හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

15 October 2017

සිහිනෙන් ඇවිදීම හා වෙරි හිඳීම




පියා අහිමිවීමේ ප්‍රතිඵලයක් ලෙස මට සිදුවූ පළමු ඇබැද්දිය පසුගිය 25 අළුයම  සිදුවිය. එනම් රාජකාරියට යාමට නිවස ඉදිරිපිට පාර මාරුවීමේදී මෝටර් බයිසිකලයක ගැටීමය. දින දෙකක් රෝහල් ගත වීමෙන් පසුව අතපය නොකැඩුනත් සිදුවුණු තැලීම් සීරීම් හමුවේ  තරමක් සුවය ලබන්නේ දැන්ය. එදවස ඔහු මා මෝටර් රථයෙන්  දුම්රිය පොළට ගෙනයන අතර එතැන් සිට රාජකාරී ස්ථානයට යනතුරු දුරකථන ඇමතුම් 3ක් වත් ලබාදෙයි . ගිය බවද ඔහුට නොකීවහොත් උදෑසන 9.00 පමණ වන විට නැවත ගනී . ඔහු ගියදා පටන් මා දිනපතා මව සමග පාරට ගොස්  බසයෙන් හා දුම්රියෙන් රාජාකාරියට වාර්තා කරයි. මෙම අනතුර සිදුවූයේ එබැවිණි.


පිතු සෙනෙහේ පිදු පියෙකු නොමැති ලොව දූ දරුවන් හිනැහී ඇතිදෝ ................................

අද කථාන්දරය මෙසේ අරඹමි.



යුධ හමුදා කඳවුර නුවරඑළිය


මගේ පියා යුධ හමුදා සේවයේ යෙදී සිටියේ ඔහුගේ මවු ඒකකය වූයේ  3 ශ්‍රී ලංකා සිංහ  රෙජිමේන්තුවයි. මෙම රෙජිමේන්තු මූලස්ථානය පිහිටියේ සුන්දර නුවරඑළියේ ග්‍රෙගරි වැව ඉස්මත්තේය . එම නිසා එය රමණීය ස්ථානයක් විය. මෙහි ඇති තවත් සුවිශේෂී කරුණ වන්නේ මෙම ස්ථානය හා ගොඩනැගිල්ල  ඉංග්‍රීසි පාලන සමයේ එවකට ලංකාවේ වතුඅධිකරිවරුන් හා බ්‍රිතාන්‍ය  පාලකයන්ගේ  ළමයින් ඉගෙනගත්  පාසලක් වීමයි.  එම නිසා එය "හිල් ස්කූල් " නමින්  හඳුන්වයි. 


මෙම හමුදා කදවුරට ආධුනික කැඩෙට් නිලධාරියෙකු ලෙස පැමිණ උප අණදෙන නිලධාරියෙකු වනතුරු තම මවු ඒකකයේ ඔහු සේවය කළේය . කෙසේ වෙතත් එහි ඇති නිලධාරී නිවස්නය හා කඳවුර ඉදිරිපිට ඇති රෝස උද්‍යානය එයට ෙප්‍රෘඩතත්වය එක්කරන ලදී . එම රෝස උයන නුවරඑළියේ  වසන්ත සැණකෙළියට සමගාමීව පවත්වන රාජ්‍ය සේවා ගෙවතු තරඟය සඳහා සෑම වර්ෂයකම තරඟ කරන අතර ජයග්‍රහණ ද  ලබා ගනී.

හරි දැන් අටුවා ටීකා ඇති කතාවට එන්ටර් වෙමුකෝ .....................

මේ නිලධාරී නිවස්නයේ විවිධ හේතූන් පදනම් කරගනිමින් සාද පවත්වනු ලබයි. නිලධාරීන්ගේ විශ්‍රාම ගැනීම් , උසස්වීම්, සංවත්සර  ආදිය ප්‍රධාන වේ . එහිදී  නිලධාරීන්ගේ පවුල්වල අයටද ඒවාට සහභාගී වීමට අවස්ථාව හිමිවේ. මෙයත් එවැනි අවස්ථාවකි . එවැනි අවස්ථාවක් එනතුරු මමත් නංගීත් බලා සිටින්නේ ඇත්තටම නුවරඑළියේ යාම හා ඇවිදීම අතිශය ප්‍රිය උපදවන කටයුත්තක් නිසාය. කෙසේ වෙතත් දිනක් එවැනි සාදයකට යාමේ අදහසින් අපි නුවරඑළියේ ගියෙමු . 

                                            රෝස උයනේ මගේ පියා සමග නංගියි මමයි  


එදින සවස පැවති උත්සවය සඳහා උදෑසන පිටත් වූ  අපි  දහවල් වනවිට කඳවුරට ලඟාවුනෙමු . උත්සවය නිමවන්නේ පසුදා අළුයම බව දන්නා නිසාම ( මධ්‍යසාර නැති උත්සව හමුදාවේ නැතිනිසා ) නවතින්නට පැමිණෙන බව කල්තියා පියා විසින් දැනුම් දී තිබුණි. ඒ අනුව මහල් දෙකකින් යුත් නිලධාරී නිවස්නයේ දෙවන මහලේ කෙලවරේ පිහිටි කාමරයක් අපට ලැබුණි . මදි නොකියන්න සීතලද තිබුණි. මේ කාමරයට පැමිණිමේදී  හැඩයට බැසිය යුතු සිමෙන්ති තරප්පු පෙළක් නැගීමෙන් අනතුරුව විශාල කොරිඩෝවක් පසුකර යුතු අතර කොරිඩෝව අවසානයේ  පොඩි ලොබියක්  තිබේ . එම ලොබියේ දකුණු පසින් කාමර දෙකක් තිබෙන අතර පළමු කාමරය අපගේ විය.  මා මෙය පැවසුවේ කථාවේ ඉදිරියට එය අවැසි බැවිනි . කෙසේ  වෙතත් පළමු මහලේ ( OFFICER'S MESS ) හිදී උත්සවය පටන් ගත් අතර  අප වැනි තවත් පවුල් කීපයක් ද නිලධාරීන් තනිවම ද උත්සවයට සහභාගී වූහ. නැටුම් ගැයුම් වැයුම් මැද මධ්‍යම රාත්‍රිය එළඹි අතර ඒ වනතුරුත්  නිලධාරීන් කිසිවෙක් ආහාර ගෙන නොතිබුණි. කාන්තාවන් හා දරුවන් පමණක් අහාර ගෙන සිටි අතර , ළමයින් එකා දෙන්නා උකුල් උඩ නිදියද්දී  කාන්තාවන්ට උත්සවය නිමා කළ හැකි බව පවසා අපි සියලු දෙනාම එතනින් පිටවී  අදාළ කාමර කරා පැමිණියහ. 




විවිධ උත්සව අවස්ථාවල ලබාගත් ඡායාරූප 

එහෙත් මගේ පියා ඇතුළු ඔහුගේ මිතුරන් මධුවිත තොලගාමින් තවදුරටත් රැඳී සිටියහ.( එකල එයට කිසිවක් කිවනොහැක්කේ  සැමදා කැලයක දිවිගෙවන ඔවුන්ට සතුටු වීමට අවස්වථාක් සපයා දුන්නේ  එවැනි  උත්සවයක් පමණක් වීමය. ) කෙසේ වෙතත් මගේ පියා එදින කාමරයට පැමිණි වෙලාව මා දන්නේ නැත. අධික සීතල පවතී බැවින් ජර්සියක් හා බ්ලැන්කට්ටුවක් පෙරවා සිටියද සීතල අධික විය .  එම නිසා නින්ද කඩින් කඩ සිදුවිය. මා තනි ඇඳකත්  අම්ම තාත්තා හා නංගි තවත් ඇඳකත්  නිදියන ලදී. වරක් බලන විට තාත්තා පැමිණ ඇතිබව දක්නට ලැබුණි. ඉන්පසු අනෙක් පසට හැරීනිදාගත් අතර එකවරම සිහිනෙන් මෙන් දුටුවේ කාමරේ දොර කවුරුන් හෝ විවර කරගෙන එළියට ගිය  බවයි. තවත් නිමේෂයක් ගතවෙද්දී අපේ අම්මා මහා හඬ දී කෑ ගැසුවේ ළමයා නෑ අනේ නැගිටින්නකෝ ළමයා නෑ යනුවෙනි . මා එකවර නැගිට කාමරයේ ලයිට් දැමූ අතර තාත්තා  විදුලි වේගයෙන් දිව ගියේය . අම්මගේ කෑගැහිල්ලට අසළ කාමරයේ තාත්තගේ මිතුරන් දෙන්නෙකු ද පැමිණි අතර සුළු වෙලාවකට පසු තාත්තා නංගි හරහට වඩාගෙන පැමිණි අතර  ඇය නින්දේ පසුවිය.  මගේ පියා පැවසූ පරිදි  ඔහුට ඇයව හමුවී තිබුනේ පහල මාලයේ සාදය තිබුණු  විශාල  ආලින්දයේ දොර ළඟදී බවයි . ඇයව තාත්තා  හුරතලයට කතා කලේ "බබ්‍බා" යනුවෙනි . එසේ  කතාකලත්  ඇය නින්දේ පසුවූ බව පවසයි .


