හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

03 November 2015

මන්ත්‍රීවරු වෙඩි තියයිද?


Target
   සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් හට, සැහැල්ලු ගිනි අවි (රිවෝල්වර හෝ පිස්තෝල) ලබාදෙන බවත්, දැනටමත් එවැනි ගිනි අවි ලබාගත් මන්ත්‍රී වරුන්ට, පොලිස් විශේෂ කාර්ය බලකාය විසින්, ගිනි අවි පුහුණුව ලබාදීම ආරම්භ කර ඇති බවත්, (එක මන්ත්‍රී කෙනෙකුට, වෙඩි තැබීමේ පුහුණුවේදී, තම පිස්තෝලය හරිහැටි ග්‍රහණය කරගන්නට නොහැකිවීම නිසා, හතර අතට වෙඩි වදින්නට ගොස්, විශේෂ කාර්ය බලකායේ පුහුණු උපදේශකයින් විසින්, මහ අනතුරක් යන්තම් වලක්වා ගත් බවත්, මාධ්‍ය වල පළවුනා)

   මෙලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට ගිනි අවි ලබාදීම අත්‍යවශ්‍යම දෙයක්ද? ඔවුන් ඉන්නේ දැඩි ජීවිත තර්ජනයක් තුළද? මේ පිළිබඳව කරුණු කීපයක් තමා, අද මා ඔබ සමග සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ. මෙය හැකිතරම් කෙටියෙන් අවසන් කරන්නේ, ඔබේ අදහස් වලට වැඩි ඉඩකඩක් දෙන්නයි. 

   පසුගිය ඊලාම් යුද සමයේදීත් පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට ගිනි අවි ලබාදී තිබුණා. නමුත් මා දන්නා තරමින්, කිසිම පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකුට තම ගිනි අවිය පාවිච්චි කරන්නට අවස්ථාවක් උදාවුනේ නැහැ. විශේෂයෙන්, පාර්ලිමේන්තු පාරේ, රාජගිරිය ප්‍රදේශයේ දී, පාර්ලිමේන්තු රැස්වීමට සහභාගිවී ආපසු එන, මැති ඇමතිවරුන් ඉලක්ක කරගෙන, LTTE  ත්‍රස්තවාදීන් විසින් එල්ල කිරීමට උත්සාහ කළ ප්‍රහාරයේදී වත්, මන්ත්‍රී වරුන්ට තම ගිනි අවි පාවිච්චි කරන්න සිදුවුනේ නැහැ.  

   ඒ ප්‍රහාරයේදී, මොළය පාවිච්චි කළ ඉහළ හමුදා නිළධාරියෙක්, මැති ඇමතිවරුන් පිටත්වී ගියාට පසු, එතනින් පරෙස්සමෙන් පිටවුනේ, තම නිළ රථය වෙනුවට, හමුදා මෝටර් සයිකලයක නැගී යාමෙන්. ඒ වෙලාවේ ඔහු අතේ පොලු කෙටියක්වත් තිබුනේ නැහැ.
   
   මේ කතාව මම කිව්වේ, මේ මැති ඇමති පිස්තෝල ගැන, තවත් පැත්තක් කියන්නයි. දැන් මේ පිස්තෝල පාවිච්චි කරන්න, මේ මැති ඇමතිවරුන්ට ලැබේ යයි, උපකල්පනය කළහැකි අවස්ථා මොනවාද?

   පාරවල් හරස්කර, විවිධ ප්‍රදේශවල මහජනතාව, තම දැවෙන ප්‍රශ්න වලට විසඳුම් ඉල්ලා කරන උද්ඝෝෂණයක් තිබෙන ස්ථානයක් පසුකරයාම සඳහා, මහජනතාව බියවැද්දීමට.

   විශ්වවිද්‍යාල සිසුන් පාරවල් අවහිරවන ආකාරයට පවත්වන උද්ඝෝෂණ මැඩපැවැත්වීමට.

   වෘත්තීය සමිති මගින්, කොටුව දුම්රියපොළ වැනි ස්ථානවල පවත්වන උද්ඝෝෂණ, මැඩපැවැත්වීමට.

   විරුද්ධ පක්ෂ වලට අයත් ක්‍රියාකාරීන්ගේ දේශපාලන ක්‍රියාකාරකම් බිය වද්දා මැඩපැවැත්වීමට.

   මැතිවරණයකදී ඡන්ද මංකොල්ලකෑමට.

   තමන් කොමිස් ගහන, ඩීල් දමන, අවස්ථාවල ඇතිවන දුෂ්කර කඩඉම් පන්නාගන්නට.

   පොදුවේ මහජනතාව බියවැද්දීමට.

   නිකං සෝබනේට යන යන තැන අරන් යන්න.

  මන්ත්‍රීවරුන්ගේ පුත්තු, මේ ගිනි අවි අරගෙන, පාටි/ක්ලබ්/කැරොකී/විනෝද සංචාර/ ආදියේ යෙදෙන්නට වුනොත්, ජනතාවටත් තුවක්කු අතට ගන්න වෙනවා. 

   සාමාන්‍යයෙන් පිස්තෝලයක් හෝ රිවෝල්වරයක් පාවිච්චි කරනවානම්, එය මන්ත්‍රී වරයකුගේ බ්‍රීෆ්කේස් එකේ හෝ මන්ත්‍රී වරියන්ගේ ගමන් බෑග් එකේ තියාගෙන හරියන්නේ නැහැ. හදිසියකදී එය සොයාගන්නට උත්සාහ කරන අතරේ, සතුරා මන්ත්‍රී වරයාගේ ඔලුව කුඩුකර අවසන් වෙනවා. ඒ නිසා, එක්කෝ තම ගිනි අවිය හොල්ස්ටර් holster එකක දමා ඉනේ හෝ උරහිසේ, පැළඳගත යුතුයි.


Holster


   නමුත්, ජාතික ඇඳුම අඳින මන්ත්‍රී වරුන්, මෙහිදී අමාරුවේ වැටෙනවා. මන්ද, ජාතික ඇඳුමේ උඩ කොටසට යටින්, මෙලෙස පිස්තෝලය තබා ගත්තොත්, හදිසියකදී එළියට අදින්න අමාරුයි. උරහිසේ පළඳින හොල්ස්ටර් එකකින් නම්, කොහොමවත් ගන්න බැහැ. ඒ නිසා එවැනි අයට, පාදයේ පහළ කොටසේ පළඳින හොල්ස්ටර් එකක් ankle holster පාවිච්චි කරන්නයි වෙන්නේ.


Ankle Holster


   කෙසේ වෙතත්, මන්ත්‍රී වරියන් මෙහිදී අමාරුවේ වැටෙනවා. ඔවුන් බොහෝවිට අඳින්නේ සාරිය නිසා, ankle holstar එකක් පැළඳ සිටියත්, සාරිය උස්සා, පිස්තෝලය අදින්න පහසු නැහැ. ඒ නිසා ඔවුන්ට සිදුවන්නේ, මයික්‍රෝ පිස්තෝලයක් ලබාගෙන, එය තම දෙපියයුරු අතර සඟවා තබාගැනීමයි. සාරි අඳින අයට, මෙතනදීත් ගැටළු මතුවන්න පුළුවන්.


Micro Pistol


   හොඳයි, පිස්තෝලය මොන #@$* හරි, ගහගෙන හරි යනවා කියමුකෝ. අපිට වැඩක් නැහැනේ. කොහොම හරි ඇදලා ගන්නවා කියලත් හිතමුකෝ. නමුත් පිස්තෝලයකින් වෙඩි තැබීම, තුවක්කුවකින් වෙඩි තැබීමටත් වඩා අමාරු, සුළු අත්වැරදීමකින් පවා, මහා විනාශයක් වියහැකි දෙයක් බව,  ඔය මන්ත්‍රීවරුන්ට, අර පුහුණුවේදී කියා දෙනවාදැයි මා දන්නේ නැහැ. වෙඩි තැබීමේදී සෑම ගිනි අවියක්ම ගැස්සෙනවා. එවිට තුවක්කු කට වෙනස්වන කෝණය අනුව වෙඩිල්ල ගමන් කරන මාර්ගය වෙනස් වෙනවා. ඒ තත්වය, පිස්තෝලයකදී බොහොම වැඩියි. ඒ නිසා, වෙඩිල්ල වැරදි මාර්ගයක යන්නට ඇති ඉඩකඩ, බොහොම වැඩියි. 


Holding


   පිස්තෝල හරඹය හරියට කරන්න නොදන්නා මන්ත්‍රීවරයකු, සෙනග ගැවසෙන ස්ථානයකදී, තම පිස්තෝලය පාවිච්චි කරන්න යාමේදී, මොන මොන ජංජාල කරගනියිද කියා කියන්න බැහැ. ඒ නිසා, මෙය ඉතා භයානක කාරණයක්. අපි මොහොතකට හිතමුකෝ, අනාගතේදිවත්, මන්ත්‍රීවරුන්ට පිස්තෝල පාවිච්චි කරන්න අවස්ථා උදාවෙයි කියලා. සාමාන්‍යයෙන් වෙඩි හුවමාරුවකදී, එක තැන ඉඳගෙන නෙවෙයි වෙඩි තියාගන්නේ. ඔබ එය හොඳින්ම දන්නවා. අඩුම ගණනේ චිත්‍රපටි වලින් වත් දැකීමෙන්. න්‍යාය අනුව මෙය හඳුන්වන්නේ, 'වෙඩි තබමින් ඉදිරියට යාම - fire and movement' යනුවෙන්. එමෙන්ම, වෙඩි තැබීමේදී, තමන් ඝන ආවරණයක් ගතයුතුයි. taking a hard cover ඉරියව්ව වෙනස් කළයුතුයි. අර පුහුණුවේදී, මන්ත්‍රීවරුන්ට මේවා කියාදෙන බවක් දැනගන්නට නැහැ. පතරොම් 30 ක් පමණ වෙඩි තියන්නට අවස්ථාව ලැබෙන බවත්, පිස්තෝලය හරියට අල්ලා, ඉලක්කයක් ගන්නා ආකාරය කියාදෙන බවත්, දැනගන්නට ලැබුණා. මන්ත්‍රීවරයකුගේ පිස්තෝලය නැතිවුනොත් ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද? නොසැළකිල්ල නිසා නැතිවුනොත්, ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද? යන්න, පැහැදිළි නැහැ. ඒ නිසා, පිස්තෝල බිස්නස් වලටත් ඉඩකඩ ලැබෙනවා. 

   අර භාරත - දුමින්ද වගේ ගැටුමක් ඇතිවුනා කියා හිතමු. එවැනි ගැටුමකට මන්ත්‍රීවරියක් මැදිවුනොත්, පිස්තෝල ඇදගෙන වෙඩි තබා ගැනීම කොහොම වෙතත්, 'අනී..........මාව බේරගන්නකූ..................' කියලා, විලාප තියනු නොඅනුමානයි. ගිනි අවියක් පාවිච්චි කරන පුදගලයකු, යටත්පිරිසෙයින්, අවුරුද්දකට වරක්වත්, එම ගිනි අවියෙන් වෙඩි තබා, තම පුහුණුව අලුත් කරගත යුතුයි. නැත්නම් ටික කලක් ගියාට පස්සේ, අගමුල අමතක වෙලා, තුවක්කු කට තමන් පැත්තට හරවාගෙන, කොකා ගස්සන්නත් ඉඩ තියනවා. (එතකොට අපිට තියෙන්නේ, 'සාදු සාදු සා..........දු' කියන්න විතරයි.) මම හිතන්නේ නැහැ, මේ මන්ත්‍රීවරුන්ට, එවැනි වාර්ෂික අවි පුහුණුවක් ලැබෙයි කියා.

   හමුදා සොල්දාදුවන් අතින් පවා, අත්වැරදීමකින් ගිනි අවි පත්තුවීමේ අවස්ථා තිබෙනවා. එය ඕනෑම හමුදාවක සිදුවන දෙයක්. ඔවුන්ට එවිට දෙන දඬුවම වන්නේ, දින තුනක් පමණ විශේෂ ගිනි අවි පුහුණු පන්තියකට සහභාගී කරවීම සහ මුර රාජකාරියේ යෙදවීම. එයින් ඔවුන්ගේ අවි පරිහරණ දැනුම අලුත්වී අත්වැරදීම් අඩුවෙනවා. මේ මන්ත්‍රීවරු මේ ගිනි අවි නිතර තම කාර්යාලයේ, නිවසේ, වාහනයේ, තබාගන්නවා. ඒ නිසා, අත්වැරදීමකින් ගිනි අවි පත්තුවීමට ඇති ඉඩකඩ, බොහෝ වැඩියි. එවැනි අත්වැරැද්දක් සිදුවීමෙන් ලැබෙන ප්‍රතිඵලය, සමහරවිට තමන්ගේම කෙනෙකුගේ මරණය වන්නට ඉඩ තිබෙනවා. නැත්නම් තමන්ගේම පාක්ෂිකයකු වන්නට ඉඩ තිබෙනවා. ඒ නිසා මේ ගිනිඅවි සහ ගිනිකෙළි ගැන, මන්ත්‍රීවරුන්ට දැඩි අවවාද ලබාදියයුතු වෙනවා.

   සෑම මන්ත්‍රී වරයකුටම පොලිස් ආරක්ෂාව තිබෙනවා. ඇමති, අගමැති, වනවිට ආරක්ෂාව තවත් වැඩියි. එවැනි ආරක්ෂාවක් තිබියදී, පෞද්ගලික ගිනි අවියක් තබාගැනීම අත්‍යවශ්‍ය වන්නේ නැහැ.  ගිනි අවි ඉල්ලන බොහෝ දෙනෙක් ගිනිකෙළි වලට ප්‍රසිද්ධ අය බවයි පෙනීයන්නේ. ඔවුන් යම්කිසි බියකින් පෙළෙන බවක් පෙන්වනවා, මේවා ලබාගැනීම සඳහා.

Sajith-Premadasaමෙයානම් එපා කියනවා. මෙයාට දැන් ඔව්වගෙන් වැඩක් නැහැලු. එයාට කිසිම තර්ජනයක් නැතිලු, ඔව්වා පාවිච්චි කරන්න. ජනතාව සමග ඉන්න නිසා, තමන්ට ඒ ජනතාවගේ ආශිර්වාදය සහ ආරක්ෂාව තියනවලු. එයාට ගිනි අවියක් ලබාගැනීම සඳහා, රජයෙන් කළ දැනුම්දීමත් ප්‍රතික්‍ෂේප කලාලු.








   
Ranjan Ramanayaka   ඒ වුනාට මෙයා ඕනෙමයි කියනවා. එයාට ගොඩක් තර්ජන තියනවලු. එයා අල්ලලා දීපු කුඩු කාරයෝ, එතනෝල් කාරයෝ ඉන්නවලු, කොයි මොහොතේ හෝ එයාව මරන්න බලාගෙන. කොහොමටත්, මෙයා වන්ෂොට් ක්‍රමේට වැඩ කරන නිසා, තර්ජන ඇති කියලා හිතන්න පුළුවන්. එහෙනම් ඉතින් පොලිස් මහත්තුරු කීපදෙනෙක් වැඩිපුර ඉල්ලගන්න එකනේ තියෙන්නේ. නේද? 




මගේ නිරීක්ෂණ සහ නිර්දේශය:-

   පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පෞද්ගලික ගිනි අවි අවශ්‍ය නැත. ඔවුන්ට හොඳ පොලිස් ආරක්ෂාවක් තිබේ. ඔවුන්ට, කිසිදු අවස්ථාවක, ගිනි අවි පාවිච්චි කරමින් සටන් කිරීමට අවස්ථාවක්, අද රටේ තිබෙන තත්වය අනුව උදාවේයැයි සිතීම උගහටය. මීට වඩා වැදගත් වන්නේ, සෑම මන්ත්‍රීවරයකුටම, රාජ්‍ය පරිපාලන නීතිරීති, ප්‍රතිපත්ති, චක්‍රලේඛ, මුදල් රෙගුලාසි, ආදිය ගැන, සතියකට වතාවක්, පැය තුනකවත්, පුහුණු පන්තියකට සහභාගිවීම අනිවාර්ය කිරීමයි.

ඔබ මොකද කියන්නේ? 


2015 නොවැම්බර් මස 02 දින 2319 පැය 

59 comments :

  1. මාතලන්ගේ බාසාවෙන් කියනවානම් මේ අම්මට සිරි ලංකාවේ ඕවා කරන්න බෑ.

    ReplyDelete
    Replies
    1. මන්ත්‍රීවරු මහපාරේ පිස්තෝල හරඹ කළොත් අපිට තමයි කියන්න වෙන්නේ අම්මට සිරි කියලා.

      Delete
  2. දුන්නත් නැතත් ගානක් නෑ. ඔය ඔක්කොටම ගෙවල් වල කබඩ් පුරවලා ගල් කටස් එකේ ඉඳලා බඩු ඇති. බබාල වෙන්න හදනවා!

    ReplyDelete
    Replies
    1. සමහර මන්ත්‍රීවරු හිතනවා ඇති මේවා අර අපි පුංචි කාලේ සති පොලෙන් ගන්න කැප් රෝල් පිස්තෝල වගේ කියලා. මේගොල්ලන්ගෙන් 'සම හරක්' ඒ වගේ බබාලා.

      Delete
  3. විචාරක තුමාගෙ නිර්දේශයත් එක්ක එකඟයි.

    මිනිස්සු ඡන්දෙන් දේශපාලකයන්ව පත් කරගන්නෙ හොරා පොලිස් සෙල්ලං කරන්න නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේක විකාරයක්. මන්ත්‍රී වරුන්ටත් පිස්තෝල දෙනවානම් රටේ මහ බරපතල කඩාවැටීමක් තියෙන්න ඕනේ. එහෙම තර්ජනයක් දැනටනම් නැහැ.

      Delete
  4. පිස්තෝලෙන් අමාරු නම් ෆිල්ම් වල නලුවො අත් දෙකට පිස්තෝල දෙක අරන් දෙකෙන්ම වෙඩි තියන්නෙ. ඇයි රජිනි කාන්ත් එහෙම පිස්තෝලයක් උඩ විසි කරලා තව පිස්තෝලෙකින් කලින් එකේ කොකාට වෙඩි තියන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒකනේ බං මේවා මේ ලියන්නේ තනිකරම ඉරිසියාවට . තව එකෙක් වෙඩිල්ලක් දෙකක් තියයි කියල ඒක වලක්වන්ඩ බලන්නේ

      Delete
    2. ඉරිසියාව ඉරිසියාව! නැතිනං බං ඔය ‍රැම්බෝලා, ටර්මිනේටර්ලා අත්දෙකට මැෂින්ගන් දෙක අසමෝදගන් දෙක නැතිනම් පත්පාඩගන් දෙක වගේ අරගෙන හරියට පිස්තෝලෙන් වෙඩි තියන්නා වගේ වෙඩි තියන්නේ තනි අතිං! පැහැදිලි ඉරිසියාව!

      Delete
    3. ඇත්තටම හරී ම්චිත්රපටිවල ඉන්න නළුවෝ වෙඩි තියන්නේ ඔවුන් සතු දක්ෂතාවය මගින් ඇත්තටම තමයි කියලා හිතන බොළඳ සිනමා ප්‍රේක්ෂකයන් තවම ඉන්නවා. එක පිස්තෝලයක් උඩ දාලා එකේ කොකාට වෙඩි තියන එකා පාලම් කොකෙක්. වෙන කියන්ඩ දෙයක් නැහැ.

      අටම්, බට තුවක්කුවක් දෙන්ඩද?

      ඩූඩ්, ඔය පිචර්වල තියන කෑලි ඇත්තම එව්වා කියලා හිතන අයට අසමෝදගම්, පත්පාඩගම් පොවන්න ඕනේ.

      Delete
  5. එහෙම කොහොමද දැන් ජතා සේවයට ඕක විතරයි අඩු, එකත් දීලා එතුමන්ලාගේ උපරිම සේවය ලබාගනිමු

    ReplyDelete
    Replies
    1. වෙඩිතියන්න ගිහින් බයවෙලා රෙද්දේ කක්කා යනකොට පස්ස පැත්තට ගහගන්න පොල් මුඩ්ඩකුත් ඔයගමන්ම දෙන්න ඕනේ.

      Delete
  6. අවශ්‍ය නැත. සජියා සමඟ එකඟය. අනෙක පාර්ලිමේන්තු මන්ත්‍රීකනෙකුගෙ ධූර කාලය අවු පහයි. ඊට පස්සෙ අවි ගත් පුද්ගලයෙක් සමාජයට මුදාහැරීම නරකයි. විශේෂයෙන්ම 'නොදැමුනු' ජනතා නියෝජිතයින්.

    හැබැයි ඉතිං ඔය පුහුණුව නිසා පස්සෙ කාලෙක හම්බකරං කන්න ක්‍රමයක් හැදෙන්න නං ඉඩ තියනව.

    ReplyDelete
    Replies
    1. දැනටත් තම නොදැමුණු කම් මේ තරම් ප්‍රදර්ශනය කරන අයට අවි පුහුණුවකුත් දුන්නම කොහොම තියෙයිද?

      මට බය පිස්තොලේ විකුනලා මාසයක් ගානේ අලුත් එකක් ගනියිද කියලා.

      Delete
  7. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉස්සර මිනිසුන්ට ගැහුවා දැන් කෙලින්ම වෙඩි තියයි

    ReplyDelete
    Replies
    1. මිනිස්සුන්ට සිද්දවෙන්නේ වෙඩි නොවදින ඇඳුම් ඇඳන් මන්ත්‍රීවරු හම්බවෙන්න යන්න.

      Delete
  8. //ගිනි අවියක් පාවිච්චි කරන පුදගලයකු, යටත්පිරිසෙයින්, අවුරුද්දකට වරක්වත්, එම ගිනි අවියෙන් වෙඩි තබා, තම පුහුණුව අලුත් කරගත යුතුයි. //

    දැනුයි තේරෙන්නේ. දුමින්ද කිව්වේ “මට මතක නැහැ“ කියලා.
    එයාට වෙඩි තියනව විදිහ මතක නැති නිසා එයා මතකය අලුත් කර ගත්තා වෙන්න පුලුවන්.

    එහෙව් තර්කයක් තියාගෙන අපි දොස් කියන එක වැරදී. භාරත නැති වෙලා අවුරුද්දක් නම් තවත් පරිස්සම් වෙන්න ඕනෙ. ආයෙ මතකය, පුහුණුව අලුත් කළොත් තව එකෙක් මැරෙයි !

    ReplyDelete
    Replies
    1. මල කෙළියක් තමයි සෑම්, අම්මපා පිස්තෝල දීලා අවුරුද්දක් විතර ගියාම ඉතුරු වෙන්නේ මට මතක නෑ කියන එවුන් විතරයි. අනික් එවුන් ඔක්කොම වලපල්ලේ.

      Delete
  9. ඕකුන්ට දෙන්න ඕනෙ " ගල් කටස්" ඒකත් පාර්ලිමේන්තුවට ගෙනියන්ඩ දෙන්න ඕනෙ, කුණු හරප කියාගෙන රංඩුවෙන වෙලාවෙ දෙපැත්ත වෙඩි තියාගෙන මකබෑවිලා යන්නෙ නැතෑ.

    ReplyDelete
    Replies
    1. පාර්ලිමේන්තු රැස්වීම් උණුසුම් වෙලා පkයා කියන වෙලාවට, සෙංකෝලය උස්සගෙන දුවන වෙලාවට පාවිච්චි කරන්න සභා ගර්භයේ සෑම මේසයක් උඩම පිස්තෝල තුවක්කු තියන්න ඕනේ.

      Delete
  10. පොලිසියට, හමුදාවට වගේ නිල වශයෙන් තුවක්කුවක් දිල තියෙන හැමෝටම තුවක්කුවක් දිලා තියෙන්නේ මිනිස්සුන්ව බය කරන්න.
    පුහුණුව දිල තියෙන පොලිස් කාරයෙක්ටවත් ඉලක්කෙට වෙඩිල්ලක් තියාගන්න බැහැනේ, දනහිසෙන් පහලට තිබ්බොත් වදින්නේ ඔලුවට, වාහනේ ටයර් වලට තිබ්බෝත් ඩ්‍රයිවර්ගේ ඔලුවට
    පොලිසියෙත් ඔක්කොටම තුවක්කුවක් දිල තිබුනට කියෙන් කී දෙනාටද තමන්ගේ සේවා කාලයෙදි ඕක උවමනාවකට පාවිච්චි කරන්න වෙන්නේ
    මිනිස්සු ඔක්කොගෙම අතට තුවක්කුවක් දෙන්න ඔන මමනම් හිතන්නේ

    ReplyDelete
    Replies
    1. ප්‍රදීප් ඔබ ඉන්නේ ඉතා දැඩි වැරදි අවබෝධයක.

      ලෝකයේ සෑම නීත්‍යානුකූල රජයක් විසින් තම රාජ්‍යයේ ආරක්ෂාව සඳහා පිහිටුවා පවත්වාගෙන යන ආරක්ෂක හමුදා සහ පොලීසිය කියන්නේ මිනිසුන් බය කරන බිල්ලන් වර්ගයක් නොවෙයි. ත්‍රිවිධ හමුදාව තිබෙන්නේ, රටට බාහිර වශයෙන් හෝ අභ්‍යන්තර වශයෙන් එල්ලවන තර්ජන වලක්වාගන්නයි. පොලීසිය තියෙන්නේ, නීතිය සහ සාමය ආරක්ෂා කරන්නටයි. ඔවුන් ගිනි අවි පාවිච්චි කරන්නේ, රාජ්‍ය අණපනත් මගින් ලබාදෙන බලතල යටතේ විනා, ඒ ඒ ජනාධිපති, අගමැති, මැති ඇමතිවරුන්ගේ, පෞද්ගලික රුචිය අනුව නොවේ යන්න, කරුණාකර මුලින්ම තේරුම් ගන්න.

      පොලීසියේ අයට වෙඩි තියන්න බැරිද පුලුවන්ද කියන ප්‍රශ්නය සහ, මන්ත්‍රීවරුන්ට ගිනිඅවි ලබාදීම අතර සම්බන්ධයක් නැත. පොලීසියට තුවක්කු දෙන්නේ, හැකි හැමවිටම පාවිච්චි කරන්න නොවේ. අවශ්‍ය අවස්ථාවකදී පමණක් පාවිච්චි කරන්නයි. කරුණාකර එය තේරුම්ගන්න. පොලීසිය විසින්, මෙතෙක් කල්, සැක කටයුතු පුද්ගලයන් සහ වාහන වලට වෙඩි තැබීමේ සිද්ධි වලදී, හරිගිය අවස්ථා ගණනට වඩා වැරදුන අවස්ථා ගණන වැඩියි කියා, ඔබට සංඛ්‍යාත්මකව ඔප්පු කරන්න පුලුවන්ද? නිකම් හිතළු කතා, මෙවැනි තැනකට ගැලපෙන්නේ නැත.

