හැමදාම සිතට නැගෙන දේ ලිවුවට මේ ලිපි වලට යම් අර්යක් ඇති කරන්න වගේම මා උගත් විෂය පථයෙන් යමක් කරන්න සිතුව නිසා නව ලිපි පෙළක් අරඹන්න තමයි මේ හදන්නෙ.
ජේතවනය හා අභයගිරිය පිළිබඳ ඔබතුමන්ලා මේ වනවිටත් බොහො ්කරුණු කාරණා දන්නවා යැයි මට හැගේ. නමුත් ඒ පිළිබඳව තරමක් විශයානුබද්ධ කරුණු කාරණා බොහෝමයක් ද තිබෙනවා .
අපි සරලව කථාකළොත් ජේතවනය හා අභයගිරිය පහසුවෙන් හදුනා ගතහැක්කේ කෙසේද? යන්න විමසා බැලුවහොත් සාමාන්‍යෙයන් ලබාදෙන පිළිතුර තමයි, කොත බාගෙට නිමවා තියෙන්නෙ ජේතවනයෙ, කොත සම්පූර්ණයෙන් නිමවා තියෙන්නෙ අභයගිරියෙ කියලා.
ලංකාවෙ මුලින්ම මේ ජේතවනය හා අභයගිරිය පිළිබඳ පර්යේෂණ පවත්වන්නෙ වර්ෂ 1890 ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පළමු කොමසාරිස්වරයා වුණු එච්. සි. පී. බෙල් මහත්මයා. එහෙත් ඔහු විසිනුත් නැගෙනහිර හා බටහිර දිශාව පිළිබඳ වු යම් වරදිමක් නිසා එකළ ජේතවනය හා අභයගිරිය යන්නෙන් මුලින්ම හඳුන්වා දී තිබුණේ මෙම ස්තූප දෙක මාරුකරගෙනය. එහෙත් පසුකාලීනව ඔහුගෙන් පසුකාලීනව වර්ෂ 1932 පුරාවිද්‍යා කොමසාරිස් ධුරයට පත් සෙනරත් පරණවිතාන සූරින්ගේ පර්යේෂණවල ප්‍රතිළුලයක් ලෙස නිවැරදි ජේතවනය හා අභයගිරිය හඳුන්වාදෙන ලදී.
පැරණී ජේතවන ස්තූපය
1
පැරණි අභයගිරි ස්තූපය
මේ අනුව වර්තමානය වනවිට මේවා සංරක්ෂණය කරමින් අනාගත පරපුරට උරුමකර දිම සඳහා කටයුතු කර තිබෙනවා. එහිදී මෙම සියලු සංරක්ෂණ කටයුතු සිදුකරන්නේ සංරක්ෂණ මූලධර්මයන්ට අනුකූලවයි.
එහිදී ස්මාරක සංරක්ෂණයේදී පළමුව ස්මාරකයේ අගයන් පිළිබඳ සොයා බලනවා. මෙම අගයන් ප්‍රධාන කොටස් 3කට වෙන් කරනවා.
1.
භාව විෂයක අගය.
2. සංස්කාතික අගය.
3. පරිහරණ අගය
මෙම අගයන්වලින්
බලාපොරොත්තුවනුයේ සංරක්ෂණයේදි මෙම අගයන්ට හානි නොවන පරිදි කටයුතු කිරීමයි. එහිදි
යම් හානියක් සිදුවුවහොත් වඩාත් රැකගත යුත්තේ
කුමන අගයන් දැයි මෙහිදී පරීක්ෂාවට ලක්කරනවා.
එහිදී සංරක්ෂණ මූලධර්ම
යටතේ ස්මාරකයක් සංරක්ෂණයේදී ප්‍රධාන
වශයෙන් ක්‍රම 7ක් යටතේ සංරක්ෂණය කළ හැකියි. ඉන් වැඩි වශයෙන් ලෝකයේ ස්මාරක සංරක්ෂණයේදී භාවිතා කරන ක්‍රම කිහිපයක් පහත දැක්වෙනවා.
පැරණී ජේතවන ස්තූපය |
1
පැරණි අභයගිරි ස්තූපය |
මේ අනුව වර්තමානය වනවිට මේවා සංරක්ෂණය කරමින් අනාගත පරපුරට උරුමකර දිම සඳහා කටයුතු කර තිබෙනවා. එහිදී මෙම සියලු සංරක්ෂණ කටයුතු සිදුකරන්නේ සංරක්ෂණ මූලධර්මයන්ට අනුකූලවයි.
එහිදී ස්මාරක සංරක්ෂණයේදී පළමුව ස්මාරකයේ අගයන් පිළිබඳ සොයා බලනවා. මෙම අගයන් ප්‍රධාන කොටස් 3කට වෙන් කරනවා.
1.
භාව විෂයක අගය.
2. සංස්කාතික අගය.
3. පරිහරණ අගය
මෙම අගයන්වලින්
බලාපොරොත්තුවනුයේ සංරක්ෂණයේදි මෙම අගයන්ට හානි නොවන පරිදි කටයුතු කිරීමයි. එහිදි
යම් හානියක් සිදුවුවහොත් වඩාත් රැකගත යුත්තේ
කුමන අගයන් දැයි මෙහිදී පරීක්ෂාවට ලක්කරනවා.
එහිදී සංරක්ෂණ මූලධර්ම යටතේ ස්මාරකයක් සංරක්ෂණයේදී ප්‍රධාන වශයෙන් ක්‍රම 7ක් යටතේ සංරක්ෂණය කළ හැකියි. ඉන් වැඩි වශයෙන් ලෝකයේ ස්මාරක සංරක්ෂණයේදී භාවිතා කරන ක්‍රම කිහිපයක් පහත දැක්වෙනවා.
1. ප්‍රතිසංස්කරණය - renovation
2. පුනරුත්ථාපනය - restoration
3. නැවත ඉදිකිරීම - re location
4. ප්‍රතිනිර්මාණය - recreation
4. ප්‍රතිනිර්මාණය - recreation
මේවා බැලූ බැල්මට එකම ආකාරයේ වචන වගේ පෙනුනත්, සංරක්ෂණයේදී මෙම ක්‍රමවේද භාවිතා කරන්නේ එම ස්මාරකයන්ගේ අගයන් මැන බැලිමෙන් පසුව අවම හානි ඇතිවන පරිදියි.
බොහෝ ස්මාරකයන් සඳහා බහුලව සිදුකරනු ලබන සංරක්ෂණ ක්‍රමවේදය ප්‍රතිසංස්කරණයයි. ඒ අනුව ස්මාරකයේ සංරක්ෂණ කළයුතු කොටස් පරීක්ෂා කරබලා සුදුසු පරිදි ප්‍රතිසංස්කරණය කටයුතු සිදුකරනු ලබනවා. එහිදි එහි මුල් පෙනුම, එහි ඇති ඓතිහාසික බව, උපයෝගිතාව ආදි සියලු කරනු සැළකිල්ලට ගනු ලබනවා. එමෙන්ම මෙහිදී මුල් අමුද්‍රව් වලට වඩා ශක්තියෙන් අඩු අමුදුවය තමයි භාවිතයට ගනු ලබන්නේ. එයින් බලාපොරොත්තු වනුයේ හායනය අවම වීමයි . හායනය යනු දිරාපත්වීමයි. අපි මුල් අමුද්‍රව්‍යයට වඩා ශක්තියෙන් වැඩි අමුද්‍රවය යෙදුවහොත් ඉක්මනින් හායනයට ලක්වන්නේ මුල් අමුද්‍රව්‍යයයි. සංරක්ෂණයේදී මූලික අරමුණ ස්මාරකයේ මුල් ස්වභාවය හැකිකාත් ආරක්ෂා කරගැනීමයි.
උදා - ගාලු කොටුව, ජේතවනය ස්තූපය, අභයගිරිය ස්තූපය
පුනරුත්ථාපනය
මෙය සිදුකරනු ලබන්නේ ස්මාරකය තරමක් විනාශ වි ගොස් ඇති විටකයි . එහිදි එම හානි වූ කොටස් සඳහා සුදුසු අමුද්‍රවය භාවිතා කරමින් නැවත ඉදිකිරීමයි.
උදා - සීගිරි චිත්‍ර , ලංකාරාමය, ඊජිප්තු පිරමිඩ
සීගිරිය සිංහ පාදය |
ප්‍රතිනිර්මාණය
මෙහිදි ස්මාරකය බෙහෙවින් විනාශ වී ඇති විටෙන එහි මුල් ස්වරූපයට සමානවන අයුරින් මුල් ස්මාරකකයේ ගත හැකි කොටස් සියල්ල එක්කරමින් ඒවා නිවැරදි පිළිවෙළට සකසා අඩු ස්ථානයන්ට සුදුසු අමුද්‍රවය යොදා මුල් සමාරකය හා ගැළපෙන පරිද්දෙන් එහි අගයන්ට අවම හානිවන පරිද්දෙන් සැකසීම මෙම ප්‍රතිනිර්මාණය කිරීම ලෙස සැළකෙනවා .
උදා- පොළොන්නරුවේ ලංකාතිලක පිළිමගෙය, පොළොන්නරු ශිව දේවාලය
යළි ගොඩනැගීම
මෙවැනි අවස්තාවක් උදාවෙන්නේ ඉතාමත් විරලවය එනම් යම් ස්මාරකයක් කිසියම් සංවර්ධන ක්‍රියාවලියක් නිසා හෝ යම් අවධානම් සහගත තත්වයක් නිසා විනාශවිම වැළැක්වීම අවම කිරීම පිණිස ඊට සුදුසු ස්ථානයක් තෝරා එය තිබූ අයුරින්ම නැවත සැකසීම මෙම යළි ගොඩනැගීම ලෙස සඳහන් කළ හැකිය.
උදා - මාතලේ නාලන්දා ගෙඩිගේ, ඊජිප්තුවේ අබු සිම්බල් දේවස්ථානය
ඉතාමත් අවධාරණය කළයුතු කරුණ වන්නේ ඇතැම් ස්මාරකයන් සංරක්ෂණයේදී ඇතැම්විට මෙම ක්‍රමවේද දෙක තුනක් එකවර භාවිතා කිරිමට සිදුවීමයි.
විචාරක දියණිය
පස්වරු 2300 පැයට
මතු සම්බන්ධයි.
අබු සිම්බල් එක නම් නිවරදිව හැදු බව එය විශේෂ හැකියාවක් ඇති ඉතාලි ගල් වඩුවන් ලවා කපා කුට්ටි කර විද්‍යානුකුලව නැවත සකස්කළ බව කියවා තිබේ. එහෙත් නාලන්දේ පසෙක අංක සලකුණු සහිතව ගොඩ ගසා පාෂණ කැබලි, කුට්ටි සමුහයක්ති තිබෙන්නේ මන්ද ?
ReplyDeleteනාලන්දා ගෙඩිගේ යන්න පල්ලව යුගයේ වාස්තු කලා නිර්මාණ ආභාෂයට ඉදිකරන ලද්දක්. මෙහි නිර්මාපකයා සම්බන්ධයෙන් මේවන විට කරුණු තහවුරු වී නෑ.මෙම නාලන්දා ගෙවිගේ ස්මාරකය ස්මාරක සමූහයනික් සෑදුනු ස්ථානයක් මෙම නාලන්දා ගෙඩිගේ බැලිමට යන මාර්ග දෙපස ඇති ගල්කණු හා ගල්කුට්ටි බිම පෙරළී තමයි තිබෙන්නේ. මෙහි සංරක්ෂන කටයුතු සිදුකළේ එවකට මධ්‍යම සංස්කාතික අරමුදලේ සේවයකළ පේරාදෙණි විශ්ව විද්‍යාලයේ ආචාර්ය පී.එල්. ප්‍රේමතිලක මහත්මයා. දැනට ලංකාවේ අතිසාර්ථක නැවත ගොඩනැගිමක් කළ එකම ස්ථානය මෙයයි. මෙය ආරාම සංකිර්ණයක් බැවින් නැවත ගොඩනැගීම් කරන අතරතුර මෙහි කැණිම් කටයුතු ද සිදුකළා එහිදි මතුවුණු ඇතැම් ස්මාරක කොටස් ද මෙහි තියෙනවා. අනිත් එක වැදගත්ම කරුණ නම් අපේ රටේ දෙයක් අපේ කෙනෙක් කළොත් එනෙිවැරදි ලෙස පිළිගන්න බොහො ්දෙනෙක් අකමැතියි හැබැයි පිටරට කෙනෙක් කළොත් එය අගයන්න බොහෝ දෙනෙක් ඉන්නවා. මේ තමි සත්‍යය හැබැයි අපේ රටේ වැවක තියෙන බිසෝකොටුව හදන්න ඔය මොන ජගතටවත් තවම බැරිවෙලා තියනවා. මගේ ඉදිරි ගිපි වලින් ඒවා බලාපොරොත්තු වන්න.
