මෑතකදී මා කිසියම් අවශ්‍යතාවකට මගේ පොත් එකතුව අතර සැරිසරද්දී, මේ පොත නෙත ගැටුනා. මෙහි සඳහන් ඇතැම් සමාජ විද්‍යාත්මක තොරතුරු, අදවනවිට වෙනස්වී තිබේද නැද්ද යන්න මටනම් ප්‍රහේලිකාවක්. මේ පොතෙහි, මා විශේෂයෙන් අවධානය යොමුකළ පිටු කීපයක්, ඔබටත් පෙන්වා, ඔබේ අදහස් විමසන්නට සිතුන නිසයි, මේ ලිපිය පළකරන්නේ. පොතින් උපුටාගත්, පහත දැක්වෙන පිටු කියවා, ඔබේ අදහස් දක්වනමෙන් කාරුණිකව ඉල්ලනවා. හැබැයි එකක් මතකතබාගන්න. මේ ලිපියේ තිබෙන පොත් පිටුවල තිබෙන්නේ මගේ අදහස් නොවේ. ඒ නිසා ඔබේ අදහස් වලට පිළිතුරු දෙන්නට මට අයිතියක් නැහැ. එයින් පරිබාහිර දේවලට පමණක් පිළිතුරු දෙන්නම්.
වලව් හැදෙන්නේ මෙහෙමයි
උඩරට ගැන කියලා තියෙන්නේ මෙහෙමයි
ලංකාවේ සෑහෙන කලක් සේවය කොට යලි තම මව් රට වන එංගලන්තයට ගිය වුල්ෆ් 1960 දී ලංකාව බලන්න යලිත් එනවා. මේ 1960 දී ඔහු දුටු ලංකාව.
බුදු දහම ගැන වුල්ෆ් තුළ දැඩි පැහැදීමක් සහ විශ්වාසයක් තිබුණු බව පෙනෙනවා.
පොතේ වටිනාකමට සහ කතුවරයාගේ අයිතියට අසාධාරණයක් වන නිසා, මීට වඩා තොරතුරු දක්වන්න අමාරුයි. නමුත් මේ පොතේ ඇති කරුණු, සර්වකාලීන වටිනාකමක් තිබෙන ඒවා බව පෙනෙනවා. ඉතින් දැන් කියන්න ඔබට මොකද හිතෙන්නේ කියලා.
No comments :
Post a Comment