හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

02 January 2015

මාමා අපිට අරින්න? හුහ්....හිතුවා මදි මාමේ


Dog
 හෙහ් හෙහ් හෙහ්....මාමා තමයි මාමා කියන්නේ. මේ වයසක පැන්සොන් කාරයන්ට කාරියන්ට, නහින දෙහින කාලේ, පැත්තකට වෙලා ඉන්න දෙන්නේ නැතුව, උන්ටත් අරින්නනේ මාමා තනන්නේ. මම හිතන්නේ මාමට දැන් වෙන අයට අරින්න බෑ. ඒ කාලේ  මාමගේ වසුරු ඇදපු එවුන් පවා, මේ දවස්වල මාමට අරිනවා. ඒ නිසා වෙන්න ඇති මාමා මේ නාකි අපිට අරින්න හිතුවේ. එව්වා කොහෙද මාමේ අපිත් එක්ක. මෙන්න මේකයි කටන්තරේ. මතකැයි මං ලිව්වා, මාමගේ චින්තනයෙන් පැන්සොන් කාරයන්ට දෙන, අලුත් පෝන් පැකේජ් එක ගැන. අන්න හරි ඒ කළගුණ පස්සෙන් එලවන පැකේජ් එක තමා.

Scan_20141211_124056

   ඔන්න ඉතිං අද, අපේ ඇත්තියි මමයි උදෙන්ම පේවෙලා, මාමගේ දෙමවුපියෝ පවා මතක් කොරගෙන, අවශ්‍යය ඔක්කොම ලියුං කරදහිද, එව්වයේ පොටෝ කොපිද ඇන්න, ගියා මොබිටෙල් කන්තෝරුවට.

    අපොච්චිගේ පප්පේ.............එතන අපේ වයසේ කොල්ලෝ කෙල්ලෝ ඊස් මීස් නැතුව පිරිලා. ඔන්න සිකුරිටි උන්නැහේ අපිට අර, මැජික් පෙට්ටියකින් නොම්බරයක් ගහලා දුන්න. මම ඕකත් අරං වාඩිවෙලා ඉන්න ගමන් හොඳට වටපිට බැලුවේ අපේ වයසේ කෑලි දිහා. හප්පා.......................ලැජ්ජාවේ තන්තෝසේ බැරුවා.........................18 යි මාස 8 යි වගේ පෙනෙන, 65 යි මාස 13 යි කෑලි හිටියනේ. මම ඔව්වා දිහා බලන අතරේ, ඔන්න මගේ නොම්බරේ කතා කොරලා. මට ඇහිලත් නෑ අරවා බලන සිහිය නිසා. ඔන්න අපේ උන්දෑ, මට ආදරයෙන් හොම්බට දෙකක් ඇනලා මතක් කළා, ඉක්මනට යන්න ඔයාගේ නොම්බරේ කතා කළා කියලා. ඔන්න අනේ ඉතිං, දෙයියන්නේ පිහිටයි තුණුරුවන්නේ සරණයි කියලා, මමත් ගෙහුං කවුන්ටරේ හිටිය තරුණ මහත්තයාට දුන්නා, මම ගෙනාපු ලියුං කරදහි මිටියම. (නෙද්දකින් අච්චර ලස්සන කෙල්ලෝ ඉන්න කවුන්ටර් තියෙද්දී, මට හම්බවුනේ දිගන්චි ගොබිලෙක් ඉන්න කවුන්ටරයක්)

    හැබැයි උන්නැහේ බොහොම කඩිසර, කරුණාවන්ත, කාර්යක්ෂම නිලධාරියෙක් බව කියන්න ඕනෙ. උන්නැහේ කිව්වා, මහත්මයා මුලින්ම මහත්මයා ගන්න යන මේ පැකේජ් එකේ කොන්දේසි පැහැදිළි කරලා දෙන්නම්. මූලික ගෙවීම වශයෙන් රු 500 ක් අය කරනවා. මාසික ගාස්තුව වශයෙන් රු 253 ක් අය කරනවා. වසර දෙකක් යනතුරු අනිවාර්යයෙන් මේ පැකේජ් එක පාවිච්චි කිරීමෙන් පසුව පමණයි, අවශ්‍යනම් පැකේජ් ඒකෙන් ඉවත් වෙන්න පුළුවන්. නමුත් එහෙම ඉවත් වුනත්, මහත්මයා ජීවත්ව සිටිනාතාක් කල්, මහත්මයාගේ විශ්‍රාම වැටුපෙන් මාසිකව රු 253 ක් කපා ගන්නවා. මෙම පැකේජයේ නොවන, වෙනත් මොබිටෙල් අංක සඳහා විනාඩි 100ක් නොමිලේ ලැබෙන නමුත්, නියමිත සීමාවට පසු, එක ඇමතුම් ඒකකයකට, අමතර රුපියලක ගාස්තුවක් එකතු වෙනවා. වෙනත් ජාල වලට ඇමතීමේදී, ඒකකයක් රු 2 ක් සහ බදු එකතුවෙනවා.

   මෙන්න ඒ මහත්තයා මගේ කොලේ උඩ සටහන් දාලා පෙන්නපු හැටි. 
Scan_20150102_125900

   මම ඇහුවා, මේ දෙන ෆෝන් එක හුඟක් වටින එකක්ද මෙච්චර මුදලක් කපන්නේ කියලා, නැහැ, විවෘත වෙළඳපොලේ රු 2000 ක් විතර වටින ෆෝන් එකක් තමයි ලැබෙන්නේ කියලා, අර මහත්තයා උත්තර දුන්නා. මම ආයෙත් ඇහුවා අර රු 253 අපි මේ පැකේජ් එක අත්හැරියත් කපනවද කියලා. ඔව් මහත්මයා, ස්ථිරවම ඒ මුදල නොකඩවාම කපනවා කියලා, ඒ මහත්තයා උත්තර දුන්නා. ඉතිං, ඔය මහත්තයලගෙන්, පෙර ගෙවුම් පැකේජ් එකක් ගත්තානම්, මෙච්චර කරදරයක් නැහැ නේද? කියලා මම ඇහුවා. නැහැ කිසිම කරදරයක් නැහැ කියලා ඒ මහත්තයා කිව්වා.

   හෙහ් හෙහ් හෙහ්........ කොහොමද කළගුණ පැකේජයේ තරම.  කළගුණ සලකන්න කියලා, ඒ කාලේ අපි මාමට සැළකුවාට ප්‍රති උපාකාර වශයෙන්, මාමා අපිට කෙළින්න යන කෙළවිල්ල කොහොමද? මාමා නාකි අපට මෙහෙම කෙළින්න යන්නේ, උගේ අර වනචර, පජාත, කමකට නැති, පුත්තරයන්ට, හෙලිකොප්ටර් පදින්න, ලැම්බෝගිනි පදින්න, අස්සයෝ පදින්න, කැසිනෝ ගහන්න සල්ලි හොයාගන්න නේද? අනේ මාමේ, මාමා අපිට අරින්න හිතුවා මදි.  ටටා...............! 


2015 ජනවාරි මස 02 වැනි දින 1410 පැය

45 comments :

  1. හැමෝට ම දෙන ඒකේ මොනවා හරි දෙන්න හිතන්න අැති.... කොහොමත් නීත්‍යානුකූල ව ම පගාව දුන්නා ම නීත්‍යානුකූල නොවන පගාව ගැන අැගිලි ගහන්නෑනේ........... දැන් පගාව දෙනවා හෝ ගාලා... අපේ කට්ටියත් ඒක දන්නෑ වගේ අරං බැන බැන ඉන්නවා..........

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට මමයි අපේ උන්දැයි මේක එපා කියල ගෙදර ආවා. ගත්ත සමහර අය දැන් එනවලු කැන්සල් කරගන්න නමුත් ගිවිසුමට අස්සන් කලාට පස්සේ ඒක වෙනස් කරන්න බැහැ.

      Delete
    2. මං අහලා තියෙන විදියට ආමි එකට බැඳුණාමත් එහෙමයි නේද? අස්වෙන්න බෑ නේද?

      ඒක නේද ගෝටාභය මොලේ අමාරුවක්ය කියලා මෙඩිකල් කන්ඩෙම් කරගෙන අස්වුණාය කියන්නේ!

      Delete
    3. හමුදාව එපා වෙච්ච හෝ හමුදාවට බැඳීම අධෛර්යයට පත්කරන්න කියන කතාවක් තමයි අස්වෙන්න අමාරුයි කියන එක. පුද්ගලයකු හමුදාවට බඳවා ගන්නේ මහා භාණ්ඩාගාරය විසින් එක පුද්ගලයකුගේ පුහුණුව සඳහා යන වියදම මෙපමනයි කියලා මුදල් වෙන් කිරීමෙන් පසුවයි. ඔබත් මමත් දෙදෙනාම සම්මුඛ පරීක්ෂණයට ගිහින් ඔබ තේරී මා නොතේරී යනවා. පසුව ඔබ හිතනවා අස්වෙන්න. ඔබ තවත් කෙනෙකුට තිබුණ අවස්ථාව නැති කරනවා. පුහුණුව ආරම්භ කලාට පසු නැවත බඳවාගැනීම් කරන්න බැහැ හමුදා නීති අනුව. අර මුදල් ආපසු භාණ්ඩාගාරය යවා නැවත ඉල්ලුම් කල යුතුයි. ඒ නිසා එම මුදලෙන් කොටසක් ගෙවා අස්වෙන්න පුලුවන්. නිලධාරියකු නම් ඇප මුදලකට අත්සන් කලයුතුයි. අස්වෙනවා නම් එම මුදල ගෙවිය යුතුයි.

      හැබැයි දේශපාලන බලය යොදවා මේ සියල්ල කණපිට පෙරලා සතයක්වත් නොගෙවා ගෙදර යන්න පුළුවන්. වෛද්‍ය පරීක්ෂයකින් පසු නිර්දේශ කරනවානම් තවදුරටත් හමුදා සේවයට සුදුසු නැහැ කියා. එම ආබාධිත තත්වය ඇතිවුයේ හමුදා රාජකාරි වල යෙදීමේ ප්‍රතිඵලයක් වශයෙන් නම්, සියලු වන්දි, දීමනා, වැටුප්, ගෙවා විශ්‍රාමය ලබා දෙනවා. තමන් විසින් කරගත් හානියක් නම් ඒ කිසිවක් ලැබෙන්නේ නැහැ.

      මොලේ අමාරුව තවම හොඳ නෑ වගේ නේද අරයගෙ.

      Delete
  2. Replies
    1. ඔව් කොල්ලෝ උඹලා වගේ මැට්ටෝ නිසා රට අගාධයට යන එක ගැන කණගාටුයි.

      Delete
  3. මේක නම් ඇරිල්ලක්ම තමයි. ඔහොම සාක්ෂි සහිත මඩනම් ගැහුවත් කමක් නැහැ. මේකත් කියවලාම හිටියා නම්
    මේකත් කියවලාම හිටියා නම්

    ReplyDelete
    Replies
    1. //ඔහොම සාක්ෂි සහිත මඩනම් ගැහුවත් කමක් නැහැ//
      සාක්ෂි තියනවනම් කොහොමද බං ඒක "මඩක්" වෙන්නෙ. අනික විචාරක මෙතන කියල තියෙන්නෙ එයා මුහුණ දුන්න සත්‍යම සිද්ධිය.

      අර රාජ් කිව්වත් වගේ උඹේ නම "මහ කළු" "සිංහලයා" වුනාට උඹ දන්න සිංහලයක් නෑනේ බං.

      Delete
    2. මඩක් කියන්නේ මොකක්ද කියා දන්නේ නැති ඇනෝ කෙනෙක්.
      අපකීර්තිමත් ප්‍රචාර=මඩ ප්‍රචාර.
      කෙනෙකුට මඩ ගැහුවම වෙන්නේ ඔහුගේ පෙනුම කැත වෙන එක. එතනදී සුදෙනෙකුට ගහන අසත්‍ය අපකීර්තිමත් ප්‍රචාර මෙන්ම දුදනෙකුට ගහන සත්‍ය අපකීර්තිමත් ප්‍රචාර අයිති වන්නේ මඩ වලට.

      කොහොම උනත් බොහෝ වචනවල තේරුම යෙදීම සහ ප්‍රදේශය අනුව වෙනස් වෙනවා.

      Delete
    3. මහා කළු සිංහලයාJanuary 2, 2015 at 3:24 PM

      ලැජ්ජා නැද්ද උන්නැහේ අනුන්ගේ සයිට් වල ඇඩ්වටීස්මන්ට් දාන්න. ඔයා හොඳ මාධ්‍යවේදියෙක් නේද? ඔයා අතීතයේදී ඔහොම නෙවෙයි නේද මාධ්‍ය වැඩ කලේ? දැන්නම් කරන්නේ මැටි වැඩ වගේ.

      සාක්‍ෂි සහිතනම් ඒවා මඩ නෙවෙයි. විවේචන, විරුධවාදී අදහස්. ඔයා ආපහු අර ඔයාට මාධ්‍ය ඉගැන්නුව අය ලඟට ගිහින් අහන්න. නැත්නම් හොඳම කෙනා නලීන් දිල්රුක්ෂ. එයාගෙන් අහලා ඉගෙනගන්න.

      Delete
    4. //ලැජ්ජා නැද්ද උන්නැහේ අනුන්ගේ සයිට් වල ඇඩ්වටීස්මන්ට් දාන්න. ඔයා හොඳ මාධ්‍යවේදියෙක් නේද? ඔයා අතීතයේදී ඔහොම නෙවෙයි නේද මාධ්‍ය වැඩ කලේ? දැන්නම් කරන්නේ මැටි වැඩ වගේ//
      යම් ලිපියක මාතෘකා වට සම්බන්ද දෙයක් හෝ එම ලිපිය කියවන්නාට දැනම් දිය යුතු කාලීන වැදගත් කමක් ඇති දෙයක් සහිත ලින්ක් එකක් කමෙන්ට් එකකට දැමීම ස්පෑම් කිරීමක් නොවේ. රුපවාහිනීය බලන විට බලන දෙයට කිසිම සම්බන්දයක් නැති වෙළඳ දැන්වීම් දැමීමට වඩා මම කරන දෙය නිවැරැදියි.

      //සාක්‍ෂි සහිතනම් ඒවා මඩ නෙවෙයි. // මඩ වල අර්ථදැක්වීම තියෙන ශබ්ද කෝෂය කුමක්ද?
      බසක වචනයක තේරුම යෙදීම අනුව වෙනස් වෙනවා හැරත් යමක් කියපුවාම වචන වල මෙන්ම භාෂාව හැසිරවීමේ වැරදි හොයා වාද කරන්න එන්නේ කෙලින්ම පරාජිතයෝ. ඔවුන්ට එරෙහි තර්කයේ වැරදි නැතිවිට වෙනත් අඩු පාඩු සොයති.

      Delete
  4. බිව්ව නේද වදකහ සුදිය?

    ReplyDelete
    Replies
    1. මාමා හිතුවේ මාමගේ අමුඩේ හෝදලා අපිට පොවන්න. හරියට ඒ අමුඩ සුදිය ගහලා මත්වෙච්ච මහ කළු සිංහලයා වගේ අපිත් මත්වෙයි කියලා. ඒවා කොහෙද අපිත් එක්ක.

      Delete
  5. මාමා පැන්ෂන් ගියාම ඔයින් එකක් ගන්න හිතාගෙනද දන්නේ නෑ ?

    ReplyDelete
    Replies
    1. මාමා පැන්ෂන් යනවානම් අරං යන්න වෙන්නේ අන්ඩවාත තෙල් බෝතලයක්.

      Delete
  6. නියමයි විචා,රජාට අරින්න ලේසිවෙන්න තෙල් ටිකකුත් ගාගෙන ගියෙ නැද්ද.දැන් ඔය ඩිවයිස් එක ළඟ පාත පොඩි එකෙකුට සෙල්ලං කරන්න දෙන්න.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ හැලපෙ ගත්තෙ නෑ. මමයි අපේ උන්දැයි අනේ අපිටනම් එපා කියලා එන්න ආවා.

      මාමගේ ඩිවයිස් එක තමයි අනාගතේදී දෙන්න වෙන්නේ සෙල්ලං කරන්න. ජැකාටයි මාලනීටයි.

      Delete
  7. 253 x 12 (අවුරුද්දකට) = 3036 x 5 (අවුරුදු 5කට ) = 15180

    මල මගුලයි :r:r:r:r:r:r:r:r:r:r

    ReplyDelete
    Replies
    1. තව ලැම්බෝගිනි කීයක් ගන්න පුළුවන් වෙයිද?

      Delete
  8. කොච්චර රාජ්ය විරෝදී මහින්ද විරෝදී පොර ටෝක් දුන්නත් ලාබෙට මොනවහරි දෙනවා කිව්වොත් කස්ටිය කොට එලදෙන කඩාගෙන දුවනවා සේ දුවගෙනගොස් පරිප්පු ඉල්ලන් කති

    ReplyDelete
    Replies
    1. එහෙම යන්නෙ එව්වා දෙන්නෙ මැදමුලනෙ මහ එකා හම්බ කරලා ගිය සල්ලි වලින් නොවන නිසා..... එව්වත් අපේම බදු සල්ලි තමා... නැතුව මහින්දගෙ ඇටේ උරච්චි කරලා දෙනවා නෙවේ ආයිබොවන්....

      Delete
    2. අම්මට සිරි... කවුද බොලේ මේ?? බදු උද්දීන් වත් ද?

      Delete
    3. ඇයි ඔයා යන්නේ නැද්ද සතොසේ පරිප්පු ලාබෙට දෙනවා කීවාම?

      ඉල්ලන් කෑවේ නැහැ. මේ උගුල එපා කියලා ගෙදර ආවා.

      Delete
  9. මං එපා කියද්දි මගේ ගාව ඉන්න පැන්ෂන් ගිය ආමි මේල් නර්ස් කෙනෙක් ගිහින් ඕක ගෙනාවා.. මෑන් නම් කිව්වේ මාසෙකට 199/= ගානෙ කපනව කිවුව කියලයි.. ෆෝන් එක 1900/= ක් වටින නොකියා පොඩි එකක්.. දැන් මිනිහා හොයනවා තව 'කළගුණ' කාරයෝ අර විනාඩි තුන්සීය පුරාවට මාමගේ මෑනියන් වහන්සේට පින් පමුණුවන්න.. ඕං නම් ඔබ තුමාගේ නොම්මරේ දෙන්නද? හැක් හැක් හැක්..

    ReplyDelete
    Replies
    1. අපි දෙන්නා මේ පැකේජ් එක ගත්තෙ නැහැ කල්‍යාණ. එපා කියලා ආවා.

      මම අර නිලධාරියාගෙන් ඇහුවා මේක සිම් ලොක් කරලද දෙන්නේ, නැත්නම් ෆෝන් එක ලොක් කරලද දෙන්නේ කියලා. එයා කිව්වා නැහැ මහත්මයා ඒ මොකවත් නැහැ. නමුත් ජීවිත කාලය පුරාම රු 253 ක් ගෙවන්න වෙනවා කියලා. කොහොමද මාමගේ ටිකිරි මොලේ.

      Delete
  10. අපිනං ඉතිං මොකා මොනවා දෙනවා කිව්වත් ඒවා ගන්න දුවන්නේ නැහැ මේ ඡන්දේ කටේ තියලා කොහොමවත්ම. කොල මිටිත් උස්සං. සීයාට මොන ෆෝන්ද සීයේ මේ නහින දෙහින කාලේ? ගන්න වෑර්ලස් එකක්. බණක් දහමක් අහලා යන තැනකට යමක් කරගන්න. බොරු කතා ගොතලා පුරෝගත්ත පව් ගෙවෙන්නත් එක්ක.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් කොල්ලෝ කොහොමටත් උඹට මොනවා දෙනවා කිව්වත් දුවන්න බැහැනේ කකුල් ලොක්වෙලා තියන නිසා. වනු ගාන්න විතරයි නේද පුළුවන්. හැබෑටම උඹ ඉස්සර වගේම අර පිස්සු ඉන්ජෙක්ෂන් එක ගන්න අංගොඩ යනවද මාසෙකට සැරයක්?

      Delete
  11. ආන්ඩුවෙන් දෙන තරමක් දෙන්නේ ගුලි තමයි.. ඊස් මීස් නැතුව පිස්සෝ වගේ ගන්නවා.. පස්සෙ තමයි දන්නේ කෙලවෙන කොට.. 2010 රජෙක් කරලා කන්නෙත් ඒ පරිප්පුවම තමයි අර මහා පුක කළු සිංහලයා කියන්නා වගේ මේවා අන් ඩූ කරන්න තමයි අමාරු...

    ReplyDelete
    Replies
    1. දැන්නම් අයියා රෑට බීලා අම්බානක පිස්සු කෙලිනවා මන්දිරේ. චුතවීම පෙනෙනවා ඇති. පුක කළුලාගේ අමාරුවත් එතකොට හොඳ වෙයි. undo කරන්න බැරිනම් redo කරමු.

      Delete
  12. "අසමි දකිමි සොයමි" බ්ලොග් අඩවියට වෙලා තියන වින්නැහිය ගැන මුල ඉඳන්ම ඒක ආසාවෙන් කියවපු කෙනෙක් හැටියට දුක් වෙනවා හැර වෙන කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ වගේ දැන්නම්..

    ReplyDelete
    Replies
    1. +++++++++++++++

      Delete
    2. සෙන්නා, ඇනෝ. හරි, මම ඉක්මනින්ම සුපුරුදු මාර්ගයට එන්නම්. හැම මිනිහා තුළම දේශපාලන සත්වයෙකුත් ඉන්නවානේ.

      Delete
  13. දසයද කොහෙද ඕක මුලදිම කිව්වා නේද? ඔය එක පැකේජ් එකක්වත් අපිට ආදරේට හදන්නෑ. සබ්ජෙක්ට් එකේ මාමා හිටියත් නැතත්. සමහරක් උන් එන්නෙ පැකේජ් අරං එදාට විතරයි ට්‍රේඩ් ප්‍රොමෝෂන් එක කියාගෙන.
    හොඳ ගානකට අරිනවා.

    ReplyDelete
    Replies
    1. සෑම පැකේජජ් එකක්ම හදලා තියෙන්නේ ඒ ආයතනයට ලාබයක් ලැබෙන විදිහට තමයි. ඒකෙ අසාධාරණයක් නැහැ. නමුත් මධු පාවිච්චි කලත් නැතත් ජීවිත කාලය පුරා බද්දක් අයකරගනවා කියන්නේ මාමගේ කිරිජ්ජපල්ලටත් හෙණ ගහන වැඩක්නේ.

      Delete
  14. අයියෝ සල්ලි කියලා ඇත්තටම කියන්න පුළුවන් මෙන්න මේවට නම්

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට මම මේක ගත්තෙ නැත්තේ. නැත්නම් මටත් ඒක කිය කිය ඉන්න වෙනවා.

      Delete
  15. ඔය තියෙන්නේ සාක්කිත් එක්කම... ආයේ ඉතිං වෙන මොනවා කියන්න කියලද.. :)

    ReplyDelete
    Replies
    1. කියන්න තියෙන්නේ කනේ ඇඟිලි ගහගන්න එව්වා තමයි.

      Delete
  16. අම්මට බොල ජීවිත කාලෙම 253 /= :D

    ඊට හොඳා සෑර් ආයෙ තව කසාදයක් බැඳගන්නවා .. නැද්ද මං අහන්නෙ. ඒක ලාබයි :D

    ReplyDelete
    Replies
    1. හිහ් හිහ් හී................අම්මපා පත්තරේ. නියම අයිඩියා එක.

      Delete


  17. මොබිටෙල් යනු මහින්දට අයත් දෙයක් නොවේ. එය පුද්ගලික ආයතනයකි. මෙම ආයතනය ආදායම් ලැබීම සඳහා යම් යම් මගඩි කරයි. උදාහරණයක් ලෙස ඔවුන්ගේ පසුගේවීම් පැකේජයක් මුදල් නොගෙවා අක්‍රීය වුවත් අක්‍රීය මාස කිහිපයක් සඳහාත් බිල අය කරයි. මේවාට මහින්ද පලි නැත.

    මොබිටෙල් ආයතනය උපහාර වැනි පැකේජ් හදුන්වා දෙන්නේ රජයේ සේවකයන් ගැන ඇති කැක්කුමකට නොව තම පසු ගෙවුම් පාරිභෝගික පිරිස නම් ස්තාවර ආදායම වැඩි කිරීම පිණිස වේ. එසේම ඔබ කියන කළගුණ පැකේජයේ අරමුණත් මහින්ද චින්තනයට මුවාවී තම සේවා ප්‍රවර්ධනය විය හැක. මෙසේ පැහැදිලිව මොබිටෙල් හි වරද තිබියදී එම වරද මහින්ද පිට පටවා තම දේශපාලනා පක්ෂයට වාසි වනු පිණිස අපහාස කටකතා පැතිර වීම මහත්මා ගුණයක් නොවේ.

    ReplyDelete
    Replies
    1. මහින්දට තෙල් ගාන්න එපා මහත්තයෝ. මරාගේ අනුමැතියක් නැතුව මේ ආයතනවල මකුළුදැල් කඩන්නත් බැහැ.

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }