හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

17 March 2015

අතින් කාලා හරක් බලන ලෝකයේ ප්‍රථම ෆීල්ඩ් මාර්ෂල්

මතක ඇති නේද අපි මෑතකදී කතාකළා, ලංකාවේ ප්‍රථම වරට පිහිටුවන්න යන ෆීල්ඩ් මාර්ෂල් තනතුර ගැන. ඔන්න දැන් ඒක පිහිටුවන්න තමා යන්නේ. හැබැයි අලුත් ෆීල්ඩ් මාර්ෂල් උන්නැහේට, අතින් කාලා හරක් බලන්න වෙලා. බලන්නකෝ ඔය පහලින් තියන ප්‍රවෘත්තිය.

Screenshot (2)

  පොඃ....................කාටද ආඩම්බර? ෆොන්සේකා උන්නැහෙටමනේ ආඩම්බර. මොකෑ ඔන්න ඉතිං අපි හමුදාවේ ඉන්දැද්දිං නං, සල්ලි වලට ගත්තේ, ඔය ලාග්ගෝ එහෙම තමා. නිළ ලාංඡන දුන්නේ හමුදාවෙන්. පැන්සොන් යනකොට, එව්වා ආපහු බාරදෙන්න ගියාම කිව්වා, 'අනේ එව්වා ඔහෙම තියාගන්න සිහිවටන හැටියට' කියලා. නමුත් දැන් මුන්නැහෙට පුළුවන් බය නැතුව කට ඇරලා කියන්ඩ, 'අඩ්ඩෝව්........ මෙව්වා කවුරුවත් දුන්න එව්වා නෙවෙයි, මමම හදවලා ගහගත්ත එව්වා හරිය? එකෙක් එන්නෑ අත තියන්න එහෙම හරිය? අත තිබ්බොත් උගේ ....................................තමයි නවතින්නේ හරිය? කියලා.

   අනික් වැඩේ නිළ ලාංඡන රත්තරනින් නිම කොරන්න ඕනළු. හුට්ට බටා. ඔන්න ෆොන්සේකා ලොක්කා කරගත්ත ගොන්කම දැන් තමයි තේරෙන්නේ. අර අහිංසක මහින්ද මහත්තයාට මේ පාර වැඩ කරානම්, අර LTTE රත්තරං වලින් හන්ගගත්ත  අල්ලගත්ත එව්වයින් කිලෝ දහයක් උනත් දෙනවනෙ. නිළ ලාංඡන විතරක් නෙවෙයි, අනික් යුනිපොං එව්වා, කඩුකස්තාන, බූස් සපත්තු, තොප්පි තෝට්ටං, අරවා මෙව්වා , ඕන්නං ලාග්ගෙක් වුනත්, සත්තලනෙන්ම හදා ගනිං මගේ සත්තලනේ.............. කියලා.

   දැන් ඉතිං කාලා වරෙන්කො. මොකෑ ආයෙ සිරා මාමා ළඟ රත්තරං තියා, ඇට බෝලයක්වත් තියන එකක්යැ.

   නාකද මේ වියදම දරන්න බැයිද කියලා.......... දුමී, ජොනී, සජී, වගේ කෙනෙක්ගෙන් අහලා බැලුවොත්. ඒ කියන්නේ අනුග්ගරාහකත්වය දීලා ඇඩ් එකක් වුනත් ෆොන්සේකා උන්නැහේගේ නිළ ඇඳුමේ ගහන්න පුළුවන්නේ. ගොයබාතා ලඟත් සමහරවිට තවම ඇති පෙට්ටගමේ ඉතුරු වෙච්චා. හ්ම්...................... 


2015 මාර්තු මස 17 වැනි දින 1331 පැය

82 comments :

  1. මම හිතන්නෙ මේ වෙලාවෙ ෆොන්සේක මහත්තය කල්පනා කරන්න ඕන ඔය ආමි තණතුරු ගැන නෙමේ, මේ හිස්වෙන රටේ අගමැතිකම ගන්න ඕන දේශපාලන අඩුපාඩු හදා ගන්න එකයි කියලයි.

    ReplyDelete
    Replies
    1. හැබැටම ඉන්දික හොද සිහියෙන්ද

      Delete
    2. සම්ප්‍රදායික ආමි තනතුරු ලැබෙන ක්‍රමයක් තියනවා.මේක වෙනස්. ඔය තනතුර නම් ලෝක ඉතිහාසය පුරාම එහෙම දෙන නිශ්චිත ක්‍රමවේදයක් නෑ. ඉඩි අමින් , අයුබ්ඛාන් වගෙ අය තමන්ටම ප්‍රදානය කර ගත්තෙ. හැම යුද්දෙකින් පස්සෙම දෙනව කියල එකකුත් නෑ . කොලින් පවෙල් වගෙ අයට ලැබුනෙත් නෑනෙ.
      ෆොන්සේකට සහජයෙන්ම වගෙ නායකත්ව ලක්ෂන තියනව. ජානක පෙරේරල වගෙ අයත් දේශපාලනයට ආවට ඒ අයට හරියට කතා කරගන්නවත් බෑ. ෆොන්සේක ඒ අතින් විශිෂ්ටයි. ඔහු ජාතික නායකත්වයට පවා යන්න වාසනාව තියන කෙනෙක්. හැබැයි ඔහු ගැන එක එක්කෙනා කියන කතා ඇහුවම ඔහු ප්‍රජාතන්ත්‍රවාදී රටක නායකත්වයට සුදුසුද කියන එක නම් ප්‍රශ්නයක්. ඒව කටකතා කියල බැහැරකරලයි මෙහෙම ඔහු ගැන ධනාත්මකව සිතන්නෙ. කළමනාකාරනය , නායකත්වය හා පිරිස් පාලනය වගෙ දේවල් අගය කරන්නෙ.
      එහෙත් ඔහු ගෙ චරිතය තුලින් කලබලවෙන මිනිස්සු එක්ක ගැටුම් ඇතිකරගන්න ගතියක් නිරීක්ෂණය කරන්නත් පුළුවන්.

