හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

31 August 2017

මුදල් ඇමතිතුමාගේ සංග්‍රහය




පසුගිය  සති 2 ට තුන් වතාවක් මේ ලිපිය පලකිරීමට හැදුවත් එය සාර්ථක උනේ නෑ. ඉතින් මටත් තරහා ගිහින් වැඩේ ඇත ඇරියා. මේ උත්සාහය සාර්ථක උනොත් හරි .

මේ දවස්වල මුදල් ඇමතිවරු ගැන වැඩිපුර  සඳහන් වන නිසා  මටත් හිතුනා  1960 දශකයේ මුදල් ඇමති කෙනෙක් ගැන ලියන්න. ඔහු තමයි ආචාර්ය එන්. එම්. පෙරේරා. මේ සිදුවීමට මගේ පියත්  සම්බන්ධයි .

එවකට මගේ පියා රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා  විද්‍යාලයේ  ශිෂ්‍ය භට ඛණ්ඩයේ අණදෙන්නා විදියට තමයි කටයුතුකරලා තියෙන්නේ.  මේ විද්‍යාලයේ  පිටටනිය මැද්දෙන් අඩිපාරක් තිබෙන අතර එම අඩිපාර කෙළවර වන්නේ කැළණි ගඟෙන් . පිට්ටනිය කෙළවරේදී මේ ආදී පාර ගුරු පාරක් බව‍ට පත්වෙනවා මේ පාරෙන් මිනිස්සු පිට්ටනිය කෙලවරේ ඇති තාම නිවාස වලටත් කැළණි ගඟින් අනෙක්පස තිබුණු  ගම්මාන වලට යාමටත් භාවිතා කළා.

ආචාර්ය එන්. එම්. පෙරේරා වාසය කළ රතු වලව්ව නමින් හැඳින්වුණු නිවස පිහිටියේ විද්‍යාලය ඉදිරිපිට පාරේ අනෙක් පසින් ( මෙය තවමත් පවතිනවා ) ඉතින් මේ තමයි කතාවේ පසුබිම 

අදාළ සිද්දිය මෙසේයි .

දිනක් පාසල නිමවී මගේ පියා සිය ඛණ්ඩය පිට්ටනියේ  පුහුණුවීම්වල යොදවමින් සිට තිබෙනවා. ඒ අතරතුර මගේ පියා දැක තිබෙනවා  පිට්ටනියේ ඇත කෙලවරින් තුවායකුත් කරේ දමාගෙන  දියනෑමට පැමිණෙන මුදල් ඇමතිතුමාව  ඔහුගේ  පිටුපසින් සබන් කෑල්ලක් හා බාල්දියක්  අතින් ගත්  සේවකයෙක් පැමිණ තිබෙනවා . කෙසේ උනත් මේ ඇමතිවරයෙක් නිසා නිසි ගෞරව දැක්විය යුතුනිසා මගේ පියා ඒ අවස්ථාවේ ඛණ්ඩයට විධාන කරනවා .

මගේ පියා -  ඛණ්ඩය කල්බැලීම නවාතන් , ඛණ්ඩය සීරුවේින් සිටින්

මුදල් ඇමති තුමා -  ඉලන්දාරියා  මොකටද  මේ පුහුණුවීම් ?

මගේ පියා -  සර්, ලබන සතියේ  රන්ටැඹේ යන්න .

මුදල් ඇමතිතුමා -  ම්...........  මෙතන කීදෙක් දැන් ඉන්නවද ?

මගේ පියා -   25 යි  සර් .

