කටපුංචලාගේ ලොකු අයියලා ගැන කියන්න පටන් ගත් ලිපි මාලාවේ තවත් කොටසකින් මෙසේ අපි හමුවෙනවා. මේ ලිපි මාලාවේ පළමුවැනි කොටසට සහ දෙවැනි කොටසට ඔබෙන් ලද ප්‍රතිචාර මා බොහෝ දුරට දිරිමත් කරවන බව ස්තුති පූර්වකව සඳහන් කරනවා. බොහෝ දෙනා තමන්ට ඇතිවූ ගැටළු පිළිබඳව මගේ වර්ඩ්ප්‍රෙස් අඩවියේදී මෙන්ම බ්ලොගර් අඩවියේදීත් විමසීම් කර තිබුණා. ඒ පිළිබඳවද මා ඔබට ස්තුති කරන්නට කැමතියි. මා, මේ බ්ලොග් ලිවීම පටන්ගත් කාලයේ සිටම ලියන තාක්ෂණික තොරතුරු ඇතුලත් ලිපි වලදී සෑමවිටම කියන්නේ සෑම ගැටළුවක්ම විමසා නිරාකරණය කරගන්නා ලෙසයි.
අද මා ඔබ සමග තවත් මැෂින් තුවක්කු වර්ගයක් ගැන සාකච්ඡා කරනවා. ඒ තමයි මධ්‍යම පරිමාණයේ මැෂින් තුවක්කු (එම්.පී.එම්.ජී. සහ ජී.පී.එම්.ජී. යන තුවක්කු වර්ග දෙකම එයට අයත්) (Medium Purpose Machine Gun = MPMG, General Purpose Machine Gun = GPMG) මෙහිදී නැවතත් අවධාරණය කරන්නට කැමතියි, මා ඔබවෙත ගෙන එන්නේ, තුවක්කු මෝස්‌තර කීපයක් ඇසුරෙන් සරල හැඳින්වීමක් පමණයි.
ඔබට මතකද, මා පසුගිය කොටස් වලදී ඔබට හඳුන්වා දුන් LMG අවිය, සෙබළ පෙළක ආධාරය සඳහා යොදාගන්නා අවියක් බව සඳහන් කළා. ඒ වගේම තමයි මේ MPMG සහ GPMG යන අවි පාබල හමුදා (Infantry) සෙබළ කණ්ඩායමක (Company) ආධාරය සඳහා යොදාගන්නා ආධාරක අවියක්. පාබල බලඇණියක ඉන්න සෙබල කණ්ඩායමක් කියන්නේ මොකක්ද කියලා මතක නැත්නම්/දන්නේ නැත්නම්, ගොහිං බලාගෙන එනවා හොඳයි. හා..........දැන් මතකද? ආං ඒ අහවල් එක තමයි.
සමහර අය හිතාගෙන ඉන්නවා ඇති, යුද්ධ කරනකොට, හැකි ඉක්මනින්, හැකිතරම් යුද්ධායුධ ප්‍රමාණයක් පාවිච්චි කරලා, පතරොම්, බෝම්බ ලක්ෂ ගණනක් එකපාර වෙඩි තියලා, යුද්ධයක් දිනන්න පුළුවන් කියලා. එක අතකට යුද පුහුණුවක් නැති අය එසේ සිතීමේ කිසිම වරදක් නැහැ. නමුත් මා මීට පෙර ද, මගේ ලිපි වල කීපවිටක්ම කියා ඇති පරිදි යුද්ධය කියන්නේ කලාවක්. 'Art of War' කියලයි කියන්නේ. කළයුත්තේ කුමක්ද, කෙසේද, කවදාද, යෙදිය යුතු බලය කුමක්ද, මොන අවි ආයුධද, පිරිස් බලය කොපමණද, වැනි කරුණු ගණනාවක් සැළකිල්ලට ගනිමින් තමයි යුද්ධයක සැළසුම් හදන්නේ. අනාගතයේදී මා ස්ථිරවම එය ඔබට කියාදෙනවා. (හැබැයි යම් යම් සීමා සහිතව)
පාබල බල ඇණියක 'කණ්ඩායමක් Company' කියන්නේ සෙබළුන් 150 - 200 ක් පමණ පිරිසක්. ඉතින් මෙවැනි පිරිසක් සටන් බිමට ගියාම, ඔවුන් විසිර සිටින ප්‍රදේශයේ, වැදගත් ස්ථාන වලට එල්ලවන සතු ප්‍රහාර මැඩපවත්වන්නටත්, සතුරාගේ බලය බිඳිමින්, ඔහුගේ වෙඩි බලය ඉක්මවා යමින් ක්‍රියා කරන්නටත්, ඉදිරියට ඇදෙන/පසු බසින තම කණ්ඩායම, සතුරු වෙඩි බලයෙන් ආරක්‍ෂා කරගැනීමටත් තමයි, අද ලිපියෙන් අපි සාකච්ඡා කරන මධ්‍යම පරිමාණ MMG මැෂින් තුවක්කු පාවිච්චි කරන්නේ.
මධ්‍යම පරිමාණයේ මැෂින් තුවක්කුවක් Medium Machine Gun = MMG යනුවෙන් අදහස් කරන්නේ පතරොම් වැලක් මගින් සම්පූර්ණ ස්වයංක්‍රීයව රයිෆල් උණ්ඩ වෙඩි තැබිය හැකි තුවක්කුවකටයි.
මතකද මීට ඉහත කතාකළ සමහර LMG වලට, පතරොම් වැල් තිබුණේ නැහැ. මැගසින් තිබුණේ. නමුත් මේ MMG වල අනිවාර්යයෙන්ම පතරොම් වැල් පමණයි තියෙන්නේ. (ඒ පතරොම් වැල්, පෙට්ටියක් වගේ පෙනෙන්න මැගසින් ඒකක තියෙන්න පුළුවන්) මෙවැනි මැෂින් තුවක්කු වලා මූලාරම්භය ඉතා ඈත අතීතයට දිවයනවා. එකවර විශාල වෙඩි බලයක් ලබාගතහැකි ස්වයංක්‍රීය තුවක්කුවක් නිපදවන්නට මිනිසා වෙහෙස වූයේ 19 වැනි සියවසේ සිටයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් මුල් කාලයේදී නිපදවන ලද එවැනි තුවක්කු කීපයක් පහතින් දක්වනවා.
පුදුම හිතෙනවා නේද මේ තරම් ඈත අතීතයේදීත් මෙවැනි තුවක්කු නිර්මාණය වීම ගැන. අද වනවිට මේ තාක්ෂණය බොහොම ඉදිරියට ඇවිත් තියනවා. අපි බලමු අද කාලයේ පාවිච්චි කරන මධ්‍යම පරිමාණ මැෂින් තුවක්කු මොනවද කියලා. මෝස්‌තර දෙකක් විතරයි පෙන්නන්නේ. ගොඩක් මෝස්‌තර ගැන විස්තර ලියන්න ගියාම අවබෝධ කරගන්න අමාරුයි. පළමුවැනි එක සෝවියට් රුසියාවේ උපත ලැබුවක්. පසුව එහි අනුකරණ පාකිස්ථානය, චීනය වැනි රටවලත් නිෂ්පාදනය වෙන්නට පටන්ගත්තා. අපේ රටත් පාවිච්චි කරන්නේ චීනයේ නිෂ්පාදිත මෝස්තරය. ඒ නිසා ඒ තුවක්කුවට අදාළ තාක්ෂණික විස්තර තමයි පහත දක්වන්නේ. මේ පහළ තියෙන්නේ ඒ තුවක්කුවයි.
මේ තුවක්කුවේ සරල තාක්ෂණික විස්තරය පහත දක්වනවා.
- වර්ගීකරණය : General Purpose Machine Gun = GPMG
- මුලින්ම නිෂ්පාදිත රට : සෝවියට් රුසියාව
- සැලසුම්කරු : Mikhail Kalashnikov
- චීනය විසින් පළමු වරට යොදාගැනීම : 1983
- අවියේ බර : කි ග්‍රෑම් 12.6
- අවියේ දිග : මීටර් 1.192
- පතරොම් වර්ගය : 7.62 x 54
- වෙඩි තැබීමේ වේගය : විනාඩියකට උණ්ඩ 700 - 800
- උණ්ඩ පිටවීමේ වේගය : තත්පරයකට මීටර් 840
- ප්‍රතිඵලදායක වෙඩි දුර : මීටර් 1500
ඔන්න බලාගන්න මේ තුවක්කුවේ වැඩකිඩ. මෙතන වෙඩි තියන්නේ රුසියාවේ නිෂ්පාදිත PKM තුවක්කුවයි. නමුත් චීනයේ නිෂ්පාදිත T 80 තුවක්කුවත්, (මේ තුවක්කුව අපේ රටේදී බොහෝවිට හඳුන්වන්නේ MPMG කියලයි) මේ තුවක්කුවත් අතර කිසිම වෙනසක් නැහැ. බලන්න වෙඩි බලය කොපමණ ප්‍රබලද කියා. තත්පර 10ක් බැලුවම ඇති.
හරි, ඊළඟට තියන මධ්‍යම පරිමාණ තුවක්කුවත් මේ ගමන්ම බලමු. ඒ තුවක්කුවත් GPMG වර්ගීකරණයටමයි වැටෙන්නේ. මෙය කලින් තුවක්කුවට වඩා තරමක් ප්‍රහාරක බලයෙන් වැඩියි. කලින් පෙන්නුව තුවක්කුව, ශක්තිමත් කෙනෙකුට, අතේ තියාගෙන වෙඩි තියන්න පුළුවන් වුනත්, මේ තුවක්කුව එහෙම කරන්න බැහැ. මොකද, තුවක්කුවේ ගැස්සීම නිසා, ඉලක්කය වරදින්න තියන අවස්ථාව බොහොම වැඩියි. ඒ නිසා මේ තුවක්කුව, ඒ තුවක්කුවට අදාළ ආධාරකයේ මත හෝ අඩු ගානේ වැලි ගෝනියක්, බංකරයක කවුළුවක්, පස් කණ්ඩියක්, වගේ දෙයක් මතුපිටවත් තියාගන්න ඕනේ වෙඩි තියන්න නම්.
මේ තුවක්කුවෙන් වෙඩි තැබීමේදී තුවක්කු බටය අධික ලෙස රත්වූ විට බටය මාරු කල යුතුයි. හොඳින් බලන්න ඉහත රූපයේ වෙඩි තබන්නා (තබන්නී? :D) ගේ දකුණු කකුල අසළ ඇති වැලි ගෝනිය මත පෙනෙනවා ඒ අමතර බැරලය. සාමාන්‍යයෙන් නොකඩවා පතරොම් දෙතුන් දාහක් පමණ වෙඩි තැබුවාට පස්සෙයි බැරලය මාරු කරන්නේ. නවත්ත නවත්තා, ටික ටික, වෙඩි තියනවානම්, බැරලය මාරු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ.
තුවක්කුවේ තාක්ෂණික විස්තර මෙහෙමයි.
- වර්ගීකරණය : මධ්‍යම පරිමාණ මැෂින් තුවක්කුව = MPMG
- නිෂ්පාදිත රට : බෙල්ජියම
- පළමු වරට නිෂ්පාදනය කිරීම : 1958
- තුවක්කුවේ බර : 11.79 කි ග්‍රෑම්
- තුවක්කුවේ දිග : මීටර් 1.629
- පතරොම් වර්ගය : 7.62 x 51
- වෙඩි තැබීමේ වේගය : විනාඩියකට පතරොම් 600 - 1000 අතර
- උණ්ඩ පිටවීමේ වේගය : තත්පරයකට මීටර් 840
- සඵල වෙඩි දුර : මීටර් 800
- උපරිම වෙඩි දුර : මීටර් 1800
වෙඩි තියන හැටිත් බලමු නේද? (මේ තරම් කෙටි වීඩියෝ නොබලන 'මේ දෑස් මක්කටෙයි' කියලාත් අහන්න වෙනවා)
මේ තුවක්කුවේ තිබෙන විශේෂත්ව කීපයක් තියනවා. මේ තුවක්කුවට ද්විපාද - bipod ආධාරකයක් මෙන්ම, තුන්පාද - tripod ආධාරකයක් ද තිබෙනවා, (ඉහත වැලි ගෝනි අසළ තුවක්කුව රඳවා තිබෙන්නේ තුන් පාදයේ, වෙඩි තබන වීඩියෝවේ තිබෙන්නේ ද්විපාදයේ) අවස්ථාව අනුව යොදාගැනීම සඳහා. එමෙන්ම මේ තුවක්කුව, සන්නද්ධ රථ වල, නාවික යාත්‍රා වල වගේම, හෙලිකොප්ටර වලත් පාවිච්චි කිරීම සඳහා, අවශ්‍ය පරිදි නවීකරණය කොට, අමතර උපාංග සහිතව නිපදවා තිබෙනවා.
හමුදා සිතියමක, මධ්‍යම පරිමාණ මැෂින් තුවක්කුවක් ලකුණු කරන සංකේතය, පහත දක්වනවා.
බර මැෂින් තුවක්කු ගැන ඊළඟ කොටසේදී කතාකරමු නේද? නැත්නම් බර වැඩි වෙලා චප්ප වෙන්ඩත් බැරි නැහැ.
ගියවර ලිපියත් කියෙව්ව විචාරක තුමණි .....නමුත් කමෙන්ට් කලාට පබ්ලිෂ් වුනේ නැහැ....
ReplyDeleteගියවර මෙන්ම මේ ලිපියෙනුත් හොද අවබෝධයක් ලැබුන....
මට පුදුම හිතුන විනාඩියකට 700-800 ක් සහ 600-1000 ක් උන්ද පිට වෙනව කිව්වම....
ඉදිරි නිෂ්පාදන වලදී මේ ප්‍රමාණය වැඩි වන්න ඉඩ තිබේද....?
කමෙන්ට් පල නොවීම ගැන කණගාටුයි. මොකක්හරි තාක්ෂණික දෝෂයක් වෙන්න ඇති.
Deleteඔබේ දැනුමට යමක් එකතුවුනා නම් සතුටුයි.
ලෝකයේ කොතැනක හෝ සෑමවිටම නවීන ආයුධ නිපදවීමේ පර්යේෂණ කෙරෙනවා. අනාගතයේදී මෙවැනි තුවක්කු වලට වඩා ලේසර් කිරණ වැනි දේ යොදාගන්නට බොහෝ දුරට ඉඩකඩ තිබෙනවා.
මට නම් වැඩිය ඉවසන්ට බෑ. මම යුද්ධයක් පටන් ගත්තොත් ඔක්කොමලාට එකපාර වෙඩි තියලා ඒක ඉවරයක් කරනවා... :D
ReplyDeleteඔව් ඔව්, 'විරුද්ධ පාක්ෂිකයාගෙන්' ඇහුවොත් කියයි 'සතුරාගේ' (සැතිරිය ගේ? :e) තරම.
Deleteසිම්පල් පැලැන්එකක් නැද්ද පොඞ්ඞි
Deleteසීනි දාල වෙඩි තියන්ඩ කූඹි කාල මැරෙන්ඩ !!!!
Delete@ සංජීව,
Deleteසිම්පල් ප්ලෑන්? දුටු තැත්න වෙඩි තියෙන එක තමා සිම්පල් ප්ලෑන් එක...:)
@පත්තරේ,
සීනිත් එක්ක කූඹිත් දාලම වෙඩි තියෙනවා. එතකොට ලේසිනේ. :D
ඉතාමත් වෙහෙසකර කාර්යයකින් පසු ඔබ අපට තිළිණ කරන මෙවන් ලිපි ගැන ආයි අමුතුවෙන් කියන්න දෙයක් නෑ. හැම දේම සම්පුර්ණයි. පිංතුර විස්තර මේ සේරම මගින් නොදත් අප ප්‍රමාණික දැනුමක් ලබාගත්තා. වෙනදා වගේම කියන්නං ස්තුතියි.
ReplyDeleteපොත් පත් සඟරා කියවන අයට වගේම බ්ලොග් කියවන අයටත් මෙවැනි කරුණු ගැන දැනුමක් ලබාදීමයි මගේ අරමුණ.
Deleteස්තුතියි ඇගයීම ගැන.
කියන්න වචන නැහැ ඔබගේ කැපවිමත් හැකියාවත් ඉහලයි
ReplyDeleteබොහොම ස්තුතියි, මා දිරිමත් කරවනසුළු, මේ ඇගයීමට.
Deleteඅද තමයි, ඔයාට comment එකක් දෙන්නේ , අමතන්න පහසු නමක් නැ. ඔබට කවුද කියා අමතන්න.
ReplyDeleteඔබට වෙපන්ස් පිළිබද බොහෝ අත්දැකීම් ඇති නිසා මේක අහන්නේ, භාවිතයෙන් ඉවත් කල ඒ කියන්නේ අඩු තාක්ෂණික පහසුකම් ඇති අවියක් වන රිපිටර් එක නැවතත් , රජයේ ආයතන වල යම් අවශ්‍යතා සදහා යොදා ගන්නේ ඇයි.....?
ඒ කියන්නේ T 56 ඉවත් කර රිපිටර් භාවිතය
පළමුව ඔබව සාදරයෙන් පිලිගන්නවා මේ අඩවියට. හැකි සෑමවිටම පැමිණ අදහස් දක්වන ලෙසත් ඉල්ලනවා. බොහෝ දෙනා මට අමතන්නේ විචාරක කියලයි. ඔබටත් පුළුවන් ඒ ආකාරයට මාව අමතන්න.
ReplyDeleteරිපීටර් අවිය භාවිතයෙන් ඉවත්කළ හෝ අඩු තාක්ෂණික පහසුකම් සහිත අවියක් නොවෙයි. ඇමරිකානු යුද හමුදාව අදත් රිපීටර් අවිය පාවිච්චි කරනවා. ඒ අවිය වඩාත් සුදුසු දරුණු කලහකාරී පිරිසක් නොමරා තුවාල කර අල්ලාගන්න හෝ විසිර යවන්නයි. ඒ නිසයි අදත් එය බැංකු, පොලීසි, වැනි ආයතන විසින් පාවිච්චි කරන්නේ.
අද වනවිට මේ තුවක්කු ඉතා දියුණු තත්වයට පත්කර තිබෙනවා. නමුත් ඒවා රිපීටර් කියන වර්ගයටමයි අයිති.
[img]https://www.youtube.com/watch?v=c0WzEeUqYN8[/img]
https://www.youtube.com/watch?v=c0WzEeUqYN8
Deleteපුංචි කොටසක් කියන්න අමතක වුණා. T 56 කියන්නේ යුද්ධය සඳහා නිපදවූ අවියක්. එය පාවිච්චි කලයුත්තේ යුද භූමියේදී. ඒවා සාමාන්‍ය ජනතාව ගැවසෙන පරිසරයක යෙදවීම ජාත්‍යන්තර නීති උල්ලංඝනය කිරීමක්. පොලීසියේ වුනත් විශේෂ ඒකක වලට හැර සාමාන්‍ය පොලිස් නිලධාරෙන්ට සම්පූර්ණ ස්වයංක්‍රීය අවි දරන්න බැහැ. රාජ්‍ය ආයතන සඳහා මිලිමීටර් 9 ප්‍රමාණයේ අර්ධ ස්වයංක්‍රීය අවි යෙදවීමේ අරදක් නැහැ.
Deleteඔව්.... ඔබ කියන දේ හරි, මේක මං දැක්ක උදාහරණයක් නිසයි ඇහුවෙත්, මොකද , ඔබට මතක ඇති මෑතකදී වැලිකඩ බන්ධනාගාර කැරැල්ලෙන් පසුව , ඔවුන්ට දීල තිබුණා T 56 අවිය , අයින් කරලා, නැවත , එහිම පත්තකට දාල තිබුන රිපිටර් එක භාවිතයට ගත්තා.
Deleteමේක දැකපු අය විවේචනය කරා, මේ මොකද්ද කරේ කියල, මොකද මේ වෙද්දී කවුරුත් මේ රිපිටර් එක ගණන් ගත්තේ නැ, මේක අල්ලන් ඉන්නකොට බර අවියක් හින්ද හා. lord කරන්න වෙලා යන නිසා.
මට දැන් පැහැදිලියි අයින් කරපු හේතුව, ඒත් මේ ආදේශනය සාර්ථකද....?
ඇත්තෙන්ම රිපීටර් තුවක්කුව T 56 තුවක්කුවට වඩා බොහොම සැහැල්ලුයි. බොහොමයක් ආරක්‍ෂක අංශ වල ඉන්න අය එයට කැමති නැත්තේ, 'නම්බුකාර' අවියක් නොවීම නිසා වෙන්න ඇති. හිරගෙදරකට 100% ක් ම සුදුසු අවිය රිපීටර් තුවක්කුවයි. ජාත්‍යන්තර නීති අනුව බැලුවත් ඒ අවිය තමයි ගැලපෙන්නේ.
Deleteහිරගෙදරක පාලනයේ සාර්ථක අසාර්ථක භාවය මනින නිර්නායකයක් ලෙස සලකීමෙදේ එහි ආරක්ෂක අංශ විසින් භාවිත කරන්නේ කුමන ආකාරයේ අවියක් ද යන කාරණයට ලැබෙන්නේ අඩු ප්‍රමුඛත්වයක්. වඩාත්ම ඉහල ප්‍රමුඛත්වය ලැබෙන්නේ හිරගෙදර පාලනය සඳහා යොදාගන්නා ක්‍රමවේදය කුමක්ද යන එකටයි. 'සිරකරුවෝද මනුෂ්‍යයෝය' කියලා බිත්තියේ ලියලා තිබුනට වැඩක් නැහැ පාලනය දුර්වල නම්.
T56, AK47 මේ හැම එකකම වගේ civilian version එකක් තියෙනවා නේද semi-auto only විදියට නිපදවපු.. නමුත් මම දන්නෙ නෑ ලංකාවේ මේවා භාවිත වෙනවද නැද්ද කියලවත්..
Deleteපලි: විචාරකගෙ බ්ලොගර් අඩවිය දැක්කෙ අදයි.. මීට පස්සෙ මාත් හැමදාම මෙහාටම එඤ්ඤං.. wordpress වලට වඩා කමෙන්ට් කරන්ට ලේසියි.. :-)
කමක් නැහැ බූරා, කැමති අඩවියකට එන්න.
Deleteමම හිතන්නේ නැහැ semi automatic version එක වුනත් මහජනතාව පාලනයට සුදුසුයි කියලා. පොතේ කියන්නෙත් මරණීය තුවාල සිදු නොවන අවි පාවිච්චි කරන්න කියලයි. T 56 උණ්ඩය semi auto තුවක්කුවකින් වෙඩි තිබ්බත් full auto තුවක්කුවකින් වෙඩි තිබ්බත් ප්‍රතිඵලය භයානකයි. ලංකාවේ තියනවා.
අදත් වෙනද වගේම හොඳ විස්තර ටිකක් දැනගත්ත.
ReplyDeleteඅර දෙවෙනියට තියෙන එකේ බැරල් එක රත් වෙනවට අර උඩ තියෙන එකක වගේ ලික්විඩ් කූලින් සිස්ටම් එකක් හයිකළානං හරිනෙ.
ඒ ලික්විඩ් කූලින් බොහොම පරණ ක්රමනේ ප්‍රසන්න ඒ තුවක්කු අදට ගැලපෙන්නේ නැහැ. නැත්නම් නොකර ඉඳියිද?
Deleteස්තුතියි ඇගයීම ගැන.
විචාරක......බටේ රත්වුනාම මාරුකරන්නේ කොහොමද :D
ReplyDeleteහොඳින් හදාරා ලියන ලිපිවලට අපේ ආචාර වෙඩි මුරය!!!!
හ්ම්.................................පහුගිය අවුරුදු 33 ඇතුළත නම් මට 'බැටේ මාරුකරන්න වුණේ නැහැ' :e හෙට අනිද්දට මොනවා වෙයිද මන්දා.
Deleteමේ තුවක්කුවේ බැරල් චේන්ජ් කෙරිල්ල 'වැරි සිම්පල්' හොඳින් පුහුණු සොල්දාදුවෙකුට. මෙන්න බලන්න කරන හැටි.
https://www.youtube.com/watch?v=fkW4a9Edg2Q
බැටේ යන වචනය බටේ යනුවෙන් වෙනස්විය යුතුයි. ඇගයීම ගැන ස්තුතියි.
Deleteඕන්න ඔයිං එකක් තියනවනං දියවන්නාවෙ බැමි කෑල්ලකට අටෝල කෙලල අරින්ඩ සෑර් පතරොං වැල් දෙක තුනක් එකපාර මේ රටේ පුරස්න වලින් 90% ක් අහවරයි !!!
ReplyDeleteඋඹනං කවදා හරි මාව ගස් යවනවා. (අම්මපා ඒකත් ටිකක් හිතලා බලන්ඩත් වටිනවා)
Deleteමහන්සි වී අපගේ දැනුමට මෙවන් ලිපි ලිවිම පිළිබද මගේ ප්‍රණාමය....
ReplyDeleteබොහොම ස්තුතියි ඔබට.
Deleteබ්ලොග් එක ඇතුලේ මේ වගේ වටිනා කියන දැනුමක් අපිට ලබාදෙන්න ගන්න මහන්සිය ඇත්තටම අගය කරන්න ඕන. බොහොම ස්තුතියි..
ReplyDeleteබොහොම ස්තුතියි ඇගයීම ගැන.
Deleteඅපිනං නින්ජා ටයිප් පොරවල් නිසා ආයුධ එක්ක වැඩි ගනුදෙනුවක් නෑ. මේ ලිපිය කියෙව්වම හිතෙනවා ඉස්සර යුද්ධ කාලේදී අපි අහන් හිටියේ මෙහෙන් කීයක් මැරිලද එහෙන කීයක් මැරිලද කියන එක විතරයි නේද කියලා
ReplyDeleteයුද්ධය ඇතුලේ නොකියවුණු කතා රාශියක් තියනවා. ඒවා කවදාවත් එලියට එන එකක් නැහැ. සමහරු ඇත්තටම හිතුවේ පුළුවන් තරම් ගහපු එකා දිණුම් කියලා.
Deleteබොලා කම්මැලි කොමක් නැතුව මේවා හොයලා දාන එකනේ වැඩේ.
ReplyDelete90% ක් මතකයෙන්. ඉතුරු ටික තමයි පිටින් හොයාගන්නේ.
ReplyDelete++++
ReplyDelete