පහත පින්තුරය ගත්තේ මෙතනින්
මේ ලිපියෙන් මා ඔබට හඳුන්වා දෙන්නේ, යුදබිමේදී අපට යම් යම් දේ දර්ශනයවීමට හේතුවන සාධක මොනවාද යන්නයි. පාසල් ශිෂ්‍යභට පුහුණුව ලැබූ අයනම්, මේ විෂයය හදාරා ඇති. ඉතින් එවැනි අයට පුළුවන්, වඩාත් හොඳින් මා සමග සංවාදයේ යෙදෙමින්, මේ විෂයය නොදන්නා අයගේ දැනුම තවත් වර්ධනය කරන්නට.
මීට පෙර මා ලියන ලද සමහර ලිපිවල මෙන්ම, ඔබ විසින් විමසන ලද ප්‍රශ්න වලට පිළිතුරු දුන් අවස්ථා වලදීත්, සඳහන් කර ඇති, සාමාන්‍යයෙන් අපේ යුද හමුදාව පවත්වාගෙන යාමේ පදනම් කරුණු ලෙස, නැතහොත් පූර්වාදර්ශය ලෙස පවතින්නේ, බ්‍රිතාන්‍ය යුද හමුදාව බව. එයට හේතුව අප බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව සිටි නිසාත්, අප ත්‍රිවිධ හමුදාවේ ආරම්භය බ්‍රිතාන්‍ය පාලන සමයේදී සිදුවීමත් නිසායි. නමුත් අද අපි අපේම සම්ප්‍රදායන් පවත්වාගෙන යනවා. කෙසේ වෙතත්, න්‍යායාත්මක කරුණු වලදී, අපි තවමත් බ්‍රිතාන්‍ය හමුදා උපදේශන පොත් සහ ප්‍රකාශන (Pamphlets) පරිහරණය කරනවා. මේ ටික මා ඔබට කිව්වේ, මින් ඉදිරියට මා විස්තර කරන කරුණුද, එවැනි ප්‍රකාශනවලින් ලබාගන්නා නිසයි. නමුත් ඇමරිකානු හමුදාව, රුසියානු හමුදාව, චීන හමුදාව, වැනි හමුදාවක, මෙම න්‍යායාත්මක කරුණු, මීට වඩා තරමක් වෙනස් වන අවස්ථාද තිබෙන බව, මතකයේ තබාගන්න.
ඉතින් මොනවද යුදබිමේදී පෙනෙන දේවල්
හොඳ හොඳ දේවල් පෙනෙනවා. බොහොමයක් ඒවා මෙතන කියාගන්න බැරි එකයි දුක.
හොඳයි විහිලු පැත්තක තියලා අපි මාතෘකාවට බහිමු. න්‍යායාත්මකව සලකා බලනවිට යුද බිමේදී සෙබළකුට ඉදිරි භූමියේ ඇති පිහිටීම, විවිධ වස්තු, මිනිසුන්(සෙබළුන්) අවි ආයුධ සහ උපකරණ, වාහන, වැනි දෑ හඳුනාගැනීම කෙරෙහි බලපාන මූලික සාධක හයක් තිබෙනවා. ඉංග්‍රීසි භාෂාවෙන් මේ සාධක හැඳින්වීමේදී සාධක පහක් හඳුන්වන වචන පටන්ගන්නේ ඉංග්‍රීසි S අකුරෙන්. ඉතිරි සාධකය හඳුන්වන නම පටන්ගන්නේ ඉංග්‍රීසි M අකුරෙන්. ඒ නිසා මේ සාධක සියල්ල නම් කිරීමට ඉංග්‍රීසියෙන් 5 SM කියා කියනවා. යුද බිමේදී අපට මේ 5 SM තමයි පිහිටවෙන්නේ.
මොනවද 5 SM
1. SHAPE – හැඩය
2. SHADOW – සෙවනැලි රූප
3. SHINE – දිලිසීම
4. SPACING – පරතරය
5. SILHOUETTE – සිලුවට් (පසුබිම් ඡායාව)
6. MOVEMENT – චලනය
දැන් බලන්න S පහකුත් M එකකුත් තියනවා නේද? හොඳයි, අපි ඊළඟ ලිපියෙන් මේවා එකින් එක ගෙන අධ්‍යයනය කරමු. ලිපිය හිතාමතාම කෙටි කලේ මේ විෂයය පළමු වරට කියවන අයගේ අවබෝධයේ පහසුව සඳහා බව කරුණාවෙන් සලකන්න.
No comments :
Post a Comment