ReplyDeleteවිචාරක දියණිය
හොද සටහනක්... පැරණි ස්ථූප ප්‍රථිසංස්කරණය කරද්දී සමහර ඒවයේ හැඩය සම්පූර්යෙන් වෙනස් වුනා කියලා අහලා තියෙනවා... බුබ්බුලාකාර ඝාන්ටාකාර ආදී හැඩයන්...
ReplyDeleteබොහොම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට. ඔබ අසා තිබෙන දේ පිළිබඳව ඉදිරි ලිපිවලින් විස්තර කරන්නම්.
Deleteවිචාරක දියණිය
චෛත්‍යය පමණක් ප්‍රතිසංස්කරණය කරන්නේ ඇයි?
ReplyDeleteලෝවාමහාපාය සහ පොලොන්නරුවේ නටඹුන් යනාදිය එසේ නොකරන්නේ ඇයි?
රසික මහත්මයා ඔබ ඔබ දකිින අනුරාධපුරයේ හා පොළොන්නරුවේ තිබෙන සැම ස්මාරකයක්ම තකහවුරු කරන ලද සංරක්ෂනය කරන ලද ඔයසුමාරකයන් හමුවන විට හා තැණිමවලින් සොයාගන්නා විට එම ස්මාරකයන්වල ස්වරූපය හාත්පසින්ම වෙනස් බව කිව යුතුයි ඉදිරි ලිපි වල එුපිළිබඳව විග්‍රහ කරනවා්
Deleteවිචාරක දියණිය
මා පැරණි පින්තූර සමහර ඒවා දැක තියෙනවා. මගේ ප්‍රශ්ණය ලෝවාමහාපාය ඇයි තට්ටු හතකට අලුතෙන් නොහැදුවේ යන්නයි. ඇයි ලංකාරාමය වැනි ඒවා සම්පූර්ණ ගොඩනැගිලි නොකළේ?
Deleteඒසේ නොකරන අතර අප කුඩා කාලේ දුටු මිරිසවැටි දැන් තවත් රුවන්වැලි සෑයක් කර ඇත්තේ ඇයි?
++++
ReplyDelete++++++++++++++++++++++++++++++++
Deleteවිචාරක දියණිය
පාසැල් කාලයේදී ඉතා උනන්දුවෙන් ඉගෙන ගත්තත් පසුව වැඩි දැනුමක් අත්කර ගැනීමට නොහැකිවූ අංශයක් තමයි මේක. ඔබ දිගටම ලියනවනම් ඒ ගැන කියවන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා. මට අඩු දැනීමක් තිබුණ ආරක්ශක් ක්ශේත්‍රය ගැන ඉගෙන ගත්තේ විචාරක මහතාගේ ලිපි වලින්. මෙය ඔබගේ විෂයය බව කියා ඇති නිසා මේ අංශයෙන් ඔබ වඩා පොස්ට් ලිවිය යුතු යැයි යන්න මගේ හැඟීම.
ReplyDeleteස්තූතියි ඔබේ පුතිචාරයට. මේ අවුරුද්දේ වැඩි වහයෙන් ලිපි මේ සම්බන්ධව ලියවේවි
Deleteවිචාරක දියණිය