුරුප්පු නියනක මිට වගේ හදාගත්ත පොඩි ලී මිටකට හයිකරගන්නවා. මේකෙන් දෙආකාරයකට පට්ටම දක්කන්න පුළුවන්. එක ක්‍රමයක් තමයි අර ටෑර් එක දැක්කුවා වගේ දැක්කීම. කම්බිය පට්ටමේ කාණුවට වැටෙන නිසා හොඳින් පාලනය වෙනවා.
අනික් ක්‍රමය හරි විශ්මය ජනකයි. පට්ටම නිශ්චිත වේගයකින් ගමන් කරනවිට, පට්ටමේ උඩපැත්තෙන් කම්බිය තියපුවම, යෙදවෙන බලය නිසාත්, නොවැටී ඉදිරියට ගමන් කරනවා. මෙන්න මේ වගේ.
ඉතිං නරකද, මෙව්වා ටිකක් ආයෙත් ජනප්‍රිය (ළමාප්රිය) කරවා, උන්ගේ මොලයේ තියන කුණු කන්දල් ඉවත් කරන්න මාර්ගයක් පාදා ගත්තොත්? කොලපත් පදින්න, ගුඩු ගහන්න, චග්ගුඩු පනින්න, එහෙම උගන්නන්න පුළුවන් නම් යහපතක් වෙයි නේද?
2016 අගෝස්තු මස 11 වැනි දින 0603 පැය