හැඳින්වීම

අසමි දකිමි සොයමි වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට සමගාමීව ප්‍රකාශයට පත්කෙරේ

28 April 2020

පියාණනේ


ගතවිය තුන් වසක් ඔබ නැතිවී අද                           දවසේ්‍

පෙරටත්  වඩා  ඔබ සිහිවේ අද                               දවසේ

එනමුත්  ඉතින්  ඔබ අද නෑ අපෙ                          නිවසේ

කාලය හිමින් ඉගීලී ගොස්   ඇත                          දුකසේ      


මරණය පොදුයි දන්නෙමි මම බුදු                           දහම                     

එනමුත් මමත් මිනිස්  දියණියකැයි  කියමි                මම 

සසර දුකයි මතු   බවයත්                                   සැමදාම  

සසරේ යළිත් අපි හමුමෙු                                    මතුදාක  



ලෝ වැසි දනන් මරු තුරුලට                             යවමින් 

කොරෝනාව ඇවිදින්  හැම තැනම                      ඉතින්

තවත් යමක් සිතන්නටත් ඉඩ                             හරිමින්

පැතිරී ඇත වෛරසයක් සතර                              අතින්



කෙසේ වෙතත්  මගේ පැතුම අද                       දිනයේ 

මතු අත් බවේදී ඔබ මගෙ පියා                         වෙමින් 

සිටියා විලස  මම ඔබෙ දියණියක                   ලෙසින්

පතනෙමි අමා දම් සුව මේ                              විලසින්



විචාරක දියණිය
පෙරවරු 1000 පැයට 




7 comments :

  1. දුව ඔබේ තාත්තා ශ්‍රේෂ්ට පුද්ගලයෙක්‌. මමත් එතුමා ගෙන් සිංහල ඉගෙන ගත්ත. 1982 RCC දී. ඔහු පෙන්වූ දැඩි බවට යටින් සිටි උතුම් මිනිසා මම අදුරා ගත්තේ හමුදාවේ සේවයට සමුදී vicharaka කරන කොටයි. එතුමා ලියපු දේ අනුව මම අසා යැව්වා ඔබ J.G. නේද කියලා. එතුමා පුදුම වුණා. එතුමාගේ පළකිරීම් අනුව නම ප්‍රසිද්ධ නොකරන ලෙස මගෙන් ඉල්ලා සිටියා. මම කැමැත්තෙන් ම මගේ ගුරුතුමා ගේ ඉල්ලීම ඉටුකළා. LNW හි ඔබේ පබැදුම දැක්කම විශාල දුකක් දැනුනා. එතුමා අද හිටිය නම් කියලා.
    එතුමාට නිදුකින් සිටීවා! අජරාමර නිවන් සුව අත්වේවා!

    ReplyDelete
    Replies
    1. ඔබ මගේ පියාගෙන් ඉගෙනගන්නා විට මා ඉපදීවත් නෑ. ඔබ ඔහු ගැන දක්වා ඇති ප්‍රතිචාරයට මා නිහතමානිව ආඩම්බර වෙනවා. මට මගේ ජීවිතය නැතිවී අවසන්. එහෙත් ඔහුගේ මතකයත් සමග මා ඉදිරියට යනවා.
      විචාරක දියණිය

      Delete
  2. මම හිතනව, ඔබට මේ දවස්වල වැඩියෙන් ලියන්න පුළුුවන් ඇති කියලා. විචාරක කරපු දේ තමන්ගේ ධාරිතාවෙන් ඉදිිරියට කරගෙන යාම වැදගත්. එයින් ඔබේ පියාට ලැබිය යුතු ගෞරවය දක්වන්න පුළුවන්....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි එබේ ප්‍රතිචාරයට මේ දවස්වල විවේකීව ඉන්නවා තමයි. ඒ නිසා ලිපි ලියන්න බලාපොරොාත්තු වෙනවා.
      විචාරක දියණිය

      Delete
  3. අපේ විචාරක මහතා ගිහින් වසර 3 ක්? අද ඊයෙ වගේ

    ReplyDelete
    Replies
    1. කාලය බොහොම වේගයෙන් ගමන් කරනවා. අපි එක තැන වගේ.
      විචාරක දියණිය

      Delete
  4. ඔහුගේ අවසන් කාලයේ නෙලුම් යය මගින් සම්මාන දැක්වීමට හැකිවීම ගැන මට සතුටුයි. ඔහුගෙන් උගත් දේ බොහොමයි. එය ඉදිරියට ගෙනයන්නට ඔබට ශක්තිය හා ධෛර්ය ලැබේව යයි පතමි.

    ReplyDelete

.emoWrap { position:relative; padding:10px; margin-bottom:7px; background:#fff; /* IE10 Consumer Preview */ background-image: -ms-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Mozilla Firefox */ background-image: -moz-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Opera */ background-image: -o-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* Webkit (Safari/Chrome 10) */ background-image: -webkit-gradient(linear, right top, left top, color-stop(0, #FFFFFF), color-stop(1, #FFF9F2)); /* Webkit (Chrome 11+) */ background-image: -webkit-linear-gradient(right, #FFFFFF 0%, #FFF9F2 100%); /* W3C Markup, IE10 Release Preview */ background-image: linear-gradient(to left, #FFFFFF 0%, #FFF9F2 100%); border:3px solid #860000; -moz-border-radius:5px; -webkit-border-radius:5px; border-radius:5px; box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -moz-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); -webkit-box-shadow:0 4px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); box-shadow:0 2px 6px rgba(0,0,0,0.1),0 1px 1px rgba(0,0,0,0.3); font-weight:normal; color:#333; } .emoWrap:after { content:""; position:absolute; bottom:-10px; left:10px; border-top:10px solid #860000; border-right:20px solid transparent; width:0; height:0; line-height:0; }