      රටේ ඔක්කොටම ගිනි අවි දීම සුදුසුයැයි කියන්නේ, රටක පැවැත්මට අකුල් හෙලන, මානව දයාවෙන් තොර, අමනෝඥ අයකු පමණක් බව, කණගාටුවෙන් සඳහන් කරමි.

      Delete
  11. අර බ්‍රා එක ෆෝම් කප් වයර් 36 C බ්‍රා එකක්
    ඒ පිස්තෝලෙන් මැරම් කෑවත් සැපයි

    ReplyDelete
    Replies
    1. එතකොට ඒ බ්‍රා එකෙන් මැරුම් කෑවොත්?

      Delete
  12. ඔබ මොකද කියන්නේ?
    ඇයි විචා මගෙන් අහන්නෙ...? මම දෙන්න කිව්වද?

    ReplyDelete
    Replies
    1. අම්මපා මමනේ දෙන්න කිව්වේ. එහෙනම් මගෙන්ම තමයි අහගන්න ඕනේ.

      Delete
  13. හා මරු එකට හිටී.. තුවක්කු විතරයි අඩු වෙලා තිබුනේ.. ඇයි පිස්තෝල විතරක්? ගෙදරට යුද්ධ ටැංකියක් එහෙමත් දෙමුකෝ. ඇයි වාහනේ යනකොට මොනවා හරි උනොත්? තව ඕනේ නම් RPG එහෙමත් දෙමු. ඔය මන්ත්‍රීවරියන්ට හෑන්ඩ් බෑග් ඒකෙ දාගෙන යන්න ග්‍රෙනේඩ් 5ක් වගේ එහෙමත් දෙමු.
    අනේ මොකටද ඉතිං කියන්නේ.. දැන් බලමුකෝ ඉස්සරහට. කාට කාටත් අර ඇමරිකන් බොඩි ආමර් එකවත් ඕඩර් කරගන්න වෙයි. ඇයි ඕවා කොහේ පත්තු වෙලා කොහේ කාට වදියි ද කියල කියන්නේ කොහොමද?
    මගේ නම් අදහස- මෙය අනවශ්‍ය, අමනොඥ ක්‍රියාවකි. මීට් වඩා මුන්ට දේශපාලන විද්‍යාව ටිකක් කියල දෙන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. ඇයි මන්ත්‍රී තුමියලා ළඟ ග්‍රෙනේඩ් තියනවා නේද? RPG දුන්නොත් නම් ඒක කොහේ හංග ගනියිද කියන්න බැහැ.

      අන්න වැඩේ රටවැසියන් හැටියට අපි ඉල්ලමු බොඩි ආමර්.

      දේශපාලන විද්‍යාවට කලින් අපරාධ නීතිය සහ දණ්ඩනීති සංග්‍රහය කියලා දෙන්න ඕනේ.

      Delete
  14. මම නම් කියන්නේ ඕක මදි...
    ටී 56 වත් අඩුම ගානේ දෙන්න ඕන..
    එයිට මතරව පවුලේ අයටත් දෙන්න ඕන.
    අවුරුදු දහයෙන් පහළ උන්ට නම් පිස්තෝල දුන්නට අවුලක් නෑ..
    තව ගාඩ් එකට ආමඩ් කා එකක් නම් අනිවාර්යයෙන් දෙන්න ඕන.
    ඒ වගේම හැම එකාටම පාතාල නායකයෙක් අනුයුක්ත කරන්න ඕන
    හැම එකාටම ලක්සිරි එපාට්මන්ට් එකක් දෙන්න ඕන.
    ටෙලි නිලියක් රජයෙන් අනිවාර්යයෙන් සපයන්න ඕන.
    තව ගොඩක් තියෙනවා පෝස්ට් එකක්ම දාන්නම්..

    ReplyDelete
    Replies
    1. අම්මපා මාතේ, දැන්නේ මටත් තේරුනේ, මේ නිකං පිස්තෝල කට්ටක් විතරක් දීලා, මේ උත්තම උත්තමාවියන්ව රැකගන්න අමාරුයි කියලා. අරගොල්ලන්ට ටෙලි නිලියක් දෙනකොට, අනික් කට්ටියට මොකක්ද දෙන්නේ?

      දාන්න දාන්න පෝස්ට් එක ඉක්මනට.

      Delete
  15. //පිස්තෝලය මොන #@$* හරි, ගහගෙන හරි යනවා කියමුකෝ.//
    චැහ්... ඒකෙ ගහගෙන ගිහිල්ල ඕක කැත නැතුව පාවිච්චි කරන්න පුලුවංද මහත්තයො.

    ඕව පිටදි කොහොම වෙතත් දියවන්නාව ඇතුලෙදිනං පාවිච්චි කරන්න දෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. එතන ගහගෙන ගිය පිස්තෝලයකින් මැරම් කෑවත් සැපයි...

      Delete
    2. ඇයි යකෝ වෙඩි උන්ඩේ එක්ක එන කුණු සැමන් ගඳ නිසා, හස්ති රාජයෙක් වුනත් දුවනවා, ගඳ උහුලගන්න බැරුව.

      මෙන්ඩෝ, හමුදා නිලධාරිනියන් ලඟත් පිස්තෝල තියනවා. මොකද කියන්නේ.

      Delete

  16. පොලිසියට ආයුධ දෙනවනම්
    හමුදාවට ආයුධ දෙනවනම්
    සල්ලි තියෙන අයට ආණ්ඩුවේ බලපත්‍ර ඇතිව ආයුධ තියගන්න පුලුවන්නම්
    පාතාලයේ අයට හොරෙන් ආයුධ තියාගන්න පුලුවන්නම්
    මන්ත්‍රීල ආයුධ තියාගත්තහම මොකද?

    සාමන්‍ය මිනිස්සුන්ටත් ආයුධයක් තියගන්න බලපත්‍රයක් දෙන්න ඕන
    එතකොට හැමෝටම බය නැතුව ඉන්න පුලුවන්නේ
    තමන්ගේ ආරක්ෂාව තමන්ටම සලස ගන්නත් පුලුවන්නේ

    නැත්නම් පොලිසිය, හමුදාව, පාතලේ, සල්ලිකාරයෝ හැමෝටම ආයුධ තියාගන්න බැරි කරන්න ඕන



    ReplyDelete
    Replies
    1. ඔබට ඉහත එක වරක් පිළිතුරු දී ඇත. කෙසේවෙතත් නැවතත් පිළිතුරු දෙන්නම්.

      අද රටේ තියන ආරක්ෂක තත්වය යටතේ මන්ත්‍රී වරයකුට තම ජීවිතාරක්ෂාව සඳහා ගිනි අවියක් ගෙන සටන් කිරීමට තරම් දරුණු අවස්ථා උදා නොවේ. පසුගිය ඊලාම් යුද සමයේදීවත්, මන්ත්‍රී වරයකුට එලෙස සටන් කිරීමට සිදුවුයේ නැත.

      හමුදාවට පොලීසියට ආයුධ දෙන්නේ ඇයි කියා ඉහත ඔබේ කමෙන්ට් එකේදී මා පිළිතුරු දී ඇත. කරුණාකර එය නැවත කියවා බලන්න.

      පාතාලයෝ කියා ජාතියක් නැත. උන් බියගුළු අපරාධකරුවන් පමණකි. ඔවුන්ය නීතිය ඉදිරියට ගෙන ආ යුතු අතර, ඔවුන්ට ආධාර උපකාර කරන පාදඩ දේශපාලුවන්, හොර ව්‍යාපාර කරන්නන් ද නීතියේ ග්‍රහණයට හසුකරගත යුතුය.

      රටක සිටින බුද්ධිමත් සාමකාමී ජනතාවට ආයුධ අවශ්‍ය නැත. තම චර්යාව පාලනය කරගත නොහැකි බුද්ධිහීන අය ආයුධ සොයා වෙහෙසෙති. ඔවුහු ආයුධ වලින්ම නැසෙති.

      ඔබ සල්ලිකාරයකු නම් ඔබට ගිනි අවි බලපත්‍රයක් නීත්‍යානුකූලව ලබාගත හැකිය. ඒ මෙහෙමයි. ඔබ සෑමවිටම ඔබේ දෛනික කටයුතු වලට අදාලව, අවම වශයෙන්, මුදලින් රුපියල් ලක්ෂ 20 ක් පමණ හෝ ස්වර්ණාභරණ, මැණික් ගල්, ආදිය, නිතර එහා මෙහා ගෙන යන අයකු විය යුතුය. එසේ නැතහොත්, ඔබ සතුව අක්කර 50 ක් හෝ එට වැඩි විශාලත්වයකින් යුත්, මසකට ලක්ෂ ගණනක විශාල ආදායමක් ලබන, කෘෂිකාර්මික ඉඩමක් තිබිය යුතුය.

      Delete
  17. එකඟයි,
    බල්ල ගේ වැඩේ බූරුවාට දීම නුවණැති වැඩක් නොවෙයි!

    ReplyDelete
    Replies
    1. බූරුවන්ට ඒ බව නොතේරීම අපේ කරුමයකි.

      Delete
  18. කුමාරවරු නයිට් රේස් පැද්ද එක මීට වඩා හොඳ ආතල් ගැනීමක් වගෙයි. කරාටෙ කාරයෙකුට ලාඩං ගැහුව වගේ තියෙයි මුං පිස්තෝල ගත්තහම.

    ReplyDelete
    Replies
    1. කුමාරවරු නයිට් රේස් පදින්න ගිහින් R.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ ද කොහෙද තිබුණු එකක් රු 1,50,000 ක් වටින බල්බ් 360 ක් අතුරුදන්ලු.

      කුඩු මිරිස් කාපු රිලව් වගේ ඉඳියි කියලයි මටනම් හිතෙන්නේ.

      Delete
  19. This comment has been removed by the author.

    ReplyDelete
  20. එහෙමම මන්ත්‍රීවරු දෙකේ කොළේට දාල කතාකරන්ටත් එපා අර ගාල්ලෙ මන්ත්‍රී කෙනෙක් ඉන්නෙ පුබ්බඩයෙක් වගෙ මිනිහ කිව්වනෙ ලංකාවෙ දෑතින්ම වෙඩි තියන්ට පුලුවන් පිල්ලයාන්ට ඇරුණු කොට මිනිහට විතරයි කියල.

    ReplyDelete
    Replies
    1. දෙකේ කොලේට නෙවෙයි සමහරු වැටිලා ඉන්නේ සත පහේ කාසියට.

      ඔව් දෑතින්ම වෙඩි තියන්න පුළුවන් ඇති. හැබැයි වෙඩි තුන් හාරසීයක් තිබ්බම දෙකක් විතර වදිනවා ඇති.

      Delete
  21. Ohoma kathawak kaninkonin ahunata man hithuwewath ne a gena. Me kiyanakota Mata wiswasa karannath beri una.
    Dewiyan paya nogasana bima modayo pinum Gasathi kiyala ahale thibbata wiswasa kareth ne..

    ReplyDelete
    Replies
    1. මටනම් හිතෙන්නේ මේ විදිහේ ලිපි වලින් ඔවුන් හැදෙන එකක් නැහැ. මොළය තියෙන්නේ මස්තිෂ්ක කුහරය තුළ නොවෙන නිසා.

      Delete
  22. ජනතා සේවය කරන්න පිස්තෝල විතරයි අඩුවෙලා තිබුනේ....
    එලිපිට නැතිවුනාට බෝම්බ එහෙමත් තියනවා මේ ගොයියලා ගාව..චන්දේ කාලේට තමයි ඔවගෙන් වැඩ ගන්නේ...

    ReplyDelete
    Replies
    1. පිස්තෝල ඉල්ලන්නේ වැඩිපුරම බය මන්ත්‍රීලා තමා. ඒ ගොල්ලෝ කරපු පව් පස්සෙන් එනවා කියා දැනෙනවා ඇති.

      Delete
  23. විශ්ව විද්‍යාලවලට ඇතුල්වෙන අය ලමුන්ටත්, ලමුන් තවත් අයටත්, වෙඩි තියන කතාවල් හැම තැනින්ම අහන්ට ලැබෙනවා. ඒවාවල ආචාර්යවරුන්ටත් පිස්තෝල දෙමුනේ? :P

    ReplyDelete
    Replies
    1. ඇයි විශ්ව විද්‍යාල වලට ළමයි යවන දෙමව්පියන්ට? ඒගොල්ලන්ට ගෙදර මිදුලේ කාලතුවක්කු හයිකරලා දෙන්න ඕනේ ගෙදර ඉඳන් විශ්වවිද්‍යාලෙට වදින්න ගහන්න.

      Delete
  24. ඔන්න ඔහේ දීලා දාමු විචාරක මහත්තයා...
    උං උං ම මරාගත්තට පස්සේ මේක සුරපුරයක් කරහැකිනේ.

    ජ ය වේ වා !!!!

    ReplyDelete
    Replies
    1. අම්මපා මුන්ට පිස්තෝල නෙවෙයි මැෂින් තුවක්කු දෙන්න ඕනේ ඉක්මණින් මකබෑවියල්ලා කියලා.

      Delete
  25. රජයෙන් දුන්නත් නොදුන්නත් එයාලා ගාව ගිනිඅවි නම් ඇති කෝමත්........... දැං රජයෙන්ම පුහුණුවත් දුන්නාම වැඩේ සම්පූර්ණයි...... ෂෝක්................

    ReplyDelete
    Replies
    1. තියනවා තියනවා, මම හොඳින්ම දන්නවා සමහරු ළඟ T 56 වගේ ඒවත් තියනවා. කොහෙන් හම්බවෙලාද දන්නේ නැහැ. මැතිවරණයක් වෙනුවට එක එකා මරාගැනීමේ තරගයක් තිබ්බානම් අපිට හරි පහසුයි. ඉතුරුවෙන එවුන් ටික පත්කරගන්න පුළුවන්.

      Delete
  26. විචාරකතුමා.. පෝස්ටු දානව ළඟ වැඩියි.. අපිට මිස් වෙනව...

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, හිටපු ගමන් ඔය එක එක එව්වා ඔලුවට ආවම පටස් ගාලා ලියලා දානවා. ඒකයි එහෙම වෙන්නේ.

      Delete
  27. මම නම් යෝජනා කරන්නේ මේ පුහුනුවෙන් පසු කට්ටිය පාලූ පිට්ටනියකට ගෙන ගොස් කන්ඩායම් දෙකට බෙදා ඩිෂුම් ඩිෂුම් වෙඩි තබා ගැනීමේ තරඟයක් පැවැත්විය යුතු බවයි

    ReplyDelete
    Replies
    1. පාලු පිට්ටනියකට නෙවේ. ලොකු වලක් කපපු සොහොන් පිට්ටනියකට යැව්වනම් ලේසියි.

      Delete
  28. මෙහෙමයි.. කවුන්සිලේ ඇතුලට යනකොට ලෝඩ් කරලා ආවුදේ දෙන්න ඕනෙ.එනකොට ආපහු ගන්න ඕනෙ.හැබැයි අහසට හරි වෙඩි 6 තියන්න ඕනෙ.. එහෙමවත් බලමුකො...
    ජයවේවා..!!

    ReplyDelete
  29. මම නම් කියන්නෙ අනිවාර්යයෙන් පිස්තෝලයක් දෙන්න ඕන. එහෙම නැතුව බැරි වෙලාවත් මහමග තනි පංගලමේ ගමනක් යනකොට අපි වගේ විශ්ව විද්‍යාල සිසුවෙක් මුනට මුණ හම්බ උනොත් මොකෝ කොරන්නේ. මට මෙහෙම අදහසකුත් තියෙනවා. පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රී ල ඇමති ල ටික දෙපිලකට බෙදිලා සෙල්ලමට යුද්දයක් කලොත් මොකෝ ඔය තුවක්කු පත්තු වෙනවද බලන්න ?

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }