මීට පෙර මා, අවස්ථා කීපයකදී, ඔබට, පැරණි 'සිව්දෙස' සඟරා ආශ්‍රයෙන්, 'වදන් බලය' නමැති මාතෘකාවෙන්, ලිපි කීපයක් ඉදිරිපත් කල බව, ඔබට මතක ඇති. අද මා සිතුවා, පැරණි 'රීඩර්ස් ඩයිජස්ට්' සඟරාවක් ඇසුරෙන්, ඔබේ ඉංග්‍රීසි වදන් බලය මැනෙන අභ්‍යාසයක්, ඉදිරිපත් කරන්නට. මා හිතනවා, ඔබෙන් සෑහෙන දෙනෙකු මේ අභ්‍යාසයේ යෙදෙයි කියා. පිළිතුරු සහ, ලබාදුන් නිවැරැදි පිළිතුරු ගණන අනුව ලැබෙන වර්ගීකරණයද, පහත දක්වා තිබෙනවා. නමුත් මා ඔබෙන් ඉල්ලා සිටින්නේ, අදම පිළිතුරු නොබලා, දින කීපයක් ගතකර හෝ, මනසින්ම, මේ අභ්‍යාසයේ යෙදෙන ලෙසයි. මෙහි වචන 20 ක් ඇති අතර, ඒ සෑම වචනයකම තේරුම සොයාගැනීමට, වරණයන් හතරක් ද ලබාදී තිබෙනවා. මෙය උපුටාගත්තේ, 1984 පෙබරවාරි මාසයේ 'රීඩර්ස් ඩයිජස්ට්' සඟරාවෙන්. මෙහි තවත් විශේෂත්වයක් තිබෙනවා. මේ අභ්‍යාසය සඳහා යොදාගෙන තිබෙන වචන, 'අභ්‍යවකාශය සහ අභ්‍යවකාශ යානා' යන විෂයය හා සම්බන්ධ කරගෙනයි සකසා තිබෙන්නේ.
හොඳයි එහෙනම් මෙන්න අභ්‍යාසය
පහත දැක්වෙන පිළිතුරු පසුව බලන්න
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
↓
බොහොම ස්තුතියි මේ දැනුම බෙදා ගත්තාට. බොහොමයක් වචන පෙර අසා තිබූ ඒවා. මේ විෂය පිලිබඳ මා දක්වන කැමැත්ත නිසාම වන්නට ඇති කලින් දන සිටි වදන් කිහිපයක් හමු වූයේ. මගේ කාලය සීමිත නිසා කෙලින්ම උත්තර බැලුව.
ReplyDeleteඔබට පරිණත දැණුමක් තිබෙන නිසා එක වරම ඒ දැණුම උරගා බලා පිළිතුරු වෙත යාමේ වරදක් මම දකින්නේ නැහැ. මා හිතනවා සෑහෙන පිරිසකට මේ අභ්‍යාසය ප්‍රයෝජනවත් වේයැයි කියා.
Deleteඅපරාදේ උත්තරත් අදම දැම්මේ. මේ පිළිබඳ උනන්දු කෙනෙක් මේවා ගැන සොයාවිනේ. මේකෙන් වෙන්නේ කිසිම මහන්සියක් නැතිව තප්පරෙන් උත්තරේ හොයා ගන්න එක. ඊළඟ පෝස්ට් එකෙන් උත්තර සෙට් එක දාන්නයි තිබුනේ..
ReplyDeleteමටත් හිතුනා කවුරු හරි කියයි කියලා ඔය කාරණේ. ඉතින් අනේ උත්තර නොබලා ඉන්නකෝ.
Delete3 ක් හරි...
ReplyDeleteආධුනිකයා කියන වර්ගීකරණය අහුවෙනවා එහෙනම්.
Deleteඉතා වැදගත්. 17 ට උත්තරේ දෙන එක ගොඩක් ලේසි උනා. වායු තුවක්කු ගැන තිබෙන ලිපියේ ඒ වචනේ තියෙනවා නොව. නරකද විලද්මීර් පුටින් ගැන ලිපියක් ලිව්වොත්?
ReplyDeleteමටත් අමතක දෙයක් ඔබ මතක් කරදී තිබෙනවා.
Deleteහප්පෝ..........මේ දවස්වල මට පුටින් ලොක්කා පෙන්නන්න බැරුව ඉන්නේ.
ඇයි අයිඑස් කාරයින්ට පුටින් බෝම්බ දානවාට ඔයා අකමැතිද?෴
Deleteනෑ පුටින්ගේ බොරු සෝබන අල්ලන්නේ නෑ.
Delete8
ReplyDeleteබොරු බොරු. ඔය කම්මැලි කමට විනාඩි දෙකෙන් ඉවර කරලා තියෙන්නේ.
Deleteඋත්තර බැලුවනෙ අනේ... 3ක් වැරදියි... ඒ උනාට හරි ගිය ගොඩක් වචන කලින් දැනගෙන හිටියෙ නෑ... විෂයය ගැන ටිකක් කියවල තියෙන නිසා ඒවා අනුමාන කළා... බොහොම ස්තුතියි...
ReplyDeleteතුනක් වැරදියි කියලා රිනාත්මකව හිතන්නේ නැතුව 17 ක් හරි කියලා ධනාත්මකව හිතන්නකෝ.
Deleteමං යනව අනේ යන්ඩ
ReplyDeleteඔහොම කලබල වෙන්ඩ එපා අනේ.
Deleteඅවංකවම, හුඟක් වචන දැනගත්තෙත් දැනුයි මේක කියවලා..
ReplyDeleteකම්මැලියෝ...
ReplyDelete