පසුගිය සති 2 ට තුන් වතාවක් මේ ලිපිය පලකිරීමට හැදුවත් එය සාර්ථක උනේ නෑ. ඉතින් මටත් තරහා ගිහින් වැඩේ ඇත ඇරියා. මේ උත්සාහය සාර්ථක උනොත් හරි .
මේ දවස්වල මුදල් ඇමතිවරු ගැන වැඩිපුර සඳහන් වන නිසා මටත් හිතුනා 1960 දශකයේ මුදල් ඇමති කෙනෙක් ගැන ලියන්න. ඔහු තමයි ආචාර්ය එන්. එම්. පෙරේරා. මේ සිදුවීමට මගේ පියත් සම්බන්ධයි .
එවකට මගේ පියා රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍ය භට ඛණ්ඩයේ අණදෙන්නා විදියට තමයි කටයුතුකරලා තියෙන්නේ. මේ විද්‍යාලයේ පිටටනිය මැද්දෙන් අඩිපාරක් තිබෙන අතර එම අඩිපාර කෙළවර වන්නේ කැළණි ගඟෙන් . පිට්ටනිය කෙළවරේදී මේ ආදී පාර ගුරු පාරක් බවට පත්වෙනවා මේ පාරෙන් මිනිස්සු පිට්ටනිය කෙලවරේ ඇති තාම නිවාස වලටත් කැළණි ගඟින් අනෙක්පස තිබුණු ගම්මාන වලට යාමටත් භාවිතා කළා.
ආචාර්ය එන්. එම්. පෙරේරා වාසය කළ රතු වලව්ව නමින් හැඳින්වුණු නිවස පිහිටියේ විද්‍යාලය ඉදිරිපිට පාරේ අනෙක් පසින් ( මෙය තවමත් පවතිනවා ) ඉතින් මේ තමයි කතාවේ පසුබිම
අදාළ සිද්දිය මෙසේයි .
දිනක් පාසල නිමවී මගේ පියා සිය ඛණ්ඩය පිට්ටනියේ පුහුණුවීම්වල යොදවමින් සිට තිබෙනවා. ඒ අතරතුර මගේ පියා දැක තිබෙනවා පිට්ටනියේ ඇත කෙලවරින් තුවායකුත් කරේ දමාගෙන දියනෑමට පැමිණෙන මුදල් ඇමතිතුමාව ඔහුගේ පිටුපසින් සබන් කෑල්ලක් හා බාල්දියක් අතින් ගත් සේවකයෙක් පැමිණ තිබෙනවා . කෙසේ උනත් මේ ඇමතිවරයෙක් නිසා නිසි ගෞරව දැක්විය යුතුනිසා මගේ පියා ඒ අවස්ථාවේ ඛණ්ඩයට විධාන කරනවා .
මගේ පියා - ඛණ්ඩය කල්බැලීම නවාතන් , ඛණ්ඩය සීරුවේින් සිටින්
මුදල් ඇමති තුමා - ඉලන්දාරියා මොකටද මේ පුහුණුවීම් ?
මගේ පියා - සර්, ලබන සතියේ රන්ටැඹේ යන්න .
මුදල් ඇමතිතුමා - ම්........... මෙතන කීදෙක් දැන් ඉන්නවද ?
මගේ පියා - 25 යි සර් .
එකෙනෙහිම ඔහු විසින් තම සේවකයාගේ කණටකර යමක් පවසා ඔහුව නැවත නිවසට පිටත් කොට ඔහුළඟ තිබූ බාල්දියද රැගෙන ඇමතිතුමා දිය නෑමට ගොස් තිබුණි. මගේ පියාද සුපුරුදු පරිදි ෆුනුවීම් යලි ආරම්භ කර තිබුණි. මද වීලාවක් ගිය පසු එතනට පැමිණියේ එව්වකට එම ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක් ව පවතී සිසිල හෝටලයේ සේවකයන් දෙදෙනෙකි . ඔවුන් විසින් බනිස් පෙට්ටියක් හා බීම පෙට්ටියක් පිට්ටනිය මැද තබා ගොස්තිබේ
මගේ පියාගේ භාෂාවෙන් කියනාවානම් දෙයක්ලැබුණුවිට ඉඩමේ හතර කොණ නොබැලිය යුතු නිසා බනිෂා බීම පෙට්ටියට වගකියූ ඔවුහු ඇමතිතුමාට පින් දෙමින් නිවෙස් වලට ගියහ .
විචාරක දියණිය 23.00 පැයට