ග්‍රීසි
නගරයෙ ඇතැන්ස් පාමුල
මහාජනගඟ
රැස්වෙමින්
එදා
එහි තිබු ප්‍රජාතන්ත්‍රවාදය
කොහිගියාදැයි අසන්
දහස්
වසරක් ඉක්ම ගිය පසු
එය මිලින වූ බව දැනන්
සියුස්
දෙවියනි අපට සරණක්
වෙනු මැනවියයි කියන්
සල්ලි
කහවණු මිටි බඳින ලෝකෙක
දේවදූතයො පැනගිහින්
ෂා
රජුන්ලා ඉඩි අමින්ලා
මුසෝලිනිලා රජකරන්
කුලියටත්
මිනිමරන දේශෙක
වාසභවනක් මිලදී අරන්
යුක්තියේ
දෙවගනඳ ඇත්තේ
ඇස්දෙකේ පටිතදකරන්
මෙවන්
දේසෙක වාස කෙරුමට මතු සසරෙදිවත් නොවෙන්
දේසෙ
හැටියට වාස කෙරුමට අපට ශක්තිය දියන්
යුද්ධය රට දරුණු ලෙස ධ්‍රැවීකරණය කළා. ඊට පසුව හොරකම් වැනි දේ සාමාන්‍යකරණය වුනා. දැන් ඔය එළිපිටම කෙරෙන වෙන්දේසි ගැන කවුරු බලයට ආවත් කිසිම පරීක්‍ෂණයක් කෙරෙන්නේ නෑ.
ReplyDeleteආණ්ඩු මාරුවෙන්නේ කවුද වැඩියෙන් දුෂිත කියන නිර්ණායකය මතයි. මන්ත්‍රී වෙන්දේසියේ පමණක් නොව, මහ ඡන්දයේදීත් එහෙමයි. ඒකයි දුක!
අනිත් අතට, දුෂිත සිත් ඇති, තම තම නැණ පමණින් දුෂණයේ යෙදෙන ජනතාව නියෝජනය කිරීමට දැනට සිටින හොරු රැල තමයි සුදුසුම. මේකයි නියම ප්‍රජාතන්ත්‍රවාදය!
ඇත්තටම පවතින තත්ත්වය ශෝක ජනකයි
ReplyDelete
ReplyDeleteධනවාදය ගිලගත් සමාජවාදය
අපට (අ)හිමි අපේ ප‍්‍රජාතත්ත‍්‍රවාදය
:-C
ReplyDeleteterrible things
ReplyDeleteමට හිතෙන්නෙ මේකට හේතුව ඡන්ද ක්‍රමය. දිස්ත්‍රික්කෙටම වියදම් කරන්න පුළුවන් මිනිස්සුන්ට විතරයි ඡන්දෙ ඉල්ලන්න පුළුවන්. එතකොට සමාජ මෙහෙවරක් කියල හිතල ඉදිරිපත් වෙන එකා යට ගිහිං, වංගු ගහන බිස්නස් කාරයො උඩට එනව.
ReplyDeleteඔබ හරි
Delete