හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

04 February 2019

ආයුබෝවන් 2019


අවුරද්දකුත් ලබලා දෙමාසයක් ගතවෙච්ච තැන ආයුබෝවන් 2019 කිවුවම මොකක්ද නොගැළපීමක් තියනවා කියලා මටත් හිතෙනවා . ඒ වුණාට මේ වසරේ මගේ පළමු පෝස්ටුව මෙය නිසා තමයි ඒක එහෙම ලියවුණේ .



කියන්න කාරණා රැසක් තිබුණත් අවිවේකය සහ කම්මැලිකම අතර දෝලනය වෙනකොට  ඒක කම්මැලිකමටම අත ඇරලා දැම්මා කියලා කියන්න පුළුවන්. අලුත් අවුරුද්ද ලැබුවට ඇත්තටම මට හිතුණේ දවසක් ගතවෙලා තවත් දවසක් උදාවුණා වගේ කියලයි . ඒක එහෙම හිතුනේ මට විතරද කියලා බලන්න  මං අපේ අම්මගෙන් ඇහුවා. එතකොට අම්මා කිවුවේ ජීවිතේ අලුත් බලාපොරොත්තු  අරමුණු තියන අයට තමයි අලුත් අවුරුද්දක උදාවිම දැනෙන්නේ කියලා. එතකොට තමයි මට කාරණය වැටහුණේ. ඇත්තටම මගේ ජීවිතේ දැන් අවුරුදු දෙකකට කලින් එකතැන නතරවුණානේ කියලා.



හැමදාම එකම දෙයක් ගැන කථාකරනකොට ඒක අහන දකින අයටත් එපා වෙනවා. ඒක ඇත්ත.



ඒත් තාත්තා   කියන මේ අකුරු තුන මගේ ජීවිතේ ඉතිරි ජීවිතකාලය පුරාවට මගේ මනසෙන් අයින් කරන්න කාටවත් බැරිවේවි. ඉතින් මේ අවුරුද්දේ මගේ පළමුවැන්නත්  ඔබටම පුදමින් මම නවතින්නම්.




විචාරක දියණිය 18. 55 පැයට

16 comments :

  1. විචාරක තුමා නිම ගිහින් අවුරුදු දෙකක්ද? අපි සමගත් ඔහු හැමදාම ඉන්නවා. ඔබටත් ආයුබොවන් !!!

    ReplyDelete
    Replies
    1. කාලය නොදැනීම ගතවෙලා . මටත් හිතෙන්නේ ඔහු අපි ළග හැමදාම ඉඳීවි
      විචාරක දියණිය

      Delete
  2. විචාරකතුමා නික්ම ගියත් මේ බ්ලොග් අවකාශයේ ජිවත් වෙනවා. එතුමා බ්ලොග් හරහා දායාදකල දැනුම අන්තර්ජාලය තිබෙන තුරා පවතිවි. (ගුගල් ආයතනය බ්ලොග් නතරනොකලොත් )

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත ප්‍රතිචාර දැක්වීම පිළිබඳ ස්තූතියි.
      විචාරක දියණිය

      Delete
  3. එතුමා ඊයෙ පෙරේදා හිටිය බවක් මිස මෙපමණ කලක් ගිය බවක් අපට දැනෙන්නෙත් නැහැ දියණී. හැකි වෙලාවක මොනවා හෝ ලියන විට විචාරකතුමාගේ සෙවනැල්ල එහි වැටෙනවා ඒ නිසා හැකි වෙලාවක ලියන්න දියණියනි.

    ReplyDelete
    Replies
    1. ඔබේ දිරිගැන්වීම මට මහා ශක්තියක් සර් බොහොම ස්තූතියි
      විචාරක දියණිය

      Delete
  4. Replies
    1. +++++++++++++++++++++++++++
      විචාරක දියණිය

      Delete
  5. නැවත දැකීම සතුටක්. ඒත් නැති උන දෙයක් ගැනම හිත හිතා ඉදගෙන ඉදිරියට නොයනවා නං ඒක දුර්වලතාවයක්. විචා ගැන මතකය හැමදාම හිතේ තියෙනවා අපෙත්

    ReplyDelete
    Replies
    1. ඒ දුර්වලතාවය නම් මකාගන්න බැරිවේවි
      විචාරක දියණිය

      Delete
  6. මට නිතරම මතක් වෙනවා ..මං ෆෝන් එක උස්සලා .. හෙලෝ කියපු ගමං .... නාකිය කතා කරන්නේ කියනවා...

    ReplyDelete
  7. ඒ නාකියා වෙලාවකට 20 25 තරුනයෙක් වෙනවා. වෙලාවකට පොඩි ළමයෙක් වෙනවා . අද තියෙන්නේ ඒ මතකය විතරයි.
    විචාරක දියණිය

    ReplyDelete
  8. වසර දෙකක් ගතවෙලා කියලා හිතා ගන්නත් බෑ. ඔබ තුලින් එතුමා හැමදාටම ජීවමාන වේවී... දිගටම ලියන්න.

    ReplyDelete
  9. කලකින් අසමි දකිමි පොස්ටුවක් දැක්නට නැති වුනේ දුව කාර්ය බහුල නිසා යයි සිතමි. පුංචි සටහනකින් හෝ විචාරක තුමාව අප අතර රඳවා තබන ලෙස ඉල්ලමි

    ReplyDelete
  10. ඔබට තියා මෙහි ලිපි කිහිපයක් කියාවා ඔහුට සමීප වු මාහටද ඇත්තෙ මහත් කනගාටුවකි
    එතුමාගෙ නික්ම යාම ගැන සදහන් ලිපිය දුටුව්ට
    පැය කිහිපයක් යන තුරැ සාමාන්‍ය පත්වන්නට නොහැකි විය

    එහි අරැතනම් අප ආදරය කරන්නෙ පුද්ගලයින්ට නොව මිනිස්සුන්ගෙ මනුමනුෂ්‍්‍යට ආකල්ප වලට බවයි


    මුල සිට කියවගෙන ආ මට එතුමන්ගෙන් ලිහාගන්නට ගැටලු රාශියක් තිබුනි
    දැන් කුමක්නම් කරන්නට

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }