කටපුංචලාගේ ලොකු අයියලා ගැන ලියවෙන මේ ලිපි මාලාවේ පළමුවැනි කොටස ඔබ කියවන්නට ඇතැයි මා සිතනවා. සමහරු කියා තිබුණා එය කෙටි වැඩියි කියා. හරි, දිගටනේ ඕනේ. දෙන්නම් දිගට. හැබැයි ඊළඟට කියන්න එපා දිග වැඩියි කියලා. ඇත්තටම සිදුවුණේ මේ ලිපිය කොටස් දෙකකට කඩන්න තරම් කොට වැඩියි, එක කොටසකින් අවසන් කරන්නට තරම් දිග වැඩියි, යන හැඟීමේ මා දෝලනය වීමයි. ඔන්න අදනම් කොච්චර දිග වුනත් ඔක්කොම කියනවා. මුලින්ම එක ඉල්ලීමක් ඉටු කරන්න කැමතියි. පසුගිය කොටසේදී මා සඳහන් කල සැහැල්ලු යාන්ත්‍රික තුවක්කුවේ ගති ලක්‍ෂණ = Characteristics පැහැදිළි කරදෙන මෙන් කර තිබුන ඉල්ලීම පහත ඉටු කරනවා. (පින්තූරය ගත්තේ මෙතනින් )
මුලින්ම කියන්නම් පසුගිය ලිපියේ සඳහන් කල .303 සැහැල්ලු යාන්ත්‍රික තුවක්කුව = LMG එක ගැන.
- වර්ගීකරණය : සැහැල්ලු යාන්ත්‍රික තුවක්කුව Light Machine Gun = LMG
- නිෂ්පාදිත රට : මුල්ම මෝස්තරය චෙකොස්ලෝවේකියාව. වැඩි දියුණු කල මෝස්තරය බ්‍රිතාන්‍යය
- සේවා කාලය : 1938 සිට 2006 දක්වා
- අවියේ බර (මෝස්තරය අනුව) : කි.ග්‍රෑම් 10.35 සිට 11.25 දක්වා
- අවියේ දිග : මීටර් 1.15
- යොදන පතරොම් වර්ගය : බ්‍රිතාන්‍ය .303 පතරොම, නේටෝ කාණ්ඩයේ 7.62 x 51 පතරොම
- වෙඩි තැබීමේ වේගය : විනාඩියකට උණ්ඩ 500 - 520 අතර
- තුවක්කුවෙන් උණ්ඩ පිටවීමේ වේගය (Muzzle Velocity) : තත්පරයකට මීටර් 743.7
- සඵල වෙඩි දුර (අනිවාර්යයෙන්ම ඉලක්කයක් සපුරා ගතහැකි උපරිම දුර - Effective Range) : මීටර් 550
- උණ්ඩයක් සාර්ථකව යොමු කළහැකි උපරිම දුර (Maximum range) : මීටර් 1691.61
පසුගිය ලිපියෙන් කිව්ව ඊළඟ තුවක්කුව තමයි චීනයේ නිෂ්පාදිත 7.62 සැහැල්ලු යාන්ත්‍රික තුවක්කුව. පහත දක්වන්නේ ඒ ගැන විස්තරයයි. මේ තුවක්කුවට යොදවන්නේ T 56 ප්‍රහාරක රයිෆලයට යොදන 7.62 x 39 වර්ගයේ පතරොමමයි. ඒ නිසා මේ තුවක්කුව T 56 LMG කියා හඳුන්වන්නට අපේ හමුදාවේ අය පුරුදුවී සිටිනවා.
- වර්ගීකරණය : සැහැල්ලු යාන්ත්‍රික තුවක්කුව LMG
- නිෂ්පාදිත රට : මේ තුවක්කුව රුසියානු ජාතික Vasily Degtyaryov විසින් 1943 - 44 කාලයේදී සැලසුම්කර සෝවියට් රුසියාවේදී නිපදවන ලද්දේ 1945 දී ය. ඉන්පසු එහි විවිධ මෝස්‌තර නිපදවින. වර්තමානයේදී ශ්‍රී ලංකා යුද හමුදාව පාවිච්චි කරන්නේ 1960 දශකයට පසු චීනයේ නිෂ්පාදිත මෝස්තරයයි.
- අවියේ බර (පතරොම් රහිතව) : කි ග්‍රෑම් 7.43
- අවියේ දිග : මීටර් 1.037
- පතරොම් වර්ගය : මි මී 7.76 x 39
- විනාඩියකට වෙඩි තැබිය හැකි උණ්ඩ ගණන : 650 - 750 අතර
- තුවක්කුවෙන් උණ්ඩ පිටවීමේ වේගය (muzzle Velocity) : තත්පරයකට මීටර් 735
- සඵල වෙඩි දුර : අවම මීටර් 100 සිට උපරිම මීටර් 1000 දක්වා
- උණ්ඩයක් සාර්ථකව යොමු කළහැකි උපරිම දුර (Maximum range) : මීටර් 1700 ක් පමණ
මේ අවියේ තවත් එක මෝස්තරයක් තියනවා. නමුත් එය එතරම් ජනප්‍රිය නැහැ. මා හිතනවා එසේ වීමට බලපෑ ප්‍රධාන හේතුව වන්නේ ඉහත දැක්වෙන LMG එකට පතරොම් 100 ක ඩ්‍රම් මැගසින් එකක් යෙදිය හැකි වුනත් මේ තුවක්කුවට යෙදිය හැක්කේ පතරොම් 75 ක ඩ්‍රම් මැගසින් එකක් වීමයි. මේ මැෂින් තුවක්කුව T 81 ප්‍රහාරක රයිෆලය ආශ්‍රිතව නිපදවා ඇති නිසා මෙය T 81 LMG කියා හඳුන්වනවා.
තවත් LMG දෙකක් විතරක් පෙන්නලා LMG ගැන කතාව අවසන් කරන්නයි හදන්නේ මොකද MPMG, GPMG, HMG, කියලා තව ලොක්කො ගොඩක් ඉන්නවා. තව කොටස් හැටහුටහමාරක් ලියන්න වෙයිද මන්දා ඒ ඔක්කොම ගැන කියන්න. කමක් නැද්ද? 1970 - 80 දශක වල ජනප්‍රියව තිබුණු එහෙත් දැන් ක්‍රමක්‍රමයෙන් භාවිතයෙන් ඉවත්වෙමින් පවතින LMG එකක් ඊළඟට පෙනන්නම්. ඒ තමයි FN MINIMI නමැති තුවක්කුව. ඔන්න පහලින් තියනවා.
1975 වසරේදී බෙල්ජියමේ නිෂ්පාදිත මේ තුවක්කුව අද බහුලවම පාවිච්චි කරන්නේ බෙල්ජියම අවට පිහිටි බටහිර යුරෝපීය රටවල්. අපේ හමුදාවේත් මේ තුවක්කුව තියනවා. නමුත් දැන් භාවිතය අඩුයි. මෙහි අලුත් මෝස්‌තර පවා වැඩියෙන්ම පාවිච්චි කරන්නේ බටහිර රටවල් සහ ඔස්ට්‍රේලියාව වැනි රටවල්. මේ තුවක්කුවේ තාක්ෂණික විස්තර කෙටියෙන් දක්වනවා.
නිෂ්පාදිත රට : බෙල්ජියම
මුලින්ම නිපදවුවේ : 1975 දී
තුවක්කුවේ බර : කි ග්‍රෑම් 6.85
තුවක්කුවේ දිග : මීටර් 1.040
පතරොම් වර්ගය : පැරණි මෝස්තරය 5.56 x 45 නව මෝස්තරය 7.62 x 51
වෙඩි තැබීමේ වේගය : විනාඩියකට උණ්ඩ 700 - 800 අතර
සඵල වෙඩි දුර : මීටර් 300 - 1000
පතරොම් යෙදීම : උණ්ඩ 200 වැලක් සහිත මැගසිනයක් මගින්
ලෝකෙට ලොක්කා ඇමරිකාව මොකක්ද පාවිච්චි කරන LMG එක? කීපයක් තියනවා. බහුලවම පාවිච්චි කරන එක මෝස්තරයක් විතරක් පෙන්වන්නම්. ඒ තමයි M 249 LMG එක. ඇත්තම කියනවානම් මේ තුවක්කුව අර ඉහත දැක්වූ Minimi එකේ, ඉතා දක්ෂ ලෙස වැඩි දියුණු කල මෝස්තරයක්. 1980 දශකයේදී තමයි හදලා තියෙන්නේ. ඉතා සියුම් ක්‍රියාකාරිත්වයකින් යුත් මේ තුවක්කුවේ මිල බදු රහිතව බැලුවත් රුපියල් ලක්ෂ 5.5 ක් පමණ වෙනවා.
බර කි.ග්‍රෑම් 7.2 යි, දිග මීටර් 1.02, විනාඩියකට උණ්ඩ 800 ක් විතර වෙඩි තියන්න පුළුවන්, 5.56 x 45 පතරොම් යොදන්නේ වැලක් සහිත මැගසින් එකකින්. සඵල වෙඩි දුර මීටර් 700 යි, උණ්ඩයක් යන උපරිම දුර මීටර් 3600 යි.
ඊළඟ කරුණු වලට යන්න කලින්, Ayilas A විසින් විමසා තිබුණු, ඉතා අගනා පැනයකට අදාළ, කරුණු පැහැදිළි කිරීමක් ඉදිරිපත් කිරීම සුදුසු බව පෙනීගියා. ඔහු අසා තිබුණු ප්‍රශ්නය මේකයි. මේ ලිපියෙන් කතාකරන්නේ මැෂින් තුවක්කු ගැන. ඒවා පූර්ණ ස්වයංක්‍රීයයි කියලා කියවෙනවා. T 56 කියන්නෙත් පූර්ණ ස්වයංක්‍රීය අවියක් full automatic ඉතින් ඒවා මැෂින් තුවක්කු නෙවෙයිද?
මෙන්න පිළිතුර. T 56 කියන්නේ පූර්ණ ස්වයංක්‍රීය තුවක්කුවක් කියන එක ගැන වාදයක් නැහැ. ඒක ඇත්තයි. නමුත් ඒ වගේ අවියක් එක සෙබළකුගේ තනි පාවිච්චිය සඳහා නිකුත් කරන පෞද්ගලික අවියක් personnel weapon ලෙසයි සැලකෙන්නේ. නමුත් මැෂින් තුවක්කු කියන ඒවා, කුඩා සෙබල කණ්ඩායමක සිට, බලඇණියක් තරම් විශාල සෙබල පිරිසකගේ ආරක්‍ෂාව සහ, යුද බිමේදී අවශ්‍ය ආධාරක වෙඩි බලය support or covering fire දීම සඳහා යොදාගන්නා, ආධාරක අවි support weapon ලෙසයි සැලකෙන්නේ. ඒවා තනි සෙබළකුට ක්‍රියාකරවන්න අමාරුයි. අවම වශයෙන් දෙදෙනකුවත් අවශ්‍යයි. ඒ නිසා තනි සෙබළකුට නිකුත් කරන්නෙත් නැහැ.
ඉතින් මොකක්ද මේ සැහැල්ලු යාන්ත්‍රික තුවක්කු වලින් ගන්න ප්‍රයෝජනේ? යුද්දෙදි මේවා යොදවන්නේ කොහොමද?
හොඳයි, ඒ විස්තර කෙටියෙන් කියනවානම් මෙන්න මෙහෙමයි. සැහැල්ලු යාන්ත්‍රික තුවක්කුවක් කියන්නේ, හමුදාවක තියෙන කුඩාම ඒකකය වන, සෙබළ පෙළක - section තිබෙන ආධාරක අවියයි. section support weapon ඔන්න ඉතින් ආයෙත් අමතක කරලනේ සෙබළ පෙළක් කියන්නේ මොකක්ද කියන එක. ඉතින් කොහොමද මේ පන්තිය කරන්නේ? යනවා යනවා, දුවලා ගිහින් බලාගෙන එනවා හමුදාවේ ඒ ඒ සංවිධාන ව්‍යුහයන් මොනවද කියන එක. මේ ලිපියේ ඉදිරි කොටස් තේරුම් ගන්න ඒ දැණුම නැතුව බැහැ.
සෙබළ පෙළක ඉන්න ලාන්ස් කෝප්‍රල් Lance Corporal අතේ තමයි LMG එක තියෙන්නේ. ඔහුගේ ආධාරයට තවත් සෙබළකු ඉන්නවා. සෙබළ පෙළ යුද බිමේ ඉදිරියට යද්දී, ඔවුන්ගේ ආරක්‍ෂාව සඳහා ආවරණ වෙඩි (විශාල කෝණයක් ආවරණය වන පරිදි හෝ කිසියම් තැනකින් එල්ල වන සතුරු වෙඩි මැඩපැවැත්වීම සඳහා හෝ එල්ල කරන ප්‍රබල වෙඩි මුරය) සැපයීම සඳහා තමයි LMG එක යොදවන්නේ. හමුදා සිතියමක LMG එකක් ලකුණු කරන සංකේතයක් තියනවා. ඒ මොකටද? පස්සේ කතාකරමු වෙන ලිපියකින්. මෙන්න ඒ සංකේතය.
මෙය නිල් පාටින් ලකුණු කර තිබුනොත්, එය අපේ එකක්. රතුපාටින් නම්, සතුරාගේ එකක්. මේ ළකුණ සහ සිතියමේ ඇති ඊතල ලකුණු මාරු වෙන්නේ නැහැ. හමුදා සිතියමක ඊතල ලකුණු කරන්නේ මීට වඩා වෙනස් හැඩයකින්.
හොඳයි, අද ලිපිය අවසන් කරන්න කලින් මේ පූර්ණ ස්වයංක්‍රීය full automatic කියන එක තව ටිකක් විස්තර කරලා දෙන්නම්. පූර්ණ ස්වයංක්‍රීය කරණය ක්‍රම දෙක තුනකින් සිද්ධ වෙනවා. ඔන්න එක ක්‍රමයක් කියලා දෙන්නම්. අපි කවුරුත් දන්නා T 56 තුවක්කුවෙන්ම කියන්නම්කො. කොහොමද එක පිට එක වෙඩි පිටවෙන්නේ කියලා. ඔබට පුදුම හිතෙයි ඒ යාන්ත්‍රනය දැක්කම. තුවක්කුවක් ඇතුලේ පතරොමක් පත්තු වුනාම විශාල වායු පීඩනයක් ඇතිවෙනවා. ඒ පීඩනය ආධාරයෙන් තුවක්කුවේ යාන්ත්‍රණයේ කොටසක් ක්‍රියාකරවන්න පුළුවන්.
මේ විදිහට වායු පීඩනයෙන් ස්වයංක්‍රීය කරණය හඳුන්වන්නේ gas operated automatic gun කියලයි. T 56 තුවක්කුව ඇතුලේ තියනවා වායුවෙන් සිසිල්වන පිස්ටනයක්. මේ පිස්ටනය පළමුවරට ඉදිරියට යැවීම සඳහා බලය දෙන්නේ තුවක්කුව කොක් කිරීමෙන් හෙවත් කොකින් හැඬලය පසුපසට ඇදීමෙන්. ඊට පස්සේ එය පසුපසට එන්නේ පතරොම පත්තුවී දෙන වායු පීඩනයෙන්. උණ්ඩ ඉවර වෙනතුරු එය ස්වයංක්‍රීයව සිදුවෙනවා. නැවත මැගසින් එකක් සවිකලොත් ආයෙත් කොක් කරන්න ඕනේ. පහත තිබෙන සටහන සහ වීඩියෝව බලා ප්‍රශ්න ඇත්නම් අහන්න.
අර ස්වයංක්‍රීයව උණ්ඩ යන විදිය නම් නියමයි ,දැකලා තියෙන්නෙ T56 විතරයි ,අනික් එවා ඔය ප්‍රදර්ශන වල දී නම් දැකලා තියෙනවා...
