මෙම බ්ලොග් අඩවියේ ඉතිහාසයේ පළමුවැනි වතාවට, එකම දිනකදී, පාඨකයන් වැඩිම දෙනෙකු විසින් කියවනලද ලිපිය මෙන්ම, කෙටි කාලයක් තුළ වැඩිම පාඨක සංඛ්‍යාවක් විසින් කියවනු ලැබූ ලිපිය.
(ලිපිය පළ කළ පළමුවැනි දිනය තුළ පමණක්, කියවන ලද පාඨක සංඛ්‍යාව 703 යි. මුල්ම දින හතර තුළ පමණක් කියවන ලද පාඨක සංඛ්‍යාව 1799 යි) ඉහත සටහන 2013/05/23 දින ඇතුළත් කරනලදී.
මෙම ලිපිය පළකළ 2013/05/19 දින සිට 2013/05/29 දක්වා දින 10 තුළ ලිපිය කියවන ලද පාඨක සංඛ්‍යාව 3122 යි.
- අපි නොදන්නා, රහසිගතව තබාගෙන ඇති, ගිනි අවි වර්ග සමහර රටවල තිබෙනවා.විවිධ අලුත් ගිනි අවි මෝස්‌තර, අපි නොසිතන තරම් වේගයෙන්, නිරතුරුව බිහිවෙනවා. මේ නිසා වාර්ෂිකව අළුත් ගිනි අවි පිළිබඳ ජර්නල්, (තාක්ෂණික විස්තර පොත්) නිකුත් වෙනවා. සමහර ගිනි අවි වර්ග දැක තිබුනත්, ඒවා ගැන තාක්ෂණික තොරතුරු රහසිගත නිසා, ලබාගන්නට බැහැ. ප්‍රධාන මෝස්තරය එක වුනත්, ලෝකයේ සමහර රටවලදී, හැඩය විවිධ වෙනස්කම් වලට භාජනය කල අවි තිබෙනවා.
සාමාන්‍යයෙන් මම ඔබ සමග බොහෝවිට සාකච්ඡා කරන්නේ, ඔබ අපේ රටේ පාරතොටේ යනවිට, අපේ ආරක්ෂක හමුදා අතේ තිබෙනු දකින්නට ලැබෙන අවි ගැනයි. ඒ අවි ගැන ඔබට තිබෙන කුතුහලය එයින් තරමක් දුරට සංසිඳේ යයි මා සිතනවා. හැබැයි කෙනෙක් කියන්න පුළුවන් මම වක්‍රව අවි පුහුණුවක් දෙනවා කියලා. නමුත් හොඳින් මතක තබාගන්න. බයිසිකලයක් අතින්වත් අල්ලලා නැති කෙනෙකුට පුළුවන්ද, බයිසිකල් පැදීම ගැන දීර්ඝ විස්තරයක් කියවා, එක වරම බයිසිකල් පදින්න. බයිසිකලය දැකලා තියන නිසාත්, මිනිස්සු බයිසිකල් පදිනවා දැකලා තියන නිසාවත් සමහරවිට සෑහෙන සාර්ථකත්වයක් ලබන්න පුළුවන් වෙයි. නමුත් ගිනි අවි එහෙම නෙවෙයි. ඔබ දන්නවා ක්‍රියාදාම සහ යුද්ධ චිත්‍රපටිවල තුවක්කු හරඹ පෙන්වන හැටි. නමුත් ඒ දර්ශන වල ඉතා කලාතුරකින් තමයි පෙන්වන්නේ,
- වෙඩි තැබීම සඳහා මුලින්ම තුවක්කුව සූදානම් කරන ආකාරය,
- පතරොම් හිස්වූ විට පුරවන ආකාරය,
- වෙඩිතැබීමකදී තුවක්කුව හිර වුනොත් එය නිවැරදි කරගන්නා ආකාරය,
- තුවක්කුවේ සියලු කොටස්වල ක්‍රියාකාරිත්වය, ආදිය.
මා ඔබට කියාදෙන කරුණු වලදීත්, මා ඉතා ගැඹුරට නොයන්නේ, මගේ පරමාර්ථය ඔබට සරල අවබෝධයක් ලබාදීම විනා, අවි පුහුණු පන්තියක් පැවැත්වීම නොවන නිසයි. කවුරුන් හෝ මෙවැනි සටහනක් මගින් එසේ අවි පුහුණුවක් දෙන්නට උත්සාහ කරනවානම්, එය හරියට තැපෑලෙන් පිහිනීම උගන්න උත්සාහ කිරීමක් වගේ. කවදාවත්,
- 1. අවිය,
- 2. පුහුණුවන්නා,
- 3. පුහුණු උපදේශක,
එකතැන නොසිට අවි පුහුණුවක් ලබාදිය නොහැකියි. වීඩියෝවක් මගින් පෙන්නුවත්, අවිය අතට ගත්තමයි රඟේ තේරෙන්නේ. “තේරුනේ……දැන් තමයි”
හොඳයි ,එහෙමනම් අද මා රැගෙනවිත් තිබෙන අවි එළියට ගන්නම්. අපි මුලින්ම මේ දෙකෙන් ලොකු අවිය ගැන ඉගෙනගනිමු.
G3A3 ප්‍රහාරක රයිෆලය – G3A3 Assault Rifle
- මේ අවිය සෑහෙන්න බරයි.
- අපිට ලැබුණු මෝස්තරය අර T 56 අවිය වගේ මිට (බට් එක) නවන්න හෝ හකුලන්න බැහැ) ඒ නිසා එහෙ මෙහෙ ගෙනයාමේදී ටිකක් කරදරයි.
- හරියට ගැස්සෙනවා. ඒ වගේම හෙණ ගහනවා වගේ ලොකු හඬක් දෙන්නේ වෙඩි තියනකොට.
- අපිට ලැබුන මෝස්තරය අර්ධ ස්වයංක්‍රීයව වෙඩි තැබීමේ හැකියාව පමණක් තිබුන මෝස්තරයක්. එය යුද්ධ භූමියට ගැලපෙන්නේ නැහැ. (ඒ වනවිට එල්.ටී.ටී.ඊ. සංවිධානය T 56 අවිය පාවිච්චි කරන්න පටන් අරං තිබුණේ)
- ඒ දිනවලම T 56 අවිය අපටත් ඇවිල්ලා තිබුණේ. ඉතිං එයාගේ ‘වැඩ කිඩ’ දැක්කම මෙයා එපාවෙන එක අහන්නත් දෙයක්ද?
- විවිධ තුවක්කු වර්ග රාශියක් නඩත්තු කිරීම අපිවගේ දුප්පත් හමුදාවකට නොගැලපෙන නිසා G3A3 අවිය භාවිතයෙන් ඉවත් කළා.
හැබැයි මේ තුවක්කුව ස්නයිපර් තුවක්කුවක් ලෙස ඉතා හොඳ අවියක්. නමුත් ඒ කාලේදී ඒ අදහස ක්‍රියාත්මක කෙරුනේ නැහැ. මේ තුවක්කුවේ බටයේ (බැරල්) දිග සහ තුවක්කුවේ ශක්තිමත් නිමාව අනුව නම්, මෙය ඉතා හොඳ ස්නයිපර් අවියක් බව කියන්න පුළුවන්. අපිට ලැබී තිබුන අර්ධ ස්වයංක්‍රීය මෝස්තරය පාකිස්ථානයේ නිෂ්පාදිත එකක්. නමුත් ඇත්තටම අපට අවශ්‍යව තිබුණේ පූර්ණස්වයංක්‍රීයව වෙඩි තැබීමේ පහසුකමත් තිබෙන තුවක්කුවක්. මේ තුවක්කුවේ මුල්ම නිෂ්පාදනය කර තිබෙන්නේ ජර්මනියේ ‘හෙක්ලර් ඇන්ඩ් කොච් – Heckler & Koch’ සමාගම විසින්. ඒ සමාගම මෙය නිපදවා තිබෙන්නේ පූර්ණ ස්වයංක්‍රීය අවියක් ලෙසයි.
තුවක්කුවේ තාක්ෂණික විස්තර මෙන්න
(මේ කියන්නේ අපේ හමුදාවේ පාවිච්චි කල මෝස්තරය ගැනයි)
- තුවක්කුවේ කැලිබරය…………………………………..මිලිමීටර් 7.62 x 51
- තුවක්කුවේ දිග……………………………………………මිලිමීටර් 1025 යි
- තුවක්කු බටයේ දිග ……………………………………..මිලිමීටර් 450 යි
- තුවක්කුවේ බර (මැගසිනය රහිතව)…………………..කිලෝග්‍රෑම් 4.40 යි
- පතරොමක බර……………………………………………ග්‍රෑම් 24 යි
- වෙඩි තැබීමේ දුර සකසනයේ පාඨාන්ක………………මීටර් 200,300,400,
- විනාඩියකට වෙඩි තැබිය හැකි පතරොම් ගණන (අර්ධ ස්වයංක්‍රීය) 100 – 150
- වෙඩිල්ලක සාපේක්ෂ ප්‍රවේගය …………තත්පරයකට අඩි 2458 – 2624 අතර
- සඵල වෙඩි දුර…………………………………………….මීටර් 500 යි
තුවක්කුවේ කොටස් සහ වෙඩි තැබීමට සුදානම් කිරීම
මේ තුවක්කුවේ මැගසිනයට පතරොම් 20 ක් දමන්න පුළුවන්. මීට කලින් ඔබ තුවක්කුවක මැගසිනය ගලවන සවි කරන හැටි ඉගෙනගෙන තියනවා. ‘මැගසින් කැච්’ එකක් තියෙන්නේ, මැගසිනය තුවක්කුවෙන් ගලවා ඉවත් කර ගැනීමට බව ඔබ දන්නවා. මා හිතනවා මේ තුවක්කුව හඳුනාගැනීම සඳහා මේ විස්තරය ප්‍රමාණවත් වේයැයි කියා. ප්‍රශ්න තිබෙනවානම් විමසන්න. අපි දැන් යමු ඊළඟ අවිය වෙත. එය නම් බොහොම ජනප්‍රිය අවියක්. G3 A3 අවියෙන් වෙඩිතබන අවස්ථාවක් පහත වීඩියෝවෙන් බලන්න.
මේ වීඩියෝවෙන් පෙන්නන්නේ අර්ධ ස්වයංක්‍රීය G3 A3 තුවක්කුවෙන් වෙඩි තියන ආකාරයයි. බලන්න සෑම වෙඩිල්ලක් සඳහාම ට්‍රිගරය නැවත නැවත මිරිකිය යුතුයි.
මීළඟට බලමු සම්පූර්ණ ස්වයංක්‍රීය G3 A3 අවියෙන් වෙඩි තියන හැටි. බලන්න මේ ශක්තිමත් පුද්ගලයා කොච්චර ගැස්සෙනවද කියා. මේ තුවක්කුව හරියට ගැස්සෙන බව මා ඉහත කිව්වා මතකද?
HK MP 5 ස්වයංක්‍රීය තුවක්කුව
මුලින්ම තුවක්කුවේ තාක්ෂණික තොරතුරු පිළිබඳව අවබෝධයක් ලබාගනිමු. පහත දැක්වෙන්නේ ඒ තාක්ෂණික තොරතුරුයි.
- කැලිබරය …9 x 19 මිලිමීටර්
- තුවක්කුවේ දිග (ස්ථිර බට් එක සහිත මෝස්තරය)…සෙ.මී. 68 යි (අඟල් 26.77 යි)
- හැකිලිය හැකි බට් එක සහිත මෝස්තරයේ දිග…සෙ.මී.66 යි (අඟල් 25.98 යි)
- අවියේ බර (ස්ථිර බට් එක සහිත මෝස්තරය)…කිලෝග්‍රෑම් 2.54 යි (රාත්තල් 5.59යි)
- මැගසිනය රහිතව අවියේ උස …සෙ.මී.62 යි (අඟල් 10.2 යි)
- විනාඩියකදී වෙඩි තැබිය හැකි පතරොම් ගණන …800 යි (මෝස්තරය අනුව අඩු වැඩි වේ)
- උණ්ඩ පිටවීමේ සාපේක්ෂ ප්‍රවේගය …තත්පරයකට මීටර් 400 යි (අඩි 1312 යි) (මෝස්තරය අනුව අඩු වැඩි වේ)
- ප්‍රතිඵලදායි වෙඩි තැබීමේ දුර …මීටර් 200 යි (අඩි 656 යි)
- මැගසින් වර්ග …පතරොම් 15, 20, 30, 32, සාමාන්‍ය මැගසින් හෝ පතරොම් 100 රවුම් මැගසිනය
තුවක්කුවේ කොටස් මේ රූපයෙන් බලන්න.(සරල හැඳින්වීමක් පමණි)
HK MP වර්ගයේ ප්‍රධාන මෝස්‌තර දෙක තමයි මේ.
අපේ හමුදාවේ පාවිච්චි කරන වෙනත් HK MP මෝස්‌තර
දැන්නම් විස්තර කතාකරා ඇති නේද. මේ අවියේ එක එක මෝස්‌තර ගැන කියන්න ගියොත් ලිපි දහයක් විතර ලියන්න වෙනවා. ඔබට එපාවෙයි එකම අවිය ගැන එච්චර විස්තර ලිව්වම. ඉතුරු දේවල් වීඩියෝ වලින් බලමු.
තුවක්කු පිස්තෝල වලට සයිලන්සර් සවි කරන්න පුළුවන් බව මම ඔබට කියලා දුන්නනේ ‘තුවක්කුවක කට වැසීම’ ලිපියෙන්. මෙන්න බලන්න සයිලන්සරය සහිත HK MP 5 W මෝස්තරයේ තුවක්කුවකින් වෙඩි තියන හැටි.
තුවක්කුව ගලවන්න හයිකරන්න ඉගෙනගත්තොත් නරකද? එහෙනම් මේ වීඩියෝව බලන්න.
මේ වීඩියෝවෙන් පෙන්වන්නේ එළිමහනේ කෙරෙන වෙඩි තැබීමක්
තුවක්කුව දෙස පමණක් බලනු
කොහොමද ‘තුවක්කුව’ ? +++ නේද?
ඉතිං අදට මා ඔබෙන් සමුගන්නවා. ප්‍රශ්න තියනවනම් අහන්න.
ඉදිරි කාලයේදී තවත් මෙවැනි තුවක්කු ගැන කතා කරමු.
මේ ලිපියේ සමහර පින්තුර අනතර්ජාලය වෙතින්ද, තවත් සමහර පින්තුර මගේ පුස්තකාලයෙන්ද ලබාගත් ඒවාය.
No comments :
Post a Comment