මගේ පුස්තකාලයෙන් අද මා හඳුන්වා දෙන පොත, ඉතාම විශේෂිත පොතක් වෙනවා. ඒ තමයි, මා දන්නා තරමින්, ශ්‍රී ලංකා යුදහමුදා ඉතිහාසයේ ප්‍රථම වරට, සේවයේ යෙදී සිටින හමුදා සාමාජිකයකු විසින් ඉදිරිපත් කරනු ලබන, (වාර්තාමය/ප්‍රබන්ධ යන දෙආකාරයම මිශ්‍රවූ) පළමුවැනි ග්‍රන්ථය මෙය වීම. සාමාන්‍යයෙන් ලෝකයේ බොහෝ රටවල ත්‍රිවිධ හමුදා සාමාජිකයන්, තම සංග්‍රාමික අත්දැකීම අළලා ග්‍රන්ථකරණයේ යෙදීම, එතරම් අරුමයක් නොවෙයි. මා ළඟත් එවැනි ග්‍රන්ථ කීපයක් තිබෙනවා. එවැනි ග්‍රන්ථ රාශියක තොරතුරු එකතුවක් ඔබට මෙතනින් බලන්න පුළුවන්. එහිදී, තමන්ගේම හමුදා ක්‍රියාකාරකම් විවේචනය කරමින් අදහස් දැක්වූ නිර්මාණ ද තිබෙනවා. නමුත් එලෙස නිර්භයව අදහස් දැක්වීමට, (නිකම් හිතළු කතා නොව සාධක සහිතව ඔප්පු කළහැකි දෑ) අප රට තුළ, විශ්‍රාමික හමුදා සාමාජිකයකුටවත් පූර්ණ නිදහසක් ඇතැයි මා සිතන්නේ නැහැ. මේ ග්‍රන්ථයේදී ද, කතුවරයා, ඉතා වැදගත් සිදුවීම් විස්තර කළත්, ඒ සිදුවීම් වලට සම්බන්ධ හමුදා නිලධාරීන්ගේ නම් සඳහන් කර නැත්තේ, කිසියම් නෛතිකමය හේතු නිසාදැයි කියා මට සිතෙනවා.
අපේ රටේ ත්‍රිවිධ හමුදාවේ දැනට සේවයේ යෙදී සිටින සාමාජිකයකුට, මෙවැනි නිර්මාණයක් හෝ යටත්පිරිසෙයින් මේ රටේ පලවන දිනපතා පුවත්පතකට සාහිත්‍යමය නිර්මාණයක් කරන්නට පවා (හමුදාව ඇතුළත පළවන සඟරා හා ප්‍රකාශන හැර) අවම වශයෙන් හමුදා මූලස්ථානයේ අවසරයවත් (බොහෝවිට ආරක්ෂක අමාත්‍යංශයේ අවසරය) අවශ්‍යයි. මේ ග්‍රන්ථය සඳහාත් එවැනි අවසරයක් ගන්නට ඇතැයි මා හිතනවා.
සිංහල බ්ලොග් අවකාශයේ, හමුදා තොරතුරු ගැන ලියවෙන වෙනත් අඩවියක්, මා දන්නා තරමින් නැති නිසා, මේ පොත මගේ අඩවියෙන් හඳුන්වාදීම ද, විශේෂත්වයක් වන අතර, මේ පොත ලියා තිබෙන්නේ, මා පෞද්ගලිකව හොඳින් දන්නා හඳුනන, එමෙන්ම මා අයත්ව සිටි, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ, වර්තමාන රෙජිමේන්තු අධිපති වරයා වීමත් තවත් විශේෂත්වයක්. මතකයි නේද මේ ඊයේ පෙරේදා මම මහගෙදර ගියා. එදා තමයි මේ පොත ගත්තේ.
මේ පොත ගැන ඔබට සිතෙන දේ, මගෙන් නොඅසා, කතුවරයාගෙන්ම අසා දැනගන්නට හැකිවනු ඇතැයි මා සිතනවා. එයට හේතුව වන්නේ, කතුවරයා සිය දුරකථන අංක මෙන්ම, ඊ මේල් ලිපිනයද, මේ පොතෙහිම, සඳහන් කර තිබීමයි.
පසුගිය දශක තුනක පමණ කාලය තුළ, කතුවරයා, උතුරු නැගෙනහිර සංග්‍රාම භූමි වලදී, පෞද්ගලිකවම ලද අත්දැකීම් සහ, ඔහුගේ විෂයය පථයට අදාළව අත්විඳි තවත් තොරතුරු අතරට, අපූරු වෘතාන්තයක් ද කැටිකර තිබීම, මේ පොතේ අගය ඉහළ දමන බව මා හට පෙනීගියා. ඒ නිසාමයි මේ පොත ඔබ සමග මෙසේ බෙදා හදා ගන්නට සිතුවේ.
සංග්‍රාමාවසානයේ ලද ඉසිඹුව, ග්‍රන්ථ කරණය කෙරෙහි යෙදවීමෙන්, කතුවරයා හුදු යුද වාර්තා කරුවකු නොවී, සාහිත්‍ය නිර්මාපකයකු වීම අතිශයින් වැදගත් වනවා. මා එසේ කියන්නේ, මේ නිර්මාණය, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ, තවත් මෙවැනි නිර්මාණ කුසලතාව ඇති අයවළුන්ගේ, චිත්ත සන්තානයෙහි යම් කම්පනයක් ඇතිකිරීමට සමත් වුණොත්, තවත් මෙවන් අගනා නිර්මාණ රැසක් බිහිවීමට, විශාල ප්‍රවනතාවක් ඇතිබව පැහැදිළිවම පෙනීයන නිසයි.
මගේ චූර්ණිකාව මෙතෙකින් අවසන් කොට ඔබව මේ පොතේ පිටු අතරට ගෙනයන්නයේ මේ සූදානම් වෙන්නේ.
මා හිතනවා, ඉහත විස්තර කියවීමෙන්, ඔබ යම් පුළුල් අදහස් ගොන්නක් අවබෝධ කරගන්නට ඇතැයි කියා. මෙතැන් සිට අපි මේ පොතේ අභ්‍යන්තරයට පිවිසෙමු.
අලිමංකඩ කඳවුර සතුරන්ගෙන් බේරා ගැනීම සඳහා මුහුදෙන් භටපිරිස් ගෙනැවිත්, වෙත්තලකර්නි වෙරළ තීරයේ ගොඩබැස, කළ මහ සටන සහ තවත් මහා ක්‍රියාන්විත රැසක තොරතුරු, මේ පොතේ ඇතුළත් වෙනවා.
සංග්‍රාමය විතරක් නෙවෙයි, ලස්සන ප්‍රේම වෘතාන්තයකුත් මේ පිටු අතරෙම දිවයනවා.
යුද්ධය කෙබඳුද යන්න විස්තර කෙරෙන අවස්ථා මෙන්ම යුද්ධය දෙස අප බැලිය යුතු දෘෂ්ටි කෝණය පැහැදිළි කෙරෙන අවස්ථාද මේ පොතේ ඇතුළත් වෙනවා.
මේ ලස්සන වාර්තාමය වෘතාන්තය කියවීමට මා ඔබට කාරුණිකව ඇරයුම් කරනවා. ඔබේ අදහස් දැනගැනීමට කතුවරයා වගේම මමත් බොහොම කැමැත්තෙන් ඉන්නවා.
ඉන්ටකෝ කියවනකං..
ReplyDeleteහොඳයි හොඳයි කියවන්ටකෝ.
Deleteකියවන්න ආසා හිතෙන හොද පොතක්. ස්තුතියි විචා.. මං අද පොත හොයාගන්නවා..
Deleteනිකං බ්ලොග් එකක් කියෙව්ව වගේ. අපරාදෙ එතුමාට බ්ලොග් එකක් ලියන්නයි තිබුනෙ.
ReplyDeleteඅර පෝස්ටරය නං නියමයි
සරත් ෆොන්සේකා නමින් හමුදා කෝප්‍රල් වරයෙක් වත් ඉඳලා නැහැනේ.ලෝක ඉතිහාසයේම මේවගේ අමතක වීමක් වෙලා නැතිව ඇති.
ReplyDeleteදෙයියෝ දනී මං නොදනී.
Deleteඒ අමතක වීම හැදෙන්න නම් අරලිය ගස්වල නාමල් පිපෙන එක නවත්වන්න ඕන. අරලිය වත්තට එහා පැත්තේ නම් ඉස්සර හොඳ ගිණි සිළුවක් ප්‍රදර්ශණය වුනා ඛනිජ තෙල් සංස්ථාව කියන බෝඩ් එකේ.
Delete+++++++++
Deleteඑදා මහගෙදරට සරත් ෆොන්සේකා ඇවිත් හිටියෙ නැද්ද?
Deleteඑතුමාට ශ්‍රිලංකාවේ ත්‍රිවිධ හමුදාවට අයත් කිසිදු කඳවුරකට ඇතුළුවීම තහනම්.
Deleteකතාවක් ගොඩක් සාර්ථක වෙන්නේ අත්දැකීම් මත කියලා මම හිතනවා. එතකොට කතාවක් ලියැවෙන්නේ හදවතින්. මනසින් නෙමේ. පොත මුලුමනින්ම නොකියවා විවරණයක් කිරීම කතුවරයාට කරන (ඊලඟ වචනේ ලියාගන්ට බෑ. කොටන්ට අමාරු වචනයක්. ) ඒ හන්දා හරි මදි කියලා ලියන්නම්.
ReplyDeleteකතුවරයාට කෝල් එකක් දීලා, පොත ගෙන්නාගත්තානම් හරි කියලත් හිතුණා...කතාවේ කියැවෙන ආදර කතාවත් හරිම සුන්දර, එකක්...'ඔයා පයිලට්ගේ ගෙදර ගියොත් නංගි දිහා බලන්ට එපා...' මේ කියමන ඕනිම කෙල්ලෙක් අතින් කියැවෙන දෙයක්.
විචාරක මේ වගේ විචාර කරන එක අපේ වාසනාවක්!!!
අද නම් ඇස් ගහන්ට බෑලු... ;)
සමහර කී බෝඩ් වල 'ඇස්' ගහන්නත් බෑ 'කේ' ගහන්නත බෑ. :e
Deleteඇත්තටම ගෙන්වාගෙන කියවන්න වටින පොතක්.
ස්තුතියි ඇගයීම ගැන.
දැකලා නැති උානාට මගේ මහ ගෙදරට ගෙවල් 5-6 කට ඵාහායින්. පොත් මිලදි ගන්න පුලුවන් තැනක් කියන්න.
ReplyDeleteගෙවල් ලන්ගනම් කතාබහ කරලා හඳුනාගන්න. පොත් සාප්පුවල මේ පොත තියනවා මම දන්නා තරමින්. නැත්නම් කතුවරයාගෙන් අහන්න.
Deleteඅපෙත් ගෙවල් කිට්ටුව වගේනෙ.. ඒ උනාට අහලවත් නෑ..
Deleteඑයා කොහොමටත් නිහඬ, ප්‍රසිද්ධියට අකමැති කෙනෙක්.
Deleteබොනී මීට කලිනුත් පොතක් පල කර තියෙනවා නේද? ඔහුට ලැබිලා තියෙන්නේ පියාගේ අභාෂය වෙන්ට ඕන. ඔහුගේ පියාත් ප්‍රසිද්ධ ලේඛකයෙක්. මං හිතන්නේ ඉංග්‍රිසි භාෂාවෙන් පොත් කීපයක්ම ලියා පල කර තියෙනවා.
ReplyDeleteමට මතකයක් නැහැ මීට කලින් පොත් ලියලා තියනවා කියලා. තාත්තා පොත් ලියා ඇති බව මේ කමෙන්ට් එකෙන් තමයි දැනගත්තේ. එහෙනම් තාත්තාගේ ආභාෂය තමා ඇවිත් තියෙන්නේ.
Deleteවිචාරක පල කරපු කොටස් ටික දැක්කම නම් පොත හොයාගෙන කියවන්න හිතුනා... තමුන්ගෙ අත්දැකීම් අනුව ලියැවුනු කතාවක් හින්දා පිටින් ඉඳන් බලලා ලියන කෙනෙකුගෙ කතාවකට වැඩිය සැබෑම වෙනසක් ඇති...
ReplyDeleteමේ පොතේ විස්තර කෙරෙනවා පසුගිය ඊලාම් යුද්ධයේදී ශ්‍රී ලංකා යුද හමුදාව විසින් කරන ලද මෙහෙයුම් පිලිබඳ විස්තර ඒ ආකාරයෙන්ම. ප්‍රවෘත්ති පත්‍ර/ගුවන් විදුලි/රූපවාහිනී/ වාර්තා වලට වඩා මේ පොතේ තියෙන්නේ ඇත්තම තොරතුරු.
Deleteවිචාරකගේ වර්ඩ් ප්‍රෙස් එකට මිස මේකට ඇවිත් තාම පුරුද්දක් නෑ. දැන් ඔන්න දිගටම එනවා.
ReplyDeleteඅපිට ඉතින් සිංහල පොත් ගන්න තියා දකින්නවත් නෑනේ විචාරක.
කොයි අඩවියට ආවත් කමක් නැහැ හෙන්රි. මමත් දැන් හුරුවෙලා ඉන්නේ ඔයාගේ 'ඩෙනිම'ට එන්න.
Deleteආයෙත් නිවාඩුවකට ආවම අරන් කියවලා බලන්න මේ පොත.
අත් දැකීමෙන් පරිපූර්ණ, මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා වැන්නේකුගේ පොතක් කියවීමට ලැබීමත් මහත් භාග්‍යක් කොට සලකනවා. ඒ වගේම මෙහි අවදානය දීපු ඔබටත් මාගේ ස්තුතිය පිරිනමනවා. බ්ලොග් අවකාශයේ අකුරු කොටා, ඇඟිලි කොට කරගන්නේ නැතුව ඔබටත් පොතක් ලියන්න කියා මා අරාධනා කරනවා.
ReplyDeleteපොතක් ලියනවානම් දිලීප හිතට එකඟව අවංකව ලිවිය යුතුයි. මම හිතන්නේ නැහැ මා ලියන පොත පළකරන්නට ලංකාවේ අවසර ලැබෙයි කියලා.
Delete10,000% ක්ම එකඟයි මේකට නම් විචාරක තුමෝ. අවසර කෙසේ වෙතත් ජීවිතයට පවා තර්ජන ඇති වෙන්න බැරි නෑ. (එව්වට බය නැති එක වෙනම කතාවක්)
Deleteඅනිවාර්යෙන්ම කියවන්න ඕන පොතක්. ඔබතුමාත් පොතක් ලියුවා නම් නරකෙයි. එතුමාට බ්ලොග් එකක් ලියන්න කියන්න.
ReplyDeleteඔය ඉහත කමෙන්ට් එකේ මම දිලීපට දීලා තියන පිළිතුර තමයි ඔබටත් දෙන්න වෙන්නේ. මම පොතක් ලියනවානම් ඒ සඳහා මේ රටේ නිදහස තිබිය යුතුයි. මම හිතන්නේ නැහැ මම ලියන දේවල් පලකරන්න අනුමැතිය ලැබෙයි කියලා මේ රටේ.
Deleteමේ පොතේ කතුවරයාට නම් දැනට තියන රාජකාරි කන්දරාව අනුව බ්ලොග් එකක් ලියන්න තියා අන්තර්ජාලයේ විනාඩි 5 ක් ඉන්නවත් වෙලාවක් නැතුව ඇති.
ඔය බොනිෆස්ට බ්ලොග් එකක් ලියන්න කියා අපේ කෂ්ටිය ඉල්ලන්නේ එතකොට පොත් කඩවල වාත වෙන්නේ නැතුව අපිට ලේසියෙන් කොටස් වශයෙන් යුද්දේ කතන්දර කියවන්න පුළුවන් නිසයි.
ReplyDeleteකොහොමටත්, ජන්ගුන්ට වගේ නොවෙයි, බොනිෆස්ට ඒක වැඩි අමාරුවක් නැතිව කරන්න පුළුවන් වැඩක් නේ. අර ලාන්ස් කෝප්‍රල් රසික ජයකොඩි ට ඒ වැඩේ බාර කළෑකි!
ඇත්තටම ඔහු එහෙම කරනවානම් මමත් කැමතියි. නමුත් මෙවැනි තනතුරක් දරන නිලධාරියකු සතු කාර්ය භාරය මම හොඳින් දන්නා නිසයි කිව්වේ ඔහුට වෙලාවක් නැතිවෙයි කියලා. ඔහුගේ එක කාර්යාලයක් වවුනියාවේ. අනික අඹේපුස්සේ. ඊට අමතරව හමුදා මූලස්තානයටත් යායුතුයි අවශ්‍ය වන පරිදි.
ReplyDeleteතවත් දෙයක් තියනවා ඔබ විශ්වාස කරයිද මන්දා. හමුදා නිළධාරීන් අතලොස්සක් පමණයි අන්තර්ජාලය පරිහරණය කරන්නේ. ඒ ටිකදෙනාත් මූණු පොත ඇසුරු කිරීමයි කරන්නේ. බ්ලොග් කියා දෙයක් තියනවාද කියලාවත් දන්නේ නැහැ. මම දන්න නිළධාරීන් ගණනාවකට කියලා තියනවා මම බ්ලොග් එකක් ලියනවා බලපල්ලා කියලා. මොන විකාරද උන්ට ඒකෙ වගක්වත් නෑ.
ඇත්තටම අපේ විශ්‍රාමික නිළධාරීන් හෝ බ්ලොග් එකක් පටන්ගන්නවානම් අපිට අන්තර්ජාලය තුල ඉතා පුළුල් සහ හරවත් සංවාද ගොඩක නියැලෙන්නට පුළුවන් බව මම පිලිගන්නවා.
පසුව එකතුකිරීම. සේවයේ යෙදී සිටින හමුදා සාමාජිකයකුට ජනමාධ්‍යයට ප්‍රකාශන ලබාදීම සඳහා යටත්පිරිසෙයින් හමුදා මූලස්ථානයේ අවසරය තිබිය යුතුයි. මේ පොත ලියලා තියෙන්නෙත් ඒ විදිහටයි. ඉතින් ලියන ලියන හැම බ්ලොග් ලිපියම මුලින්ම හමුදා මූලස්ථානයට ඊ මේල් කරලා අනුමත කරවාගන්න වෙයි. ඒක ප්‍රායෝගිකව සාර්ථක වෙයිද මන්දා.
Deleteහමුදා සේවයේ විතරක් නෙවෙයි විචාරක තුමෝ, හමුදා පුහුණුව ලබන පොඩි කොලු පැටවු ටික වත් හරියට දන්නේ නෑ බ්ලොග් ගැන. මගෙ යාලුවො කීදෙනෙක් නං මගෙ ලඟට ලැප්ටොප් උස්සගෙන එනවද මම බ්ලොගේ දාපු එව්වා කියවන්නෙ නැතුව.
Delete:/ :/
දැන් මේ බොනිෆස් පෙරේරා සාමාන්‍ය පෙළට සිංහල සාහිත්‍යය ඉගෙන ගත් කෙනෙක්ද?
ReplyDeleteඑහෙම නැතිනම් මේ පොත කියවා පළක් වේද?
කතුවරයා සම්බන්ධ කරගත හැකි දුරකත අංක, ඊමේල් ලිපිනය තිබෙද්දී, මේ ගොන් ප්‍රශ්නය මගෙන් අහන ඔබ අටවත් සමත් නැති අමන මරි මෝඩයෙක් බව මෙලෙස ප්‍රසිද්ධියේ පෙන්වන්නේ ඇයි?
Delete@ වි.අ.ද.සො.
Deleteපිළිතුරට ස්තුතියි. ඒ මගින් මා මගේ කමෙන්ටුව මගින් මතු කරන්නට අදහස් කළ කාරණයට හොඳ පිවිසුමක් ඔබ ලබා දී තියෙනවා.
මා ඒ ප්‍රශ්ණය නිකමට ඇසූ ප්‍රශ්ණයක් නොවෙයි. එය අසන්නට මූලික හේතුව වුනේ ඔබ දයානන්ද රත්නායක ගේ අස්වැන්න බ්ලොගයේ කියූ පහත ප්‍රකාශයයි.
"සාහිත්‍යය නූගත් (පාසලෙන් සාහිත්‍යය විසිවුනාට පස්සේ සිංහල පාඩම් පොත් වල ඉතිරිවී තියන කවි පමණක් සාහිත්‍යය කියා සිතන) අබ්බ ගොබ්බ පරපුරට නූතනයේ ඉන්න අබ්බ ගොබ්බ එස් එම් එස් සින්දු කාරයන්ගේ... "
http://aswanna.blogspot.com/2014/03/blog-post_9506.html?showComment=1395591603722#c7220329638079125393
ඔබ ඒ කියන ආකාරයට සාහිත්‍යය දන්නේ (ඒ තර්කයට අනුව යමින් පොත් පත් ලිවිය යුත්තේත්) ඕලෙවල්වලට සිංහල සාහිත්‍ය නම් විෂය උගත් අය පමණයි.
අද ඔබ මා සම්බන්ධයෙන් කළ ප්‍රකාශයේ මේ සාකච්ඡාවට වැදගත් ප්‍රකාශය තමයි ඔය අට සමත් කියන කතාව. අන්න ඒ අට සමත් කියන පිරිසෙන් බොහෝ විට විභාගයෙන් අඩුවෙන් ලකුණු ගත් අය තමයි සාමාන්‍ය පෙළ සඳහා කලා විෂයන් තෝරාගෙන ඔබ ඔය කියන සිංහල සාහිත්‍ය කියන විෂය ප්‍රධාන වශයෙන් ඉගෙන ගත්තේ.
මෙවැනි අට සමතුන් පිරිසක් අවසානයට බිහිවුණේ 1973 වසරේ දී යි. ඒ පිරිසේ අයගේ අද වයස අවුරුදු 54 ක්. තව ටික දිනකියන් ඔවුනුත් ඔබේ පැන්ෂන් ගිය සාහිත්‍යය පොලිස්කාරයින් ගේ ගොඩට එකතු වෙනු ඇති!
මා ඒ පරම්පරාවේ නොවෙයි, එනිසා මට අට සමතෙක් කියා ඔබ මෙලෙස කීමේ කිසිදු තේරුමක් නෑ.
දැන් ඒ 1973 වසරේ හතේ පන්තියේ සිටි අය සහ ඉන් පසුව උපන් අය ඔය කියන අටේ පන්තියේ විභාගය හෝ සිංහල සාහිත්‍යය සමග සාමාන්‍ය පෙළ හෝ උගත්තේ නෑ.
ඔවුන් ඒ වෙනුවට සිංහල භාෂාව, සමාජ අධ්‍යයනය වැනි විෂයන් ඉගෙන ගත්තා. ඔබ වීජ ගණිතය, අංක ගණිතය වැනි ප්‍රාඨමික විෂයන් ඉගෙන ගනිද්දී ඔවුන් ජාල, න්‍යාස වැනි ඉහල ගණිත සංකල්ප ඉගෙන ගත්තා.
පසුව ඒ විෂය නිර්දේශ පවා වෙනස් වුණා. තවදුරටත් වෙනස් වෙමින් පවතිනවා.
අධ්‍යාපන ක්‍ෂේතයයේ මේ සියළු වෙනස්කම් සිදුවුණේ සහ සිදුවෙන්නේ වරින්වර මහජන ඡන්දයෙන් බලයට පත්වෙන ලංකාණ්ඩුවල අභිමතය පරිදියි.
එහෙම නැතුව, ඔබ සාවඥ ස්වරයෙන් ඉඟිකරන පරිදි ඔබට පසු පරම්පරාවේ සිසුන් සිය කැමැත්තෙන් සිංහල සාහිත්‍යය අතහැර ගියේ නෑ.
දැන් ඔබ වැනි පැන්ෂන් ගිය වැඩිහිටියෙකුගෙන් පහල පරම්පරාවේ අය බලාපොරොත්තු විය යුත්තේ මෙලෙස සාහිත්‍යය නූගත් අබ්බ ගොබ්බ පරපුර වැනි, එසේත් නොමැතිනම් ඔබේ තරාදියෙන් අටසමතුන් වැනි නව නින්දා නොවේ.
ඇත්තටම ඔබ ඔය අපහාස කරගන්නේ ඔබටම නේද?
ඔබේ මේ අණුවන කතා ඔබ අයිති අපේ වැඩිහිටි පරම්පරාවටම ආදේශ කොට ඒ සියළු දෙනා ඔබ වැනි ග්‍රම්පි ඕල්ඩ් බිගටඩ් පීපල් යැයි සාධාරණීකරණය කරන්නට මා ඉක්මන් වෙන්නේ නෑ.
නමුත්, ඔබ කරන වරද ඔබට තේරෙන්නට ඇතැයි මා සිතනවා. එසේ නොමැති නම් මට ඊලඟට සිතන්නට වෙන්නේ ඔබේ මොළය මෙලෙස කොලොප්පම් කරන්නට හේතුව කුමක් ද කියායි.
මිලිටරි රෙජීමයක දැඩි නීති රීති මැද දශක ගණනාවක් ගෙවා, විවිධ යුධමය තත්වයට මුහුණ දී ඇති ඔබට එනිසාම යම් නොපෙනෙන ආබාධයක් සිදුවෙලාද මන්දා?
මදක් හිතා බලන්න.
කෙසේ වෙතත් ඔබට මගේ අනුකම්පාව හිමිවේ!
-කතන්දරකාරයා
ඔබටද මාගේ සාතිශය සංවේගය අනුකම්පාව සහ ඔබේ අඳ බාල බව නිසා ඇතිවන හිරිකිතයද සමග පිළිතුරු දෙමි. ද්‍රව්‍යවාදයේ ගොදුරක්වූ ඔබ සියල්ල දකින්නේ එක එක ලෙවල් වලිනි. සාහිත්‍ය දැණුම යනු විභාග තබා මැනිය හැකි දැනුමක් නොවේ. ලෙවල් තබා බලමින් සියල්ල මනින්නේ ලෙවල් බාස් ලා ය. සාහිත්‍ය දැණුම යනු ඒ විෂයය පරිහරණය කිරීමෙන් කාලීනව ලබා ගන්නා පරිචයක් විනා ලෙවල් බාස්ලාගේ ලෙවල් වලින් මැනිය හැක්කක් නොවේ. ඔබද එවැනි ලෙවල් බාස් කෙනෙකු වීම ගැන සිතා ඔබ මට තරම් නොවන අඳ බාලයකු බව ඔබේ ප්‍රකාශයෙන්ම පැහැදිළිව ගම්‍ය වන නිසා සාහිත්‍යය ගැන යලි කියවන මෙන් අවධාරණය කරමි. මාර්ටින් වික්‍රමසිංහ, ජී.බී.සේනානායක වැනි අය ලෙවල් කාරයෝ නොවෙති. මිලිටරි රෙජීමයක මූලධර්මවත් නොදන්නා තලේබාන් සාහිත්‍ය දනුමත්තෙකුගේ වාචාල කතා හා කුමන සාහිත්‍ය සංවාද ද? අස්වැන්න අඩවියේදී මා ඔබට ඔබේ ලෙවල් එක කියාදුන්නා. එයට කියන ලද අවලාද අපහාස වලටත්, ඔබේ අලජ්ජි ගතිය නැවත නැවත පෙන්වමින් තම අඩවියේම මගේ නමින් නිර්නාමික අදහස් දැක්වීමේ මලපෙරේත ලක්ෂණ පෙන්වීමත්, ඒවාට මා පටලවා ගැනීමට නොහැකිවීමෙන් ඇතිවූ දුක ඉවසාගත නොහැකිව උපක්‍රමිකව මෙහි රිංගන්නට ආවා. ඔබේ පළමු අදහස් දැක්වීම මා අනුමත කළේ Mock Attack එකක් දීම සඳහා ඔබ මගේ අඩවිය ඇතුලට රිංගවා ගෙන තව තවත් ඇතුලට එන්න ඉඩදී පහර දීමේ න්‍යාය ඉගැන්වීමටයි. දැන් ඉගෙනගන්න මිලිටරි පුහුණුවක ඇති වැදගත්කම. දැන්වත් අලජ්ජි කම අතහරිනු.
Delete