හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

28 October 2017

බයිසිකල් රේස් එක



මගේ පියා හොඳ ගුරුවරයෙක් නිසාම ඔහු සතු දැනුම අපට ලබාදෙන්නට නිතරම කටයුතු කළා. ඒ වගේම එය නිවැරදිව හා සදාකාලික මතකයේ රැඳෙන අයුරින් උගන්වන්නට  ඔහුට සහජ දක්ෂතාවයක් තිබුණා.

පාදපරිචාරිකාව 

දිනක්  අප සියලුදෙනා නිවසේ සිටින අවස්තාවක එවකට මා පාසලේ  7 ශ්‍රේණියේ පමණ ඉගෙනුම ලබන කාලයේ  එකවිටම මගේ පියා මගෙන්  ඇසුවේ

මගේ පියා - පාදපරිචාරිකාව කියන්නේ මොකක්ද දන්නවද ?

මම -  අනේ මං දන්නෑ...... 

මගේ පියා - ඇයි ළමයෝ..........  බයිසිකල් රේස් එක කියන්නේ ඒකට තමයි.

මම - අනේ යන්ඩ බොරු නොකියා ( ඔහු කියූ විලාශයෙන් හා ස්වරයෙන්  මා දන්නවා එය බොරු කියලා)

මගේ පියා - ඔය ඉතින් බොරුලු . නෑ ළමයෝ  ඒක තමයි.  දැන් බලන්න   පාද  - පැදීම  පරිචාරිකාව -    
                   බයිසිකල් රේස්  ඉතින්   හරි 

( ඔය අතර මගේ මව දැන් හිනාවෙනවා.  ඊට පස්සේ  අපේ අම්ම කීව අනේ ඔය ළමයට කෝළන් කරන්නැතුව හරි තේරුම කියන්න කියලා )

මම - අනේ.... තාත්තේ ඇත්තටම මොකක්ද තේරුම කියලා මම ඇහුවා.  මොකද ඒ වෙනකන් මම ඒ වචනේ අහලා නොතිබ්බ නිසා 

මගේ  පියා - හරි එහෙනම් මෙන්න හරි තේරුම හොඳට මතක තියාගන්න .

                       පාදපරිචාරිකාව කියන්නේ - භාර්යාව  කියලා 

 

 පාළහ

තවත් දිනයක අපි සියලු දෙනා මාතර ප්‍රදේශයේ චාරිකාවක් ගියෙමු. ඒ  මගේ ප්‍රථම මාතර සංචාරයයි. පොල්ගහවෙලින්  රැජිණ දුම්රියේ මාතරට ගමන් කළ අතර , දුම්රියෙන් බැස පිටතට පැමිණි වහාම දර්ශනය වූයේ බක්කි කරත්තයි. ජීවිතයේ සියසින් බක්කි කරත්ත දුටුවේ එදිනය. ඊට පෙර රූපවාහිනියේ  බක්කි කරත්ත දැක තිබුණි.  බක්කි කරත්ත වලින් දුම්රියපොළේ සිට කුළි රථ සේවයක් තිබුණි . එම  බක්කි කරත්ත කරුවන්  අමුතු වචනයක් කියමින් කෑගසනවා මට ඇසුණි.

කුලී රථ හිමියන්  -  පාළහයි.  පාළහයි . එන්න එන්න මහත්තයා පාළහයි.

මම -  ( සිතින් කලපනා කරන්නේ මොකක්ද මේ කියන්නේ කියාය ) තාත්තේ....... මොකක්ද? අර මිනිස්සු කියන්නේ  මට තේරෙන්නෑ..........

මගේ පියා - ආ............ දැන් තේරුනාද වෙනස  දැන් මේ අපි ඉන්නේ මාතර. මේ පැත්තේ  අය කතාකරන විදිහ ටිකක් වෙනස්.  ඒකට අපි කියන්නේ  ප්‍රාදේශීය  ව්‍යවහාර  කියලා ...........
දැන් ඔය කියන්නේ  

                                 පාළහ - ඒ කියන්නේ පහළව 

අර බක්කි කරත්තේ යන්න අය කරන ගාණ තමයි  ඒ කියන්නේ ( පුදුම නොවන්න. මං මේ කියන්නේ 1992 සිද්ධියක් පිලිබඳවය. )


සකඳ මලයි - බබළු වැලයි

මෙය නම් මගේ පියා විසින් කියාදෙන ලද්දක් නොවන අතර , මෙය වචනාර්ථයක් නොව උපමාවකි. මා මෙය  ඉගෙන ගත්තේ මගේ ගුරුතුමෙකු වූ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ  මහාචාර්ය රාජ් සෝමදේව මහතාගෙනි.  ඔහු විසින් ආදී මානවයා හා ඔවුන්ගේ පැරණි තාක්ෂණය පිලිබඳ  දේශනයකදී  මෙම උපාමව ගෙන හැර පෑවේය. ඔහු පැවසූ ලෙසට මේ උපාමාව භාවිතා කරන්නේ හොඳ පෑහීමක් පිලිබඳ කියනවිටය. අපේ පැරැන්ණන්  මගුල් ගෙවල් වලදී මනාල යුවල විවාහ ජීවිතය ගතකළ යුත්තේ කෙසේදැයි විග්‍රහ කිරීමට මේ උපමාව යොදාගත් බව පැවසෙනවා.
  

මෙහිදී  සකඳ මල කියන්නේ  ඔබ දැක ඇති පොල් අතු හා උළු වහල සහිත ගෙවල්වල වහලයේ  මුදුනෙන් ගෙයට වැටෙන ආලෝක ධාරාවය. එය හොඳින් පෙනෙන්නේ අඳුරු තැන්වලදීය. එම ආලෝක ධාරාව පහළට වැටෙද්දී  එම ආලෝක ධාරාව ඇතුළත විවිධ මෝස්‌තර දර්ශනය වේ.එය බබළු වැල ලෙස හඳුන්වනු ලබයි.


විචාරක දියණිය පස්වරු 12.00 පැයට

24 comments :

  1. පාදපරිචාරිකාවෙ කියල කියන සිංදුවකුත් තිබුනා මතකයි.. ඔය මාතර උන් කියන වචන වලට හකු පනිනවා ... හැක්

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් එහෙමයි කියලා අපට වචන වෙනස් කරන්න බෑනේ. සිද්ධියක් තියනවා මෙකාතටම වෙච්ච දෙයක් මගේ මාතර ඉන්න යාළුවෙක් බැන්දේ කඩවතින්. එක දවසක් උදේ උයන්න පොල් ඕන උනා. ඉතින් මෙයා මහත්තයට කිවුවලු අනේ මට පොල් ගෙඩියක් ඔයවලා දෙන්න කියලා . මහත්තයා සද්ද නෑලු. දැන් ආයෙත් සැරයක් කිව්වලු වෙනසක් නෑලු. ඒ පාර මෙයා මොකක්ද අනේ කරන්නේ කියලා. මහත්තයා කිවුවලු ඕක තේරෙන සිංහලෙන් කියන්න බැරිද කියලා
      විචාරක දියණිය

      Delete
  2. අක්කගේ පියා (විචාරක මහත්මා) මා සමග ඊමේල් මගින් කතා බහ කර තිබෙනවා. එතුමාට මා මගේ පියාට වගේ ගරු කරනවා. මගේ පියාත් හමුදා නිලධාරියෙක්. 2009 ජනවාරි 21 වෙනිදා එතුමා මිය ගියේ අක්කේ. විචාරක මහත්මා ඒ ගැන දන්නවා. එතුමා මගේ සිත බොහෝ සෙයින් සදා තිබෙනවා. මගේ පියාගේ වියෝව වගේ මට දැනුනා විචාරක මහත්මාගේ වියෝව.

    අක්කා ඔයා කැමති නම් මට ඊමේල් කරන්න.

    thilinism95@gmail.com

    -තිළිණි සමරනායක-

    ReplyDelete
    Replies
    1. ඔබට මගේ කණගාටුව ප්‍රකාශ කරමි. මා ඔබට හැකි විගස e - mail කරන්නම්
      විචාරක දියණිය

      Delete
  3. "සකඳ මලයි - බබළු වැලයි"
    අලුත් දෙයක් දැනගත්තා. ඔය සකඳ මල ඇතුලේ ඉතාම කුඩා දූවිලි අංශු පේනවා. ඒවා අහඹු ලෙස චලනය වන හැටි බලා සිටීම මගේ කුඩා කාලයේ විනෝදාංශයක්. ඇතැම් පැරැණි (වසර 1500ක් පමණ) පොත් වල පරමාණුවක ප්‍රමාණය විස්තර කර තිබෙන්නේ මෙවැනි ආලෝක ධාරාවක් ඇතුලේ පෙනෙන ඉතා කුඩා දූවිලි අංශුවක ප්‍රමාණයට සාපේක්ෂවයි.

    ReplyDelete
  4. බොහොම ස්තූතියි ඔබගේ ප්‍රතිචාරයට
    විචාරක දියණිය

    ReplyDelete
  5. මාත් අලුත් දෙයක් ඉගෙන ගත්තා දියණියට ස්තුතියි. තාත්තා විහිළු කරනවා විතරයි කියමින් මගේ දුවත් ඇතුම් විට ඉගෙනුම් කටයුතු වල දී මා විමසීම මග හැරිය හැටි මට සිහි වුනා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඔබගේ ප්‍රතිචාරයට
      විචාරක දියණිය

      Delete
  6. ඔබේ පියානන් කිව්වා හරි පාදපරිචාරිකාව කියන්නේ බයිසිකල් පැදිම කියලා. බයිසිකලයත් නියමාකාරයෙන් බැලන්ස් කරගෙන පැදයන්න ඔනේ. බිරිදත් එක්ක ජිවත් විමත් ඒවාගේ නියමාකාරයෙන් බැලනස්කරගෙන යන්න ඔනේ නැත්නම් ජිවිතෙත් එක්කම වැටෙනවා.

    ReplyDelete
    Replies
    1. බලාගන යනකොට ඒකත් ඇත්ත නේද? මටත් ඒක හිතුනේ නෑ. ඔබගේ ප්‍රතිචාරයට ස්තූතියි.
      විචාරක දියණිය

      Delete
  7. Replies
    1. +++++++++++++++++++++++++++++++++++
      විචාරක දියණිය

      Delete
  8. "සකඳ" සහ "බබළු" වචනවල වෙන තේරුම් තියනවාද?

    ReplyDelete
    Replies
    1. ඒ පිළිබඳව නම් මමත් දන්නේ නැහැ .
      විචාරක දියණිය

      Delete
  9. ආසාවෙන් කියෙව්වා .ස්තුතියි .

    ReplyDelete
    Replies
    1. ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි.
      විචාරක දියණිය

      Delete
  10. දවසක් මනුස්සයෙක් මාතර මුදලාලි කෙනෙක් ගාවට රස්සාවක් ඉල්ලන්න ගිහිං. මුදලාලි ඇහුවලු,

    “ඔහේට පොල් ඔයන්න ඇහැක?“ කියල.

    අර මනුස්සය කිව්වලු, “පොල් “ඔ“ යන්න නං දන්නෑ, මුදලාලි. අඹ “බ“ යන්න නං දන්නව“ කියල.

    ReplyDelete
    Replies
    1. මොකෝ දොඩන්නත්තේ ? මේ අවාරෙනේ මහත්තයෝ කිවුවා වගේ තමා හැක්
      විචාරක දියණිය

      Delete
  11. සකඳ මලයි - බබළු වැලයි...ස්තුතියි අලුත් දෙයක් ඉගෙන ගත්තා.

    ReplyDelete
  12. බොහොම ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට
    විචාරක දියණිය

    ReplyDelete
  13. මෙච්චර කාලෙකට හමුවී නොතිබුණු යෙදුමක්!
    ගොඩක් පින්.

    ReplyDelete
  14. මගේ නම ලිලියන් එන්. මෙය මගේ ජීවිතයේ ඉතා ප්‍රීතිමත් දිනයක් වන අතර, මගේ හිටපු ස්වාමිපුරුෂයාට ඔහුගේ මැජික් හා ආදර අක්ෂර වින්‍යාසය සමඟ නැවත ගෙන්වා ගැනීමට වෛද්‍ය සාගුරු මට උපකාර කර ඇත. මම විවාහ වී වසර 6 ක් ගත වී ඇති අතර එය ඉතා භයානක වූයේ මගේ ස්වාමිපුරුෂයා මට වංචා කර දික්කසාද වීමට බලාපොරොත්තුවෙන් සිටි නිසාය. නමුත් වෛද්‍ය සගුරු අන්තර්ජාලය හරහා විද්‍යුත් තැපෑලක් දුටු විට ඔහු බොහෝ දෙනෙකුට ඔවුන්ගේ හිටපු අයව ආපසු ලබා ගැනීමට උදව් කර ඇති ආකාරය සහ සම්බන්ධතාවය නිවැරදි කිරීමට උදව් කරන්න. සහ ඔවුන්ගේ සම්බන්ධතාවයෙන් මිනිසුන් සතුටු වීමට සලස්වන්න. මම මගේ තත්වය ඔහුට පහදා දී ඔහුගේ උපකාරය පැතූ නමුත් මා පුදුමයට පත් කරමින් ඔහු මට කීවේ ඔහු මගේ නඩුව සඳහා මට උදව් කරන බවත් මගේ ස්වාමිපුරුෂයා යහපත සඳහා මුළුමනින්ම වෙනස් වී ඇති නිසා මම දැන් සමරන බවත්ය. ඔහුට සෑම විටම මා විසින් වීමට අවශ්‍ය වන අතර මගේ වර්තමානය නොමැතිව කිසිවක් කළ නොහැකිය. මම ඇත්තටම මගේ විවාහය සතුටින් ගත කරනවා. ආචාර්ය සගුරු සැබවින්ම සැබෑ අක්ෂර වින්‍යාසය නිසා මම දිගටම අන්තර්ජාලයේ සාක්ෂි දරමි. දැන් ඔබට විද්‍යුත් තැපෑල හරහා සම්බන්ධතා වෛද්‍ය සාගුර්ට උදව් කිරීමට අවශ්‍යද: drsagurusolutions@gmail.com හෝ WhatsApp +2349037545183 ඔබේ ගැටලුවට එකම පිළිතුර ඔහු වන අතර ඔබේ සම්බන්ධතාවය ගැන ඔබ සතුටට පත් කරයි. තවද ඔහු 1 ආදරණීය අක්ෂර 2 හි පරිපූර්ණයි 3 ගර්භාෂයේ පලතුරු 4 ප්‍රවර්ධන අක්ෂර 5 ආරක්ෂණ අක්ෂර 6 ව්‍යාපාර අක්ෂර 7 හොඳ රැකියා 8 අක්ෂර වින්‍යාසය සහ අධිකරණ නඩු අක්ෂර වින්‍යාසය.

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }