මතකයි නේද අපි හමුදාවේ ක්‍රමේට පැට්‍රෝල් යන්ඩ කතාවුණා? ඔන්න එහෙනම් අද පැට්‍රෝල් යනවා. පරිස්සමෙන් යමු ඈ. තවම ආධුනිකයොනේ. ඒ නිසා මම දෙන උපදෙස්, අකුරටම පිළිපදින්න ඕනේ. ඊට පිටින් ගිහිල්ලා, ඇඟපතේ කෑලි අඩුවුණා කියලා කියන්ඩ එහෙම එපා ඔන්න. එක්කෝ ඔන්න ඔහේ එකතැන ඉඳගෙන පැට්‍රෝල් යමුද? ඈ....... ඔච්චර තද වෙනවද එහෙම කිව්වම. ඕකනේ කියන්නේ කියන දේ තේරුම් ගන්නේ නැතුව, නිකම් පුප්පනවා කියලා. පැට්‍රෝල් යාමේ එක කොටසක් තමයි, එක තැන ඉඳගෙන මුර කිරීම. මම පහුගිය කොටසේදීත් කිව්වානේ, එක තැන ඉන්න නිසා, මේකට මුර සංචාර කියන්න බැහැ කියලා.
ඉතිං මොනවද මේ එකතැන ඉඳගෙන කරන මුර (සංචාර). මෙතැනදී මුලින්ම මෙන්න මේ කාරණේ පැහැදිලි කරලා දෙන්න ඕනේ. හමුදා කඳවුරු වටේට, මුරකුටි හදලා, මුර අට්ටාල ගහලා, සොල්දාදුවෝ කඳවුර මුරකරනවා, ඔබ දැක ඇති. ඒ වැඩේ, අර මම කියන, එකතැන ඉඳගෙන කරන මුර (සංචාර) වලට, අයිති වෙන්නේ නැහැ. එය ස්ථාවර ආරක්‍ෂක මුරයක්. (Static Guard) ඒ සොල්දාදුවෝ, දිවා රෑ දෙකේදීම, ඒ තැන්වල ස්ථිරවම යොදවනවා. ඒ බව කවුරුත් දන්නවා. ඒ නිසා, මම මේ ලිපියෙන් කියන්න යන මුර සමග, එය පටලවා ගන්න එපා.
එහෙනම් මොකද්ද ස්ථාවර මුර (සංචාර) කියන්නේ. ඒ මෙන්න මේවයි.
1. නිරීක්ෂණ මුරය - Observation Post = OP
2. සවන්දීමේ මුරය - Listening Post = LP
අපි කතාකරන්න යන පැට්‍රෝල් වලින් මෙන්න මේ වර්ග දෙක කරන්නේ එකතැන ඉඳගෙනයි.
නිරීක්ෂණ මුරය - Observation Post = OP
නමෙන්ම තේරෙනවනේ, මොකද කරන්නේ කියලා. කොතන හරි සුදුසු තැනක ඉඳලා, අවට පරිසරය නිරීක්ෂණය කරනවා. මේක යුද බිමේ කරන්නත් පුළුවන්, නාගරික පරිසරයක කරන්නත් පුළුවන්. හැබැයි ප්‍රධානම කාරණය තමයි, මේ වැඩේ කරන්නේ කාටවත් නොපෙනෙන විදිහට හැංගිලා ඉඳගෙනයි. ඉතින් මොනවද හැංගිලා ඉඳගෙන කරන්නේ?
සතුරු ක්‍රියාකාරකම් ඇතැයි සැක කරන ප්‍රදේශ, දුර දක්න මගින්, ඉතා දැඩිව නිරීක්ෂණය කරනවා. සතුරු ක්‍රියාකාරකම් ලෙස දකින සියලු දේ, වාර්තා කරනවා, දිනය, වෙලාව, සිද්ධිය, සතුරා කල දේවල්, සවිස්තරව. පහසුකම් ඇත්නම් ඡායාරූප/වීඩියෝ ගන්නවා.
'සතුරා ඇවිත් බෝම්බයක් හයිකරනවා පේනවා. ඉතිං එතකොටත් වාර්තා කරනවා විතරද?'
පිස්සුද ළමයෝ? අපි මේ වගේ වැඩකට යනකොට අරන් යනවානේ පණිවිඩ හුවමාරු යන්ත්‍රයක්. ඉතින් ඒකෙන් කියනවා, අපි අයිති කඳවුරට, මෙන්නෝ................මුං අපිට වැඩක් දෙන්න සැට් වෙනවෝ' කියලා. (ජංගම පොං වුනත් නරක නෑ, අද කාලේ හැටියට) අපිව බේරලා, එතෙන්ට ගහන්න පුලුවන්නම්, මෝටාර්/කාලතුවක්කු/වගේ දේකින් ගහනවා. අපිට පුළුවන්, අතන ඉඳලම බලාගෙන ඉඳලා, පණිවිඩ හුවමාරු යන්ත්‍රයෙන් කියන්න පුළුවන්;
ඇර ඇර, තව ඉස්සරහට/වමට/දකුණට, ඇර. හුරේ.....වැදුණා, වැදුණා, උන්ට පෂ්ෂා පෙත්තෙන් යෙන්න තමා වෙදුණා' කියලා. සමහර වෙලාවට අපේ වෙනත් කුඩා කණ්ඩායමක්, සතුරා ඒ ක්‍රියාවේ යෙදෙන තැනට යවලා, වැඩක් දෙන්නත් පුළුවන්.
යුද බිමේදී මේ විදිහට නිරීක්ෂණ මුරයක යෙදෙනවානම්,
පරිසරයේ වර්ණ වලට ගැලපෙන සේ වෙස්වලාගත යුතුයි. (නිළ ඇඳුම සකසාගත යුතුයි) වෙනත් වචන වලින් කියනවානම්, පරිසරය තුළ සැඟවී සිටිය යුතුයි. camouflage and concealment
හැකිතරම් දුරට නොසෙල්වී සිටිය යුතුයි. (දුරදක්න පාවිච්චි කිරීම වැනි කටයුතු, ඉතා පරෙස්සමෙන් කළ යුතුයි. සතුරාට නිරීක්ෂණය වුණොත්, අපේ අවසානය තමයි. මොකද සතුරාත් මෙවැනි නිරීක්ෂණ මුර යොදවා තිබෙන්න පුළුවන්)
ඉර පායන්නට පෙර ස්ථානගත විය යුතුයි. (ඉර පෑව්වට පස්සේ, මේ වගේ තැන්වල රිංගන්න ගිහින්, සතුරාගේ නිරීක්ෂණයට ලක්වුණොත්, වෙන්නේ මොකද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. ක්‍රමක්‍රමයෙන් ඉර පායාගෙන එනවිට, පරිසරයේ සිදුවන වෙනස්වීම්, සතුරාගේ ක්‍රියාකාරකම්, නිරීක්ෂණය කරන්න අපේ ඇස හුරුවෙනවා) කෑම බීම සියල්ල රැගෙන යායුතුයි. (ආයේ මහා දවාලේ එතනට කෑම සප්ලයි, වතුර සප්ලයි, කොරන්න ගියොත්, සතුරා අපේ ඔලුවටම බඩු සප්ලයි කොරනවා.) අපි හිතමු ඝණ අතුපතර විහිදුණු, මහා ගහක ඉඳගෙන තමයි, නිරීක්ෂණ මුරයේ යෙදෙන්නේ කියලා. එතකොට වඩාත් පරිස්සම් වියයුතුයි. සතුරාගේ සැඟවුන මාරයෝ හෙවත් ස්නයිපර්ලා, කොතන ඉන්නවාද කියන්න බැහැ. ඒ නිසා ගහට නගින්න ඕනේ ඉර පායන්න පෙර. එතකොට කක්කා බර, චූ බර? ඒ සඳහා පොලිතීන් කවර ගෙනයනු යෙහෙකි. එව්වාට වැඩේ කොරලා, ආපහු ගහෙන් බහිනකොට තමා ඇන්න ඇවිත් පරිස්සමෙන් කැලේ ගහලා එන්නේ. ගහ පල්ලට ඔව්වා දමන්න ගිහිං, සතුරාට දැණුනොත්, ආයේ එව්වා කරන්න අවශ්‍ය අවයව, ඉතුරු නොවෙන්න ඉඩ තියනවා.
(කොහොමද අපිට කළින් ගහට නැගලා හිටිය සතුරෙක් ගහේදී හම්බවුනොත්? 'හා......මච්....චාං යෙප්පුඩි සුහම්' කියලා, අපේ තුවක්කුව මගින් අහන්න තමා වෙන්නේ, ඌ අපේ සුහම් එක නැති කරන්න ඉස්සෙල්ලා. :D මතක තියාගන්න, නිරීක්‍ෂණ මුරයක්. වඩා පහසුව සඳහා අපි දැන් මේකට OP කියමුද? OP එකක්, කඳවුරෙන් හුඟක් ඈතට යවන්නේ නැහැ. උපරිම මීටර් 200ක් 300ක් විතර තමයි යවන්නේ. කඳවුරට හැකිතරම් ආසන්නව, සතුරු භූමිය ඉතා හොඳින් නිරීක්ෂණය කළහැකි තැනක් තමා, තෝරාගන්නේ. හදිසි අවස්ථාවක දී OP එක, වහාම කඳවුර තුළට ගෙන්වා ගතහැකි තරම් දුරකට යවන්නේ. ලොකු පිරිසක් යන්නේ නැහැ. උපරිම 3 දෙනෙක් විතර)
OP එකක් ආපහු කඳවුරට එන්න පිටත් වෙන්නේ, සවස අඳුර වැටුණට පස්සේ. එහෙම කරන්නේ, සතුරාට නිරීක්‍ෂණය වීම වළක්වා ගන්නයි. ඔය ඇති නේද? ප්‍රශ්න අහන්න එතකොට තව විස්තර කියන්නම්.
සවන්දීමේ මුරය - Listening Post = LP
LP එකක් OP එකක් යවන තරම්වත් දුරට යවන්නේ නැහැ. මොකද, LP එකක් යොදවන්නේ, රාත්‍රී කාලයේදී නේ. ඉතින් හදිසියකදී, ඉක්මණින් ආපහු එන්න පුළුවන් වීම සඳහා තමා, ආසන්න දුරකට යවන්නේ. නමුත් ප්‍රදේශයේ ආරක්ෂක තත්වය අනුව, තරමක් ඈතට යවන්න පුළුවන්. මේ සඳහාත් සාමාන්‍යයෙන් 3 දෙනෙක් විතර තමා යවන්නේ. OP එකේදී වගේම එක්කෙනෙක් රාජකාරියේ යෙදෙනවා, අනික් දෙන්නා සූදානමින්, විවේකව ඉන්නවා.
LP එකේදී හුඟාක් පරිස්සම් වෙන්න ඕනේ. වන සතුන්ගෙන් පවා කරදර එනවා. අලි, කොටි, වලස්සු වගේම, සර්පයන් ගැනත් සැළකිලිමත් වෙන්න ඕනේ.
ඒවගේම තමයි කැස්ස, කිවිසුම්, පාලනය කරගන්න ඕනේ. LP එක යවන්න කලින් සොයාබලන්න ඕනේ, එවැනි ලෙඩරෝග නැති අය යවන්න. (හැම එකාම හොර ලෙඩ ගනියිද දන්නේ නෑ. අපොයි ඒ වගේ අයට මං අවශ්‍ය 'පොර්තිකාර' කොරලා තියනවා)
මොනවද ඉතින් සවන් දෙන්නේ?
සතුරා අපේ නිරීක්ෂණ මුරයන්ගෙන් බේරිලා, රෑට විතරක් වැඩ කරන්න පුළුවන්. යුද අගල් කපන්න පුළුවන්, බංකර් හදන්න පුළුවන්, කාලතුවක්කු, යුද ටැංකි, වගේ දේවල් අපේ සීමාව ආසන්නයට ගෙන එන්න පුළුවන්, පතරොම් බෝම්බ තොග, අපේ සීමාව ආසන්නයට ප්‍රවාහනය කරන්න පුළුවන්.
OP වලින් දකින සතුරු ක්‍රියාකාරකම් වලට, LP වලට ඇහෙන මෙවැනි හඬවල් වලට, හමුදා භාෂාවෙන් කියන්නේ, Battle Indications කියලා. ඒ කියන්නේ, coming colour is not good කියලයි.
LTTE සංවිධානයේ සැහැල්ලු ගුවන් යානා පිළිබඳව, මුලින්ම සැක ඇතිවුණේ, අපේ LP වලට, රාත්‍රී කාලයේ අත්හදා බලන, ඒ ගුවන් යානාවල හඬ ඇසීම නිසයි.
මේ වගේ වැඩ කරද්දී, පොලොව, ගස්, ආදිය කපන ආයුධ වල හඬ, මිනිස්සුන්ගේ කටහඬ, වාහන එහා මෙහා යන හඬ, සමහරවිට කැඩුණු/මඩේ එරුණු, වාහනයක් අදින්න, පිරිසක් එක්වෙලා (හා.....ඔන්) කෑ ගහන හඬ, ඇහෙන්න පුළුවන්. අපි හිතමු, එක දිගටම, එක ස්ථානයකට ගිය, LP කීපයකින්ම කියනවා, රෑ අහවල් වෙලාවට, අහවල් පැත්තේ සිට අහවල් පැත්තට, වාහනයක් යනවා ඇහුණා කියලා. ඒ කියන්නේ, අපිට ඉලක්කයක් තියනවා. අපි කරන්නේ, කුඩා කණ්ඩායමක් යවලා, ඒ මාර්ගයේ රැකගෙන ඉඳලා, ඇම්බුෂ් එකක් මගින් ඒ වාහනේට වැඩේ දීමයි. එතකොට සතුරාගේ ක්‍රියාකාරකම් අවුල් වෙනවා. අපේ ආරක්‍ෂාව තහවුරු වෙනවා.
මතක තියාගන්න. යුද්ධය කියන්නේ අමුතුම ගේම් එකක්. ඉස්සර වෙච්ච එකා දිනුම්. දෙවැනි ස්ථානයක් නැත. 'There are no Runners-up in the Game of War'
LP එකකට යනකොට, රාත්‍රී දුරදක්නයක් - Night Vision ගෙනයාමත් වැදගත්.
මොකද, සතුරාගේ LP හෝ වෙනත් සතුරු කණ්ඩායම්, අපේ පැත්තට එනවද කියලා බලන්න පුළුවන්. අලින් වැනි සතුන්ව පවා නිරීක්ෂණය කරන්න පුළුවන්. ඊළඟ කොටසේදී මේ වගේ එකතැන ඉන්නේ නැතුව, සංචාරය කරමු.
2015 මාර්තු මස 09 වැනි දින 0033 පැය
හොඳටම මදි.
ReplyDeleteඑතකොට සතුරන්ගේ ගඳ මගින් ඔවුන්ගේ ක්‍රියාකාරකම් අධ්‍යනයට ගඳ සුවඳ බලන මුරය කියලා දෙයක් නැද්ද?
ඔක්කොම එකපාර ලිව්වොත් කියවන අයගේ මොළ කොලොප්පන් වෙනවා.
Deleteහෙහ් හෙහ් ගඳ සුවඳ බලන මුරයක් නේද? කාන්තා බලකායට තමා කියන වෙන්නේ. කියවලා තියනවද 'සුවඳ හමන නයිට් ගාඩ් එක?'
සුවඳ හමන නයිට් ගාඩ් එක
:h //මතක තියාගන්න. යුද්ධය කියන්නේ අමුතුම ගේම් එකක්. ඉස්සර වෙච්ච එකා දිනුම්. දෙවැනි ස්ථානයක් නැත.//
ReplyDeleteජනාධිපතිවරනෙත් එහෙම තමයි
මට නිතර කිමුහුම් යන හින්දා lp වැඩේ නම් සෙට් වෙන්නේ නෑ,,
ඔයාව LP එකකට යැව්වොත් කැලේ ඉන්න සත්තුත් දුවනවා ඔයාගේ දැඟලිල්ලට.
Deleteඔව් අපේ රටේ ජනාධිපතිවරණෙ කියන්නේ යුද්ධයක් තමයි.
මට නම් ඇඳුමට ආසා හන්දා OP මුරේට ආසා හිතුණා. ඒත් ඔය කියන ජාති උස්සන් යන්ට බෑ. ගියොත් ඉතින් මුලු කණ්ඩායම විනාස වෙලා යයිලු. :d
ReplyDelete//'There are no Runners-up in the Game of War'//
Game of Thrones මතක් වුනා... :D
අම්මපා ඔය කම්මැලිකම පරම්පරාවෙන්ම ආව එකක්ද
DeleteGame of Thrones අර යුද්ධය ගැන කියමන හොඳින් සනාථ කරනවා.
ඔරිජිනල් විචාරක ඉට්ටැයිල් ලිපියක්. එක හුස්මට කියෙව්වා. රසවත් වගේම වැදගත්.
ReplyDelete(ඕං ලෝස් නැතිවම කිව්වා...:b )
බොහොම ස්තුතියි. එවැනි ඇගයීම් නිසා තමයි ඉදිරියටත් ලියන්න හිතෙන්නේ.
Deleteහපොයි එක මග ඇරිලා නොවෑ ........... ඉස්සෙල්ලම එක බලලා එන්නම්
ReplyDeleteමේ වර්ගයේ ලිපි වලදී එකක් හෝ මගහැරුනොත් අවබෝධ කරගන්න අමාරුයි. කාලය අරගෙන හෙමින් කියවලා අදහස් කියන්න.
Deleteඉස්සර අපි ක්ලාස් යනකොටත් & දෙකම දන්නෙම නැතිව කොරල නෙව.ඔත්තුකාරයා අතෙ තමා අපේ ගුටි කෑම තීරණය වෙන්නෙ.. ඉවසිල්ලක් නැතිව ඉන්නෙ අනිත් කොටහ කියවන්න..රොම්බ නල්ල... ශුරුක තාංග අණ්ණා...
ReplyDelete//රොම්බ නල්ල... ශුරුක තාංග අණ්ණා...//
Deleteහරි හරි බන් ඕකට දෙමලෙන් බනින්න ඕනයැ
@ ගස් ලබ්බ - උඹලා ඒ කාලෙත් OP LP වලට ප්‍රසිද්ධ බව කවුරුත් දන්නවා.
Delete@ නිමෝ - ඒක තමා. මේකා කියලා තියෙන්නේ, 'හොම්බෙන් අල්ලගෙන, සුරු සුරු ගාලා, තැන් දෙක තුනක ඇන්නා' කියලා නේද?
නියමයි ඈ. ඒක නෙමෙයි බං ඕපී එකෙන් කාලතුවක්කු ඩිරෙක්ෂන් එකටත් උපදෙස් දෙනවද බං.. ඇකියුරසි එක කෝමද.. ඒ කාලේ නං ඇකියුරසි එකක් තිබ්බෙම නැහැ නේද?
ReplyDeleteඔව් අවශ්‍ය නම් කාලතුවක්කු වෙඩි තැබීම් වලට කරෙක්ෂන් දෙන්න පුළුවන්. එහෙම කරපු අවස්ථා තියනවා. කවදත් 70% කට වැඩි නිරවද්‍යතාවක් තිබුනා.
Deleteඇත්තටම සෑහෙන්න curve එකක් තියන බැරල් එකක් සහිත තුවක්කුවකින් වෙඩි තිබ්බොත් මොනවවෙයිද?
ReplyDeleteමම හිතන්නේ Pra ඔයා අහන්නේ රයිෆලයක බටය ඇතුලේ තියන රැළි ගැන වෙන්න ඕනේ. මෙන්න මේ ලිපිය කියවලා බලන්න.
Deleteඅපේ කාලයේ තුවක්කු
Rifling grooves නෙමෙයි. ඔය කාටූන් එකේ වගේ බැරල් එක නැමුවොත් ( අඩුගණනෙ පොඩ්ඩක් ඇද වුනොත්) පුපුරයිද නැත්නම් උණ්ඩෙ යයිද?
Deleteගෝලාකාර මුනිස්සම් පිටවනවා නම් අවුලක් වෙන එකක් නැහැ. නමුත් දැන් තියෙන උල් වගේ ඒවා නම් අවුල්
Deleteහොඳ ප්‍රශ්ණයක්.. මටත් වෙපන් ගැන ඉගෙන ගන්න ගිය මුල් කලෙම ඔය ප්‍රශ්ණේ ඇති උනත් කවදාවත් ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක්ගෙන් නම් අහලා නෑ. මට හිතෙන හැටිය්ට AK 47 (T 56) වගේ සබ් මැශින් ගන් එකක නම් උන්ඩය පිටවෙනවද නැද්ද කියනෙක තීරණය වෙන්නේ ඔය කියන curve එක අනුව.. ලඟ නැම්මක් නම් පිට වෙන එකක් නෑ ඇතුලේ හිරවෙයි. ලාවට ඇදයක්නම් උන්ඩය ඩැමේජ් වෙලා අඩු වේගයකින් පිටවෙයි. උන්ඩය පිට නොවුනොත් පිපිරීමක් වෙන්න ඉඩ තියෙනවා. හැබැයි බොහෝ විට වෙන්නේ රිකොයිල් මිකැනිසම් එක ආපස්සට ඇවිත් ගෑස් වෙන්ට් හරහා ප්‍රෙශර් රිලීස් වෙන එකයි. මෙයත් උන්ඩය හිරවෙන තැන නැත්නම් curve එක අනුව වෙනස් වෙනවා. මොනව උනත් ඔපරේටර් ඉන් ඩේන්ජර් ෆොර් ශුවර්. විචාරක තුමාගේ අදහස් දැන ගැනීමට කැමතියි.
Deleteනිශ්පාදනයේදීම බැරලයේ යම් ඇදවීම් සහිත (කිසිසේත් අපේ ඇසට නොපෙනෙන) රයිෆල් ඉතා කලාතුරකින් හමුවෙනවා. ඒවා එහෙමම අහක දානවා. අර විදිහට බටය නැව්වොත්, එතන නවන්න වෙන්නේ රත් කරලා, යම්කිසි අච්චුවකට දාලා. එහෙම නැතුව නවන්න ගියොත් නැම්ම පැතලි වෙනවා. එතකොට උණ්ඩය එතන හිරවෙනවා. අනික් ටික කල්‍යාන කියලා තියනවා.
Deleteහොද ලිපියක් විචා... ජය වේවා....!!!!
ReplyDeleteබොහොම ස්තුතියි ඇගයීම ගැන.
Deleteහොඳ විස්තරයක්.
ReplyDeleteඔය වගේ හෙල්ලෙන්නැතුව ඉන්න වැඩකටනං යවන්න තියෙන්නෙ මලක් ඇදපු පොරක් තමයි. හැබැයි ඉතිං ඊට පස්සෙ වෙන්න තියෙන දේවල් ඔක්කොම වෙයි. :D
මලක් ඇද්දොත් ඉතින් ඒ උගේ අන්තිම ඇදිල්ල තමා.
Deleteගොඩ බිම පැට්‍රොල් නම් ට්‍රේනින් වලට මිසක් කරල නෑ.. ඒකටත් එක්ක මුහුදේ.. හපූ… හොදි ඕන්නෑ.. P 4xx take P 4xx under tactical command and proceed to east coast, patrol off MLT to NKR choke enemy launching pads off chalai.. කියල සිග්නල් එක දකිනකොට ඔක්කරෙට එන්නේ.. කාලයක් ‘වරුණ කිරණ’ කියල කන්ටිනියු පැට්‍රොල් එකක් කරා හෙන ගහන්න සැර මුහුදේ මාස ගානක්.. තිත්ත වෙලා හිටියේ.. කොහොම හරි එකට සින්දුවකුත් හදල තිබ්බ කට්ටිය මෙන්න මෙහෙම..
ReplyDeleteබලන්න.. බලන්න වදින මුහුදේ වරුණ කිරණ කරන අරුම..
ලබන්න.. ලබන්න කොටියො මරා සතුරු බලය බිඳින වරම..
විඳින්න ‘සතුට සැපත මිහිරි සුවය’ ඇඟට දැනෙන…
බලා නොයින්න වාකරේ බලා ඔබත් පදින්න..
පැට්‍රොල් එකෙ ඉඳල රිලීව් කරන්න එකෙක් එනකොට ඕක සෙට් එකෙන් කියල තමයි එන්නේ..
හිහ් හී……….හොදි නෙවෙයි කෑලිත් නෑ නේද මූදේ පැට්‍රොල් කරන්න ගියාම. මම ඉස්සරවෙලාම LCM එකෙකින් TCO ඉඳලා KKS යන්න ගියාම නැවකට වමනේ ගියා. ඩෝරා එකේ කොහොමද කියලා එකම එක පාරක් අත්දැකීම ලැබුවා.
Deleteනියම සින්දුවක්නේ අරක. විජය කුමාරනතුංග හිටියානම් නඩු දානවා.
ලිහිණියා එකේ KKS ඉඳලා TCO එනකොට, මගේ පාසල් මිතුරෙකු වූ එවකට Lt Cdr තිස්ස ගුණතිලක හිනාවුනා මම වමනේ කරපු විදිහට.
හරිම වටිනා තොරතුරු විචාරකතුමා මිස මේව කියල දෙන කෙනෙක් හොයන්න නෑ. ස්තුතියි
ReplyDeleteබොහොම ස්තුතියි ඇගයීම ගැන
Deleteඅපිත් ඉස්සර තැඹිලි සීන් සහ කොටු සීන් වලට කලින් ඔහොම ඔප් ගෙහුන් තීනව :)
ReplyDelete