ReplyDeleteමීට වඩා වෙනස් විදිහට වැඩ කරන ඒවාත් තියනවා. සරලම ක්‍රමය තමයි කිව්වේ.
Deleteස්කැන්ඩිනේවියානු රටවල් බොහෝම සාමකාමී, සෞභාග්‍ය රටවල් උනත් ලෝකයේ කොහේ හරි යුද්දයක් නැතිනම් ඒ අය නිපදවන ඔය වගේ අවි වලට වෙළඳ පලක් නැති වෙනව.
ReplyDeleteපිටතට පෙන්නන සාමය ඇතුලේ නැහැ. මතකද අර තරුණ සමුළුවකදී සිදුවුණ වෙඩි තැබීම. එවැනි මහා පරිමාණ සිද්ධි විතරයි එලියට එන්නේ. වයිකිං වරු මහා භයානක ජාතියක්.
Deleteප්‍රදර්ශන වලදි අනන්තවත් ඔය තුවක්කු බයිනෙත්තු පේන්න තියල තියෙනව නොවැ. උන් මෙච්චර කතන්දරයක් කියා දෙන්නෙ නැත්තෙ ඇයි?
ReplyDeleteමෙකටි වෙන්නේ එන ඔක්කොටම පිරිස් වශයෙන් අරගෙන කියන්න ගියත් කාලය මදිවෙනවා. ඒ වගේම සමහරවිට හිතනවා ඇති මේවා මහා බලගතු රහස් කියලා. මට කියන්නත් ලැජ්ජයි සෑම්, හමුදාවේ අයගෙන් බොහොම ටික දෙනයි අන්තර්ජාලය පරිහරණය කරන්නේ. ඒ කරන්නෙත් ෆේස්බුක් හෝ වෙන නිකම් වල්පල් වැඩ විතරයි. ඒ අයගේ දැණුමෙන් යමක් ලෝකයට දෙන්න කාටවත් ඕනෙකමක් නැහැ.
Deleteඔයා කරන්නෙ වැරැද්දක්
Deleteඔයා කිව්වේ කාටද? මටද? මා ගැන නම්, වැරැද්ද මොකක්ද කියලා කියාදෙන්න.
Deleteකෝ එස් එම් ජී
ReplyDeleteSMG එක වගේම HK MP 5 වගේ ඒවා ගැන කතා නොකරන්නේ, මේ ලිපියෙන් කියන LMG, MPMG, HMG, යන වර්ගීකරණ වලට ඒවා අයත් නොවන නිසා. එවැනි අවි පාවිච්චි කරන්නේ යුද්ධයකදී නෙවෙයි, කෙටි දුරක සිට කරන සටන් වලදී close quarter battle.
Deleteඅර දැයට තොප්පිය ප්‍රදර්ශනේදී තමයි ඕවා දැක්කේ , විස්තරේ දැනගත්තේ අද... ස්තුතියි
ReplyDeleteමට ඔය LMG එකක් ගන්න බැරිද ..
මම LMG එකක් අරන් ගිහින් පත්තරයට වෙඩි තියනවා ඕකා පෙනේරේ වගේ වෙනකං ..ඔ යේස්
අපරාදෙ බං ගල් කටස් එකකින් තිබ්බා නම් ඉවරයි. :D
Deleteමදුරුවෙකුට ඩයිනමයිට් දාන්නේ මොන රටේද ඉවාන්?
Deleteපත්තරයට වෙඩි තියන්ඩ නාල වර !! උඹට පතරොම් වැල් දෙකක් වත් බස්සගන්ඩ තිබ්බනං ඇති..
Deleteගල් කටස් නං මොනවද ප්‍රියෝ :D
මොකද්ද බං මේ උඹල දෙන්නගේ වලිය. පත්තරයෝ මං ගේන්නං හොද බාන්ඩයක් දෙමු ඉවාන්ට ගේමක් ඒකෙන්. වෙන මොනවත් නෙමේ ගල් බාගයක්.
Deleteඅන්න යුතුකං නලින් අයියා.. ගේමු ගේමු.. ඩන්හිල් පැකට් එකයි බීෆ් ඩෙවල් එකයි කෝක් එකයි මං ගේන්නං.. දෙමු ඉෂ්ම යන්ඩ. මදි උනොත් ග්‍රොසරි බෑග් එකක් ගේමු.!!!
Deleteඅයිලාෂ්ගෙ පුරස්නෙ මටත් මතුවුනා මුලදිම. මම හිතුවෙ මීට කලින් ටී56 ගැන ලියන්න ඇති කියල.
ReplyDeleteටී56 වායුව ඇතුල්වන ස්ථානය මම හිතුවෙ සිදුරක් රහිත, උණ්ඩය පිටවන තුවක්කු බටයට තියන ආධාරකයක් විතරයි කියල
ඇත්තටම මම අතින් වුන අඩුපාඩුවක් ඒ කතාව මුලින්ම නොකීම.
Deleteඅතන වායුව ඇතුල් වෙන්න සිදුරක් තියනවා වගේම ඒ ඉහල කොටසේ එක තැනක වැඩි වායුව පිටවෙන්න සිදුරුත් තියනවා.
චිකේ බොස් පළවෙනි එක මට මිස් වෙලා නේ.. ඒක කියවල බලල එන්නං බොට ෆයර් කරන්න
ReplyDeleteෆයර් කරන්නුඹට තුවක්කුව කෙලින් තියාගන්න පුලුවන්ද? බාබෙද්දා
Deleteසිහින උලේලට එකක් අරන් වරෙන්කෝ අයියනඞි.
ReplyDeleteලබා දෙන දැනුමට පිං
ගෙනෙන්න පුලුවන්නම් මේකක් නෙවෙයි කාලතුවක්කුවක් ගේන්නේ.
Deleteඑන්න එපා එකෙක්වත් අහලකට, වෙඩි තියනව ඔක්කොටම. මුලු සිංහල බ්ලොග් අවකාශෙ ඉන්න ඔක්කොටම විනාඩි දෙකක් විතර ඇති. විනාඩියකට උණ්ඩ 700ක් විතර කිව්වම සෙල්ලම්ද.
ReplyDeleteඉතාම අගෙයි විචාරක මේ ලිපිය. ඇත්තටම දිග වැඩි නෑ. කොටයි කියල හිතුනෙ එක හුස්මට කියවල ඉවරකලාම.
උඹ පරිස්සම් වෙලා පොල් කට්ටක් ඇතුලටවත් වෙලා හිටපං. බ්ලොග් කාරයෝ උඹව ඉතුරු කරන එකක් නැහැ.
Deleteබොහොම ස්තුතියි. ඊළඟ ලිපියෙනුත් දෙන්නම් බඩ පිරෙන්න.
ප්‍රදර්ශණ වල දැක්කට මෙච්චර සැඟවුන විස්තර තියෙනවද කියලා දන්නෙ දැන්නෙ.
ReplyDeleteඑක අතකට ඒ වගේ තැනකදි මේ විස්තර දෙන්න අමාරුත් තමානෙ.
දැන්නම් අන්තර්ජාලය තුල මේවා සැඟවුණ විස්තර නෙවෙයි. නිකම් සෙවීමක් කරන්න AK 47 හෝ T 56 කියලා. ඕනෙතරම් විස්තර තියනවා.
Deleteප්‍රියාල ප්‍රදර්ශන වලට ගියාට ඉතිං තුවක්කුයැ බලන්නෙ :D
Deleteමරු විචා, මරු. ලිපිය කොටයි වගේද මන්දා.
ReplyDeleteඔහොම කොට කොට යමු. දිගට ලියන්න ගියොත් තේරුම් ගන්නත් අමාරු වෙනවා.
Deleteඔබ පලමුවෙනි පෝස්ට් එකේ කොමෙන්ට් එකකට පිලිතුරු ලෙස Machine Gun සහ automatic rifle අතර වෙනස ගෑන ලියල තිබුන. ඒක තව පොඩ්ඩක් පෑහෑදිලි කරන්න පුලුවන්ද? මට තේරුන විදිහට ඔබ වෙනස ලෙස දක්වල තිබුනෙ ප්‍රමාණය සහ යොදා ගෑනීම ( personal weapon ), යාන්ත්‍රණය එකමයිද?
ReplyDeleteඉස්සර තිබුන Bren තුවක්කු L. Machine guns. Sten guns වලට කිව්වෙ sub machine guns. Sten ටිකක් Machine Pistol එකක් වගෙ. එතකොට Uzi Machine Pistol එක (and H&K ) machine gun ලෙස සලකන්න පුලුවන්ද? Assault rifle (automatic) එක එන්නෙ කොතනටද?
A bit confused now.
අපිට වද දෙන්නෙ නැතුව මෙතන ඉඳගෙන බැඳියන්කො ආමි එකට
Delete@ Anonymous
Deleteවද වෙන්න එපා
බොහොම ස්තුතියි ප්‍රශ්න ගොඩක් ඇසීම ගැන. මටත් තියන ප්‍රශ්නේ, ප්‍රශ්න අහන්නේ නැති එක.
Deleteසියලුම ස්වයංක්‍රීය තුවක්කු වල යාන්ත්‍රණය 99% ක් එක සමානයි. එහිදී එය පුද්ගලික අවියක්ද, ආධාරක අවියක්ද කියන වර්ගීකරණය බලපාන්නේ නැහැ. සබ් මැෂින් තුවක්කු, සහ ඔබ සඳහන් කර තිබෙන 'බ්‍රෙන් ගන්' එක හැර අනෙක් තුවක්කු පාවිච්චි කරන්නේ ප්‍රාණ ඇපකරුවන් බේරා ගැනීම, වීදි සටන්, වැනි ඉතා ළඟ ඉලක්ක වලට පහර දීමට මිසක්, යුද බිමීදී පාවිච්චි කිරීමට නෙවෙයි. ඒ නිසා ඒවා 'යුදබිමේ පාවිච්චි කරන මැෂින් තුවක්කු' කියන වර්ගීකරණයට ගන්න බැහැ. නමුත් ඒවා පූර්ණ ස්වයංක්‍රීය තුවක්කු. ප්‍රහාරක රයිෆලයක් කියන්නේ පුද්ගලික (එක සොල්දාදුවකුට එක බැගින් නිකුත් කරන) අවියක් ඒ නිසා ඒකට මැෂින් තුවක්කුවක් කියන්න බැහැ පූර්ණ ස්වයංක්‍රීය වුනත්.
එතකොට "මෑෂින්" තුවක්කුවක් ලෙස අර්ථදැක්වීමට මෑෂින් එක (mechanism ) පමණක් මදි එහි යොදා ගැනීමත් (use) වැදගත්.
Deleteහරිද?
ඔව් එහෙම කිව්වත් හරි.
Deleteහරිම වැදගත් ලිපියක් විචාරක,
ReplyDeleteලොකු දැනුමක් ලැබුණා. කලින් අපි කළ ඉල්ලීමත් ඉටු වෙලා. ලිපිය වැඩිපුර තේරුම් ගන්නට ඒක වැදගත්.. ඉතින් බොහොම ස්තූතියි මෙවැනි වැදගත් ලිපි ලියනවාට... තව තවත් සාර්ථක ලිපි ලියන්නට සුභ පතන්නෙමු....
බොහොම ස්තුතියි. මේ විෂයය පිලිබඳ කිසිදු දැනුමක් නැති අයට යම් සරල අවබෝධයක් ලැබෙනවානම් මා සාර්ථක වූවා යයි හිතන්නට පුළුවන්.
Deleteබලාගෙන යනකොට යුරෝපයේ අය හරි වැඩකාරයොනේ...වෙඩි තියද්දිත් එයාලා දක්ෂද දන්නේ නෑනේ? :D
ReplyDeleteදැන් පොඩ්ඩිට දැන ගන්න ඕනෙ යුරෝපියන් කාරයො තුවක්කුවෙන් කොක්කු වෙඩි තියන එක සම්බන්දවද එහෙම නැතිනම් ඌරො වෙඩි තියන එක සම්බන්දවද?
Deleteඈයි ඩවුන් අන්ඩර් වැඩකාරයො නැද්ද?
Deleteවැඩකාරයෝ නම් කොහෙත් ඉන්නවා. අපේ රටෙත් ඉන්නවා තුවක්කු හදන්න දන්නා අය. නමුත් අමුද්‍රව්‍ය වලට යන වියදම සහ තරගකාරිත්වය නිසා ඒවා මෙහෙ නිපදවීම පාඩුයි.
Deleteවෙඩි තියන්න අදක්ෂ කවුද අනේ තුවක්කු තියනවනම් :e
@ Ano. මැෂින් තුවක්කුවකින් ඌරෙකුට වෙඩි තියන්න උත්සාහ කරන පුද්ගලයාට ඌරෙකුට තරම්වත් මොලයක් නැත.
@ Pra Jay. ඩවුන් අන්ඩර් මමනම් හරිම ආසා චිත්‍රපටියක්. කොහොමද ඒකෙ තියන පරණ තුවක්කුව?
ඔයා මා ව පිස්සු වට්ටුවා... දන්නම් එකක් ගන්නමයි හිත.
ReplyDeleteඅපිටත් කියහං වෙඩිමට එන්ඩ :D
Deleteකොයි එකක්ද ඕනේ. තව ඉස්සරහට එනවා මීට වඩා හොඳ එව්වා.
Deleteකිව හැකි දේ පවසමින් ලියන ලද මුලික සිද්ධාන්ත ගැන කුහුලක් නැකිව දැනගත හැකි ලිපියක්. ඔය වීදි සටන් වලට භාවිත කරන මිනි වූෂු වැනි අවිත් මේ කාණ්ඩයේම නේද ඒ ගැනත් පැහැදිලි කරමුද ටිකක් විතර
ReplyDeleteMini UZI අවියත් කෙටි දුර සටන් සඳහා පමණයි පාවිච්චි කරන්නේ. එය අයත්වන්නේ Machine Pistol කියන උප වර්ගීකරනයටයි.
Deletehttps://www.youtube.com/watch?v=Xf_jnzWT4t8
දිග???
ReplyDeleteඔය මදෑ දිග. වැඩිය දික් වුනාම තමයි අර LMG අජීර්ණය හැදෙන්නේ.
Deleteමොනවා උනත් සුපිරි ලිපි පෙළක්.
ReplyDeleteජය වේවා...
බොහොම ස්තුතියි. ඉදිරි ලිපිත් කියවන්නට ආරාධනය කරනවා.
Deleteඑතකොට ලොක්කා අර Rambo දෑතට අරං ගිනිබිඳින්නෙ LMG ඔලින්ද?
ReplyDeleteඒ ඒ චිත්‍රපටි වල විවිධ තුවක්කු පාවිච්චි කරනවා. උන්දැ වැඩිපුරම පාවිච්චි කරන්නේ MPMG වගේ එව්වා.
Delete[im]http://www.imfdb.org/images/thumb/b/ba/Rambo3-PKMA.jpg/500px-Rambo3-PKMA.jpg[/im]
තවත් කරුණු එකතුවක්. අවශ්‍ය කෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි නිසියාකාරව සටහන් තබා ඇති නිසා.
ReplyDeleteඔව් අරු, ඊළඟ කොටසත් හෙට හෝ අනිද්දා දෙන්න පුළුවන් වෙයි.
Deleteමම පොඩි කාලේ BMICH එක ළඟදී දක්කා මැෂින් තුවක්කුවට පාරේ ලයිට් කණුවෙන් කරන්ට් එක දීලා තියෙනවා. මේක හීනයක්ද ඇත්තක්ද කියලා මට තාම හිතා ගන්න බෑ.
ReplyDeleteඑහෙම විදුලියෙන් ක්‍රියාකරන මැෂින් තුවක්කු තියනවා. අපේ යුද හමුදාවනම් පාවිච්චි කරන්නේ නැහැ. ලිපියේ ඊළඟ කොටසේදී ඒ තුවක්කු ගැන කියන්නම්.
Delete