අදින් වසර තිහකට පමණ පෙර දිනයක මා අක්කා කෙනෙකු කළේ මගේ නැගණියයි . වර්තමානයේ මෙන් පෙර සූදානම් සහිතව මෙලොව එළිය
දකින්නේ දුවෙක්ද ? පුතෙක්ද ? යන්න දැන ගැනීමට අවස්ථාව එකළ නොවීය.පැරණී සමාජයේ සරම හා කම්බාය යන සංඛේත මෙයට ලබා දී
තිබුණි. මගේ නැගණිය ඉපදුන දා ඇයව බැලීමට මා තාත්තා ද නැන්දා ද සමඟ රෝහලට ගිය අයුරු තවම මතකය. යන අතර මගදී තාත්තා මගෙන් ප්‍රශ්නයක් ඇසුවේය.
තාත්තා : ඔයා කැමති නංගියෙකුට ද ? මල්ලියෙකුට ද ?
මා විසින් ගත් කටටම කීවේ මා නංගියෙකුට කැමතියි කියාය.
අප රෝහලට යන විට අම්මා
රෝස පාට රෙද්දකට නංගී තුරුළු කරගෙන සිටියාය. මගේ පැතුම ඉටුවී තිබුණි.
ඉන්පසු
අපි ඇයව කුලී රථයතින් තාත්තාගේ මහගෙදරට රැගෙන ආවෙමු. ඇගේ මුහුණ පාට අද මෙන් මට මතකය. නිවෙසට
රැගෙන ආ විගසම මගේ පියා සිදුකළේ ඇගේ ඡායාරුප කිහිපයක් ගැනීමය. ඒ ඔහුගේ
පළමු විනෝදාංශය එය නිසාය. මගේ සහ නැගණියගේ කුඩාකළ ඇති ඡායාරූප ගොන්න මේ ලංකාවේ
කිසිම දරුවෙකුට නොමැති බව මම දනිමි. සිහිවටන එකතු කරන්නට ඔහු මෙන් දක්ෂයෙකු මම
නොදනිමි. මම ඇයව කුඩාකළ කකුලේ දමා නිදි කෙරෙව්වෙමි. ඇයව බලා
ගතිමි. ඇය සමග සෙල්ලම් කළෙමි. ඇයව
පාසැල් රැගෙන ගියෙමි .
වසර තිස්පහකට පසුව අද ඇය අම්මා කෙනෙක් වී මා ලොකු
අම්මා කෙනෙක් බවට පත්වී ඇත. පසුගිය දිනෙක ඇය සිඟිති දියණියකගේ මවක් වූවාය. ඇයව බැලීමට රෝහලට යනවිට පෙර සිදුවීම මගේ මනසට
නැගිණි. සිඟිති දියණියගේ රුව මගේ නැගණිය කුඩාකළ ගත් ඒ ඡායාරුව
මට සිහිගැන්වීය. අම්මා ද එය මා සමග කීවාය. පසෙකින්
සතුට දැනෙද්දී මගේ නෙතඟ කඳුලින් තෙත් වූයේ මිණිපිරියගේ සිනහව දකින්නට ඇගේ සීයා මෙලොව නැති නිසාය
සතුට දුක කඳුල ජීවිතයේ
ළඟම අපි සමඟ හැමදාම රැඳෙනු ඇත.
විචාරක දියණිය ප. ව. 17.00 පැයට