සෑම රංගන ශිල්පියෙක්ම ශිල්පිණියක්ම උත්සාහ කරන්නේ රසික හදවත් ඔවුන් සතු කරගන්නයි. එහෙත් ඒක
ලෙහෙසි පහසු කර්තව්‍යක් නොවෙයි. ජීවිතයෙන් සමු ගත්තත් සදා අණුස්මරණීය චරිතයක්
විමත් එතරම්ම අපහසු කාර්යයකි. කෙසේ වෙතත් අද මගේ කථාවේ නායකයා ඔහුයි.
හේ නමින් කෝවිලගේ ඇන්ටන් විජය කුමාරතුංග නම්
විය. මහා පෞර්ෂයක්, මනස්කාන්ත මුහුණක්, අපූරු කටහඬක්, මානව දයාවත් පෙරදැරිව පැමිණි ඔහු 1945 ඔක්තොබර්
9 දින රාගම දී උපත ලැබීය.
කොටහේන
ශාන්ත බෙනඩික් විද්‍යාලය හා කඳාන ද මැසනඩ් විද්‍යාලයෙන් සිප්සතර හදාරන
ඔහුගේ පාසල් මිතුරා වන්නේ රවින්ද්‍ර රන්දෙනියයි.
තරුණ විජය කුමාරතුංග ඔහුගේ පළමු සිනමා නිර්මාණය
වන “හන්තානේ කතාවක්” චිත්‍රපටයට දායක වන්නේ වර්ෂ 1968 දීය. සිය
කුළුඳුල් රංගනයෙන් මනා ප්‍රතිභාවක් පෙන්වන මේ රංගනවේදීයා 1970 සහ 1980 දශකයේ
සිනමාව තමන් සන්තක කරගන්නට සමත් වන්නේය . යෞවනියන්ගේ සිහින කුමරා බවට පත්වන මොහුට
වාණිජ සිනමාව මෙන්ම කලාත්මක සිනමාවේද
දිග්විජය කරන්නට පාර තනා දෙන්නට මෙරට ප්‍රබල සිනමා අධ්‍යක්ෂකවරුන්ට
හැකිවන්නේය. අබිරහස, තුෂාරා, හතර දෙනාම සූරයෝ, එදත් සූරයා අදත් සූරයා, කෙස්ර සිංහයෝ ,
මේ දැස් කුමටද, සංගීතා, දුලීකා ,වාසනා , මදු සිහින, අනුපමා, දෙව්දුව,
නොම්මර 17, මධුසමය, මරුවා සමග වාසේ , දියමන්ති, යුක්තියද ශක්තියද, කැඩපතක ඡායා, සූරියකාන්තා, ආදරේ හිතෙනව දැක්කම වැනි විශාල වාණිජ චිත්‍රපට රැසකත් අහස් ගව්ව,
බඹරු ඇවිත්, පාරදිගේ, එයා දැන් ලොකු ළමයෙක්, කරුමක්කාරයෝ, බැද්දේගම, ගඟ අද්දර, යස ඉසුරු,
අහසින් පොළොවට, පාරමිතා වැනි
කලාත්මක චිත්‍රපට රැසකත් සිය රංඟන කෞෂල්‍ය මතු කළේය.
ඔහු රගපෑ අවසන් චිත්‍රපයට ක්‍රිස්තු චරිතයයි. එය
ඔහුගේ මරණයෙන් වසර 2කට පසු තිරගත විය. ඔහු විසින් රග දක්වන ලද මුළු සිනමා නිර්මාණ
ගණන 114 පමණ වේ. 1978 – 1983 දක්වා අඛණ්ඩව පස්වතාවක් සරසවිය සම්මාන උළෙලේ ජනප්‍රිය
නළුවා වන්නට සමත්වන මොහු සරසවිය, OCIC , ජනාධිපති ආදි සම්මාන
රැසකින් පිදුම් ලබා ඇත. ඔහු විසින් ගයන ලද ගීතයන් බොහෝ ප්‍රමාණයක් ඇත. ඊට
ජනප්‍රිය ගීත රැසක් අඩංගුය.
1. දඟගෙයි දඬුවම් සියුමැලි වැඩිනම් අළුගෝසුවනේ
එල්ලාපන්...........
2. ගඟ අද්දර මා සිහිල් සෙනෙහෙ සැනහී..........
3. රූස්ස ගහ යට ...........
4. මිණි කිංකිණි හඬ පරදා .............
5. සැරයටියෙන් අපි යනෙන තුරා .............
6. පායා සීත රැයේ...........
7. රැල්ළෙන් රැල්ළට පාවෙන ඔරුවේ...............
8. වළාකුළක් ගෙන ...........
9. පාට සරුංගල් වාගේ අපේ
ජීවිතේ.....................
10.
ආදරයක හැඟුමක් .....................
ඔහුගේ මෙම රංගන කාර්යය තුළ සාර්ථක වන්නට ඔහුට අතහිත
දුන් නළු නිළි පිරිසක් ද සිටියෝය. ඔහු සමග කථා නායිකාව වන්නට බොහෝ අය
පෙරුම්පිරුවත් ඉන් ජයගත්තේ කිහිප දෙනෙකි.
මාලනි ෆොන්සේකා ඒ අතර සුවිහේෂී විය. ස්වර්ණා මල්ලවාරච්චි, ගිතා කුමාරසිංහ, නීටා ප්‍රනාන්දු, බියුලා
ඩයස්, වසන්ති
චතුරාණි, සබීතා පෙරේරා, නදිකා ගුණසේකර , ශ්‍රියානි අමරසේන, වැනි නිළියන් ද
රවීන්දු රන්දෙනිය , සනත් ගුණතිලක, ෆෙඩී සිල්වා, විමල් කුමාර ද කොස්තා, ගාමිණී
ෆොන්සේකා, ජෝ
අබේවික්‍රම, ක්ලීටස් මෙන්ඩිස් වැනි
නළුවන් ඔහුගේ සමීපතයන් මෙන්ම සගයෝ වූහ.
ඔහු
විසින් සිනමාවට ඔහුගේ ඥාති පුත්‍රයා වූ ජීවන් කුමාරතුංග හඳුන්වා දුන්නේය. මේ සිනමා කාර්යය තුළ ඔහුගේ පෙද්ගලික
ජිවිතය ද ගලාගෙන ගියේය. 70 දශකයේ මැද භාගයේදී ඔහුගේ දිගුකාලීන සහායිකාව වූ මාලනී
විවාහ කරගැනිමට විජය සියල්ල සැළසුම් කළේය. කසාදය ලියාපදිංචි කොට පසුව සුළු
උත්සවයක් පැවැත්වීමට දෙදෙනා තීරණය කළ අතර, මෙම කාලයේ ද ඔවුන් දෙදෙනා චිත්‍රපටයකට දායක
වෙමින් සිටියහ . කතිකා කරගත් පරිදි
මාලනි රෙජිස්ටාර් කාර්යාලයට වි බලා සිටියේ විජය එනතුරුය. විවාහය සඳහා යාමට වීමට සුදානම් වන විටදි ඔහුට ආරංචි වුයේ ඔහුගේ වැඩිමහල් සහෝදරයා එනම් ජීවන් කුමාරතුංගගේ
පියා මියගොස් ඇති බවයි. සියල්ල පසෙක දමා මල්ශාලාවට ගිය ඔහු, තම මංගල ඇඳුම සිය සහෝදරයාගේ දේහයට ඇන්දවීය.
මාලනියට පණිවිඩයක් යවමින් පවසා සිටියේ සිය සහෝදරයා මිය ගිය බවත් අද මංගල්ලය නොකරන
බවත්ය. එදා නොකෙරුණු මංගල්ලය කිසිදා සිදු නොවුණි.
70
දශකය අගභාගයේදි විජය සම සමාජ පක්ෂයට
එකතුවෙමින් සිය දේශපාලන ගමන්මග ද ආරම්භ
කළේය. පසුව ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
හා සම්බන්ධ විය. එවකට බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසි වී තිබු අතර, ඒ සඳහා දැවැන්ත සටනක් ආරම්භ කර තිබුණි .එම රැස්විම්
සංවිධානය කිරිමට ද වෙනත් කටයුතු සඳහා මැතිණිය හමුවීමටද විජය නිතර හොරගොල්ලට යාම
සිදුවුණි. මුලින්ම අනුර සමග කුළුපග වු අතර විජයගේ කථිකත්වයට පෙම්බැඳි එවකට යෞවනියක්
වු චන්ද්‍රිකා කුමාරතුංග ද ඔහු සමග
රැස්වීම්වලට සහභාගි වූවාය. දෙදෙනාටම හොරා දළු ලෑ ප්‍රේමය වර්ෂ 1978 දි විවාහයකින් කෙළවර විය. මෙම විවාහයෙන්
විමුක්ති හා යශෝදරා ඔවුනට දායාද විය.
විජය
1982 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග
කළ හෙක්ටර් කොබ්බෑකජුව මහතා වෙනුවෙන් සහය දැක්වීම නිසා සිරගත කළ අතර, හිරෙන් නිදහස් වූ ඔහු මහර අතුරු මැතිවරණයට ඉදිරි
පත් වූ අතර ,එහිදි ඔහුව මරණ තර්ජන කොට එයින් ඉවත් කරවිය.
එහිදි ඔහුගේ හිතවාදි අයෙක් මරණයට පත්විය. ඉන්පසු ඔහු සිය මතය ගොඩනැගිම සඳහා ශ්‍රී ලංකා
මහජන පක්ෂය ගොඩනැගීය. 1986 වන විට කිසිම
දේශපාලකයෙකුට යා නොහැකිව තිබූ යාපනයේ
සංචාරය කළ ඔහු එල් ටී ටී ඊ සංවිධානය සමඟ
සාකච්ඡාවක් පවත්වා අපේ සිරකරගෙන සිටි සෙබව 4ක් නිදහස් කරන ලදි. යාපනය නගර
මධ්‍යයේ සිට කථාවක් ද පවත්වා දෙමළ ජනතාවගේ
සිත්සතන් දිනාගත් ඔහු නල්ලූර් කෝවිලද වැඳ පුදා ගත්තේය. මෙය එවකට පැවති දේශපාලනය
උඩුයටිකුරු කිරීමට සමත්විය. දෙමළ - සිංහල ප්‍රශ්නයට විසඳුම් ලැබෙන්නේ සාමය හා
සංහිඳියාව තුළින් පමණක් බව ඔහු තරයේ විශ්වාස කළ අතර, ඔහු ඒ සඳහා ක්‍රියා කළේය. එහි අවසන් මහා සටන 1988
ජනවාරි 28 වනදා ඔහු පවතින ආණ්ඩුවට එරෙහිව
සියලු පක්ෂ එකතු කළ අතර, කැම්බල්
පිටියේ විශාල දේශනයක් ද සිදුකළේය. එ්
ඔහුගේ අවසන් දේශපාලන රැළිය විය.
මරුවා
ඔහුට පෙර පිඹුරුපත් සැකසුවේය. 1988
පෙබරවාරි මාසයේ මුල් දිනක ඔහුගේ නිවසට දුරකථන ඇමතුමකින් පවසන්නේ දිවා හෝජනයක් සඳහා
ඇරයුමකි. ඒ කාලය එතරම් සුබවාදී නොවූ නිසා චන්ද්‍රිකා ඊට තදින්ම විරුද්ධ විය. එහෙත්
විජය ආරාධනාව පිළිගත් අතර, සුපුරුදු දින එනම් 1988 පෙබරවාරි 16 වන දින
නිවසින් පිටවීමට සූදානම් වන අතර චන්ද්‍රිකා ඔහුට පිළිගැන්වීමට ගෙනා දොඩම් වීදුරුව
අතට ගන්නටත් පෙර වැටී බිඳෙන්නේ ඇගේ හිත කීරි ගැස්සෙමිනි. “දැන් යන්න එපා” යැයි ඈ
කීවත්, දෛවය ඇයට පෙර ඉස්සර විය ඇයව සැනසූ ඔහු, “ඉක්මණට
එනවා” යැයි පවසා ගේට්ටුව දෙසට ගිය අතර, වාහනය ගේට්ටුවෙන් පිට නවතා තිබුණි. කිසිත් නොදත්
කුඩා යශෝදරා “තාත්තී මාත් එනවා” යයි පවසමින් ඔහු ලඟට දිව යමින් සිටියාය. එ් අඳුරු නිමේෂයේ දී
පාරේ සැගවි සිටි සාහසිකයෝ සතර දිගින් වෙඩි
තබන ලදි. වහා පැන සිය දියණීය දැතට ඔසවා ගත් විජයගේ පිට දෙපැත්තට පළමු වෙඩිපහර දෙක
වැදෙන අතර, වැරෙන් සිය දියණිය වත්තට තල්ලු කරන අතර, දුවන්න යයි කෑ ගසන අතර, වෙඩි ශබ්දය ඇසී චන්ද්‍රිකා දුවගෙන එන විටත් ලේ
විලක් මැද විජය සියල්ල දමා අවසන් සුසුම් හෙළා තිබුණි . මරණ තර්ජනවලදි පැවසු පරිදිම
විජයගේ මුහුණට වෙඩි තබා තිබූ අතර එම නිසා දේහයේ මුහුණ වසා තිබුණි.
එවකට
පස් හැවිරිදි වියේ සිටි මට ගුවන් විදුලියේ ප්‍රවාත්ති ඇසූ අපේ අම්මා “ළමයෝ විජේ කුමාරතුංග මරලා “යනුවෙන් කී හැටි තවම මතකය. එසැණින් රූපවාහිණිය ක්‍රියාත්මක
කළ විට සියලු විස්තර සජීවිව පෙන්වමින් තිබුණි. ඊට දින 6 කට පසුව එනම් 1988 පෙබරවාරි 21 විජයගේ ආදාහන උත්සවය
ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ගේ සෝ සුසුම් මැද නිදහස් චතුරස්‍රයේ දි සිදුවිය. විජයගේ
පක්ෂය හා ප්‍රතිපත්ථි හා ඉදිරියට ගෙනයාමය වන්ද්‍රිකා මැතිණිය දේහය ඉදිරියේ සපථ
කරත් මවක් වශයෙන් ඈ අඩියටම වැටී සිටියේ
විජය මිය ගිය දිනයේ සිට කුඩා යශෝදරා ඉතා තදින් ගිලන් විමත් සමගයි . පැවති
තත්ත්වය හමුවේ ඇයට ළමයින්ගේ යහපත වෙනුවෙන් රට අතහැර යෑම හැර විකල්පයක් නොවීය.
විජයගේ
අවසන් වචන වූයේ මෙයයි.
මරණය කියන
අකුරු හතරට මගෙ කිසීම බයක් නෑ. කවුරු මොන විදියෙ චෝදනා කෙරුවත් මගෙ හෘද සාක්ෂිය
දන්නව මං නිර්දෝෂයි කියලා. අන්න ඒ හින්දා මට කිසිම කණගාටුවක් නැතුව පෝරකයට නගින්න
පුළුවන් .......................
වසර 32 නික්ම ගියත් අද ද ඔබ ජිවමානය
විචාරක දියණිය 17.00 පැයට
මටත් හොඳට මතක සිද්ධියක්. ඔහු මානව හිතවාදියෙකු ලෙස මතකයි.
ReplyDelete17.00 පැයට? 1700 H
ReplyDeleteඅද වැනි දිනයක වැදගත් ලිපියක් ලිවීම ගැන ඔබට ස්තුතියි.
ReplyDeleteමෙය මූලාශ්‍ර පරිශීලනය කර ලියා තිබුණත්, මා දන්නා යම් යම් අඩුපාඩු ඇති නිසා ඒවා මගේ දැනුමට සීමිතව පෙන්වා දෙන්නම්.
1.
/* විජයගේ අවසන් වචන වූයේ මෙයයි.
මරණය කියන අකුරු හතරට මගෙ කිසීම බයක් නෑ. කවුරු මොන විදියෙ චෝදනා කෙරුවත් මගෙ හෘද සාක්ෂිය දන්නව මං නිර්දෝෂයි කියලා. අන්න ඒ හින්දා මට කිසිම කණගාටුවක් නැතුව පෝරකයට නගින්න පුළුවන් ....................... */
මෙය චිත්‍රපටයක දෙබසකි. මා හිතන විදියට ධර්මසිරි ගමගේ ගේ පූජා.
2.
ReplyDelete/* විජය 1982 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කළ හෙක්ටර් කොබ්බෑකජුව මහතා වෙනුවෙන් සහය දැක්වීම නිසා සිරගත කළ අතර */
අපේක්‍ෂකයෙකුට සහය දැක්වීම සිරගත කිරීමට හේතුවක් නොවේ. එහෙනම් කොබ්බැකඩුව නේ මුලින් ම හිරේට දාන්න ඕනෑ. විජයව සිරගත කළේ එක්තරා චෝදනාවක් මතයි. එය ඔහු ඡන්ද වේදිකාවක කළ ප්‍රකාශයක්. ඔහු කියා ඇත්තේ ජනාධිපති ඡන්දයෙන් කොබ්බෑකඩුව දිනූ විට ඔහු පා නගන රතු පලස රත් පැහැ ගැන්වෙන්නේ (ජේ.ආර් ඇතුලු යූඇම්පීකාරයින්ගේ) ලේ වලින් බවයි. විජයව අත්දඩංගුවට ගන්නේ නැක්සලයිට් නම් ත්‍රස්වාදයක් ගැන චෝදනාවක් සමගයි.
මා නැක්සලයිට්ලා ගැන දැන ගත්තේ ද එනිසා යි.
3.
ReplyDelete/* , හිරෙන් නිදහස් වූ ඔහු මහර අතුරු මැතිවරණයට ඉදිරි පත් වූ අතර ,එහිදි ඔහුව මරණ තර්ජන කොට එයින් ඉවත් කරවිය. */
විජය යනු මරණ තර්ජනවලට බිය අයෙකු නොවේ. මා අසා සිටි එක් කතාවක (19987 දෙසැම්බර්) ඔහු ඒ බව පැහැදිලිවම කීවා. ඒ ජවිපෙ මරණ තර්ජන ගැනයි.
මහර අතුරුමැතිවරණයෙන් ඔහු පැරදුණා සුළු ඡන්ද ප්‍රමාණයකින්. පළමු සහ දෙවෙනි ගනං කිරීමේ දි ද්නා සිටි ඔහුව පැරුද්දුවේ ලයිට් නිවා ඡන්ද පත්‍රිකා මිටියක් අතුරුදහන් කර බව අසා කියවා තියෙනවා.
මීට අමතරව විජය 1977 කටාන සඳහා තරග වැද පැරදුණා. පසුව මහරට අමතරව මින්නේරිය අතුරු මැතිවරණය සඳහා ඉදිරිපත් වී එය ද පැරදුණා!
+++++++++++
Delete4.
ReplyDelete/* ඉන්පසු ඔහු සිය මතය ගොඩනැගිම සඳහා ශ්‍රී ලංකා මහජන පක්ෂය ගොඩනැගීය. */
එය එතරම් සරලව විස්තර කළ හැකි දෙයක් නොවේ. මෙය පමණක් පවසමි. මහජන පක්‍ෂයේ නායකයා වූයේ ටී.බී. ඉලංගරත්න නම් 1970-77 වෙළඳ ඇමතියා ය.
ස්තුතියි! මට මතක විදියට 1987 වගේ වෙන්නොනි මම මුලින්ම ගෙදරට හොරෙන් ගිහින් චිත්‍රපටියක් බැලුවා.. මමයි රජා.. ඉපදී ලොවේ.. නවාතැන් පොළේ.. මිනිසා රඟයි රංගනේ.. භවයෙන් භවේ විරාමේ අපේ.. කාලේ ටිකයි ජිවිතේ.. සිනහා.. කඳුළු.. එනවා… යනවා.. ඔය මතකයයි.. විජය මරලා.. පෙට්ටියේ මූන නොපෙනෙන්න උඩින් ආවරණය කරලා.. අදාහන උත්සවයේදී චන්ද්‍රිකා අත් දෙක උස්සල ප්‍රතිඥා දෙනවා.. මේ ඔක්කොම එකට ඔලුවට එන්නේ.. නළුවෙක් දේශපාලකයෙක් මානව හිතවාදියෙක් විදියට ඔහු බොහෝ ඉදිරියෙන් .හිටියා.
ReplyDelete