                                        කාන්තාව සිටගෙන සිටින්නේ ආලින්දයේ දොර ළඟය 
                                         මගේ පියා සිටින්නේ තරප්පු පෙළ පාමුලය 



මේ සිදුවීම වනවිට පාන්දර 3.00 පමණ වී තිබූ අතර  කරදරයක් වූ නැතිහෙයින් සියලු දෙනා පසුව නිදා ගැනුණි. පසුදා උදයේ අපේ කාමරයට සියලු දෙනා නැගණිය බැලීමට පැමිණි අතර , ඇයට  කිසිවක් මතක නොතිබුණි . වෙරි මතින් නිදාගත් මගේ පියාගේ වෙරි හිදුන බව සියලු දෙනා හිනා ගස්වමින් ඔහු ප්‍රකාශ කළේය . එවකට මගේ නැගණියට අවු 10 ක් පමණ වූ අතර ජීවිත කාලයටම සිහිනෙන් ඇවිද ගිය පළමු හා අවසාන අවස්ථාව මෙය විය .


එම සිදුවීම සිදුවී  මාස කීපයක් ගිය පසු එම උත්සවයට නොපැමිණි  මගේ පියාගේ      යාලුවෙක් පවසා ඇත්තේ එම කාමරයෙදීම වෙනත් දවසකදී  ඔහුද එවැනි අත්දැකීමකට මුහුණ දුන් බවයි. 


විචාරක දියණිය  පස්වරු 16.00 පැයට

24 comments :

  1. විචාරක සිංහ යෙක් ද.. මං හිතං හිටියෙ විජයබා පරම්පරාවෙ කියල..
    පෙර මතක වෙලාවකට ගේන්නෙ අමුතු සතුටක් නොවෙද

    ReplyDelete
  2. ඒ පෙර මතකයත් එක්ක තමයි අපි දැන් ජීවත් වෙන්නේ
    විචාරක දියණිය

    ReplyDelete
  3. පියා සමග විඳි විසිතුරු අත්දැකීම් අතර සැඟවුන කඳුලු අතර හාස්‍යය සමග අද්භූත පුවතක්ද සැඟව ඇති රසවත් ගෙත්තමක්

    ReplyDelete
  4. බොහොම ස්තූතියි ඔබගේ ප්‍රතිචාරයට
    විචාරක දියණිය

    ReplyDelete
  5. Replies
    1. බොහොම ස්තූතියි දේශකයා තුමනි මොකද ටික දවසකින් ලිපිය නොදැම්මේ
      විචාරක දියණිය

      Delete
  6. ඔබගේ පියා යුද හමුදා දිවිය ඉතා සතුටින් සහ එලදායී ලෙස ගත කලා ; එය ඉතා හොඳයි. එස් ආර් එකේ නිලධාරියෙකු වීම ගැන ඔහුට තිබුනේ අභිමානයක්

    ReplyDelete
    Replies
    1. ඔහු නිල ඇඳුමට ගොඩක් ආසාකළා වගේම එහි ගෞරවය රැකෙන පරිදි කටයුතු කළා . ඔහු තම රෙජිමේතුවටත් ගොඩක් ගෞරව කළකෙනෙක්
      විචාරක දියණිය

      Delete
  7. පියාගේ මතකයන් ලියන්න ඒවා සුන්දර නිසා.. ඒත් ඒ මතකයන් නුඹව නොරිදනු ඇතැයි සිතනව..නුඹ ලියන විදිහට ගොඩක් දැනෙන නිසා මට එහෙම හිතුනේ..

    ReplyDelete
    Replies
    1. හිත සතුටින් තියාගන්න තමයි මේවා ලියන්න. හිත රිදුනත් මතකය හරි මිහිරියි
      විචාරක දියණිය

      Delete
  8. නුවරඑළිය නියෝජ්‍ය පොලිස්පති නිල නිවසේද මෙවැනිම සිදුවීම් බහුලව සිදුවන තැනක් වග හොඳින් දනිමි. එයද ඔබ පෙර කියු ආකාරයේම සුදු පාලකයන් විසින් ඉදිකරන ලද්දකි.

    ReplyDelete
    Replies
    1. ඒ තිබෙන පරිසරය හා එම ගොඩනැගිලිවල ආකෘතිය මෙයට හුගක් බලපානවා කියලා හිතනවා. ඔබගේ ප්‍රතිචාරයට ගොඩක් ස්තූතියි.
      විචාරක දියණිය

      Delete
  9. කරදරයක් නොවිච්ච එක හොඳයි.

    සුද්දංගෙ කාලෙ බිල්ඩින්නෙ ඔව්ව. හැක්..

    ReplyDelete
  10. පරණ බිල්ඩින්වල භූත දෝෂ වැඩි වගේ තමා පේන්නේ
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. මට වෙන පරණ ආමි කාරයෙක් කිව්ව කතාවක් මතක් උනා , ඔය බිල්ඩින් වල හොල්මන් ඉන්නවාලු , වැඩි හරියක්ම මැරිලා පලිය ගන්න ආපු ආමිඑකේ කෝකියෝ ලු

      Delete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. හොඳ පෝස්ට් එකක්

    ReplyDelete
  13. ඔබේ ප්‍රතිචාරය ඉහලින් අගය කරනවා
    විචාරක දියණිය

    ReplyDelete
  14. සිංහ රෙජිමේන්තුවේ සිංහයෙක් තමයි යුද්ධය අවසන් කරන්න මූලික වෙන්නෙත්. කොහොමත් යුධ හමුදා කඳවුරු තමයි බොහොම අලංකාරව, ක්‍රමවත්ව, පිලිවෙලට, විවිධත්වයක් එක් කරමින් තමන්ගේ උද්‍යාන මෙන්ම ගොඩනැඟිලි පරිශ්‍රයන් පවත්වාගෙන යන්නෙත්. රසවත් පුවතක්. මේ වගේ කතා තවත් තැන්වල තියෙන විත්තිය මමත් අහලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඔබගේ ප්‍රතිචාරයට මීට පෙර මට ඔබේ ප්‍රතිව්චආර හමුවී නැහැ. කෙසේ වෙතත් හඳුබ්නාගනීම සතුටක්
      විචාරක දියණිය

      Delete
  15. මට බ්ලොග් මතක නැති වෙලා තිබ්බෙ....

    ReplyDelete
    Replies
    1. එහෙනම් බොහොම ස්තූතියි මෙයට ගොඩවෙලා ප්‍රතිචාර දක්වලා බ්ලොගය මතක් කරගත්තට
      විචාරක දියණිය

      Delete
  16. Replies
    1. මගේ අරමුණ විචරකතුමා ජීවත් කරවීමයි. එය සාර්ථක වී ඇති බව ඔබේ ප්‍රතිචාරයෙන් පැහැදිලි වේ. බොහොම ස්තූතියි ඔබගේ ප්‍රතිචාරයට
      විචාරක දියණිය

      Delete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }