හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

04 January 2015

මේ බල්බ් වර්ගය මිලදී ගන්න එපා - Poor Quality CFL Bulbs

 පහත පින්තූරයේ දැක්වෙන බලබ් වර්ගය මිලදී ගන්න එපා. මා පසුගිය මාර්තු මාසයේදී මේ වර්ගයේ බල්බ් 15 ක් එකවර මිලදී ගත්තා. මේ වනවිට එයින් 5 ක් දැවී ගොස් අවසන්. ඒවා දැවී යන්නේ අමුතුම ආකාරයකටයි. දැල්වී තිබියදී, එකවරම් 'ඩොහ්' යන හඬින් පුපුරා ගියාක් මෙන් දැනෙන ආකාරයට නිවී යන්නේ, එම පරිපථයට අයත්, කුඩා පරිපථ බිඳිනයද ක්‍රියා විරහිත කරමින්. එසේත් නැත්නම්, නිවා දමා තිබී නැවත දැල්වීමට උත්සාහ කරන විටම, ඉහත සඳහන් ලෙස හඬ නගා දැවී යනවා.

Scan_20150104_125545

Scan_20150104_131402
   CFL බල්බයක ප්‍රමිතිය ගැන සලකා බැලීමේදී මෙය ඉතා අඩු ප්‍රමිතියකින් යුත් බල්බයක් බව පෙනී යනවා. මෙයට තිබෙන්නේත් තරු තුනයි. වසරක වගකීමක් තිබුනත්, අලුත් බල්බයකට මාරු කර දෙනවිට, දිනය දමා දෙන්නේ, පරණ බල්බය මිලදීගත් දින සිට වසරක් තුළ වගකීම දරන ආකාරයටයි. ඒ නිසා නැවත දැවී ගියොත් සිදුවන්නේ පාඩුවක්.

   සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ වෙළඳ නාමයන්ට අයත් CFL බල්බ් මීට වඩා මිල අධිකයි. ප්‍රසිද්ධ වෙළඳ නාම වලට අයත් CFL බල්බ් 20 ක් පමණ මගේ නිවසේ සවිකර ඇති අතර, ඒ බල්බයක් දැවී යන්නේ, අවුරුදු තුනක් පමණ පාවිච්චි කිරීමෙන් පසුව පමණයි. නිවසේ අභ්‍යන්තරයේ, මඳ ආලෝකය අවශ්‍ය තැන් සඳහා පමණක් පාවිච්චි කිරීමට මිලදීගත්, ඉහත පින්තූරයේ සඳහන් බල්බ් වර්ගය, දේශීයව නිෂ්පාදනය කලත්, ප්‍රමිතිය ගැන නම් සෑහීමකට පත්වන්නට බැහැ. 

   'ලාබ බඩුවේ හිලක් ඇත' කියලා පරණ කියමනක් තියනවනේ. ඒ කියමන සත්‍ය බව මේ සිදුවීමෙන් වැටහෙනවා. 



2015 ජනවාරි මස 04 දින 1324 පැය

39 comments :

  1. //මා පසුගිය මාර්තු මාසයේදී මේ වර්ගයේ බල්බ් 15 ක් එකවර මිලදී ගත්තා.//

    do not put all your eggs in one basket :P


    මෙහෙ ෆිලිප්ස් සීඑෆෙල් දෙකක් වෙන්නෙ ඩිනාර් එකහමාරයි (රු 525 ). ලංකාවෙ ඔය අවජාතා දෙකක් ඊට වැඩියි! ඒ කියන්නෙ ලොක්ක මේ බල්බ් වලටත් ගහනව අම්බ බද්දක්!

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතිං එකටත් අර අහිංසක ලොක්කට බැන්නා :P

      Delete
    2. මේකයි වුණේ ඉන්දික. ගෙදර අළුතෙන් indoor illuminating bulb spot ටිකක් හැදුවා මම. (මම වයරින් වැඩ දන්නවා) මට ඕනෙ dim light ක්‍රමයක් ගන්න. light fittings තේරුවෙත් හයිකරෙත් මම. මට ඕනෙ වුණා වොට් 3 CFL බල්බ්. වෙනත් වර්ගවල වොට් 3 තිබුණේ නැහැ. මේ වර්ගය විතරයි තිබුණේ. ඒකයි ගත්තෙ. කවුද දන්නේ මෙච්චර බාලයි කියලා.

      Delete
    3. ඉන්දික,

      ලංකාවේ තියෙනා පිලිප්ස්,ඔරේන්ජ් වැනි වර්ග වල සීඑෆ්එල් බල්බ රුපියල් 350 ක සිට ඉහලට මිලට ගන්න පුළුවන්.

      විචාරක,

      කාර්ගිල්ස්,ආර්පිකෝ වැනි සුපර්මාර්කට් වලත් තිබෙනවා වොට් 3,වොට් 5 වගේ ප්‍රමාණ වල බල්බ විකිනීමට. මමත් පහුගියදා මිලට ගත්තා. ඔරේන්ජ්,පිලිප්ස් වැනි වර්ග වල ඒවා තියෙනවා. ඔරේන්ජ් එකේ ඉහත කි වොට් ප්‍රමාණයේ බල්බයක් රුපියල් 350 ක් වගේ වෙනවා.

      Delete
    4. @ AnonymousJanuary 4, 2015 at 7:11 PM

      බොහොම ස්තුතියි මේ දැනුවත් කිරීම ගැන. මම කවදත් බඩු ගන්න කඩෙන් ගන්න ගිහින් තමයි මේක වුණේ.

      Delete
  2. බලා බඩුවල හිල් තියෙනවා.. අනිත් ඒවලත් තියෙනවා ඒක වෙනම කතාවක්.. ඒත් වෙළඳ පොළේ ගැරන්ටි වොරන්ටි තියෙන බලුබ් තියෙද්දි, මේ මළ ජරාවල් ගන්න උන් තමයි මෝඩයෝ..

    ReplyDelete
    Replies
    1. යකෝ මෙච්චරයි තිබුණේ. බලපන් මම ඉන්දිකට දීලා තියන උත්තරේ.

      Delete
  3. මමනම් cfl බ්ල්බ් ගන්න එක නවත්තලා ගොඩක් කල්. තනි බොරුවක් ඕක. කියනතරම් විදුලි බිලක් ඉතුරු වෙන්නේ නෑ. ඒ වෙනුවට led බල්බ් ගන්න. සැබැවින්ම ඉතිරියක් තියනවා. ඔය වෙළෙඳ නාමෙන්ම එන led බ්ල්බ් සෑහෙන ජනප්‍රියයි.

    ReplyDelete
    Replies
    1. මම අලුත් වැඩක් පටන් ගත්තා සෙන්නා. වෙළඳපොලෙන් කොටස් ගෙනල්ලා ගෙදරදී එල්.ඊ.ඩී. බල්බ් හදා ගන්න එක. දැනට 7 ක් හදලා තියනවා. හොඳට වැඩ. පිච්චුනත් ඒක මගේ නිෂ්පාදනයක්නේ.

      Delete
    2. අලෙවි කරණවාද ? මිළදී ගැනීමට සූදානම්.

      Delete
    3. අනේ නෑ. ගෙදර ප්‍රයෝජනයට පමණයි.

      Delete
  4. හිලක් නැති බඩුවෙං පලක් තියේද හෑ:

    ReplyDelete
    Replies
    1. හරියට උළුඳු වැඩේ එකේ වගේ නේද?

      Delete
    2. මොනාද මේ කතා දවල්ටත් නොකා... හෙහ්.. හෙහ්...

      http://srilankanmusicbank.com/listenmp3.php?id=1933

      Delete
    3. @ X - PorterJanuary 5, 2015 at 1:28 AM

      හිහ් හී..................නියමයි. බොහොම ස්තුතියි.

      Delete
  5. ගාන වැඩි උනත් philips තමා හොදම cfl එක..orange එකත් හොද මට්ටමක තියෙනවා..හබි orange එකේ එලිය philips එකේ තරම් දීප්තිමත් නෑ..

    cfl වලට වඩා නම් led එක හොදයි..එකෙත් උඩ ඇලුමිනියම් හීට් සින්ක් එකක් තියෙන එක කාර්යක්ෂම තාවය වැඩි

    ReplyDelete
    Replies
    1. ෆිලිප්ස් එකේ වොට් 3 තිබුණේ නැහැ. මට අවශ්‍ය වෙලා තිබුණේ වොට් 3 බල්බ්. ඇත්තටම මමත් ගන්නේ ෆිලිප්ස්. මම කඩෙන් කොටස් ගෙනල්ලා ගෙදරදී LED බල්බ් හදන්න පටන් ගත්තා. සාර්ථකයි. ගෙදර ප්‍රයෝජනයට පමණයි.

      Delete
    2. මාත් ඒ වැඩේ කරනවා ගෙදර පාවිච්චියට..ඒ වගේම පිච්චුනයි කියන ගොඩක් cfl පොඩි සත්තුවකින් ගොඩගන්න පුළුවන්..led හදද්දී ඇලුමිනියම් හිට් සින්ක් එක තියෙන එක ගන්න

      Delete
    3. මම කීප වතාවක් CFL රෙපෙයාර් කරලා තියනවා. නමුත් බොහොම ටික දවසයි තියෙන්නේ. LED ගන්නේ හීට් සින්ක් තියන මෝස්තරය තමා.

      Delete
  6. විචාරක මහත්තයෝ...............

    අලුත් අවුරුද්ද සුබයෑ................... ?? තව දවස් 4 යි තියෙන්නේ හිටං.................

    බල්බ් ගැන කියලා වැඩක් නැහැ.... දෙන වෙලාවේ ජීවිත කාලෙම තියෙනවා කියලයි දෙන්නේ........ හැබැයි දැම්මම පොහ්................. මේ විදිහ පෝස්ට් ඒකක් දැමීම ගැන ස්තූතිවන්ත වෙනවා... මේක තමයි අපිට කරන්න පුළුවන් දේ.. මේ පණිවුඩය අපිට ජනතාව අතරට ගෙනියන්න බැරිකමක් නැහැ... බ්ලොග්කරුවන් වන අපිටත් වපසරියක් තියෙනවා... අපිට කරන්න හැකි දේවලුත් තියෙනවා............ අැත්තට ම සතුටුයි විචාරකයෝ...............

    ReplyDelete
    Replies
    1. මොනවා කියනවද. මිනිස්සු ඡන්දපොළට ගිහිං හිටං, දෙන්න පටං ගත්තොතිං හිටං, වැඩේ ගොඩ තමයි හිටං.

      Delete
  7. මම නං ඔය බල්බ් වර්ගය මිලට ගෙන නෑ. මම මිලට අරං තියෙනවා ඔස්රම්,පිලිප්ස්,ඔරේන්ජ් කියන සීඑෆ්එල් බල්බ වර්ග නං.

    ඒවායින් ඔස්රම් එක හරි නෑ. මම ඒක දැන් ගන්නේ නෑ. පිලිප්ස් එක නං හොදයි. ඔරේන්ජ් එකෙත් වරදක් නෑ. ඒ වර්ග දෙකම එක වගේ. ඔරේන්ජ් එක ටිකක් ඉදිරියෙන් ඉන්නවා කියලත් හිතෙනවා. ඒ නිසා මම නං දැන් ගන්නේ ඔරේන්ජ් එකේ සීඑෆ්එල් බල්බ තමයි. ඒකට එව්වගේ ගුණාත්මක බව වගේම,ඔරේන්ජ් කියන්නේ අපේ රටේ හදන දෙයක්නේ. ඒ නිසා ඒකම ගන්නවා.

    අනික ඔය ගොඩක් භාණ්ඩ වලින් පිටරට එව්වට වඩා ලංකාවේ හදන භාණ්ඩ වල ගුණාත්මක බව ඉහලයි. ඒ නිසා මම නං ලංකාවේ නිෂ්පාදනය කරනා භාණ්ඩ මිලට ගන්න කැමතියි.

    ReplyDelete
    Replies
    1. මමත් මීට කලින් මේ වර්ගය අරං නැහැ. උගුලකට අහුවුණා නිසා තමයි හැමදෙනාවම දැනුවත් කරන්න හිතුවේ මේ විදිහට.

      Delete
  8. //පහත පින්තූරයේ දැක්වෙන බලබ් වර්ගය මිලදී ගන්න එපා. මා පසුගිය මාර්තු මාසයේදී මේ වර්ගයේ බල්බ් 15 ක් එකවර මිලදී ගත්තා. මේ වනවිට එයින් 5 ක් දැවී ගොස් අවසන්. ඒවා දැවී යන්නේ අමුතුම ආකාරයකටයි.//

    පාලහෙන් පහක් දැනටම දැවී ගිහින්.... පොද්දට උනෙත් ඒකම තමා...

    මහින්ද මාමට ජයවේවා!

    ReplyDelete
    Replies
    1. 9 වෙනිදා වෙනතුරු ඉවසන්නකෝ.

      Delete
  9. හපොයි ගන්නේ නෑමයි. :P

    ReplyDelete
    Replies
    1. ඇවිල්ලා ඡන්දෙ දාලා යන්නකෝ. අපරාදේ ඡන්දෙ.

      Delete
    2. ඒක වෙන කවුරු හරි දායි
      විචා දුක් වෙන්ටෙපා

      Delete
    3. හිහ් හී..... දැක්කද වැඩේ පොඩ්ඩි

      Delete
  10. අඩු වොට් ගාණක් තියන බල්බ් ඕන නං එල් ඊ ඩී දාන්න
    සී එෆ් එල් වලට වඩා හොදයි
    අනික ඔය ගෙවල් වලට ඇවිත් විකුණන බල්බ් ගන්නෙපා අමාරුවෙ වැටෙනව මයි

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්, මමත් හොඳ පාඩමක් ඉගෙන ගත්තා. එකයි අනික් අයවත් දැනුවත් කලේ. මම දැන් කෑලි ගෙනත් ගෙදරදීම LED බල්බ් හදාගන්නවා.

      Delete
  11. අර කියන්නා වගේ LED ගන්න විචාරක තුමා. දැන් මුලු ලෝකෙම LED වෙලා තියෙන වෙලේ. අනික චීනට කළගුණ සලකන්නත් එපෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක තමා හොඳම විකල්ප පියවර.

      Delete
  12. ඔය cfl එක බල්බ් එකක් නියමිත් බැහැර කිරීමේ පටිපාටියෙන් බැහැරව .විසිකා දැමුවහොත් එක බල්බයකින් ජලය ලීටර් 6000ක් පමණ දුෂණය වීමේ අවධානයකුත් පවතිනවා නේද?

    ReplyDelete
    Replies
    1. මේවා දාන්නේ ප්‍රාදේශීය සබාවේ කුණු ලොරියට. කොහේ ගෙනියනවද දන්නේ නැහැ.

      Delete
  13. තොරතුරට ස්තූතියි !

    ReplyDelete
    Replies
    1. තව එක්කෙනෙක් හෝ අමාරුවේ වැටෙන එකෙන් වලක්වා ගන්නයි ලිව්වේ.

      Delete
  14. විචාරක තුමණි, පොඩි නිවැරදි කිරීමක් කිරීමට අවසර.. ඔය බල්බ වර්ගය ලංකාවේ නිපදවන්නේ නෑ.. චීනයෙන් ආනයනය කර ලංකාවේ සමාගමක් විසින් බෙදා හරිනු ලබන්නේ.. ප්‍රමිතිය අතින් අන්තිම දුර්වලයි.. එසේම බිඳීමක් සිදුවුවහොත් වෙන පරිසර හානියත් වැඩියි. බොහෝ විදුලි උපකරණ බෙදා හරින්නන් විසින් එක් පිළිගත් CFL එකක් සමග මේ වර්ගයත් බෙදා හැරීම සිදු කරනවා. මොකද අධික ලාබය හා අඩු මිල නිසා වැඩි වෙළඳාමක් අපේක්ශාවෙන්. මා මෙතෙක් මිලදීගත් හොඳම CFL වර්ගය කෙවිල්ටන්, ඔවුන්ගේ අනිත් විදුලි අපාංගත් හොඳ තත්වයේ තියෙනවා.. ගානනම් ටිකක් වැඩියි.. ඒත් බොහෝ තැන්වල ඩිස්කවුන්ට් එකක් දෙනවා 5-10% අතර එවිට මිල ෆිලිප්ස් / ඔරේන්ජ් හා ආසන්නයි. අර ඉවාන් සඳහන් කරල තියෙන කරුණත් අවධානයට ලක් විය යුතුයි. ස්තූතියි මෙලෙස අන් අයව දැනුවත් කිරීමට පෙළඹීම ගැන.

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් කියවීමෙන් පසු මමත් හොයා බැලුවා. මේක චීනයේ තමයි හදන්නේ. 'චී..........ණය' :e

      මීට පස්සේ කීයක් ගියත් ගන්නේ උසස් ප්‍රමිතියේ බල්බ් පමණයි.

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }