පුපුරන ද්‍රව්‍ය සහ අත් බෝම්බයේ ඉතිහාසය
- වෙඩිබෙහෙත්
වෙඩිබෙහෙත් සහ පුපුරන ද්‍රව්‍ය ගැන කතාකිරීමේදී එහි ආදී කර්තෘන් ලෙස සැලකෙන්නේ චීන ජාතිකයන් බව ඔබෙන් සෑහෙන පිරිසක් දන්නවා. වෙඩි බෙහෙත් සෑදීමට නම් සින්දූරම් ශාස්ත්‍රය හෙවත් රස විද්‍යාව Alchemy පිලිබඳ විශිෂ්ට දැණුමක් තිබිය යුතුයි. චීන ජාතිකයන් මේ දැනුම ඉතා ඈත අතීතයේදී පවා ලබා සිටිය බව ඔප්පුවන පැහැදිළි සාක්ෂි තිබෙනවා. ඇත්තටම චීන රසායනඥයන් ගේ වෙඩි බෙහෙත් පිලිබඳ දැණුම, 13 වැනි ශතවර්ෂය තරම් ඈතට දිවයන්නක්. ඔබ දන්නවාද චීන ජාතිකයන් ලොවට දායාද කළ සොයාගැනීම් අතරින් ප්‍රධාන තැනක් ලැබෙන සොයාගැනීම් හතරක් තිබෙනවා. ඒ මෙන්න මේවායි.
- වෙඩිබෙහෙත්
- මාලිමා යන්ත්‍රය
- කඩදාසි සෑදීම
- මුද්‍රණ කර්මාන්තය
වෙඩිබෙහෙත් සොයාගැනීම සහ පාවිච්චි කිරීම 13 වැනි සියවසට වඩා ඈතට දිවයනවා. චීන ඓතිහාසික වාර්තා අනුව, වෙඩි බෙහෙත් මූලිකවම සොයාගෙන තිබෙන්නේ 9 වැනි සියවසේදී වන අතර, එය ගිනිබලය ඉපදවියහැකි රසායනයක් බව තහවුරු කරගෙන තිබෙන්නේ 11 වැනි සියවසේදියි. මුල් කාලයේදී චීන ජාතිකයන් වෙඩිබෙහෙත් යොදවා විවිධ ගිනිකෙළි නිපදවා පත්තු කර තිබෙන්නේ මිනිසාට හානිකර අමනුෂ්‍ය සහ භූත බලවේග පලවාහැරීම සඳහායි. 14 වැනි සියවස වනවිට වෙඩිබෙහෙත් යුද කටයුතු සඳහා යොදාගත හැකිබව චීන ජාතිකයන් දැනසිටි අතර 15 වැනි සියවස වනවිට වෙනත් රටවල්ද වෙඩිබෙහෙත් පාවිච්චිය දැනසිටියා. කාලතුවක්කු නිපදවා ඒ සඳහා වෙඩි බෙහෙත් පාවිච්චි කර තිබෙන්නේත් 15 වැනි සියවස අග භාගයේදීයි. 17 වැනි සියවස වනවිට වෙඩි බෙහෙත් යොදවා වෙඩි තියන විවිධ ප්‍රමාණයේ තුවක්කු ලෝකය පුරා පැතිරෙන්නට පටන්ගත්තා. පහත දැක්වෙන්නේ, ක්‍රි.ව. 1380 දි බටහිර යුරෝපීය රටවල පාවිච්චි කරනලද, වෙඩිබෙහෙත් යොදා පාවිච්චි කළ, තුවක්කුවක්.
පින්තූරය ගත්තේ මෙතනින්
- අත් බෝම්බය
අත් බෝම්බ වලටත් වර්ගීකරණයක් තිබෙනවා. (Type) එක් එක් බෝම්බ වර්ගයෙන් ලබාගන්න ප්‍රයෝජනය අනුව තමයි, ඒ වර්ගීකරණය කර තිබෙන්නේ. ඉතා සරලව සහ කෙටියෙන් සලකා බලමු, මොනවද ඒ වර්ගීකරණයන් කියා.
- Fragmentation Type – කැබලි වලට කැඩී විසිරීමෙන් (ඛණ්ඩණීකරණය) මරණීය තුවාල ඇති කරන අත් බෝම්බ. ඉහත දක්වා ඇති බෝම්බ වර්ග තුනම මේ වර්ගයට අයත්ය.
- Illuminating Type – ආලෝකයක් නිකුත් කරන අත් බෝම්බ. යුද බිමේදී, රාත්‍රී කාලයේදී, තමන් සිටින තැන මිත්‍ර භට පිරිසකට/ගුවන් යානයකට/වෙනත් නිරීක්‍ෂණ ස්ථානයකට පෙන්වීම සඳහා මෙන්ම, සතුරු ඉලක්කයක් පෙන්වීම, තමන්ට නිරීක්ෂණය කිරීමට අවශ්‍ය ප්‍රදේශයක් ආලෝකවත් කරගැනීම සඳහාද යොදා ගැනේ.
- Chemical Type - රසායනික බෝම්බ. (මේ බෝම්බ වලින් White Phosphorus නමැති රසායනිකය අඩංගු බෝම්බ අද එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති මගින් තහනම් කර ඇත. එහෙත් රහසිගතව පාවිච්චි කෙරේ. මේ රසායනිකය සිරුරේ ඇළී භයානක රසායනික පිළිස්සුම් ඇති කරයි. ගුවනින් හෙලන බෝම්බ, මෝටාර් බෝම්බ, කාලතුවක්කු උණ්ඩ ලෙසද සකසා ඇත) මේ රසායනිකය අඩංගු නැති, අනෙකුත් බෝම්බ වලින්, යම්කිසි දෙයකට ගිනි ඇවිලවීම incendiary, කැරළි මර්දනය (කඳුළු වායුව), දුම් ආවරණ ඇතිකිරීම, (දුම් බෝම්බයක් ගහලා, ඒ දුමට මුවාවෙලා, සතුරාගේ ඇස් වහලා, එහාට මෙහාට මාරුවෙන්න පුළුවන්) වර්ණ දුම් මගින් සංඥා කිරීම, සහ පුහුණු කටයුතු සඳහා යොදාගනු ලබනවා.
- Offensive Type – විශාල පිපිරුම් බලයක් ලැබෙන අත් බෝම්බ. (එකවර විශාල පිරිසක් මැදට හෝ බංකරයක්/ගොඩනැගිල්ලක් තුළට පහර එල්ල කිරීම සඳහා යොදාගැනේ)
- Practice & Training Type – පුහුණු කටයුතු සඳහා යොදාගැනේ. පුපුරන ද්‍රව්‍ය කිසිවක් අඩංගු කර නැත. නමුත් පෙණුම, ප්‍රමාණය, බර, වෙනත් බෝම්බයක ඇති කොටස් සියල්ල එලෙසම සවිකර ඇත. අනිවාර්යයෙන් (අනිවා නෙවෙයි) බඳ නිල් පැහැයෙන් යුක්තයි.
- Nonlethal Type – මරණීය නොවන අත්බෝම්බ. මේවා වර්ග දෙකක් ඇත. පළමුවැනි වර්ගය පිපිරුමත් සමග, මුංඇට තරම් ප්‍රමාණයේ රබර් බෝල විශාල ගණනක් පිටකරනවා. වැදුනම හරියට රිදෙනවා. ඇහේ වැදුනොත් නම් ඇහැ ඉවරයි. දෙවැනි වර්ගය Stun Grenade - තැති ගැන්වීමේ බෝම්බ. විශාල හඬක් ඇති කරයි. යම්කිසිවෙකුගේ දෙපා අසළටම දැමිය හැකිය. හඬට බිය ඇතිකර පුද්ගලයකුගේ හෝ පිරිසකගේ ගමන්කිරීම (ඉදිරියට ඒම) වෙනස්/අවුල් කර දැමිය හැකිය. හඬට බියවී තත්පර ගණනකට ගල් ගැසුණු තත්වයක් ඇතිකර, කිසිවකු පැහැර ගැනීම, පැහැරගත් පුද්ගලයකු ගලවා ගැනීම වැනිදේ කළ හැකිය. මුහුණ අසළම පිපිරුවොත් අනතුරුදායක වියහැකිය.
අත් බෝම්බ වර්ග දැක්වෙන සියළුම පින්තූර ගත්තේ මෙතනින්
ඊළඟට මොනවද කතාකරන්නේ? තව කරුණු දෙකයි නේද ඔබට අවශ්‍ය? හරි හරි මම දන්නවා. 1. අත් බෝම්බයක ඇතුළත සැකැස්ම සහ ක්‍රියාකාරිත්වය මොනවගේද? 2. අත් බෝම්බයක් ගහන්නේ කොහොමද? හොඳයි එහෙනම් බලමු ඒ කරුණු. මම ඔබට කලිනුත් කිව්වනේ අද වනවිට විවිධ අත්බෝම්බ වර්ග තියනවා විවිධ රටවල නිපදවන. එයින් බොහොම බහුලව පාවිච්චි කරන බෝම්බ මෝස්තරයක් තමයි SFG 87 කියන්නේ. එබෝම්බය ඇසුරෙන් තමයි මම ඔබට බෝම්බයක ඇතුළත සැකැස්ම පෙන්වා දෙන්නේ.
පින්තූරය ගත්තේ මෙතනින්
මේ බෝම්බය ඉතාම භයානක අත් බෝම්බයක්. අපේ ත්‍රිවිධ හමුදාවත් මෙය පාවිච්චි කරනවා. අද ලෝකයේ වැඩිපුරම පාවිච්චි කරන අත් බෝම්බ මෝස්තරය මෙය වියහැකියි. මේ බෝම්බය ගැන කෙටි විස්තරයක් පහත දක්වනවා.
- ඝන ප්ලාස්ටික් බඳක් සහිත බෝම්බයකි.
- බෝම්බයේ ප්‍රමාණය :- උස මි.මී. 68 යි. වටප්‍රමාණය මි.මී. 54 යි.
- බර :- ග්‍රෑම් 300 යි.
- බෝම්බය පත්තුවෙන ක්‍රමය :- පින් එක ඇදීමෙන් ස්ට්‍රයිකරය මගින් ෆියුසය දැල්වීම සිදුකරයි. (විස්තරය පහත දැක්වේ)
- බෝම්බය ගසන්නාගේ අතින් නිදහස් වූ පසු පත්තුවීමට ගතවන කාලය :- තත්පර 4 යි.
- ක්‍රියාකාරී ස්වභාවය :- මෙහි මි.මී. 2 ප්‍රමාණයේ වානේ බෝල 2800 ක් ඇත. ඒ අනුව මරණීය ප්‍රදේශය වන මීටර් 30 ක විශ්කම්භයකින් යුත් ප්‍රදේශයක පුනීලයක හැඩයට වානේ බෝල ක්ෂණයකින් විසිරෙනවා, ඉතා අධික වේගයකින්. මීටර් 15 ක් ඈතින් පිහිටි සෑම වර්ග මීටරයකටම යටත්පිරිසෙයින් එක වානේ බෝලයක්වත් වදිනවා. (නමුත් ඇත්තටම ඊට වඩා වදින බව අපි දන්නවා අත්දැකීමෙන්) මීටර් 10 ක් තුළ ඇති මි.මී. 12 ක තුනී ලැල්ලක් plywood විනිවිද යාමේ හැකියාව මේ වානේ බෝල වලට තිබෙනවා. මීටර් 10 ක සීමාවේදී සෑම වර්ග මීටරයකටම බෝල 5 ක් අවම වශයෙන් වදිනවා. (ඇත්ත තත්වය ඊට වැඩියි) අපි මීළඟට බලමු මෙවැනි ආකාරයේ බෝම්බයක ඇතුලත සැකැස්ම. මෙහි මම අංක 1, 2, 3, දක්වා ඇති ආකාරයෙන් බලන්න.
ඊළඟට අපි අත් බෝම්බයක් ගහලම බලමු. එතකොට අවබෝධය තවත් වැඩි වෙනවා. පහත දැක්වෙන වීඩියෝව හොඳින් අධ්‍යයනය කරන්න.
හැබැයි බෝම්බ ගැහිල්ල අපි හිතන තරම් ලේසි නැහැ. එහි තාක්ෂණික ක්‍රමවේදයක් තියනවා. මෙන්න බලන්න, චීන යුද හමුදාවේ සෙබළියක්, අත් බෝම්බ පුහුණුවකදී, බෝම්බය වැරදියට විසිකිරීම නිසා සිදුවන්නට ගිය විපතින්, ඇයව බේරාගන්නා හැටි, ඇගේ පුහුණුකරු විසින්. හැබැයි මෙතන ඒ සඳහාම සැකසු තැනක්. එළිමහනකදී මේක වුනානම්, අනිච්ඡාවත සංඛාරා තමයි 
දැන් ඉතින් ගොඩක් දේවල් ඉගෙනගත්තා. දැන් තියෙන්නේ මගේ පොරොන්දුව ඉටු කරන්නනේ. ඔව් ඊළඟට මම ඔබට දෙනවා අත් බෝම්බයක් හදන හැටි විස්තර කෙරෙන වීඩියෝව සහිත අත්බෝම්බ සෑදීමේ අඩවියට සබැඳියාවක්. හැබැයි මතක තියාගන්න වගකීම තිබෙන්නේ ඔබේ අතේ.
අන්තිමට මට දොස් කියන්න එපා.
මූලාශ්‍ර;
No comments :
Post a Comment