 එකෙනෙහිම  ඔහු විසින් තම සේවකයාගේ කණටකර යමක් පවසා  ඔහුව නැවත නිවසට පිටත් කොට ඔහුළඟ තිබූ බාල්දියද  රැගෙන ඇමතිතුමා දිය නෑමට ගොස් තිබුණි. මගේ පියාද සුපුරුදු පරිදි ෆුනුවීම් යලි ආරම්භ කර තිබුණි. මද වීලාවක් ගිය පසු එතනට පැමිණියේ එව්වකට එම ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක් ව පවතී සිසිල හෝටලයේ  සේවකයන් දෙදෙනෙකි . ඔවුන් විසින් බනිස් පෙට්ටියක් හා බීම පෙට්ටියක් පිට්ටනිය මැද තබා ගොස්තිබේ 

මගේ පියාගේ භාෂාවෙන් කියනාවානම් දෙයක්ලැබුණුවිට  ඉඩමේ හතර කොණ නොබැලිය යුතු නිසා බනිෂා බීම පෙට්ටියට වගකියූ ඔවුහු ඇමතිතුමාට පින් දෙමින් නිවෙස් වලට ගියහ .


විචාරක දියණිය  23.00 පැයට




34 comments :

  1. අපිටත් ඔහෙ⁣ාම චාන්ස් සෙට් වෙනව practice දවසට ,oba එකේ කව්රුහරි ආවොත්.

    ReplyDelete
    Replies
    1. O/B එකේ අයත් එවැනි සංග්‍රහ පවත්වනවා තමයි . කමෙන්ටුවට ස්තූතියි
      විචාරක දියණිය

      Delete
    2. ඒ අයත් හරි හොඳයි තමයි ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි

      Delete
  2. පියා සිහිවන විට අදත් ඇස තෙත්වෙනවා

    ReplyDelete
    Replies
    1. මම මේ ලියන්නේ ඒ දුක තුනී කරගන්නයි. මගේ ජීවිතයම හිස් තැනක් .
      විචාරක දියණිය

      Delete

  3. සිංගප්ප‍ුරු වරාය අන්තර්ජාතිකව දියුණු ලාභ උපදවන වරායක් බවට පත් කිරීම සඳහා ඉමහත් දායකත්වයක් දෙනු ලැබුවේ ආචාර්‍ය එන් එම් පෙරේරා විසිනි. නවසිය පනස් ගණන්වලදී කොළඹ වරාය ඉහළ මට්ටමේ කාර්‍යබහුලත්වයක පසුවෙමින් ර‍ටේ ආර්ථිකයට විශාල ශක්තියක් සැපයූමුත් පනහේ දශකයේ එන් එම් පෙරේරා ගේ මූලිකත්වයෙන් සිදුවූ වර්ජන රැල්ලත් සමඟ කොළඹ වරායට තිබුණු තැන සිංගප්පූරුව අත්පත් කර ගන්නා ලදී. අද අපේ වරායන් මෙන් තිස් හතළිස් ගුණයක ආදායමක් සිංගප්ප‍ුරු වරාය උපයනු ලබයි‍.මේ නිසා සිංගප්ප‍ුරු වරාය එන් එම් පෙරේරා ගේ පිලිරුවක් ඔවුන් ගේ වරාය අභියස ඉදි කිරීම ගැන සිතිය යුතුය.

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ දේශපාලකයන් කියන්නේ නියම මහත්මා ගතිගුණ ඇති අය. මගේ පියා වරක් පැවසුවා කෑගල්ල කච්චේරිය ඉදිරිපිට එන්.එම්. පෙරේරා දිනලා ඩඩ්ලි පැරදුන වෙලාවේ අතට ඇත දීලා සුහදත්වයප්‍රකාශ කරා කියලා අද නම් කොහොමද ? එයයි සැබෑ වෙනස
      විචාරක දියණිය

      Delete
    2. අදත් එහෙමයි ... මට බැරි උනාට උඹ හරි චන්දදායක පාදඩයො ඇන්දුව නේද කියල දෙගොල්ල සතුටු වෙනවා

      Delete
  4. දැන් ඉන්නේ අපට බනිස් දෙන මුදල් ඇමතිලා නේමේ අපේ අතේ තියෙන බාගෙට කාපු බනිසත් උදුරා ගන්නා උන්.

    ReplyDelete
    Replies
    1. වෙනස ඒකයි කොළොම්පූර් මහත්තයෝ . ප්‍රතිචාරයට ස්තූතියි
      විචාරක දියණිය

      Delete
  5. ඇන් ඇම් පෙරේරා කියන්නෙ ජාතික වීරවරයෙක්

    ReplyDelete
    Replies
    1. ඒක අවිවාදයෙන් පිළිගත යුතුයි . ප්‍රතිචාරයට තුති
      විචාරක දියණිය

      Delete
  6. හමිමෙි දැන් ඉන්න මුදල් ඇමතිලා සාක්කුවේ තියන එකත් අරන් යන්නෙ....

    ReplyDelete
    Replies
    1. ලංකාවේ අතෙතය හා වර්තමානය මෙන්ම රටේ දියුණුව එයයි
      විචාරක දියණිය

      Delete
  7. ඇන්ඇම් දැක්ක ගමන් රුවන් මතක් උනා

    ReplyDelete
    Replies
    1. රුවන් දැක්ක ගමන් දේශා මතක් වුනා

      Delete
    2. ඉවාන් විචාරකට අපි මාමා කිව්වේ ඇයි කියලා මේක ලියන එතුවාගේ දියණිය දන්නේ නැතුව ඇති නේද

      Delete
    3. ඉවාන් දැක්කම මට ත්‍රීව්ල් එකක පශ්චත්බාගය මතක් උනා... හැක්

      Delete
    4. @ මැලේ රාළ - ශ්.....ශ්........ශ්...

      මොකක්ද දේශා ඒ බාගේ

      Delete
    5. විචාරකතුමාට විවිධ පර්ශවයන් විවිධ නම් කීව. ඒ ඔක්කොම නම් හරි ප්‍රසිද්ධයි .
      විචාරක දියණිය

      Delete
  8. කොතරම් හැකියාව තිබුනත් කුමන හෝ හේතුවක් නිසා සැබෑකරගත නොහැකි වූ හා මෙවනවිත් එය කවදාවත් සැබෑකරගත නොහැකි වී ඇති, ආසාවක් තිබුනාමට.......... ඒ විචාරකව සැබවින් හමුවීම......
    කාලයක් අපි මෙතන මොනතරම් දේවල් ලිව්වද කොමෙන්ටු ලෙස ......... අද මොනවත් ලියාගන්න බෑ වගේ

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි ජීවිතේ. මමත් ජීවිතේ මේකයි කියල තේරුම් ගත්තේ එතුමාගෙන් සමු ගැනීමෙන් පසුවයි.
      විචාරක දියණිය

      Delete
  9. ඇන්. ඇම්. එදා ඒ වෙනුවෙන් සිසිල බේකරියට සල්ලි ගෙව්වද කියන එක තමයි ප්‍රශ්ණේ.. එහෙම නොගෙව්වා නම් අපු අද විඳින්නේ ඒ නියපොත්තෙන් කඩා නොදාපු පිළිල වල මහා ආක්‍රමණයේ ප්‍රථිපල වෙන්න පුලුවන් .. මොනව උනත් ඒ කාලේ ඒ මිනිස්සු ජනතාව එක්ක ජිවත් උනා කියනෙක පැහැදිලියි

    ReplyDelete
    Replies
    1. එහෙම කළා කියලා හිතන්න අපහසුයි. ඔබ කියනවා වගේම ඔවුන් බොහොම නිර්ව්‍යාජව ජීවත් වූ මිනිසුන්
      විචරක දියණිය

      Delete
  10. අද ඉන්න ඇමැට්ටොනං ඒකටත් එක්ක.

    ReplyDelete
    Replies
    1. මග යාලුවෙක් කිවුවා එයාගේ තාත්තගේ ප්රෙස්සෙක වැහුවලු දේශපාලකයන්ට දෙන්නම් කාසි වලට පෝස්ටර් ගහලා අන්තිමට ඡන්දෙ ඉවරුනාම බල්ලෙක්වත් නෑ
      විචාරක දියණිය

      Delete
  11. පරණ අයගේ අත්දැකීම් අහන්න මම හරි කැමතියි... අපේ තාත්තටත් හොඳ දේශපාලන අත්දැකීම් තිබුන කෙනෙක්. මේ වගේ කතා පිරිලා තිබුනා. ඔහු අකාලයේ මිය යෑම මටත් දරන්න බැරි පාඩුවක්.

    ReplyDelete
    Replies
    1. පිය සෙනෙහසට කවි ගී ලියුවූනා මදි .......... ඔබ සහ මම පවු කරලා ඇති අකාලයේ පියා මියයන්න දැක්වූ ප්‍රතිචාරයට බොහොම ස්තූතියි.
      විචාරක දියණිය

      Delete
  12. 1998 කාලේ වගේ රුහුණු කුමාරියේ හවස ගෙදර යද්දී අපූරු වැඩක් උනා.. අම්බලන්ගොඩ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් එදා රුහුණු කුමාරියේ අන්තිම පෙට්ටියේ හිටගෙන යනවා දැකල එකෙක් කෑගහල කිව්වා " අම්බලන්ගොඩ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තුමෙක් හිටගෙන යනවා සීට් එකක් දීපල්ලා" කියල.. ඒකට උත්තර විදිහට තව එකෙක් කෑගහල කිව්වා " අම්බලන්ගොඩට කරපු එක හොඳ වැඩක් කිව්වොත් සීට් එකක් දෙනවා " කියල.. එතන හිතන්න කාරනා දෙකක් තිබ්බ.. පලවෙනි එක ජනතා චන්දයෙන් පත්වෙලා ගිහින් තමුන්ව පාර්ලිමේන්තු යවපු ජනතාවට සේවයක් කලාද කියන කාරනාව සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් සාමාන්‍ය ජනතාව විඳින සියලු දුක් ගැහැට විඳගෙන දුම්රියේ හිටගෙන යාම කියන කාරනාව..

    දේශපාලනය එදා සහ අද වෙද්දී "මම සහ මගේ පරපුර ගොඩයාමේ" ව්‍යාපාරයක් බවට පරිවර්තනය වෙලා.. රටේ මිනිස්සු "දේශපාලනය සහ සමාජ සේවය " කියන වචන වල අර්ථයවත් නොදන්නා තරමට මන්දබුද්ධික වෙලා.. ඉතිං රට දියුණු වෙයිද.. සංවර්ධනයේ නිර්ණායක මොනවද කියලවත් නොදන්නා මිනිස්සු හිතන්නේ පාරවල් වල කාර්පට් දැම්මාම රට දැන් සෑහෙන්න දියුණුයි කියල.. අද කාලේ දෙස්පාලුවෙක් පිට්ටනියක ප්‍රැක්ටිස් කරන ළමයින්ට බනිස් ගෙඩි සීයක් බෙදන්න බනිස් ලොරියක මුදලක් මාධ්‍ය ප්‍රචාරණයට වියදම් කරනවා.

    ReplyDelete
    Replies
    1. එදා සහ අද අතර වෙනස මේක තමයි එදා දේශපාලකයෝ විධියට ආවේ උගත් උපතින්ම දේපොළ හිමි උදවිය ඒ නිසා ඒගොල්ලන්ට තමන්ට හම්බකරගන්න ඕන කමක් තිබ්බේ නෑ. අද දේශපාලනයට එන්නේ ගමේම මිනීමරලා අපරාධ කරලා හිරේ ගිය චන්ඩි. උන් එන්නේ හත්මුතු පරම්පරාවටම හම්බ කරගන්න ඒකයි වෙනස
      විචාරක දියණිය

      Delete
  13. වෙනස.. සරලවම කිව්වොත් එච්චරයි..

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++
      විචාරක දියණිය

      Delete
  14. +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
    විචාරක දියණිය

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }