කොල්ලො දෙපිරසක් රණ්ඩු වෙන
ඹ්නෑම කථාවක අවසානයේ කෙල්ලෙක් ඉන්නවා කියලා මට කියලා දුන්නේ අපේ පංතිභාර
ගුරුතුමියයි. ඒ 1998 වසරේ මා
පාසලේ 10 වසරේ ඉගෙනුම ලබන කාලේ , දිනක සිදුවුණු
සිදුවීමකුත් සමගයි. සිද්ධිය කෙටියෙන්ම කියනවානම් එදින
විවෙික කාලයේ සුපුරුදු පරිදි ගෙවෙමින් තිබෙන මොහොතක, කෑම කා
අවසන් වූ මා මිතුරියන් කිහිපදෙනෙකු සමග පංතියේ බැල්කනියට වී සිටි අතර, උසස්පෙළ පංතිවල අයියලා රොත්තක් 11 වසර A
පංතිය දෙසට දිවයනු පෙණිනි. සැනෙකින් එම
පංතියේ පිරිමි ළමයි සමග මහා ගැටුමක් නිර්මාණය විය.
එකෙනෙහිම ගුරු විවෙිකාගාරයේ සිටි ගුරුවරුන් ඒ දෙසට දිවගොස් එකෙකු දෙන්නෙකුට ගසා
උසස්පෙළ සිසුන්ට තරයේ අවවාද කර පන්නා දමන ලද අතර, අපේ
පංතිභාර ගුරුතුමිය අපේ පංතියට දිව ආවාය. ඇය අපිට දැඩි ලෙංගතුකමක් දැක්වූ අතර, අපේ පංතියේ ළමුන්ගේ ආරත්ෂාවට ඇය පැමිණියාය. එසේ පැමිණි අවස්ථාවේ ඇය අපිට ඉහත ප්‍රකාශය සිදුකළාය. පසු විපරමේ දී ඇයගේ කියමන සැබෑවක් වී තිබුණේ එකම
මලට බඹරුන් දෙදෙනෙක් සටන් කර ඇති බව දැනගත් නිසාය.
දැන් තමයි මාතෘකාවේ කථාව පටන් ගන්නේ
විශ්ව විද්‍යාල ජිවිතයේ තවත් මතකයක් ගෙනඑන්නයි හදන්නේ. සුන්දර තැන් අසුන්දර වෙන්නේ අපේම අයගේ වරදින්.
විශ්ව විද්‍යාලයේ දෙවන වසර
ආරම්භ වී සති කිහිපයකින් කමයි මේ
සිදුවීම වුණේ. ඒ
වන විට සමාජීය විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨයට
නවකයන් පැමිණ වැඩිකලක් ගතවී කිබුණේ නෑ. ඔවුන්ට පරිසරය ගැනත් අවබෝධයක් තිබුණේ නෑ. අනෙක් කරුණ තමයි මෙම පීඨයට සිටින පිරිමි ළමයි ප්‍රමාණය අල්පයි.
ඒ නිසා වැඩිය ගැටුම්
ඇතිකරගන්න උත්සාහ කරන්නෙත් නෑ. නමුත් කළමණාකරණ පීඨය
කියන්නේ පිරිමි ළමුන් වැඩිපුර සිටින පීඨයක්. ඔවුන්ට වැඩි බලයක් තිබුණා. මේ පීඨ දෙක අතර සීතල යුද්ධයක් නොතිබුණා නොවෙයි . මෙවැනි වටපිටාවක් තිබෙන මොහොතක
අපේ පීඨයේ කලා සංගමයෙන් චිත්‍රපටි උළෙලක් සංවිධානය කළා . එවකට අප දෙවන වසරේ සිටි නිසා
විශ්ව විද්‍යාල පරිශ්‍රයෙන් බැහැර නේවාසිකාගාරවල තමයි සිටියේ . කෙසේ වෙතත් මෙම චිත්‍රපට උළෙලේ එකල ජනප්‍රිය හින්දි විත්‍රපට තිහිපයක් ප්‍රදර්ශනයට
සකස්කර තිබුණා. සෑම
දිනකම හවස 7.00
තමයි චිත්‍රපටය ප්‍රදර්ශනය ආරම්භ වුණේ. බාහිර නේවාසිකාගාරවල ශිෂ්‍යයන්ට ආපසු යාමට විශ්වවිද්‍යාල
බස්රථය ලබාදෙනවා කියූ නිසාම මමත් මගේ යෙහෙළියන් කිහිප දෙනෙකුත් චිත්‍රපට බලන්න පැමිණියා. මේ කියන දිනයට අදාළව පෙන්නුවේ
ක්‍රිෂ් 2 චිත්‍රපටයයි .
අප විශ්ව විද්‍යාල භූමියට ඇතුළුවන විටම පරිසරයේ යම් වෙනසක් දැනුනත් එය ගණන් නොගෙන චිත්‍රපට ශාලාවට හෙවත් අමරදේව ශ්‍රවණාගාරයට ගියා. අතුරු සිදුරු නැතිව සියලු දෙනා වාඩිවී සිටි අතර , පළමු වසරේ නංගිලා මල්ලිලා
බොහෝදෙනෙක් හා අප බැච් එකේ අය ද තෙවන වසරේ අයියලා අක්කලා ද ප්‍රේමවන්තයෝ ද කළමනාකරණ පිඨයේ ගැහැණු පාර්ශවයද පැමිණ සිටිනු දක්නට ලැබුණා. තවත් විනාඩි තිහිපයකින්
ශාලාවේ විදුලි පහන් නිවා දැමුණු අතර චිත්‍රපටයේ පෙළ තිරයේ දිස්වූවා පමණි, මහා ගෝෂාවක් පිටතින් ඇසෙන්නට
වූ අතර, ක්ෂණයකින් පොලු මුගුරු අතින්ගත් කළමනාකරණ
පිඨයේ පිරිමි ළමුන් ශාලාවට කඩා වැදුණී.
එවිටම සියලු දෙනා
වටකරගත් අතර, වෙන්ඩ යන දේ සිතාගත නොහැකිව අපි මවිතව බලා
සිටිමු. අපේ
සීනියස්ලා කිහිප දෙනෙක් ඇයි ? දැයි ඇසූවිට එය ගුටි හුවමාරුවකින්
අවසන් විය.
ඔවුන්ගේ පීඨයෙන් පැමිණි අක්කලාට ඔවුන් මෙසේ බැණ වැදුණි.
“තොපිත් ආවද මේක බලන්න.
බැහැපියව්
එළීයට “
යන පරුෂ වචනයෙන්
ඔවුන් කෑ ගැසීය. ඒ සමගම ඔවුන් අපේ පීඨයේ සියලු පිරිමි පාර්ශවයට
අවලාද කියමින් ගුටි ප්‍රහාර දියත් කරන්නට විය .
බේරාගෙන ගස් අතර
සැඟවීය. රාත්‍රිය
එයට වාසිදායක විය.
ඇතැම් මල්ලිලා දුවගොස් ඈත කැලෑ ප්‍රදේශයේ සැඟවී තිබුණි . ( එවකට අපේ විශ්ව විද්‍යාල
භූමියේ සෑහෙන ඉඩ ප්‍රමාණයක් වන ලැහැබවලින්
හිස්ව පැවතුණි) චිත්‍රපට සංවිධායක මණ්ඩලයේ අයියලා කඩිනමින් විශ්ව
විද්‍යාල බස්රථය ලබාදුන්නේ නැවත කඩිනමින් නේවාසිකාගාරවලට යාමට හා පළමු වසරේ
මල්ලිලාගේ ආරක්ෂාව සඳහා, අප කණ්ඩායමේ පිරිමි ළමයි නැවති
සිටි බාහිර නේවාසිකාගාරයට ඔවුන්ව යැවිමටයි. මේ වනවිට අප
දුරකථන මගින් ඔවුන්ට පණිවිඩ ලබාදී තිබුණි .
බොහෝ දෙනෙක් ඒ වනවිට විශ්ව විද්‍යාලයට පැමිණසිටි අතර, ඔවුන් පැවසුවේ ඉතිරි මල්ලිලා සොයාගන්නාතුරු මොවුන්ව රැගෙන යන ලෙසයි. ඉන්පසු අප ඔවුන්වත් රැගෙන විශ්ව විද්‍යාල භුමියෙන් පිටවූ අතර ,
බස්රථයයෙන් ඔවුන්ව අපේ පිරිමි ළමයින්ගේ නේවාසිකාගාර දොරකඩට ඇරළීය
. ඇතැම් අයට සුළු තුවාල හා තැලීම්, සීීරීම් තිබූ අතර , අපේ කොළු ගැටයන් පසුදා
එළිවනතුරු ඔවුන්ට සාත්තු කර තිබුණි. අනෙක් අයද සැගවුණු
තැන්වලින් දුරකථන ආධාරයෙන් සොයාගෙන රැගෙනවිත් තිබූණි. එදින
අප කාටවත් නින්දක් නොවීය.
පසුදා දැනගත
හැකිවූයේ විශ්ව විද්‍යාලයේ මිහින්තලා පරිශ්‍රයේ සියලු පීඨ නැවත දැනුම් දෙනතුරු
වසාදමා ඇති බවයි. රණ්ඩුවේ
ප්‍රතිඵලයක් විදියට කිසිදෙයකට සම්බන්ධ නොවුණු එහෙත් පරිශ්‍රයේ සිටි ව්‍යවාහාරික
විද්‍යා පීඨයටද ගෙදර යාමට සිදුවිය. එදින උදෑසන පරිශ්‍රය ඇතුළත දී පීඨයේ සියලු දෙනා එකතුව රැස්වීමක්
පවත්වන ලදී . කළමනාකරණ පීඨයද එවැනිම රැස්වීමක් ගෙන තිබුණි. එහිදී අපේ පීඨයෙන් කළමනාකරණ පිඨයේ අයියලා සමග පෙම්කෙළි සහෝදරියන්ට බැණුම්
වර්ෂා එල්ලවිය. කෙසේ වෙතත් සති තුනක පමණ ඇවෑමෙන් යළි විශ්ව විද්‍යාලය ආරම්භ වූ අතර, ඒ වනවිට වාතාවරණය යම්තාක් දුරට
වෙන්ස්වී තිබුණු අතර, කළමනාකරණ පිඨයේ සිසුන් සිදුවූ දෙය පිළිබඳ
පෂ්චාත්තාප වුණු බවක් පෙනෙන්නට තිබූණි.
කෙසේ වෙතත් මගේ පාසලේ ගුරුතුමිය කියූ දේ යළි සැබෑවක් කරමින්
රණ්ඩුවට පදනම සැකසී තිබුණේ අපේ පළමු වසරේ
සහෝදරයෙකුත් කළමනාකරණ පිඨයේ සහෝදරයෙකුත් එකම මලකට පෙම් කළත්, ඇය සිය ප්‍රේමය අපේ සහෝදරයාට පුද කිරීම හේතුවෙනි.
විචාරක දියණිය රාත්‍රී 22 .00 පැයට
+++++
ReplyDelete+++++++++++++++++++++++++++
Deleteවිචාරක දියණිය
ඇයි මස්සිනේ පෙම්කලේ අපි එක මලට.
ReplyDeleteසුනිල් එදිරිසිංහගෙන් තමයි අහන්න ඕනේ
Deleteවිචාරක දියණිය
great experience duwo
ReplyDeletethank you sir
Deletevicharaka diyaniya
හපොයි. මදැයි ඔයින් ගියා, නේද?
ReplyDeleteඅතක් පයක් නොකැඩී යන්තන් බේරුණා
Deleteවිචාරක දියණිය
'ඔබෙ සැප මගෙ සතුටයි' කියලයි ඉස්සර නම් කිව්වේ!
ReplyDeleteදැන් මොකක් කියන්න ද කියලා හිතා ගන්න බෑ
Deleteවිචාරක දියණිය
හම්මේ..කොහේ ගියත් වලියක් නම්
ReplyDeleteමුල ඇත ගවුමක්...
ඒක තමයි පිරිමින්ට වැරදිච්ච එකම තැන
Deleteවිචාරක දියණිය
nagaa umba chefaakiyaata dhaalaa thibunu magula yatin dhaapu komentuwa uu makalaa. mama ubata kiwwe umba prawessam weyan kiyalaa. ookaa badu kaarayaa.
ReplyDeleteමේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය .
ReplyDelete