      Delete
    3. මම අහන්නේ මේ මනුස්සයට මේ වගේ කෙනෙහිලිකම් කරන්නේ ඇයි. ෆොන්සේකා පැත්තක තියන්න. ලංකාවේ ඉතිහාසයේ ප්‍රථම වතාවට මේ තනතුර ඇතිකරන්න යන්නේ. එතැනදී රජය මීට වඩා කොයිතරම් වගකීමකින්ද ක්‍රියාකරන්න ඕනේ. හරිනම් ආරක්ෂක අමාත්‍යාංශය තමයි එංගලන්තෙන් ගෙන්වන්න ඕනේ නිළ ඇඳුමට අදාළ සියල්ලම. මේක හරියට ජෙනරල් ෆොන්සේකාට දෙන දඬුවමක් වගේ.

      Delete
    4. එයාගෙන් වැඩේ ගත්තා.දැං කලකිරවලා විහින්ම අයින් කරන්න හදන්නෙ..

      Delete
  2. විචා..ලලිත් ඡයසිංහ ගැන ලිපියක් ලියමුද?

    ReplyDelete
    Replies
    1. ටිකක් කාලය අරගෙන ලිපියක් ලියන්නම් මෙන්ඩා. එතෙක් ඔන්න, කර්නල් ජයසිංහ ගැන පොඩි වීඩියෝ එකක් මෙතනට දානවා.
      https://www.youtube.com/watch?v=ttutAwliVX4

      Delete
  3. ජෙනරාල් ෆොන්සේකා මැතිදුන් කියන්නේ අපේ රටේ බේරා ගත්තු නායකයා. එතුමාට මේ වගේ අපහාස වෙන අන්දමට බ්ලොග් ලියන්නේ ඇයි? ඒ සම්බන්ධව අපගේ බරපතල අමනාපය මෙයින් දන්වා සිටිමු.

    ReplyDelete
    Replies
    1. මහත්මයාණනි, දේශපාලන කරුණු පදනම් කරගත් මෙවැනි ලිපියක යටිපෙළ අරුත තේරුම්ගත නොහැකි තමුන්නාන්සේලා වැනි උදවිය, මෙවැනි ලිපි නොකියවා ඉන්නවානම්, තමුන්නාසේගේ පිත කෝපවීම වලකින බව කාරුණිකව දන්වමි. මේ ලිපිය ලියා තිබෙන්නේ, කුමන පරමාර්ථයකින්ද යන්න, දේශපාලන ලිපි ලියන කෙනෙකුට මේ ලිපිය පෙන්වා, අසා දැනගන්නා මෙන් යෝජනා කරමි.

      Delete
    2. ෆොන්සේකාට අපහාසයක්

      http://paparasinews.com/?p=3437

      Delete
  4. ඉතුරු කර ගත්ත කීයක්දෝ තියෙනවා.. මටත් බැරිවෙයිද දන්නෑ රත්තරනින් ෆීල්ඩ් මාශල් බැච් ටිකක් හදල ගහගන්න.. අනේ කාලේ.. නිවුස් එක ඇත්තනම්.. මෙව්වනේ වැඩ..

    ReplyDelete
    Replies
    1. මට ඇහුනෙ එච්චරයි

      Delete
    2. මම අහන්නේ කල්‍යාන මේ මනුස්සයට ඇයි මෙහෙම අපහාස කරන්නේ. ඇයි යකෝ මේක ජෙනරල් ෆොන්සේකා බලහත්කාරයෙන් ගන්න යන දෙයක් නෙවෙයිනේ. යුතුකම් ඉටුකිරීමක් සහ සේවය ඇගයීමක්. එහෙමනම් මේ වගකීම දෙන්න ඕනේ හමුදාවට. හරියට 'උඹට රජවෙන්න ඕනෙනම්, උඹම ඔටුන්නක් හදාගනින්' කිව්වා වගේනේ යකෝ මේක.

      Delete
  5. මට හිතෙන්නේ ගෞරවය දෙනවනං ඒක නියමාකාරව රජයම දිය යුතුයි කියලයි.. නැත්නං බලෙන් ගන්න දගලන්නේ මොකටද?? අනික ඔය නිව්ස් වෙබ් එකේ යන ඒවා විස්වාස කරන්න එපා.. තනි බොරු බං යන්නේ.. හැක්

    ReplyDelete
    Replies
    1. ජෙනරල් ෆොන්සේකා කිසිදෙයක් බලෙන් ගන්න දඟලන්නේ නැහැ දේශ්. රජයනේ මේක දෙන්න ක්‍රියා කලේ. ඉතිං මොනවද මේ කියන විකාර නිළ ඇඳුම එයාට හදාගන්න කියලා. මේක එතුමාට කරන අපහාසයක්.

      Delete
    2. ඒක තමා මං කිව්වේ. එහෙනං ඕක තියාගනිං කියල කියන්න පොන්සේකට පුලුවන් වෙන්න ඕන..

      Delete
  6. අන්න ඒකනෙ කියන්නෙ අපේ පැඩී ෆීල්ඩ් මාෂල් එක්ක ෂේප් එකේ හිටියනං ෆොන්සේකා මහත්තයට කෙලිං ඉන්න බැරිවෙන්න රත්තරන් එල්ලන්නෙ... ඕ යේස්.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්, ඒ පැඩී ෆීල්ඩ් මාර්ෂල් දැන් ආපහු හොම්බ දාන්න දඟලනවා. මැදමූලන පැත්තේ පැඩී ෆීල්ඩ් හාන්න තමයි එයා සුදුසු.

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. යුද හමුදාවට නායකත්වයක් දුන්නු සරත් ෆොන්සේකා වීරයෙක්. එත් ඇයි නම්බු නාම පස්සෙන් ගිහින් ඉල්ලන්නේ? සුදුසු නම් ඒවා ලැබේවි. මහින්ද රාජපක්ෂ සේනාධිනායකයා වශයෙනුත්, රාජ්‍ය නායකයා වශයෙනුත් කෙලින් හිටගත්තු නිසා තමයි ෆොන්සේකා වැඩ පෙන්නුවේ. අයි කොබ්බෑකඩුව මහත්තයට යුද්දේ ඉවරකරන්න බැරි උනේ? හරි හමන් තීරණ ගන්න රාජ්‍ය නායකයෙක් හිටපු නැති නිසා. ෆොන්සේකාත්, මහින්දත් එක්ව ඉන්න තිබුන එකයි මගේ මතය. ෆොන්සේකා ඔයාගේ යාලුවෙක් වෙන්න ඇති, එත් එයාට හිතේ හැටියට යුද්දේ කරන්න දීපු රාජ්‍ය නායකයට පල් කරලා කතා කරන එක හොද නෑ නේද?

    ReplyDelete
    Replies
    1. කොහෙද මහත්තයෝ එයා නම්බු නාම පස්සෙන් ගිහිල්ලා ඉල්ලුවේ. ඔන්න හිටපු ජනාධිපති නම් ලොකු ලොකු හාමුදුරු වරුන්ට කියලා නම්බු නාම හදාගත්ත විදිහ අපි දන්නවා.

      මහින්ද යුද්ධයට අදාලව පමණක් රාජ්‍ය නායකයා වශයෙන් කෙලින් හිටෙව්වේ ජෙනරල් ෆොන්සේකා. ආරක්ෂක කවුන්සිලයේදී ඉදිරි සැලසුම් පෙන්නලා යුද්දෙන් අපේ සෙබළුන් මෙච්චර මැරෙනවා නමුත් ස්ථිරව LTTE එක පරදිනවා කිව්වම මහින්දට චූ ගියේ නැති එක විතරයි. අපේ මියයන සංඛ්‍යාව අහලා. ජෙනරල් තමයි යුධ න්‍යාය කියලා දීලා, මේක දැන්වත් නොකලොත් රට ඉවරයි කියන එක හරියට මහින්දගේ ඔලුවට දාලා මහින්දව යුද්ධ නායකයෙක් කලේ. මේවා මගේ කතා නෙවෙයි, ත්‍රිවිද හමුදාවේම වගකිවයුතු ඉහල නිලධාරීන් දන්න කතා.

      ජෙනරල් ෆොන්සේකා මගේ යාලුවෙක් නෙවෙයි. අපි එකම රෙජිමේන්තුවේ. අදටත් මාව දැක්කොත් එයා බනිනවා මම එයාට උදව්කලේ නැහැ කියලා. මම උදව් නොකළේ එයා දේශපාලනයට ගියේ උවමනාවට වඩා කලින් වීම නිසා.

      Delete
    2. අනේ මන්දා, එය දේශපාලනේට අපරාදේ ගියේ. මට තියෙන තරහ ඒකයි. එයා ඉස්සර යකඩ හොරා එක්ක ටී වී එකේ කරපු සම්මුක සාකච්චා මගේ ලග තියෙනවා. කොච්චර පවුර්ශයක් තියාගෙනද කතා කරන්නේ? එත් දැන්? නිකන් පාන් කඩයක් වගේ.

      Delete
    3. //මම උදව් නොකළේ එයා දේශපාලනයට ගියේ උවමනාවට වඩා කලින් වීම නිසා.//
      +++++++++++++++++++

      Delete
  9. අන්දරේ කම ඒ පාර මෙයාද අරං තියෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. මෙයාව අන්දරේ කරලා මෙයාගේ දේශපාලන අනාගතයට කෙලවන්න දඟලන එවුන් පාර්ලිමේන්තුවේ දෙපැත්තේම ඉන්නවා.

      Delete
  10. ඔය අතට දාන ග්ලවුස් දෙකක් නම් හොයා ගන්න පුලුවනි බොරැල්ලෙ ජයරත්න එකට ගියොත්...

    ReplyDelete
    Replies
    1. පෙට්ටිවල වටේට අමුණන දිලිසෙන රත්තරන්පාට කෑලි ටිකක් ඉල්ලා ගන්න උනත් පුළුවන් නිල ලාංචන විදියට අතේ උරේ පපුවේ ගහ ගන්න

      Delete
    2. ඔව් දෙන්නම් හීන මවනවා ඇති නේද ජෙනරල්ට එහෙම වෙයි කියලා. මොනවා කරන්නද මරාගේ කාලේ ඉවරයි. දැන් ඉතිං ඔය බෝධි පූජා එහෙම කරලා යන තැනකට යමක් කරගන්න තමයි මරාට තියෙන්නේ. නමුත් ජෙනරල් ඉතාම ලස්සන දුර ගන්මනක් යනවා. එක බල්ලෙකුටවත් බැහැ ඒක වලක්වන්න.

      Delete
    3. ජෙනරාල දුර ගමනක් යනවා කිව්වම මම හිතුවේ යාපනේ දිහාට ට්‍රිප් එකක්වත් යනවද කියාලා
      ඒත් "ලස්සන දුර ගමනක්" නම් යාපනේ වෙන්න බැහැ
      නුවරඑළියේ නේද යන්නේ
      හා හා හොරේ අහුවුනා.
      වාහනේක වගේ යනවනම් ඒ ගමන නවත්තන්න කිසි බල්ලෙකුට බැරිවෙයි තමා
      මතක ඇතුව ජෙනරාලට කියන්න වාහනේට බල්ලෙක් හැපුනත් නවත්තන්න එපා කියල
      නැත්නම් දන්නෙම නැතුව නතර වෙයි. හුකස් ගාල

      Delete
    4. නෑ නෑ ජෙනරාල් එහෙම යනකොට ඔයා පාරෙන් අයින් වෙලා ඉන්නකෝ. එතකොට ප්‍රශ්නයක් නැහැ.

      Delete
    5. ඔයාව නම් කොහොමත් හැප්පෙන්නේ නැහැ බ්ලොග් ලිය ලිය ඉන්න හින්ද!!!!!!!!!

      Delete
    6. ඔව් ඉතිං මොලේ තියන එකා දන්නවනේ බල්ලෝ හප්පගන්නේ නැතුව ඉන්න.

      Delete
  11. මෙතුමා ඇතුළු රට බේරාගත්තු අයට සලකන විදිහ වැරදියි මොන ආණ්ඩුව ආවත්.. පලිගැනීම විතරයි අපිට පෙන්න තියෙන්නෙ.. මෙතුමා මේක දන්නවනම් කලින්ම හදල ගහ ගන්න තිබ්බ හික් හික්..

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නැහැ. තවමත් බොහොමයක් දේශපාලුවන් ජෙනරාල්ට බයයි. මොකද එයා හොරෙක් නොවෙන නිසා. ඇඟිල්ල දික්කරන්න මොකවත් නැති නිසා. එක නිසා තමයි මෙහෙම කෙනෙහිලිකම් කරන්නේ.

      Delete
  12. මම ඉස්පොන්ස කරනවා යුනිපෝම් එකේ පිටිපස්සේ අනුග්‍රහය මැලෙරාලගෙන් කියලා ගහනවානම්

    ReplyDelete
    Replies
    1. හුඟ දෙනෙක් කැමතිවෙයි මැලේ. නමුත් මම හොඳින්ම දන්නවා ජෙනරල්ව එහෙම ලේසියෙන් 'බැලන්ස්' කරන්න බැහැ.

      Delete
  13. ශිරන්ති රාජපක්ෂගෙන් ඉල්ලලා නැතෙයි... අර මිහිඳුගඩුසෑයද මක්කද එකේ තැන්පත් කරන්න දුන්නා නේද මහින්දලගේ අම්මගේ රත්තරන් වගයක්..

    ReplyDelete
    Replies
    1. ශිරන්තිගේත් රත්තරං
      මහින්දගේ අම්මගෙත් රත්තරං
      ඒ වුනාට මහින්ද අද පිත්තල වෙලා
      බූ...........හු..........හූ.......................දුකේ බැරුවා.

      Delete
    2. මම විචාර අයියගේ බ්ලොග් කියවන්න පටන් ගත්තේ ලඟදි ඉඳලා...
      අයියගේ ලිවීමේ ශයිලිය නියමයි ඒකනිසා කියවගෙන යන්න හිතෙනවා..
      ඒත් දේශපාලනය ඇදගෙන නාන්න ගියොත් එතන ගොමහැලියක් වෙනවා...
      එක හරි නෑ................ අයියේ...

      Delete
  14. ෆීල්ඩ් මාෂල් ය කී විට අපට එක වර සිහියට එන්නේ උතුරු අප්‍රිකානු කලාපය පුරා පුරා තම අණසක පැවැත්වූ තම නම ඇසුණු පමණින් සතුරු බලමුළු පසු බැස්වූ අ'වින් රොමෙල් ය - නෝමන්ඩි වෙරළට ගොඩ බට දශලක්‍ෂ සංඛ්‍යාත ඒකාබද්ධ හමුදාවකට අණ දුන් මොන්ට්ගොමරි ය. ෆීල්ඩ් මාෂල් නාමයට නියම සුදුසුකම් ඇත්තෝ ඔවුහුය. මේජර් ජෙනරල් වරු දුසිමක් පමණ සිටින, බ්‍රිගේඩියර්වරුන් කිහිප දෙනෙක් විසින් අණ දෙන සේනාංක කිහිපයකින් සුසැදි, ලක්‍ෂ තුනක පමණ හමුදාවක් විසින් ෆීල්ඩ් මාෂල් වරයෙක් නම් කිරීම විහිළුවක් වශයෙන් දෙවැනි වෙතොත් ඒ ඉඩී අමින් විසින් තමාවම ෆීල්ඩ් මාෂල් ලෙස නම් කර ගැනීමට පමණි.

    ලක්‍ෂ තුනක හමුදාවකට අණ දෙමින් යන්තම් පහළොස් දාහකට නොවැඩි නිල නොවන කැලෑ හමුදාවක් පරාජය කිරීම වෙනුවෙන් ෆීල්ඩ් මාෂල් තනතුර ලබා දෙන්නේනම් ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය ප්‍රමුඛ කෝටි ගණනක හමුදාවක් හා සටන් කර නැවත නැවත පරාජය කර සංත්‍රාසයට පත් කළ අ'වින් රොමෙල්ට සර්වබලධාරී දෙවියන් වහන්සේය කීවත් මදි මිස ඇති නොවේ.

    ඒ නිසා ලෝකයට විහිළුවක් නොවීම පිණිසත් අපේ යුගයේ යුධ වීරයාගේ දොළදුක සංසින්දුවිම පිණිසත් දෙතිස් කතාවට යෝජනාවක් ඇත. සබුද්ධික මහජනතාවගෙන් කෙනෙක් වැරදීමකින් හෝ දෙතිස් කතාව කියවා මෙය දුටුවොත් ජනාධිපති තුමාට රපොර්තු කර මෙය ක්‍රියාත්මක කරත්වා !

    ෆීල්ඩ් මාෂල් වෙනුවට ...
    ෆීල්ඩ් යනු කෙත්ය. සුද්දා පැඩි ෆීල්ඩ් යැයි අපේ වෙල්/ කුඹුරු වලට කිව්වේ ඒ අරුතිණි. බුදුරජාණන් වහන්සේ මගධ කෙත පෙන්වා ආනන්ද හිමිට එහි ලියැදි පිහිටුවා ඇති ආකාරයෙන් සිවුර සකස් කර ගැනීමට අනුදැන වදාළහ. දෙවෙනි ලෝක යුද්ධයේදී අ'වින් රොමෙල්ලා, මොන්ට්ගොමරි ලා වැඩ පෙන්නීමට පෙර භාරතයේ මහා රණශුරයන් වූ අර්ජුන ප්‍රමුඛ පංච පාණ්ඩවයන් මහා බලවත් ගංගා පුත්‍ර භීෂ්ම ප්‍රමුඛ කෞරවයන් හා යුධ කළේ කුරු කෙතේදී ය. ඒ නිසා කෙත හෙවත් වෙල යන හෙළ වදන ෆීල්ඩ් යන පර වදනට අත්‍යන්තයෙන්ම ගැලපේ.

    එසේම, මාෂල් යනු ආඥා කරන තැනැත්තා, විධාන දෙන තැනැත්තා, ප්‍රධාන සැළසුම් සකස් කරන තැනැත්තා, වැනි අර්ථයන්හි යෙදේ. විශේෂයෙන් ක්‍රමෝපාය නිර්ණය කිරීම මාෂල්වරු කරත්. අපේ සංස්කෘතියේ මෙය කළේ සැළසුම් කරන විධාන දෙන නිලධරයා හඳුන්වන නම විදානේය. උදාහරණයක් ලෙස වැවෙන් දියවර නිකුත් කරන්නේ කවදාද, කොපමණ කාලයකට, කොපමණ වපසරියකට ජලය ප්‍රමාණවත් වේද, ආදිය පිළිබඳ තීන්දු තීරණ ගත්තේ වැව් විදානේය. ඔහුගේ තීරණයට මහරජු පවා අභියෝග කළේ නැත. ඒ නිසා විදානේ යන තනතුර ඉතා බලවත් තනතුරකි.

    ඉහත කරුණු සළකා බලා ෆීල්ඩ් මාෂල් තනතුරට අසාධාරණයක් නොවීම පිණිසත් හිටපු යුධ විරුවාගේ දොළ දුක් සංසිඳීම පිණිසත් ලෝකයා ඉදිරියේ විහිළු සපයන්නන් නොවීම පිණිසත් ශ්‍රී ලංකික අනන්‍යතාවය රැකෙනු පිණිසත් හිටපු ජනරාල් සරත් ෆොන්සේකා මැති තුමාට වෙල් විදානේ තනතුර ප්‍රදානය කරන ලෙස දෙතිස් කතාව ශ්‍රී ලංකා රජයෙනුත් අභිනව ජනාධිපති තුමාගෙනුත් ගෞරව බහුමානයෙන් යුතුව ඉල්ලා සිටී.

    Kanishkagen Uputa ganna ladee

    ReplyDelete
    Replies
    1. අර මලදානේ ලියපු cj විදානේ කියන්නෙත් මාෂල් කෙනෙක් එහෙනම්

      Delete
    2. මකලා... ඌත් පොරක් එහෙනං ඈ!

      Delete
    3. මකලා හූරේ.. මේ කතාවේදිනම් මාත් උඹත් එක්ක 100%ක්ම එකඟයි ඕං..

      Delete
    4. විදානේ ඇනෝ කොමෙන්ට් එකක් දාලා...

      Delete
    5. අඩේ ඇත්තටම ඔය ඇනෝ දැම්මෙ විදානෙයද දන්නෑ. විස්වාස නෑ ඕක සබරගමුවෙ මනුස්සය වෙච්ච කොට.

      Delete
    6. අපූරු නිර්මාණයක්. ඔය සම්මානෙ ඔය මනුස්සයට දෙන්නම ඕන. දේශපාලනය කළෙත් ඔය වගෙ දෙයක් ටාගට් කරගෙන වෙන්නත් ඇති. ඕක දීල ශේප් කරගෙන පැත්තකට දාන්න යූඇන්පියටත් ඕන ඇති.
      හැබැයි ඊට සමාන තනතුරු රොෂාන් ගුණතිලකට සහ වසන්ත කරන්නාගොඩටත් දෙන්න ඕන. ගුවන් නාවික බලය නැතිව යුද්දෙ දිනන්න බෑ. අපට මතකයි පාවෙන අවි ගබඩා විනාශ කළ හැටි. වරාය වගෙ මර්මස්ථාන මරාගෙන මැරෙන බෝට්ටුවලින් රැකගත්ත හැටි. ඒ වගේම ගුවන් ප්‍රහාර නිසා කොටින්ට බරපතල හානි සිදුවුනා. පාබල හමුදා ඉදිරියට යන්න ආධාර වුනා.
      සියළුම සේවා ඇගයීම සුදුසුයි. යුද්දෙ කියන්නෙ ටීම් වර්ක් එකක්. නිළධාරීන්ට පමණක් යුද්ධ කරන්නත් බෑ.නිළධාරීන්ට වඩා ජීවිත අවදානම තිබුනෙ සොල්දාදුවන්ට නමුත් ඔවුන්ගෙ නමක්වත් සදහන් කිරීම ප්‍රායෝගික නෑ. ලෝකෙ කොයි යුද්දෙත් එහෙම තමයි.
      සම්මාන තනතුරු කියන්නෙ දෙන දේවල් මිස ඉල්ලගෙන ගන්න ඒව නම් නෙමෙයි කියල මට හිතෙන්නෙ.

      Delete
    7. විදානෙයා කාපු බීපු වෙලාවට කියන දේවල් ගනං ගන්ඩ එපා :D චැහ්

      Delete
    8. @ AnonymousMarch 17, 2015 at 4:05 PM - තමුන්නාන්සේගේ දීර්ඝ සම්ඵප්‍රලාපය තමුන්නාන්සේගේ හිස් බව මැනැවින් සංකේතවත් කරයි. මේ යුධ වීරයාගේ අගය නොදන්නා අබබ්බයන් තවමත් මේ රටේ ඉඳීම ගැන කනගාටුවනවා හැර වෙනත් දෙයක් කීමට නැත. අපේ රටේ තිබුණු යුද්ධය නිමාකිරීමට මේ මහ සෙනෙවියා සකස්කළ සැලසුම එදා විස්තර කරද්දී අප විශ්මයට පත්වුනා. එහිදී ත්‍රිවිධ හමුදාවටම අයත් කාර්යභාරයන් සැලසුම් කලේ ජෙනරල් ෆොන්සේකායි. දවල් කාලයේ යුද බිමට යන ඔහු, රාත්‍රී කාලයේ හමුදා මූලස්ථානයේ ක්‍රියාන්විත මැදිරියටවී මේ සැලසුම් සැකසුවා. ඒවා නොදන්නා අබබ්බයන් කරන අපහාස මෙවැනි ශ්‍රේෂ්ඨ රණවිරුවෙකුට නිකං නරියෙක් හූ කිව්වා වගේ වදින්නේ නැති දෙයක් හෙවත් නරියා උගේ නරි ගතිය පෙන්වීමක් පමණි.

      Delete
    9. විචාරක,
      ඔබ වයසේ හැටියට පැසුණු බුද්ධියක් ඇති අයෙකු විය යුතුය. එබැවින් මෙම පැහැදිලි කිරීම වැටහේයයි සිතමි...
      ක්රිරකට් ගැසූ සනත් යනු ක්රිිකට් ලොවේ අසහාය වීරයෙක් විය. ක්රිපකට් නව මානයකට ගෙනගිය පුරෝගාමියෙක් විය...
      නමුත් දේශපාලනයට පැමිණි සනත් ගැන සිහියට ගන්න... ඔහු හට දැන් ඇතිවී තිබෙන තත්ත්වය ගැන මදක් සිතා බලන්න...
      සරත් ෆොන්සේකා මහතාට ද සිදුවුයේ එයමය... ඔහු නොදන්නා දේශපාලනයක් වෙනුවෙන් ඔහුගේ නාමය, තත්ත්වය, ගරුත්වය යන සියල්ල බිල්ලට දුන්නේය... ඉන් පසුව ඉහත ඇති ඇනෝගේ කමෙන්ටුව වර්ගයේ කමෙන්ටු සඳහා මග විවර කර ගත්තේය...

      දැන් ඉන් මිදීමට මගක් නොමැත... දැන් ඔහු ඒ නරා වලට පැන අවසානය...

      Delete
    10. ස්තුතියි ඔබේ අදහස් දැක්වීම ගැන. මේ ගැන මට හිතෙන්නේ මෙහෙමයි.

      මහින්ද රාජපක්ෂ ජෙනරල්ට කරපු කෙනෙහිලිකම් ඔබ දන්නවා ඇතැයි සිතනවා. අද රෝ ඔත්තු සේවයට බනින මහින්ද, එදා ජෙනරල්ට කැපුවෙත් රෝ ඔත්තු සේවය කියපුවා විශ්වාස කරලා. ජෙනරල් හිතුවා එකම විසඳුම දේශපාලනයට බැසීම කියලා. ඔහුගේ අවාසනාවට යූ එන් පී, ජේ වී පී, අච්චාරුවට අහුවුනා. අත්දැකීම් නැතිකම නිසා.

      මම ජෙනරල් නම් එදා කරන්නේ මේකයි. මහින්දටම හේත්තුවෙලා ඇමතිකමක් අරන්, ජනප්‍රියත්වය තහවුරු කරගෙන, ආණ්ඩුවෙන් කඩාගෙන එනවා. අපේ රටේ ක්‍රමය ඒක තමා.

      ජෙනරල්, ෆීල්ඩ් මාර්ෂල් කෙනෙක් විදිහට, ඉදිරිකාලයේදී දේශපාලන නරා වලට බහින්නේ නැතුව ඉන්නවානම්, මම සීයට දහස් වාරයක් කැමතියි. නමුත් එහෙම වෙන්න තියන සම්භාවිතාව 0% යි.

      Delete
  15. සිරිසේන විතරයි අති ගරු අරව මේව එපැයි කිව්වෙ.

    මොනව කරන්නද අපි ගරු නම්බුනාම ආදියට ඇඩික්ට්වෙච්ච ජාතියක්නෙ. රාජ්යසේවයේ ලෙකම්ලටත් ගරු ලේකම් කියන්නෙ. තවටිකදවසකින් බැරිවෙලාවත් වර්ල්ඩ් කප් දින්නොත් එහෙම මැතිව්ස්ටත් ගරු ක්‍රිකට් නායක කියයි.

    ලංකාවෙ රාජධානි අතරින් ඉතා දුර්වල, පරිහාණියට පත්වුන ( අනුරාධපුර පොලොන්නරුව කෝට්ටෙ ආදියට සාපේක්ෂව ) රාජධානිය වුන කන්ද උඩරට රජ්ජුරුවන්ට ලංදේසි ආමණ්ත්‍රණය කලේ බලගතු අධිරාජයා කියල..... වෙලඳාම සඳහා ඇන්දවීමට .
    (මෙය ෆොන්සේකා deserving ද නැද්ද ගැන කමෙන්ට් එකක් නොව. අපේ ගරු නම්බුනාම උස්මුරුත්තාව ගැන එකකි)

    ඒකනෙමෙයි අර වසී බෝලෙත් රත්තරන් නේද?

    ReplyDelete
    Replies
    1. කිව්වට මොකද ප්‍රා ඕං මම බඩගාන කාලේ මගේ ගාවත් උන්න නෙවැ "රං කුරුල්ලෙක් " අපේ ආච්චි ඒකට ගම්මිරිසුත් පිම්බා … ඕ යේස්

      Delete
    2. @ Pra. ජෙනරල් ෆොන්සේකා කවදාවත් මේ තනතුර ඉල්ලුවේ නැහැ. එය දීමට තීරණය කලේ වර්තමාන රජයයි. නමුත් ඒ සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ගය ගන්නේ නැතුව මේ වගේ විහිලු කිරීම එතුමාට කරන අපහාසයක්.

      මරාගේ වශී බෝලය හුදු මිත්‍යාව පසුපස යාමේ ප්‍රතිඵලයකි. එවැනි මිත්‍යාවන් පසුපස යමින් ජෙනරල් එදා යුද්ද කරන්න ගියානම් කොහොමද?


      @ පත්තරේ. දැන් උඹේ කුරුල්ලට මේ දවස්වල නිවාඩු කියලා පත්තරේ දාලා තිබුණා.

      Delete
  16. අර අමුමිරිස් අර මුදලේ සල්ලි ටිකවත් ෆොන්සේකා මහත්තයාට දුන්නොත් නරකද? එක ඉවර නම් මේ වෙනුවෙන් අපි කීයක් වත් එකතුකරලා දෙමු. ළමයි හදලත් ඉවර එකේ විචාරක මාමගේ රත්තරන් ඩිංග උනත් දෙන්න පුළුවන් නේ ඔය වැඩේට.

    ReplyDelete
    Replies
    1. මා හිතන්නේ නැහැ ජෙනරල්ට කාගේවත් අරමුදල් හෝ මේ මුදල් අවශ්‍ය වෙයි කියලා, හරියට අර මරා ඒ කාලේ සුනාමි අරමුදල ගසා කෑවා වගේ.

      Delete
    2. ඔබගේ මෙම ලිපියට හේතුවූ ලංකා නිවුස් වෙබ් හි පළවූ ලිපියේ මාතෘකාව "ෆොන්සේකා ෆීල්ඩ් මාෂල් කමට අනුග්‍රාහකයෙක් හොයයි" කියලා නේ. ඔබ කියනවා "මා හිතන්නේ නැහැ ජෙනරල්ට කාගේවත් අරමුදල් හෝ මේ මුදල් අවශ්‍ය වෙයි කියලා" එතකොට ඔබේ අදහස අනුව ඉහත ලිපිය බොරු විය යුතුයි. එහෙම නම් ඇයි එම ලිපිය ඇත්ත වශයෙන් ගෙන මෙවැනි ලිපියක් ලියුවේ.

      ෆොන්සේකා කියන්නේ රනිල් වැනි පොරවල් වලට සාපේක්ෂව ජන කැමැත්තක් සහිත නායකයෙක්. නියම වීරයෙක්. ඔහු අගමැති අසුනට ඒමට හැකි කෙනෙක්. එබැවින් ඉහත ලිපිය හෝ එයට හේතුවූ සාධකය තමන් ඉලලා නම්බුනාම ගන්නවා යයි හන්ගීමක් ජනතාව තුල ඇතිකර. ෆොන්සේකාට ඇති ජන ප්‍රසාධය අඩුකිරීමට කරන වෑයමක් විය හැක.

      Delete
    3. යම්කිසි ප්‍රවෘත්තියක් පදනම් කරගෙන ඒ පිළිබඳව අදහස් දැක්වීමට මට ඇති අයිතියට බාධා කරමින් මෙවැනි පොලිස්කාර වැඩ කිරීමට තමුන්නාන්සේ හිතන ආකාරය ගැන කනගාටුවෙමි. ප්‍රස්තුත ලිපිය පරම සත්‍යයකැයි මා ප්‍රකාශ කර නැත. මා ඒ පිළිබඳව මගේ උපකල්පනයන් ප්‍රකාශ කළා පමණකි. යටිපෙළ අරුත නොතේරුම් ගෙන මෙසේ ආඩාපාලි කීම ඔබ වැනි ප්‍රාඥයකුට තරම් නොවේ මහතාණෙනි.

      Delete
  17. අපි මාතට කියමු පෝස්ට් එකක් දාන්න කියලා අර නාමල් උඩුගමට කලා වගේ සපෝට් එකක් දෙන්න....
    පව්නේ අනේ මේ මනුස්සයා..ලනු ගිලින එකේ ඉවරයක් නැහැනේ....

    ReplyDelete
    Replies
    1. ජෙනර මේ වැඩේදි නම් ලනු ගිල්ලේ නැහැ. ආණ්ඩුවෙන් කිව්වා දෙනවා කියලා ජෙනරල් හිටියේ දෙන දවසක දීපල්ලා කියලා. නමුත් යුනිෆෝම් එකත් තමන් හදාගන්න තනතුරු දීමක් අම්මා මුත්තා කාලෙදිවත් අහපුවා නෙවෙයිනේ.

      Delete
  18. සෝම ආච්චි දන්නවා නං හෙටම හදලා ගෙනල්ල දෙනවා.
    ගාල්තැන්නෙ රේඩාර් එකට තාම අහුවෙලා නැතිව ඇති.

    ReplyDelete
    Replies
    1. රත්තරනුත් තියන එකේ ගාල්තැන්නෙ කපුවට ෆීල්ඩ් මාෂල් කමක් ඕන නැද්ද දන්නෙ නෑ.

      Delete
    2. ආච්චියි ගාල් කපුවයි දෙන්නම දැන් වැඩිය සද්ද බද්ද නෑ වගේ.

      Delete
  19. Replies
    1. මේ මනුස්සයට මේ වගේ අපහාස කරන එවුන්ට හයියෝ කියවෙන්න වැඩ කරන්න වෙනවා.

      Delete
  20. කියෙව්ව වෙලාවත් අපරාදේ ,අනේ මන්දා මුන් ඔක්කොම බල තන්නාස කාරයෝ ....ෆොන්සේකා මේ ලගදි දවසක දැක්කා යනවා වහන 50ක් විතර පිරිවරා ගෙන දේව වන්දනාවේ අර කලින් කතා කරේ කටින් ද කියලා හිතුනා දැක්කාම ...

    ReplyDelete
    Replies
    1. වාහන 50ක් නම් නැහැ. ඔක්කොම තියෙන්නේ 15 ක් විතර. ඒවා අනුමත වාහන. ඉල්ලලා ගත්ත ඒවා නෙවෙයි. එව්වත් ඔක්කොම එකවර යන්නේ නැහැ. ජෙනරල් මේ තනතුර ඉල්ලුවේ නැහැ කවදාවත්. හුඟ දෙනෙක් හිතන්නේ ඉල්ලා ගන්න එකක් කියලා.

      Delete
  21. ඒකත් එහෙමද එතකොට.. මදැයි ෆොන්සේකා මහත්තයටත් උන දෙයක්..

    ReplyDelete
    Replies
    1. ජෙනර ෆොන්සේකාව වට්ටවන්න තියන කුමන්ත්‍රණය තවම ඉවර නැහැ.

      Delete
  22. සරත් ෆොන්සේකා තුළ තියෙන නොසැලෙන ගුණය මම ඒ තරමටම කා ගාවවත් තියෙනවා දැකලා නෑ. ඒ ගැන මහින්ද රාජපක්ෂව නම් ටිකක් ළඟින් තියන්න පුළුවන්. නමුත් ෆොන්සේකා ගේ තියෙන චරිත ශක්තිය මාරයි.

    අපේ හමුදාව කැත වැඩේ කරන්නෙ, ගෞරවයට දෙන සම්මානයට තමන්ටම වියදම් කරන්න කියන්නෙ. මම ෆොන්සේකා නම් තියාගනිං කියලා ගෙදර එනවා...

    ReplyDelete
    Replies
    1. මහින්ද රාජපක්ෂගේ තියන සටකපට කම, පලිගැනීම, හොරකම, බලයේ ඉන්න තියන කෑදරකම, ජෙනරල් ළඟ නැහැ. ඔහුගේ චිත්ත ධෛර්යයේ තරම අපි යුද බිමේදී දැක්කා.

      ඇත්තටම තොපිට ඕනෙනම් තියාගනියව් මට මගේ අතින් මේවා හදාගන්න ඕනේ නැහැ කියලා කියන්න තමයි වටින්නේ.

      Delete
  23. අපේ කාලයේ මට්ටකුණ්ඩලී කථා වස්තුව !!!

    ReplyDelete
    Replies
    1. මට්ටකුණ්ඩලී කොහොම වෙතත්, මෙව්වා කරවන එවුන්ගේ, කුට්ටම් මණ්ඩලයට වෙඩි තියන්න වටිනවා පත්තරේ.

      Delete
  24. මට මතකයි මොකක් හරි පත්තරේක දැනට සතියකට හමාරකට කලිං තිබ්බ යුද්ද හමුදා මාද්දිය පොරකාසක කියල තිබ්බ ඔක්කම මහා බිරිතාන්නියෙං ඉල්ලල තියෙන්නෙ එන පරක්කුව විතරයි කියල
    පත්තරේ මව්බිම හෝ රිවිර....
    එතකොට ඒක හද්ද කෙප්පයක්ද
    හම්මේ මේ වගේ කෙප්ප වස්සො හිහි

    ReplyDelete
    Replies
    1. අර අපේ පරණ කියමනක් තියනවනේ කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි. කියලා. මේ වැඩේ බොහොම සරලයි. එංගලන්තෙන් ගෙන්නගන්නවා අදාළ නිළ ඇඳුම් සහ ලාංඡන සඳහා පිරිවිතර. යුද හමුදා මූලස්ථානයෙන් මණ්ඩලයක් පත්කරනවා අපේ රටට ගැලපෙන ආකාරයට ඒ ලාංඡන සඳහා සැලසුම් සැකසීමට. ඊට පස්සේ ජනාධිපතිතුමාගෙන් අනුමැතිය ගන්නවා. භාණ්ඩාගාරයෙන් මුදල් ඉල්ලගන්නවා මෙරටදී හෝ පිට රටකදී ඒවා සැකසීමට.

      මෙව්වා මේගොල්ලෝ නොදන්නවා නෙවෙයි. තවමත් ජෙනරාල්ගේ කකුලෙන් අදින පාහරයෝ හැමතැනම ඉන්නවා.

      Delete
  25. Replies
    1. පව් කියන්න වෙන්නේ මේ වගේ පැහැර වැඩ කරන එවුන්ගේ මෝඩ මොළවලට.

      Delete
  26. මහා ජාතියට කෙළවෙන වැඩ ගොඩක් වෙනවා ජෙනරාල් වත් වැඩේ ගොඩ දාවිද?

    ReplyDelete
    Replies
    1. ඔහුට නියම තැන ලැබුනොත් අවශ්‍ය දේ කරයි.

      Delete
  27. ලන්කාවේම පමනි..
    අර රත්තරන්වලින්ම හදාගන්න කිව්වේ කවුද දන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. දැන්නම් මේ වැඩේ වෙනස් වෙලා. හැබැයි රත්‍රන් වලින් සෑදීම අපහාසයක් නෙවෙයි. ලංකාවේ ප්‍රථම වතාවට නිසා යම්කිසි ඓතිහාසික වටිනාකමක් ලැබෙනවා රනින් හැදුවොත්.

      Delete
  28. හොඳයි හොඳයි, එන්නම්. බ්ලොගයට ජයවේවා!

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }